loader image
Home Blog Page 183

ප්‍රවීණ නළු අමරසිරි කලංසූරිය අභාවප්ප්‍රාප්ත වෙයි

අප ඔහු හැඳින් වුයේ “කලං” යන කෙටි නමිනි.

ඔහු සිනමාවට පිවිස ඉතා කෙටි කලෙකින්ම අප රටේ රසික කැළ ගේ සිත්තුළ රැඳෙන්නට තරම් අපුරු රංගනයක යෙදෙන්නට සමත්වූ නළුවකු විය.ඔහු අපුරු පෙරළිකාර රංගධාරියෙකු විය. ඔහු ගේ රංගනය එතෙක් පැවති අපේ සිනමාවේ සම්ප්‍රධායට එහාගිය එකක් විය. එය අප රසික කැළ ඇඳ බැඳ තබාගන්නට සමත්වූ එකක් වුයේය. සිංහල සිනමාවට ඔහු පිවිසුණේ ඔහු 1969 වසරේ “රැයක් දවාලත්” චිත්‍රපටයෙනි. ඔහු දසක 5ක් තිස්සේ අපේ සිනමාවේ හා ටෙලිනාට්‍ය වල විවිධ චරිත නිරුපනයෙන් දායකවූ ප්‍රවීණ රංග ශිල්පියෙකු විය.

සිංහල සිනමාවේ හැඩතල වෙනත් අතකට යොමු කළ ප්‍රවීණ නළුවෙකු වූ අමරසිරි කලංසූරිය අද උදැසන අප්‍රේල් 01දා අභාවප්ප්‍රාප්ත වූ බව වාර්තාවේ.මියයන විට වයස අවුරුදු 83 විය.ඔහු 1940 නුවරදී උපත ලබා තිබු අතර කළක් ඔහු ඔත්පලව සිටියේය.

ඔහුගේ පියා කලන්සුරිය පැන්සිස් අප්පුහාමි වූ අතර මව බෙන්ගමුව ආරච්චිගේ පොඩි හාමිනේ ය.කිරිබත් කුඹුර ශ්‍රී සවර්ණජෝති පාසලින්ද මහනුවර ධර්මරාජ විදුහලින්ද සිය මුලික අධ්‍යාපනය හැදෑරු ඔහු මුල් කාලය තුළ කෘෂ්කර්ම දෙපාර්තමේන්තුවේද ,පසුව යුද හමුදාවේ සේවාවේ නිරත විය.වසර 6ක සේවකාලයේ දී ඔහු ලාන්ස් කෝප්‍රල් තනතුරක් දැරුවේය.අනතුරුව ස්ථාන කිහිපයකම සේවාවේ නිරතවුවද ඉන් සෑහීමකට පත් නොවී කලං මහනුවර ටේලර් සාප්පුවක් අරඹා තමන්ගේම ව්‍යාපාරයක නිරතවුයේය.ඔහුගේ ජිවන මග සිනමා පටියකට නගන්නේ නම් මැනවයි මට සිතේ.

ඔහු දරු තිදෙනෙකුගේ පියෙකුවූ අතර ඔහුගේ බිරිඳ අජන්තා ඒකනායකයි. ඔවුනට එක පුතෙකු හා දියණියන් දෙදෙනෙකුද සිටිති.

ඔහු “හන්තානෙ කතාව”, “අක්කර පහ”, “නිම් වළල්ල” යන චිත්‍රපටවල රඟපෑ අතර “අහස් ගව්ව” චිත්‍රපටයේ රංගනයෙන් “කලං” ඉතා ජනප්‍රියත්වයට පත් විය.ඔහු අපේ සිනමාවේ පෙම්වත් චරිත සම්ප්‍රධාය වෙනත් අතකට ගෙන ගිය නිර්මාන රංගනයක යෙදුනු පෙරළිකාර නළුවෙකු විය.

“බඹරු ඇවිත්” “පොඩි මල්ලි” “අනූපමා” “අපේක්ෂා” පරිත්‍යාගය” “සිංහබාහු” “යස ඉසුරු” “පෙම් රජ දහන” සහ “වජිරා” යන චිත්‍රපට වල යෙදුනු හැම චරිතයම පාහේ ඉතා විශිෂ්ඨ ලෙස රංගනයක යෙදුණු නළුවෙකු විය.ඔහු ටෙලි නාට්‍ය රැසක්ද රංගනයෙන් දායක වූ අයෙකි.ජනතා සම්මානයට පාත්‍රවූ අයෙකි. ඉහළම ජනප්‍රියත්වයට පත් ඔහු සිනමාවේ කිසිදින අමතක නොවන චරිතයකි.

ඔහුගේ රංගන කුසළතා නිසා දීපශිකා, සරසවිය, ජනාධිපති, ස්වර්ණ සංඛ සහ සිග්නීස් සම්මාන වලින් පිදුම් ලබන්නට ඔහු සමත්වුයේය. ඔහුට 2004 වසරේ සිග්නීස් සම්මාන උළෙලේ යාවජීව ගෞරව සම්මානය පිරිනැමුණු අතර 2023 දී දෙරණ සම්මාන උළෙලේදී ද ඔහු ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන යාවජීව සම්මානයෙන් පිදුම් ලැබුවේය.

පනස් වසරක් සිනමාවේ විවිධ චරිත වලට පණදුන් ඔහු අක්කර පහ අහස්ගව්ව රංගනය සඳහා 1974 ජනාධිපති හා සරසවි සම්මානයට පාත්‍ර විය.පුංචි තිරයේ ඩී .බී , නිහාල්සිංහයන්ගේ දිමුතු මුතු හා රොඩ්නි විදානපතිරණගේගේ අධ්‍යක්ෂයෙන් නිපදවූ නිර්මාණ සඳහා ඔහු සම්මානයෙන් පිදුම් ලබා තිබුනි.

ඔහු සරසවි සිසුන් අතර මෙන්ම තරුණ පිරිස් වල හද කර්ශනීය හදවත් දිනාගත් නළුවෙකු වුයේය. ඒ නිසාම ඔහු කොළඹ සරසවිය, රුහුණු සරසවිය සහ පේරාදෙණිය සරසවිය ආදියෙන්ද විශේෂ ඇගයීම් කලං වෙනුවෙන් සිදු කර තිබුණි.2018 වසරේ ජනවාරි 14 වන දින ඔහු බොදු සිසු විරාජමානී ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවේය.

අපේ සිනමාවේ පෙම්වතුන් බොකුටු කොණ්ඩය ඇති ඉතා ජවසම්පන්න රුප කායකින් හෙබි නළුවන් යොදා ගැනීම අවසන් වුයේ “කලං”ගෙන් යයි කිවොත් නිවැරදිය.

මට ඔහු අවස්ථා ගණනාවකදී මුණගැසීමට හැකිවූ අතර 1980 මුල් සමයෙහිදී කොළඹ දිසා අධිකරණයේ පැවති නඩුවකදී ඔහු වෙනුවෙන් පෙනීසිටීමටද මට හැකිවිය. ඔහු ඉතා සරළ දිවිපෙවෙතක් ගත්කල අයෙකු විය,

දසක ගණනාවක් ඔබ කල මෙහෙය අප සදා සමරමු , කලං ඔබට සුභ ගමන්

ශාන්ත සේනාධීර -ලංකා නිවුස් යුකේ.

(මෙම සේයාරූ අන්තර් ජාලයෙන් ලබාගත් ඒවායේ හිමිකම් අයිතිකරුවන් සතු බව කරු ණාවෙන් සලකන්න )

සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි සිය දිවි සැරිය නිම කරයි

0
This image has an empty alt attribute; its file name is 338428858_552061733730880_5064455908969333580_n-1.jpg

ඒ හඬ ගැඹුරු හැඟීම් දනවන හඬ පෞරශ්වයකි ඒ හඬදසක ගණනාවක් අප රටේ දහසක් ගණනාවක්ම වූ රසික කැළ නැළ වුයේය.ඒ හඬ නැගු කෝකිලයා කාටත් නොකියාම අද උදැසන සැඟවී ගොසිනි. මේ පුවත අසන අප රටේ මෙන්ම ලොව පුරාවෙසෙන බොහෝ රැසික පිරිස් අපමණ ශෝකයට පත්වනු වනු නියතය.ඔහුගේ හඬ ගුවනේ කාලාන්තරයක් රැව් දෙනු නියතය.

ලාංකීය සංගීත කේෂ්ත්‍රයට ඉමහත් මෙහෙවරක් සිදු කළ මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි අද මාර්තු 28 අලුයම අභාවප්ප්‍රප්ත විය. ඔහු මිය යනවිට වයස අවුරුදු 81 විය.කළක් තිස්සේ අසනිඅපයෙන් ඔත්පලව සිටි ඔහු සෞන්දර්ය හා රංග කලා විශ්වවිද්‍යාලයේ කුලපතිවයා ලෙස කටයුතු කරමින් සිටියේය.

හේරත් මුදියන්සේලාගේ සනත් නන්දසිරි නම් වූ ඔහු ඉපිද තිබුණේ 1942 පෙබරවාරි 15දින ගොතටුවහිදීය
මහාචාර්ය නන්දසිරි මහතා ගොතටුව ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙකු සහ ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවෙකු වන එච්. එම්. විලියම් පෙරේරා සහ ගෘහණියක් වූ දෝන අමලින් කටුගම්පොලට දාව තුන්වන දරුවා ලෙස උපත ලැබීය. ඔහු .මුලික අධ්‍යාපනය සාමාන්‍ය පෙළ දක්වා ගොතටුව මහා විද්‍යාලයෙන් සහ දෙමටගොඩ ශාන්ත මැතිව් විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ කර ඇත. අනතුරුව ඔහු උසස් පෙළ සඳහා මහාබෝධි මහා විද්‍යාලයටත් අවසානයේ ඉංග්‍රීසි ඉගෙනීම සඳහා ස්ටැෆර්ඩ් විද්‍යාලයටත් ඇතුළත් වි තිබුණි.

පාසල් කාලය තුළ ඔහු ක්‍රීඩකයෙකු මෙන්ම එල්ලේ ක්‍රීඩකයෙකු ලෙස දස්කම් දක්වා තිබු බව වාර්තාවේ.කුඩා කල සිටම විවිධ හැකියාවන් වලින් හෙබි තරුණයෙකු විය. ඔහු හොඳ කෙටි දුර ධාවකයෙකු වූ අතර මීටර් 100 ඉසව්වෙන් කුසලාන දිනා ගෙන තිබු බව වාර්තාවල සඳහන් වේ. නන්දසිරිට වැඩිමහල් සහෝදරියක්, වැඩිමහල් සහෝදරයෙක්, බාල සොහොයුරියක් සහ නිමල් චන්ද්‍රසිරි නමැති බාල සහෝදරයෙක් වේ.

1971 දෙසැම්බර් 18 දින ගායිකා මල්කාන්ති පිරිස් සමඟ විවාහ විය.සංගීත කේෂ්ත්‍රයේ විවිධ කුසළතාවන්ගෙන් පිරිපුන් පවලකට අයත් මල්කාන්ති ඔහුට මුණගැසෙන්නේ 1967 වසරේ ‘මාර පරාජය’ නම් වූ වෙසක් නාට්‍යයක සංගීතයට සහභාගී වූ අතරතුරදීය.ඔවුන් විවාහ වීමට පෙර සහ පසුව ගීත සඳහා සහයෝගයෙන් කටයුතු කර තිබුණි. ඔවුනට දරුවන් දෙදෙනෙකු සිටි අතර 1971 දී සංජය මාධව පුතා ඉපද දින තුනකට පසු පුතා මියගිය ගොස් තිබුණි.ඔවුන්ගේ දෙවන දරුවා 1974 පෙබරවාරි 14 වන දින උපත ලැබූ නිශාමනී අනුරාධා දියණියයිඇය පියාගේ අඩිපාරේ යමින් සංගීත කේෂ්ත්‍රයේ කටයුතු කරමින් සිටී.

ඔහු මුලින්ම සිංහල ගුවන්විදුලියට පැමිණෙන්නේ 1955 දී වයස අවුරුදු 13 කුඩා අවදියෙහි දීය.ළමා පිටියෙන් ඇරඹුණු මේ කා ලය තුල මඩවල එස් රත්නායක, නන්ද ජයමාන්න, කරුණාරත්න අබේසේකර, සනත් විමලවීර යන මහත්ම මහත්මීන් සමඟ ඔහුට වැඩ කිරීමට අවස්ථාව ලැබුණි. වයස අවුරුදු 17 දී ඔහු ඩී.ආර්. පීරිස් යටතේ තබ්ලා වාදනය හැදෑරීමට පටන් ගත් අතර එහිදී ඔහු බොරැල්ල තරුණ බෞද්ධ ශාලාවේ පැවති මෙම පන්තියේ පීරිස්ගේ පළමු ශිෂ්‍යයා වශයෙන් හැදින්වූ බව කියවේ. ඔහුගේ විවිධ ගුවන්විදුලි හා එළිමහන් වැඩසටහන්වලට නන්දසිරි සම්බන්ධ කළ ඔහුට මසකට වරක් ගුවන්විදුලි ජන ගායන වැඩසටහන්වලට සහභාගි වීමට ලැබුණි. 1960 දී වයස අවුරුදු 19 දී නන්දසිරි භාත්ඛණ්ඩේ සංගීත ආයතනයේ ඩිම්ඩ් විශ්ව විද්‍යාලයේ වැඩිදුර සංගීත අධ්‍යාපනය කරගෙන යාම පිණිස ඉන්දියාවට ගියේය. ඇකඩමියේ ඔහුගේ ගුරුවරුන් වූයේ උස්තාද් අහමඩ් ජන් තිරක්වා, ජී. එන්. නට්ටු, උස්තාද් මොක්ෂුත් අලි, පණ්ඩිත් හරි ශංකර් මිස්රා සහ උස්තාද් රහීම්මුදීන් ඛාන් දාගා ය. ඉන්දියාවේ සිටියදී නන්දසිරි ලක්නව් ගුවන් විදුලියේ එන ගීත කිහිපයක් රචනා කළේයයි ද වාර්තාවල සඳහන් වේ.

1965 දී ඔහු නැවත ලංකාවට පැමිණ ගුවන් විදුලියට සම්බන්ධ වී ගායන දිවිය ආරම්භ කළේය. ඔහු රජයේ සංගීත විද්‍යාලයට තේරී පත්වූ අතර 1967 සැප්තැම්බර් 7 වන දින අම්පාර උහන මහා විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කර තිබුණි 1974 දී කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස ආචාර්ය මණ්ඩලයට එක් විය. ඔහු 1988 සිට 1992 දක්වා එම විශ්වවිද්‍යාලයේ සංගීත අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.නන්දසිරි ගායන සංගීතය පිළිබඳ “නිපුන්” විභාගයට පෙනී සිටි අතර 1992 දී “නිපුන්” විභාගයෙන් පළමු පන්තිය ලබා මෙම කාර්යය ඉටු කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් විය.

ලාංකේය සංගීතයේ ප්‍රමුඛතම ගායකයෙකු ,සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන සනත් නන්දසිරි දශක හයකට වැඩි කාලයක් පුරා දිවෙන ඔහුගේ මෙම සේවා කාලය තුළදී සංගීත නිර්මාණ සඳහා සම්මාන කිහිපයක්ම ලබා ඇත. රූපවාහිනියේ ප්‍රථම රූපවාහිනී කතාමාලාව වූ සඳමාලිගේ කතාවට සංගීතය නිර්මාණය කළේද ඔහු හාර්මෝනියම්, වයලීනය තබ්ලා වාදනයෙන් මුල් කාලයේ සිය දිවිය ඇරඹු ඔහු 1955-2023 ක්‍රියාකාරී වසර තුල ගැයූ ගී ගණන දහස් ගණනකි.කැසට් පටි හා සීඩී තැටි නිෂ්පාදකයන්වූ තරංගා ,නිල්වලා රන්සිළු ආයතන මොහුගේ ගී නිර්මාණ සිය ගණනක් 1960-70 දශකයන්හිදී එම ලේබල් යටතේ එළිදක්වා තිබුණි.

නාට්‍ය හා චිත්‍රපට පසුබිම් ගායකයෙකු වූ ඔහු සංගීත අධ්‍යක්ෂක වරයෙකු ලෙසද කටයුතු කළේය.මුල් කාලයේ දිවයිනේ ජනප්‍රියවූ ගී රැසක් වෙති. “ඇවිලුනු ගිනිදැල් නිවී නිවී යද්දී” ගීතයෙන් අපේ රසික හදවත් මන මෝහනය කල ඔහුගේ ගැඹුරු හඬ පෞරුෂයෙන් නොගැයුණු වේදිකාවක් ගුවන් නාළිකාවක් රුපවාහිනී නාළිකාවක් නැතිතරම්ය.ඔහු දිවයිනෙන් බැහැරව විදෙස් සංචාර රැසකටම සහභාගී වූ අතර ලන්ඩනයට වාර ගණනාවකට පැමිණ මෙහි වෙසෙන රසිකයන් මෝහනයට පත් කරන්නටද හැකිවූ බව අපේ මතකයේ තවමත් රැඳී පවති.

ඔහු ගැයූ ජනප්‍රිය ගී අතර දුලීකා, දු අනුරාධා ,එදා මෙදා , මා හද අසපුව,දේදුන්නේ පාට පාටින් ,එකමල් යායක ගමේ කොපි කඩේ දෙන්න දෙපැත්තේ යන ගී අප රටේ ඉතා ජනප්රියවිය, මෙවැනි කෙටි සටහනකින් ඔහුගේ ගී හා සේවාව ගැන සටහන් ලිවී ම උගහටය. ඔහු සංගීත පසුබිම් ගායනය කල චිත්‍රපටි ගණන සිය ගණනකට ආසන්නවේ.

ඔහුගේ බිරිදගේ (මල්කාන්ති) පවුලෙහි දිවයිනේ සංගීත අම්භබරයේ රැඳුණු විශාල පිරිසක්සිටිති. ඒ අතර සහෝදරියන් තිදෙනෙක්සහ සහෝදරයන් දෙදෙනෙක්වෙති. ඔවුන් නිර්මලා, නිරංජලා, සකුන්තලා කුමාර්, සහ මනෝජ්.පිරිස් ය.සංගීතවේදී අබේවර්ධන බාලසූරිය.විජේරත්න රණතුංග මෙම පවුල හා සබැඳි අනෙක් අයවෙති. මනෝජ් පීරිස් ශ්‍රී ලංකාවේ කීර්තිමත් තබ්ලා වාදකයෙක් සහ සංගීතවේදියෙකි.

හඬදසක ගණනාවක් අප රටේ දහසක් ගණනාවක්ම වූ රසික කැළ නැළ වුයේය.ඒ හඬ නැගු කෝකිලයා කාටත් නොකියාම අද උදැසන සැඟවී ගොසිනි. මේ පුවත අසන අප රටේ මෙන්ම ලොව පුරාවෙසෙන බොහෝ රැසික පිරිස් අපමණ ශෝකයට පත්වනු වනු නියතය.ඔහුගේ හඬ ගුවනේ කාලාන්තරයක් රැව් දෙනු නියතය.

හඩින් රටක් සැනසූ සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි කලාකරුවාණෙනි,
ඔබට අමා මහ නිවන් සුව !
ශාන්ත සේනාධීර – ලංකා නිවුස් යුකේ.

(මෙහි පළවන සේයාරූ අන්තර් ජාලයෙන් ලබාගත් අතර ඒවායේ අයිතිය ඒ හිමිකරුවන් සතුය.)

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට එරට අධිකරණයක් වසර දෙකක සිර දඬුවමක් නියම කරයි

0

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට එරට අධිකරණයක් වසර දෙකක සිර දඬුවමක් නියම කර ඇතැයි අද (23දා ) විදෙස් වාර්තා වල සඳහන්වේ.

මෙම දඬුවම ඔහුට පවරා ඇත්තේ ගුජරාට් ප්‍රාන්ත අධිකරණයක් විසිනි.භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන පූර්ණේෂ් මෝදි විසින් මෙම නඩුව පවරා තිබුණු අතර 2019 වර්ෂයේ පැවති මැතිවරණ රැලියකදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ වාසගම සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් කිරීම හේතුවෙන් මෙම නඩුව ඔහුට විරුද්ධව පවරා තිබුණි.

මෙම නඩුවේ තීන්දුව විනිසුරුවරයා විසින් දෙනු ලබන අවස්ථාවේදී විපක්ෂ නායක රාහුල් ගාන්ධි එම අධිකරණය හමුවේ පෙනී සිටි බවද සඳහන්වේ, දඬුවම නියම කළ ද ඔහු සිරගත කිරීමට පෙර දින 30ක ඇප ලබා ගැනීමේව සහන කාලයක් ඔහුට ලබා දී ඇත. අදාළ සිර දඬුවමට එරෙහිව ඔහුට අභියාචනයක් ද ඉදිරිපත් කිරීමට ඔහුගේ නීතිඥවරුන් විසින් කටයුතු කරන බව ඉන්දීය ඒ පිලිබඳ වාර්තා වැඩිදුරටත් සඳහන් වේ.

(මෙහි සේයාරූ අන්තර් ජාලයෙන් ලබාගත් අතර ඒවයේ හිමිකම් එහි මුල් අයිතිකරුවන් සතු බව සළකන්න )

කැනඩාවේ ජනගහනය මිලියනයකින් වැඩිවෙයි

0


ARUNA LK NEWS
23/03/23 – 2 minutes ago
සංක්‍රමණිකයින්ගේ ගණන වැඩි වීම නිසා කැනඩාවේ ජනගහනය මිලියනයකින් ඉහළ ගොස් තිබේ.
කැනඩාවේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ, 38,516,138ක්ව පැවති මේ වන විට 39,566,248ක් දක්වා ඉහළ ගොස් ඇති බව ය.
එය 1957 වසරෙන් පසුව වාර්තා වූ වැඩි ම වාර්ෂික ජනගහන වර්ධන අනුපාතය වේ.
මෙම ජනගහනය වැඩි වීමට 96%ක් බලපා ඇත්තේ, විදෙස් සංක්‍රමණිකයින් කැනඩාවට ගෙන්වා ගැනීම බව සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන පරිදි එරට කම්කරු හිඟයට පිළියම් ලෙස සංක්‍රමණිකයින් ගෙන්වා ගැනීම සිදු කර තිබේ.
කෙසේ වෙතත්, ඔවුන්ට අවශ්‍ය නිවාස, යටිතල පහසුකම්, ප්‍රවාහනය සහ සේවා ආදී දේ සපයා ගැනීමේදී සංක්‍රමණිකයින් අභියෝගවලට ලක්වී සිටින බව ද අදාළ වාර්තාවල දැක්වේ.( ARUNA LK NEWS )
23/03/23

රිදියගම සෆාරි උද්‍යානයේ ‘මීරා’නම් සිංහ ධේනුව පැටවුන් 4 දෙනෙකු බිහිකරයි

0

Mawbima -මාර්තු 23, 2023

රිදියගම සෆාරි උද්‍යානයේ වෙසෙන ‘මීරා’නම් සිංහ ධේනුව පැටවුන් 4 දෙනෙකු බිහි කළ බව රිදියගම සෆාරි උද්‍යානයේ භාරකරු සත්ව දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත අමරසේන පැවසීය.

සිංහ ධේනුව පසුගිය 18 වන දා මෙම පැටවුන් බිහි කළ බව ත් එම පැටවුන් සිවු දෙනාගෙන් දෙදෙනෙකු මනා සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව ත් පැටවුන් දෙදෙනෙකු මවු සිංහ ධේනුව විසින් ප්‍රතික්ෂේප කරන ලද බව ත් හේමන්ත අමරසේන මහතා පැවසීය.

පැටවුන් සිවු දෙනා බිහි කළ මවු සිංහ ධේනුව වයස අවුරුදු 5ක් පමණ වූ සත්වයෙකු බව ත් එම සත්ත්වයා රිදියගම සෆාරි උද්‍යානය තුළදී ඉපදුණු බව ත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

මව විසින් ප්‍රතික්ෂේප කරන ලද සිංහ පැටවුන් දෙදෙනා දෙහිවල සත්වෝද්‍යානයේ පැටවුන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානයට යොමු කොට ඇති බව ත් එහිදී ඔවුන් පෝෂණය කරන බව ත් හේමන්ත අමරසේන පැවසීය.

පැටවු බිහි කිරීමේදී දුර්වල සතුන් මව විසින් ප්‍රතික්ෂේප කරනු ලබන බව අමරසේන මහතා කීය.

ඔහු මෙසේ ද කීය.

“මේ වන විට රිදියගම සෆාරි උද්‍යානය තුළ සිංහයන් 20 දෙනෙකු පමණ සිටින අතර ඔවුන්ගෙන් දස දෙනෙකු පමණ සෆාරි උද්‍යානය තුළදී ම උපන් අයයි. ඉතිරි සිංහයන් දස දෙනා චීනය, ජර්මනිය හා අප්‍රිකානු රටවලින් ගෙන එන ලද අයයි.”

මීට අමතරව බෙංගාල ව්‍යාඝ්‍ර ධේනුවක් ද පැටවුන් බිහි කිරීමට ආසන්නව සිටින බවත් තව සති කිහිපයකින් ඔවුන් ද රිදියගම සෆාරි උද්‍යානයට පැමිණෙන්නන්ට දැක ගැනීමට අවස්ථාව හිමිවන බව ත් සත්ව උද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත අමරසේන මහතා පැවසීය.

By හම්බන්තොට – රෝෂන් රාජික

Mawbima -මාර්තු 23, 2023

0
ADA LK NEWS REPORT -12/03/23