Home Blog Page 185

සියවසක් ගතවුවත් ඔහුගේ ගැඹුරු ගී හඬ පෞරශවය තවමත් ලොවම සිසාරා යමින් සිටි.

0

ශ්‍රීලංකා ගීත ඉතිහාසයේ  ජනහද දිනු ගායක ගායිකාවන් මුල් තැනක් හිමිවන ගායකයෙකු ලෙස මොහිදීන් බෙග්  හඳුන්වා දිය හැක. ඔහු අප අතරින් වියෝවී  දසක තුනක් ගතව ඇත. ඔහු ගේ ජනප්‍රියතාවය තවමත් එලෙසම පවතින බව  පෙනී යෑමෙන්  පෙනීයන්නේ  ඔහු නොදුටු  ඔහුගේ වියෝවෙන්  පසුව ඉපදුන අප රටේ තරුණ පෙළ පවා ඒ ගීවලට හද බැඳ ඇති අයුරුය. වත්මන් රියැලිටි ගී ප්‍රසංග වලදී පවා තවමත් ඒ ගී  ගැයීමට උත්සුක වී ඇති තිබිමෙන් ඒ  කරුණ  ඉතා මැනවින් පැහැදිලිවේ.

ඔහුගෙන්  අප සංගීත  අම්භරයට   සිදුවූ සේවාව  අති මහත් එකකි.ඔහුගේ වියෝට පෙර ඔහු බ්‍රිතාන්‍යයේ  සංගීත සංචාරයකට පැමිණීමට සැලසුම් කර තිබුනද  ඔහුගේ හදිසි අභාවය නිසා මේ කටයුත්ත නිමාවට පත්වූයේය. ඔහුගේ ජන්ම  ශත සංවත්සරය  වෙනුවෙන් කිසිදු උත්සවයක්  ශ්‍රී ලංකාවේද  පැවත්වුයේ නැත. මේ   නිසාම අප මෙහි වෙසෙන රසිකයන් වෙනුවන් මාර්තු  4 දා බ්‍රිතාන්‍යයේ   සංසදය සංවිධානය  ඔහු ගේ සියවෙනි  ජන්ම ශත සංවත්සරය සැමරීමට  ඔහුගේ පුතනුවන්  වන වත්මන් ගායක පරපුරේ ඉෂාක්  බෙග් මෙහි කැඳවා තිබුණේ ඔහුට කරනු ලබන ගෞරවයක් වශයෙනි.

පසුගිය දා ලන්ඩනයේ හැරෝ හිදී ඔහු වෙනුවෙන්  බ්‍රිතාන්‍යයේ   සංසදය සංවිධානය කරතිබූ සංගීත  උපහාර උලෙළ  ලන්ඩන්හි මහ කොමසාරිස්වරිය වූ සරෝජා සිරිසේනගේ  ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබුණි. මේ උලෙළ  සඳහා මෙහි වෙසෙන  සංගීත කණ්ඩායමක් සංගීතය සැපයීමට යොදාගෙන තිබු අතර ලන්ඩනයේ වෙසෙන ගායක ගායිකාවන් අත්වැල් ගායන සඳහා යොදාගෙන තිබීම මෙම උලෙළේ  පැවතී විශේෂත්වයක්  විය. මෙහිදී මහ කොමසාරිස් වරිය විසින්   බ්‍රිතාන්‍ය සංසදය විසින්  මොහිදීන් බෙග් විසින් අප රටේ සංගීත ලෝලීන් වෙනුවෙන් කල සේවා වෙනුවෙන් සමරු පලකයක්  සිය පුත් ඉෂාක් බෙග් වෙත පිරි නැමීමද  මෙහිදී සිදු කරන ලදී මෙහිදී ඔහුගේ සේවාව පිළිබද කෙටි දේශනයක්ද  මහ කොමසාරිස් තුමිය විසින්   සිදු කරනු  ලැබූවා ය.

  කවුද මේ මොහිදීන් බෙග් ? ඔහු ඇත්තෙන්ම   කවුරුන්ද  යන්න මෙහි වෙසෙන දෙවන තුන්වන පර පුරේ බොහෝ  දෙනෙකු ක් තවමත් හරි හැටි නොදනී.මේ සටහන් ඒ අ ය වෙනුවෙන්  ලියා තබන්නෙමු.

1918 දෙසැම්බර් 5 වන දින දකුණු ඉන්දියාවේ සාලෙම්හි පවුලේ තුන්වැන්නා ලෙස උපත ලැබූ  බෙග්, පතන් නම් ඉන්දියානු ගෝත්‍රයකට අයත් කෙනෙකු විය. බෙග් පැවත එන්නේ සියවස් ගණනක් පැරණි ඉතිහාසයක් ඇති ඉස්ලාම් හිතවාදී පරම්පරාවකිනි.ඔහුගේ පියා කරීම් බෙග්, සේලම් හි පොලිස් නිලධාරියෙකු ලෙස සේවය කළේය. බිජාන් බී ඔහුගේ මව විය. ඔහු සාලෙම්හි පාසලක අධ්‍යාපනය ලැබූ අතර උර්දු සහ කවාලි ගීත ගායනා කිරීමට විශේෂ දක්ෂතා ඇති සේලම් හි සංගීත ගුරුවරුන් කිහිප දෙනෙකුගෙන් සංගීතය පිළිබඳ ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරීය .

කරීම් සහ බිජාන් දරුවන් දාහතර දෙනෙකුගේ දෙමාපියන් වූ අතර ඔවුන්ගෙන් තිදෙනෙක් ළදරු වියේදීම මිය ගියහ. බෙග්  ලංකාවට පැමිණියේ 1931 දීය. මේ කාලයේදී බෙග්ගේ  සීයා හලාල්ඩීන් ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ සේවය කළ අතර මොහිදීන්ගේ වැඩිමහල් සොහොයුරා වන අසීස් වරාය පොලිසියේ සේවය කළේය. 1931 දී බෝට්ටු අනතුරකින් ඔහුගේ සොහොයුරා වූ අසීස්ගේ අකල් මරණය හේතුවෙන් පසුව ඔහු ශ්‍රී ලංකාවට (එවකට ලංකාව ලෙස) නැවත පැමිණියේය.වයස අවුරුදු 18 දී බේග් ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුණි.

බෙග් ශ්‍රී ලංකාවට පැමිණීමත් සමඟම ඔහුට තවත් ඉන්දියානුවකු වන ගවුස් මාස්ටර් හමුවි තිබුණි මේ හමුවෙන් ඔහුගේ  ජිවිතයේ  නව පිටුවක් පෙරලුනේය. ඔහු සිංහල ගීත ගායනයට නැඹුරු වූයේ මේ කාලයේදීයමුල් කාලයේ ඔහු ගැයූ ගී  හින්දි ගී තනු අනුව නිම වූ ගීත විය. ඒ සඳහා ඔහුට යූ.ඩී. පෙරේරා උදව් කළේය.   

1932 දී බෙග්ට ග්‍රැමපෝන් තැටියට ගී ගයන්නට අවස්ථාව උදාවිය. ඒ කොලොම්බියා ලේබලය යටතේ ආ ‘‘කරුණා මූදේ නාමු ගිලීලා’’ ගීතයයි. යුග ගායනය කේ.කේ. රාජ ලක්ෂ්මිය. ඔහු රේඩියෝ සිලෝන්හි (වර්තමාන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව) ඒ ශ්‍රේණියේ ගායකයකු ලෙස ශේණි ගතවීමට හැකිවිය.

1947 දී බෙග් ශාන්ති කුමාර් සෙනෙවිරත්නගේ “අශෝකමාලා” චිත්‍රපටයෙන් තම ප්‍රථම චිත්‍රපට ගීතය මෙන්ම ප්‍රථම චිත්‍රපට රඟපෑම ද ඉදිරිපත් කළේය. ‘‘අශෝකමාලා’’ දෙවැනි සිංහල චිත්‍රපටයයි. එය ‘‘ප්‍රීති ප්‍රීති’’ නම් ගීතය විය. ඔහු සකීනා සමඟ විවාහ වූයේද 1947 දී ම සිදු විය.සිංහල නොදත් ඔහු උර්දු බසින් ලියා ගෙන  ගී ගැයීම  සිදු කර තිබුණි. ඔහු උර්දු ,හින්දි දෙමළ  ඉංග්‍රීසි  භාෂාව කතා කිරීමට හැකි  අයෙකු විය.ඔහුගේ ගැඹුරු හඬ කෙටි කලකින්ම  අප සංගීත ලෝලීන් මන මෝහනයට පත් කිරීමට හැකිවිය.බොදු බැති ගී මෙන්ම  දේශාභිමානී ගී  ගැයීම  නිසා  ජනප්‍රියත්වයේ මුදුන් තලයටම ඔහු ගෙනයාමට සමත්විය,

ඉන්පසුව ඔහුගේ ගී හඬ චිත්‍රපට 450 කින් පමණ ඇසී ජනප්‍රිය වන්නට විය. ඔහු පිලිබඳ හා ඔහුගේ  ජනප්‍රිය ගී හා චිත්‍රපට ගීත ලියන්නට මෙවැනි කෙටි සටහනකින් කීම උගහටය.ඔහු ගැයූ ගී 8000-9000 බව සඳහන්වේ,   

මුල් අවදියෙහි  සිංහල සිනමාවේ මුල් පෙළේ  පසුබිම ගායකයෙකු වුයේ ඔහුය.මේ ගී පටි ගත කෙරුනේ ඉන්දියාවේදීය, 

ඔහුට මුල් යුගයේ රුක්මණී දේවිය සමඟ ග්‍රැමපෝන් තැටිවලට ගී ගැයීමට නොහැකි වූයේ දෙදෙනාම වෙළෙඳ නාම දෙකක් යටතේ ගී ගැයීමට එකඟතාවය පළ කිරීමට සිදුවීම නිසාය. එහෙත් ඔහු රුක්මණී සමඟ ජනප්‍රිය ගීත ගණනාවක්ම ගායනා කෙළේය.   

ඔහු බෞද්ධ භක්ති සංගීතය ගායනා කළ අතර බුද්ධම් සරණම් ගච්චාමි , මායාමායා  ගිරි හෙල් මුදුනේ, ආදර නදිය ගලා, පෙම් මල් මාල, වැල්ල සිඹින රැල්ල, අන්නා සුදෝ, තනිවයි උපන්නේ, සහ ලෝකයේ සිහිනයක් වගෙයි වැනි ගීත වලින් ප්‍රසිද්ධියට පත් විය. මෙම ජනප්‍රියත්වය රටේ ප්‍රථම නිදහස් දින උත්සවය වැනි කීර්තිමත් උත්සව වල පෙනී සිටීමට හේතු වියඔහුගේ බෞද්ධ ගීතය සුවදේ මට සිතල සුලඟ පවා ගී අප රසික කල අදපවා අමන්නදන්යට් පත් කල ගීතයන් වෙති.

බේග් 1947 දී විවාහ වූයේ ඔහුගේම ඥාති සොහොයුරියක් වන සකිනා බේග් සමඟ ය. ඔවුන්ට දරුවන් 8 දෙනෙක් සිටි අතර, ඔවුන්ට පුතුන් 5 දෙනෙක් – උස්මාන්, හයිඩර්, මුබාරක්, ඉෂාක් සහ ඉලියාස්; සහ ගැහැණු ළමුන් 3 – රබියා, සලිමා සහ මොයිනා.ය.

1947 දී, බෙග්,ශාන්ති කුමාර් සෙනෙවිරත්නගේ අශෝකමාලා චිත්‍රපටයෙන් ගායනයට සහ රංගනයට පිවිසි අතර ජනප්‍රිය ගීතය ප්‍රීති ප්‍රීති ගායනා කළේය. ප්‍රකට නළුවෙකු සහ ගීත රචකයෙකු වන හර්බට් එම් සෙනෙවිරත්න විසින් උමතු විශ්වාසය චිත්‍රපටිය සඳහා පසුබිම් ගායනය සඳහා ඔහුට අවස්ථාව ලබා දෙන ලදී. එම චිත්‍රපටයේ ඔහු සුදාට සුදේ යුගල ගීතය රුක්මණී සමඟ නිර්මාණය කළේය. කෙසේ වෙතත්, ඔහුට රුක්මණී සමඟ ග්‍රැමෆෝන් තැටිවල ගායනා කිරීමට අවස්ථාවක් ලැබුණේ නැත, ඔවුන් දෙදෙනාම තරඟකාරී තැටි සමාගම් දෙකකට අයත් වේ – පිළිවෙලින් කොලොම්බියාව සහ එච්එම්වී.  තැටි වලටද  ගී ගැයීමේ අවස්ථාව ඔහුට මිවිය. පසුව ඔහු අයිරාංගනී, මාතබේධය, පෙරකදෝරු බෑනා සහ දෛවයෝගය යන චිත්‍රපට සඳහා ගීතිකා සහ නිළි රුක්මණී දේවි සමඟ වාදනය කරන ලද යුගල කිහිපයක් නිර්මාණය කළේය.

බෙග්  1987 දී පාකිස්තාන ජනාධිපති මුහම්මද් සියා-උල්-හක්ගේ අනුග්‍රහය යටතේ මක්කමටද ගියේය. පාකිස්ථානයේ ස්ථිර පදිංචියට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා ඔහුට ආරාධනා කළ බව සඳහන් වාර්තාවල සඳහන් වේ. “අල්හාජ්” යන නම ලැබුණේ ඔහු මක්කම වෙත ගිය ගමනෙන් පසුවය.

1956 දී බෙග් බුද්ධ ජයන්ති උත්සවය වෙනුවෙන් ‘‘බුද්ධ ජයන්ති බැබලේවා’’ ගීතය ගායනා කෙළේය.   

අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්ව.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් එම වසරේදීම ගෞරවනීය ශ්‍රී ලංකා පුරවැසියකු ලෙස මොහිදීන් බෙග්ට ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබා දෙන ලදී. 

ඔහුට  1991 නොවැම්බර් 13 සහ 14 යන දිනවල එංගලන්තයේදී ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතව තිබුණි. ඊට පෙර ඔහුගේ අක්ෂි ආබාධය සුවකර ගැනීමට ඔහු සිතු අතර 1991 නොවැම්බර් 3 වැනි දින ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කමක් සඳහා  බෙග්, කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලදී. පසුදින, ශල්‍යකර්මයේදී අනපේක්ෂිත ආසාදනයකින් බේග් මිය ගියේය. ඔහුගේ මරණයට හේතුව රුධිර පීඩනය සහ නිර්වින්දනය අතර නොගැලපීම නිසා ඇති වූ සංකූලතාවයක් බව වෛද්‍ය වාර්තාවල සඳහන් විය.ඉස්ලාමීය සම්ප්‍රදායන් අනුගමනය කරමින්, ඔහුගේ අවමංගල්‍යය දිනක් ඇතුළත සංවිධානය කර කුප්පියාවත්ත මුස්ලිම් සුසාන භූමියේ තැන්පත් කරන ලදී.

.

ඔහුගේ පුතුන් දෙදෙනා වන ඉෂාක් සහ ඉල්යාස් පියාගේ උරුමය ඉදිරියට ගෙන යන දිවයිනේ මෙන්ම  විදෙස් වල වෙසෙන සිය පියාගේ රසික කැ ළ  සංගීතයෙන් මන මෝහනයට පත් කරන්නට පට ගෙන ඇත.ගිත ප්‍රසංගවල  සිය පියාගේ ගී ගයමින්  ඔවුන් කරන මේ මෙහෙය ඉතා පැසසුම් කරුණකි. ඔහුගේ අභාවයෙන් හිස්වූ හිඩැස පිර වීමට  මේ දෙපල  ලොව පුරා වෙසෙන කරනු ලබන සේවාවේ  මනරම් උත්සාහය ඉෂාක් ගේ ගී වලට සවන් දීමන්  මෙරට වෙසෙන  රසික කල එදා මන් මෝහනයට පත්වුබව  නිසැකය.බෙග් මාස්ටර් නමින් සංගීත සාදවල  ප්‍රසංග  වේදීකාවේ  ගී ගැයූ ඒ ගැඹුරු හඬ පෞර්ශවය  ජෝතිපාල, මිල්ටන් ,එම්.එස් ,මල්ලවාරච්චි යන  ගීත කෝකිලයන් සමග වියකි ගොසිණි . එහෙත් ඔවුන් ගේ ඒ ගී හඬ තවමත් අප හදවත්  තුල සැරි සරමින් සිටි.

ශාන්ත -ලංකා නිවුස් යුකේ.

Registration number plates for first Sri Lankan made electric vehicles

0

SUNDAY OBSERVER LK NEWS

05/03/23

The Department of Motor Traffic on Friday issued official registration number plates to the first Sri Lankan-made electric car and electric three-wheeler. Transport, Highways and Mass Media Minister Dr. Bandula Gunawardena and Plantation Industry Minister Dr. Ramesh Pathirana were present.

Here the electric vehicle manufacturer Vega Innovations’ Chief Executive Officer, Dr. Harsha Subasinghe receives the registration number plates for the vehicle. Motor Traffic Commissioner General Nishantha Anuruddha looks on.

අමෙරිකාවේ මීළඟ ජනපති ඉන්දියානුවෙක් ද?


2024 එක්සත් ජනපද ජනාධිපතිවරණ සටනට පිවිසීමට මේ වන විට සැලසුම් කර ඇති රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයින් තිදෙනාගෙන් දෙදෙනෙකු ඉන්දීය සම්භවයක් ඇති අමෙරිකානුවන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නිකී හේලි සහ විවේක් රාමස්වාමි එම අපේක්ෂකයින් දෙදෙනා වෙති.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නිකී හේලිගේ නම දේශපාලන වේදිකාවේ ප්‍රසිද්ධ වුව ද ජනාධිපති ධූර අපේක්ෂක විවේක් රාමස්වාමිගේ නම එතරම් ප්‍රසිද්ධ නොවන බව ය.

කෝටිපති ව්‍යවසායකයෙකු සහ Woke, Inc. පොතේ කතුවරයා වන රාමස්වාමි මහතා පෙබරවාරි 21 වන දින Fox News වැඩසටහනකට සහභාගි වූ අවස්ථාවේ සහ සිය දේශපාලන මතවාද ඉදිරිපත් කරන වීඩියෝවකින් තමන් ජනාධිපතිවරණයට තරග කරන බව ප්‍රකාශයට පත් කර ඇත.

ඔහුට අවශ්‍ය වන්නේ, “විශිෂ්ටත්වය හඹා යාම” මත පදනම්ව “නව අමෙරිකානු සිහිනයක් නිර්මාණය කිරීම සඳහා සංස්කෘතික ව්‍යාපාරයක්” දියත් කිරීමට වන අතර
ඔහු පවසන්නේ ඒකාබද්ධ හා ක්‍රියාකාරී සමාජයක් නිර්මාණය කිරීමට විවිධත්වය පමණක් ප්‍රමාණවත් නොවන බව ය.

එක්සත් ජනපදයේ ඔහායෝ ප්‍රාන්තයේ උපත ලද 37 හැවිරිදි විවේක් රාමස්වාමි හාවඩ් සහ යේල් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබා තිබේ.

ඔහු ජෛව තාක්‍ෂණ ව්‍යවසායකයෙකු ලෙස මිලියන ගණනක් උපයා ඇති අතර පසුව වත්කම් කළමනාකරණ සමාගමක් ආරම්භ කර ඇත.

ජාතිවාදය සහ දේශගුණය කෙරෙහි ව්‍යාපාරික ලෝකයේ හැසිරීම් සහ ආකල්ප ගැන ඔහු දක්වන පිළිකුළ සම්බන්ධයෙන් හඬ නගා ඇත්තේ, එය ව්‍යාපාරවලට සහ රටට හානියක් වන බව පවසමිනි.

සමාගමක සමාජයීය සහ පාරිසරික බලපෑම මනිනු ලබන පරිසරය, සමාජ සහ ආයතනික පාලන මුලපිරීම්වලට ඔහු විශේෂයෙන් විරුද්ධ වී තිබේ.

රාමස්වාමි මහතාගේ අදහස් 2022 මධ්‍ය වාරයේදී නිව් හැම්ප්ෂයර් වෙතින් එක්සත් ජනපද සෙනෙට් සභාවට තරග කළ රිපබ්ලිකන් පක්ෂ සාමාජික වික්‍රම් මන්ෂාරමනී වැනි අයගේ අදහස් හා ගැළපෙන බව විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත.

මේ වන විට ලොව ප්‍රබල රටවල් ගණනාවක ඉහළ පෙළ තනතුරු හොබවන අය අතර ඉන්දියානු සම්භවයක් ඇති පිරිස්වල නැගී ඒමක් දක්නට ලැබෙන තිබෙන අතර ඒ අතරින් අමෙරිකානු උපජනාධිපති කමලා හැරිස් සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක් කැපී පෙනෙන බව විචාරකයෝ පෙන්වා දෙති.

By Tharaka Samman –
MAWBIMA LK NEWS
මාර්තු 2, 2023 ප.ව. 3:250

Sri Lanka Tourist Arrivals February 2023 – Data1977-2022 Historical

0

The number of foreign tourist arrivals in Sri Lanka rose 24.5 percent year-on-year to 102,545 in January 2023, amid peak travel season and resumed cruise tourism. Moreover, the sector was supported by increased connectivity to other countries as border restrictions eased further across various source markets. Europe accounted for the largest share of tourist visits (66.1 percent), followed by Asia and the Pacific Region (25.3 percent), the USA (6.4 percent), the Middle East (1.5 percent), and Africa (0.4 percent). On a monthly basis, tourist arrivals grew 11.5 percent. 

source: Ceylon Tourist Board

ලංකාවට එන සංචාරකයින් ගණන මුල් දෙමස තුළ දෙලක්ෂ ඉක්මවයි

0


Photograph from Sri Lanka travel pages FB

මේ වසරේ ජනවාරි ,පෙබරවාරි දෙමස තුළ මෙරටට විදේශ සංචාරකයින් ලක්‍ෂයකට අධික පිරිසක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය  විසින් ප්‍රකාශයට පත් කරනලද වාර්තාවක සඳහන්වේ.ජනවාරියේදී 102545 ක්ද,පෙබරවාරියේදී 107639 ක් ද දිවයිනට පැමිණ තිබේ.

දිවයිනට වැඩි පුරම  සංචාරකයින් පැමිණ ඇත්තේ රුසියාවෙනි. එම වාර්තා අනුව  පසුගිය මාසයේ  රුසියානුවන් 54,338ක්ද, ඉන්දියාවෙන් 27,243ක්ද .එක්සත් රාජධානියෙන් 17,058 ක්ද,ජර්මනියෙන් 16,147 ද. ප්‍රංශයෙන් 10,958, හා ඕස්ට්‍රේලියාවෙන් 6781  පැමිණ  ඇතැයි සඳහන්වේ.දිනකට කටුනායක ගුවන්  තොටුපළට  සංචාරකයින් 4000 පමණ මේ දෙමස තුළ  පැමිණ ඇතැයි එම වාර්තාවල  සඳහන් වේ.මිට අමතරව කැනඩාව, ඇමෙරිකාව ,මාලදිවයින  බංගලා දේශය සහ ඊශ්‍රායලය යන රටවලින්ද සංචාරකයන් වැඩි සංඛ්‍යාවකත් පැමිණ ඇති බවත් එම අධිකාරිය වැඩි දුරටත් වැඩිදුරටත් සදහන් කරයි. 

මෙම සතියේ දී  චීනයේ  සංචාරක 400 අධික  පිරිසක්ද දිවයිනට  ළඟාවූ   අතර  කොවිඩ් 19 වසංගතයෙන් අනතුරුව  දෙවසරකට  අධික  කාලයකට  පසුව මෙරටට චීනයෙන් කටුනායක ගුවන්  තොටුපළට ශ්‍රී ලංකා  ගුවන් යානයකින් පැමිණ තිබුණි.මෙම උත්සවයට සංචාරක හරින් ප්‍රනාන්දු ඇමතිවරයා  ද සහභාගී විය. ඔහු සඳහන් කර  ඇත්තේ චීනයෙන් ඉදිරි මාසකිහිපයතුළ  සංචාරකයින්  විශාල පිරිසක් ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවයි.2022 වසරේ සැප්තැම්බර් මසදී රුපියල් මිලියන 54ක්ද, ඔක්තොබර්හිදී මිලියන 76 ක්ද, නොවැම්බර් හිදී මිලියන 81ක්ද, දෙසැම්බර් හිදී මිලියන 127  ආදායමක් උපයාගෙන තිබු බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි. 

ඇමතිවරයා  සියලුම දේශපාලන පක්ෂවලින් මෙහිදී ඉල්ලා සිටියේ   මෙම සංචාරකයනට ඔවුන්ගේ විවේකය  සුව පහසුව 

 බාධා නොවන පරිදි ජනරැලි අරගල පවත්වන්නයි ඉල්ලීමක්ද සිදුකළේය.තමාගේ අරමුණ මේ ගණන  ලක්ෂ 5 දක්වා ඉහලට නවා ලීම බවත් ඒ මුදල අප රට ණයට  ගන්නා මුදල හා සමාන බවත් සදහන් කර තිබුණි.

ශාන්ත -ලංකා නිවුස් යුකේ.

දේශපාලනය තේරුම් ගනිමු – දැන් රැල්ල ඇත්තේ ජාතික ජන බලවේගයටය…

0
Search in sidebar query

Dr.Lakmal Kulasekara28/02/23 – 4 hrs ago

දේශපාලනය තේරුම් ගනිමුදැන් රැල්ල ඇත්තේ ජාතික ජන බලවේගයටය

සාම්ප්‍රදායික දේශපාලනයේ අවසාන පුරුක වූයේ මහින්ද රාජපක්ෂ යැයි සිතමි…යුද්ධය අවසාන කිරීම, යටිතල පහසුකම් දියුණු කිරීම ආදී රටට සාධනීය සෑහෙන දේ කළද පවුල කේන්ද්‍ර කරගත් දූෂිත, අනීතික දේශපාලන ප්‍රවේශය “වෙනස් වන්නට කැමති” සෑහෙන පිරිසකට සාම්ප්‍රදායික දේශපාලනය තිත්ත කර දැමුවේද මහින්ද රාජපක්ෂමය…

ඔහුගෙන් පස්සේ ආ මේ “වෙනස්” රැල්ලේ මුල් වාසිය ගත්තේ මෛත්‍රීය. වසර ගණනාවක් දේශපාලනය කරත් සාපේක්ෂව හොඳ එකෙක් යැයි සිතා මිනිස්සු ඔහුට ජන්දය දුන්හ. ඔහුට දෙවනි පාර ඉල්ලන්නටවත් බැරි විය.

ඊලඟ “වෙනස්” රැල්ල කැරකුණේ ගෝඨාභයටය. රාජපක්ෂ පවුලේම වුනත් වෙනස් එකෙක් වේ යැයි සිතා මිනිස්සු ජන්ද ය දුන්හ. ඔහුට වසර පහවත් රට පාලනය කරගන්නට බැරි විය.
දැන් ඒ “වෙනස” ජාතික ජන බලවේගය දෙසට හැරෙමින් පවතියි. ගෝඨාභයට ජන්දය දුන් “බයියන්” ලෙස හංවඩු ගැසුණු සෑහෙන පිරිසක් දැන් හැමදාම ජවිපෙයට ජන්දය දුන් රතු සහෝදරයන් සමග උද්යෝගයෙන් එකතුව සිටිනු දැකිය හැකිය…
දශක ගණනාවක් බල දේශපාලනයේ නියැලෙන අනුර කුමාර ප්‍රමුඛ ජවිපෙ කාඩරය මේ භූමියේ වාසිය තේරුම් ඇරගෙන සිටිනවාට සැක නැත.

මේ වෙලාවේ පැවැත්වෙන පළාත් පාලන ජන්දයකින් රටේ තිබෙන කේන්ද්‍රීය ප්‍රශ්නය වන ආර්ථික ප්‍රශ්නයට වෙන සුගතියක් නැතත් පළාත් පාලන ආයතන තුල බලය තහවුරු කරගැනීම එලඹෙන පාර්ලිමේන්තු මැතිවරණයකදීද ජනාධිපතිවරණයකදීද වැදගත්ය. ඕනෑම දේශපාලන පක්ෂයක් සිතන්නේ එහෙමය. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ සිටින පක්ෂයක් බලය තහවුරු කරගැනීම සඳහා ක්‍රියාමාර්ග තේරීමේ ගැටලුවක් නැත.

අරගලයට එකතු වුනද මේ උද්⁣ඝෝෂණ සමග එකතු නොවන්නේ මන්දැයි සමහරු අසති.

අප අරගලයට එකතු වූයේම සමස්තයක් හැටියට සමාජය වැටී තිබූ ආර්ථික අර්බුදයට, මාසගණනක් ගෑස් නැතිකමට, කිලෝමීටර ගණන් දුර පෙට්‍රල් පෝලිම්වලට, රටම එකතැනක හිරවීමට එරෙහිවය. ඒවා විසඳීමට සමත්කමක් රටේ නායකත්වය පෙන්නුම් නොකරන තත්ත්වයක් තුළ රටේ බහුතර සාමාන්‍ය මිනිස්සු එළියට බැස්සහ. එහි දේශපාලනයක් තිබුණද දේශපාලනික නායකත්වයක් තිබුණේ නැත. ඒ අරගලයේ ප්‍රතිපල ලෙස “ජීවිත බිලිනොගෙන” ගෝඨාභය ගෙදර ගියේය. රට පාලනය කළ විදිහ ගැන කිසිම පැහැදීමක් නැතද ගෙදර ගිය ගෝඨාභය ගැන මට ගරුත්වයක් ඇත.

දැං ඉන්නේ අරගලය නිසාම බලයට පත් වූ ජනාධිපති රනිල්ය. මා කිසිදවසක රනිල්ටවත් යූඇන්පියටවත් ජන්දය දී නැත. 2015 දී පොදු අපේක්ෂකයාට දුන්නේද මෛත්‍රී නිසාය. හැබැයි, අපට අවශ්‍ය තරම් වේගයෙන් නැතද තිබුණාට වඩා යම් ආර්ථික ස්ථාවරත්වයක් රටට තිබෙයි. IMF ණය ලැබු⁣ණොත් තත්ත්වය යහපත් වනු ඇත. රනිල්ද මේ බව දනියි. තමන්ට වාසි සහගත ලෙස පිටිය සැකසෙන තෙක් රනිල්ට ජන්දය තියන්නට වුවමනා නැත. ඔහු පෙලපාලිවලට පහර දෙන්නට සූදානමින් සිටියි. මේ ප්‍රවේශය ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට පටහැණිය. රනිල් පහර දීමට සූදානම් බව දැනදැනම අනුර කුමාර පෙලපාලියේ එයි.

අනුරකුමාර වාගේම රනිල් කරන්නේද දේශපාලනය ය. එච්චරය.
ඒ නිිසා ඔය දේශපාලනය සමග එකතු වෙනවාද නැතිද යන්න තමතමන්ගේ පුද්ගලික තීරණයකි. මගේ පුද්ගලික මතය රටට හුස්මක් ගන්නට ඉඩ දිය යුතු බවය. සංචාරක කර්මාන්තය යාන්තමින් හිසඔසවාගෙන එන වෙලාවේ රටේ සාමකාමී පරිසරයක් තියෙන්නට ඕනෑය. පුලුවන් නම් සියලු දෙනා එකතු වී රටට ඇත්තට වැදගත් ආර්ථික ප්‍රතිසංස්කරණ ටික කරගතහොත් වටින්නේය.

රාජ්‍ය මුදල් ගිලින බහිරව ආයතන ටික ප්‍රතිව්‍යුහගතකරණය කරගතහොත් වටින්නේය. ඒත් මේ කාලකණ්ණි දේශපාලනයෙන් එහෙම බලාපොරොත්තු වී පලක් නැති බවද ඇත්තය…

රට හැදෙන්නට ඔිනෑ අප කැමති දේශපාලනයෙන් පමණක් යැයි කියන පටු සිතිවිල්ල අපට නැත…

මා දන්නා රටේ බොහෝ මිනිස්සු ද එහෙමය…

ඇඟ පුරා දේශපාලන මොලය තියෙනවා යැයි සිතා සිටින අය වාගේම දේශපාලනය යනු පරවේණි උරුමයක් යැයි සිතා සිටින කවුරු වුනත් බලයට එන්නේ ඒ මිනිස්සුන්ගේ ජන්දයෙනි


ලක්මාල් කුලසේකර

Northern Ireland: King meets EU chief as NI Brexit deal done

0

BBC NEWS – 27/02/23

IMAGE SOURCE,PA MEDIA
By Sean Coughlan
Royal correspondent

King Charles has met European Commission President Ursula von der Leyen for tea at Windsor Castle following the unveiling of a new Northern Ireland Brexit deal.
Buckingham Palace said the meeting had been arranged on the advice of the government.
The pair were pictured shaking hands shortly after the EU head held a joint press conference with Rishi Sunak.
But there were warnings against drawing the monarch into a political dispute.
Live: Sunak and EU chief hail ‘decisive breakthrough’ with NI Brexit deal
Conservative MP Jacob Rees-Mogg, a Brexiteer and former cabinet minister, said it was “constitutionally unwise to involve the King in a matter of immediate political controversy”.
Sammy Wilson, chief whip of the Democratic Unionist Party, said the meeting would risk “dragging the King into a hugely controversial political issue”.
But the prime minister’s official spokesman likened the meeting with Ms von der Leyen to the King’s other recent meetings with visiting international dignitaries such as Polish President Andrzej Duda or Ukrainian President Volodymyr Zelensky.
“We don’t get into what discussions we have or not had with the palace. But it is standard that the government provides advice to the palace on things like visits and meetings,” said the Number 10 spokesman.
However, the No 10 spokesman said the prime minister “firmly believes it’s for the King to make those decisions”.
A Buckingham Palace source also indicated that the meeting, held in one of the castle’s ornate drawing rooms after the deal was announced, followed government advice.
“The King is pleased to meet any world leader if they are visiting Britain and it is the government’s advice that he should do so,” said a palace spokesman.
Photographs captured the smiles and handshakes of the meeting in the White Drawing Room.

Von der Leyen and SunakIMAGE SOURCE,AARON CHOWN
Image caption,Ursula von der Leyen with PM Rishi Sunak in Windsor on Monday
The EU sought to distance the Windsor meeting from political negotiations, saying the meeting between the King and the European Commission president was “separate” and “not part” of the talks over the Northern Ireland protocol.
Buckingham Palace sources emphasised that this was a regular meeting between the King and a visiting international leader and would build on other previous meetings between the King and Ms von der Leyen.
The King, as head of state, hosts a steady stream of visiting international figures and overseas representatives.
The Windsor Castle meeting, with tea, smiles, handshakes and photographs, was described in terms of a wider agenda by both the palace and the EU chief.
Ms von der Leyen said it had been an honour and a pleasure to meet the King.
“We discussed the joint challenges the EU and UK face as historic partners and our joint duties: Unwavering support for Ukraine and fighting global climate change,” she said on Twitter.

ඡන්දය ඉල්ලා කොළඹ ආ නිමල් මියයයි

0

ජාතික ජන බලවේගය ඊයේ (26) කොළඹ දී පැවැත් වූ විරෝධතාවේ දී තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ ජාතික ජන බලවේගයේ නිවිතිගල පළාත් පාලන මැතිවරණ අපේක්ෂක නිමල් අමරසිරි අද 27දා පෙරවරු 11.00 ට පමණ මියගොස් තිබු බව වාර්තාවේ,.

ඔහුව ඊයේ (26) කොළඹ දී පැවැත් වූ විරෝධතාවේ දී තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණි.මිය යන විට දී ඔහුගේ වයස අවුරුදු 61ක්.ඔහු කලක් ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ කළමනා කරුවකු ලෙස ලෙස සේවය කර තුබූ අතර මැතිවරණය සඳහා සේවයෙන් ඉවත්ව තිබු බව ද සඳහන් වේ.

මෙම විරෝධතාවේ දී ඔහු ඇතුළු 28 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.

එම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා.සඳහන් කර තිබුණේ
“තුවාල ලැබූ අය 28 දෙනෙකු පමණ රෝහල්ගත කිරීමට සිදුවූ බවත් , සනිපවී කිහිපදෙනෙක් ටිකට් කපාගෙන ඉන් පිටත්ව තිබුණ බවත් . තවත් කිහිපදෙනෙක් තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බවත්ය.ඉන් දෙන්නෙකුට කිසියම් අසාධ්‍ය තත්ත්වයක් මතුව තිබු බව අපට වාර්තාවුණා අපිට ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ගේ ජීවිතය නැතිවුණා කියලා දැනගන්නට ලැබූ බවය.විශේෂයෙන්ම නිමල් අමරසිරි කියලා රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රදේශයේ අපේ නිවිතිගල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙක් ලෙස කටයුතු කරන සහෝදරයෙක්. මින් මිය ගොස් ඇති බවත් පවසා තිබුණි .

Lanka News UK

Sri Lankan woman among victims of earthquake in Turkey

0

The body of a 64-year-old Sri Lankan female, who was living in Turkey and reported missing after last week’s earthquake, has been identified by her daughter, the Sri Lankan Embassy in Turkey said.

The deceased woman who is from Galagedara in Kandy District had left for Turkey around 20 years ago, according to the Sri Lankan Embassy in Turkey.

Ambassador Hasanthi Urugodawatte Dissanayake said: “The Sri Lankan lady who was missing in the Kahramanmaraş area has now been found to be dead. In fact for three days her daughter was also in the area and the embassy was coordinating with the Sri Lankan pastor who had saved his life in the Kahramanmaraş area. And we coordinated with them and AFAD so that they can go to the location that the building was and to start the debris removal process.”

“The earlier debris removal did not happen on certain places where they thought survivors could not be found.” But then with utmost effort, the body was found this morning under the debris and her daughter identified the remains, she said.

The Ambassador expressed her deepest condolences to the daughter and her family. She said the embassy is working with everyone including authorities to arraign the final rites for the deceased.

Earlier, Sri Lanka’s Ambassador in Turkey stated that all 13 of the 14 Sri Lankans believed to be in the earthquake-affected areas of Turkey were safe and that they have already been traced.

The deceased woman, who had lived in a building that had collapsed in the quake, was not there when the incident occurred and has not been contacted, Ambassador Hasanthi Urugodawatte Dissanayake had told Ada Derana on February 06.

The ambassador had also appealed to the members of the public to convey any information about Sri Lankans living in Turkey.

According to the Sri Lankan embassy, the woman had been in touch with her daughter and a friend. She has been in a building that has collapsed, but later it was thought that all in the building has come out; then there was information that her mobile phone was discovered. The embassy said it has reached out to ASAD (Disaster and Emergency Management Agency under the Turkish Presidency) to assist in this regard.

A massive earthquake of a magnitude of 7.8 struck southern Turkey and northwest of Syria in the early hours of Monday (Feb. 06) while freezing cold weather added to the plights of the victims. It was followed by a multitude of aftershocks and a second powerful quake of a magnitude of 7.5.

The death toll from the earthquake on both sides of the border in Turkey and Syria is currently over 28,000 while over 86,000 have been evacuated from the earthquake area.

ADA DERANA LK NEWS February 12, 2023

වත්මන් ලෝක ඉතිහාසයේ තුර්කියේ සහ සිරියාවේ සිදුවූ මහා භූමිකම්පාව

0



වත්මන් ලෝක ඉතිහාසයේ පෙබරවාරි මස 6 වනදා උදැසන තුර්කියේ සහ සිරියාවේ සිදුවූ මහා භූමිකම්පාවපිලිබඳ පුවතින් මුළු ලොවම සලිත විය.


මෙම දශකයේ සිදුවූ භයානකම භූමිකම්පාව වූ එය සිදුවුයේ දකුණු තුර්කිය සහ සිරියාව යා කෙරෙන මායිමෙහිය.එදින රාත්‍රියෙහි නින්දට ගිය දහස් ගණනකට මාරු කැඳවු මේ භූමිකම්පා වලින් මුළින්ම සිදුව තිබුණේ රිප්ට මාමක ඒකක 7.8ක එකක් වූ අතර දෙවැන්න ඒකක 7.5 එකක් බව එම වාර්තා වල සඳහන්වේ.මුල් වාර්තාවල සඳහන්වුයේ දෙරටහිම මරණ 5000 කට වඩා වැඩි ගණනක් එයට ගොදුරුවූ බවකි. නමුත් මේ වනවට එය 28000 ආසන්න පිරිසක් ගොදුරුව ඇතැයි සඳහන්වේ.


මෙම භූමිකම්පාව සිදු වනවිට අලුයම් කාලයේ සිය දෙනෙකුම නින්දේ පසුවෙමිනි. කළින් අනතුරු හැ ඟ වීමකින් තොරව මෙම භූමිකම්පාව සිදුව තිබීම නිසා බොහෝ දෙනෙකු ඊට ගොදුරු වන්නට සිදුව තිබුණි.මුල් දත්ත අනුව 5000 මේ ගොඩනැගිලිවලට යටවී මිය ගොස් ඇති බවට වාර්තා වුවත් පසුව කරනු ලැබූ සමීක්ෂණ අනුව 20 000 වන්නට ඇතැයි එක් සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබුණි. එහෙත් මේ පිලිබඳ බිබීසී ,ස්කයි ,අල්ජසීරා යන ලොව ප්‍රධානතම මාධ්‍ය ආයතන කරනු ලැබූ සජීවී මාධ්‍ය කරණය නිසා මේ පිලිබඳ සියලු විස්තර එකී භූමිකම්පාව සිදුවූ ස්ථාන වල සිටම දැක ගැනීමේ අවස්ථාව ලොව පුරා වෙසෙන ජනතාවට ඉඩකඩ සැළසී තිබුණි.


පළමු දින දෙක තුළ මේ ස්ථානයට එනමාවත් ද පස් කඳු කඩා වැටී ම නිසා ඇහිරී තිබු බැවින් ප්‍රමාද ව තිබුණි. එහෙත් දින දෙකකට පසුව ලොව බොහෝ රටවලින් භූමිකම්පාවන ගෙන් අනතුරට පත් පිරිස් බේරීමේ විශේෂ පුහුණුව ලත් හා ඊට අවශ්‍ය වාහන ආයුධ සමග පැමිනීමත් සමග කඩා වැටුණු ගොඩනැගිළි වල දින ගණනනාවක් හිරවී සිටි පිරිස් බෙර ගැනීමේ මෙහෙයුම දියත් කිරීම සිදු කෙරෙන අයුරු දැකගත හැකිවිය.ලොවම කම්පා වූ පුවත නිසා යුරෝපය පුර විසිරි සිටින තුර්කි හා සිරියානු ජනතාව මේ විපත් නිසා අවතැන්ව සිටින අයට අවශ්‍ය රෙදි පිළි ආහාර පාන මුදල් එකතු කිරීමේ කට යුතු සිදු කිරීමට පටන් ගෙන තිබුණි.


සඳුදා (6 Feb,2023 )ඇති වූ විශාල භූමිකම්පාවලට ගොදුරු ඇත්තේ දැනට විපක්ෂයේ බල ප්‍රදේශයක විය , මේ නිසා එහි වෙසෙන ජනතාව තුර්කි රජය දින කිහිපයක් නිහඬව සිටීම පිලිබඳ පුවත් වාර්තා බොහොමයක වාර්තා කර තිබුණි. මෙසේ සිදුව දැඩි විවේචනයට බලධාරීන්ගේ ප්‍රතිචාරය පිළිබඳ තුර්කියේ ජනාධිපතිවරයා එහි පැමිණ තුබූ අතර ඔහු මේ කලාපයේ සංචාරයකදී නිරතවිය. මැග්නිටියුඩ් 7.8 සහ 7.5 ක භූමිකම්පා වලින් පැය කිහිපයක් ඇතුළත තුර්කියේ දරුණුතම බලපෑමට ලක් වූ කලාපයට ඔහුගේ පළමු සංචාරය කරමින්, තුර්කි ජනාධිපතිවරයා එර්ඩෝගන්(Recep Tayyip Erdogan, )තුර්කියේ ප්‍රතිචාරයේ මුල් ගැටළු පිළිගත් නමුත් එය දැන් හොඳින් ක්‍රියාත්මක වන බව පැවසීය.ඔහු සහන වශයෙන් මෙයට ගොදුරුවූ පවුල සඳහා මුදල් මෙන්ම නිවාස ලබා දෙනබවට පොරොන්දුවී තිබේ.


භූමිකම්පාවෙන් විපතට පත් පවුල් සඳහා රජය විසින් තුර්කි ලීරා 10,000 (පවුම් 440) බෙදා දෙන බවට තුර්කි ජනාධිපතිවරයා ප්‍රතිඥා දී ඇත. තුර්කිය සහ සිරියාවේ භූමිකම්පාව:“ඇත්ත වශයෙන්ම, අඩුපාඩු තිබේ. කොන්දේසි පැහැදිලිව දැකගත හැකිය. මෙවැනි ව්‍යසනයකට සූදානම්ව සිටිය නොහැක, ”රටේ වැඩිම මරණ සංඛ්‍යාවක් ඇති දකුණු පළාතක් වන හැටේ හි සංචාරයකදී එහි ජනාධිපති එර්ඩොගන් පැවසීය. බොහෝ තුර්කි ජාතිකයන් තම මහල් නිවාසවල සුන්බුන් අසල අසරණව බලා සිටින විට උපකරණ සහ ආධාරක හිඟයක් ගැන පැමිණිලි කර ඇත, සමහර විට උදව් ඉල්ලා කෑගැසීම් ඇසුණද ඇතුළත සිරවී සිටින ඥාතීන් සහ අසල්වැසියන් බේරා ගැනීමට නොහැකි විය. ගලවාගැනීමේ ප්‍රයත්නයන් පිළිබඳ වැඩිවන විවේචන එර්ඩෝගන් හෙළා දුටුවේය. “මෙය සමගිය, සහයෝගීතාව සඳහා කාලයයි. දේශපාලන අවශ්‍යතා සඳහා නිෂේධාත්මක ප්‍රචාර ගෙන යන ඒවායින් මට මිදිය නොහැක,” මැයි මාසයේ මැතිවරණයකට මුහුණ දෙන බැවින් මෙය වඩාත් වැදගත් බවද වාර්තා වල සඳහන්වේ.
තුර්කිය පිහිටා ඇත්තේ ලොව විනාශකාරී භූමිකම්පාවලට ගොදුරු වන දේශ සටහන් වලට අයත් පෙදෙසකය,. 1939 සහ 1999 අතර සමයේ එහි ප්‍රබල භූමිකම්පා 12 සිදුව ඇතැයි ඒ පිලිබඳ වාර්තාවල සඳහන්ව තිබේ.


1900 සිට, භූමිකම්පා 76ක් වැනි විශාල ගණනකින් 90 000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත. එම මරණවලින් අඩක් 1939 සහ 1999 දී සිදු විය. 2200කට අධික පිරිසකට මරු කැඳවූ 2021 හයිටි භූමිකම්පාව සහ 4300කට අධික පිරිසක් මිය ගිය 2018 ඉන්දුනීසියානු භූමිකම්පාව පසුගිය දශක දෙක තුළ සිදුවූ වඩා බලවත් අනෙක් භයානක භූමිකම්පා වෙයි. 2017 දී භූමිකම්පාවකින් 400කට වැඩි පිරිසක් මියගියහ.
භූ කම්පා හේතුවෙන් උතුරු සිරියාවේ 11,000කට වැඩි පිරිසක් මේ වන විට ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෙම පෙදෙස සිරියානු කැරලි කරුවනට අයත් පෙදෙසක යුද්ධයේ අසරණව සරනාගතව සිටි බොහෝ පිරිසක් ගොදුරුවී ඇතැයි සඳහන්වේ,දරුණු ලෙස විපතට පත් සමහර ප්‍රදේශවල පවුල් පවසා ඇත්තේ, ගලවා ගැනීමේ ප්‍රයත්නවල මන්දගාමී ස්වභාවය නිසා සුන්බුන් අතර සිර වී සිටින තම ඥාතීන් සොයා ගැනීමට ඔවුන්ට උදව්වක් නොමැති බව ය.


“අපි භූමිකම්පාවෙන් දිවි ගලවා ගත්තා, ඒත් කුසගින්නයි සීතලයි නිසා අපි මෙතන මිය යාවි,” යැයි හටේ පළාතේ ඇන්ටාක්‍යා නගරයේ 64 හැවිරිදි පුද්ගලයෙකු පවසා ඇතැයි ස්කයි රුපවාහිනී වාර්තාවක සඳහන් විය.
.” මේ අතර, දකුණු තුර්කියේ සහ වයඹ-බටහිර සිරියාවේ දිවි ගලවා ගත් අය, දැඩි ලෙස දුර්වල විය හැකි ගොඩනැගිලි වෙත ආපසු යාමට බියෙන් තම මෝටර් රථවල හෝ බ්ලැන්කට් යට වීදිවල රැකවරණය ලබමින්, අධික ශීතලෙන් දෙවන රාත්‍රිය ගත කළහ. ශීත කුණාටුවක් සහ උප ශුන්‍ය උෂ්ණත්වය නිසා කලාපයේ බොහෝ මාර්ග ලබා දී ඇත – ඒවායින් සමහරක් දැනටමත් භූමිකම්පාවලින් දැඩි ලෙස හානි වී ඇත – පාහේ ගමන් කළ නොහැකි අතර, ප්‍රතිඵලයක් ලෙස සමහර ප්‍රදේශවල සැතපුම් ගණනක් විහිදෙන වාහන තදබදයක් ඇති වේ. බර උපකරණ නොමැතිකමද ගලවා ගැනීමේ මෙහෙයුමට දැඩි බාධාවක් වී ඇත. භූමිකම්පාවෙන් පසු සිරියාවේ ඉඩ්ලිබ් හි කඩා වැටුණු ගොඩනැගිල්ලක් අසල ගින්නක් වටා මිනිසුන් උණුසුම් වන අය දැකගන්නට හැකිවේ.


මිලියන 23 ක ජනතාවක් භූමිකම්පාවලින් පීඩාවට පත් විය හැකි බව කලින් පවසා ඇති ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) බදාදා නිවේදනය කළේ රටවල් දෙකෙහිම එහි ප්‍රතිචාරය සම්බන්ධීකරණය කිරීම සඳහා ඉහළ මට්ටමේ නියෝජිත පිරිසක් මෙන්ම වෛද්‍ය සමඟ ගුවන් ගමන් තුනක් යවන බවයි. සැපයුම්, ඉන් එකක් දැනටමත් ඉස්තාන්බුල් වෙත යමින් පවතී. “සෞඛ්‍ය අවශ්‍යතා අතිමහත් ය” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සිරියාවේ නියෝජිත වෛද්‍ය ඉමාන් ෂැන්කිටි පැවසුවේ සිවිල් යුද්ධයෙන් තුවාල ලැබූ දහස් ගණනක් සහ සෞඛ්‍ය සේවා පද්ධතියක් බිඳ වැටී ඇති බවයි. තුර්කියේ WHO නියෝජිත {Batyr Berdyklychev }පැවසුවේ 53,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි. භූමිකම්පාව පිළිබඳ සංවිධානයේ සිදුවීම් කළමනාකරු රොබ් හෝල්ඩන් පැවසුවේ බොහෝ දෙනෙකුට පිරිසිදු ජලය සහ නවාතැන් වැනි “ජීවිතයේ මූලික කරුණු” සමඟ සහයෝගය අවශ්‍ය බවයි. “පළමු ව්‍යසනයට වඩා වැඩි පිරිසකට හානියක් විය හැකි ද්විතීයික ව්‍යසනයක් දැකීමේ සැබෑ අනතුරක අපි සිටිමු,” හෝල්ඩන් පැවසීය.



බොහෝ රටවල් මේ වන විට ආධාර ලබා දීමට පොරොන්දු වී ඇති අතර ජාත්‍යන්තර ගලවා ගැනීමේ කණ්ඩායම් පැමිණීමට පටන් ගෙන තිබේ. විපතට පත් ප්‍රදේශවල සිටින අයට, ප්‍රමාණවත් තරම් ඉක්මනින් උපකාර ලබා ගත නොහැකි විය. “කුඩාරම් කොහෙද, ආහාර ට්රක් රථ කොහෙද?” 64 හැවිරිදි මෙලෙක් දකුණු ඇන්ටාක්‍යා නගරයේ රොයිටර් වාර්තාකරුවෙකුගෙන් මෙසේ ඇසීය. “අපි මෙහි ආහාර බෙදා හැරීමක් දැකලා නැහැ. අපි භූමිකම්පාවෙන් දිවි ගලවා ගත්තෙමු, නමුත් කුසගින්නෙන් හෝ සීතලෙන් අපි මෙහි මිය යන්නෙමු.හැම තැනකින්ම ඇසෙන්නේ දුක්මුසු පුවත්ය.


1939 සිට තුර්කියේ සිදු වූ මාරාන්තික භූමිකම්පාවට ප්‍රතිචාර දැක්වීමේදී තම රජය අසමත් වන ඕනෑම සංජානනයක බලපෑම ගැන පරිස්සම් වන අර්ඩෝගන්, අදාළ ප්‍රදේශවල හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර උපකාර සඳහා හමුදා යවා ඇත. ඇස්තමේන්තුගත ගොඩනැගිලි 64,000ක් විනාශ වී ඇති බලපෑමට ලක් වූ පළාත් 10 තුළ 5,50000 නිවාස අහිමි වූවන් සඳහා වසරක් ඇතුළත නව නිවාස ලබා දෙන බවට ඔහු පොරොන්දු වී තිබේ. තුර්කියේ ප්‍රධාන විරුද්ධ පක්ෂයේ නායක කෙමාල් Kılıçdaroğlu බදාදා රජයට චෝදනා කළේ පළාත් පාලන ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපොහොසත් වීම සහ උදව් කළ හැකි රාජ්‍ය නොවන සංවිධාන දුර්වල කිරීම ජනපති සිදු කර ඇති බවයි.


‘තුර්කියේ සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ගැන තොරතුරක් නෑ’
7 පෙබරවාරි 2023 බිබී සී සිංහල බෙදවිය්හි පළවූ වාර්තාවක (BBC SINHALA REPORT) සඳහන් වේ,

තුර්කියේ සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ගැන භූමි කම්පාවෙන් පසු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති උරුගොඩවත්ත දිසානායක BBC සිංහල සේවයට පැවසු බවත් .පැවසූ ඇය තානාපති කාර්යාලයේ තොරතුරුවලට අනුව ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු භූ කම්පන සිදු වූ ප්‍රදේශවල ජීවත් වී තිබේ. භූ කම්පනවලින් අනතුරුව ඉන් 13 දෙනෙකු නිරුපද්‍රිතව සිටින බවට තොරතුරු ලැබී ඇත.මේ දක්වා තොරතුරක් නොලද එක් කාන්තාවගේ දුරකථනය පමණක් හමු වී තිබේ.සඳහන්ව තිබුණි.


ලොව පුරා ප්‍රධානපෙලේ පුවත් පත් වූ ලන්ඩන් ටයිම්ස්, ගාඩියන් ,ද මේල් නිව්යෝක් ටයිම්ස හා සඟරා රැසකම සුන්බුන් අතර ඉපදුණු දරුවකුගේ සේයාරූ ඇතුළු දින ගණනාවකට පසුව දිවි ගලවා ගෙන නිරුපත්ද්‍රිතව සිටි ළමුන් හා බොහෝ දෙනෙකුගේ වලින් මේ දිනවල ලොවපුරා දැකගන්නට හැකිවේ, තවද රුපවාහිනී නාලිකා වල මුල් පුවත ලෙස මෙම භුමිකම්පාව පිලිබඳ පුවත් අසන්නට ලැබීම සාමාන්‍ය කරුණක් බවට පත්ව ඇත.


මෙම විපතට පත් වූ පිරිස් වල වෙසෙන මව් -පියවරු හා නෑදෑයන් පිලිබඳ සංවේග ජනක තොරතුරු ලන්ඩනයේ වෙසෙන අපට නිතරම අසන්නට ලැබේ, මේ අතර මා දන්නා ඉතා දිගු කලක්අප ආයතනයේ සේවාදායකයන්ද වෙති.තවත් එවන් පිරිස් ද අපමණය.,ඒ අය සමග ඒ සංවේගජනක සංසිද්ධිය කාලාන්තරයක් අප සිත් තුළ නොමැකෙන ලෙස සටහන් වී තිබෙනු ඇත,


ශාන්ත සේනාධීර -ලංකා නිවුස් යුකේ


මෙහි පළවන සේයාරූප අන්තර් ජාලයෙන් ලබාගත් අතර ඒවායේ සම්පුර්ණ අයිතිය ඒවායේ මුල් අයිතිකරුවන් සතුබව සළකන්න.