Home Blog Page 16

A plane crash near Kenya’s coast has killed 10 European tourists and a local pilot, officials have said.

0

A plane crash near Kenya’s coast has killed 10 European tourists and a local pilot, officials have said.

BBC NEWS

28/10/25

bbc.co.uk

Tourist plane crash in Kenya kills 11 on board

එළැ­ඹෙන 2026 වස­රේදී සංචා­රය සඳහා ලොව හොඳම ගම­නාන්ත 25 අත­රට ශ්‍රී ලංකාවේ යාප­නය ද එක්ව තිබෙනවා.

0

Rupavahini News

එළැ­ඹෙන 2026 වස­රේදී සංචා­රය සඳහා ලොව හොඳම ගම­නාන්ත 25 අත­රට ශ්‍රී ලංකාවේ යාප­නය ද එක්ව තිබෙනවා.

සංචාර සඳහා මාර්ගෝ­ප­දේශ තොර­තුරු සප­යන ලොව පිළි­ගත් සඟ­රා­වක් වන අමෙ­රි­කාවේ ‘ලෝන්ලි ප්ලැනට්’ විසින් 2026 වසරේ දී සංචා­රය කිරී­මට හොඳම ගම­නාන්ත 25 නම්කර තිබෙන අතර අදාළ සඟ­රාව විසින් රට­වල් කිහි­ප­යක ආක­ර්ෂ­ණීය ස්ථාන මේ සඳහා තෝරා­ගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ හොඳම ගම­නාන්ත අත­රට ශ්‍රී ලංකාවේ යාප­නය එක්ව තිබෙන අතර සංස්කෘ­තික සංචා­රක ගම­නා­න්ත­යක් ලෙස ජන­ප්‍රිය යාප­නය, මෑත කාලය තුළ දහස් ගණ­නක් සංචා­ර­ක­යන් ආක­ර්ෂ­ණය හිමි­ක­ර­ගත් ස්ථාන­යක් බවට පත්ව තිබෙනවා.

ඒ අනුව යාප­නයේ ඇති සංස්කෘ­තික හා ඓති­හා­සික උරු­මය මෙම තෝරා ගැනී­මට ප්‍රධාන වශ­යෙන් බලපා තිබෙන අතර ලොව වඩාත් විශ්වා­ස­දා­යක සංචා­රක මාධ්‍ය සන්නා­ම­යක් වන ‘ලෝන්ලි ප්ලැනට්’ 1970 වසරේ සිට ක්‍රියා­ත්මක සඟ­රා­වක්.

අදාළ සඟ­රාවේ සංචා­රක මාර්ගෝ­ප­දේශ පොත් මිලි­යන 150කට වඩා මේ වන­විට අලෙවි වී තිබෙන අතර ශ්‍රී ලංකා­වට අම­ත­රව දකුණු ආසි­යානු කලා­ප­යට අයත් තායි­ල­න්තය පම­ණක් මේ ගම­නාන්ත 25 අත­රට එක්ව සිටීම විශේ­ෂ­ත්ව­යක්.

#SLRC#RupavahiniNews#rupavahininews


“ජපානයේ යකඩ ගැහැනිය” සනේ ටකයිචි ජපානයේ පළමු කාන්තා අගමැතිනිය ලෙස පත්වෙයි.

“ජපානයේ යකඩ ගැහැනිය” සනේ ටකයිචි ජපානයේ පළමු කාන්තා අගමැතිනිය ලෙස පත්වෙයි.

Lanka News UK

ජපානයේ පළමු කාන්තා අගමැතිනිය ලෙස සනායි තකයිචි එරට පාර්ලිමේන්තුව විසින් තෝරා පත් කර ගනු ලැබ ඇති පුවත ලොවපුරා මධ්‍යවල ඊයේ ප්‍රධාන සිරස්තලය වී තිබේ. ජපානයට මෙය ඓතිහාසික දිනයක් වන අතර, එහිදී කාන්තාවක් පළමු වරට රටේ ඉහළම තනතුරට තේරී පත් වී ඇත.

ජපාන පාර්ලිමේන්තුවේ ඊයේ (ඔක්. 21) පැවති විශේෂ ඡන්ද විමසීමකදී ඡන්ද 237ක් දිනා ගනිමින් සනේ ටකයිචි මෙලෙස අගමැති ධූරය සඳහා තෝරාපත් කර ගෙන ඇත.බොහෝ බ්‍රිතාන්‍ය පුවත්පත ඇය හඳුන්වා තිබුණේ දෙවැනි මාගරට් තැචච්ර් කෙනෙකු ජපානයේ බිහිව ඇති බවයි.

ඇගේ දේශපාලන ජීවිතය ආරම්භ කිරීමට පෙර කතුවරියක්, ව්‍යවස්ථාදායක සහායිකාවක් සහ ජපානයේ රුපවාහිනී මාධ්‍යයන්හි විකාශකවරියක් ලෙස සේවය කළාය.

2025 සිට ජපානයේ අගමැතිනිය සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සභාපතිනිය ලෙස සේවය කළ ජපන් දේශපාලනඥයෙකු වුවාය.. ඇය මෙම තනතුරු දෙකෙන් එකක් හෝ දැරූ පළමු කාන්තාව මෙන්ම නාරා ප්‍රාන්තයෙන් පැමිණි පළමු කාන්තාව ද වේ. 1993 සිට 2003 දක්වා සහ 2005 සිට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකාවක් වූ ඇය, ෂින්සෝ අබේ සහ ෆුමියෝ කිෂිඩාගේ අගමැති ධුර කාලය තුළ අමාත්‍ය ධුර කිහිපයක් ද දැරුවාය.

64 හැවිරිදි වියේ පසුවන ඇය ‘ජපානයේ යකඩ ගැහැනිය’ ලෙස අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබයි.1961 මාර් තු 7දා දී නාරා ප්‍රාන්තයේ උපත ලැබූ සනායි තකයිචි ටකයිචි උපත ලබා හැදී වැඩුණේ නාරා ප්‍රාන්තයේ යමටොකොරියාමා හි ද්විත්ව ආදායම් ලබන මධ්‍යම පාන්තික පවුලකිනි. ඇගේ පියා, ඩයිකියු ටකයිචි ටොයොටා සමඟ අනුබද්ධ මෝටර් රථ සමාගමක සේවය කළ අතර ඇගේ මව, කසුකෝ ටකයිචි නාරා ප්‍රාන්ත පොලිසියේ සේවය කළාය.ටකයිචි නාරා ප්‍රාන්ත උනෙබි උසස් පාසලෙන් අධ්‍යාපනය හදාරා ටෝකියෝවේ කීඕ සහ වසෙඩා විශ්ව විද්‍යාලවල මෙට්‍රික් අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලැබුවද එය සිදු කිරීමට ඇයට බධා තිබුණි .

ඒ ඇය කාන්තාවක් නිසා නිවසින් පිටව ගියහොත් හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් තෝරා ගන්නේ නම් උපකාරක ගාස්තු ගෙවීමට සිදුවූ නිසා ඇගේ දෙමාපියන්ට එය දරාගත නොහැකිවූ නිසා ඇය එකි විශ් ව විද්‍යාලවල අධ්‍යාපනය අත්හැර දැමුවාය. ඒ වෙනුවට, තකයිචි තම පවුලේ නිවසේ සිට කෝබේ විශ්ව විද්‍යාලයට තෝරාගත්තේය.නමුත එහි යාමට පැය හයක් ගමන් කළ අතර, අර්ධකාලීන රැකියාවක යෙදෙමින් ඒ සඳහා ඇයට මුදල් ගෙවීම සිදුකර තිබුනේය. ඇගේ විශ්ව විද්‍යාල කාලය තුළ ඇය බෙර වාදනය ( Drums ) කරමින් එහි සංගීත කණ්ඩායමකට සම්බන්ධ වූවාය.ඇය කෝබේ වෙතින් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධියක් ලබා ගත් අතර, පසුව මැට්සුෂිටා රජයේ සහ කළමනාකරණ ආයතනයට ඇතුළත් වූවාය.

මැට්සුෂිටා ආයතනයේ අනුග්‍රහය ඇතිව, ඇය 1987 දී ඩිමොක්‍රටික් කොංග්‍රස් කාන්තාවක් වන පැට් ෂ්‍රෝඩර්ගේ කොංග්‍රස් සභිකයෙකු ලෙස සේවය කිරීමට එක්සත් ජනපදයට ගියාය. 1989 දී ජපානයට ආපසු පැමිණි පසු, ඇය ඇමරිකානු දේශපාලනය පිළිබඳ දැනුමක් ඇති ව්‍යවස්ථාදායක විශ්ලේෂකවරියක් ලෙස සේවය කළ අතර ඇගේ අත්දැකීම් මත පදනම්ව පොත් ලිවීය. පසුව ඇය 1989 මාර්තු මාසයේදී අශායි රුපවාහිනියේ (TV Asahi )හි ඉදිරිපත් කරන්නියක් බවට පත් වූ අතර, රෙන්හෝ සමඟ නාලිකාවේ “Kodawari TV Pre-Stage” වැඩසටහන සම-සත්කාරකත්වය දැරීය. 1990 නොවැම්බර් මාසයේදී, Takaichi Fuji Television හි ඉදිරිපත් කරන්නියක් ලෙස සේවය කළ අතර, පසුව “Asa Da! Nandou Gaku” නම් උදෑසන තොරතුරු වැඩසටහනේ නිෂ්පාදකවරියක් ලෙස සේවය කළාය.

ටපු අගමැති ෂින්සෝ අබේගේ අනුගාමියෙකු ලෙස හැඳින්වෙන කොන්සර්වේටිව් දේශපාලනඥයා, රටේ පහළ සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ සරල බහුතරයක් දිනා ගැනීමෙන් පසු වසර පහක් තුළ ජපානයේ සිව්වන නායිකාව බවට පත්ව ඇත. මෙය අගමැති ධුරයට පත්වීමට ඇය ගත් තුන්වන උත්සාහයයි.

දැන් ඇය එම තනතුර භාරගෙන ඇති බැවින්, ඇයට ඇගේ නව කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත් කිරීමට සිදුවනු ඇත. පසුව සහතික කිරීමේ උත්සවයක් සහ ඔවුන්ගේ පළමු කැබිනට් රැස්වීම සඳහා අධිරාජ්‍ය මාලිගයට ගොස් . ඇය අඟහරුවාදා ඊයේ සවස රටේ 104 වන අගමැතිනිය ලෙස දිවුරුම් දී තිබුණි.

ඇයට මිලියන 120 ක ජනතාවක් සිටින රටට පිළිතුරු දීමට සිදුවනු ඇත.

නිපොන් කයිගි හි සාමාජිකාවක් වන ඇය, ජපන් ඉතිහාසය පිළිබඳ ජාතිකවාදී දැක්මක් මාධ්‍ය, ශාස්ත්‍රීය හා පුළුල් අධ්‍යාපනය තුළ ඇය ජපන් පසුබැමට ලක්ව තිබෙන ජපන් ආර් තිකය නැංවීමේ ක්‍රියා වලියට උර දෙනු ඇත.

අපි ඇයට ජපානය තවත් ඉදිරියට ගෙනයාමේ ශක්තිය ලැබේවා යයි ආසිරි පතන්නෙමු .

ශාන්ත සේනාධීර ලංකා නිවුස් යු කේ

Japanese Scientists Develop a drug that could extend human lifespan up to 250 years

Ignite your mind 

Yesterday at 08:30 ·

Japanese scientists may have just found a way to slow aging from the inside out.

Researchers at Osaka University discovered that a protein called AP2A1 changes as we age, messing with how our cells function. But when they reduced it in older cells, those cells started acting young again.

Paired with a drug called IU1, which helps cells clean themselves out, this could be a major step toward slowing or even reversing parts of the aging process.

#fblifestyle

ශ්‍රී ලංකාවට තියුණු ජයක්

ශ්‍රී ලංකාවට තියුණු ජයක්
20 October 2025

2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (20) පැවැති තරගය ලකුණු 7කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල පන්දුවාර 48 යි පන්දු 4ක් අවසානයේ දී සියලුදෙනා දැවී ලකුණු 202ක් රැස් කළාය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිලට නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී රැස්කර ගැනීමට හැකි වුණේ ලකුණු 195ක් පමණි.

මෙම තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ චමරි අතපත්තු අවසන් පන්දු වාරයේදී දුවද්දී දැවී යාමක්ද සමග පළමු පන්දු හතරේදී කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූවාය.
(ARUNA LK NEWS)

තවමත් අවුරුදු 15ක් වන ශ්‍රී ලාංකික දැරියක්, ලොව පුරා තරුණ කවීන් දහස් ගණනක් අභිබවායයි.එල්ලන්‍යා සිවසූබ්‍රමනියම් (Ellanya Sivasubramaniam).

තවමත් අවුරුදු 15ක් වන ශ්‍රී ලාංකික දැරියක්, ලොව පුරා තරුණ කවීන් දහස් ගණනක් අභිබවා ගොස්, ජයග්‍රහණයේ රන් සිංහාසනයටම නැග්ගාය කීවොත් ඔබ පුදුම වේවි.

මේ දක්ෂ දැරියගේ නම තමයි, එල්ලන්‍යා සිවසූබ්‍රමනියම් (Ellanya Sivasubramaniam). ඇය ජීවත් වෙන්නේ එංගලන්තයේ රීඩිං නගරයේ වුවත්, ඇයගේ හදවතේ රිද්මය දිවෙන්නේ ලාංකික මුල්වලින්.

ඇය විසින් ලියන ලද “The Girls Who Grow Antlers” (අං වැඩෙන ගැහැණු ළමයින්) නම් කවිය, ලෝකයේ තිබෙන කවි තරග අතරින් ඉහළින්ම සැලකෙන ‘Foyle Young Poets of the Year Award’ හි ප්‍රධාන ජයග්‍රාහකයන් 15 දෙනා අතරට තේරී පත් වී තිබෙනවා.

සිතා බලන්න, රටවල් 135කින් ලැබුණු කවි 28,000කට අධික සංඛ්‍යාවක් අතුරින් තමයි මේ පුංචි දියණියගේ කවිය ඉහළටම ආවේ!

🌱 අමතක නොවන දවස!

‘The Poetry Society’ මඟින් සංවිධානය කරනු ලබන, වයස අවුරුදු 11ත් 17ත් අතර දරුවන් වෙනුවෙන් පැවැත්වෙන මේ සම්මාන උළෙල, තරුණ ලේඛකයන්ට ලැබෙන විශාලතම ගෞරවයක්.

මේ ජයග්‍රහණය, “ඇත්තක්ද කියලා විශ්වාස කරන්න අමාරුයි, හරිම ආඩම්බරයි” කියා එල්ලන්‍යා කියනවා.

“ඉස්කෝලේ ඇරිලා ගෙදර එන අතරේ තමයි මට මේ ගැන කියලා දුරකථන ඇමතුම ලැබුණේ. ඒ වෙලාවේ මට ඇත්තටම තරුවක් දිහා බලාගෙන ඉන්නවා වගේ හැඟීමක් දැනුනා,” ඇය සිනාසෙමින් කීවාය.

ජයග්‍රාහකයන් සැමරීම ලන්ඩන් නුවර බ්‍රිතාන්‍ය පුස්තකාලයේදී (British Library) උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. එල්ලන්‍යාට දැන් අවස්ථාව ලැබෙන්නේ Shropshire හි ‘The Hurst’ හි පැවැත්වෙන විශේෂිත ලේඛන පාඨමාලාවකට එක්වෙන්නයි. එහිදී ඇය අනෙකුත් දක්ෂ තරුණ කවීන් සමඟ එකතු වී ඇගේ නිර්මාණ කුසලතාව තවත් ඔප මට්ටම් කර ගනීවි.

ඒ වගේම, ඇයගේ ජයග්‍රාහී කවිය එංගලන්තයේ සියලු පාසල් සහ පුස්තකාල වෙත බෙදා හරින ජාතික කවි සංග්‍රහයක (national anthology) ලබන වසරේදී පළ කිරීමට නියමිතයි. ඒ කියන්නේ, ඇගේ වචන තවත් දහස් ගණන් දරුවන්ට අලුත් බලාපොරොත්තු සහ ආශ්වාදයක් ලබා දෙනවා කියන එකයි.

🌍 දේශ සීමා නැති කවිය

මේ වසරේ තරගයට බොට්ස්වානා සිට වියට්නාමය දක්වා ලෝකයේම හඬවල් එක්කාසු වී තිබුණා. අනන්‍යතාව, අයිතිය සහ කලාත්මක බව වැනි විවිධ තේමා ඔස්සේ ඔවුන් කවි නිර්මාණය කර තිබුණා.

අවුරුදු 27ක් පුරා පවත්වන මේ ‘Foyle’ සම්මානය, අද ලෝක සාහිත්‍යයේ බලවත්ම හඬවල් බවට පත් වී සිටින තරුණ කවීන් රැසකට විශාල වේදිකාවක් සපයා දී තිබෙනවා.

දැන්, නිහඬ විශ්වාසයකින් සහ වර්ණවත් පරිකල්පනයකින් සපිරි අපේ එල්ලන්‍යාත් ඔවුන් අතරට එක් වී අවසන්!

මූලාශ්‍රය: ද අයිලන්ඩ් පුවත් සේවය (Humble citizen )

#celebrities#youngtalent#literature#poetry#humblecitizen#srilanka

Wishing everyone celebrating in the UK and around the world a very happy Diwali

0

Wishing everyone celebrating in the UK and around the world a very happy Diwali🪔

Lanka News UK

Lanka News UK -October 2025 Online issue දෙවසරක් පුරා පැවැති ලොව සසළ කළ ගාසා – ඊශ්‍රායල යුද්ධය නිම කරමින් සිදුකළ සාම සම්මුතිය කඩවන ලකුණු ?

දෙවසරක් පුරා පැවැති ලොව සසළ කළ ගාසා – ඊශ්‍රායල යුද්ධය නිම කරමින් සිදුකළ සාම සම්මුතිය කඩවන ලකුණු ?
දෙවසරක් පුරා පැවැති ලොව සසළ කළ ගාසා -ඊශ්‍රායල යුද්ධය නිමා කරමින් ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ මැදපෙරදිගහා යුරෝපීය නායකයන් විසින් ඔක්තෝබර් 13දා ඊජිප්තුවේදී අත්සන් කරන්නට යෙදුණි. මුළු ලොවක් කලක් තිස්සේ බලා සිටි අති අමානුෂික යුද්ධය අවසන් කර සාමය පිළිබඳ සිදු කළ සාම සම්මුතිය කඩවන ලකුණු මේ වනවිට පහල වී ඇතැයි විදෙස් පුවත් අනාවරණය කරයි.

2025 සැප්තැම්බර් 29 වන දින, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී, පවතින ගාසා යුද්ධය සහ පුළුල් මැද පෙරදිග අර්බුදය විසඳීම සඳහා නව සැලැස්මක් ප්‍රකාශයට පත් කළේය. ට්‍රම්ප්ගේ කරුණු 20 සැලැස්ම ලෙස හඳුන්වනු ලබන මෙම සැලැස්ම ලොව පුරා අරාබි සහ මුස්ලිම් රටවල බොහෝ දෙනෙකුගේ උපදේශනය සමඟ සාකච්ඡා කරනු ලැබුවේය. ඒ අනුව නව සටන් විරාමයක් සහ පළමු අදියරේදී සියලු‍ම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ඇතුළත් වී තිබුණි. එය ට්‍රම්ප්ගේ 2025 පෙබරවාරි ගාසා තීරයේ යෝජනාවට වඩා වෙනස්වූ අතර ඒ සියල්ලටම හමාස් එකඟ වී නොමැති විය. කෙසේ නමුදු ට්‍රම්ප් ජනාධිපතිවරයා පලස්තීනය හා හමාස් වෙත 2025 ඔක්තෝබර් 5 වන දින වන විට යෝජනාව පිළිගැනීමට අවසාන දිනයක් ලබා දුන්නේය.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා යුද්ධය අවසන් කිරීමේ ඔහුගේ සැලැස්ම ප්‍රචාරය කිරීමෙන් පසු ඔක්තෝබර් 13දා ඔහු මැදපෙරදිග බලා සාම ගිවිසුම අත්සන් කිරීම පිණිස පැමිණියේය. බි්‍රතාන්‍ය, ප්‍රංශ, ස්වීඩන් ඉතාලි, ජර්මන් යනාදී යුරෝපීය රටවල හා සවුදි අරාබිය, ජෝදානය, ඊජිප්තුව, කටාර් යන මැදපෙරදිග රටවල නායකයන් ඇතුළු රැසක් මෙම සාම ගිවිසුමට අත්සන් තබා තිබුණි, ට්‍රම්ප් ජනාධිපතිවරයා සාම ගිවිසුම අත්සන් කිරීමට පෙර ඊශ්‍රායලයේ පාර්ලිමේන්තුවට ගොස් එම සභාව ඇමතීමට සහභාගිවිය, ඔහු උණුසුම් අයුරින් පිළිගත් එහි නායකයන් ඔහුට එරටින් පිදෙනු ලබන ඉහලම සම්මානයක්ද ඔහුට පිරිනමනු ලැබුවේය.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා යුද්ධය අවසන් කිරීමේ ඔහුගේ සැලැස්ම අනුව හමාස් සංවිධානය ඔවුන් විසින් රදවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු රතු කුරුස හමුදාවට භාර දෙනු ලැබුවේය. එයට සමගාමිව ඊශ්‍රායලය විසින් එහි සිරගතකර සිටි හමාස් හා සෙසු සිරකරුවන් 1900 ගසා වෙත භාරදීමද සිදු කරණු ලැබුවේය. මේ මොහොත සජීව ලෝපුරා රුපවාහිනී මගින් ප්‍රචාරය කරුණු ලැබු අතර එය ඉතා සංවේගජනක සංසිද්ධියක් බව සඳහන් කළ යුතුය. මේ ගිවිසුම ප්‍රකාරව කලයුතු කොන්දේසි දෙපක්ෂය විසින්ම කඩ කිරීමෙන් පසු දිනයේදී ඇති වූ සිද්ධින් නිසා පැහැදිලි පසුබෑම් ගණනාවකට උද්ගතවී තිබුණි. හමාස් විසින් අඟහරුවාදා මියගිය ප්‍රාණ ඇපකරුවන්ගේ මළ සිරුරු වලින් 4 පමණක් ඊශ්‍රායලයට භාර දෙන ලදී. ඉතිරිය හඳුනාගත නොහැකි බව ඊශ්‍රායලය සඳහන් කර තිබු බව එකී පුවත් වල සඳහන් කරතිබුනේය.

පසුගිය සතියේ ඇති කරගත් සටන් විරාම ගිවිසුම යටතේ ඉතිරි කොටස් මාරු කිරීමට හමාස් සංවිධානය කළ ගිවිසුම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය දඬුවම් කිරීමේ පියවරක් ලෙස ගාසා තීරයට අවසර දී ඇති මානුෂීය ආධාර ට්‍රක් රථ සංඛ්‍යාව අඩකින් අඩු කරන බව ඊශ්‍රායලය නිවේදනය කිරීමෙන් පසු මළ සිරුරු ආපසු ලබා දෙන ලදී. හමාස් සංවිධානය විසින් මේ යුද ගැටුමේදී ඊශ්‍රායලයට ඔත්තු සැපයු බව කියන ඔත්තුකරුවන් පිරිසක් මහ මගදී වෙඩිතබා ජනතාව ඉදිරියේදී මරාදමන වීඩියෝවක් ලොවපුරා සංසරණය විය. මෙයට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායල හමුදාව ද 4 දෙනෙකු වෙඩිතබා ඝාතනය කර ඇතැයි ද සඳහන්වේ. මළසිරුරු භාර දෙනු නොලැබුවහොත් ඊශ්‍රායලය ආධාර කපා හැරීමට තර්ජනය කිරීමෙන් පසු හමාස් ප්‍රාණ ඇපකරුවන්ගේ යයි කියන මල සිරුරු භාරදුන් බව සඳහන් පුවතක් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුනේය.

නෙතන්යාහු, ට්‍රම්ප් හැඳින්වූයේ ධවල මන්දිරයේ ඊශ්‍රායලයට මෙතෙක් සිටි ‘ශ්‍රේෂ්ඨතම මිතුරා‘ ඩොනල්ඩ් ට්‍රම්ප් ලෙසය, මෙ ගිවිසුම අනුව ඔහු ඔහුගේ දේශපාලන ජීවිතයේදී යුද්ධ 8 සමතයකට පත්කර ඇති බවත් තමා ඒ සියල්ලටම වඩා මෙම ගාසා-ඊශ්‍රයෙල යුද්ධය සලකන බව ද සඳහන් කර තිබුණි.

කෙසේ වෙතත් දශක ගණනාවක් පුරා දිවයන මේ අරගලය නිමාවක් තවමත් පේනතෙක් මානයේ දකින්නට නැත.

ඉරාන-ඊශ්‍රායල් යුද්ධය 2023 -2025

ගාසා යුද්ධය යනු ගාසා තීරයේ සහ ඊශ්‍රායලයේ සන්නද්ධ ගැටුමක් වන අතර එය 20 වන සියවස දක්වා දිවෙන නොවිසඳුණු ගැටුමකි. ඊශ්‍රායල-පලස්තීන සහ ගාසා-ඊශ්‍රායල් ගැටුම්වල කොටසක් ලෙස කාලයක් මුළුල්ලේ සටන් කළේය. 2023 ඔක්තෝබර් 7 වන දින හමාස් සහ අනෙකුත් පලස්තීන සටන්කාමී කණ්ඩායම් ඊශ්‍රායලයේ සංගීත සංදර්ශනයක් නරඹමින් සිටි රසික පිරිසකට හදිසි ප්‍රහාරයක් දියත් කළ අතර එහිදී සිවිල් වැසියන් 815 දෙනෙකු ඇතුළුව ඊශ්‍රායල ජාතිකයින් සහ විදේශීය ජාතිකයින් 1,195 දෙනෙකු මිය ගියහ. පලස්තීන සිරකරුවන් නිදහස් කිරීමට ඊශ්‍රායලයට බල කිරීමේ ප්‍රකාශිත ඉලක්කය සමඟ 251 දෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන තිබුණි එය දියත්කර තිබුනේ හමාස් සංවිධානයවේ. ඉන්පසු ඇති වූ ඊශ්‍රායල ප්‍රහාරය ආරම්භ වූ දා සිට, ගාසා තීරයේ පලස්තීනුවන් 67,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර, ඔවුන්ගෙන් අඩක් පමණ කාන්තාවන් සහ ළමයින් වේ. 170,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. ද ලැන්සෙට් සඟරාවේ කරන ලද අධ්‍යයනයකින් ඇස්තමේන්තු කර ඇත්තේ 2024 ජුනි මාසය වන විට කම්පන සහගත තුවාල හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව අඩු වී ඇති බවයි, නමුත් “‍වක්‍ර”‍ මරණ ඇතුළත් කළ විට ඊටත් වඩා විශාල මරණ සංඛ්‍යාවක් සිදුවිය හැකි බව සඳහන් කරයි.

හමාස් විනාශ කිරීම සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ප්‍රකාශිත අරමුණු සහිතව ඔක්තෝබර් 27 වන දින ගාසා ආක්‍රමණය කළේය. 2023 නොවැම්බර් මාසයේ තාවකාලික සටන් විරාමයක් බිඳ වැටුණු අතර, 2025 ජනවාරි මාසයේ දෙවන සටන් විරාමය මාර්තු මාසයේදී ඊශ්‍රායලයේ හදිසි ප්‍රහාරයකින් අවසන් විය. ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එක්සත් ජනපද සහාය ලත් සාම සැලැස්මේ පළමු අදියර සඳහා එකඟ වීමෙන් පසු ඔක්තෝබර් 10 වන දින තුන්වන සටන් විරාමය ක්‍රියාත්මක විය See less
Comments 

See less

Comment

  • ඈත අතීතයේ අප දිවයින පිලිබඳ තොරතුරු
  • ලොවට හෙළිකළ විදේශිකයෝ – Part 28 – 28 වන කොටස
  • සර් සැමුවෙල් වයිට් බේකර්
  • Samuel White Baker – 1821-1893
  • මෙම ලිපියෙහි පළමු කොටස පසුගිය කලාපයෙහි පළ විය.
  • සැමුවෙල් බේකර් විසින් ලාංකිකයනට ප්‍රථමවරට ගොවිපළ සංකල්පය හඳුන්වා දුන් අයෙකු ලෙස හැඳින්විය හැක. බටහිර රටවල ඔහු කළ සංචාර අනුව ඔහු මෙරටට ඒමට පෙර ඒ පිළිබඳ අධ්‍යනයක යෙදී සැළසුම් කර තිබුණි. ඔහු ආරම්භ කිරීමට නියමිතව සිටි ගොවිපලට අවශ්‍ය බඩු බාහිරාදිය මෙන්ම එයට අවශ්‍ය ගව බැටළු, දෙමුහුන් ගවයන් මෙන්ම බිජ වර්ගද කල් තබාම නැව් ගත කර තිබු බව සඳහන් වේ. විශේෂයෙන් ඔහු එවකට සතුන් දඩයම් කිරීම හුදු විනෝදාංශයක් ලෙස සිදු කළ තැනැත්තෙකු නිසා දඩයමට අවශ්‍ය වූ ආම්පන්න මෙන්ම දඩයම් බල්ලන්ද ගෙන ඒමට කටයුතු කර තිබු බව ඔහු ගේ කෘතීන්හි සඳහන් කොට ඇත. එකල ලංකාව වනසතුන්ගේ පාරාදීසයක් බවට යුරෝපය පුරා පැතිර ගොස් තිබුනේ ඒ සම්බන්දව පොත් රැසක් ද ඒ වනවිට ප්‍රකාශයට පත්වී තිබු හෙයිනි..
  • ඔහු සිය ඉඩම් කොටස තෝරා ගත්තේද සිය අරමුණට ගැළපෙන දේශගුණයක් එහි පැවති හෙයින් වූ අතර විශේෂ යෙන් දඩයම් කිරිම පිනිස සුදුසු පරිසරයකට ඉතා ඉක්මනින් ළඟාවීමට තිබු ඉඩකඩද සැළකිල්ලට යෙමුකරවමිණි. නුවරඑළියේ ආසන්නයේ පිහිටි හෝර්ටන් තැන්න එකල ඒ පිළිබඳව මහත් ප්‍රසිද්ධියට පත්ව තිබු පෙදෙසක් විය. හෝර්ටන් තැන්න හෙවත් මහ එලිය (ගෝණ තැන්න) ගැන ලියවී ඇති විස්තර විශාල ප්‍රමණයක් ඒ වනවිට සමුවෙල්ට කලින් පැමිණි සිය මිතුරන් දැනුම්දී තිබු අතර එහි අලින්, ගෝණුන්, මුව යනාදීන් විවධ සතුන් ගෙන් පිරි දඩබිමක් ලෙස ප්‍රචලිතව තිබු බව ඔහු දැනුවත් කට තිබුණි. මෙම රමණිය භුමිය මුහුදු මට්ටමේ සිට මීටර් 2000කට ඉහලින් පිහිටි මහ එළිය හෙක්ටාර 3169ක වපරිසයෙන් යුතු සතුන් ගහන ස්වභාවික සුන්දරත්වයෙන් අණූන පාරාදීසයක් විය. මහ එළිය යටත් විජිත සමයේ “‍එල්ක් ප්ලේන්ස් -Elk Plains”‍ හෙවත් ගෝනුන් බහුල තැන්න ලෙසද හැඳුන්වුයේය. මෙහි දකින්නට ලැබෙන සැම්බර් නැමති ගෝනුන් විශේෂය (ීSri Lankan Sambar Deer – Rusa unicolor unicolor) නිසා එකල සිටි සුදු ජාතිකයන් මේ පෙදෙසට දැක ගැනීමට මෙන්ම දඩයම පිනිස එහි පැමිණි බවත් තමා මිතුරන් හා දඩයමෙහි සිතැඟි පරිදි යෙදුනු බව ඔහු විසින් සඳහන් කොට ඇත.
  • පැරණි ලාංකිකයින්ට මහ එළියත්, යටත් විජිත සමයේ බි්‍රතාන්‍ය දඩයක්කරුවන්ට ගෝන තැන්නත් වූ මේ අපූර්ව භූමිය හෝර්ටන් තැන්න වූයේ, 1831 සිට 1837 දක්වා ආණ්ඩුකාරයා වූ විල්මොට් හෝර්ටන්ට ගෞරවයක් ලෙස බව සඳහන්වේ. බොහෝදෙනා නොදන්නා කාරණයක් වන්නේ, ආණ්ඩුකාරයා ලෙස රාජකාරිකල සමයේ විල්මොට් හෝර්ටන් සබරගමුවේ රටේ මහත්තයා හමුවෙන්නට 1836දී මහ එළිතැන්නට පැමිණි බවයි. ඊට පස්සේ කිහිප වතාවක්ම මහ එළියේ සංචාරය කොට, එහි සුන්දරත්වය හා ජලපෝෂක ප්‍රදේශයක් ලෙස ඇති වැදගතකම නිසායෙන් එය ආරක්ශාකිරීමට විවිධ පියවරයන් ගත් බව ඉතිහාස මූලාශ්‍රවල සඳහන්වේ. 1969 දෙසැම්බර් 5 වැනිදා රක්ශිත ප්‍රදේශයක් ලෙස ප්‍රකාශ කෙරුනු ගෝනතැන්න හෙවත් මහඑළිය හෙවත් හෝර්ටන්තැන්න 1988 මාර්තු ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කර තිබේ.
  • ගෝන හා ඇත් දඩබිම මහඑලිය හෙවත් ගෝන තැන්න බි්‍රතාන්‍ය වැවිලි කරුවන් අතර ජනප්‍රිය දඩබිමක් වූවා. විශාල ගෝනුන් මෙන්ම දැන් වඳවී ඇති අලි ඇතුන් රංචුපිටින් මෙහි දකින්නට ලැබුණු අතර උඩරට ධනවත් වතු හිමියන් මෙහි දඩයම් පිණිස පැමිණි බව සඳහන්වේ.
  • දක්ෂ දඩයක්කරුවෙකු වූ බේකර් ඔහු ලියූ ”‍The Rifle and the Hound in Ceylon (1853)”‍ හා Eight years wanderings in Ceylon (1855)”‍ නම් පොත්වල මහඑලියේ ගෝනුන් දඩයම්කල හැටි විස්තර කර ඇත. මහඑලියේ ඇති බේකර් ඇල්ල, සැමුවෙල් බේකර් සිහිවීමට නම්කර තිබු අතර. ඔහුගේ අසුරුවකු මේම ස්ථනයෙදි වේගය පාලනය කර ගැනිමට නොහැකිව මේම ස්ථානයෙ කන්දෙන් පහළට ඇද වැටි මිය ගොස් ඇත. එකල සිටි ආණ්ඩුකාරවරයා විසින් සැමුවෙල් බේකර්ගේ අසුරුවා සිහිකිරීම පිණිස මුහුදු මට්ටමේන් අඩි 5000ක් ඉහලින් නන්පේරියල් වතුයාය අසළ තිබෙන ඇති අශ්වලාඩමක හැඩය ගන්න මෙම ස්ථානය නොහොත් 23 වන වංගුව බේකර් වංගුව නැතිනම් බේකර් බෙන්ඩ් ලෙසින් නම් කර තිබේ.
  • 1856 දී ලංකාවෙන් පිටව ගිය සැමුවෙල් බේකර් අප්‍රිකාවේ ගවේෂණ චාරිකාවල යෙදෙමින් එකල අභිරහසක්ව පැවති නයිල් ගඟ ආරම්භවන ජල මූලාශ්‍රය 1862 දී සොයා ගෙන තිබුණි. අප්‍රිකාවේ සිදුකල අති දුෂ්කර දේශ චාරිකාව හා එහිදී සිදුකල වැදගත් සොයාගැනීම් නිසා 1866දී සැමුවෙල් බේකර්ට නයිට් පදවිය හිමිවූ අතර ඉන්පසු සර් සැමුවෙල් බේකර් ලෙස හැඳින්වෙන්නට වුනා. අප්‍රිකාවේ සිදුකල ගවේෂණයන් සිහිවීමට උගන්ඩාවේ කඳුවැටියක් ”‍මවුන්ට් බේකර්”‍ ලෙස නම්කොට තිබේ.
  • ඔහුගේ බිරිඳ හෙන්රියාටා 1855 දී ටයිපොයිඩ් උණ රෝගයෙන් මිය ගිය අතර, සැමුවෙල් වයස අවුරුදු තිස් හතරේදී වැන්දඹුවක් බවට පත් විය. ඔහුගේ පුතුන් දෙදෙනා සහ එක් දියණියක් (ජේන්) ද කුඩා කල මිය ගියේය. බේකර් තම දිවි ගලවා ගත් දියණියන් සිව්දෙනා ඔහුගේ අවිවාහක සහෝදරිය වන මේරි “‍මින්”‍ ගේ රැකවරණය යටතේ තැබුවේය.
  • සර් සැමුවෙල් බි්‍රතාන්‍ය යටත් විජිතසමයේ ලොවපුරා විවිධ සේවාවන්හි නිරතවූ අයෙකු විය. ඔහුගේ යුරෝපිය සේවාවේ වැදගත් සිය ඉංජිනේරු දැනුමෙන් සිදු කළ මෙහෙයන් රැසක් ඔහු විසින් සනිටුහන් කර ඇත. 1856 දී කොන්ස්ටන්ටිනෝපල් සහ ක්‍රිමියාවට ගිය ගමනකින් පසු, ඔහු රුමේනියාවේ කොන්ස්ටන්ටානා වෙත ගොස් ඩැනියුබ් කළු මුහුද සමඟ සම්බන්ධ කරමින් ඩොබ්රුජා හරහා දුම්රිය මාර්ගයක් සහ පාලම් ඉදිකිරීම සඳහා රාජකීය අධිකාරීවරයා ලෙස කටයුතු කළේය. එම ව්‍යාපෘතිය අවසන් වූ පසු ඔහු ගිනිකොනදිග යුරෝපයේ සහ කුඩා ආසියාවේ සංචාරයක මාස කිහිපයක් ගත කළේය. රුමේනියාවේ කොන්ස්ටන්ටානා හි රාජකීය අධිකාරී ලෙස පත් කරන අතරතුර, ඔහු ඩැනියුබ් සිට කළු මුහුද දක්වා ඩොබ්රුජා කලාපය හරහා දුම්රිය මාර්ග, පාලම් සහ අනෙකුත් ව්‍යුහයන් නිර්මාණය කර සැලසුම් කළේය.
  • ඔහු ඔටෝමාන් අධිරාජ්‍යයේ සහ ඊජිප්තුවේ පාෂා සහ මේජර් ජෙනරාල් යන පදවි ද හෙබවීය. ඔහු 1869 අප්‍රේල් සහ 1873 අගෝස්තු අතර සමක නයිල් ද්‍රෝණියේ (අද දකුණු සුඩානය සහ උතුරු උගන්ඩාව) ආණ්ඩුකාරවරයා ලෙස සේවය කළ අතර එය ඔහු සමක පළාත ලෙස ස්ථාපිත කළේය.
  • ඔහු බොහෝ විට සිහිපත් කරනු ලබන්නේ ඇල්බට් විල නැරඹීමට ගිය පළමු යුරෝපීයයා ලෙස, නයිල් ගඟේ සහ මධ්‍යම අප්‍රිකාවේ අභ්‍යන්තරයේ ගවේෂකයෙකු ලෙස සහ ඔහු ආසියාව, අප්‍රිකාව, යුරෝපය සහ උතුරු ඇමරිකාවේ විශාල දඩයම්කරුවෙකු ලෙස ඔහුගේ සූරාකෑම් සඳහා මහත් ප්‍රසිද්ධියක් ඉසිලු‍ අයෙකු විය. ඔහු ඉඩකඩ ලැබූ හැමවිටකම සටහන් තබා ගැනීමට පුරුදුව සිටියෙකු විය. බේකර් සැලකිය යුතු ප්‍රමාණයක් පොත් ලියා ලිපි ප්‍රකාශයට පත් කළේය. ඔහු, වේල්ස් කුමරු ලෙස ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රා රැජින සමඟ බේකර් බැලීමට ගිය VII වන එඩ්වඩ් රජුගේ මිතුරෙකු විය. අනෙකුත් මිත්‍රත්වයන් වූයේ ගවේෂකයන් වන හෙන්රි මෝර්ටන් ස්ටැන්ලි, රොඩ්රික් මර්චිසන්, ජෝන් එච්. ස්පේක් සහ ජේම්ස් ඒ. ග්‍රාන්ට් සමඟ ඊජිප්තුවේ පාලකයා වූ පාෂා ඉස්මයිල් ද මැග්නිෆිසන්ට්, මේජර් ජෙනරාල් චාල්ස් ජෝර්ජ් ගෝර්ඩන් සහ මහාරාජා දුලිප් සිං සමඟ ය.
  • බේකර් ස්කොට්ලන්තයේ ඔහුගේ වෙඩි තැබීමේ වතුයායේ ඇතෝල් ආදිපාදවරයා බැලීමට යමින් සිටියදී, ඔහු ඉන්දියාවේ මහාරාජා දුලිප් සිං සමඟ මිත්‍ර වූ අතර 1858-1859 දී දෙදෙනා ෆ්‍රැන්ක්ෆර්ට්, බර්ලින්, වියානා සහ බුඩාපෙස්ට් හරහා මධ්‍යම යුරෝපයේ සහ බෝල්කන් ප්‍රදේශයේ පුළුල් දඩයම් චාරිකාවකට හවුල් වී සිටි බව සඳහන්වේ. ඒ ගමනේ අවසාන කොටසේදී, බේකර් සහ මහාරාජා බුඩාපෙස්ට් හි ලී බෝට්ටුවක් කුලියට ගත් අතර, එය අවසානයේ ඩැනියුබ් හි එම ගමන අතහැර දමන ලදී. දෙදෙනා විඩින් වෙත දිගටම ගිය අතර, එහිදී මහාරාජා විනෝද වීමට ගිය අතර බේකර් විඩින්හි වහල් වෙළඳපොළට ගියේය. එහිදී, බේකර් විඩින්හි ඔටෝමන් පාෂා සඳහා නියම කර ඇති සුදු වහල් ගැහැණු ළමයෙකු සමඟ ආදරයෙන් බැඳී තිබුණි. එය නතර කරන ලෙස පාෂා විසින් ඔහුට අභියෝග කළ නමුත් දැරියගේ සහායකයින්ට අල්ලස් දී වහල් කමට විකිනීමට සිටි රූමත් තරුණිය බේරාගෙන තිබු බව කියවේ. ඔවුන් ඉන්පසු කරත්තයකින් පලා ගිය අතර අවසානයේ ඇය ඔහුගේ පෙම්වතිය සහ පසුව විවාහ ගිවිසගෙන බුකාරෙස්ට්හිදී බිරිඳ බවට පත්කර ගෙනතිබුණි . ඔහු ගමන් කළ සෑම තැනකම ඔහු සමග ගොස් තිබු බව සඳහන්වේ. සර් සැමුවෙල් නිසැකවම එංගලන්තයට ආපසු පැමිණි පසු තවත් උත්සවයක් පවත්වන බවට පොරොන්දු වි ඒ අනුව ඔවුන් 1865 දී පවුලේ විවාහ උළෙලක්ද පැවැත්වූ බව සඳහන්වේ. ඇය 1841 අගෝස්තු 6 වන දින ඔස්ට්‍රියා-හංගේරියාවේ නාගීනියෙඩ් හි (අද රුමේනියාව) උපත ලැබූ අතර ෆ්ලොරෙන්ස් බාබරා මාරියා ලෙස නම් කරන ලදී.
  • බේකර් සහ ඔහුගේ පෙම්වතිය බුකාරෙස්ට් වෙත පලා ගොස් රුමේනියාවේ රැඳී සිටි අතර, බේකර් එහි බි්‍රතාන්‍ය කොන්සල් තනතුර සඳහා ඉල්ලු‍ම් කළ නමුත් එය රජය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. කොන්ස්ටන්ටාහිදී, ඔහු ඩොබ්රුජා හරහා දුම්රිය මාර්ගයක් සහ පාලම් ඉදිකිරීම සඳහා රාජකීය අධිකාරී ලෙස කටයුතු කළ අතර, ඩැනියුබ් කළු මුහුද සමඟ සම්බන්ධ කළේය. එය අවසන් වූ පසු ඔහු ගිනිකොනදිග යුරෝපයේ සහ කුඩා ආසියාවේ සංචාරයක මාස කිහිපයක් ගත කළේය. නව කොන්සල්වරයා බේකර්ගේ සහකාරියට ෆ්ලෝරන්ස් බාබරා මාරියා ෆිනියන් යන නමින් බි්‍රතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කළේය, නමුත් ඇය උපතින් හෝ විවාහයෙන් බි්‍රතාන්‍ය ජාතිකයෙකු නොවීය. බේකර් විසින් ඇයව ආදරයෙන් ”‍ෆ්ලූයි”‍ ලෙස හැඳින්වූ අතර පසුව ලු‍ඕ භාෂාව කතා කරන අචෝලි ස්වදේශිකයන් විසින් දැන් උතුරු උගන්ඩාව ලෙස හඳුන්වන ප්‍රදේශයේ අන්යාඩ්වේ හෝ සf​ඳහි දියණිය ලෙස නම් කරන ලදී, ඔවුන් ඇගේ දිගු රන්වන් කොණ්ඩය අගය කළහ.
  • ෆ්ලෝරන්ස් නිවසේ රැඳී සිටීම ප්‍රතික්ෂේප කළ අතර, ඒ වෙනුවට ඇගේ සැමියා සමඟ ඔහුගේ ගමන් වලට සහභාගී වුවාය. ඇය ඉංග්‍රීසි, තුර්කි සහ අරාබි භාෂාව කතා කිරිමට හැකි අයෙකු වුවාය. ඔටුවන්, කොටළුවන් සහ අශ්වයන් පිට නැඟී ගිය අතර වනයේ සිටියදී පිස්තෝල රැගෙන ගමන් වලට සහභාගී වුවාය. සර් සැමුවෙල් සහ ලේඩි බේකර් වික්ටෝරියානු සමාජයේ වැඩි කොටසක් වසඟ කර ගැනීමට තරම් ආකර්ශනීය වුවද, වික්ටෝරියා රැජින ෆ්ලෝරන්ස් උසාවියේදී පිළිගැනීම ප්‍රතික්ෂේප කළේ බේකර් ”‍විවාහයට පෙර ඔහුගේ බිරිඳ සමඟ සමීපව සිටි”‍ බව ඇය විශ්වාස කළ බැවිණ. ලේඩි බේකර් හංගේරියානු මූලාශ්‍රවල සාස් (හෝ සාස්) ෆ්ලෝරා ලෙසත්, රුමේනියානු මූලාශ්‍රවල ෆ්ලොරිකා මරියා සාස් ලෙසත් හැඳින්වේ. ඇය 1916 දී ඩෙවොන් හි සැන්ඩ්ෆර්ඩ් ඕර්ලී හි ඇගේ සැමියා සමඟ බෙදාගත් වතුයායේ මිය ගියාය. ඇයට වයස අවුරුදු 74 ක් වූ අතර ඇගේ සැමියා සමඟ වසර 23 කට පෙර වෝර්සෙස්ටර් අසල ග්‍රිම්ලි හි බේකර් පවුලේ සුරක්ෂිතාගාරයේ තැන්පත් කරන ලදී, නමුත් ඇගේ නම කිසි විටෙකත් සටහන් කර නොමැත. මෙයට හේතු වන්නට ඇත්තේ ඇය වහලකු ලෙස සිටි අයෙකු වූ බැවින් විය හැක.
  • මෙම ලිපියෙහි අවසාන කොටස ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න
  • (සේයාරූ වල අයිතිය මුල් හිමි කරුවන් සතු බව කරුණාවෙන් සළකන්න) 
  • See less
  • Comments
  • No comments yet
  • Be the first to comment.

Cristiano Ronaldo football’s first billionaire player

Cristiano Ronaldo football’s first billionaire player
By Ceylon Today -October 8, 2025

Cristiano Ronaldo has become the first active footballer to become a billionaire, according to the Bloomberg Billionaire Index which included his net worth in their list for the first time.

Ronaldo, who was already the sport’s highest-paid player, dramatically increased his wealth when he signed a lucrative contract extension with Saudi Pro League side Al Nassr earlier this year, reportedly worth over $400 million.

Bloomberg cited that his tax-free contract, as well as brand deals with Armani and Nike, as key drivers in his improved wealth.

Meanwhile, the Portugal forward, who is the highest scorer in men’s international football with 141 goals in 223 appearances for Portugal, told Canal 11 that he has no intention of retiring soon despite his family’s insistence.

“People, especially my family, say: ‘It’s time for you to stop. You’ve done everything. Why do you want to score a thousand goals?’” Ronaldo said.

“But I don’t think so. I think I’m still producing good things, I’m helping my club and the national team, and why not keep going?

“I’m sure that when I finish, I’ll be fulfilled, because I gave it my all. I know I don’t have many more years, but the few I have, I try to enjoy to the fullest.”

A five-time Ballon d’Or winner, Ronaldo, 40, added another individual accolade to his distinguished career on Tuesday when he received the Prestige award at the Portugal Football Globes.

“It’s not an end-of-career award,” he said. “I see it as recognition of years of effort, dedication, and ambition. I like winning, helping the younger generations-and they also help me maintain my level and continue competing.

“That’s what excites me: competing with the younger ones. I still have a passion for this.” (CEYLON TODAY)

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඩොලර් 4,000 ඉක්මවයි

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඩොලර් 4,000 ඉක්මවයි

By Anjali Withanage -ඔක්තෝබර් 8, 2025

ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද (ඔක්. 😎 ඩොලර් 4,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, 1970 දශකයෙන් පසු රන් මිලෙහි දැවැන්ත වැඩිවීම මෙය වන බව ය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෝලීය තීරුබදු ප්‍රකාශයට පත් කළ අප්‍රේල් මාසයේ සිට රන් මිල තුනෙන් එකකින් පමණ ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර, අද දිනයේ මෙරට රන් මිල ද රු 6,000කින් ඉහළ ගොස් ඇතැයි වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙයි.(Mawbima lk news)

TAGSSri Lanka

mawbima.lk

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඩොලර් 4,000 ඉක්මවයි – මව්බිම

ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද ඩොලර් 4,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

No co