Home Blog Page 180

Breaking
UK government scraps plan to replace all EU laws by the end of 2023

0

SKY NEWS UK
By Alix Culbertson and Tim Baker, political reporters
Wednesday 10 May 2023 18:00, UK

Rishi Sunak had promised to review or repeal EU laws in his first 100 days in office during his leadership campaign last summer.

Ministers have scrapped their promise to replace all EU-era laws by the end of this year.

The Retained EU Law (REUL) Bill was introduced under Liz Truss and Jacob Rees-Mogg with the intention of removing all EU legislation from the UK by the end of 2023 after the UK left the bloc in 2020.


Kemi Badenoch, the business and trade secretary, has now revealed fewer than 600 laws will be revoked under the bill by the end of the year instead of the around 4,000 pledged.

Latest: PMQs fallout and Archbishop criticises government’s small boats plan

She acknowledged there are “risks of legal uncertainty” by automatically scrapping the laws by the end of 2023.

Ms Badenoch said it is “about more than a race to a deadline” and instead of looking for laws that need to be saved, the government will keep existing laws and look for those it can remove without causing problems.

She told parliament in a written statement: “Over the past year, Whitehall departments have been working hard to identify retained EU law to preserve, reform or revoke. (SKY NEWS UK )

See less

පාකිස්තානයට යන්න එපා: රටවල් රැසක් කියයි

0

Lankadeepa lk News

කතෘ මණ්ඩලය 2023 මැයි මස 10

පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ ඊට එරෙහිව ඉස්ලාමාබාද් අගනුවර ඇතුළු ප්‍රධාන නගර රැසක දැවැන්ත විරෝධතා රැළි පැවැත්වෙයි. විරෝධතා සංවිධානය කර ඇත්තේ ඉම්රාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයයි.

ක්වෙටා නුවර ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ විරෝධතා රැලියකට පොලිසිය හරස් වුණු අවස්ථාවේදී දරුණු ගැටුම් හටගත්තේය. එහිදී එක් අයකු ජීවිතක්ෂයට පත් වුණු බවත් 6 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් පැවැසෙයි.

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, අත්අඩංගුවට ගැනීම සිදුවූයේ හමුදාවේ මැදිහත් වීමෙනි.

එම අවස්ථාවේදී ඉම්රාන් ඛාන් ඔහුට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඉම්රාන් අත්අඩංගුවට ගැනීමට හමුදාව කටයුතු කරනු ඇතැයි තමන් කල්තියා දැන නොසිටි බව එම අවස්ථාවේදී ඉස්ලාමාබාද් අධිකරණය පැවැසුවේය.

ඉම්රාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයෙන් හමුදාවට දැඩි විරෝධයක් එල්ල විය. ‘තරීක් ඊ ඉන්සාෆ්’ ආධාරකරුවන් ලාහෝර් හමුදාපති නිල නිවස වටලා ඊට කඩා වැදුණු බව ද වාර්තා විය. රාවුලපිණ්ඩි නුවර හමුදා කඳවුරට ද කලහකාරී පිරිස් කඩා වැදුණාහ.

මේ අතර, පාකිස්තානයට යෑමෙන් වළකින ලෙසත්, හැකි ඉක්මනින් පාකිස්තානයෙන් පිටවන ලෙසත් ඇමෙරිකාව, මහා බි්‍රතාන්‍යය සහ කැනඩාව, පාකිස්තානයේ වෙසෙන තම වැසියන්ට අනතුරු ඇඟවීමක් කර තිබේ.

‘හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු පාකිස්තානයේ විරෝධතා හටගන්නවා. දේශපාලන වශයෙන් ඇමෙරිකාව කිසිදු දේකට මැදිහත් වෙන්නේ නැහැ. කෙසේ නමුත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට සහ නීතියේ ආධිපත්‍යයට ගරු කරමින් කටයුතු කරන මෙන් අපට පාකිස්තාන වැසියන්ගෙන් ඉල්ලීමක් කරනවා’ යැයි ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා කැරීන් ජෝන් පියේ මාධ්‍ය හමුවකදී පැහැදිලි කර තිබේ.

ඉම්රාන් ඛාන්ට චෝදනා රැසක් එල්ල වී ඇත. ‘ටොක්ෂානා’ සිද්ධිය එයින් එකකි. ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරය හොබවද්දී, විවිධ රටවල රාජ්‍ය නායකයන්ගෙන් තෑගි වශයෙන් ලැබුණු අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වෙද්දී රජයට බාර නොදුන්නේ යැයි චෝදනා එල්ල වී ඇත. එම ත්‍යාග හිමිවූයේ ඉම්රාන් ඛාන්ට නොව, පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට යැයි පාකිස්තාන රජය පැහැදිලි කර ඇත.

පාකිස්තාන නීතියට අනුව, විදේශ රාජ්‍ය නායකයන්ගෙන් ලැබෙන ත්‍යාග පාකිස්තානයේ ‘ටොක්ෂානා’ භාණ්ඩාගාරයේ තැන්පත් කළ යුතුය. එසේ නොකරන්නේ නම්, එම භාණ්ඩවල වටිනාකම භාණ්ඩාගාරයට ගෙවිය යුතුය.

මේ අතර අත්අඩංගුවට ගත් ඉම්රාන් ඛාන් එල්ල වන එම චෝදනා සම්බන්ධයෙන් විශේෂ නඩු විභාගයක් ඉස්ලාමාබාද් පොලිස් මූලස්ථානයේ දී පැවැත්විණි. ඒ, විශේෂ ආරක්ෂාවක් යටතේය.

(එන්.ඩී.ටීවී.)

( මෙම සේයාරූ අන්තර්ජාලයෙන් ලබාගත් ඒවා වන අතර ඒවායේ හිමිකම් මුල් අයිතිකාරුවන් සතුබව සළකන්න )

“මානසික රෝග වැළඳීමේ ප්‍රවණතාව ඉහළ ගිහින්”

0

By K.L Suraweera -Kandy

මැයි 9, 2023 පෙ.ව. 9:13

0

මෙරට ජනතාව මානසික රෝගවලට ගොදුරුවීමේ ප්‍රවණතාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විශේෂඥ මනෝ වෛද්‍ය නිවහන සමාජයේ සභාපති වෛද්‍ය ඩබ්ලිව්.ඒ.එල්. වික්‍රමසිංහ පැවසීය.

මහනුවර බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ්‍රයේ පවත්වන ලද මානසික ගැටලු සහිත පුද්ගලයන් හඳුනා ගැනීම සහ ඔවුන්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් වූ වැඩසටහනේදී මනෝ වෛද්‍ය විශේෂඥ වික්‍රමසිංහ ඉහත අදහස් පළ කළේ ය.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ ඔහු මෙසේ ද කීය.

“අප රටේ මානසික රෝගීන් ශීඝ්‍රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් වන හේතුන් පිළිබඳව ද අපි විශේෂයෙන් අධ්‍යයනයක් කළා. වර්තමානයේ රටේ පවතින ආර්ථික හා සමාජ අර්බුදය මීට බලපෑ එක් ප්‍රධාන හේතුවක් බව මෙහිදී අපට පැහැදිලි වුණා. මෙය ඉතාමත් ගැටලු සහගත තත්ත්වයක්.

රටක තීන්දු තීරණ ගන්නා පුද්ගලයෝ නිසි මානසික ඒකාග්‍රතාවක් නොමැතිව කටයුතු කරන විට රටත් ජනතාවත් විශාල අර්බුදවලට ලක්වෙනවා. මානසික අර්බුද ඉන් ප්‍රධාන තැනක් ගන්නවා.

රට පාලනය කරන පුද්ගලයන් මානසික ඒකාග්‍රතාවක් නොමැතිව කටයුතු කරන ආකාරය පිළිබඳ ඕනෑ තරම් උදාහරණ ශ්‍රී ලාංකේය දේශපාලනය තුළින් උපුටා දක්වන්න පුළුවන්. තමන් මානසික රෝගයකින් පෙළෙන බව බොහෝ අය දන්නේ නෑ. එවන් පිරිස් අප රටේ දේශපාලනයේ ද ඕනෑ තරම් සිටිනවා.

නිසි ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් ව්‍යාකූල මනස නිරවුල් කර ගැනීමට හැකි වෙනවා. ඒ සඳහා අවශ්‍ය උපදේශනය නිසි ලෙස ලබා ගැනීම අතිශයින් වැදගත්. ඒ සඳහා අවශ්‍ය උපදේශන මහනුවර නිවහන සමාජයෙන් අපි ලබා දෙනවා.”

මහනුවර ජාතික රෝහල හා නිවහන සමාජය අනුබද්ධව මෙම මානසික රෝගීන් සුවපත් කිරීමේ වැඩසටහන සංවිධානය කොට තිබූ අතර මෙම අවස්ථාවට මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු, සහකාර ඉන්දියානු මහ කොමසාරිස් වෛද්‍ය එස්. අතීරා, කටුගස්තොට මූලික රෝහලේ ප්‍රජා මානසික සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධානි වෛද්‍ය මෙත්සිරි හේරත් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ලොව අංක එකේ භාවනා අත්පොත ‘මයින්ඩ්ෆුල්නස් ඉන් ප්ලේයින් ඉන්ග්ලිෂ්’


SUNDAY DIVAINA -FEATURES
Mindfulness in plain english
May 7, 2023

ටයිම්ස් පුවත්පතේ සමීක්‍ෂණයක ප්‍රතිඵලයක්
හේනේපොළ හාමුදුරුවන්ට වයස අවුරුදු 96යි…දවසකට කිලෝ මීටර් පහක් සක්මන් කරනවා…
ශ්‍රී ලාංකිකයකු රචනා කරන ග්‍රන්ථයක ඉහළම පරිවර්තනය මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ් පොත…
මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ් පොත ඇමරිකාව තුළ පිටපත් මිලියන දහයයි ලොව පුරා භාෂා තිහකට පරිවර්තනය වෙලා…
භාවනා, භන්තෙ වචන ඉංග්‍රීසි භාෂාවට එකතු කළේ හේනේපොළ ගුණරතන හාමුදුරුවෝ…
‘මයින්ඩ්ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ්’ ලොව විශිෂ්ට භාවනා අත්පොතය. නිවැරදි සිහිය පිහිටුවා ගැනීම යන කාරණය පිළිබඳ ඉගැන්වෙන මෙම ග්‍රන්ථය මේ වනවිට ලොව පුරා භාෂා තිහකට පරිවර්තනය කර තිබීම ද විශේෂත්වයකි. ඇමරිකාව තුළ මිලියන දහයකට අධික පිටපත් සංඛ්‍යාවක් මුද්‍රණය කර ඇති මේ ග්‍රන්ථය එරට වසර දහයක් පුරා ඉහළ ම ආදායම් ලබන කෘති අතර ඉදිරියෙන්ම තිබේ. භාවනාවෙන් සිත දියුණු කරගැනීම ඇතුළු ජීවිතය පිළිබඳ අවබෝධ කරදෙන ‘මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ්’ ග්‍රන්ථය ඇමරිකාව, එංගලන්තය සහ තායිලන්ත විශ්වවිද්‍යාලවල විෂය නිර්දේශයට ඇතුළත් කර ඇති බව ද වාර්තා වේ. එමෙන්ම මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ්’ ලොව පිළිගත් විශ්වවිද්‍යාල රාශියක සහ ජාත්‍යන්තර පාසල්වල නිර්දේශිත ග්‍රන්ථයක් ලෙස නම් කර දැනට වසර ගණනාවක් වන බව ද සැබෑය.

විස්ටම් පබ්ලිකේෂන් යටතේ ප්‍රකාශයට පත්කර ඇති ‘මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ්’ ග්‍රන්ථය නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත කරන ලද සමීක්‍ෂණයකට අනුව ලොව පුරා තිබෙන බෞද්ධ භාවනා කෘති අතරින් ප්‍රධානතම කෘතිය ලෙස ද පසුගියදා නම් කර තිබේ. ලොව වැඩි ම පාඨක පිරිසක් කියවන නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් එම පර්යේෂණය සිදු කර ඇත්තේ ලොව පිළිගත් විශ්වවිද්‍යාල මහාචාර්යවරු, විද්‍යාඥයින් මෙන්ම භාවනා ගුරුවරු සහ භාවනා කරන පුද්ගලයන් පාදක කරගෙනය. එමෙන්ම එම පර්යේෂණය සමාජ විද්‍යාත්මක ක්‍රමවේදයන් භාවිත කරමින් සිදුකරන ලද සත්‍ය ගවේෂණයක් බව ද ලොව පිළිගෙන ඇත. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් යම් පුද්ගලයෙක් සම්බන්ධයෙන් වාර්තාවක් පළකරනුයේ අදාළ පුද්ගලයා ගැන සියයට සීයක් නිවැරැදි තොරතුරු තහවුරු කරගැනීමෙන් අනතුරුව බව ද ලොව පිළිගෙන ඇත. ඒ අනුව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස භාවනාවට හොඳම අත්පොත ‘මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ්’ ග්‍රන්ථය තෝරාපත් කරගැනීම සුවිශේෂී ජයග්‍රහණයකි.

ඉංග්‍රීසි භාෂාවෙන් රචනා කර ඇති ‘මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ්’ ග්‍රන්ථය අප මෙතරම් අතිවඩනුයේ අන් කවරක් නිසා නොව, එහි කර්තෘ ශ්‍රී ලාංකීක භික්‍ෂූන්වහන්සේ නමක් වූ නිසා ය. මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ උඩ පළාතේ, නැඟෙනහිර කෝරළයේ දෙහිදෙණිය වසමේ හේනේපොළ ගමේ දිළිඳු පවුලක ජන්ම ලාබය ලැබ, කුඩා කාලයේ දීම පැවිදි ජීවිතයට ඇතුළත් වී උඩු ගම් බලා ගමන් කරමින් මේ වනවිට එක්සත් ජනපදයේ වෙස්ට් වර්ජීනියා භාවනා මධ්‍යස්ථානාධිපති ලෙස වැඩසිටින මහාචාර්ය අග්‍ර මහා පණ්ඩිත හේනේපොළ ගුණරතන හාමුදුරුවෝ වීම නිසා ය. ලෝකය පුරා ථේරවාදී බුදුදහම ප්‍රචාරණය කරන ස්වාමීන් වහන්සේ අතර පෙරමුණේ සිටින ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ප්‍රධාන සංඝ නායක, අග්‍ර මහා පණ්ඩිත, මහාචාර්ය හේනේපොළ ගුණරතන හාමුදුරුවෝ ධර්ම විනයධර මෙන්ම ශබ්ද ශාස්ත්‍රය ද මනා සේ ප්‍රගුණ කළ මහා ප්‍රාඥයෙකි. එමෙන්ම පෙර අපරදිග භාෂාවන් පිළිබඳ ප්‍රවීණත්වයක් උසුලන පැනවතෙකි. ලොව පුරා බුදුදහම පතල කිරීමට උන්වහන්සේ සිදු කර ඇති මෙහෙවර සුළු පටු නැත.

ලොව අංක එකේ භාවනා අත්පොත ‘මයින්ඩ්ෆුල්නස් ඉන් ප්ලේයින් ඉන්ග්ලිෂ්’ Mindfulness in plain english
මේ වනවිට වෙස්ට් වර්ජීනියා භාවනා මධ්‍යස්ථානාධිපති ලෙස වැඩ සිටින හේනේපොළ ගුණරතන නායක හාමුදුරුවන්ට වයස අවුරුදු අනූහයකි. අදට ද දවසට කිලෝ මීටර් පහක් සක්මන් කරන උන්වහන්සේ නිවැරැදි සිහියෙන් කටයුතු කරන බව අපට පවසා සිටියේ ආචාර්ය ඇත්කඳවක සද්ධාජීව හාමුදුරුවෝය. හේනේපොළ නායක හාමුදුරුවන්ගේ සෙවනැල්ල සේ වැඩසිටින, උන්වහන්සේගේ කනිෂ්ඨ ශිෂ්‍යයෙක් වන සද්ධාජීව හාමුදුරුවෝ ‘මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ්’ ග්‍රන්ථයට හිමි වූ ජාත්‍යන්තර ඇගයීම දකිනුයේ අපේ රටට ලැබුණු සුවිශේෂී ජයග්‍රහණයක් ලෙසට ය. එමෙන්ම ‘මයින්ඩ් ෆුල්නස්’ සතිමත් බව කියන වචනය ලෝකය පුරා සුවිශේෂී වශයෙන් වටිනාකමක් ලැබී තිබෙන, ලොව විශාල පිරිසක් එකතු වී සිටින වචනයක් බව ද පැහැදිලිය. ‘සතිමත්’ බව වචනය ලොව පුරා ප්‍රචලිත කරවීම අරමුණු කරගෙන හේන්පොළ ගුණරතන නායක හාමුදුරුවන් විසින් ප්‍රථම වරට ‘මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ්’ ග්‍රන්ථය ප්‍රකාශයට පත්කොට ඇත්තේ 1994 වර්ෂයේ දී ය. බුදුදහමේ මූලික ඉගැන්වීම්වලට අනුගතව භාවනාවට ප්‍රවේශය ලබාගන්නේ කෙසේද? භාවනා කරනුයේ ඇයි? භාවනාවේ අරමුණු සකසා ගන්නේ කෙසේද? යන සියලු කරුණු සම්බන්ධයෙන් නිවැරැදිව සහ සරලව ‘මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ්’ ග්‍රන්ථයට ඇතුළත් කර තිබීම ද පාඨක ආකර්ශනය වැඩිවීමට ප්‍රධාන සාධකයකි. එම ග්‍රන්ථය රචනා කිරීමේ දී හේනේපොළ ගුණරතන නායක හාමුදුරුවන්ගේ තීක්‍ෂණ ධර්ම ඥානය හොඳින් ඉස්මතු කර තිබෙන බව ද පැහැදිලිය. වර්තමාන ලෝකයේ ත්‍රිපිඨකය පිළිබඳ මනා අවබෝධයක් සහිත උගත්, බුද්ධිමත් භික්‍ෂූන්වහන්සේ අතර හේන්පොළ ගුණරතන හාමුදුරුවෝ ඉදිරියෙන් ම සිටින බවට අවිවාදයක් නැත. 2500 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් පැවැති ත්‍රිපිටක සංගායනාවේ දී බුරුම පොත් පරිශීලනය කිරීමට ලැබීමෙන් ලැබූ දැනුමෙන් ද උන්වහන්සේ සන්නද්ධ බව සද්ධාජීව හාමුදුරුවෝ අපට සිහිපත් කළහ.

එමෙන් ම උන්වහන්සේ නිරන්තරයෙන් ඇසුරු, නිසරු කළ කොටහේනේ පක්‍ද්ක්‍දාකිත්ති, වල්පොළ රාහුල, ඹබරැන්දේ සිරිසීවලී, යක්කඩුවේ පක්‍ද්ක්‍දාරාම නායක හාමුදුරුවන් වැනි මහා යතිවරු යටතේ විද්‍යාලංකාර පිරිවෙනේ දී දහම් දැනුම ලබමින් ධර්මය, ත්‍රිපිඨක ධර්මය පිළිබඳ මනා දැනුමකින් පෝෂණය වී සිටින බව ද සැබෑය. මේ වනවිට ලොව වැඩි ම රටවල් සංඛ්‍යාවකට සංචාරය කර ඇති භික්‍ෂූන්වහන්සේ ලෙස උන්වහන්සේ ලබා ඇති දැනුම ද සුළු පටු නැත. ලොව පුරා වැඩි ම විශ්වවිද්‍යාල සංඛ්‍යාවක දේශන පැවැත්වූ භික්‍ෂූන්වහන්සේ ලෙස ප්‍රකටව සිටිනුයේ ද හේනේපොළ ගුණරතන නායක හාමුදුරුවෝ ය. ඇමරිකාවේ විශ්වවිද්‍යාල දෙකක දර්ශන අංශයේ මහාචාර්වරයෙක් ලෙස කටයුතු කිරීමෙන් ලැබූ අද්දැකීම් ද උන්වහන්සේගේ දැනුම් ගබඩාවේ තැන්පත් වී තිබෙන බව සැබෑය. භාවනා ගුරුවරයෙක් හැටියට වසර හතළිහකට වැඩි කාලයක් දීර්ඝව කටයුතු කිරීමෙන් ලැබූ අත්දැකීම් ද බොහෝය.

අදට ද අවුරුද්දකට මාස තුනක් භාවනාවට කාලය යොදවමින්, දවසේ පැය අටක, නවයක කාලයක් භාවනා යෝගීව වැඩ සිටිති. වසර හතළිහක් පුරාවට භාවනාව තුළින් උන්වහන්සේ දියුණු කරගත් ශක්තියත්, ත්‍රිපිටක ඥානය, පෙර අපරදිග භාෂාවන් පිළිබඳ පුළුල් දැනුම ආදී සියලු දැනුම් සම්භාරය ‘මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ්’ ග්‍රන්ථයේ අන්තර්ගතව තිබෙන බවට විවාදයක් නැත. එහෙත් කවර අත්දැකීමක්, දැනුම් සම්භාරයක් එකතු කරගෙන සිටිය ද, මූලික බුදුදහම තුළ භාවනාව පිළිබඳ විග්‍රහා කෙරෙන සූත්‍රගත කරුණු ම පමණක් පදනම් කරගෙන ‘මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ්’ ග්‍රන්ථය රචනා කිරීමට උන්වහන්සේ වග බලාගෙන සිටී ම ද විශේෂත්වයකි. එම ග්‍රන්ථය ලොව අංක එකේ භාවනා අත්පොත බවට පත්වීමට ඒ සියලු කරුණු පාදක වී ඇති බවට ද විවාදයක් නැත.

මහා දැනුම් සම්භාරයක එකතුවක් ලෙස නිර්මාණය වී ඇති ‘මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ්’ ග්‍රන්ථය ක්‍රමානුකූලව, පියවරෙන්, පියවර පාඨකයන් අතර ජනප්‍රිය වෙමින් එම පොතෙහි අන්තර්ගත සුවිශේෂී වචන කිහිපයක් ඉංග්‍රීසි භාෂාවට ඇතුළත් වී තිබෙන බව ද වාර්තා වේ. ‘භාවනා, භන්තෙ’ කියන වචන දෙක ම ඉංග්‍රීසී භාෂාවේ ද එලෙසින් ම භාවිත වීම විශේෂත්වයකි. එමෙන් ම මේ වනවිට ලෝකයේ මිලියන ගණනක පිරිසක් උන්වහන්සේ විසින් රචනා කරන ලද ‘මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ්’ ග්‍රන්ථය පරිශීලනය කරන බව ද වාර්තා වේ. ඒ සියලු ම පුද්ගලයන් මාර්ගයෙන් ක්‍රමානුකූලව තව තවත් එම ග්‍රන්ථය පාඨකයන් අතරට ආකර්ශනය වන බව ද පැහැදිලි ය. ඉනිදු පැහැදිලි වනුයේ හේනේපොළ ගුණරතන නායක හාමුදුරුවන් විසින් රචනා කරන ලද ‘මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ්’ ග්‍රන්ථයේ ඇති වටිනාකමය.

එමෙන් ම ‘මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ්’ ග්‍රන්ථය පදනම් කරගෙන තවත් පොත් රාශියක් උන්වහන්සේ විසින් රචනා කර තිබේ. ඒ සියලු පොත් භාෂා තුන, හතරකට පරිවර්තනය වීම විශේෂ කරුණකි. ‘මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ්’ ග්‍රන්ථය භාෂා තිහකට පරිවර්තනය වීම මෙරට ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයකු විසින් රචනා කරන ලද ග්‍රන්ථයක ඉහළ ම පරිවර්තනය ලෙස ඉතිහාසගත වන බව ද සතුටින් සිහිපත් කළ යුතුය. එමෙන් ම හේනේපොළ ගුණරතන නායක හාමුදුරුවන් රචනා කරන ලද පොත්වලින් ලැබෙන සියලුම ආදායම මෙරට දුගී දුප්පත් පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය නැංවීමට වෙන් කොට තිබීම ද ජාතියට වාසනාවකි. උන්වහන්සේගේ දැනුම හරහා මුළු මහත් ලෝකයට ම ආමන්ත්‍රණය කිරීමට ලැබීම ථේරවාදී කේන්ද්‍රස්ථානය යැයි සම්මත අපේ රටට මහත් අභිමානයකි. මුළු ලෝකයෙන් ම ගරුබහුමන් ලබන හේනේපොළ ගුණරතන හාමුදුරුවන් උපන්දා සිට අනූපස් වැනි විය පසු කරන මේ දක්වා ‘දිවිපෙත’ සහිත ‘තුම්පනෙන් ඇමෙරිකාවට වැඩි සඟ රජු’ චරිතාප්‍රදානය සටහන් තැබීමට ලැබීම ජීවිතයේ මා ලද මහත් භාග්‍යයකි.

තරංග රත්නවීර

Spectacular coronation: President has cordial talks with new King.

SUNDAY TIMES LK NEWS

07/05/23

View(s): 309

President Wickremesinghe and his wife with King Charles at the Commonwealth Leaders’ meeting

Charles III was crowned monarch of the United Kingdom and 14 Commonwealth realms yesterday at Britain’s first coronation for 70 years, during a ceremony steeped in a millennium of ritual and spectacle.

The day before yesterday’s coronation, King Charles III met Commonwealth leaders at the Commonwealth Secretariat at Marlborough House.

During the event, President Ranil Wickremesinghe extended his congratulations to King Charles III and emphasised the importance of the Commonwealth playing a more significant role in supporting education reforms that encourage youth involvement. First Lady Prof. Maithree Wickramasinghe was also in attendance.

The President also called on the new head of the 56-nation Commonwealth to bolster connectivity through digitisation, the President’s Media Division (PMD) stated.

President Wickremesinghe met other Commonwealth leaders for talks during the event. The President attended the meetings along with Venerable Bogoda Seelawimala Thera, head monk of the London Buddhist Vihara.

Meanwhile, Prof. Wickramasinghe participated in the Fireside Chat programme which was organized as a parallel event to the Leaders Meeting. The Fireside Chat programme provided a platform for discussions on various topics and issues related to the Commonwealth and its members.

III චාල්ස් රජුගේ රාජාභිෂේකය



III චාල්ස් රජුගේ රාජාභිෂේකය 2023 මැයි 6 සෙනසුරාදා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී සිදු කෙරේ.

උත්සවය අතරතුර, රජු කැමිලා රැජින සමඟ ඔටුනු පළඳවනු ඇත.
ඔපරේෂන් ගෝල්ඩන් ඕර්බ් කේත නාමයෙන් හඳුන්වන සැලසුම් ගැන අපි දන්නා දේ මෙන්න.

රාජාභිෂේකය උත්සවය 11:00 ට ආරම්භ වීමට නියමිත අතර, රජුගේ පෙරහැර මඳ වේලාවකට පෙර වෙස්ට්මිනිස්ටර් ඇබේ වෙත පැමිණීමට අපේක්ෂා කෙරේ.
රාජාභිෂේකය යනු කුමක්ද? රජෙකුගේ හිස මත ඔටුන්නක් තැබීමේ භෞතික ක්රියාවයි.ඇත්තෙන්ම එය එවැනි ක්රියා පිලිවතකට පමණක් සීමාවූ එකක් නොවන අතර රටේ පුරවැසියන් හමුවේ සිය රටේ පාලනය පිණිස පත් කිරීමේ නිල උත්සවය ලෙසද හැඳින්විය හැක.

රාජාභිෂේකය යනු රජෙකුට හෝ රාජිනියකට ඔටුනු පළඳවන සංකේතාත්මක ආගමික උත්සවය සහ රජෙකුගේ හිස මත ඔටුන්නක් තැබීමේ භෞතික ක්රියාවලියයි.රටක පාලනය සම්ප්රධානු කුලව හා පවතින නීතිය පද්ධතියේ ප්රධානියා පත් කිරීමේ නිල උත්සවය මෙයවේ.චිරාගත සම්ප්රධායන් වත්පිළිවෙත් අනුව මේ උළෙල විචිත්රවත්ව පැවැත්වීම රාජත්වය තවමත් පවතින රටවල පවත්වනු ලැබේ.

එය එංගලන්ත පල්ලියේ ප්රධානියා ලෙස රජතුමාගේ භූමිකාව විධිමත් කරන අතර ඔවුන්ගේ මාතෘකාව සහ බලතල මාරු කිරීම සලකුණු කරයි.
කෙසේ වෙතත්, ඇත්ත වශයෙන්ම, රජු බවට පත්වීම සඳහා රාජාණ්ඩුව ඔටුනු පැළඳීම අවශ්ය නොවේ.

2022 සැප්තැම්බර් 11 වන දින එඩින්බරෝ හි ශාන්ත ගයිල්ස් ආසන දෙව්මැදුරෙන් පිටත III චාල්ස් රජුගේ ප්රකාශනයට ලෝඩ් ලයන් ආයුධ රජු, ජෝසප් මොරෝ (R) සහභාගී වේ.

එලිසබෙත් රැජිනගේ මරණයෙන් දින තුනකට පසු චාල්ස් නිල වශයෙන් රජු ලෙස ප්රකාශයට පත් කරන ලදී
එඩ්වඩ් VIII රාජාභිෂේකයකින් තොරව රජ විය – දෙවන එලිසබෙත් රැජින මිය ගිය මොහොතේ චාල්ස් ඉහතකී සම්ප්රධාය අනුව යමින් ස්වයංක්රීයව බ්රිතාන්යයේ බවට රජ විය.වසර 1,000 කට වැඩි කාලයක් පුරා කිරීටක සමානව පවතී. බ්රිතාන්ය උත්සවය යුරෝපයේ එවැනි ආකාරයේ ඉතිරිව ඇති එකම උත්සවයයි.
කෙසේ වෙතත්, එය 1953 දී දෙවන එලිසබෙත් රැජිනගේ රාජාභිෂේකයට වඩා කෙටි හා කුඩා පරිමාණයක් විය හැකි අතර පුළුල් පරාසයක ආගම් නියෝජනය වේ.

රාජාභිෂේක පෙරහැර වඩාත් චාම් ලෙස පැවැත්වීමට ද අපේක්ෂා කෙරේ. එළිසබෙත් රැජිනගේ පෙරහැරට සහභාගිවන්නන් 16,000 ක් සිටි අතර කිලෝමීටර 7 (සැතපුම් 4.3) මාර්ගයේ ඕනෑම ස්ථාවර ස්ථානයක් පසු කිරීමට මිනිත්තු 45 ක් ගත විය.

මැයි 8 සඳුදා එක්සත් රාජධානිය පුරා අමතර බැංකු නිවාඩු දිනයක් ඇත.
බකිංහැම් මාලිගය සති අන්තයේ විවිධ සිදුවීම් ප්රකාශයට පත් කර ඇති අතර, මැයි 7 වන ඉරිදා වින්ඩ්සර් කාසල් හි කැටි පෙරී, ටේක් දට් සහ ලයනල් රිචී ඇතුළත් ප්රසංගයක් ඇතුළුව.

ඔටුනු සති අන්තයේ සිකුරාදා සහ සෙනසුරාදා දිනවල එංගලන්තය සහ වේල්සය පුරා පිහිටි තැබෑරුම්, සමාජ ශාලා සහ බාර්වලට අමතර පැය දෙකක කාලයක් විවෘතව සිටීමට හැකි වේ.

බිග් හෙල්ප් අවුට් මුලපිරීමේ කොටසක් ලෙස වීදි සාද පැවැත්වීමට සහ ඔවුන්ගේ ප්රාදේශීය ප්රජාව තුළ ස්වේච්ඡා ව්යාපෘතිවලට සහභාගී වීමට ජනතාවට ආරාධනා කරනු ලැබේ

රාජාභිෂේකය යනු රාජ්ය උත්සවයකි, එනම් ආගන්තුක ලැයිස්තුව රජය විසින් පාලනය කරයි.

රාජකීය පවුලට අමතරව, ආරාධනා කරන ලද අයට අගමැති, පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, රාජ්ය නායකයින් සහ ලොව පුරා සිටින අනෙකුත් රාජකීයයන් ඇතුළත් වේ.

ඔහු රාජාභිෂේකය සඳහා එක්සත් ජනපදයේ සිට පැමිණෙන බව සසෙක්ස් ආදිපාදවරයා තහවුරු කර ඇති නමුත් ඔහුගේ බිරිඳ සසෙක්ස් ආදිපාදවරිය සහභාගී නොවනු ඇත.

ජනවාරි මාසයේදී ඔහුගේ මතභේදාත්මක මතක සටහන් ස්පෙයාර් ප්රකාශයට පත් කිරීමෙන් පසු හැරී කුමරු රාජකීය පවුල සමඟ ප්රසිද්ධියේ පෙනී සිටින පළමු අවස්ථාව මෙය වේ.

රාජාභිෂේකයේ දිනය ඔහුගේ මව සමඟ එක්සත් ජනපදයේ රැඳී සිටින යුවළගේ පුත් ආචී කුමරුගේ සිව්වන උපන්දිනය ද වේ.

චාල්ස් රජු රාජාභිෂේකය: යන්නේ කවුද – සහ නොවන්නේ කවුද?
සසෙක්ස් හි ආදිපාදවරිය සහ ආදිපාදවරිය හැරී වෙස්ට්මිනිස්ටර් ඇබේහි ඔටුනු පැළඳීමට සහභාගී වනු ඇත, නමුත් මේගන් ඔවුන්ගේ දරුවන් සමඟ එක්සත් ජනපදයේ රැඳී සිටිනු ඇත.

යෝර්ක් ආදිපාදවරිය ද එහි නොසිටිනු ඇත, ආරංචි මාර්ග තහවුරු කිරීමෙන් පසු ඇයට උත්සවයට ආරාධනා කර නැත.

1996 දී දික්කසාද වන තෙක් ආදිපාදවරිය සමඟ විවාහ වූ යෝර්ක් ආදිපාදවරයා වන ඇන්ඩෘ කුමරු පිටත්ව යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

රජුගේ මුනුබුරා වන ජෝර්ජ් කුමරු සමඟ කැමිලාගේ මුණුබුරන් වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පිටු අතර සිටිනු ඇත.

මෙම අවස්ථාවට එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහභාගී නොවනු ඇත, නමුත් ඔහු වෙනුවෙන් ජනාධිපති ආර්යාව ජිල් බිඩෙන් සහභාගී වනු ඇත.
මීට අමතරව, ඔවුන්ගේ පුණ්ය දායකත්වය අගයමින් ප්රජා නියෝජිතයින් 850 දෙනෙකුට උත්සවයට ආරාධනා කර ඇත.

වසර 1,000 කට වැඩි කාලයක් පුරා සමානව පවතී. බ්රිතාන්ය උත්සවය යුරෝපයේ එවැනි ආකාරයේ ඉතිරිව ඇති එකම උත්සවයයි.

කෙසේ වෙතත්, එය 1953 දී දෙවන එලිසබෙත් රැජිනගේ රාජාභිෂේකයට වඩා කෙටි හා කුඩා පරිමාණයක් විය හැකි අතර පුළුල් පරාසයක ආගම් නියෝජනය වේ.
රාජාභිෂේක පෙරහැර වඩාත් චාම් ලෙස පැවැත්වීමට ද අපේක්ෂා කෙරේ. මෙවර, රජු සහ කැමිලා, රැජින, වෙස්ට්මිනිස්ටර් ඇබේ වෙත ගමන් කරනු ඇත්තේ, විදුලි ජනේල සහ වායු සමීකරණ සහිත සාපේක්ෂව නවීන අශ්ව කරත්තයකිනි.
තුන් වැනි චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය දින තුනක් තිස්සේ පැවැත්වෙන උත්සවයකි.

වසර 70 වකට පසුව පැවත්වෙන මෙම උත්සවය මෙතෙක් නොදුටු විශාල පිරිසකට මෙම දුර්ලභ ගණයේ සංස්කෘතික හා සම්ප්රධායයන් සියැසින් දැක ගැනීමට අවස්ථාව සැලසේ.

රජුගේ – සහ ඔහුගේ බිරිඳගේ රාජාභිෂේකය 2023 මැයි 6 සෙනසුරාදා දින කැමිලා රැජින ලෙස හැඳින්වීමට නියමිතය.

වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පැවැත්වෙන මේ උත්සවය පැවැත්වෙන්නේ සේවය පෙරවරු 11 ට ආරම්භ වන්නේ රාජකීයයන් බකිංහැම් මාලිගයේ සිට පෙරහැරෙන් පැමිණීමෙන් පසුවය.

උත්සවයෙන් පසු, රජ පවුලේ තවත් සාමාජිකයන් පෙරහැර සඳහා මාලිගාවට සම්බන්ධ වනු ඇත.

දවසේ උත්සව අවස්ථාවන් අවසන් කිරීම සඳහා රජු සහ රැජින බිසව බකිංහැම් මාලිගයේ බැල්කනියේ අනෙකුත් පවුලේ සාමාජිකයන් සමඟ එක්වනු ඇත.

රාජාභිෂේකයේදී රැජින මෙන් නොව, රජු සහ රැජින බිසව උත්සවයට සහ ආපසු සැතපුම් 1.3ක එකම මාර්ගයක් ගනී.

ඔවුන් අද්මිරාල්ටි ආරුක්කුව හරහා වෙළඳ සංකීර්ණය හරහා ගමන් කර, ට්රැෆල්ගර් චතුරශ්රයේ දකුණු පැත්තට ගොස්, පසුව වයිට්හෝල් සහ පාර්ලිමේන්තු වීදිය ඔස්සේ ගොස්, පාර්ලිමේන්තු චතුරශ්රයේ නැගෙනහිර සහ දකුණු පැතිවලින් පුළුල් අභයභූමිය වෙත ගොස්, ඇබේ වෙත පැමිණීමට නියමිතය..

රැජින සිය රාජාභිෂේකයෙන් පසුව, වයිට්හෝල්, ට්රැෆල්ගර් චතුරශ්රය, පෝල් මාල්, හයිඩ් පාර්ක් කෝනර්, මාබල් ආරුක්කු, ඔක්ස්ෆර්ඩ් වටරවුම හරහා සැතපුම් පහක් ගමන් කර අවසානයේ මාල් එකෙන් බැස බකිංහැම් මාලිගයෙන් අවසන් වූවාය.

නව රජු සහ රැජින උත්සවයට යන අතරතුර දියමන්ති ජුබිලි රාජ්ය පුහුණුකරු තුළ ගමන් කරන අතර ආපසු ගමන සඳහා වසර 260 ක් පැරණි රන් රාජ්ය පුහුණුකරු භාවිතා කරනු ඇත.

පෙරහැර ගමන් මාර්ගයේ ස්ථාන නැරඹීමට බ්රිතාන්යයේ මෙනම් යුරෝපිය රවල හා ලොව විවිධරටවල වෙසෙන විශාල ජනකායක් ලන්ඩන් නුවර පැමිනේ යයි අපේක්ෂා කෙරේ. 1953 එලිසබත් මහරජිනගේ රාජාභිෂේක පෙරහරට වඩා කෙටි ගමන් මගක් මෙම උත්සවයට යොදාගෙන තිබේ.

වෙස්ට්මිනිස්ටර් ඇබේ සහ බකිංහැම් මාලිගයෙන් පිටත මෙන්ම ද මාල් දිගේ, අශ්ව ආරක්ෂක පෙළපාලිය සහ වෙස්මිනිස්ර් චතුරශ්රයගමන් මග දිගේ ගමන් කරන පෙරහැර මහජන ජනතාවට මෙම උත්සවය නැරඹීමට හැකි ප්රධාන ස්ථාන වේ.

මෙම උත්සවය මහජනතාවට දැකබලා ගැනීමට රුපවාහිනී විශාල තිර හා අඩවිවල ප්රවේශ විය හැකි ලෙස සලසා ඇත

මැයි 6 වැනිදා පැවැත්වෙන ප්රධාන උත්සවයේ බාධාවකින් තොරව ආවරණය කිරීම සහතික කිරීම සඳහා ස්කයි නිව්ස් හි පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා දැන්වීම් විරාම පවා ඉවත් කර ඇතැයි සඳහන් වේ.

රුපවාහිනී විකාශනය හා ලොවපුරා ප්රධාන ජන මාධ්ය විකාශන කටයුතු සඳහා එහි පැමිණෙන ජනමාධ්ය කරුවන් හා චායාරුප ශිල්පින් අතිවිශාල එහි පැමිනේයි අපේක්ෂා කෙරේ.


චාල්ස් රාජාභිෂේකය සිදු කරණු ලබන්නේ ඔහුට වයස අවුරුදු 74දිය.මෙය මෑත අවදියෙහි රාජ පදවි ප්‍රාප්ත වන වයස් ගතම පුද්ගලයා යයි සඳහන්වේ.ඔහු ඩයනා කුමරිය දික්කසාද කර ඔහුගේ දිගු කාලීන පෙම්වතියකුව සිටි කැමිලා විවාහ කර ගනු ලැබුවේය.ඒ විවාහයට අවසර දීමට චාල්ස්ට දිගු කලක් බල සිටීමට සිදුවිය. ඔහුගේ මව් තුමිය වූ දෙවන එලිසබෙත් මහරැජින ඔහුට රාජ පදවිය අයගේ මරණය තෙක්ම ලබාදීමට කට යුතු නොකළේය.

ලොවපුර වෙසෙන ඩයනා කුමරිය අගයන බොහෝ දෙනෙකු චාල්ස්ගේ මෙම විවාහයට විරෝධතාවය පලකරසිටිති.මේ නිසා චාල්ස් ට බිත්තර විසි කරමින් බ්‍රිතාන්‍යයේ සිය විරෝධතාවය පළකර සිටියේය. බොහෝ නගරවල මොහු අපේ රජ නොවේයයි දැන්වීම් පුවරු අල්ලා සිටි අවස්ථා පුවත්පත වල රුපවාහිනිය මගින් ප්‍රචාරය කර තිබුණි. මෙවැනි පසු බිමකදී හෙට දවස තුළ බොහෝ දුරට විවිධ සිදුවීම් සිදු විය හැකියයි අනුමාන කරේ.
මේ අතර මේ උළෙල වර්ජනය කිරීම පිණිස ඇති විශාල පිරිසක්ද විරෝධතා වියාපාරයක් දියත් කෙරේ යයි පුවත්පත් වල සඳහන්ව තිබුණි.මේ සඳහා විශේෂ පොලිස් පිරිසක්ද යොදා ඇතැයි කියවේ.

ශාන්ත සේනාධීර -කතෘ -ලංකා නිවුස් යුකේ.

(මෙම සේයාරූ ස්කයි වෙබ් අඩවියෙහි පළවූ ඒවා වන අතර එහි අයිති ඔවුන් සතු බව කරුණාවෙන් සළකන්න )