Home Blog Page 15

කුරුඳුවත්තට උසාවි යාදෙයිද?

කුරුඳුවත්තට උසාවි යාදෙයිද?

ප්‍රසාද් ධනුෂ්ක ගුණසිංහ

By Mawbima -නොවැම්බර් 9, 2025

උසාවි පරිසරයක් තුළ ඇති නොසන්සුන්කාරී මෙන්ම කලබලකාරී ගති ස්වභාවය සහ ඒ අවට ඇති අපිළිවෙළ ඉදිරියේදී නිහඬ තේජාන්විත කොළඹ 07, කුරුඳුවත්ත ප්‍රදේශයේත් අනාගතයේදී දක්නට ලැබේද? වත්මන් ආණ්ඩුව කොළඹ 07 ප්‍රදේශයේත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් නිවාස හතරක මහාධිකරණවලට ලබා දීම හරහා මෙතෙක් කොළඹ තේජාන්විතව බැබැළුණු ඒ ඓතිහාසික ප්‍රදේශ මුඩුක්කු සිරියක් ගනීද? අධිකරණයට යන එන අයගේ පහසුවට ඒ අවට පෙට්ටි කඩ ඇති නොවෙනු ඇතැයි සහතිකයක් දිය හැකිද?

වැසිකිළි පහසුකම් අවට අහුමුළුවල පිරිමසා ගැනීම මේ වැඩට එන අය කර නොගනු ඇත්ද? එතෙක් වැදගත් ධනපතීන් ලෙස පැවැති පැත්ත අලුත්කඩේ සිරිගනු ඇත්ද? මේ ඒ පැති පිළිබඳ සොයා බැලීමට දැරූ වෑයමකි. කුරුඳුවත්ත කියූ සැණින් සිහිපත් වන්නේ අපේ රටේ කුරුඳු වගා කරන ප්‍රදේශයක් නොව කොළඹ හත කුරුඳුවත්තයි. ඒ සමඟම ප්‍රභූ පෙළැන්තියේ සුපිරි නිවාස සමූහයක් සහිත සුඛෝපභෝගීව දිවි ගෙවෙන පිරිසක් පිළිබඳව මනසේ මැවීම නොවැළැක්විය හැකිය. එසේ වුවද කොළඹ හතේ කුරුඳුවත්තට ඒ නම වැටුණේ විසි වැනි සියවසේ මුල් භාගයේදී. එය සාරවත් කුරුඳුවත්තක් වූ නිසාය.

ඉංග්‍රීසි සිවිල් නිලධාරියකු වූ එමර්සන් ටෙනන්ට් සඳහන් කර ඇති ආකාරයට කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශය බෙහෙවින්ම සුවදායී පරිසරයක්ව පැවැතිණි. එමෙන්ම විශාල කුලුනු සහිත පුළුල් ආලින්දවලින් සමන්විත නිවාස රැසක්ද එදා කුරුඳුවත්තේ විය.

වෛද්‍ය ජෝන් ඩේව්ගේ ඩේව් දුටු ලංකාව නම් ග්‍රන්ථයේ සඳහන් වන ආකාරයට කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේ පැවැති පස සිලිකා මිශ්‍ර පාංශු සංයුතියකට නිදසුනකි. ඔහු සඳහන් කරන ආකාරයට කොළඹ කුරුඳුවත්ත, කොළඹ වැව (බේරේ වැව) හා උසින් මුළුමනින්ම පාහේ සමානය. ආවරණ සහිතය. වැස්ස බහුල වීම, උෂ්ණත්වය අධික වීම ආදී කාරණා නිසා කුරුඳු පැළ සාරවත් ලෙස වැඩෙන බවද කුරුඳු අස්වැන්න විශිෂ්ට වන බවද ඔහු වැඩිදුරටත් කියා ඇත.

මේ ආණ්ඩුව බලයට ආ පසු කුරුඳුවත්ත නැවතත් කතාබහට ලක් වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසූ කුරුඳුවත්තේම පිහිටි විජේරාම නිල නිවෙසද මාතෘකාවක් වූ නිසාය. හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පිළිබඳ පනත සංශෝධනය කළ පසු එකී කතාබහ අවසන් වුවද යළිත් මාතෘකාවක් සමාජගත කළේ විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාය. ඒ කුරුඳුවත්ත ප්‍රදේශයේ නව මහාධිකරණ හතරක් ස්ථාපිත කිරීමට ආණ්ඩුව සැලසුම් කරන බව ප්‍රකාශ කිරීමය. නඩු කටයුතු ප්‍රමාද වීමට යටිතල පහසුකම් ප්‍රමාණවත් පරිදි නොමැති වීම බලපා ඇති බවත් ඊට පිළියමක් ලෙස නව මහාධිකරණ හතරක් කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටු වන බවත් ඇමැතිවරයා කියා තිබිණි. ඒ අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් ග්‍රෙගරි මාවතේ B 88, බෞද්ධාලෝක මාවතේ C 76, විජේරාම මාවතේ D 108, ස්ටැන්මෝර් චන්ද්‍රවංකයේ D 12 යන ගොඩනැඟිලි ආදියේ මෙකී මහාධිකරණයන් ස්ථාපිත කිරීමට අපේක්ෂිත බව ඔහුගේ හෙළිදරව්ව විය.

සාමාන්‍යයෙන් කුරුඳුවත්ත අයත් කොළඹ හත කලාපය කොළඹ නගරයේ ඇති පොලිස්පති නිල නිවෙස, ප්‍රංශ ආදී තානාපති කාර්යාල, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු පර්යේෂණායතනය, දේශපාලකයන් හා ධනවත් ව්‍යාපාර හා ධනවත් ව්‍යාපාරිකයන්ගේ ප්‍රභූ නිවාස සහිත ප්‍රදේශයක් මෙන්ම සාපේක්ෂ වශයෙන්ම ජන ගනත්වයද අඩු එමෙන්ම පාරිසරික වශයෙන්ද නිස්කලංක ප්‍රදේශයකි. එකී ගොඩනැඟිලි නඩත්තුව මෙන්ම මාර්ග පිරිසුදුකම සලකා බැලුවද ඒවා කොළඹ අන් සියලු කලාපයන්ට සාපේක්ෂව සුපිරිය. යටත් විජිත ඉතිහාසය පිරික්සන විට මෙසේ කුරුඳුවත්තට හිමිව තිබූ ස්ථානය මීට පෙර හිමිව තිබුණේ කොළඹ පිටකොටුව ප්‍රදේශයටය. ලන්දේසි පාලන සමයේදී වර්තමාන පිටකොටුවෙහි පවතින පළමුවැනි, දෙවැනි, තුන්වැනි හරස් වීදිවල එකල ප්‍රභූ නිවාස විය. කුරුඳුවත්ත මෙන් ගස්කොළන් සහිත නිස්කලංක පරිසරයකින්ද යුතු විය. වර්තමානයේ පිටකොටුවේ ඇති විවිධාකාර ව්‍යාපාරික ස්ථාන සකස් කර ඇත්තේද එවක පැවැති එකී ගොඩනැඟිලි පදනම් කරගෙනය. ඉන් පසු එවන් ප්‍රභූ නිවාස මෙන්ම නිස්කලංක පරිසරයක් පැවැතී ඇත්තේ මට්ටක්කුලිය, වර්තමාන අලුත්කඩේ ඇතුළු හල්ස්ඩ්‍රොප් ප්‍රදේශයේය. මෙකී ප්‍රභූ නිවාස හා නිස්කලංක පරිසරය කුරුඳුවත්තට ලැබී ඇත්තේ ඉන් පසුවය.

ප්‍රශ්නය මෙයයි. ආණ්ඩුවේ නව යෝජනාවට අනුකූලව මහාධිකරණ සංකීර්ණය පිහිටුවූ පසු දැනට කුරුඳුවත්තේ පවතින නිසංසල පරිසරය ඝෝෂාකාරී වේද?

අලුත්කඩේ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම පාහේ අධිකරණ කටයුතුවලට වෙන් වී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය පමණක් නොව නීතිඥවරුන්ගේ කාර්යාලද නීති විද්‍යාලයද නීතියට සම්බන්ධ පුද්ගලයන්ගේ කාර්යාලද එහි තිබේ.

දිනපතා විවිධ නඩු කටයුතු උදෙසා පැමිණෙන විශාල ජනකායකගෙන් ඒ පරිසරය වැසී ගොසිනි. කුරුඳුවත්තේ මහාධිකරණ හතරක් ස්ථාපිත කිරීමෙන් එහි පවතින නිසල පරිසරය අලුත්කඩේ පරිසරයට සමාන නොවනු ඇතැයි කෙසේ සිතමුද?

අපේ ප්‍රකට නගර නිර්මාණ ශිල්පියකු වන කලම්බු ⁣ෆෝරමිහි විධායක අධ්‍යක්ෂ සහ ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය සරත් මාතරආරචිචි මහතාගෙන් අපි මේ පිළිබඳව විමසුවෙමු.

“ඇත්තටම කුරුඳුවත්ත වගේ විශේෂ ප්‍රදේශ නගරයක තිබිය යුතුයි. වැනීසිය, සූරිච් වගේ නගරවලත් මේ වගේ ප්‍රදේශ තියෙනවා. නගර නිර්මාණ ශිල්පියා නගරයක් සැලසුම් කරන්නේ කිසියම් පරමාර්ථ ඇතිවයි.

ඉඩම් පරිහරණයේදී, ගොඩනැඟිලි ඉදිකිරීමේදී පැවැතිය යුතු ආකාරය තියෙනවා. උදාහරණයක් හැටියට අපේ රටේම ගෝල්ෆේස් ග්‍රීන් එකේ කිසිවක් හදන්න අවසර නැහැ.

දැන් අලුත්කඩේ ගනිමු. ඒක කාලයක් තිස්සේ ක්‍රමිවකව ඇවිත් තමයි වර්තමාන තත්ත්වයට පිහිටලා තියෙන්නෙ. අපට ඒක හොඳද නරකද කියන්න බැහැ. ඇත්තටම නගර නිර්මාණය කරන්නේ බලලා නෙවෙයි. ඒක අපහසු දෙයක්.

නගරයක විවිධ මට්ටම්වල ජනතාව ඉන්නවා. නගර නිර්මාණ ශිල්පියා අහංකාර නැති, ඉතා සංවේදී, කාටත් ඇහුන්කම් දෙන ටයිකෝට් දාලා පාටිවලට යන්න පුළුවන් ජාතියේ කෙනෙක් වෙන්න ඕනෑ. හිතන්න පුළුවන්ද මම ඇයි එහෙම කිව්වේ කියලා. ඒකට හේතුව තමයි නගරයක විවිධ තරාතිරම්වල, විවිධ සමාජ මට්ටම්වල ජනතාව ජීවත් වෙනවා. ඒ අයගේ ජීවන මට්ටමත් විවිධාකාරයි. අනෙක් එක නගරයක් නිර්මාණය කිරීමේදී අපි සැලසුම් කරන්න ඕනෑ එක් පරම්පරාවක් ගැන විතරක් හිතලා නෙමෙයි. අනෙක් එක අනාගතයේදී ඇති විය හැකි තත්ත්වයන්ට ඔරොත්තු දීමටත් අපි නගරය සැලසුම් කරන්න ඕනෑ. ඒ නිසා එක දෙයක් නෙමෙයි හැමෝටම හැමදේටම සැලසුම් සකස් කළ යුතුයි. ඒත් එහෙම නගර නිර්මාණ ශිල්පීන් දැන් හරි අඩුයි.”

ආචාර්ය සරත් මාතරආරච්චි මහතා පැවැසූ කරුණු අනුව සැලකූ විටද කුරුඳුවත්තේ ඉදිකිරීමට යෝජිත මහාධිකරණයන්හි සැලසුම තවම පැහැදිලි නැත. මේ පිළිබඳව කුරුඳුවත්ත ප්‍රදේශවාසී ජනතාවගේ ප්‍රතිචාරයන්ද මේ වනතෙක් දැනගැනීමටද නොහැකිය. ඒ සමහරවිට අමාත්‍ය විජිත හේරත් මහතා අදහස් දක්වා වැඩි දවසක් ගත වී නැති නිසා විය යුතුය.

“ඕනම ඉඩමක්, ගොඩනැඟිල්ලක් භාවිත කරන කොට එහි බලපෑම ඒ ළඟ තියෙන අනෙක් ප්‍රදේශවලට ඒ වගේ බලපාන්නේ කොහොමද වගේම ඒවා භාවිත කරල ක්‍රියාවේ යොදවන්න වාතාවරණයක් තියෙනවද කියලත් බලන්න ඕනෑ. දැන් කොළඹ හතට මහාධිකරණ හතරක් පවත්වාගෙන යන්න කරන යෝජනාවත් ඒ වගේ. මේ පිළිබඳව විධිමත් අධ්‍යයනයක් කරන්න ඕනෑ. මොකද නගර නිර්මාණ ශිල්පය සංකීර්ණයි. මේකට සෘජු පිළිතුරු දෙන්න හැකියාවක් නැහැ.”

ආචාර්ය සරත් මාතරආරචිචි මහතා තවදුරටත් අප හා එසේ පැවැසීය.

කොළඹ හත හෙවත් කුරුඳුවත්ත යනු කොළඹ නගරයේ මෙන්ම අපේ රටේ මිල අධිකම දේපළ මෙන්ම ගොඩනැඟිලි ඇති ප්‍රදේශයකි. එකී ඉඩම් සහ ගොඩනැඟිලිවල හොඳින් ආයෝජනය කොට සාධනීය ප්‍රතිඵල ලබා ගැනීමේ වරදක් නැත. මෙවැනි ඉඩකඩම් හා දේපළ පෞද්ගලික අංශයට පවරා අත පිහදාගන්නවා වෙනුවට රජය සතුව තබා ගැනීමට රජය ගත් තීරණය නිවැරදිය.

“මම මේ ගැන දැනගත්තේ ප්‍රවෘත්තිවලින්. එතැනින් එහාට මෙම ක්‍රියාවලියේ ඉදිරිය පිළිබඳව මම දන්නේ නැහැ. හැබැයි මේක ගොඩනැඟිලි ලබාගත හැකියි යන සාධකය පමණක් සලකලා අදාළ ක්‍රියාවලියෙන් සිදු වන බලපෑම් ගැන නොසලකා ගත්තු තීරණයක් වෙන්න ඕනෑ. මම කලින් සඳහන් කළා වගේ මේ පිළිබඳව පුළුල් ගවේෂණයක් කළ යුතුයි. එයින් තමයි සාධනීය ප්‍රතිඵල අත්කර ගන්න පුළුවන් වෙන්නේ.”

ආචාර්ය සරත් මාතරආරචිචි මහතා අවසන් වශයෙන් කීවේ එවැන්නකි.

සාමාන්‍යයෙන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කෙරෙද්දී ඊට උපදෙස් දෙන පාර්ශ්ව බොහෝ සිටිය හැකිය. ඒ සමහර උපදෙස් සාධනීය විය හැකි නමුත් අදාළ උපදෙස්වල ඇති ප්‍රයෝජන අල්පද විය හැකිය. ඒ නිසා මෙවැනි අවස්ථාවල ක්⁣ෂේත්‍රයේ විශේෂඥ උපදෙස් මත කටයුතු කරනු විනා දේශපාලන අරමුණු පමණක් පෙරදැරි කරගෙන කටයුතු නොකිරීමට ආණ්ඩුව වග බලා ගත යුතු බව අපේ හැඟීමයි.

ප්‍රසාද් ධනුෂ්ක ගුණසිංහ

කුරුඳුවත්තට උසාවි යාදෙයිද? - මව්බිම

mawbima.lk

කුරුඳුවත්තට උසාවි යාදෙයිද? – මව්බිම

සියලු රථ වාහනවලට ‘මාර්ග යෝග්‍යතා සහතිකය’ අනිවාර්ය වෙයි

සියලු රථ වාහනවලට ‘මාර්ග යෝග්‍යතා සහතිකය’ අනිවාර්ය වෙයි
By Anura Balasooriya -නොවැම්බර් 8, 2025

සියලු ම රථ වාහන සඳහා ඉදිරියේදී ‘මාර්ග යෝග්‍යතා සහතිකයක්’ ලබා ගැනීම අනිවාර්ය කිරීමට කටයුතු කරගෙන යන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ ‘මව්බිම’ට පැවසීය.

ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සහතිකයක් වන මෙය, ලොව දියුණු රටවල අනිවාර්ය සහතිකයක් බව ත් එම සහතිකය නොමැති වාහනයක් ධාවනයට ඉඩක් නොලැබෙන බව ත් ඔහු සඳහන් කළේ ය.

දැනට වාණිජ කටයුතුවල යෙදෙන වාහන සඳහා ලබාගත යුතු ‘යෝග්‍යතා සහතිකය’ සියලු ම වාහන සඳහා අනිවාර්ය කර සියලු වාහන සඳහා දැනට ලබාගත යුතු දුම් සහතිකයත් සමග යෝග්‍යතා සහතිකය ද ඒකාබද්ධ කර මෙම ‘මාර්ග යෝග්‍යතා සහතිකය’ එක ම ස්ථානයකින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු කීය.

මෙය ඉතා සංකීර්ණ පුළුල් වැඩසටහනක් වන අතර එය මැනවින් අධ්‍යයනය කොට කළ යුතු කාර්යයක් බැවින් ලබන වසරේ සිට එහි මූලික කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.

දැනට ක්‍රියාත්මක වන ‘දුම් සහතික’ නිකුත් කිරීමේ ක්‍රමවේදය 2027 දෙසැම්බර් 31 වන දා දක්වා ක්‍රියාත්මක විය යුතු බැවින් නව ක්‍රමවේදය තවත් වසර දෙකකින් එනම් 2028 වසරේ සිට හඳුන්වා දීමට සැලසුම් කර ඇත.(MAWBIMA LK NEWS)

BBC director general Tim Davie and News CEO Deborah Turness resign

BBC director general Tim Davie and News CEO Deborah Turness resign

BBC NEWS

09/11/25

Summary

BBC director general Tim Davie and CEO of News Deborah Turness resign over a documentary about Donald Trump

The Telegraph published a leaked BBC memo suggesting a Panorama documentary edited two parts of Trump’s speech together so he appeared to explicitly encourage the Capitol Hill riots of January 2021

The memo also criticised other areas of BBC News coverage

In a statement, Davie says: “There have been some mistakes made and as director general I have to take ultimate responsibility” – read it in full

In a separate statement, Turness says “the buck stops with me,” describing the decision to step down as “difficult”

Davie weathered many scandals during his time leading the BBC, but not this final one, our culture reporter writes

King leads nation in two-minute silence during Remembrance Sunday service at Cenotaph

King leads nation in two-minute silence during Remembrance Sunday service at Cenotaph
SKY NEWS UK
Sunday 9 November 2025

Last night, King Charles, Prince George and the prime minister were among attendees at the Royal British Legion’s Festival of Remembrance.

The King has led the nation in a two-minute silence during a Remembrance Sunday service at the Cenotaph.

The monarch, wearing a field marshal uniform with a ceremonial frock coat, was joined by other members of the Royal Family and senior politicians, who laid wreaths to the fallen.

The King was the first to lay a wreath, followed by Prince William, who was dressed in a Royal Air Force uniform in the rank of Wing Commander.

The Queen and Princess of Wales, both dressed in black, stood on one of the Foreign Office balconies overlooking Whitehall.

The Duke of Kent and Duchess of Edinburgh were also on the balconies, along with the Duke and Duchess of Gloucester.

Three D-Day veterans were among those attending the ceremony.

In total, about 20 veterans who served in the Second World War were there, receiving applause as they took their positions close to the monument in London’s Whitehall.

About a dozen people wearing military uniforms and poppies were pushed in wheelchairs.

Henry Rice, a former signalman who landed via Juno Beach five days after D-Day, and Mervyn Kersh who arrived in Normandy aged 19, three days after the start of the D-Day invasion, were two who took part.

Sid Machin, one of six 101-year-olds registered to march was also present and is one of the last surviving “Chindit” soldiers from the Second World War Burma campaign.

As a young man of about 19, Mr Machin landed behind enemy lines in a glider at night in the jungle, as part of a special forces unit in Burma (now Myanmar), which wreaked havoc on Japanese supply lines and infrastructure.

Prince Edward speaking to Defence Secretary John Healey on Horse Guards Parade following the march past. Pic: Reuters

Donald Poole, 101, was a Royal Army Ordnance Corps technician who handled defective explosives or enemy ammunition.

He was serving in India in 1945 when the surrender of Japan was announced.

“It is a great honour to be able to pay tribute to the poor souls who have died in all conflicts and I know how lucky I am to still be here thanks to all those who have fought and served, past and present,” he said.

“I also want to pay tribute to the civilian services who suffered during the Second World War, particularly the fire service, who saved so many lives during the Blitz, many of whom lost their own.”

An estimated 10,000 armed forces veterans took part in the Royal British Legion’s march past.

As is customary, all of the living former prime ministers were present in London, while in Edinburgh, First Minister John Swinney marked the occasion by laying a wreath at the Stone of Remembrance at a similar service.

Elsewhere, the two-minute silence was observed at war memorials in villages, towns and cities across the UK.

Prime Minister Sir Keir Starmer said: “This Remembrance Sunday, we pause as a nation to honour all those who have served our country.

“We reflect on the extraordinary courage of our Armed Forces in the world wars and subsequent conflicts, whose service secured the freedoms we cherish today.”

Reflecting on the 80th anniversary of WWII, Sir Keir spoke of “a generation who stood against tyranny and shaped our future”.

He added: “Such sacrifice deserves more than silence, which is why this government remains committed to supporting veterans, their families and those who serve.

“Today, we remember, and we renew our promise to uphold the values they fought for.”

Chief of the defence staff Air Chief Marshal Sir Richard Knighton said: “From the Cenotaph in London to memorials in towns and villages across the United Kingdom, and wherever our armed forces serve around the world, we pause to remember their courage, their sacrifice and their enduring legacy.

“We shall remember them.”

Last night, Sir Keir joined members of the Royal Family at the Royal British Legion’s Festival of Remembrance.

Sir Rod Stewart, Sam Ryder and Keala Settle were on the bill, along with performances by the Central Band of the RAF, the RAF Squadronaires and the Band of HM Royal Marines during the event at London’s Royal Albert Hall.

Ted Lasso star Hannah Waddingham hosted the festival and sang We’ll Meet Again – telling the audience of the courage of her granddad, who is a veteran.

Harry Waddingham is 109, and one of the oldest living men in the United Kingdom.

The Princess of Wales was seen wearing a black dress adorned with a handmade poppy created out of silk, glass and other natural materials, along with earrings belonging to the late Queen.

The Prince of Wales was absent as was travelling back from Brazil where he attended the COP30 climate summit.

Prince George attended for the first time and watched intently as emotional videos of veterans speaking about their experiences were played.

The King was announced as a patron of the Royal British Legion last year.

බෙන්ජමින් නෙතෙන්යාහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්

බෙන්ජමින් නෙතෙන්යාහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්
08 November 2025

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු අත්අඩංගුවට ගැනීම සඳහා තුර්කි රජය වරෙන්තු නිකුත් කර තිබේ.

ගාසාහි ජන සංහාරයක් සිදුකළ බවට චෝදනා කරමින් මෙම තීරණය ගෙන ඇත.

එමෙන්ම ඔහුට අමතරව, යුද්ධයට සම්බන්ධ තවත් ඉහළ නිලධාරීන් 37 දෙනෙක්ට එරෙහිව ද මෙලෙස වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ අතරට ඊශ්‍රායල් ආරක්ෂක ඇමති කැට්ස්, ජාතික ආරක්ෂක අමාත්‍ය බෙන් ග්වියර් ද ඇතුළත් වේ.(Aruna lk News)

Cristiano Ronaldo plans to retire from football for family reasons

Cristiano Ronaldo plans to retire from football for family reasons

06 Nov 2025 | BY Staff Writer

Cristiano Ronaldo says he will retire “soon”, admitting it will be difficult to bring his glittering career to an end as the 40-year-old has been planning his post-football life for some time.

The Al Nassr striker is the all-time leading goalscorer with 952 goals for club and country combined. He said last month he was targeting 1,000 goals before quitting the game.

“Soon,” the five-time Ballon d’Or winner said when asked when he would hang up his boots.

“I think I will be prepared. It will be very, very difficult,” he said in an interview on Piers Morgan’s Uncensored, published on Tuesday.

“But, I have prepared my future since 25, 26, 27 years old. I think I will be capable to support that pressure. Nothing will compare to the adrenaline you have to scoring a goal in football.

“But everything has a beginning and everything has an end. I’m going to have more time for myself, for my family, to raise my kids.”

The former Manchester United forward said he still follows their results, despite bringing an unhappy second spell at the club to an end three years ago.

United endured their worst top-flight finish last season since they were relegated in 1973-74, coming 15th.

“I’m sad, because the club is one of the most important clubs in the world and a club that I still have in my heart,” Ronaldo said.

“They don’t have a structure. I hope that changes in the present and future, because the potential of the club is amazing.

“They are not on a good path. And it’s not only about the coach and players, in my opinion … He is doing his best. What are you going to do? Miracles are impossible,” Ronaldo said, referring to manager Ruben Amorim.

Source : BBC /THE MORNING LK NEWS

මෙරට සංචාරක පැමිණීම ලක්ෂ 19 පනී

මෙරට සංචාරක පැමිණීම ලක්ෂ 19 පනී
06 November 2025

මේ වසරේ ජනවාරි සිට මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 19 ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසයි.

ඒ අනුව 2025 ජනවාරි සිට නොවැම්බර් 5 දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,923,502කි.

ඒ අතරින් සංචාරකයින් 431,235ක් ඉන්දියාවෙන්, 177,167ක් එක්සත් රාජධානියෙන්, 138,061ක් රුසියාවෙන්, 119,415ක් ජර්මනියෙන් සහ 113,619ක් චීනයෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය

නොවැම්බර් මාසයේ 01 වනදා සිට 05 වනදා දක්වා කාලය තුළදී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 32,815කි.

ශ්‍රී ලංකාවේ වාර්ෂික සංචාරක පැමිණීම ලක්ෂ 20 සීමාව ඉක්මවා ඇත්තේ අවස්ථා 4කදීය.

එනම් 2016, 2017, 2018 හා 2024 යන වර්ෂයන්හිදීය.(Aruna lk news)

Happy Halloween 2025 -හැලොවීන් 2025 – ඔක්තෝබර් 31

Happy Halloween 2025 -හැලොවීන් 2025 – ඔක්තෝබර් 31

Lanka News UK

හැලොවීන්යනු ඔක්තෝබර් 31 වන දින බටහිර ක්‍රිස්තියානි මංගල්‍යයට පෙර දින ලොව බොහෝ රටවල පවත්වනු ලබන සැමරුමක් වේ.. එය ඇල්හැලෝටයිඩ් සැමරීමේ ආරම්භයේ දී වන අතර, ක්‍රිස්තියානි ආගමික වර්ෂයේ සාන්තුවරයන්, ප්‍රාණ පරිත්‍යාගිකයන් සහ පිටත්ව ගිය සියලුම විශ්වාසවන්තයින් ඇතුළු මළවුන් සිහි කිරීම සඳහා කැප වූ කාලයයි සැළකේ. නුත සමාජයේ ජනප්‍රිය සංස්කෘතිය තුළ, හැලොවීන් භීෂණය සැමරීමක් බවට පත්ව ඇත. එය භයානක හා අද්භූත දේ සමඟ සම්බන්ධ වේ.

එක්සත් රාජධානිය ඇතුළු යුරෝපිය රටවල අද කුඩා දරුවනට මෙනම් තරුණ -තරුණියනට හැලොවින් යනු විනෝදය ගෙනදෙන දිනයක් බවට පතව් තිබේ. අද කළුවර වැටෙන සැන්දෑ සමයේ ඔවුන් සිය දෙමාපියන් සමග විවිධ වෙස් මුහුණු පැළඳගෙන අවට නිවෙස්වෙත ගොස් දොරට තට්ටුකර ට්‍රික්ක ට්‍රී (Trick or Treat) යනුවෙන් හඬනගා නාදකර එම නිවසින් ලැබෙන රසකැවිලි ( ටොෆි ,චොක්ලට් ) සිය මළුවල පුරවාගෙන විනෝදවීම විශේෂ සිද්ධියක් වෙයි.කුඩා දරුවන්මෙන් තරුණ පිරිස් වෙස් ඇඳුම් අන්ද විකාර රූපී වෙස් මුහුණු පළඳා සංචාරයේ යෙදෙමින් විනෝදවීම අද හවස් බාගයේ දැකිය හැක සුලබ දසුනක් වේ.

මෙම කාල සිමාවේ වෙළඳ සැල් හොලිවීන් සැමරුම නිමිති කරගෙන සරසා තිබීමත් ඒ සඳහා සිය පාරිබෝගි යනට අවශ්‍ය වෙස්මුහුණු නිවෙස් සරසණ භාණ්ඩ රසකැවිලිවූ ටොෆි චොක්ලට් පහසු මිලට විකිණීමත් සිදු කෙරේ. තවද නිවෙස් රත් පැහැ ගන්වන විදුලි බුබුළු වලින් භියගනවන හඬනන්වන වෙස් මුහුණින් ඇටසැකිලි හොල්මන් අවතාර සිහිගන්වන දැන් නිවෙස් සරසන්නටත් පුරුදුව සිටිති.

අයර්ලන්තයේ සහ ස්කොට්ලන්තයේ සියවස් ගණනාවක් පුරා සමරනු ලැබූ අයර්ලන්ත සහ ස්කොට්ලන්ත සංක්‍රමණිකයන් 19 වන සියවසේදී උතුරු ඇමරිකාවට බොහෝ හැලොවීන් සිරිත් විරිත් ගෙන ආ අතර,පසුව ඇමරිකානු බලපෑම හරහා 20 වන සියවසේ අගභාගයේ සහ 21 වන සියවසේ මුල් භාගයේදී විවිධ හැලොවීන් සිරිත් විරිත් වෙනත් රටවලට ව්‍යාප්ත විය.

හැලොවීන් සමයේ ජනප්‍රිය ක්‍රියාකාරකම් අතරට උපක්‍රම හෝ සංග්‍රහ කිරීම (හෝ ඒ ආශ්‍රිත වේශ නිරූපණය සහ ආත්මය කිරීම), හැලොවීන් ඇඳුම් සාදවලට සහභාගී වීම, වට්ටක්කා හෝ ටර්නිප්ස් ජැක්-ඕ-පහන් කූඩු බවට කැටයම් කිරීම, ගිනිදැල් දැල්වීම, ඇපල් බොබින් කිරීම, පේන කීම ක්‍රීඩා, විහිළු කිරීම, හොල්මන් ආකර්ෂණීය ස්ථාන නැරඹීම, බිය උපදවන කථා කීම සහ ත්‍රාසජනක හෝ හැලොවීන් තේමාවන් සහිත චිත්‍රපට නැරඹීම ඇතුළත් වේ.

කිතුනුවන් පල්ලියේ සේවාවන්ට සහභාගී වීම සහ මළවුන්ගේ සොහොන් මත ඉටිපන්දම් දැල්වීම ඇතුළුව සියලුම හැලෝස් ඒව සැමරීම සිදු කරයි. අනෙක් අයට ලෞකික සැමරුමකි. සමහර කිතුනුවන් ඕල් හැලෝස් ඒව දිනයේදී මස් කෑමෙන් වැළකී සිටි අතර, එය මෙම දිනයේ ඇපල්, අර්තාපල් පෑන්කේක් සහ සෝල් කේක් ඇතුළු ඇතැම් නිර්මාංශ ආහාර අනුභව කිරීමෙන් පිළිබිඹු වන සම්ප්‍රදායකි.

සියලු හැලෝස් ඒව දිනයේදී, ලෝකයේ සමහර ප්‍රදේශවල කිතුනුවන් සුසාන භූමිවලට ගොස් යාච්ඤා කර තම ආදරණීයයන්ගේ සොහොන් මත මල් සහ ඉටිපන්දම් දල්වයි. ඉහළට: බංග්ලාදේශයේ කිතුනුවන්ට ආලෝකකරණය කළ හැකිය.

අධිකරණ ඇමති ලන්ඩනයේ නීතිඥවරුන් හමුවෙයි

අධිකරණ ඇමති ලන්ඩනයේ නීතිඥවරුන් හමුවෙයි

27/10/25

එක්සත් රාජධානියේ වෙසෙන නීතිඥ ප්‍රජාව නියෝජනය කරන පිරිසක් සමග මේ දිනවල ලන්ඩනයට පැමිණ සිටින ජාතික ජනබලවේග රජයේ අධිකරණ දී ඇමති ජනාධිපති නීතිඥ හර්ෂණ නානායක්කාර සමග සුහද රැස්වීමක් ඔක්තෝබර් 27දා සවස දකුණු ලන්ඩනයේ ප්‍රභා ආපන ශාලාවේදී පැවැත්විණි.මෙහිදී නීතිඥ ප්‍රජාව සමග ප්‍රශ්න රැසක් සාකච්ජා කරනු ලැබූ අතර මෙහි වෙසෙන නිතීඥවරුන් ඇසු ඇතැම් ප්‍රශ්න හමුවේ ඇමතිවරයා අපහසුතාවයකට පත්ව සිටිනු දක්නට ලැබුණි.මේ රැස්වීම එක්සත් රාජධානියේ නීති ඥ සංගමයේ හිටපු සභාපති ජේෂ්ඨ රාජනීතිඥ හර්මන් ද සිල්වා ,ලලිත් දී කව් හා මෙහි ජාජබ සබාපති දර් ශණ හෙට්ටිආරච්චි යන මහතුන් ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම ඊයේ හවස පැවත්වුණි

ජාතික ජනබලවේග රජය පත්ව වසරක ගතව ඇති අතර මේ දක්වා එහි ප්‍රතිපත්ති සඳහන් වූ ශ්‍රීලංකා මහබැංකු බැඳුම්කරය, බටලන්ද කොමිසම ,හා විශේෂයන් නීතිඥයින් 21 පමණ ඝාතනයවූ දෑ සම්බන්ධයෙන් මෙතෙක් සාධරණයක් වී නොමැති බවට විමසා සිටියේය. පාර් මේන්තුවේ විවාද කර නීතිපති දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධව කටයුතු කිරීමට යොමු කිරීම පමණක් සිදුකර පසුගිය රජයන් ගණනාවක් කළපරිදි ඉන් මගහැර යන සෙයක් දිස්වයන බව පෙනෙන්නේයයි නීතිඥ ශාන්ත සේනාධීර හා ලෙස්ලි රත්නසේකර විසින් ඇමතිවරයාගෙන් විමසා සිටියේය.මේ පිළිබඳ පිළිතුරු දෙමින් ඇමතිවරයා පවසා සිටියේ මේ ඇතැම් සිදුවීම් සිදුවී වසර ගණනාවක් ගතව ඇති බවත් අදාළ කටයුතු පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීමට සාක්ෂි පිළිබද ගැටළු රාශියක් නිරාකරණය කල යුතුව ඇති බවත් එසේ නැතිව මේ පිළිබඳ අධිකරණ ක්‍රියා බිඳවැටෙන්නට හැකි බවත් කියාසිටියේය.එසේ නොමැතිව ,ඒ ප්‍රශ්නවලින් මගහැර යාමට නොවන බවත් පවසා සිටියේය.තවස මේ නීතිඥ ඝාතන සිදුවී තිස්වසරකට අධික කාලයක් දැනට ගතව ඇති හෙයින් ඒ පිළිබඳ සාක්ෂි සොයාගැනීම ඉතා අපහසු කරුණක් බවද, සාක්ෂි ඇතොත් ඒ ගැන කටයුතු කල හැකි බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

යාපනයේ හා උතුරු පෙදෙස්වල ඇති ඉඩම් හා විවිධ ප්‍රශ්න රැසක් මෙහි වෙසෙන එම පෙදෙස් වලින් පමණ සිටින නීතිඥවරුන් රැසක් ද මෙහිදී ඇමතිවරයාගේ අවධානයට්යොමු කළේය.රජය විසින් යුක්තිය පසිඳලීම පිණිස ගෙන තිබෙන පියවර රැසක් ඇමතිවරයා පෙන්වා දුන් අතර විවිධ අල්ලස් හා දුෂණ සම්බන්ධයෙන් වරදකරුවන් වූ දුෂිත විනිසුරන්, පොලිස් නිලධාරින් ඇතුළු යුක්තිය පසිඳලීමේ නියැලී සිටින බොහෝ පිරිසක් ඉන් ඉවත්කර ඇතිබවත් පවසාසිටියේය. දිවයිනේ අල්ලස් ගැනීම හා දුෂණ වලින් පිරි රටක් බවත් එය පසුගිය රජයන්ගේ පාලන කාලයන්හි සිට පැවත ගෙන එන ක්‍රියා දාමයන් ගෙන් රටේ හැම කේෂත්‍රයක්ම් ගිලගෙන ඇති බවත් එය යහමගට ගෙනයාම කෙටි කල සීමාවකින් කල නොහැකි බවත් යහමට ගැනීම ඉතා අපහසු කරුණක් බවද පෙන්වා දුන්නේය.නඩු දහස් ගණනක් විසදීමට නීති පති දෙපාර් තමේන්තුවේ සිටින නිලධාරින් ප්‍රමාණවත් නොවන බවත් අධිකරණ හා විනිසුරන් ගණන වැඩිකළ යුතුබවත් මේ සම්බන්ධව මෙහිදී නැගු ප්‍රශ්න හමුවේ පිළිතුරු දෙමින් පවසා සිටියේය.ඔවුන් පොලිස් නිළධාරීන්ගේ කටයුතුවලට වත්මන් රජය මැදිහත් නොවන බවත් එම ප්‍රශ්න පොලිස්පතිතුමා හා එම කොමිෂන් සබාව විසින් ස්වාදීනව සිදු කිරීමට බලතල ලබාදී ඇති බවත් ප්‍රකාශ කළේය.

අනාගතයේදී සුම් තාක්ෂණය යොදාගනිමින් අදාළ ප්‍රශ්න සාකචජා කිරීම සඳහා ක්‍රමවේදයක් යොදාගන්නට කටයුතු කරන බවත් ඒ සඳහා මහි සිටින නීති ඥයින්ගේ සහාය ඉතා අගයන බවද ඔහු මෙහිදී පැවසීය

මෙහිදී නිතීඥ සතා සත්‍යනාදන් , ෆ්‍රෑන්ක් චෙලියන්,. මෙතුවන් සමරසිංහ,කුමුදු අමරසිංහ. සුනිල් ද සිල්වා, ඇතුළු නිතීඥ පිරිසක් මෙහිදී අධිකරණ ඇමතිවරයාට සිය ප්‍රශ්න යොමුකර සිටියේය.

Justice Minister meets London Srilakan Lawyers

A cordial meeting was held with the Minister of Justice of the National People’s Power Government, President’s Counsel Harshana Nanayakkara, who is currently in London, with a group representing the bar association in the United Kingdom, at the Prabha Restaurant in South London on the evening of October 27. A number of issues were discussed with the bar association and the Minister was seen to be uncomfortable with some of the questions asked by the lawyers living here. The meeting was held yesterday evening under the patronage of the former President of the Bar Association of the United Kingdom, Senior Lawyer Herman de Silva,(Q.C.) Lalith Dee Kaw (Barister) Darshan Hettiarachchi.

It has been a year since the and the National People’s Power government was formed and it was questioned that no action has been taken so far regarding the Central Bank of Sri Lanka bonds, the Batalanda Commission, and the murder of 21 lawyers, which were mentioned in its policies. Attorneys Shantha Senadheera and Leslie Ratnasekera questioned the Minister, stating that it appears that the Minister is evading the issue by only debating the matter in Parliament and directing the Attorney General’s Department to take action, as has been done by several previous governments. Responding to this, the Minister said that many years have passed since these incidents occurred and that many issues regarding evidence need to be resolved to implement the law on the relevant matters, otherwise the judicial proceedings in this regard may collapse. He said that otherwise, there is no way to avoid these issues. He further stated that since more than thirty years have passed since the murders of lawyers, it is very difficult to find evidence about it, and if there is evidence, it can be dealt with.

Many lawyers from Jaffna and the northern areas, who live here, also drew the attention of the minister to the various issues related to land and other issues. The minister pointed out the many steps that the government has taken to ensure the administration of justice and said that many people involved in the administration of justice, including corrupt judges and police officers who were found guilty of various bribery and corruption, have been removed from office. He pointed out that the country is full of bribery and corruption, and that it has engulfed every sector of the country due to the chains of actions carried out since the rule of previous governments, and that it cannot be brought back to the right path in a short time, and that it is very difficult to get it right. Responding to questions raised in this regard, he said that the officers in the Attorney General’s Department are not sufficient to resolve thousands of cases and that the number of courts and judges should be increased. He stated that the current government will not interfere in the affairs of police officers and that the IGP and the Commission have been given the authority to independently resolve those issues.

He also said that in the future, a method will be used to discuss relevant issues using video technology and that the assistance of the lawyers present here is greatly appreciated.At this time, a group of lawyers including Satha Sathyanathan, Frank Chelian, Methuwan Samarasinghe, Kumudu Amarasinghe, Sunil De Silva, and others directed their questions to the Minister of Justice.

0

South Asia’s fastest woman returns home after winning 3 gold medals

The Morning

South Asia’s fastest woman returns home after winning 3 gold medals

🔴

#themorninglk#themorningsports#trending#srilanka#trendingvideo