loader image
Home Blog Page 190

ශිෂ්ඨාචාරයේ මළ  බෙරය වෙනුවට -සිතමු කොළම  -ඉම්තියාස් බාකීර්  මාකර් 

0

අප රට සාක්ෂරතාවය 92.6% වැනි ඉහළ අගයක පවතින නිසා බොහෝ දෙනා විශ්වාස කරන්නේ ශ්‍රී ලංකාව අධ්‍යාපනය අතින් සුපිරි රටක් ලෙස. එහෙත්, සත්‍ය ඊට වඩා බොහෝ දුරයි. අතිශයින්ම කටුකයි.නිදහස් අධ්‍යාපන පනත ඉදිරිපත් කරමින් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගරයන් මෙහෙම කියනවා.


“ගඩොලින් තනා තිබූ රෝමය කිරි ගරුඬින් නිම කළ බව ශ්‍රේෂ්ඨ ඔගස්ටස් අධිරාජ්‍යයා ආඩම්බරයෙන් පැවසුවා. මිල අධිකව තිබූ අධ්‍යාපනයේ මිල අඩු කළ බවත්, වසා තිබූ පොතක් විදියට අපට දිස් වුණු අධ්‍යාපනය විවෘත ලියවිල්ලක් බවට පත් කළ බවත්, ධනවත් අයට උරුමව තිබූ අධ්‍යාපනය, දිළින්දන්ගේ උරුමයක් බවට පත් කරපු බවත්, සාඩම්බරයෙන් පවසන්නට රාජ්‍ය මන්ත්‍රණ සභාවට පුළුවන් වේ නම් ඒ ආත්ම වර්ණනාව ඔගස්ටස් අධිරාජ්‍යාගේ ආත්ම වර්ණනාවට වඩා කොතරම් ශේෂ්ඨද?”(1944 ජුනි 02 – හැන්සාඩ් 946 පිටුව)


ඒ විතරක් නෙවේ,එතුමා මෙහෙමත් කියනවා.“විකසිත කුසුම් වියළි කතරේ වාතයෙන් මැල වී සුවඳ අහිමි වී යන ඈත පිටිසර දිළිඳු ගොවි පවුලේ පොල් අතු සෙවණේ ඉපැදී බුද්ධියේ හා භාග්‍යයේ එළිය නොලබා නිවී යන අනාගත දරු පරපුර වෙනුවෙන් නිදහස් අධ්‍යාපන ක්‍රමයක් බිහි කළ යුතු යි.”(1944 ජුනි 02 හැන්සාඩ් 939 පිටුව)


ඇත්තටම එදා නිදහස් අධ්‍යාපනය ලබා ගැනීමේ පනත සම්මත කරගන්න කන්නන්ගර මැතිතුමාට පැය ගාණක් තර්ක කරන්න වුණා.අන්න එහෙම එදා නිදහස් අධ්‍යාපනය මේ රටේ මතු පරම්පරාව වෙනුවෙන් දිනා ගත්තේ.අපි කැමති වුණත් අකමැති වුණත් අද වෙනකොට තියෙන්නේ තරඟකාරී අධ්‍යාපන ක්‍රමයක්.


මේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ දරුවකුට ලෝකයේ දිනන්න නම් ඒ තරගකාරිත්වය තුළ කිසියම් තරගකරුවකු විය යුතුයි.විශේෂයෙන්ම ලංකාවේ ප්‍රධාන වශයෙන් කඩඉම් විභාග තුනක් තියෙනවා.


එකක් ශිෂ්‍යත්ව විභාගය. තව එකක් සාමාන්‍ය පෙළ විභාගය. තවත් එකක් වන්නේ උසස් පෙළ විභාගය. 2019 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි ලක්ෂ ගණනක් දරුවන් අතරින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 181206 දෙනෙකු සුදුසුකම් ලබනවා. එහෙත් විශ්වවිද්‍යාල ප්‍රවේශයට තෝරාගෙන ඇත්තේ සිසුන් 41641 ක් පමණි. (22.98%)ඉතින්, තරගකාරීත්වය හේතුකොටගෙන අපේ රටේ දරු පරපුර බලවත් ඛේදවාචකයකට හසුවී ඉන්නවා.
අධ්‍යාපන විෂය මාලා ක්‍රමවේදයන් සකස් කිරීමේ දී අධ්‍යාපන මනෝ විද්‍යාව පිළිබඳ සැලකිලිමත් වීම ප්‍රමාණවත් ද කියන විවාදය තිබෙනවා.ශිෂ්‍ය කේන්ද්‍රිය අධ්‍යාපනය පිළිබඳව ලෝකයම විශ්වාසය තබත්දී තවදුරටත්අපේ රටේ අධ්‍යාපනය ලබා දීමේ ක්‍රමවේදය වන්නේ ගුරු කේන්ද්‍රීය ක්‍රමය.
උසස්පෙළ විභාගය අසමත් වන සිසු-සිසුවියන් ප්‍රමාණය වසරකට 80,000ක් පමණ වෙනවා. මෙම පිරිස ශ්‍රම බලකායේ විශාල පංගුවක්. එහෙත් අවාසනාවන්ත කාරණය වන්නේ ඔවුන්ව ආර්ථිකයට උරා ගැනීම සඳහා ප්‍රමාණවත් වැඩපිළිවෙළක් නොමැතිවීම. තෘතීයික අධ්‍යාපන ආයතන පැවතියත් තවමත් ඊට අවශ්‍ය සමාජමය වටිනාකම හෝ ගොඩනැගී නැහැ.


මෙරට අධ්‍යාපනයේ ප්‍රමුඛවම ව්‍යුහාත්මක වෙනසක් සඳහා කටයුතු කරන්නේ නැත්නම් දරුවන්ගේ ජීවිත විනාශ වී රටක ශිෂ්ටාචාරයේ මළ බෙරය වැයෙන එක නතර කරන්නට කිසිවෙකුට බැහැ.විශේෂයෙන්ම ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමවේදය වැනි දියුණු නූතනවාදී ක්‍රමයක් අත් හදා බැලීමටවත් උවමනාවක් නොමැතිවීම බලවත් අවාසනාවන්ත තත්ත්වයක්.


2000 වසරේ සිට ෆින්ලන්තය ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමයේ නිල නොවන නාමය පවත්වා ගෙන යනවා. ලොව හොඳම 20 අධ්‍යාපන ශ්‍රේණිගත කිරීමේ ක්‍රමයේ තුන් වතාවක් ජයග්‍රාහකයා වුණේ දකුණු කොරියාව. ඩෙන්මාර්කයේ 99% සාක්ෂරතා අනුපාතයක් ඇති රට ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රම 10 අතරට පිළිගන්නවා. ප්‍රාථමික වයස් කාණ්ඩයේ සිසුන් සඳහා ලොව ඉහළම බඳවා ගැනීමේ අනුපාතය හොංකොං සතු වෙනවා. ලොව හොඳම අධ්‍යාපන පද්ධති 7 අතර ස්වීඩනය 10 වන ස්ථානයේ සිටිනවා.


”අධ්‍යාපනය ලෝකය වෙනස් නොකරයි, එය ලෝකය වෙනස් කිරීමට යන පුද්ගලයින්ව වෙනස් කරයි” යනුවෙන් පාවුලෝ ෆ්‍රෙයර් පවසා තිබෙනවා.ලර්න්ඒෂියා ආයතනය මගින් කරන ලද සමීක්ෂණයකට අනුව වයස අවුරුදු 18ට අඩු පාසල් දරුවන් සිටින පවුල්වලින් අන්තර්ජාල පහසුකම් ඇත්තේ, 34%කට පමණයි. එයිනුත් වැඩි ප්‍රතිශතයක් අන්තර්ජාල භාවිත කරනුයේ ස්මාර්ට් ජංගම දුරකතන හරහා බව එම ආයතනය පවසනවා. එහි අදහස වයස අවුරුදු 18ට අඩු පවුල්වලින් 66%ක ප්‍රතිශතයකට අන්තර්ජාල පහසුකම් නොමැති බව.
එවැනි රටක අපි අනාගතය ගැන සුබ සිහින දකිනවා.


ෆින්ලන්තය, ඩෙන්මාර්කය වැනි රටවල් මුද්‍රිත මාධ්‍ය පත පොත ඉවත් කර ඉලෙක්ට්‍රොනික සංකල්පයක් අනුගමනය කරනවා.ලංකාවේ තවමත් ”ටැබ්” කියන්නේ භයානක යක්ෂයෙක් සේ සලකනවා. රටක සමාජමය සහ ආර්ථික ප්‍රගතිය ඇතුළු ඉදිරි ගමනක පදනම වන්නේ අධ්‍යාපනයයි. ජනතාවගේ යහපත, සුභසිද්ධිය ඉහළින් සලකන ඕනෑම පාලනයක් අධ්‍යාපනයට ඉහළම ප්‍රමුඛතාවක් දක්වනවා. සාර්ථක අධ්‍යාපන ක්‍රමයකින් තොරව ජාතියක් ලෙස අපට ඉදිරිගමනක් හෝ ආර්ථිකය සංවර්ධනය කිරීමක් ගැන සිතිය හැකි නොවන බව අප අවබෝධ කරගත යුතුයි.


– ඉම්තියාස් බාකීර් මාකාර් –

හිමි එකම පාදයේ ඇඟිලි තුඩුවලින් අකුරු ගැලපූ රෂ්මි දුවට උසස් පෙළ විභාගයෙන් A 3ක්

0

දෑත් සහ එක් පාදයක් අහිමිව මෙලොව එළිය ලැබ හිමි එකම වම් පාදය හුරු කරමින් අකුරු ගැලපූ ඒ විශිෂ්ට දියණිය, ඇහැලියගොඩ ජාතික පාසලේ රෂ්මි නිමේෂා ගුණවර්ධන උසස්පෙළ වාණිජ විෂය ධාරාවෙන් A- 3 ක් ලබා ගෙන ඇත්තීය.

අඩුපාඩු හා නැති බැරිකම ගැනම කියමින් වැළලෙන්නට හදන දුගී පසුගාමී මානසිකත්වයක් සහිත අප වැනි රටක අභියෝග ජයගත යුත්තේ කෙසේද යන්න පිළිබඳ පාඩමක් නොව පාඨාමාලාවක් සේ හැදැරිය යුතු මේ තරුණ දියණිය ගැන මාධ්‍ය වරින්වර කථා කළේය. ඇය ලබා ගත් සෑම ජයග්‍රහණයක්ම වාර්තා කළේය.

රෂ්මි උපදින්නේ වර්ෂ 2002 ක්වූ දෙසැම්බර් 23 වන දිනය. ඇය ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ දෙල්ඔළුව කනිටු විදුහලෙනි. වර්ෂ 2012 දී ඇය 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූවාය. අනතුරුව ඇහැළියගොඩ ජාතික පාසලට තේරුණාය. රෂ්මි අපොස සාමාන්‍යෙපළ පෙළ විභාගයට පෙනී සිටින්නේ වර්ෂ 2018 දී ය. සාමාන්‍ය පෙළ විභාගයේ A සාමාර්ථ 8ක් සහ B සාමාර්ථයක් සහිතව සමත් වූවාය.

රෂ්මි උසස්පෙළ විභාගයට ලියන 2021 අවුරුද්ද ලෝක ඉතිහාසයේම එන දුර්ග සමයකි. ඒ දුර්ග වකවානුව ආත්ම ශක්තියෙන් ජයගත් ඇය A සාමාර්ථ තුනක් සහිතව උසස්පෙළ විභාගය සමත්වී සිටින්නීය.

ඇය විෂය බාහිර ක්‍රියාකාරකම්හි විශිෂ්ටතා පෙන්වූ දියණියකි. 2017 සැප්තැම්බරයේ දී වියට්නාමයේ පැවති Global IT challenge 2017 Super challenger ජාත්‍යාන්තර තරගයෙන් රන් පදක්කම රැගෙන එන්නට සමත් වූවාය. සරසි සහ රෂ්මිධාරා ඒක පුද්ගල ගී ප්‍රසංග පවත්වමින් ජනාදරයට පත් වූවාය.

ජීවිතය ජයගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව රෂ්මි ජීවිතාදර්ශයක් සපයා ඇත්තේ එලෙසය.

සුබ පැතුම් දුවේ… ඇය බොහෝ දුර ගමනක් යන බව අපට විශ්වාසය.

Kamal Yasanath Dhammika Bandara
COLOMBO X NEWS

ශ්‍රී ලංකාවේ අභිනව බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් සාරා හල්ටන් මැතිණියට උණුසුම් සුබ පැතුම්!

0

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ගිය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය සාරා හල්ටන් (Sarah Hulton OBE) මැතිණිය පසුගියදා ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාර දුන්නාය. ඇය කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ කටයුතු කරන්නේ මහා බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත (එක්සත් රාජධානිය) සඳහා මහ කොමසාරිස්වරිය ලෙස ය. අභිනව තනතුර බාර ගැනීමට ශ්‍රී ලංකාවට යෑමට දින දෙකකට පෙර ලංඩනයේ දී මේ සොඳුරු , සුහදශීලී නිලධාරිණිය සමග සුහදව කථා බහ කිරීමේ අවස්ථාව මට ලැබිණි. එහිදී ඇය මගෙන් පුවත්පත පිළිබඳව ද තොරතුරු විමසා එහි පිටපත් දෙකක්ද ලබා ගත්තේ කොළඹට ගෙන යාම සඳහාය. ඇය දක්ෂ, පළපුරුදු වෘත්තිමය රාජතාන්ත්‍රික නිලධාරිණියක් බැවින් ශ්‍රී ලංකාව සමග සුහදව කටයුතු කරමින් දෙරටේ ඓතිහාසිකව පැවත එන රාජතාන්ත්‍රික සම්බන්ධතා වඩාත් වර්ධනය කරණු ඇතැයි අපේක්ෂා කරමි. 

ඇයට මගේත් ,බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදයේ සියළුම දෙනාගේත් උණුසුම් සුබ පැතුම්!

ශ්‍රී ලංකන් කොටස් විකුණයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් සියයට 49ක් විදෙස් ආයෝජකයින්ට විකිණීමට තීරණය කර ඇතැයි වරාය හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඒ අනුව ගුවන් සමාගමේ කොටස් සියයට 49ක් සහ කේටරින් සර්විස්හි ස් සියයට 49ක් මිලදී ගැනීමට ආයෝජකයින්ට ආරාධනා කර ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.

Image Credits – Divaina.k

ප්‍රවීණ සිනමා කැමරා අධ්‍යක්ෂක වරයෙකු වූ ඩොනල්ඩ් කරුණාරත්න අද සිය දිවිසරිය නිමකරයි

ප්‍රවීණ සිනමා කැමරා අධ්‍යක්ෂක වරයෙකු වූ ඩොනල්ඩ් කරුණාරත්න අද සිය දිවිසරිය නිමකරයි

ප්‍රවීණ සිනමා කැමරා අධ්‍යක්ෂකවරයෙකු වූ ඩොනල්ඩ් කරුණාරත්න අද සිය දිවිසරිය නිමකල බව වාර්තා වේ.සිංහල සිනමාවේ ජනප්‍රිය චිත්‍රපට රාශියක කැමරා අධ්‍යක්ෂණය කර ඇති ඔහු මියයනවිට 77 වැනි වියෙහි පසුවූවාය. ඔහු මිය ගොස් තිබුණේ ඇමරිකාවේ ලොස් ඇන්ජල්හිදී බව එම වාර්තාවල සඳහන්වී ඇත.

දිවයිනේ සිනමා කර්මාන්තයේ දැවැන්තයන්වූ ලෙස්ටර් ජේම්ස් පීරිස් ධර්මසේන පතිරාජ වසන්ත ඔබේසේකර සුමිත්‍රා පීරිස් ඇතුළු මෙරට බිහිවූ වූ විශිෂ්ටතම අධ්‍යක්ෂවරුන්ගේ කැමරා ශිල්පියා ලෙස ඔහු කටයුතු කළේය.චිත්‍රපට 65 කට වැඩි සංඛ්‍යාවක කැමරා අධ්‍යක්ෂකවරයා විදිහට කටයුතු කර තිබුණි.

ඩොනල්ඩ් ලැබූ සම්මාන රැසකි.සරසවිය සිනමා සම්මාන වසර රැසකදී ලබාග ඔහු , ස්වර්ණ සංඛ ,ජනාධිපති, ඕසීඅයිසී ,ඇතුළු මෙරට සියලුම ආකාර සම්මාන වලින් පිදුම් ලැබූ අති විශිෂ්ට කැමරා ශිල්පියෙකු විය..“අහස් ගව්ව”, “ගඟ අද්දර”, “කරුමක්කාරයෝ”, “යහළු යෙහෙළි”, “මලට නොඑන බඹරු”, “දඩයම”, “මායා”, “ක්‍රිස්තු චරිතය”, “පොරොන්දුව” වැනි විශිෂ්ට චිත්‍රපට ගණනාවකම කැමරා අධ්‍යක්ෂක වරයාවුයේ වුයේ ඔහු ය. මින් බොහොමයක් දේශීය හා ජාත්‍යන්තර සම්මානයෙන්ද පිදුම් ලැබූ ඒවා විය.

ඔහු 19 වතාවක් විවිධ ආකාරයේ කැමරාකරණ සම්මාන ඔහු ලබා ඇති අතර එය ලංකාවේ වාර්තාවක් බවද ඔහු පිළිබද ලියැවු වාර්තාවල සඳහන්වේ.2017 වසරේදී පවතී ජනාධිපති සම්මාන උළෙලේ දී ඔහු විශේෂ අභිනන්දන උපහාරයකින් පිදුම් ලබා තිබුණි.

.
ඔහු මිය ගොස් තිබුණේ අද ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 2 ට පමණයයි ද වාර්තාවල සඳහන්වේ.. අවසන් කාලයේ ඇමෙරිකාවේ ලොස්ඇන්ජලිස් නුවර ජීවත් විය.
මියගිය ඩොනල්ඩ් කරුණාරත්නගේ අවසන් කටයුතු ඇමරිකාවේ ඇමෙරිකාවේ ලොස්ඇන්ජලිස් නුවර දී පැවැත්වීමට නියමිතයි.

Shantha Senadheera -Lanka News UK
සේයාරූ දයාන් විතාරණ -අන්තර් ජාලයෙනි

Imithiaz says repression cannot happen without blessings of President

0

SJB MP Imthiaz Bakeer Markar has called out President Ranil Wickremesinghe on his duplicity relating to the Aragalaya and its peaceful protestors.

“Once he was appointed, he created a sense of hope by claiming he was not against the citizen’s struggle. He even promised to appoint a committee to look into their needs and not repress the people’s right to protest peacefully. He included a politician, the Municipal Council and even the Police into the Committee and claimed all necessary facilities to continue the struggle will be provided. He said this in words but he is doing something drastically different through his actions today,” Makar said in Colombo.

“If he was truly a democratic leader he would have not signed these detention orders under the Prevention of Terrorism Act and allowed for the arrests of innocent and peaceful students activists under a law that is meant for those carrying out crimes against the State,” Markar said.

“There is a great contradiction between what was said and what is being done today,” he noted. According to Markar, the President is attempting to deceive the people. Markar called on the people to not fall for the fairy tales spun by Wickremesinghe. “We will have to answer to the International Human Rights Organisations in the end,” he said.

“This will not only be a threat to the country’s democracy but it will also threaten our economic state. The country was severely affected by the loss of the GSP+ concession. Where are we heading now? None of the criticisms against the country by international organisations is being reported in the media,” he said.

Markar accused a possible cat’s paw of influencing the media. “Head of media organisations, swimming champions, student’s activists and others are being summoned to the CID. What is the aim of these actions? The message is that the Government is ready to hunt anyone opposing them or attempting to obstruct the revival of those who caused this economic collapse. The people must understand this. Repression of those opposing the Government cannot take place without the blessings of the President,” Markar added.

The Island – Sri Lanka

රනිල්ගේ මහ ගෙදර බඩපිස්සා කතා කරයි

0

අයියා මට තනතුරු දෙන්නේ නෑ මම ගන්නෙත් නෑ

හැමෝම ආදර සබඳතාවලින් බැන්දත් අම්මා පොරොන්දම් බැලුවා

තාත්තාට බෝම්බ ගැහුවෙත් මේ ගෙදරදී ඊට පස්සෙ ගැහුවෙ අරගලකාරයෝ

එස්මන්ඩ් ආණ්ඩු පෙරළුවෙත් හැදුවෙත් මේ ගෙදරදී

මේ ගේ හදන්න අම්මට ඉඩම දුන්නේ ඇගේ මවු පාර්ශ්වයෙන්

රනිල් වික්‍රමසිංහයන්ගේ ගෙදර අරගලකරුවන් විසින් ගිනි තබා මංකොල්ලා කා විනාශ කිරීමේ ප්‍රතිවිපාක කතාව තවමත් අවසන් නැත. එදින අරගලකරුවෝ රනිල්ගේ මහ ගෙදරටත් පහරදී කොල්ලකෑවෝය. රනිල් සේම ඒ මහ ගෙදර සෙවණ ලැබූ වික්‍රමසිංහ පවුලේ බඩපිස්සා වන චන්න වික්‍රමසිංහට ඒ ගෙදර වටිනාකම හොඳට දැනේ. උපන්දා සිට සෙවණ දුන් ජීවිතය හැඩ ගස්වන්නට හේතුපාදක වූ ඒ මහගෙදර ගැන චන්න අප හා කතා කළේය.

‘‘මම හරිම කැමැතියි හවසට ෆුට් බයිසිකලේ රවුමක් ගහලා එන්න. ඒ සරලකම අපේ ජීවිතවලින් ඈත් වුණු දවසට අපට ජීවිතය බරක් වෙනවා.’’

‘‘කොපමණ වටිනා වාහනයක ගියත් වටිනාකම තියෙන්න ඕනේ වාහනයේ නොවෙයි ඒ ඇතුළෙ ගමන් කරන පුද්ගලයා තුළයි.’’

‘‘සතුට මගේ ජීවිතයට අමුතුවෙන් ලබා ගන්න ඕනෙ නැහැ. කරන කියන හැම දෙයක් තුළම සතුට මාළඟ තියෙනවා’‘ ඒ චන්නට හිතෙන හැටිය. එස්මන්ඩ් වික්‍රමසිංහ හා නාලනී විජයවර්ධන යුවළ තම දූ දරුවන් සමග විසූ දේශපාලන කයි කතන්දරවලින් සහ සංස්කෘතිගාංකවලින් පොහොසත් වූ ඒ මහගෙදර අද හිමිකරු වන්නේද පවුලේ බඩපිස්සා වූ චන්න වික්‍රමසිංහයන්ටය.

පසුගිය දිනක දේශපාලන අම්බරුවන් පිරිසක් රනිල් වික්‍රමසිංහයන්ගේ නිවස ගිනිබත් කළ අවස්ථාවේදීම මේ මහ ගෙදරටත් එල්ල වූ ප්‍රහාරය සුළුපටු නොවුණි. තම මවගේත් පියාගේත් මතක සිහිවටන මෙන්ම වටිනා ලියකියවිලි සියල්ල විනාශ කර දමා අවසානයේ කනකර ආභරණ මෙන්ම ඔවුවන්ගේ ගුවන් ගමන් බලපත්‍ර පවා ඔවුහු විනාශ කර දැමූහ. කොල්ලකරුවන් නිවසේ ඉහළ මාලයට යාමට සැරසුනිද එහි සිටි සුරතල් සුනඛයාගේ නිර්භීතකම හමුවේ ඔවුහු පඩිපෙළ නැග යාමට බියවී පසු බැස්සහ.

පරම්පරා ගණනාවක නොමියෙන මතක රැසක් සමග මෙරට දේශපාලනයේ සුවිශේෂී කතා ගොන්නකට මර්මස්ථානයය වූ නිවසක අද තත්ත්වය එයයි. විජයවර්ධන පවුලට හිමි වූ අක්කර දෙකක භූමියෙන් හෙලේනා විජයවර්ධනගේ දියණිය වූ නාලනීට කොල්ලුපිටියේ පස්වැනි පටුමගේ පර්චස් 80ක ඉඩම් කැබැල්ලක් හිමිවූයේ මව් පාර්ශ්වයෙනි. ඇය සහ ඇගේ සැමියා වූ එස්මන්ඩ් විසින් එම ඉඩමේ කොටසක නිවසක් ඉදි කරන්නේ දරු මුනුපුරන් සමග සතුටින් කාලය ගත කරන්නටය. මෙම දෙමහල් නිවස කාමර 5කින් සමන්විත වූ අතර පහත මාලයේ ‘‘බැරිස්ටර් කාමරය හෙවත් ලෝ ලයිබ්‍රි’’ නමින් තවත් කාමරයක ඉදි වූයේ එස්මන්ඩ් වික්‍රමසිංහගේ විදෙස් අමුත්තන් වෙනුවෙනි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍ර්‍රිවරයකු වූ අර්ල්ටිනෝ සාමිවරයා පැමිණ එහි නවාතැන් ගැනීමෙන් පසු එම කාමරය එනමින් හැඳින්වීමට පටන් ගත්තේය. එකල ඔහු බ්‍රිතාන්‍ය තුළ සිටි ප්‍රසිද්ධ චරිතයකි.

විදෙස් ජාතික දේශපාලනඥයෝ මෙන්ම පුවත්පත්වලට සම්බන්ධ විදේශිකයෝ රැසක්ද මෙම නිවසට පැමිණ ගියෝ වූහ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් වූ යූ තාන්ට් මෙහි පැමිණ භෝජන සංග්‍රහයකටද සහභාගි විය. ශ්‍රී ලංකාවේ ඉන්දියානු ප්‍රතිරාජයා ලෙස හැඳින්වූ ජේ.ආර්. යුගයේ සිටි ඉන්දීය මහකොමසාරිස් ජේ.එන්. ඩික්සිත්, ඉන්දියානු විදේශ ලේකම් රොමේෂ් බන්දාරි ද මේ නිවසට ආගිය අය අතර වූහ.

ජේ.සී. ජේන් නම් වූ ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතේ ප්‍රධානියාද මෙහි පැමිණියේ එස්මන්ඩ් වික්‍රමසිංහ මුණ ගැසී සාකච්ඡා කිරීමටය. පුවත්පත් ලෝකයේ ප්‍රබලයකු ලෙස ඔහු ජාත්‍යන්තරයේ නමක් දිනා සිටියේය.

1965 මාර්තු මාසයේ ඩඩ්ලිගේ හත් හවුල ආණ්ඩුව බිහි වුණේද එය අවසන් වූයේද මෙම නිවසේ පැවැති සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙසිනි. හත්හවුල් ආණ්ඩුව සැදීමට මන්ත්‍රිවරුන් වූ එම්.පී. රාජරත්නම්, ඩඩ්ලි සේනානායක, පිලිප් ගුණවර්ධන ආදීන් මෙන්ම ජේ.ආර්. ජයවර්ධනද මෙහි ආගිය පිරිස අතර වෙති. එදා ඔවුන් සාකච්ඡා පැවැත්වූ මේසය නිවසේ සුරක්ෂිතව තිබුණද එදා අරගලකරුවන්ගේ දෑතින් එය විනාශ වූයේ ඉතිහාසයක් අකා මකා දමමිනි.

ආණ්ඩු හදන්නත් ආණ්ඩු පෙරළන්නත් තෝතැන්නක් වූ මෙම භූමිය දේශපාලන මතක ගොන්නක සිහිවටනයකි. එවකට සර් ජෝන් කොතලාවල අගමැතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයා වූයේද එස්මන්ඩ් වික්‍රමසිංහය. සර් ජෝන් වරක් එක්සත් ජාතීන්ගේ සමුළුවට යන අවස්ථාවේ එස්මන්ඩ්වද කැඳවාගෙන ගියේය.

එදා ඩඩ්ලි සේනානායක වෙනුවෙන් භික්ෂු සංවිධාන සකස් කළේද එස්මන්ඩ්ය. එම නිසා දැවමොට්ටාවේ අමරවංශ, මීටියාගොඩ ගුණරතන වැනි භික්ෂූන් වහන්සේ එදා හත් හවුල හදන්නට එස්මන්ඩ්ගේ නිවසට වැඩියහ. හත්හවුල හදන කාලයේ එස්මන්ඩ්ගේ මෙම නිවසට බෝම්බ ප්‍රහාරයක්ද එල්ල විය.

‘‘තාත්තා කාමරේ නිදාගෙන හිටපු වෙලාවේ තමයි මේ බෝම්බය ගහලා තිබුණේ. ඒක තාත්තාගේ කාමරය පැත්තට විසි කළත් ඒක කාමරයට ගියේ නැහැ. පහළට වැටිලා පුපරලා තියෙනවා. එදායින් පස්සේ ආයෙත් අපේ ගෙදරට හානි කළේ අරගලකාරයෝ තමයි’’ චන්න අතීතයත් වර්තමානයත් ගැලළපුවේ එලෙසිනි. මව තම පියාගේ දේශපාලන කටයුතුවලට මහත්සේ ඇලුම් කළද මවගේ සිත තුළ තිබූ සංස්කෘතික බැඳීම් සමුදාය පිළිබඳව ඔහු පැවසුවේ මෙවැනි කතාවකි.

‘‘ඒ දවස්වල අපේ ගෙදර දේශපාලනඥයන්ගෙන් වගේම කලාකරුවන්ගෙනුත් පිරුණු තැනක්. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, දයානන්ද ගුණවර්ධන, පණීභාරත, හෙන්රි ජයසේන, ගුණසේන ගලප්පත්ති, බැසිල් මිහිරපැන්න, ට්‍රිලිෂියා ගුණවර්ධන සහ මාර්ක් ඇන්ටනි වැන්නන් නිතරම අපේ ගෙදරට ආවා ගියා. අරුන්දතී රෝයි අම්මාගේ ඇරයුමට අපේ ගෙදරට ආපු වෙලාවේ අත්සන් කරලා දුන්නු බුකර් සම්මානය දිනූ ‘The god of small Things’ ඉන්දියාවේ වැඩියෙන්ම අලෙවි වාර්තා තැබූ පොත තවම ගෙදර තියෙනවා.’’

නාලනී වික්‍රමසිංහ සුදර්ශියේ සභාපතිනිය ද වී සිටියාය. ඇය ලංකාවේ සංගීත තැටියකට ජයමංගල ගාථා අන්තර්ගත කළ පළමු තැනැත්තියද වන්නීය. මනමේ, සිංහබාහු, මූදු පුත්තු, නරිබෑනා වැනි වේදිකා නාට්‍ය ගීත පවා ඇයගේ සංගීත නිෂ්පාදනාගාරයේදී තැටිවලට ගැනිණි.

‘‘නිතරම ගෙදර දේශපාලන හා කලා ක්ෂේත්‍රයේ අමුත්තන් එන නිසා ටෙක්නිකල් කොලේජ් කැන්ටිමෙන් තමයි කෑම ගෙන්නුවේ. බේක් ක්‍රැබ් වගේ කෑමත් ඒ අතර තිබුණා. ඒ කාලයේ එක වරට අලියා බීම බෝතල් 75ක් 80ක් විතර ගේනවා. අපි හරි ආසයි ඒවා බොන්න. අපේ වත්තේ දෙල් ගස් කිහිපයක්ම තිබුණා. ඒ නිසා දෙල් බැදලා මිරිස්කුඩු, ලුණු කුඩු, දාලා හදන ඒවා නිතරම ගෙදර තිබුණා. කොට්ටම්බා ගස් තිබුණු නිසා ඒ වගේ මද කන්නන් අපි හරි ආස වුණා. ඩඩ්ලි සේනානායකගෙන් පසු එස්මන්ඩ් ජේ.ආර්. සමග සම්බන්ධ වන්නේ එක්සත් ජාතික පක්ෂ පාලනයක් ගෙන ඒම වෙනුවෙනි. සිය රට හා ජර්නල් පුවත්පත් දෙක කරළියට එන්නේ එස්මන්ඩ් වික්‍රමසිංහගේ දායකත්වයෙනි. නාලනී වික්‍රමසිංහද ජර්නල් පුවත්පතට ඉංග්‍රීසියෙන් කවි ලීවාය. ඒවා බොහෝමයක් යටි දේශපාලන අරුතක් සහිත කවි විය. එවකට එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශ බොහෝමයක් සැකසුණේ එස්මන්ඩ්ගේ සුරතිනි. ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය නිර්මාණය වන්නේද ඔහුගේ අදහසක් ඉදිරියට යාමත් ලෙසිනි.

යුනෙස්කෝ සංවිධානයේ වැඩ කරන අවදියේ එස්මන්ඩ් ළඟින්ම වැඩ කළ අයෙක් වූයේ ආචාර්ය සරත් අමුණුගමය. එසේම මහාචාර්ය රැල්ෆ් බුල්ජර්න්ස්ද එස්මන්ඩ් සමග ළඟින් වැඩ කළේය. ඔහු ගාන්ධි පවුල සමග පැවැත්වූ සමීප සබඳතා පසු කලෙක තිම්පු සාකච්ඡා පැවැත්වීමේදී මහත් පිටිවහලක් විය. මේ නිසා ජේ.ආර්. ජයවර්ධන යුගයේදී තිම්පු සාකච්ඡා සඳහා රජයේ නියෝජිතයකු ලෙස සහභාගි වූයේද එස්මන්ඩ් වික්‍රමසිංහය. ඔහුගේ පළමු හෘදයාබාධයට මුහුණ දීමට සිදුවූයේද මෙහිදීය.

‘‘තාත්තාගේ උපන් දිනයකදී අපේ ගෙදර ආපු ජේ.ආර්. සහ ප්‍රේමදාසගේ කතාවක ප්‍රතිඵලයක් විදිහට තමයි තාත්තා තිම්පු සාකච්ඡාවලට යන්නේ. එදා ඒ උපන් දිනයට ලලිත් ඇතුලත්මුදලිත්, ගාමිණී දිසානායකත් ඇවිත් හිටියා.

මෙහිදී රොමේෂ් බන්දාරිගේ මිතුරුකමත්, මහාචාර්ය බුල්ජන්ස්ගේ මිතුරුකමත් උපයෝගී කරගත් එස්මන්ඩ් වික්‍රමසිංහ එල්.ටී.ටී.ඊ. සංවිධානයට ඉන්දියාවෙන් ලැබෙන උපකාර නතර කිරීමට අවශ්‍ය පසුබිම සකස් කළේය. මන්ද ඒ වන විටත් හෙළිදරව් වූ කාරණයක් වූයේ ලංකාවේ හමුදාවටත් වඩා නවීන ආයුද එල්.ටී.ටී.ඊ. සංවිධානය සතු බවටය. රජීව් ගාන්ධි සමග සාකච්ඡා කොට කොටින්ට ආයුද එන මාර්ග අවහිර කිරීමට පියවර ගැනුණේ එස්මන්ඩ්ගේ සම්බන්ධකම් නිසාවෙනි.

අපේ පවුලේ හැම දෙනාටම එක් එක් ව්‍යාපාර තිබුණා. ඒ ව්‍යාපාර සියල්ලටම තිබුණේ සිංහල නම්. වර්ණ, ජන, සංගීත සහ සත්තර යන ව්‍යාපාරික නම් දැම්මේ මංජු ශ්‍රී මහත්තයාය.

මනමේ, සිංහබාහු, ආදී නාට්‍ය ගීත තැටිගත වූයේ සංගීත නමින් ශාන්ත පුතු සමග නාලනී මව විසින් ආරම්භ කළ ව්‍යාපාරය මගිනි. විවෘත ආර්ථිකය පැමිණීමත් සමග එම තැටි ව්‍යාපාරය අඩපණ වී ඇත.

වර්ණ නමින් වූ මුද්‍රණ ව්‍යාපාරය තමන් යටතේ ක්‍රියාත්මක වන බව ඔහු පැවසීය. මේ සෑම ව්‍යාපාරයකම කාලය අවුරුදු 60 පසු කර ගොසිනි.

‘‘අපේ ඔක්කොම විවාහ වුණේ ආදර සම්බන්ධතාවලින්. හැබැයි අම්මා පොරොන්දම් බලලා හැම දෙයක්ම කළේ සිරිත් විරිත්වලට අනුවයි. මම උසස් අධ්‍යාපනය ලැබුවේ එංගලන්තයේ. මට වියදමට ගෙදරින් සල්ලි ඒව්වා. ඒත් අනිත් ළමයි සල්ලි හොයාගන්න කෙන්ටකි එකේ ජොබ් කළා. එතකොට පැයකට පවුමක් ලැබුණා. ඉතින් මටත් හිතුණා ජොබ් එකක් කරලා මුදල් හොයා ගන්න ඕනේ කියලා. මමත් කෙන්ටකි එකේ පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා මුදල් හොයාගෙන මගේ මුල්ම කාර් එක ගත්තා.

දෙමව්පියන්ගෙන් ලත් ආභාෂය හේතුවෙන් වික්‍රමසිංහ දරුවන්ට ආගම දහම පිළිබඳ ඇත්තේද නොමද ගෞරවයකි. භක්තියකි. කොල්ලුපිටිය වාළුකාරාමය විහාරස්ථානයේ දායක සභාවේ සභාපතිත්වය සහ විජයවර්ධන පරම්පරාවේ උරුමය ඇති සේදවත්ත පන්සලේ දායක සභාවේ ලේකම් ධුරය දරන්නේද චන්න වික්‍රමසිංහයන්ය. ඔබේ වැඩිමහල් සහෝදරයා රටේ ජනාධිපති. ඔබට යම් තනතුරක් ලබා දුනහොත් ඔබ මොකද කරන්නේ? අපේ පැනයට ඔහුගෙන් පළමුව ලැබුණේ උස් සිනහවකි.

‘‘ඔහු මට තනතුරු දෙන්නෙත් නැහැ. මම බාර ගන්නෙත් නැහැ.’‘

ඕනෙම දෙයක් කරන්න එයට අවශ්‍ය විශේෂඥ දැනුම තියෙන්න ඕනේ. ඔහු කතාව අවසන් කළේ එලෙසිනි. අරගලකරුවන් යැයි කියා ගන්නා පිරිසක් විසින් නැවත ගොඩනැගිය නොහැකි දේශපාලන ඉතිහාසයක් බිමට සමතලා කර ඇත්තේ මෙලෙසිනි.

SUNDAY ARUNA FEATURES 

Significance of promoting Eco-Tourism hotspots

0

An Australian-based premium company in healthcare named AusCeylon and PhytoMedica Pvt Ltd want to develop an Eco Resort and a medicinal Plant Garden at Agbopura 227/C in the Kanthale district. Kanthale is one of the most famous travel destinations worldwide for centuries due to its unique and pristine biodiversity and culture.

Despite the COVID-19 pandemic, Sri Lanka remained the fourth most popular destination for tourism in 2020. The company believes vigour and health are vitally important to human beings as much as their culture and food. They believe that healthiness can be promoted through Natural Medicines found in Sri Lanka.

The Australian-based company commenced operations in mid-January 2021 in Ratnapura and initiated its second project in Pasikudah and third at Royal Beach Villas in Mankadawala, Anuradhapura. These were eco-resort and medicinal gardens. Their fourth project in Sri Lanka would also be an eco-resort and a medicinal plant garden in Kanthale.

Kanthale

Kanthale goes back to the era of King Agbo II. It is situated in the Trincomalee District, lies 38 km Southwest of Trincomalee, and the city is surrounded by the Kanthale reservoir (Wewa), which attracts travellers. Kanthale City is full of history and lies a few miles from Trincomalee with other attractive tourist sites such as Kaudulla National Park.

The new project will be implemented at the banks of Kanthale Wewa. The reservoir is majestic with a beautiful scenic view and covers an area of 23 square km and has a capacity of 140.6 million cubic metres. The dam is 16.75 metres high and 2.5 km long. Apart from the view, the reservoir provides a rich water resource for the growth of many valuable medicinal plants. The area is covered with green thickets of trees and shrubs, providing a promising natural beauty. The Kanthale Wewa can flood the area during monsoon rains, therefore, the risk is minimal since the land elevation for the project is above the overflow level. Crops will be strategically located to minimise the impact of potential floods. The project will be carefully designed with minimal disturbance to this rich ecosystem.

Eco-tourism and natural medicines

The project is a combination of eco-tourism and natural medicines. Eco-tourism can promote mental well-being and makes a soothing impact on the increasingly stressed lifestyle of the urban population. It blends with nature and simultaneously acts as prophylactic healthcare that augments the people. Eco-tourism will open up the heritage of natural medicines to the world, hence, the proposed project in Kanthale aims to take maximum advantage of the two world-class strengths thereby creating a direct and in-direct socio-economic opportunity for the local population as much as the tourists.

Ecotourism focuses on development and sustainability in the rich lands of Kanthale with carefully constructed conservation agreements and the cultivation of medicinal plants to be used as raw materials for Phytomedica Pvt Ltd. The project will engage in research, development, production and marketing of exports of varieties of natural plant extracts (Active Pharmaceutical Ingredients (API)) used in herbal medicines and nutraceuticals. Further, eco-friendly residences will be constructed by the company to create an attractive ecotourism destination for tourists. It will provide a highly effective plan to minimize the impact on nature. Thus, the company strategy will be to follow the main intentions of the National Tourism Plan to gain an enhanced profit, while simultaneously sustaining the integrity and value of the natural, cultural, social and economic resources of Sri Lanka. The project will, directly and indirectly, create a variety of opportunities to improve the livelihood of local communities.

The collaborative project by AusCeylon Pty Ltd & PhytoMedica Pvt Ltd intends to develop eco-tourism and medicinal plant cultivation at Kanthale holds many valuable religious, cultural, historical and natural sites, which are vastly visited by many local and foreign tourists around the world.

AusCeylon & PhytoMedica Pvt Ltd believes that Sri Lanka holds a promising future for eco-tourism. The concept has the potential to attract both local and foreign travellers, including the millennials who seek a sustainable living and also traditional tourists who seek experiences to appreciate and enjoy nature. It is a highly strategic source of revenue to protect natural areas and boost the Sri Lankan economy. According to the mid-term strategic plan for Sri Lanka tourism, only 1% of eco-tourist visits or sites are due to the misuse of the concept. Thus, it is vital to reconsider the concept and put it into action to acquire important socio-economic goals.

The following are the strategic advancements toward eco-tourism at the Kanthale site:

By cultivating valuable medicinal plants to be used as authentic raw materials to manufacture patented products innovated by Phytomedica Pvt Ltd.

Enabling Sri Lankan indigenous medicines as a world-class premium healthcare management among locals and international tourists.

Provision of direct and indirect socio-economic benefits to the local community by creating direct and indirect opportunities for the maximum use of local human and material resources.

Product development and operation, including efficient waste management, thereby creating a minimal negative impact on the environment.

Quality and efficacy are to be maintained by establishing the herbal raw material supply chain by maintenance.

Reaching out to the local communities to advance their knowledge and skills in ecotourism.

Creating and enforcing a fair revenue model to allocate revenue to all stakeholders.

The AusCeylon project will provide an authentic, interactive, and educational nature-based experience with the historical value of Kanthale to create tours that will appeal to the target segments.

The financial feasibility of the project has a few considerations. AusCeylon expects a low revenue in the initial year due to the current situation in the country, and the time taken for the crops to grow. To mitigate such risks, short-harvest crops will be introduced and long-term crops would generate adequate revenue for continuous operations. Further, special packages will be offered to popularise the destination among local tourists.

Local community

Direct employment opportunities at the resort will enable the skill development of the local community. Rapid revenue generation for small businesses – particularly for housewives will be implemented. Cultivate medicinal plants within every household garden space on a small scale will be introduced, and sell them to the raw material collection centre established at the project site. Increased opportunities will be created to sell handcrafts and crops to local and foreign tourists and local tour guides. The company intends to introduce employment opportunities for the local community through tourism, which has plummeted since 2019 since the Easter bombing and the COVID-19 pandemic. The initial investment is estimated approximately at Rs. 20 million based on the outcome of phase one of the projects, further investment will be done to increase the number of lodges and facilities.

By Dr Tilak S. Fernando

මින්නේරියේ අලි 350කට වෙච්චි දෙයක් නෑ

0

මින්නේරිය ජාතික උද්‍යානයේ වැව් පිටිවල වාර්තා වූ අලි ඇතුන් සංඛ්‍යාව වසර හයක් ඇතුළත 389 සිට 50 දක්වා අඩු වී ඇතැයි හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයකු සහ වනජීවී පර්යේෂකයකු වන ආචාර්ය සුමිත් පිලපිටිය පවසයි. එම වන උද්‍යානයේ අලි ඇතුන් පිළිබඳව දීර්ඝකාලීන අධ්‍යයනයක් පදනම් කරගෙන පිලපිටිය මහතා තම නිරීක්ෂණ මෙසේ ඉදිරිපත් කර ඇත.

ආචාර්ය සුමිත් පිලපිටිය 2016 සිට 2021 දක්වා සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී කළ නිරීක්ෂණ මත පදනම්ව මේ ගණනය කිරීම් කර ඇත. ඒ අනුව 2016දී 389ක්, 2017දී 402ක්, 2018දී 354ක්, 2019දී 223ක්, 2020දී 210ක්, 2021 දී 20ක් ලෙස මින්නේරිය වැව් පිටියේ අලි ඇතුන් නිරීක්ෂණය වී ඇතැයි ආචාර්ය සුමිත් පිලපිටිය පැවැසීය. තමන්ගේ නිරීක්ෂණ අනුව මෙම වසරේ මින්නේරිය වැව් පිටියේ දිනකට අලි ඇතුන් පනහක පමණ ඉතා සුළු සංඛ්‍යාවක් දැකගත හැකිව ඇතැයිද ඔහු සඳහන් කළේය.

වැව් පිටියෙන් අපේක්ෂිත ආහාර ඉලක්කය සපුරාගැනීමට අපොහොසත් වීමෙන් අලි ඇතුන් කෘශ වී ඇති ආකාරයක් නිරීක්ෂණය වූ බවද හෙතෙම පැවැසීය.

මේ වසරේ ජුනි 30 දින වැව් පිටියේ අවාසනාවන්ත ලෙස මරණයට පත්ව සිටිය සොයාගත් අලි පැටවාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව මන්දපෝෂණය හා කුසගින්න බව තහවුරු වූ බවද ඒ මහතා කීය.

මේ වන විටත් කුසගින්න නිසා මරණාසන්න වූ ගැහැනු සතකු වැව් පිටියේ සිටින බවද ඔහු පැවැසීය.

තමන්ගේ නිරීක්ෂණ අනුව මින්නේරිය ජාතික උද්‍යානයේ සැරිසරන පිරිමි සහ ගැහැනු අලින්ගේ මෙන්ම පැටවුන්ගේද ශරීර තත්ත්වය 2019 වසරේ සිට පිරිහෙමින් පවතින බවත් 2021 වසර වන විට ශරීර තත්ත්වය ඉතාමත් දරුණු ලෙස පරිහානියට පත්ව ඇති බවත් මෙරට අලි ඇතුන් පිළිබඳ ප්‍රකට විද්වතකු වන ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු සඳහන් කළේය.

වැඩිමහල් තනි පිරිමි අලින්ගේ ශරීර තත්ත්වයද පසුගිය වසර කිහිපය මුළුල්ලේම පිරිහෙමින් පවතින බවත් මේ වසර වන විට පැවැතිය යුතු අවම මට්ටමට ළඟා වී ඇති බවත් ඒ මහතා කීය.

ගැහැනු සතුන්ගේ හා පැටවුන්ගේ ඉරණම වඩාත් ඛේදනීය බව අවධාරණය කරන හෙතෙම එම සතුන්ගේ ශරීර තත්ත්වය මේ වසර වන විට පැවැතිය යුතු අවම මට්ටමට වඩා විශාල ලෙස පහළ වැටී ඇති බවත් දැනටමත් කුඩා පැටවුන් විශාල සංඛ්‍යාවක් මරණයට පත්වී තිබීමට වැඩි ඉඩකඩක් ඇති බවත් සඳහන් කළේය.

සවනි ශේශාධි

Sunday Mawbima News Report

රනිල් UNO මහ පුටුවට යයිද?

0

අන්තෝනියෝ ගුටරෙස්ගෙන් පසු එක්සත් ජාතීන්ගේ මහලේකම් තනතුර දකුණු ආසියාවට ලබා ගැනීමේ සිහිනයක් එක්තරා ශ්‍රී ලාංකිකයකුට තිබේ. හෙතෙම ඒ සඳහා පූර්ව සුදුසුකම් එකිනෙක සාක්ෂාත් කර ගනිමින් සිටී. හේ අන් කිසිවකු නොව ශ්‍රී ලංකාවේ අභිනව ජනාධිපති රනිල් වික්‍රමසිංහය. රනිල් වික්‍රමසිංහ කිසිවකු අපේක්ෂා නොකළ අන්දමට තමන් විසින්ම අසීරුවෙන් බොහෝ දුෂ්කරතා මධ්‍යයේ කපාගත් කෙටි මාර්ගයක් ඔස්සේ ශ්‍රී ලංකාවේ ජනාධිපති පුටුවට පැමිණියේය. ඒ සඳහා ඔහුට කෝටි දෙකහමාරක් ජනතාවගේ කැමැත්ත අවශ්‍ය නොවීය. උරගා බැලිය යුතුව තිබුණේ පාර්ලිමේන්තුවේ 225 කගේ කැමැත්ත පමණි. තමාට සිටි ප්‍රබල සතුරන් සියල්ල එක් මොහොතකදී මිතුරන් කරගන්නට රනිල් සමත් විය.

රනිල් වික්‍රමසිංහ මෙයට පෙර 6 වතාවක් අගමැති තනතුරට පත්ව තිබේ. එහෙත් එකදු වතාවක් හෝ ධුර කාලය සම්පූර්ණ කර ගැනීමට ඔහුට නොහැකි විය. බලය අල්ලා ගැනීම සඳහා ගණදෙවි නුවණ ඇති මේ මිනිසා බලයෙන් වැඩ කිරීමට හෝ බලය පවත්වා ගැනීමට සමතෙක් නොවන බවට සමාජය තුළ මතයක් මුල්බැස තිබේ. මෙවර ඒ මතය බිඳින්නට ඔහු අසමත් වුවහොත් ඔහුට හිමි වන්නේද ගෝඨාභය රාජපක්ෂට හිමි වූ කසළ බඳුනමය.

1998දී ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ආණ්ඩුවේ නාගරික සංවර්ධන ඇමැති මංගල සමරවීර “රනිල්ට බෑ” යනුවෙන් විපක්ෂ නායක රනිල්ට විරුද්ධව ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළේය. වසර කිහිපයකට පසුව මංගල ප්‍රකාශ කළේ “රනිල්ට බෑ” යනුවෙන් තමා ප්‍රකාශ කළේ රනිල්ට පුළුවන් බව අන් සියල්ලන්ටම වඩා හොඳින් තමා දැන සිටි නිසා බවය. රනිල් වික්‍රමසිංහට “මිස්ටර් බීන්” යන අන්වර්ථ නාමය පටබැන්දේද මංගල විසිනි. එහෙත් මංගල සමරවීර රනිල්ට සිටි හොඳම මිතුරන්ගෙන් කෙනෙකි. මංගල සමරවීරට සිටි හොඳම මිතුරා රනිල් වූ අතර හොඳම මිතුරිය චන්ද්‍රිකා වූවාය. රනිල්, චන්ද්‍රිකා දෙදෙනා කොල්ලුපිටියේ චිත්‍රසේන කලායතනයේ ආදි නැටුම් ශිෂ්‍යයෝය.

මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ හැඳින්වූයේ “වැඩ බැරි ටාසන්” ලෙසය. එජාපය පරාජයට පත්වූ ප්‍රාදේශීය සභා මැතිවරණ, පළාත් සභා මැතිවරණ ආදී වශයෙන් එකිනෙක ගණන් හදා මැතිවරණ 29ක් එක දිගට පරාජය වූ එජාපයේ “වැඩ බැරි ටාසන්” ලෙස රනිල්ට ලේබල් ගැසූ මහින්ද අදහස් කළේ එජාප පාක්ෂිකයන් මානසිකව වට්ටන්නටය. දැන් බලන විට පෙනී යන්නේ පක්ෂය වැටුණාට පාක්ෂිකයන් වැටුණාට රනිල් වැටී නැති බවය. මහින්ද වැටී ඇති බවය.

මේ මොහොතේ ශ්‍රී ලංකා දේශපාලනයේ හොඳම ගේම්කාරයා නැත්නම් නූල් සූත්තරකාරයා කවුදැයි ඇසුවොත් නොපැකිළව දෙන පිළිතුර රනිල් වික්‍රමසිංහ බවය. බොහෝ දෙනා ගේම්කාරයන් ලෙස සලකන රාජපක්ෂලාට රනිල් වික්‍රමසිංහ සමඟ හැරෙන්නටවත් බැරි බව ඔහු මෙවර ඔප්පු කර තිබේ. වරක් ජනාධිපති ප්‍රේමදාස ප්‍රකාශ කළාක් මෙන් ප්‍රේමදාසට නොදෙවැනි වන්නට රනිල් දේශපාලනයෙන් තෙම්පරාදු වී තිබේ. දෙදෙනාගේ වෙනස රනිල් කිසිවිටෙක තම තෙම්පරාදු භාවය ගැන ප්‍රකාශ නොකොට හීන් සීරුවේ වැඩ පමණක් පෙන්වීමය.

ගෝඨාභය රාජපක්ෂ දැවී යෑමෙන් පසු අන්තිමයා වශයෙන් පිටියට පැමිණි රනිල්, රාජපක්ෂලාත් බේරා සජිත්ගේ සජබ නන්නත්තාරකොට, එකම ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයක් පමණක් තිබූ එජාපයද ගොඩ දමා ගත්තේය. මෙවර රනිල්ගේ ජයග්‍රහණයේ විශේෂත්වය වන්නේ ගැහැනියක පිරිමියකු කිරීම හැර අන් සියල්ල කළ හැකි යැයි කියූ ජේ. ආර්. ජයවර්ධනගේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වඩා වැඩි බලතල සහිත ව්‍යවස්ථාවක්ද ඇතිව රනිල් විධායක ජනාධිපති තනතුරට පත්වීමය.

20 වැනි ව්‍යස්ථා සංශෝධනය තුළින් එම තත්ත්වය ඇති කර දුන්නේ ගෝඨාභය රාජපක්ෂ සහ අලි සබි්‍ර විසිනි. දැන් ගෝඨාභය වේදිකාවෙන් බැස ගොස් හමාරය.

රනිල් වික්‍රමසිංහ මෙරට දේශපාලනයේ ප්‍රකට රෝයල් කල්ලියේ සාමාජිකයෙකි. අනුර බණ්ඩාරනායක, දිනේෂ් ගුණවර්ධන රෝයල් කල්ලියේ රනිල්ගේ සමීපතමයෝය. 1949 මාර්තු 24දා උපන් රනිල්ගේ පියා නීතිඥ එස්මන්ඩ් වික්‍රමසිංහය. මව නලිනි විජේවර්ධනය. මවගේ පියා ලේක්හවුස් පුවත්පත් ආයතනයේ නිර්මාතෘ ඩී. ආර්. විජේවර්ධනය. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අධ්‍යාපනය ලද රනිල් වික්‍රමසිංහ 1972දී නීතිඥයකු ලෙස දිවුරුම් දී ඇත.

රනිල් වික්‍රමසිංහ දේශපාලන කරළියට ඇදී ඒම පිළිබඳ බොහෝ අය නොදන්නා ඉතිහාසයක් තිබේ. 1946 එක්සත් ජාතික පක්ෂය ආරම්භ වූ තැන් පටන් පක්ෂයේ සංයුක්ත කොටස් අතර ගැටුමක් තිබිණ. සුළු ජාතික කොටස් හැරුණු විට සේනානායක, බණ්ඩාරනායක, ජයවර්ධන, කොතලාවල පවුල් අතර ගැටුම පැවතිණ. 1951දී බණ්ඩාරනායක පක්ෂය හැරයෑමෙන් පසු සේනානායක, ජයවර්ධන පවුල් අතර ගැටුම තවදුරටත් පැවැතියේය. අගමැති ඩඩ්ලි සේනානායකගේ මරණින් පසුව එම ගැටුම අවසන් වූ අතර ජේ. ආර්. ජයවර්ධන එජාප නායකත්වයට පත්විය.

ජේ. ආර්. එජාප නායකත්වයට පත්වීමත් සමඟ නොපමාව පක්ෂය තුළ පවුල් බලය තහවුරු කිරීමට පියවර ගත්තේය. ඔහු ප්‍රථමයෙන් සිදුකළේ ස්වකීය නෑනා වූ නාලිනීගේ ස්වාමිපුරුෂයා එස්මන්ඩ් වික්‍රමසිංහත් ඔහුගේ පුත්‍රයා වූ රනිල් වික්‍රමසිංහත් එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයට පත්කර ගැනීමය. ඩඩ්ලි සේනානායකගේ අභාවය සිදුවන විට රනිල් වික්‍රමසිංහ එජාපයේ කොතැනකවත් සිටියේ නැත.

රනිල් එජාප කෘත්‍යාධිකාරී සභාවට ඇතුළත් කර ගත් වහාම ඔහුට බියගම ආසනයේ සංවිධායක ධුරය ලබා දුන්නේය. බියගම මන්ත්‍රිවරයා වශයෙන් පාර්ලිමේන්තුවට ගෙනැවිත් ඉතා කෙටි කාලයක් තුළ එනම්, 1977 ජූලි මාසයේදී විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ධුරය ලබා දුන්නේය. එම වසරේම ඔක්තෝබර් මාසයේදී තරුණ කටයුතු ඇමැති තනතුර දක්වා රනිල්ව ඔසවා තබන ලද්දේ ඔහු මෙරට ළාබාලම ඇමැති බවටද පත් කරමිනි. ජේ.ආර්.ගෙන් පසුව ඔටුන්න හිමි කුමරා ලෙස රනිල් වික්‍රමසිංහ ඉදිරියට ගන්නට ජේ. ආර්.ට ඕනෑකම තිබිණ. එහෙත් රණසිංහ ප්‍රේමදාස කරළියට අවතීර්ණ වීම නිසා එය දශකයකින් පස්සට ගියේය.

කෙසේ වුවද පසුව ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, සිරිල් මැතිව් ආදීන්ගේ උග්‍ර බල ගැටුමකින් පසුව රනිල් වික්‍රමසිංහට නියමිත ඉලක්කයට ළඟා වන්නට හැකි විය. 1980 දී රනිල් අධ්‍යාපන ඇමැති ධුරයට පත්විය. අධ්‍යාපන ඇමැතිවරයා ලෙස ඔහු විසින් ගෙනෙන ලද අධ්‍යාපන ධවල පත්‍රිකාව මෙරට ශිෂ්‍ය ව්‍යාපාරයේ බරපතළ උදහසට ලක්විය.

රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ජීවිතයේ බරපතළම කළු පැල්ලම එක්වූයේ 1989දී කර්මාන්ත ඇමැතිවරයා වශයෙන් සිටිමින් එවකට රට තුළ පැනනැඟී තිබුණු තරුණ කැරැල්ල මර්දනය සඳහා බටලන්ද නිවාස ක්‍රමය තුළ පිහිටුවා තිබූ රැඳවුම් ස්ථානයක වගකීම දරමින් බලය අනිසි ලෙස යෙදවූ බවට චෝදනා එල්ල වීමය. ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් 1994දී බටලන්ද කොමිසම නමින් කොමිසමක් පත්කළ ද ඊට අධිකරණ බලය ලබා දුන්නේ නැත. බටලන්ද කොමිෂන් සභා වාර්තාවක් නිකුත් වුවද ඒ සම්බන්ධයෙන් අධිකරණ කෘත්‍යයක් සිදුවී නැත.

ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ස්ථාවරය වූයේ එක්සත් ශ්‍රී ලංකාවක් මත පදනම් වූ දේශපාලන විස¾දුමක් තුළින් ජන වාර්ගික සාමය ඇති කරගත හැකි බවය. රනිල් එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සටන් විරාම ගිවිසුමකට එළැඹෙන්නටත් සාම සාකච්ඡා සඳහා අවතීර්ණ වන්නටත් ඔහුගේ පාලන කාලය තුළ දැඩි වෙහෙසක් ගත්තේය. 2002 පෙබරවාරි 15 වැනිදා ශ්‍රී ලංකා ආණ්ඩුව සහ එල්.ටී.ටී.ය දෙපාර්ශ්වය අතර සටන් විරාම ගිවිසුමක් අස්සන් තබන ලදී. රනිල්ගේ මැදිහත් වීමෙන් වසර 18 කට පසු ඒ – 9 මාර්ගය නැවත විවෘත කරන්නට හැකි විය. එහෙත් 2004 පෙබරවාරි 15 ජනාධිපතිනි චන්ද්‍රිකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ රනිල්ගේ අගමැති ධුරය අහෝසි විය.

2005 පරාජයත් සමඟ එජාපයේ අර්බුද පැන නැඟිණි. ජනාධිපති මහින්ද රාජපක්ෂ සුප්‍රකට සැලුන් ‍ෙදාර හැර දැමීමත් සමඟ එජාපයේ ප්‍රබල නායකයන් රැසක් ආණ්ඩුවට එකතු වී විවිධ වරදාන ලබා ගත්හ. එසේ එජාපය හැරගොස් ආණ්ඩුවේ තනතුරු ලද්දවුන් අතර රෝහිත බෝගොල්ලාගම, කරු ජයසූරිය, එම්.එච්. මොහොමඩ්, මිලින්ද මොරගොඩ, ජී. එල්. පීරිස්, බන්දුල ගුණවර්ධන, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ගාමිණී ලොකුගේ, පී. දයාරත්න, රාජිත සේනාරත්න, මහින්ද රත්නතිලක, නවීන් දිසානායක, හේමකුමාර නානායක්කාර, ධර්මදාස බණ්ඩා, නියෝමාල් පෙරේරා, සුසන්ත පුංචිනිලමේ, නන්දිමිත්‍ර ඒකනායක, තිලංග සුමතිපාල, දුමින්ද සිල්වා, රවීන්ද්‍ර රන්දෙණිය, අශෝක වඩිගමංගාව ආදීහුද වූහ.

එජාපය දේශපාලනික වශයෙන් බරපතළ පසුබෑමකට ලක්ව තිබූ අතර රනිල් වික්‍රමසිංහ එජාප නායකත්වයෙන් නෙරපා හැරීම සඳහා එජාපය තුළම කල්ලි කණ්ඩායම් ගණනාවක් බිහි විය. එජාපයේ පැවැත්ම මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පැවැත්මට අත්‍යවශ්‍ය දේශපාලන සාධකයක් වූ නිසාම මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහව ආරක්ෂා කරන බවට මතයක් එකල සමාජ ගත වී තිබිණ. මහින්දගේත් රනිල් වික්‍රමසිංහගේත් සමාගමය “කළු කෝපි සාදය” වශයෙන් දේශපාලන අංශවල කතාබහට ලක්ව තිබිණ. රනිල්ට විරුද්ධව සිරිකොත ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වීමට නියමිත දින හදිසියේම පාර වසා දමා කාපට් කිරීමට රජය ක්‍රියා කිරීම කළු කෝපි සාදයේ අතුරු ප්‍රතිඵලයක් විය.

මේ අතීත කතා සියල්ල වර්තමානය වන විට සැබෑව බවට පත්ව තිබේ. වර්තමානයේ රාජපක්ෂ රෙජීමයේ එකම ආරක්ෂකයා රනිල් වික්‍රමසිංහ බව ජනතාවට රහසක් නොවේ. 2017 රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් එළවා දැමීම සඳහා ජනාධිපති සිරිසේන සමඟ එකතුවූ මහින්ද 2022 ආර්ථික අර්බුදයේ කරවටක් ගිලුණු විට පිළිසරණ අපේක්ෂාවෙන් රනිල් වික්‍රමසිංහට අගමැති තනතුර පිරිනැමීය.

ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් කරා ඔඩු දුවන්නටත්, ආණ්ඩුවට එරෙහි තරුණ ජනයාගේ විරෝධතා ව්‍යාපාර රට පුරා පැන නඟින්නටත් වූ විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවේ එකම ගැලවුම්කාරයා ලෙස මහින්ද සමඟ හිට ගන්නට රනිල්ට සිදුවිය. ඇතැම් දේශපාලන විචාරකයන්ගේ අදහස වූයේ ආර්ථික අර්බුදය උපයෝගී කරගනිමින් අවසාන වටයේදී රනිල් ජය කණුව වෙත ළඟා වනු ඇති බවය.

තරුණ අරගලය වඩාත් තීව්‍ර වෙද්දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පලාගිය අතර ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය අවසානයේ තරුණ අරගලකරුවන් අතට පත්විය. මේ අල්ලපනල්ලේ ක¾දුළුගෑස් දුමාරය ඉවත් වූ පසු බලන විට අගමැති රනිල් වැඩබලන ජනාධිපති පුටුවේ අසුන්ගෙන සිටියේය. කිසිවකු අපේක්ෂා නොකළ පරිදි එජාපයේ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයා දැන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපතිවරයාය.

ලංකාවේ සිදුවන්නේ කුමක්දැයි වටහාගන්නට අපොහොසත් වූ ඉන්දියාව ඉකුත් සතියේ සර්වපාක්ෂික සමුළුවක් කැඳවා ලංකාව සම්බන්ධයෙන් පැය ගණනාවක් සාකච්ඡා කළේය. ලංකාවේ සිදුවන දේශපාලන පරිවර්තනයන් පිටුපස ඉන්දියාව සිටින බවට නැඟෙන චෝදනාව ප්‍රතික්ෂේප කළ ඉන්දීය ආරක්ෂක ඇමැති ජයසංඛර් ලංකාවේ සිදුවන පරිවර්තනයන් දෙස බලා සිටිනවා මිස ඊට කිසිදු ආකාරයකින් මැදිහත් නොවන බව ජාත්‍යන්තරයට ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ දේශපාලන වශයෙන් හොඳින් පදම් වී ඇති බවත් තෙම්පරාදු වී ඇති බවත් කියන්නට වෙනත් අටුවා ටීකා වුවමනා නැත. දැන් ජනතාව බලා ඉන්නේ ජනාධිපති රනිල්ගේ වැඩකිඩ දෙසය. රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේ දිග පළල ගැන සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් තවදුරටත් කල් මරන්නට ඔහුට ඉඩක් නැත. රටම පවතින්නේ ලොක්ඩවුන් තත්ත්වයකය. ඉන්ධන අර්බුදය නිසා පාසල්, විශ්වවිද්‍යාල, රෝහල්, රජයේ කාර්යාල තවමත් වසා දමා තිබේ. රටේ මිනිසුන් බහුතරයක් දිවා රෑ පෝලිම්වල නිරාහාරව නිදිවරති. රනිල් වික්‍රමසිංහම දෙසතියකට පෙර පැවැසූ වචනවලින් කියනවා නම් ජනතාව කුසගිනි නිවා ගන්නේ දිනකට එක වේලකිනි.

මේ මොහොතේ සමාජයේ දැවෙන ප්‍රශ්නවලට විස¾දුම් ඉදිරිපත් කළ යුතු එකම මිනිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහය. ඔහු ගනු ලබන පියවර කෙරෙහි රටම බලා සිටී. ඔහු අරගලකරුවන්ට මර්දන අණපනත් තුළින්, සහ තුවක්කුවෙන් පිළිතුරු දෙනු ඇතැයි සමාජ මතයක් ගොඩනැඟී තිබිණි.

තමන් ෆැසිස්ට්වාදයට විරුද්ධ බවත් ප්‍රජාතන්ත්‍රවාදී අරගලකරුවන්ට පක්ෂ බවත් ප්‍රකාශ කළ රනිල් පැය 24ක් යන්නට මත්තෙන් සිකුරාදා අලුයම ගෝල්ෆේස් අරගලකරුවන්ට ආරක්ෂක හමුදා යොදවා පහර දුන්නේය. සති අන්තයේ ජාත්‍යන්තර මාධ්‍ය ජනාධිපතිවරයාගේ ක්‍රියාව දැඩි ලෙස හෙළා දැක්කේය. ඔහු 80 දශකයේ එ.ජා.ප. පාලනය පිළිබඳ මතකය නැවතත් අලුත් කරමින් සිටී.

රනිල් වික්‍රමසිංහ අරගලකරුවන්ගේ විරෝධය දක්ෂ ලෙස කළමනාකරණය කරන බවටත් අරගලය ඉල්ලා සිටින සිස්ටම් චේන්ජ් එක රාජපක්ෂවරුන්ගේ අත්අඩංගුවෙන් මිදීම සඳහා ඔහු සීරු මාරුවට යොදා ගන්නා බවටත් රනිල් සම්බන්ධයෙන් අනාවැකි කියූ දේශපාලන විචාරකයෝ සිකුරාදා අලුයම ප්‍රහාරයෙන් අන්දුන් කුන්දුන් වූහ. රනිල් වික්‍රමසිංහ ඔහුට පුරුදු පරණ පාරේම ඉදිරියට ගියොත් ඔහුගේ එක්සත් ජාතීන්ගේ මහ පුටුවට යන සිහිනය බොඳ වීම වැළැක්විය නොහැකිය.

බුද්ධිසිරි ධර්මප්‍රිය

මව්බිම ඉරිදා – පුවත්

Image Credits – hindustantimes.com