Home Blog Page 184

කැනඩාවේ ජනගහනය මිලියනයකින් වැඩිවෙයි

0


ARUNA LK NEWS
23/03/23 – 2 minutes ago
සංක්‍රමණිකයින්ගේ ගණන වැඩි වීම නිසා කැනඩාවේ ජනගහනය මිලියනයකින් ඉහළ ගොස් තිබේ.
කැනඩාවේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ, 38,516,138ක්ව පැවති මේ වන විට 39,566,248ක් දක්වා ඉහළ ගොස් ඇති බව ය.
එය 1957 වසරෙන් පසුව වාර්තා වූ වැඩි ම වාර්ෂික ජනගහන වර්ධන අනුපාතය වේ.
මෙම ජනගහනය වැඩි වීමට 96%ක් බලපා ඇත්තේ, විදෙස් සංක්‍රමණිකයින් කැනඩාවට ගෙන්වා ගැනීම බව සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන පරිදි එරට කම්කරු හිඟයට පිළියම් ලෙස සංක්‍රමණිකයින් ගෙන්වා ගැනීම සිදු කර තිබේ.
කෙසේ වෙතත්, ඔවුන්ට අවශ්‍ය නිවාස, යටිතල පහසුකම්, ප්‍රවාහනය සහ සේවා ආදී දේ සපයා ගැනීමේදී සංක්‍රමණිකයින් අභියෝගවලට ලක්වී සිටින බව ද අදාළ වාර්තාවල දැක්වේ.( ARUNA LK NEWS )
23/03/23

රිදියගම සෆාරි උද්‍යානයේ ‘මීරා’නම් සිංහ ධේනුව පැටවුන් 4 දෙනෙකු බිහිකරයි

0

Mawbima -මාර්තු 23, 2023

රිදියගම සෆාරි උද්‍යානයේ වෙසෙන ‘මීරා’නම් සිංහ ධේනුව පැටවුන් 4 දෙනෙකු බිහි කළ බව රිදියගම සෆාරි උද්‍යානයේ භාරකරු සත්ව දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත අමරසේන පැවසීය.

සිංහ ධේනුව පසුගිය 18 වන දා මෙම පැටවුන් බිහි කළ බව ත් එම පැටවුන් සිවු දෙනාගෙන් දෙදෙනෙකු මනා සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව ත් පැටවුන් දෙදෙනෙකු මවු සිංහ ධේනුව විසින් ප්‍රතික්ෂේප කරන ලද බව ත් හේමන්ත අමරසේන මහතා පැවසීය.

පැටවුන් සිවු දෙනා බිහි කළ මවු සිංහ ධේනුව වයස අවුරුදු 5ක් පමණ වූ සත්වයෙකු බව ත් එම සත්ත්වයා රිදියගම සෆාරි උද්‍යානය තුළදී ඉපදුණු බව ත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

මව විසින් ප්‍රතික්ෂේප කරන ලද සිංහ පැටවුන් දෙදෙනා දෙහිවල සත්වෝද්‍යානයේ පැටවුන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානයට යොමු කොට ඇති බව ත් එහිදී ඔවුන් පෝෂණය කරන බව ත් හේමන්ත අමරසේන පැවසීය.

පැටවු බිහි කිරීමේදී දුර්වල සතුන් මව විසින් ප්‍රතික්ෂේප කරනු ලබන බව අමරසේන මහතා කීය.

ඔහු මෙසේ ද කීය.

“මේ වන විට රිදියගම සෆාරි උද්‍යානය තුළ සිංහයන් 20 දෙනෙකු පමණ සිටින අතර ඔවුන්ගෙන් දස දෙනෙකු පමණ සෆාරි උද්‍යානය තුළදී ම උපන් අයයි. ඉතිරි සිංහයන් දස දෙනා චීනය, ජර්මනිය හා අප්‍රිකානු රටවලින් ගෙන එන ලද අයයි.”

මීට අමතරව බෙංගාල ව්‍යාඝ්‍ර ධේනුවක් ද පැටවුන් බිහි කිරීමට ආසන්නව සිටින බවත් තව සති කිහිපයකින් ඔවුන් ද රිදියගම සෆාරි උද්‍යානයට පැමිණෙන්නන්ට දැක ගැනීමට අවස්ථාව හිමිවන බව ත් සත්ව උද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත අමරසේන මහතා පැවසීය.

By හම්බන්තොට – රෝෂන් රාජික

Mawbima -මාර්තු 23, 2023

0
ADA LK NEWS REPORT -12/03/23

සියවසක් ගතවුවත් ඔහුගේ ගැඹුරු ගී හඬ පෞරශවය තවමත් ලොවම සිසාරා යමින් සිටි.

0

ශ්‍රීලංකා ගීත ඉතිහාසයේ  ජනහද දිනු ගායක ගායිකාවන් මුල් තැනක් හිමිවන ගායකයෙකු ලෙස මොහිදීන් බෙග්  හඳුන්වා දිය හැක. ඔහු අප අතරින් වියෝවී  දසක තුනක් ගතව ඇත. ඔහු ගේ ජනප්‍රියතාවය තවමත් එලෙසම පවතින බව  පෙනී යෑමෙන්  පෙනීයන්නේ  ඔහු නොදුටු  ඔහුගේ වියෝවෙන්  පසුව ඉපදුන අප රටේ තරුණ පෙළ පවා ඒ ගීවලට හද බැඳ ඇති අයුරුය. වත්මන් රියැලිටි ගී ප්‍රසංග වලදී පවා තවමත් ඒ ගී  ගැයීමට උත්සුක වී ඇති තිබිමෙන් ඒ  කරුණ  ඉතා මැනවින් පැහැදිලිවේ.

ඔහුගෙන්  අප සංගීත  අම්භරයට   සිදුවූ සේවාව  අති මහත් එකකි.ඔහුගේ වියෝට පෙර ඔහු බ්‍රිතාන්‍යයේ  සංගීත සංචාරයකට පැමිණීමට සැලසුම් කර තිබුනද  ඔහුගේ හදිසි අභාවය නිසා මේ කටයුත්ත නිමාවට පත්වූයේය. ඔහුගේ ජන්ම  ශත සංවත්සරය  වෙනුවෙන් කිසිදු උත්සවයක්  ශ්‍රී ලංකාවේද  පැවත්වුයේ නැත. මේ   නිසාම අප මෙහි වෙසෙන රසිකයන් වෙනුවන් මාර්තු  4 දා බ්‍රිතාන්‍යයේ   සංසදය සංවිධානය  ඔහු ගේ සියවෙනි  ජන්ම ශත සංවත්සරය සැමරීමට  ඔහුගේ පුතනුවන්  වන වත්මන් ගායක පරපුරේ ඉෂාක්  බෙග් මෙහි කැඳවා තිබුණේ ඔහුට කරනු ලබන ගෞරවයක් වශයෙනි.

පසුගිය දා ලන්ඩනයේ හැරෝ හිදී ඔහු වෙනුවෙන්  බ්‍රිතාන්‍යයේ   සංසදය සංවිධානය කරතිබූ සංගීත  උපහාර උලෙළ  ලන්ඩන්හි මහ කොමසාරිස්වරිය වූ සරෝජා සිරිසේනගේ  ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබුණි. මේ උලෙළ  සඳහා මෙහි වෙසෙන  සංගීත කණ්ඩායමක් සංගීතය සැපයීමට යොදාගෙන තිබු අතර ලන්ඩනයේ වෙසෙන ගායක ගායිකාවන් අත්වැල් ගායන සඳහා යොදාගෙන තිබීම මෙම උලෙළේ  පැවතී විශේෂත්වයක්  විය. මෙහිදී මහ කොමසාරිස් වරිය විසින්   බ්‍රිතාන්‍ය සංසදය විසින්  මොහිදීන් බෙග් විසින් අප රටේ සංගීත ලෝලීන් වෙනුවෙන් කල සේවා වෙනුවෙන් සමරු පලකයක්  සිය පුත් ඉෂාක් බෙග් වෙත පිරි නැමීමද  මෙහිදී සිදු කරන ලදී මෙහිදී ඔහුගේ සේවාව පිළිබද කෙටි දේශනයක්ද  මහ කොමසාරිස් තුමිය විසින්   සිදු කරනු  ලැබූවා ය.

  කවුද මේ මොහිදීන් බෙග් ? ඔහු ඇත්තෙන්ම   කවුරුන්ද  යන්න මෙහි වෙසෙන දෙවන තුන්වන පර පුරේ බොහෝ  දෙනෙකු ක් තවමත් හරි හැටි නොදනී.මේ සටහන් ඒ අ ය වෙනුවෙන්  ලියා තබන්නෙමු.

1918 දෙසැම්බර් 5 වන දින දකුණු ඉන්දියාවේ සාලෙම්හි පවුලේ තුන්වැන්නා ලෙස උපත ලැබූ  බෙග්, පතන් නම් ඉන්දියානු ගෝත්‍රයකට අයත් කෙනෙකු විය. බෙග් පැවත එන්නේ සියවස් ගණනක් පැරණි ඉතිහාසයක් ඇති ඉස්ලාම් හිතවාදී පරම්පරාවකිනි.ඔහුගේ පියා කරීම් බෙග්, සේලම් හි පොලිස් නිලධාරියෙකු ලෙස සේවය කළේය. බිජාන් බී ඔහුගේ මව විය. ඔහු සාලෙම්හි පාසලක අධ්‍යාපනය ලැබූ අතර උර්දු සහ කවාලි ගීත ගායනා කිරීමට විශේෂ දක්ෂතා ඇති සේලම් හි සංගීත ගුරුවරුන් කිහිප දෙනෙකුගෙන් සංගීතය පිළිබඳ ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරීය .

කරීම් සහ බිජාන් දරුවන් දාහතර දෙනෙකුගේ දෙමාපියන් වූ අතර ඔවුන්ගෙන් තිදෙනෙක් ළදරු වියේදීම මිය ගියහ. බෙග්  ලංකාවට පැමිණියේ 1931 දීය. මේ කාලයේදී බෙග්ගේ  සීයා හලාල්ඩීන් ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ සේවය කළ අතර මොහිදීන්ගේ වැඩිමහල් සොහොයුරා වන අසීස් වරාය පොලිසියේ සේවය කළේය. 1931 දී බෝට්ටු අනතුරකින් ඔහුගේ සොහොයුරා වූ අසීස්ගේ අකල් මරණය හේතුවෙන් පසුව ඔහු ශ්‍රී ලංකාවට (එවකට ලංකාව ලෙස) නැවත පැමිණියේය.වයස අවුරුදු 18 දී බේග් ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුණි.

බෙග් ශ්‍රී ලංකාවට පැමිණීමත් සමඟම ඔහුට තවත් ඉන්දියානුවකු වන ගවුස් මාස්ටර් හමුවි තිබුණි මේ හමුවෙන් ඔහුගේ  ජිවිතයේ  නව පිටුවක් පෙරලුනේය. ඔහු සිංහල ගීත ගායනයට නැඹුරු වූයේ මේ කාලයේදීයමුල් කාලයේ ඔහු ගැයූ ගී  හින්දි ගී තනු අනුව නිම වූ ගීත විය. ඒ සඳහා ඔහුට යූ.ඩී. පෙරේරා උදව් කළේය.   

1932 දී බෙග්ට ග්‍රැමපෝන් තැටියට ගී ගයන්නට අවස්ථාව උදාවිය. ඒ කොලොම්බියා ලේබලය යටතේ ආ ‘‘කරුණා මූදේ නාමු ගිලීලා’’ ගීතයයි. යුග ගායනය කේ.කේ. රාජ ලක්ෂ්මිය. ඔහු රේඩියෝ සිලෝන්හි (වර්තමාන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව) ඒ ශ්‍රේණියේ ගායකයකු ලෙස ශේණි ගතවීමට හැකිවිය.

1947 දී බෙග් ශාන්ති කුමාර් සෙනෙවිරත්නගේ “අශෝකමාලා” චිත්‍රපටයෙන් තම ප්‍රථම චිත්‍රපට ගීතය මෙන්ම ප්‍රථම චිත්‍රපට රඟපෑම ද ඉදිරිපත් කළේය. ‘‘අශෝකමාලා’’ දෙවැනි සිංහල චිත්‍රපටයයි. එය ‘‘ප්‍රීති ප්‍රීති’’ නම් ගීතය විය. ඔහු සකීනා සමඟ විවාහ වූයේද 1947 දී ම සිදු විය.සිංහල නොදත් ඔහු උර්දු බසින් ලියා ගෙන  ගී ගැයීම  සිදු කර තිබුණි. ඔහු උර්දු ,හින්දි දෙමළ  ඉංග්‍රීසි  භාෂාව කතා කිරීමට හැකි  අයෙකු විය.ඔහුගේ ගැඹුරු හඬ කෙටි කලකින්ම  අප සංගීත ලෝලීන් මන මෝහනයට පත් කිරීමට හැකිවිය.බොදු බැති ගී මෙන්ම  දේශාභිමානී ගී  ගැයීම  නිසා  ජනප්‍රියත්වයේ මුදුන් තලයටම ඔහු ගෙනයාමට සමත්විය,

ඉන්පසුව ඔහුගේ ගී හඬ චිත්‍රපට 450 කින් පමණ ඇසී ජනප්‍රිය වන්නට විය. ඔහු පිලිබඳ හා ඔහුගේ  ජනප්‍රිය ගී හා චිත්‍රපට ගීත ලියන්නට මෙවැනි කෙටි සටහනකින් කීම උගහටය.ඔහු ගැයූ ගී 8000-9000 බව සඳහන්වේ,   

මුල් අවදියෙහි  සිංහල සිනමාවේ මුල් පෙළේ  පසුබිම ගායකයෙකු වුයේ ඔහුය.මේ ගී පටි ගත කෙරුනේ ඉන්දියාවේදීය, 

ඔහුට මුල් යුගයේ රුක්මණී දේවිය සමඟ ග්‍රැමපෝන් තැටිවලට ගී ගැයීමට නොහැකි වූයේ දෙදෙනාම වෙළෙඳ නාම දෙකක් යටතේ ගී ගැයීමට එකඟතාවය පළ කිරීමට සිදුවීම නිසාය. එහෙත් ඔහු රුක්මණී සමඟ ජනප්‍රිය ගීත ගණනාවක්ම ගායනා කෙළේය.   

ඔහු බෞද්ධ භක්ති සංගීතය ගායනා කළ අතර බුද්ධම් සරණම් ගච්චාමි , මායාමායා  ගිරි හෙල් මුදුනේ, ආදර නදිය ගලා, පෙම් මල් මාල, වැල්ල සිඹින රැල්ල, අන්නා සුදෝ, තනිවයි උපන්නේ, සහ ලෝකයේ සිහිනයක් වගෙයි වැනි ගීත වලින් ප්‍රසිද්ධියට පත් විය. මෙම ජනප්‍රියත්වය රටේ ප්‍රථම නිදහස් දින උත්සවය වැනි කීර්තිමත් උත්සව වල පෙනී සිටීමට හේතු වියඔහුගේ බෞද්ධ ගීතය සුවදේ මට සිතල සුලඟ පවා ගී අප රසික කල අදපවා අමන්නදන්යට් පත් කල ගීතයන් වෙති.

බේග් 1947 දී විවාහ වූයේ ඔහුගේම ඥාති සොහොයුරියක් වන සකිනා බේග් සමඟ ය. ඔවුන්ට දරුවන් 8 දෙනෙක් සිටි අතර, ඔවුන්ට පුතුන් 5 දෙනෙක් – උස්මාන්, හයිඩර්, මුබාරක්, ඉෂාක් සහ ඉලියාස්; සහ ගැහැණු ළමුන් 3 – රබියා, සලිමා සහ මොයිනා.ය.

1947 දී, බෙග්,ශාන්ති කුමාර් සෙනෙවිරත්නගේ අශෝකමාලා චිත්‍රපටයෙන් ගායනයට සහ රංගනයට පිවිසි අතර ජනප්‍රිය ගීතය ප්‍රීති ප්‍රීති ගායනා කළේය. ප්‍රකට නළුවෙකු සහ ගීත රචකයෙකු වන හර්බට් එම් සෙනෙවිරත්න විසින් උමතු විශ්වාසය චිත්‍රපටිය සඳහා පසුබිම් ගායනය සඳහා ඔහුට අවස්ථාව ලබා දෙන ලදී. එම චිත්‍රපටයේ ඔහු සුදාට සුදේ යුගල ගීතය රුක්මණී සමඟ නිර්මාණය කළේය. කෙසේ වෙතත්, ඔහුට රුක්මණී සමඟ ග්‍රැමෆෝන් තැටිවල ගායනා කිරීමට අවස්ථාවක් ලැබුණේ නැත, ඔවුන් දෙදෙනාම තරඟකාරී තැටි සමාගම් දෙකකට අයත් වේ – පිළිවෙලින් කොලොම්බියාව සහ එච්එම්වී.  තැටි වලටද  ගී ගැයීමේ අවස්ථාව ඔහුට මිවිය. පසුව ඔහු අයිරාංගනී, මාතබේධය, පෙරකදෝරු බෑනා සහ දෛවයෝගය යන චිත්‍රපට සඳහා ගීතිකා සහ නිළි රුක්මණී දේවි සමඟ වාදනය කරන ලද යුගල කිහිපයක් නිර්මාණය කළේය.

බෙග්  1987 දී පාකිස්තාන ජනාධිපති මුහම්මද් සියා-උල්-හක්ගේ අනුග්‍රහය යටතේ මක්කමටද ගියේය. පාකිස්ථානයේ ස්ථිර පදිංචියට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා ඔහුට ආරාධනා කළ බව සඳහන් වාර්තාවල සඳහන් වේ. “අල්හාජ්” යන නම ලැබුණේ ඔහු මක්කම වෙත ගිය ගමනෙන් පසුවය.

1956 දී බෙග් බුද්ධ ජයන්ති උත්සවය වෙනුවෙන් ‘‘බුද්ධ ජයන්ති බැබලේවා’’ ගීතය ගායනා කෙළේය.   

අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්ව.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් එම වසරේදීම ගෞරවනීය ශ්‍රී ලංකා පුරවැසියකු ලෙස මොහිදීන් බෙග්ට ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබා දෙන ලදී. 

ඔහුට  1991 නොවැම්බර් 13 සහ 14 යන දිනවල එංගලන්තයේදී ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතව තිබුණි. ඊට පෙර ඔහුගේ අක්ෂි ආබාධය සුවකර ගැනීමට ඔහු සිතු අතර 1991 නොවැම්බර් 3 වැනි දින ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කමක් සඳහා  බෙග්, කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලදී. පසුදින, ශල්‍යකර්මයේදී අනපේක්ෂිත ආසාදනයකින් බේග් මිය ගියේය. ඔහුගේ මරණයට හේතුව රුධිර පීඩනය සහ නිර්වින්දනය අතර නොගැලපීම නිසා ඇති වූ සංකූලතාවයක් බව වෛද්‍ය වාර්තාවල සඳහන් විය.ඉස්ලාමීය සම්ප්‍රදායන් අනුගමනය කරමින්, ඔහුගේ අවමංගල්‍යය දිනක් ඇතුළත සංවිධානය කර කුප්පියාවත්ත මුස්ලිම් සුසාන භූමියේ තැන්පත් කරන ලදී.

.

ඔහුගේ පුතුන් දෙදෙනා වන ඉෂාක් සහ ඉල්යාස් පියාගේ උරුමය ඉදිරියට ගෙන යන දිවයිනේ මෙන්ම  විදෙස් වල වෙසෙන සිය පියාගේ රසික කැ ළ  සංගීතයෙන් මන මෝහනයට පත් කරන්නට පට ගෙන ඇත.ගිත ප්‍රසංගවල  සිය පියාගේ ගී ගයමින්  ඔවුන් කරන මේ මෙහෙය ඉතා පැසසුම් කරුණකි. ඔහුගේ අභාවයෙන් හිස්වූ හිඩැස පිර වීමට  මේ දෙපල  ලොව පුරා වෙසෙන කරනු ලබන සේවාවේ  මනරම් උත්සාහය ඉෂාක් ගේ ගී වලට සවන් දීමන්  මෙරට වෙසෙන  රසික කල එදා මන් මෝහනයට පත්වුබව  නිසැකය.බෙග් මාස්ටර් නමින් සංගීත සාදවල  ප්‍රසංග  වේදීකාවේ  ගී ගැයූ ඒ ගැඹුරු හඬ පෞර්ශවය  ජෝතිපාල, මිල්ටන් ,එම්.එස් ,මල්ලවාරච්චි යන  ගීත කෝකිලයන් සමග වියකි ගොසිණි . එහෙත් ඔවුන් ගේ ඒ ගී හඬ තවමත් අප හදවත්  තුල සැරි සරමින් සිටි.

ශාන්ත -ලංකා නිවුස් යුකේ.

0
අරුණ පුවත්පතේ පුවතකි,

0
අරුණ පුවත්පතේ පුවතකි,