Home Blog Page 183

ශ්‍රී ලංකාව සංචාරක අයර්ලන්ත කණ්ඩායම එරෙහිව ඉනිමක සහ වාර්තාගත ජයක් 18/04/23


සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගය ඉනිමක සහ ලකුණු 280කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (18) සමත් විය.මෙම තරඟය අයර්ලන්තය සමග පැවති පළමු වරට පැවැත්වූ ටෙස්ට් තරඟ වන අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

මෙම තරඟය කලෙකට පසුව පන්දු යැවීමේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ තරඟයක් වු අතර පන්දුවට පහර දීම අතින්ද විශිෂ්ඨ වාර්තවක් පිහිටුවීමට හැකිවූ තරඟයක් ලෙස හැඳින්විය හැක.

ඒ අනුව පළමු ඉනිම සඳහා පන්දුවට පහරදීමට ගාල්ල ජාත්‍යන්තර පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු 591ක් රැස්කර ගෙන සිටියදි ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න ලකුණු 179ක් රැස්කර ගැනීමට සමත් ව තිබුණි.මේ සඳහා ඔහු මෙහිදී හතරේ පහරවල් 15ක් ද ලබාගෙන තිබු බව සඳහන්වේ.

කුසල් මෙන්ඩිස් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 140 වේ.. මේ සඳහා හයේ පහරක් සහ හතරේ පහර 18ක් ද මේ ලකුණු ඇතුළත් වේ.
සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ සධීර සමරවික්‍රම නොදැවී පන්දු 114කදී ලකුණු 104ක් රැස්කර ගෙන තිබුණි.මේ සඳහා හතරේ පහර 11ක් ද ලබා ගත අතර දිනේශ් චන්දිමාල් පන්දු 155කදී නොදැවී ලකුණු 102ක් රැස්කර ගැනීමට සමත් විය.

අයර්ලන්ත පිල පන්දු පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පැමිණි පන්දුවාර 52යි පන්දු 3කදී සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 143ක් පමණී.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය ලකුණු 52කට කඩුළු 7ක් දවා ගැනීමට සමත් විය.
විශ්ව ප්‍රනාන්දු දවාගත් කඩුළු සංඛ්‍යාව 2කි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 448ක් පිටුපසින් සිටි අයර්ලන්ත කණ්ඩායමට දෙවැනි ඉනිම සඳහා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට අවස්ථාව ලබාදුන්නේය. දෙවැනි ඉනිම සඳහා සියලුදෙනා දැවී අයර්ලන්ත පිලට රැස්කර ගත හැකි වූයේ ලකුණු 168ක් පමණී.අයර්ලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් හැරී ටෙක්ටර් ලකුණු 42ක් රැස්කර ගත්තේය.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.

ප්‍රභාත් ජයසූරිය දවාගත් කඩුළු සංඛ්‍යාව 3කි.විශ්ව ප්‍රනාන්දු කඩුළු 2ක් දවා ගැනීමට සමත් විය.

මෙම තරගයේ ඉනිම දෙකේදී කඩුළු 10ක් දවාගත් ප්‍රභාත් ජයසූරියට තරගයේ වීරයා සම්මානය හිමිවිය.

මේ අනුව අනුව තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේදී තරග 1ට 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්ව සිටි.

(සේයාරුව අන්තර්ජාලයෙන් ලබත් අතර එහි හිමිකම් මුල් අයිතිකරුවන් සතු බව සළකන්න )

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (16දා ) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 16/04/23

0
May be an image of 2 people


තරගාවලිය ටෙස්ට් තරග දෙකකින් සමන්විත වේ.


ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 14හා 15 වැනිදා ගාල්ලේ පැවැත්වූ පුහුණු සැසිය වෙනුවෙන් එක්වී සිටි අතර මෙම තරඟය අයර්ලන්තය හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය වේ.


මේ අතර හෙට තරගය නැරඹිම සඳහා ක්‍රීඩාලෝලීන්ට නොමිලේ අවස්ථාව හිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය සඳහන් කර තිබුණි.


මෙහිදී මාධ්‍යට අදහස් දැක්වූ නායක දිමුත් කරුණාරත්න සඳහන් කර තිබුණේ
“ගාල්ලේ ආපුවාම අපිටහරිම පුරුදු තැනක්.. කාලගුණය නම් ගැන අපිට කියන්න බැහැ. අපිට කරන්න පුළුවන් දේවල් ගැන විතරයි අපි හිතන්නේ.”


“ගොඩක් වෙලාවට අපි ගාල්ලේ සෙල්ලම් කරනකොට දඟපන්දු යවන්න දෙන්නෙක් ඉන්නවා. අතිරේක දඟපන්දු යවන්නාත් එක්ක දඟපන්දු යවන්නන් තුන්දෙයි. අපි බලාපොරොත්තු වෙනවා තව වේගපන්දු යවන්නන් දෙන්නෙක්ගෙන් ක්‍රීඩා කරන්න.”


“මොකද උණුසුමත් ගොඩක් වැඩියි. එක පන්දුයවන්නෙක් අබාධයකට ලක්වුණොත් හරි වේගපන්දු යවන්නෙක් නැති වෙන හින්දා.යයි “ඔහු පවසා තිබුණි.

සිංහල දෙමළ අලුත් අවුරුද්ද 2023 අප්රේල් මස 14 වැනි සිකුරාදා අද උදාවෙයි.

0
"Happy Sinhala & Tamil New Year"

චිරාත්ගත සම්ප්රධායන් අනුව පවත්වනු ලබන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අදයි.

සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්රමණය වීමත් සමග සිංහල දෙමළ අලුත් අවුරුද්ද අද(14) උදාවෙයි.


පුණ්ය කාලය පූර්වභාග 8.35 සිට අපරභාග 9.23 දක්වා පුණ්ය කාලය බැවින් අප්රේල් මස 14 වැනි සිකුරාදා පූර්වභාග 8.35ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම අපේ රටේ සම්ප්රධායවේ.

ආහාර පිසීම නැකත යෙදී ඇත්තේ අපරාභාග 3.29ට ය. විචිත්ර වර්ණ වස්ත්රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දීකිරි මිශ්ර කිරිබතක්ද තල සහ විලද මිශ්ර කැවිලි වර්ගයක්ද පිළියෙල කරගැනීම වඩා උචිත බව ජෝතිෂවේදීන් සඳහන් කරයි.

ආහාර අනුභවය අපරභාග 5.05ට දී තිබේ. විචිත්ර වර්ණ වස්ත්රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට සිදුකළ යුතු යයි සඳහන්වේ. හිසතෙල් ගෑමේ චාරිත්රය අප්රේල් මස 16 වැනිදාට යෙදී තිබේ.

16දා පූර්වභාග 9.41ට යෙදෙන නැකතින් දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද පයට නුගපත් ද තබා රතු සහ කහ මිශ්ර වර්ණ (තඹ පැහැති) වස්ත්රාභරණයෙන් සැරසී ඉඹුල් පත් යුෂ මිශ්ර නානු හා තෙල් ගා ස්නානය කළ යුතුය සඳහන්වේ.

රැකියා සඳහා පිටත්ව යාම අප්රේල් මස 17 වැනි සඳුදා පූර්වභාග 06.28ට දී ඇත. සුදු පැහැති වස්ත්රාභරණයෙන් සැරසී දීකිරි මිශ්ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යෑම වඩා සුදුසු බව කියවේ.

පැළ සිටුවීම අප්රේල් මස 20 වැනි බ්රහස්පතින්දා පූර්වභාග 6.38ට ය. රන්වන් පැහැති වස්ත්රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම සිදු කල යුතු යයි නැකැත් කරුවන් විසින් සඳහන් කොට ඇත.

සෞන්දර්ය සරසවියේ නව කුලපති මහාචාර්ය සුනිල් ආරියරත්න

DIVAINA LK NEWS April 5, 2023

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පත් කර තිබේ. 1985 අංක 07 දරන පනතින් සංශෝධිත 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 32 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පස් අවුරුදු ධුර කාලයක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇත. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා වෙත යොමු කර තිබේ.(DIVAINA LK NEWS April 5, 2023)

විජේරත්න පරපිටිය මහතාණෙනි, ඔබට සුභ ගමන්

0


ලන්ඩනයේ විල්ස්ඩන්හි විසු අඩසියවසකට අධික කාලයක් එක්සත් රාජධානියේ ආගමික හා සමාජ මෙහෙවරක යෙදුණු දානපතියෙකු වූ විජේරත්න පරපිටිය මහතා පසුගියදා සිය ජිවන ගමන් මගට සමු දුන්නේය. ඔහු මියයන විට 88 වෙනි වියෙහි පසු විය.

1935 ජුනි මස 18 වෙනි දින යටියන්තොට බදුල්ලවෙල දී උපත ලබා තිබුණි.ඔහු පසුගියදා ගිලන්ව රෝහල් ගතකර තිබු අතර අනතුරුව සුවය ලබා නිවසට පැමිණි දින කිහිපයකට අනතුරුව ඔහු සිය ගමන් මග අවසන් කර තිබුණි.ඔහුගේ ආදරණිය බිරිඳ සුනීතා පරපිටියයි. ඔවුනට දරුවන් සිව් දෙනෙකු සිටින අතර තමරා,මනෝෂා යමුනා යන දුවරුන් තිදෙනෙක්ද, ධනුක නම් පුතෙක්ද වේ.. එමෙන්ම ඔවුන්ට අමයා, අයනා ,කියෝමි හා මියා යන දුමුණුබුරන් ගේද දරු සුරතල් බැලීමට ඉඩකඩ ලැබුණු වාසනාවන්ත පවුලක් වේ,


ඔහු ඔහු කුඩා අවදියෙහිදී යටින්යතොට විද්‍යාකර විදුහලෙන් මුලික අධ්‍යාපනය හදාරා කොළඹ අගනුවරට පැමිණියේ සිය සිතැඟි පරිදි ඔහුගේ වැඩිදුර ඉගෙනීම පිනිසය. ඔහු කොටහේනේ කුමාර විදුහලටත් ඇලෙක්සන්ඩ්රා විදුහලටත් ඇතුළත්වී තිබුණි.


ඔහු සිංහල රාජ්‍ය භාෂාව කිරීම සම්බන්ධව සිය තරුණ වියෙහි පටන් රජයට බල කිරීම පිණිස එකල පැවති උද්ගෝෂණ වලට සහභාගිවී තිබුණි. ඒ සඳහා සංවිධාන රැසක් පිලියෙලකළ සංදේශය රැගෙන විජේරත්න තරුණ සිසුවා කොළඹ සිට මහනුවරට පාගමනින් පැමිණ දළදා සමිදුන් හා මල්වතු අස්ගිරි නාහිමිපාණන් වෙත සංදේශයක් ගෙන ඒමට ඉදිරිපත්ව විය. මේ පුවත එකල සිංහල හා ඉංග්‍රීසි පුවත්පත්වල ප්‍රධාන පුවතක් ලෙස පළකර තිබුනේය.ඔහු කුඩාකල සිටම මල්ලව පොර හා මලල ශුරතාවයන් රැසක් ලැබ ගත් විවිධ හපන්කම් වලින් දස්කම් පෑ අයෙකු විය.සමස්ත ලංකා එක්සත් ශිෂ්‍ය පෙරමුණ පිහිටුවීමෙහිලා මුලිකත්වයෙන් කටයුතු කළ අයෙකු වුයේය.තවද ඔහු ඌරගල ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති තනතුරද හෙබවූයේය.


පළමු නිල රැකියාව කොළඹ තටාකාංගනයේ සේවය කිරීම සඳහා: වරාය (භාණ්ඩ) සංස්ථාව සිලෝන් ඔක්තෝබර් 1957 – අප්‍රේල් 1960 – 1960 අප්‍රේල් 28 වැනි දින වරාය වැඩ කටයුතු පිලිබඳ වැඩිදුර හැදෑරීම පිණිස ඔහු ශ්‍රී ලංකාවෙන් එක්සත් රාජධානියට පැමිණීමට පිටත් විය.එක්සත් රාජධානියේ Luxfer Ltd සමාගමෙහි ගිණුම් ලිපිකරුවෙකු ලෙස (1960 -1964 ) සේවය කළේය.අනතුරුව ඩෝසර් යුරෝ සමාගමෙහිද ,මිඩ්ල්සෙක්ස් මෝටර්ස් හිද ඔහු සේවාවේ නිරත විය. රැකියාව කරන අතර ඔහු වරලත් ලන්ඩන් ඝනකධිකරණය විභාගය සඳහාද පෙනී සිට ඉන් සමත්වී තිබුණි.


මේ රැකියා කිරීම තුලින් සැහීමකට පත් නොවූ විජේරත්නයන් සිය අත්දැකීම් ඔස්සේ වෙළඳ ව්‍යාපාර කටයුතු සඳහා නැඹුරු වුයේය. ඔහු විල්ස්ඩන්හි ඩොලිස් හිල්හි වෙළඳ ව්‍යාපාර රැසක් ටික කළකදී ආරම්භකර ඉතා සාර්ථක ව්‍යාපාරිකයෙකු ලෙස කෙටි කලෙකින්ම නැගී සිටීමට කට යුතු කළේය. ඔහු සිය සමාජ මෙහෙවර මුලින්ම ඇරඹුවේ සිය ගම පියස වූ යටියන්තොට ප්‍රදේශය මුල් කර ගෙනය.මෙම පුණ්‍ය කටයුතුවල මුලික තැනක් ඔහු ලබා දුන්නේ ලංකාවේ දුගී දුප්පත් දරුවන් ගේ අධ්‍යාපනය නගා ලීම පෙරදැරි කර ගෙනය.


මේවා අතර යටියන්තොට සිරිවර්ධන මහා විද්‍යාලයේ (1990 දශකයේ) පුස්තකාලයක් / පන්ති කාමර එම පාසලේම මිරිදිය සඳහා ප්‍රවේශය ඉදිකරන ලදී. එම පාසලට විද්‍යාගාරයක් ඔහු සිය වියදමින් තව දී තිබුණි..අවිසාවේල්ල බෝඩිම පාසල: මිරිදිය ප්‍රවේශයට අරමුදල් සහ ආහාර සැපයීම.වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ බොහෝ දූ දරුවන්ට ඔවුන්ගේ විශ්ව විද්‍යාලය දක්වාම.කලක පටන්ම අධ්‍යාපනය සඳහා අනුග්‍රහය දැක්වීය.


යටියන්තොට ශ්‍රී නන්දාරාම විහාරය බෞද්ධ විහාරය.ධර්ම දේශනා සඳහා ශාලාවක් ද ඔහු විසින් සිය වියදමින් ඉදිකර තිබුණි.

ආර්ථික අපහසු කම් ඇති ළමයින්ට පාසල් යාමට පාපැදි ද . ලිපි ද්‍රව්‍ය සහ ඇඳුම් පැළඳුම් ද පරිත්‍යාග කිරීම නිරන්තරයෙන්ම සිය රට වෙනුවෙන් නිහඬව සේවාවක යෙදුණු පරිතාග්‍යශීලි දානපතියෙකු විය.


විජේරත්න මහතාට අයිති පස්මහල් යටියන්තොට පරපිටිය මධ්‍යස්ථානය යටියන්තොට ප්‍රදේශයේ දූ දරුවන්ට පරිගණක පිළිබඳ NAITA (අර්ධ රාජ්‍ය පරිගණක පුහුණු මධ්‍යස්ථානයකි) වෙත ඔහු විසින් පසුගිය වසර 3ක කාලය තුළ නොමිලේ එක් මහලක්ලබාදී තිබුණි.වසර කිහිපයක් පුර මෙම මධ්‍යස්ථානයේ එක් මහලක් පුස්තකාලයක් ලෙස ද භාවිත කළ අතර .විජේරත්න මහතා මෙහිසිට ළමුන්ගේ ඉංග්‍රීසි දැනුම වැඩිකර ලීම පිණිස කලක් තිස්සේ පොත්පත් එහි යැවීමට කටයුතු කර තිබුණි.


දැනට ලන්ඩනයේ ඉතා ප්‍රසිද්ධ පන්සලක්වූ කිංස්බරි විහාරය ඇරඹීම පිණිස විජේරත්න මහතා පසුගියදා අපවත්වී වැඩ වදාළ ගලයායේ මහා විහාරාධිපති හිමියනයට කිසිදු පැකිලීමකින් තොරව ඉදිරිපත් විය. කිසියම් දිනෙක ගොඩනැගිල්ලක් සොයා ගන්න තෙක්ම විස්ල්ස්ඩන් ඩොලිස් හිල්හි ඔහුට අයත් නිවසක් ලබාදී තිබුණි.ඒ සඳහා කිසිදු වියදමකින් තොරව ඔහු විසින් පිරිනමා තිබුණි.


ඔහු තුල බුද්ධ පිළිවෙත් සංස්කෘතිය විදහා පෙන්වන ගම්මාන අප රට පුර ඉදි කිරීමේ සැලස්මක් පිලිබඳ මට නිතර පවසා සිටියේය. මා ඔහුට මේ වැනිදෙයක් ඉටු කිරීම ඉතා අපහසු බව කීවද ඔහුගේ සිත්තුළ මෙවන් සංකල්පයක් මතුවුයේ අද අප රටේ පිරිහී ඇති සමාජ ආකල්ප මෙන්ම බුදු දහමට එරෙහිවූ බලවේග වලට පිළිතුරක් වශයෙන් බව මට වැටහේ.ඔහු රට දැයට ආගමට ඉතා ලැදි අයෙකු විය. ඔහු මෙරටට පැමිණ සිටි සිසුන් හෝ වෙනත් ඕනෑම පවුල් සඳහා මුල් අවදියෙහි කිසිදු පැකිලීමකින් තොරව නවාතැන් සපයා දෙන්නට ඉදිරිපත්වූ අයෙකු විය.මේ නිදාම ඔහුට අපෙන් ගිලිහි ගිය සිසුන්ට නවාතැන් ගැනීමට එකතුවී කටයුතු කිරීමට ඇති ශිෂ්‍ය මධස්ථානයක් ගොඩනැගීමට කලක් තිස්සේ මහත් වෙහෙසක් දැරු දෑ හිතකමි අයෙකු විය.



මගේ මතකයේ හැටියට ඔහු සහභාගී නොවූ සංස්කෘතික හෝ ආගමික උත්සවයක් ලන්ඩනයේ නැති තරම්ය. මා ඔහු සමග මේ උත්සව වලදී දොඩමලු වූ වාර අපමණය.ඒ හැම දිනකම ඔහු කතා කලේ අපේ රට ගැනය.බොදු ගම්මාන රට පුරා ඇරඹිය යුතුයයි යෝජනා කළේය.මෙය ඉතාපහසු කරුණක් නොවන බව මා ඔහුට පේනවා දුන්නේය. මා සමග කළ ඇතැම් කතා දුරකතනයේ පැය ගණන් ගතවුවද ඔහුට එම වේලාව ගතව ති බවක් නොදැනුනේය.ඔහුට රට දැය සමය ගැන තිබුනේ මහත් භක්තියකි.අප ලංකා නිවුස් පුවතපත ඇරඹු බව අසා ඔහු ඉමහත් සතුටට පත්විය.ඔහු අපව දිරිමත් කරන්නට තුටු පඬුරක් ලබා දෙන්නටද අමතක නොකළේය.අපි ඒ පිළබඳ අපේ කෘතඥ තාවය මෙයින් පළ කර සිටින්නෙමු.



ඔහුගේ අවංකත්වයෙන් වංචා කල පුද්ගලයන්ද එමටය.ඔහු ඔවුන් ගැන කතා කලේ බුදු දහමින් ඒවාට පිළිතුරු දෙමිණි .දැනට මෙහි වෙසෙන මට මගේ ජිවිත කාලය තුළ මුණ ගැසුණු අය අතර ඔහු අපුර්ව අවංක ගුණ ගරුක මිනිසෙකු වේ. එවැන්නන් අප අතර විරලය. ඔහු අප අතරින් වියෝවී මේ අහස්තලයට එක්ව ඇත. ඔහුගේ අවසන් කටයුතු අප්‍රේල් මස 6 වන බ්‍රහස්පතින්දා පෙරවරු 2.00 ට , ලන්ඩනයේ ගොල්ඩර්ස් ග්‍රීන් ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.(Service to be held at 2.00pm Golders Green Crematorium -West Chapel 62, Hoop Lane, London NW2-1BU)
ඔහු අප අතරින් වියෝ වුවද ඔහු අප හදවත් තුල සදා ලැගුම් ගනු ඇත



විජේරත්න පරපිටිය මහතාණෙනි , අප ඔබට අමා මහ නිවනින් සැනසීම ලබන්නට හේතුවාසනා වේවායි පතන්නෙමු.


ශාන්ත සේනාධීර -ලංකා නිවුස් යුකේ.

නවසීලන්තය සමග අද (අප්‍රේල් 2දා) පැවති පළමු T20 සටනේ ජය ශ්‍රී ලංකාවට

අප්‍රේල් 2, 2023

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද (අප්‍රේල් 2) ඕක්ලන්ඩ්හිදී ආරම්භ වූ පළමු T20 තරගයෙන් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ බව වාර්තාවේ.

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 196ක් රැස් කර තිබුණි .

පුව ලකුණු 196ක ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායම සිය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 196ක් රැස් කිරිම නිසා කණ්ඩායම් දෙකෙහිම ලකුණු සම තත්ත්වයට පත්වීය. මේ හේතුවෙන් සුපර් ඕවරය ක්‍රීඩා කිරීමට සිදු අතර සුපර් ඕවරයෙන් තරගයේ ජය ශ්‍රිලංකාවේ කණ්ඩායමට තීරණය විය.

කණ්ඩායම් දෙකෙහිම ලකුණු සම තත්ත්වයට පත්වීම හේතුවෙන් සුපර් ඕවරය ක්‍රීඩා කිරීමට සිදු වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තීරණාත්මක පන්දු ඕවරය මහීෂ් තීක්ෂණ විසින් යැවු පන්දු තුළින් ලබාගන්නට සමත්ව තිබු බව වාර්තාවල සඳහන්වේ. එහිදී නවසීලන්ත කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 8ක් රැස් කළේ ය.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 9 පන්දු 3ක් තුළදී ලබා ගනිමින් මෙම ජය වාර්තා කිරීමට සමත් විය.

නවසීලන්ත කණ්ඩායමේ නායකයා කාසියේ වාසිය දිනාගත් අතර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පළමුව පහර දීමට ආරාධනා කළේ ය. ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 196ක් රැස් කිරීමට සමත්ව තිබුණි.


නවසීලන්ත සංචාරයේදී මෙතෙක් පැවති තරඟ සියල්ලෙන්ම නවසීලන්ත කණ්ඩායම ජය ගත් අතර මෙම අද පැවති ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ලබාගත් පළමු ජයග්‍රහණය වේ.

(මෙම සේයාරුව අන්තර්ජාලයෙන් ලබාගත් එකක් වන අතර එහි හිමිකම් මුල් අයිතිකරුවන් සතු බව කරුණාවෙන් සළකන්න )

0

අප්‍රේල් 2, 2023

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද (අප්‍රේල් 2) ඕක්ලන්ඩ්හිදී ආරම්භ වූ පළමු T20 තරගයෙන් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ බව වාර්තාවේ.

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 196ක් රැස් කර තිබුණි .

පුව ලකුණු 196ක ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායම සිය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 196ක් රැස් කිරිම නිසා කණ්ඩායම් දෙකෙහිම ලකුණු සම තත්ත්වයට පත්වීය. මේ හේතුවෙන් සුපර් ඕවරය ක්‍රීඩා කිරීමට සිදු අතර සුපර් ඕවරයෙන් තරගයේ ජය ශ්‍රිලංකාවේ කණ්ඩායමට තීරණය විය.

කණ්ඩායම් දෙකෙහිම ලකුණු සම තත්ත්වයට පත්වීම හේතුවෙන් සුපර් ඕවරය ක්‍රීඩා කිරීමට සිදු වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තීරණාත්මක පන්දු ඕවරය මහීෂ් තීක්ෂණ විසින් යැවු පන්දු තුළින් ලබාගන්නට සමත්ව තිබු බව වාර්තාවල සඳහන්වේ. එහිදී නවසීලන්ත කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 8ක් රැස් කළේ ය.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 9 පන්දු 3ක් තුළදී ලබා ගනිමින් මෙම ජය වාර්තා කිරීමට සමත් විය.

නවසීලන්ත කණ්ඩායමේ නායකයා කාසියේ වාසිය දිනාගත් අතර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පළමුව පහර දීමට ආරාධනා කළේ ය. ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 196ක් රැස් කිරීමට සමත්ව තිබුණි..
නවසීලන්ත සංචාරයේදී මෙතෙක් පැවති තරඟ සියල්ලෙන්ම නවසීලන්ත කණ්ඩායම ජය ගත් අතර මෙම අද පැවති ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ලබාගත් පළමු ජයග්‍රහණය වේ.

ප්‍රවීණ නළු අමරසිරි කලංසූරිය අභාවප්ප්‍රාප්ත වෙයි

අප ඔහු හැඳින් වුයේ “කලං” යන කෙටි නමිනි.

ඔහු සිනමාවට පිවිස ඉතා කෙටි කලෙකින්ම අප රටේ රසික කැළ ගේ සිත්තුළ රැඳෙන්නට තරම් අපුරු රංගනයක යෙදෙන්නට සමත්වූ නළුවකු විය.ඔහු අපුරු පෙරළිකාර රංගධාරියෙකු විය. ඔහු ගේ රංගනය එතෙක් පැවති අපේ සිනමාවේ සම්ප්‍රධායට එහාගිය එකක් විය. එය අප රසික කැළ ඇඳ බැඳ තබාගන්නට සමත්වූ එකක් වුයේය. සිංහල සිනමාවට ඔහු පිවිසුණේ ඔහු 1969 වසරේ “රැයක් දවාලත්” චිත්‍රපටයෙනි. ඔහු දසක 5ක් තිස්සේ අපේ සිනමාවේ හා ටෙලිනාට්‍ය වල විවිධ චරිත නිරුපනයෙන් දායකවූ ප්‍රවීණ රංග ශිල්පියෙකු විය.

සිංහල සිනමාවේ හැඩතල වෙනත් අතකට යොමු කළ ප්‍රවීණ නළුවෙකු වූ අමරසිරි කලංසූරිය අද උදැසන අප්‍රේල් 01දා අභාවප්ප්‍රාප්ත වූ බව වාර්තාවේ.මියයන විට වයස අවුරුදු 83 විය.ඔහු 1940 නුවරදී උපත ලබා තිබු අතර කළක් ඔහු ඔත්පලව සිටියේය.

ඔහුගේ පියා කලන්සුරිය පැන්සිස් අප්පුහාමි වූ අතර මව බෙන්ගමුව ආරච්චිගේ පොඩි හාමිනේ ය.කිරිබත් කුඹුර ශ්‍රී සවර්ණජෝති පාසලින්ද මහනුවර ධර්මරාජ විදුහලින්ද සිය මුලික අධ්‍යාපනය හැදෑරු ඔහු මුල් කාලය තුළ කෘෂ්කර්ම දෙපාර්තමේන්තුවේද ,පසුව යුද හමුදාවේ සේවාවේ නිරත විය.වසර 6ක සේවකාලයේ දී ඔහු ලාන්ස් කෝප්‍රල් තනතුරක් දැරුවේය.අනතුරුව ස්ථාන කිහිපයකම සේවාවේ නිරතවුවද ඉන් සෑහීමකට පත් නොවී කලං මහනුවර ටේලර් සාප්පුවක් අරඹා තමන්ගේම ව්‍යාපාරයක නිරතවුයේය.ඔහුගේ ජිවන මග සිනමා පටියකට නගන්නේ නම් මැනවයි මට සිතේ.

ඔහු දරු තිදෙනෙකුගේ පියෙකුවූ අතර ඔහුගේ බිරිඳ අජන්තා ඒකනායකයි. ඔවුනට එක පුතෙකු හා දියණියන් දෙදෙනෙකුද සිටිති.

ඔහු “හන්තානෙ කතාව”, “අක්කර පහ”, “නිම් වළල්ල” යන චිත්‍රපටවල රඟපෑ අතර “අහස් ගව්ව” චිත්‍රපටයේ රංගනයෙන් “කලං” ඉතා ජනප්‍රියත්වයට පත් විය.ඔහු අපේ සිනමාවේ පෙම්වත් චරිත සම්ප්‍රධාය වෙනත් අතකට ගෙන ගිය නිර්මාන රංගනයක යෙදුනු පෙරළිකාර නළුවෙකු විය.

“බඹරු ඇවිත්” “පොඩි මල්ලි” “අනූපමා” “අපේක්ෂා” පරිත්‍යාගය” “සිංහබාහු” “යස ඉසුරු” “පෙම් රජ දහන” සහ “වජිරා” යන චිත්‍රපට වල යෙදුනු හැම චරිතයම පාහේ ඉතා විශිෂ්ඨ ලෙස රංගනයක යෙදුණු නළුවෙකු විය.ඔහු ටෙලි නාට්‍ය රැසක්ද රංගනයෙන් දායක වූ අයෙකි.ජනතා සම්මානයට පාත්‍රවූ අයෙකි. ඉහළම ජනප්‍රියත්වයට පත් ඔහු සිනමාවේ කිසිදින අමතක නොවන චරිතයකි.

ඔහුගේ රංගන කුසළතා නිසා දීපශිකා, සරසවිය, ජනාධිපති, ස්වර්ණ සංඛ සහ සිග්නීස් සම්මාන වලින් පිදුම් ලබන්නට ඔහු සමත්වුයේය. ඔහුට 2004 වසරේ සිග්නීස් සම්මාන උළෙලේ යාවජීව ගෞරව සම්මානය පිරිනැමුණු අතර 2023 දී දෙරණ සම්මාන උළෙලේදී ද ඔහු ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන යාවජීව සම්මානයෙන් පිදුම් ලැබුවේය.

පනස් වසරක් සිනමාවේ විවිධ චරිත වලට පණදුන් ඔහු අක්කර පහ අහස්ගව්ව රංගනය සඳහා 1974 ජනාධිපති හා සරසවි සම්මානයට පාත්‍ර විය.පුංචි තිරයේ ඩී .බී , නිහාල්සිංහයන්ගේ දිමුතු මුතු හා රොඩ්නි විදානපතිරණගේගේ අධ්‍යක්ෂයෙන් නිපදවූ නිර්මාණ සඳහා ඔහු සම්මානයෙන් පිදුම් ලබා තිබුනි.

ඔහු සරසවි සිසුන් අතර මෙන්ම තරුණ පිරිස් වල හද කර්ශනීය හදවත් දිනාගත් නළුවෙකු වුයේය. ඒ නිසාම ඔහු කොළඹ සරසවිය, රුහුණු සරසවිය සහ පේරාදෙණිය සරසවිය ආදියෙන්ද විශේෂ ඇගයීම් කලං වෙනුවෙන් සිදු කර තිබුණි.2018 වසරේ ජනවාරි 14 වන දින ඔහු බොදු සිසු විරාජමානී ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවේය.

අපේ සිනමාවේ පෙම්වතුන් බොකුටු කොණ්ඩය ඇති ඉතා ජවසම්පන්න රුප කායකින් හෙබි නළුවන් යොදා ගැනීම අවසන් වුයේ “කලං”ගෙන් යයි කිවොත් නිවැරදිය.

මට ඔහු අවස්ථා ගණනාවකදී මුණගැසීමට හැකිවූ අතර 1980 මුල් සමයෙහිදී කොළඹ දිසා අධිකරණයේ පැවති නඩුවකදී ඔහු වෙනුවෙන් පෙනීසිටීමටද මට හැකිවිය. ඔහු ඉතා සරළ දිවිපෙවෙතක් ගත්කල අයෙකු විය,

දසක ගණනාවක් ඔබ කල මෙහෙය අප සදා සමරමු , කලං ඔබට සුභ ගමන්

ශාන්ත සේනාධීර -ලංකා නිවුස් යුකේ.

(මෙම සේයාරූ අන්තර් ජාලයෙන් ලබාගත් ඒවායේ හිමිකම් අයිතිකරුවන් සතු බව කරු ණාවෙන් සලකන්න )

සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි සිය දිවි සැරිය නිම කරයි

0
This image has an empty alt attribute; its file name is 338428858_552061733730880_5064455908969333580_n-1.jpg

ඒ හඬ ගැඹුරු හැඟීම් දනවන හඬ පෞරශ්වයකි ඒ හඬදසක ගණනාවක් අප රටේ දහසක් ගණනාවක්ම වූ රසික කැළ නැළ වුයේය.ඒ හඬ නැගු කෝකිලයා කාටත් නොකියාම අද උදැසන සැඟවී ගොසිනි. මේ පුවත අසන අප රටේ මෙන්ම ලොව පුරාවෙසෙන බොහෝ රැසික පිරිස් අපමණ ශෝකයට පත්වනු වනු නියතය.ඔහුගේ හඬ ගුවනේ කාලාන්තරයක් රැව් දෙනු නියතය.

ලාංකීය සංගීත කේෂ්ත්‍රයට ඉමහත් මෙහෙවරක් සිදු කළ මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි අද මාර්තු 28 අලුයම අභාවප්ප්‍රප්ත විය. ඔහු මිය යනවිට වයස අවුරුදු 81 විය.කළක් තිස්සේ අසනිඅපයෙන් ඔත්පලව සිටි ඔහු සෞන්දර්ය හා රංග කලා විශ්වවිද්‍යාලයේ කුලපතිවයා ලෙස කටයුතු කරමින් සිටියේය.

හේරත් මුදියන්සේලාගේ සනත් නන්දසිරි නම් වූ ඔහු ඉපිද තිබුණේ 1942 පෙබරවාරි 15දින ගොතටුවහිදීය
මහාචාර්ය නන්දසිරි මහතා ගොතටුව ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙකු සහ ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවෙකු වන එච්. එම්. විලියම් පෙරේරා සහ ගෘහණියක් වූ දෝන අමලින් කටුගම්පොලට දාව තුන්වන දරුවා ලෙස උපත ලැබීය. ඔහු .මුලික අධ්‍යාපනය සාමාන්‍ය පෙළ දක්වා ගොතටුව මහා විද්‍යාලයෙන් සහ දෙමටගොඩ ශාන්ත මැතිව් විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ කර ඇත. අනතුරුව ඔහු උසස් පෙළ සඳහා මහාබෝධි මහා විද්‍යාලයටත් අවසානයේ ඉංග්‍රීසි ඉගෙනීම සඳහා ස්ටැෆර්ඩ් විද්‍යාලයටත් ඇතුළත් වි තිබුණි.

පාසල් කාලය තුළ ඔහු ක්‍රීඩකයෙකු මෙන්ම එල්ලේ ක්‍රීඩකයෙකු ලෙස දස්කම් දක්වා තිබු බව වාර්තාවේ.කුඩා කල සිටම විවිධ හැකියාවන් වලින් හෙබි තරුණයෙකු විය. ඔහු හොඳ කෙටි දුර ධාවකයෙකු වූ අතර මීටර් 100 ඉසව්වෙන් කුසලාන දිනා ගෙන තිබු බව වාර්තාවල සඳහන් වේ. නන්දසිරිට වැඩිමහල් සහෝදරියක්, වැඩිමහල් සහෝදරයෙක්, බාල සොහොයුරියක් සහ නිමල් චන්ද්‍රසිරි නමැති බාල සහෝදරයෙක් වේ.

1971 දෙසැම්බර් 18 දින ගායිකා මල්කාන්ති පිරිස් සමඟ විවාහ විය.සංගීත කේෂ්ත්‍රයේ විවිධ කුසළතාවන්ගෙන් පිරිපුන් පවලකට අයත් මල්කාන්ති ඔහුට මුණගැසෙන්නේ 1967 වසරේ ‘මාර පරාජය’ නම් වූ වෙසක් නාට්‍යයක සංගීතයට සහභාගී වූ අතරතුරදීය.ඔවුන් විවාහ වීමට පෙර සහ පසුව ගීත සඳහා සහයෝගයෙන් කටයුතු කර තිබුණි. ඔවුනට දරුවන් දෙදෙනෙකු සිටි අතර 1971 දී සංජය මාධව පුතා ඉපද දින තුනකට පසු පුතා මියගිය ගොස් තිබුණි.ඔවුන්ගේ දෙවන දරුවා 1974 පෙබරවාරි 14 වන දින උපත ලැබූ නිශාමනී අනුරාධා දියණියයිඇය පියාගේ අඩිපාරේ යමින් සංගීත කේෂ්ත්‍රයේ කටයුතු කරමින් සිටී.

ඔහු මුලින්ම සිංහල ගුවන්විදුලියට පැමිණෙන්නේ 1955 දී වයස අවුරුදු 13 කුඩා අවදියෙහි දීය.ළමා පිටියෙන් ඇරඹුණු මේ කා ලය තුල මඩවල එස් රත්නායක, නන්ද ජයමාන්න, කරුණාරත්න අබේසේකර, සනත් විමලවීර යන මහත්ම මහත්මීන් සමඟ ඔහුට වැඩ කිරීමට අවස්ථාව ලැබුණි. වයස අවුරුදු 17 දී ඔහු ඩී.ආර්. පීරිස් යටතේ තබ්ලා වාදනය හැදෑරීමට පටන් ගත් අතර එහිදී ඔහු බොරැල්ල තරුණ බෞද්ධ ශාලාවේ පැවති මෙම පන්තියේ පීරිස්ගේ පළමු ශිෂ්‍යයා වශයෙන් හැදින්වූ බව කියවේ. ඔහුගේ විවිධ ගුවන්විදුලි හා එළිමහන් වැඩසටහන්වලට නන්දසිරි සම්බන්ධ කළ ඔහුට මසකට වරක් ගුවන්විදුලි ජන ගායන වැඩසටහන්වලට සහභාගි වීමට ලැබුණි. 1960 දී වයස අවුරුදු 19 දී නන්දසිරි භාත්ඛණ්ඩේ සංගීත ආයතනයේ ඩිම්ඩ් විශ්ව විද්‍යාලයේ වැඩිදුර සංගීත අධ්‍යාපනය කරගෙන යාම පිණිස ඉන්දියාවට ගියේය. ඇකඩමියේ ඔහුගේ ගුරුවරුන් වූයේ උස්තාද් අහමඩ් ජන් තිරක්වා, ජී. එන්. නට්ටු, උස්තාද් මොක්ෂුත් අලි, පණ්ඩිත් හරි ශංකර් මිස්රා සහ උස්තාද් රහීම්මුදීන් ඛාන් දාගා ය. ඉන්දියාවේ සිටියදී නන්දසිරි ලක්නව් ගුවන් විදුලියේ එන ගීත කිහිපයක් රචනා කළේයයි ද වාර්තාවල සඳහන් වේ.

1965 දී ඔහු නැවත ලංකාවට පැමිණ ගුවන් විදුලියට සම්බන්ධ වී ගායන දිවිය ආරම්භ කළේය. ඔහු රජයේ සංගීත විද්‍යාලයට තේරී පත්වූ අතර 1967 සැප්තැම්බර් 7 වන දින අම්පාර උහන මහා විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කර තිබුණි 1974 දී කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස ආචාර්ය මණ්ඩලයට එක් විය. ඔහු 1988 සිට 1992 දක්වා එම විශ්වවිද්‍යාලයේ සංගීත අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.නන්දසිරි ගායන සංගීතය පිළිබඳ “නිපුන්” විභාගයට පෙනී සිටි අතර 1992 දී “නිපුන්” විභාගයෙන් පළමු පන්තිය ලබා මෙම කාර්යය ඉටු කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් විය.

ලාංකේය සංගීතයේ ප්‍රමුඛතම ගායකයෙකු ,සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන සනත් නන්දසිරි දශක හයකට වැඩි කාලයක් පුරා දිවෙන ඔහුගේ මෙම සේවා කාලය තුළදී සංගීත නිර්මාණ සඳහා සම්මාන කිහිපයක්ම ලබා ඇත. රූපවාහිනියේ ප්‍රථම රූපවාහිනී කතාමාලාව වූ සඳමාලිගේ කතාවට සංගීතය නිර්මාණය කළේද ඔහු හාර්මෝනියම්, වයලීනය තබ්ලා වාදනයෙන් මුල් කාලයේ සිය දිවිය ඇරඹු ඔහු 1955-2023 ක්‍රියාකාරී වසර තුල ගැයූ ගී ගණන දහස් ගණනකි.කැසට් පටි හා සීඩී තැටි නිෂ්පාදකයන්වූ තරංගා ,නිල්වලා රන්සිළු ආයතන මොහුගේ ගී නිර්මාණ සිය ගණනක් 1960-70 දශකයන්හිදී එම ලේබල් යටතේ එළිදක්වා තිබුණි.

නාට්‍ය හා චිත්‍රපට පසුබිම් ගායකයෙකු වූ ඔහු සංගීත අධ්‍යක්ෂක වරයෙකු ලෙසද කටයුතු කළේය.මුල් කාලයේ දිවයිනේ ජනප්‍රියවූ ගී රැසක් වෙති. “ඇවිලුනු ගිනිදැල් නිවී නිවී යද්දී” ගීතයෙන් අපේ රසික හදවත් මන මෝහනය කල ඔහුගේ ගැඹුරු හඬ පෞරුෂයෙන් නොගැයුණු වේදිකාවක් ගුවන් නාළිකාවක් රුපවාහිනී නාළිකාවක් නැතිතරම්ය.ඔහු දිවයිනෙන් බැහැරව විදෙස් සංචාර රැසකටම සහභාගී වූ අතර ලන්ඩනයට වාර ගණනාවකට පැමිණ මෙහි වෙසෙන රසිකයන් මෝහනයට පත් කරන්නටද හැකිවූ බව අපේ මතකයේ තවමත් රැඳී පවති.

ඔහු ගැයූ ජනප්‍රිය ගී අතර දුලීකා, දු අනුරාධා ,එදා මෙදා , මා හද අසපුව,දේදුන්නේ පාට පාටින් ,එකමල් යායක ගමේ කොපි කඩේ දෙන්න දෙපැත්තේ යන ගී අප රටේ ඉතා ජනප්රියවිය, මෙවැනි කෙටි සටහනකින් ඔහුගේ ගී හා සේවාව ගැන සටහන් ලිවී ම උගහටය. ඔහු සංගීත පසුබිම් ගායනය කල චිත්‍රපටි ගණන සිය ගණනකට ආසන්නවේ.

ඔහුගේ බිරිදගේ (මල්කාන්ති) පවුලෙහි දිවයිනේ සංගීත අම්භබරයේ රැඳුණු විශාල පිරිසක්සිටිති. ඒ අතර සහෝදරියන් තිදෙනෙක්සහ සහෝදරයන් දෙදෙනෙක්වෙති. ඔවුන් නිර්මලා, නිරංජලා, සකුන්තලා කුමාර්, සහ මනෝජ්.පිරිස් ය.සංගීතවේදී අබේවර්ධන බාලසූරිය.විජේරත්න රණතුංග මෙම පවුල හා සබැඳි අනෙක් අයවෙති. මනෝජ් පීරිස් ශ්‍රී ලංකාවේ කීර්තිමත් තබ්ලා වාදකයෙක් සහ සංගීතවේදියෙකි.

හඬදසක ගණනාවක් අප රටේ දහසක් ගණනාවක්ම වූ රසික කැළ නැළ වුයේය.ඒ හඬ නැගු කෝකිලයා කාටත් නොකියාම අද උදැසන සැඟවී ගොසිනි. මේ පුවත අසන අප රටේ මෙන්ම ලොව පුරාවෙසෙන බොහෝ රැසික පිරිස් අපමණ ශෝකයට පත්වනු වනු නියතය.ඔහුගේ හඬ ගුවනේ කාලාන්තරයක් රැව් දෙනු නියතය.

හඩින් රටක් සැනසූ සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි කලාකරුවාණෙනි,
ඔබට අමා මහ නිවන් සුව !
ශාන්ත සේනාධීර – ලංකා නිවුස් යුකේ.

(මෙහි පළවන සේයාරූ අන්තර් ජාලයෙන් ලබාගත් අතර ඒවායේ අයිතිය ඒ හිමිකරුවන් සතුය.)

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට එරට අධිකරණයක් වසර දෙකක සිර දඬුවමක් නියම කරයි

0

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට එරට අධිකරණයක් වසර දෙකක සිර දඬුවමක් නියම කර ඇතැයි අද (23දා ) විදෙස් වාර්තා වල සඳහන්වේ.

මෙම දඬුවම ඔහුට පවරා ඇත්තේ ගුජරාට් ප්‍රාන්ත අධිකරණයක් විසිනි.භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන පූර්ණේෂ් මෝදි විසින් මෙම නඩුව පවරා තිබුණු අතර 2019 වර්ෂයේ පැවති මැතිවරණ රැලියකදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ වාසගම සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් කිරීම හේතුවෙන් මෙම නඩුව ඔහුට විරුද්ධව පවරා තිබුණි.

මෙම නඩුවේ තීන්දුව විනිසුරුවරයා විසින් දෙනු ලබන අවස්ථාවේදී විපක්ෂ නායක රාහුල් ගාන්ධි එම අධිකරණය හමුවේ පෙනී සිටි බවද සඳහන්වේ, දඬුවම නියම කළ ද ඔහු සිරගත කිරීමට පෙර දින 30ක ඇප ලබා ගැනීමේව සහන කාලයක් ඔහුට ලබා දී ඇත. අදාළ සිර දඬුවමට එරෙහිව ඔහුට අභියාචනයක් ද ඉදිරිපත් කිරීමට ඔහුගේ නීතිඥවරුන් විසින් කටයුතු කරන බව ඉන්දීය ඒ පිලිබඳ වාර්තා වැඩිදුරටත් සඳහන් වේ.

(මෙහි සේයාරූ අන්තර් ජාලයෙන් ලබාගත් අතර ඒවයේ හිමිකම් එහි මුල් අයිතිකරුවන් සතු බව සළකන්න )