Home Blog Page 19

සමාජ මාධ්‍ය විප්ලවය මොබයිල් ෆෝන් ඇබ්බැහිය සමස්ත ලොවම ගිල ගනීද?

සමාජ මාධ්‍ය විප්ලවය මොබයිල් ෆෝන් ඇබ්බැහිය සමස්ත ලොවම ගිල ගනීද?

ලන්ඩන් කොළම -Lanka News UK

සමාජ මාධ්‍ය තුළින් රටවල් පෙරලන්න, මිනිසුන් ඝාතනය කරන්න, ව්‍යසනවලට පාරකපන්න වගේම හොඳ ශිෂ්ඨ සම්පන්න සමාජයක් බිහි කරන්න. ජීවිතය වඩාත් හොඳින් ගෙනයාමට උපදෙස් ගන්න වගේ දේවල වලට යොදාගන්න පුළුවන් මාධ්‍යක් බවට පත්වෙලා. ඕව ඕනෑම රටක මිනිසුන්ගේ ජන ජිවිතයට මුහුණු පොත, ගුගල්, යු ටියුබ්, ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම්, එක්ස්, වගේ නානා විදියේ සමාජ මාධ්‍ය වලට කර ඇති බලපෑම ගැන මෙතෙකැයි කියා නිමකල නොහැකි විප්ලවයක් සිදුවෙලා ඉවරය. එය මුළු මහත් ලොව ගිලගත් එකක්. ලොව කොතැනක වන සිදුවිමක් එය සිදුවී මොහොතකින් අතේ තියන කොම්පියුටරයක් වූ මොබයිල් ෆෝන් එකක් දිහා උදේ හවස බලන් නොසිටින කෙනෙක් අද සොයාගැනීමට නම්, නැති තරම්.

මෙය කොතරම් ප්‍රබල ද කිවොත් මෙය නතර කරන්න ගිය රජයන් ගන්න උත්සාහයට එරෙහිව ඒ බලවේග ආයතන විනාශකර දා කැරලි ගසා සුන්නත්දුළි කරන්න තරම් එය ප්‍රබලවෙලා. මේ යන විදියට මිනිසුන්ගේ මනස විකුර්ති වෙලා ඉවරයි. අද සිටින තරුණ පරපුර, ඉපදෙන දරුවන්ට, මොබයිල් ෆෝන් වලින් තොර ජිවිතයක් නම් නැහැ. දුම්රියට බස්රියට හෝ වෙනත් කටයුත්තකට ගියත් මේ පුරුද්ද දැන්නම් අතහරින්න බෑ බෑ මයි. දරුවන් බලාගන්න අම්මාලා, පොල් කඩන්න ගහට නැග්ග මල්ලිලා, කන්තෝරුවල, ෆැක්ටරි වල, කමතක වැඩකරන ගොවි කම්කරු සහෝදරයන් – කොටින් කිවොත් ලොක්කෝ – සොක්කෝ අද ඉන්නේ මොබයිල් ෆෝනය අතේ තියන්. මේ විප්ලවය දැන් උච්ච අවස්ථාවට පැමිණිලා.

අද ඉන්න අම්මලා දරුවෝ නළවන්නේ මොබයිල් එක අතට දිලා අම්මලා ළමයි මොනදේ කළත් දන්නේ නැති තරම් උදේ හවස ඕපදුපවලට හොඳ ආයුධයක් බවට මෙය පත්කරගෙන. ලව් කරන්න, හොඳ දේවලටත් යොදාගෙනත් තියනවා. ඒ වගේම දැන් මෙහා ලොව පුරා පත්‍ර සමාගම් රුපවාහිනී නාලිකා සමාගම් වල පොත්පත් ඕනෑම දේක ඉතිහාස, සමාජවිද්‍යා, සෞඛ්‍යය, විද්‍යා පර්යේෂණ අධ්‍යාපනය සඳහා හොඳම මෙවළමක්. ඒ හොඳ අතට පාවිච්චි කලොත්. “හොඳට නරකට දෙකට කට” වෙනුවට ලියන කියමන අද “මොබයිල් ෆෝනය” කීවොත් නිවැරදියි. අද ලොව මොබයිල් ෆෝන් සමාගම් තමයි හොදම ආදායම් උපයන ආයතන, ලොව මේවනවිට එහි ජනගහනයෙන් 90% මොබයිල් ෆෝන් භාවිතාකරනවා. මින් වන හානිය බොහොම ප්‍රබලයි. එය තමයි අද තිබෙනා ප්‍රබලම මාධ්‍ය වී ඇත්තේ. පාලකයන් පලවාහැරීමට, ජිවිත විනාශ වන්න හොඳ මගට පිවිසෙන්න උපදෙස් මේ මගින් ඇති අවකාශය ඉතා ප්‍රබලයි.

මොබයිල් ෆෝන් නිසා ආදරය අරඹා විවාහ ගිවස ගත් අවස්ථා මෙන්ම විවාහ කාඩා වැටී දික්කසාදවු අවස්ථාද එමටය, බොහෝ පිරිසක් තමාගේ හා පවුලේ තොරතුරු දමා ගැනීමටත් හොඳම මෙවලක් සේ මෙය යොදාගෙන විනෝදයට පත් වීම අද සුලබ කරුණක්. අනේ කොතරම් හොඳද. නුසුදුසු වැඩ වලටත් මෙය භාවිතා වෙනවා. ඒවා අහල දැනගන්න. රටවල සිටිනා අය අතර මේ පුරුදු සුලභය. මෙනිසා හිත අවුල් වී සියදිවි හානි කරගත් තරුණ තරුණියන් පිරිස ඉතා ඉහළ බව බි බි සී වැඩසටහනක කියා තිබුනා මතකය. මේවා අතර කුඩා දරුවන්ගේ සේයාරූ නොදත් කම නිසා පලකරනු දැකකම අපට ඒ අය ගැන අනුකම්පාවක්ද ඇතිවේ. සමහරුනට කිබිහුමක් ගියද ෆේස් බුක් වලින් දැනුම් දීමට තරම් දුර්වල මනසක් ඇතිව තිබෙන මට්ටමකට අපි ඇදවැටී ඇතැයි වැඩසටහනකදී අහන්නට ලැබුනා. එය ඔවුන් සතු අයිතියකි. මෝඩකමට බෙහෙත් නැත.

මේවන විට මුහුණු පොතේ යු ටියුබ් මාධ්‍ය ඔස්සේ සංසරණයවන පුවත්, රටේ දේශපාලනය පිළිබඳ හෝ කුමන පෞද්ගලික මතයක් දරන කෙනෙකුට මඩගහන්න, ඔසවා තබන්න, ප්‍රතිරුප විනාශකරන්න කල්ලි පිරී ඉතිරී ගොසින්. දේශපාලකයන් දැන් මේ සඳහා හරිම උනන්දුයි. මඩ ගොඩේ නොවැටෙන්න වැඩ සලස්වාගන්න එකට ඇම්බැට්ටයන් පිරිසක් ලොව හැම රටකම ඇතිවී තිබෙනවා. එය දැන් අලුත් මුදල් ඉපයීමේ (ඩොලර්) ඉක්මන් මගක් වෙලා අවසන්. ජනමාධ්‍ය ගැන මෙලෝ හසරක් දන්නේ නැති තම මව් බස හරියට නොදන්නා පිරිසකුත් මේ අතරේ ඉන්නවා බඩ ගොස්තරේ රැකගන්න. හරියට කැලෑවල ඉන්න කුඩා සත්තු මහ එවුන් පස්සෙන් යනවා වගේ. දේශපාලකයන්ගේ පැටිකිරියනම් ඉවරටම ඉවරයි ඔන්න.

ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් සමාජයක ශිෂ්ට මිනිස්සු හැටියට අපිට අනෙකාගේ මතය දරා ගන්නට පුලුවන් වෙන්න ඕනේ. අපි පිලිගන්න අදහස් මත සමරනවා වගේම ඊට විරුද්ධ අදහස් ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය හැමෝටම තියෙන්නත් ඕන. යනවා කියලා පොස්ට් එකක් අද උදේ දැක්ක. තවත් එකක් ඇමරිකාවේ ට්‍රම්ප්ට මුට්ටිය අල්ලපු තරුණයෙක් මරාදාපු එක ගැන. තවත් එකක් නේපාලේ අරගලේ යි අපේ අරගලයයි ගැන ඔස්තාර් අදහස් උදහස්. ලංකාවේ නම් ජනාධිපති වරයෙකුගේ තවමත් තරුණ දේශපාලන ලඳ බොළඳ පුතා හා ඔහුගේ නඩු ගැන. කතාවේ යෙදෙනවා, මෙතෙක් හිටපු ලංකාවේ කිසිම රස්සාවක්, එක්කෝ පරපුර නිසා දේශපාලනයට ආ ජනතාවගේ කතිරය නිසා රටේ රජවූ බස් එකේ දුම්රියේ ගමන් කරපු අයත් ඉන්නවා. ගමේ රස්තියාදු මොවුන්ට දේශපාලනය නිසා පුරුවේ පිනකට එතනට ආපු නායකයන්ට ඔවුන්ගේම නීති දාල හදාගෙන හිටපු මාළිගා වලින් යන්න බැරිය කිව් නිසා අලුතින් ආපු කස්ටිය මේ අය කොළඹ 7 ගෙයින් යවන්න නීති හදල. හරි නරකයි. රට කාල වතුර බීපු ලොව පුරා කරක් ගහපු නායකයින් දැන් ඒවායින් යනවලු. එක එකා පෝලිමට පව් අනේ. හරි අමාරුඇති හිත්වලට.

අපි ලෝකේ කොහේ හිටියත් මේවා ඒ මාධ්‍යවලට එක්කළ සැණින් කිසිම වගක් විභාගයක් නැතිව මෙව දිහා අපි බලලා ඔහේ ඉන්නවා. කාටහරි සෙතක් (කෙල) වෙනකන්. බොහෝ දෙනෙක්. අනේ මෙහෙම කරුමයක්. කොතනින් කෙළවර වෙයිද මන්දා. බලන් ඉඳිමු හෙට එළිවනකන්. එතෙක් නවතිමු

මෙතැනින් විප්ලවයට ඉඩ දීලා.

ලන්ඩන් කොළම -Lanka News UK

14.09.25 See less

පිළිකාව සුව කිරීමට රුසියාව එන්නතක් සොයාගනී

Lanka News UK

මෙතෙක් ලොව දහස් ගණනක් විමසිල්ලෙන් බලා සිටි මාරාන්තික රෝගයක් වූ පිළිකා රෝගය සුව කිරීමට ලෝක බලවෙතෙකු වන රුසියාවේ විද්‍යාඥයින් පිරිසක් සමත්වී තිබේ.

කවදා හෝ කවුරුන් හෝ අතින් සිදුවේවි යයි මග බලාසිටි පිරිසට අස්වැසිල්ලක් වූ මේ පුවත දැනට ලොව පුරා ජනමාධය සමාජ මාධ්‍යවල ප්‍රධාන පුවත බවට පත්ව තිබේ.

“රුසියානු එන්ටරොමික්ස් පිළිකා එන්නත දැන් සායනික භාවිතය සඳහා සූදානම් බව ෆෙඩරල් වෛද්‍ය හා ජීව විද්‍යාත්මක ඒජන්සිය (FMBD) නිවේදනය කර ඇත. FMBD ප්‍රධානී වෙරෝනිකා ස්ක්වෝර්ට්සෝවා පැවසුවේ mRNA මත පදනම් වූ එන්නත පූර්ව සායනික අත්හදා බැලීම් සාර්ථකව සමත් වී ඇති බවත්, එහි ආරක්ෂාව සහ ඉහළ කාර්යක්ෂමතාව පෙන්නුම් කර ඇති බවත්ය.
එන්නත පිළිකා හැකිලීම සහ ඒවායේ වර්ධනය මන්දගාමී කිරීම සඳහා සැලකිය යුතු ප්‍රතිඵල පෙන්නුම් කළ අතර, නැවත නැවත භාවිතා කිරීම සඳහා ආරක්ෂිත බව ද සොයාගෙන ඇත.

ලොවපුරා දහස් ගණනක් පිළිකා රෝගය සම්බන්ධව පර්යේෂණ පවත්වමින් සිටින්නේ මේ තරඟයේ වීරයන් වීමටය. ඇමරිකාවේ හා සෙසු රටවල සමාගම් දහස් ගනනක් මේ සඳහා ඩොලර් බිලියන ගණනනින් මුදල් යොදවා සිටින අතර අපේ රටේ උගත් විද්‍යා ඥයින්ද මේ පිරිස අතර වේ. මොවුන් දිවා රෑ වෙහෙසමින් ඒ පර්යේෂණවල නිරත වෙමින් සිටී. මේ සම්බන්ධ බටහිර රටවල් වල මාධ්‍ය නිහඬ වීමට ප්‍රධාන හේතුවක් නම් රුසියාව සමග ඇති දේශපාලනික අමනාප නිසා වන්නට වීම මෙන්ම එකී සමාගම් බොහොමයක් මේ තරඟයෙන් බැහැර වන්නට සිදුවුවහොත් සිය කෝටි ගණනක් යෙදවූ මුදල් අපතේ යන බැවින් යයි කිවයුතුය.

එන්ටරොමික්ස්, මහා බඩවැලේ පිළිකා ඉලක්ක කරගත් මුල් සායනික අත්හදා බැලීම් වලදී 100% ක කාර්යක්ෂමතාවයක් සහ ආරක්ෂාවක් ලබා ගෙන ඇත.
මෙම පුවත එන්නතෙහි කැපී පෙනෙන ක්‍රියාකාරිත්වය ඉස්මතු කරයි. රෝගීන් පිළිකා හැකිලීමක් අත්විඳ ඇති අතර බරපතල අතුරු ආබාධ නොමැත. COVID-19 එන්නත් මෙන් එකම mRNA තාක්ෂණය භාවිතයෙන් සංවර්ධනය කරන ලද එන්ටරොමික්ස්, රසායනික චිකිත්සාව වැනි සාම්ප්‍රදායික ප්‍රතිකාර සඳහා ආරක්ෂිත, වඩා බුද්ධිමත් විකල්පයක් වන පිළිකා ෛසල හඳුනාගෙන ඉවත් කිරීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කිරීම සඳහා නිර්මාණය කර ඇත.
මෙම පුරෝගාමී චිකිත්සාව සෑම කොලරෙක්ටල් පිළිකා රෝගියෙකුටම පුද්ගලීකරණය කර ඇති අතර, පුද්ගලයෙකුගේ පිළිකා පැතිකඩට ගැලපෙන අභිරුචි ප්‍රතිශක්තිකරණ ප්‍රතිකාරයක් ලබා දෙයි. අත්හදා බැලීම් සඳහා ස්වේච්ඡා සේවකයන් 48 දෙනෙකු සම්බන්ධ වූ අතර රුසියාවේ ජාතික වෛද්‍ය පර්යේෂණ විකිරණ මධ්‍යස්ථානය විසින් එංගල්හාර්ඩ් අණුක ජීව විද්‍යා ආයතනය සමඟ සහයෝගයෙන් පවත්වන ලදී.

2025 ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදයේ දී කරන ලද නිවේදනය අනුව මෙම රුසියානු පිළිකා එන්නත ලොව ඔන්කොලොජි ක්ෂේත්‍රයේ විභව කේෂ්ත්‍රය වෙනස් කරන්නෙකු ලෙස මුල් තැනක් ගෙන ඇත. එය රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියාමන අනුමැතියෙන් එක් පියවරක් දුරින් ගෝලීය ඔන්කොලොජි අවධානයෙන් බලා සිටී. මෙම ප්‍රතිඵල විශාල, දැඩි අත්හදා බැලීම් හරහා වලංගු වුවහොත්, එන්ටරොමික්ස් මේ සම්බන්ද ලොව සෞඛ්‍ය ඉතිහාසයේ නව යුගයක් කරා ගෙනයන්නක් බව ප්‍රකාශ කළ හැකිය. පුද්ගලාරෝපිත, ඵලදායී සහ අතුරු ආබාධ-සැහැල්ලු පිළිකා ප්‍රතිකාර, ඉහළ පිළිකා බරක් සහ ප්‍රතිකාර සඳහා විචල්‍ය ප්‍රවේශයක් අත්විඳින ඉන්දියානු රෝගීන් සඳහා, එවැනි දියුණුවක් ගැඹුරින් බලපෑම් සහිත නියාමන සහ ප්‍රවේශ්‍යතා මාර්ග ඉතා කාර්යක්ෂමතාවයකින් පෙළගැස්විය හැකිය යනු ඉන්දීය රුපවාහිනී නාලිකවක්වූ එන්.ඩී ටිවී. පුවතක සඳහන් කරයි.

රුසියාවේ ජාතික වෛද්‍ය පර්යේෂණ විකිරණ විද්‍යා මධ්‍යස්ථානය සහ එංගල්හාර්ඩ් අණුක ජීව විද්‍යා ආයතනය විසින් වසර ගණනාවක් සම්බන්ධීකරණය කරන ලද පර්යේෂණ හරහා මේම එන්ටරොමික්ස් උපත ලැබීය. මෙම එන්නත, පිළිකා ෛසල වලට එරෙහිව හොඳ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ජනනය කිරීම සඳහා වේගවත් COVID -19 එන්නත් සංවර්ධනයට ඉඩ දුන් වේදිකාවට සමාන පඍභ් mRNAයාගේ පිළිකා ජාන වලට අනුව සකස් කර ඇත,

පුද්ගලාරෝපණය සහ කඩිනම් බවේ මෙම සංයෝජනය එන්ටරොමික්ස් චිකිත්සක එන්නත් වල මායිමේ ස්ථානගත කරයි, ප්‍රතිශක්තිකරණ – ඔන්කොලොජි වල දිගුකාලීන අභියෝග ජය ගත හැකිය.
Enteromix නියාමන අනුමැතිය සහ පුළුල් වලංගුභාවය ලබා ගන්නේ නම්, ගෝලීය රෝගීන් සඳහා පුළුල්, දැඩි ප්‍රතිකාර වලින් ආරක්ෂිත, සකස් කරන ලද ප්‍රතිශක්තිකරණ ප්‍රතිකාර වෙත මාරුවීම අතුරු ආබාධ අඩු කර ප්‍රතිඵල වැඩිදියුණු කළ හැකිය.

අත්හදා බැලීම් අවසන් වීමත් සමඟ, ඉතිරිව ඇති එකම පියවර වන්නේ නියාමන නිෂ්කාශනයයි. අනුමත වුවහොත්, එන්ටරොමික්ස් මහජනතාවට ලබා ගත හැකි පළමු පුද්ගලාරෝපිත mRNA පිළිකා එන්නත බවට පත් විය හැකිය.
මෙම පුවත සබැඳි කරුණු අන්තර්ජාලයේ පලවී ඇති පුවත් ඇසුරෙන් උපුටාගත් බව කරුණාවෙන් සළකන්න)

Shanthi Senadheera

සංක්‍රමණ විරෝධි අන්තවාදී දක්ෂිණාංශික රැල්ල ලන්ඩන් හරහා ලොවපුරා හමායයි.

Lanka News UK- September 2025 , Issue E paper is out now..!

ලංකා නිවුස් යුකේ – සැප්තැම්බර් – අන්තර් ජාල පුවත්පත Online Newspaper… See more

සංක්‍රමණ විරෝධි අන්තවාදී දක්ෂිණාංශික රැල්ල ලන්ඩන් හරහා ලොවපුරා හමායයි.

මෙම රැළි අද වනවිට බි්‍රතාන්‍යය, ඇමරිකාව, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය පෝලන්තය හා ඕස්ටේ‍රලියාව දක්වා පැතිරයමින් පවතී. මෙම රැළිවලින් එම රටවල ඒ සඳහා සහභාගිවූ ජනතාව කියාසිටියේ දැනට සිදුවෙමින් තිබෙන සීඝ්‍ර සංක්‍රමණික ක්‍රියාදාමය වහා නතර කරන ලෙසය. මේ ක්‍රියාදාමය තම රටවලට අහිතකර බවත්, ඔවුන්ට මහත් හිරිහැරයක්, බලවත් අසාධාරණයක්, මේ ලිහිල් ප්‍රතිපත්ති නිසා සිදුව ඇති බව පවසා තිබුණි. විශේෂයෙන් ඔවුන් සිය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ අනීතිකව මේ රටවල පැමිණෙන සරණාගතයින් නතර කිරීම පිණිස සංක්‍රමණ නීති තවත් තද හෝ ප්‍රංශ රජයේ සහය ඇතිව නතර කරණ ලෙසය. මෙම සිදුවීම් ඉහත සඳහන් රටවලට සංචාරකයින් ලෙස නිකරුනේ පැමිණෙන හා සරණාගතයනට විශේෂයෙන් සැලකිලිමත් වියයුතු කරුණක් වේ. තවද මේ ප්‍රවණතාවය මෙම රටවල දිගු කළක් ජිවත්වන සංක්‍රමණිකයන්ටද එල්ල කරනු ලබන රතු එළියක් බවද කිවයුතුය.

ලන්ඩනයේ පසුගිය සැප්තැම්බර් 13 වන සෙනසුරාදා පැවැති සංක්‍රමණ විරෝධී රැළියට 100,000 කට අධික පිරිසක් සහභාගිවී තිබුණි. මේ නිසා ලන්ඩනයේ මාවත් සියල්ලම වසාදැමීමට බලධාරීන් පියවර ගෙන තිබුණේය. තවද ලන්ඩනයේ වයිට් හෝල්හි පැවතී තවත් 5000 පමණ රැස්ව සිටි රැළියක දී පොලිසිය අන්ත දක්ෂිණාංශික විරෝධතාකරුවන් සමඟ ගැටී විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීම් සිදු කෙරුණි. මේ පෙළපාලියට සහභාගිවූ අන්ත දක්ෂිණාංශික කැරළිකරුවන් සුළු පිරිසක් පොලිසිය සමග ගැටුම් ඇති කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මෙහිදී පොලිස් නිලධාරින් 26 දෙනෙකු තුවාල ලබා තිබුණි. මේ අතර පොලිසියේ ඉන් 4 දෙනෙකුගේ තත්වය බරපතල බව බි.බි.සි. හා ස්කයි රුපවාහිනී පුවතක සඳහන්ව තිබුණි.

එක්සත් රාජධානියට 2024 වසරේ දී 36,816 හා 2025 දී, 30,164 ක් ඩිංගි බෝට්ටුවල (පිම්බෙන රබර් බෝට්ටු) නැගී බි්‍රතානයයට ප්‍රංශය හරහා පැමිණි සරණාගතයින්ගේ සංඛාව විය. මේ අතර 2018 -2025. පැමිණි සරණාගතයින්ගේ සංඛාව 1,80,000 විය. මෙයින් වැඩි පිරිසක් පැමිණ තිබුණේ ඉස්ලාම් සම්බවයක් පවතින ඇෆ්ගනිස්තානය, සිරියාව, පලස්තීනය, ඉරානය, ඉරාකය සෝමාලියාව වැනි රටවලින් හා අප්‍රිකානු රටවල් වූ නයිජිරියා, සුඩාන්, ඇතුළු සෙසු රටවලිනි. මේ අතර ඉන්දියාව, පාකිස්තානය, බංගලාදේශය, නේපාලය හා ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් වලින්ද සරණාගතයින් ලෙස බි්‍රතාන්‍යට පැමිණ තිබුණි.

ගුවන් මගින් මෙහි පැමිණ අයදුම් කළ සරණාගතයින්: 2024 දී 84,200කි. වාර්තාගත ඉහළම වාර්ෂික සංඛ්‍යාව පුද්ගලයින් 108,100 කි. 2025 මැද භාගය වන විට වැඩිවීම: 2025 ජුනි මාසයෙන් අවසන් වන වසර තුළ අයදුම්පත් 88,700 දක්වා තවත් වැඩිවීමක් දක්නට ලැබුණි. එය පුද්ගලයින් 111,100 කි. එනම් සිය පවුලේ අයද ඇතුළු ගණන හැඳින්වේ. මෙහි ප්‍රධාන ගැටලුව නම් රජය විසින් ඔවුනට නිවාස, පාසල්, යැපීමේ ආධාර මාස් පතා කාලයක් තිස්සේ රජය විසින් දැරිය යුතු වීමය. මෙම මුදල් මෙහි වෙසෙන ජනතාවට වැය බරක්වේ. ජනතාවගේ විරෝධය ඇතිව ඇත්තේ වාර්ෂිකව ඔවුනට වැඩි මුදලක් ඒ සඳහා පළාත් ආයතන වලට ගෙවීමට සිදුව තිබීමය.

මෑතකදී එක ඩිංගි බෝට්ටුවක නැගී ශ්‍රී ලංකාවෙන්ද 200-300 අතර පිරිසක් එංගලන්තයට යුරෝපය හරහා පැමිණි බව කියවෙන පුවතක් පිලිබඳ යු ටියුබ් වාර්තාවක සඳහන් කර තිබුණි.

සංක්‍රමනිකයනට එරෙහි මේ රැළි අන්ත දක්ෂිණාංශික පක්ෂයක් වූ රිෆෝම් යුකේ පක්ෂයේ නායක නයිජල් ෆෙරාජ් ගේ මෙහෙයවිමෙන් මෙම රැලි සංවිධානය කර තිබුණේ එකී පක්ෂයේ සංවිධායකු වූ ටොම් රොබින්සන් ය. මෙම පක්ෂයේ සංවත්සර රැළියකදී නයිගල් ෆෙරඩ් පවසා තිබුණේ සිය සාමාජිකයිනට ළඟදීම මහා මැතිවරණයකට සුදානම්ව සිටින ලෙසය.

බි්‍රතාන්‍යයේ දැනට බලයේ සිටින කම්කරු නැතිනම් ලේබර් පක්ෂය සරණාගත සංක්‍රමනික ප්‍රශ්නය පිළිබඳ ඉතා ළිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලැබුවේය. හිටපු කොන්සවේටිව් පක්ෂය සරණාගත සංක්‍රමණිකයන් පිළිබඳ දැඩි නීති ගෙනා අතර ඔවුන් අනීතිකව පැමිණි පිරිස වෙනම නැවක රඳවා අප්‍රිකාවේ රුවන්ඩාවට යැවීමට සැළසුම් කර තිබුණි. නමුත් ඒ සඳහා විපක්ෂයේ සිටි දැනට බලයේ සිටින කම්කරු පක්ෂය හා අධිකරණය එයට හරස්විය. මෙනිසා සියල්ල සඳහා වියදම් කළ කෝටි ගණනක මුදල් සම්භාරයක් අපතේ ගොස් තිබුනේය.

ජාතිකවාදී, ඉස්ලාම් විරෝධී බලපෑම්කරුවෙකු වන ටොමී රොබින්සන් විසින් සංවිධානය කරන ලද ලන්ඩන් රැළියේ තේමාව වුයේ ‘රාජ්‍යය එක්සත් කරන්න’ යනුවෙනි. හැම කෙනෙකුම අතේ බි්‍රතාන්‍ය ධජය මෙන්ම රතු හා සුදු පැහැති ශාන්ත ජෝජ් ධජයද අතැතිව කියා සිටියේ පවතින කම්කරු රජය පලවා හැරිය යුතුය මෙන්ම “අගමැති කිර් ස්ටාමාර් ඉවත්විය යුතුය” යනුවෙනි.

මෙම රැළිය ලොව ධනවත්ම මිනිසා ලෙස හැඳින්වන ඉලෝන් මස්ක් ද අන්තර් ජාලය ඔස්සේ මේ රැළිය ඇමතීම විශේෂ සිදුවීම ලෙස හැඳින්විය හැකි. ඉලෝන් මස්ක් රිෆෝම් යුකේ නායක නයිජල් ෆෙරාජ්ගේ සමීප මිතුරෙකු වූ අතර ඔහු පවසා තිබුනේ ද “පවතින රජය පළවා හැරිය යුතු බවය”.

මෙම පක්ෂයේ වත්මන් සභාපති වන්නේ ශ්‍රී ලංකාවේ සම්භවයක් ඇති කෝටිපති ව්‍යාපාරිකයෙකුවූ ෂියා යුසුෆ්ය. ඔහු ගේ පියා දොස්තර කෙනෙකුවූ අතර මව හෙදියක් විය. ඔවුන් ස්කොට්ලන්තයට පැමිණ තිබුණේ 1950 ගණන් වලදී බව සඳහන්වේ. ඔහු උපත ලබා තිබුනේ ස්කොට්ලන්තයේදීය. මේ අලුත් ප්‍රවණතාවය නිසා දිගු කලක් තිස්සේ මෙහි වෙසෙන බොහෝ දෙනෙකු තුල අවිනිශ්චිත සිතුවිළි මතුව ඇති බව මේ පිලිබඳ අප විසින් කරන ලද විමසීමකදී අපට ජේෂ්ඨ පුරවැසි කිහිප දෙනෙකුගෙන් දැන ගන්නට ඉඩකඩ සැළසුනි.

නීතීඥ ශා

න්ත සේනාධීර

සමාජ මාධ්‍ය විප්ලවය මොබයිල් ෆෝන් ඇබ්බැහිය සමස්ත ලොවම ගිල ගනීද?

0

සමාජ මාධ්‍ය විප්ලවය මොබයිල් ෆෝන් ඇබ්බැහිය සමස්ත ලොවම ගිල ගනීද?

සමාජ මාධ්‍ය තුළින් රටවල් පෙරලන්න,මිනිසුන් ඝාතනය කරන්න, ව්‍යසනවලට පාරකපන්න වගේම හොඳ ශිෂ්ඨ සම්පන්න සමාජයක් බිහි කරන්න .ජීවිතය වඩාත් හොඳින් ගෙනයාමට උපදෙස් ගන්න වගේ දේවල වලට යොදාගන්න පුළුවන් මාධ්‍යක් බවට පත්වෙලා.ඕව ඕනෑම රටක මිනිසුන්ගේ ජන ජිවිතයට මුහුණු පොත, ගුගල්, යු ටියුබ් ,ටික්ටොක් ,ඉන්ට ග්‍රෑම් , එක්ස්, වගේ නානා විදියේ සමාජ මාධ්‍ය වලට කර ඇති බලපෑම ගැන මෙතෙකැයි කියා නිමකල නොහැකි විප්ලවයක් සිදුවීවෙලා ඉවරය.එය මුළු මහත් ගිලගත් එකක්. ලොව කොතැනක වන සිදුවිමක් එය සිදුවී මොහොතකින් අතේ තියන කොම්පියුටරයක් වූ මොබයිල් ෆෝන් එකක් දිහාබලා උදේ හවස බලන් නොසිටින කෙනෙක් අද සොයාගැනීමට නම් , නැති තරම්.

මෙය කොතරම් ප්‍රබල ද කිවොත් මෙය නතර කරන්න ගිය රජයන් ගන්න උත්සාහයට එරෙහිව ඒ බලවේග ආයතන විනාශකර දා කැරලිගසා සුන්නත්දුළි කරන්න තරම් එය ප්‍රබලවෙලා.මේ යන විදියට මිනිසුන්ගේ මනස විකුර් ති වෙලා ඉවරයි අද සිටින තරුණ පරපුර ,ඉපදෙන දරුවන්ට මොබයීල් ෆෝන් වලින් තොර ජිවිතයක් නම් නැහැ.දුම්රියට බස්රියට හෝ වෙනත් කටයුත්තකට ගීයත් මේ පුරුද්ද දැන්නම් අතහරින්න බෑ බෑ මයි. දරුවන් බලාගන්න අම්මාලා ,පොල් කඩන්න ගහට නැග්ග මල්ලිලා ,කන්තෝරුවල,ෆැක්ටරි වල , කමතක වැඩකරන ගොවි කම්කරු සහෝදරයන්-කොටින් කිවොත් ලොක්කෝ -සොක්කෝ අද ඉන්නේ මො බ යිල් ෆෝනය අතේ තියන්.මේ විප්ලවය දැන් උච්ච අවස්ථාවට පැමිණිලා.

අද ඉන්න අම්මලා දරුවෝ නළවන්නේ මොබයිල් එක අතට දිලා අම්මලා ළමයි මොනදේ කළත් දන්නේ නැති තරම් උදේ හවස ඔපදුපවලට හොඳ ආයුද ධයක් බවට මෙය පත්කරගෙන, ලව් කරන්න ,හොඳ දේවල යොදාගෙනත් තියනවා,ඒ වගේම දැන් මෙහා ලොවපුරා පත්‍ර සමාගම් රුපවාහිනී නාලිකා සමාගම් වල පොත්පත් ඕනෑම දෙක ඉතිහාස, සමාජවිද්‍යා ,සෞඛ්‍යය , විද්‍යා පර් යේෂණ .අධ්‍යාපනය සඳහා හොඳම මෙවළමක් . ඒ හොඳ අතට පාවිච්චි කලොත්.”හොඳට නරකට දෙකට කට වෙනුවට්ලියන කියමන අද “මොබයිල් ෆෝනය ” කිවොත් නිවැරදියි. අද ලොව මොබයිල් ෆෝන් සමාගම් තමයි හොදම ආදායම් උපයන ආයතන,ලොව මේවනවිට එහි ජනගහනයෙන් 90% මොබයිල් ෆෝන් භාවිතාකරනවා.මින් වන හානිය බොහොම ප්‍රබලයි එයතමයි අද තිබෙමනා ප්‍රබලම මාධ්‍ය වී ඇත්තේ.පාලකයන් හැරීමට යවන්න ,ජිවිත විනාශ වන්න හොඳ මගට පිවිසෙන්න උපදෙස් මේ මගින් ඇති අවකාශය ඉතාප්‍රබලයි.

මොබයිල් ෆෝන් නිසා ආදරය අරඹා විවාහ ගිවස ගත් අවස්ථා මෙන්ම විවාහ කාඩා වැටී දික්කසාදවු අවස්ථාද එමටය, බොහෝ පිරිසක් ස්වයං ව්න්දනයකය තමාගේ හා පවුලේ තොරතුරු දමා ගැනීමටත් හොඳම මෙවලක් සේ මෙය යොදාගෙන විනෝදයට පත් වීම අද සුලබ කරුණක්,අනේ කොතරම් හොඳද.ඒවා අහල දැනගන්න.රටවල සිටිනාඅය අතර මේ පුරුද්ද සුලභය.මෙනිදා හිත තවුල්වී සියදිවිහානි කරගත් තරුං තරුණියන් පිරිස ඉතා ඉහළ බව බි බි සී වැඩසටහනක කියා තිබුනාමතකය.මේවා අතර කුඩා දරුවන්ගේ සේයාරූ නොදත්කම නිසා පලකරනු දැකකම අපට ඒ අයගැන අනුකම්පාවක්ද ඇතිවේ.සමහරුනට කිබිහුමක් ගියද ෆේස් බුක් වලින් දැනුම් දීමට තරම් දුර්වල මනසක් ඇතිව තිබෙන මට්ටමකට අපි ඇදවැටී ඇතැයි වැඩසටහනකදී අහන්නට ලැබුනා.එය ඔවුන්සතු අයිතියකි.මෝඩකමට බෙහෙත් නැත.

මේවනකොට මුහුණු පොතේ යු ටියුබ් මධ්‍ය ඔස්සේ සංසරණයවන පුවත් , රටේ දේශපාලනය පිළිබඳ හෝ කුමන පෞද්ගලික මතයක් දරන කෙනෙකුට මඩගහන්න , නග්ගල තියන්න , ප්‍රතිරුප විනාශකරන්න කල්ලි පිරි ඉතිරි ගොසින්. දේශපාලකයන් දැන් මේ සඳහා හරිම උනන්දුයි.මඩ ගොඩේ නොවැටෙන්න වැඩසලස්වාගන්න..එකට ඇම්බැට්ටයන් පිරිසක් ලොව හැම රටකම එය දැන් අලුත් මුදල් ඉපයීමේ (ඩොලර් ) ඉක්මන් මගක් වෙලා අවසන්. ජනමාධ්‍ය ගැන මෙලෝ හසලක් දන්නේ නැති තම මව් බස හරියට නොදන්නා පිරිසකුත් මේ අතරේ ඉන්නවා බඩ ගොස්තරේ රැකගන්න. හරියට කැලැවල ඉන්න කුඩා සත්තු මහ එවුන් පස්සෙන යනවා වගේ. දේශපාලකයන්ගේ පැටිකිරියනම් ඉවරටම ඉවරයි ඔන්න.

ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් සමාජයක ශිෂ්ට මිනිස්සු හැටියට අපිට අනෙකාගේ මතය දරා ගන්නට පුලුවන් වෙන්න ඕනේ. අපි පිලිගන්න අදහස් මත සමරනවා වගේම ඊට විරුද්ධ අදහස් ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය හැමෝටම තියෙන්නත් ඕන.යනවා කියලා පොස්ට් එකක් අද උදේ දැක්ක. තවත් එකක් ඇමරිකාවේ ට්‍රම්ප්ට මුට්ටිය අල්ලපු තරුණක් මරාදාපු එක ගැන .තවත් එකක් නේපාලේ අරගලේ යි අපේ අරගලයයි ගැන ඔස් තාර් කල්අදහස් උදහස් . .ලංකාවේ නම් ජනාධිපති වරයෙකුගේ තවමත් තරුණ දේශපාලන ලඳ බොළඳ පුතා හා ඔහුගේ නඩු ගැන.කතාවේ යෙදෙනවා, මෙතෙක් හිටපු ලංකාවේ කිසිම රස්සාවක් ,එක්කෝ පරපුර නිසා දේශපාලනයට ආ ජනතාවගේ කතිරය නිසා රටේ රජවූ බස් එකේ දුම්රියේ ගමන් කරපු අයත් ඉන්නවා.ගමේ රස්තියාදු මොවුන්ට දේශපාලනය නිසා පුරුවේ පිනකට එතනට ආපු නායකයන්ට ඔවුන්ගේම නීතිදාල හදාගෙන හිටපු මාළිගා වලින් යන්න බැරිය කිව්නිසා අලුතිනන් ආපු කස්ටිය මේ අය කොළඹ 7 ගෙයින් යවන්න නීති හදල.හරි නරකයි.රට කාල වතුර බීපු ලොවපුරා කරක් ගහපු ගහපු නායකයන් දැන් ඒවායින් යනවලු එක එකා පෝලිමට පව් අනේ.හරි අමාරුඇති හිත්වලට.

අපි ලෝකේ කොහේ හිටියත් මේවා ඒ මාධ්‍යවලට එක්කළ සැණින් කිසිම වගක් විභාගයක් නැතිව මෙවදිහා අපි බලලා ඔහේ ඉන්නවා. කාටහරි සෙතක් (කෙල)වෙනකන්. බොහෝ දෙනෙක්. අනේ මෙහෙම කරුමයක්. කොතනින් කෙළවර වෙයිද මන්දා.බලන් ඉඳිමු හෙට එළිවනකන්.එතෙක් නවතිමු මෙතැනින් විප්ලවයට ඉඩ දීලා .

ලන්ඩන් කොළම -Lanka News UK

11.09.25

UNHRC: 43 countries stand with SL

UNHRC: 43 countries stand with SL
The Morning lk News
10 Sep 2025

Encourage HRC/int’l support to nationally-owned processes as external processes risk polarisation/interference in domestic affairs

During the interactive dialogue on the report of the United Nations Office of the High Commissioner for Human Rights (UNOHCHR) on the HR situation in Sri Lanka at the 60th session of the United Nations Human Rights Council (UNHRC) in Geneva, Switzerland, on Monday (8), a total of 43 countries spoke expressing solidarity with Sri Lanka.

These include Kuwait on behalf of the Gulf Cooperation Council (GCC) comprising Bahrain, Kuwait, Oman, Qatar, Saudi Arabia and the United Arab Emirates, Ethiopia, Cote d’Ivoire, the Philippines, Japan, the Lao People’s Democratic Republic, Thailand, Vanuatu, the Democratic People’s Republic of Korea, Eritrea, Iran, Nepal, India, Zimbabwe, Viet Nam, China, Azerbaijan, Indonesia, Türkiye, Belarus, Egypt, Venezuela, the Maldives, Cuba, South Sudan, the Sudan, the Russian Federation and Burundi.

Expressing solidarity with Sri Lanka, the above countries welcomed Sri Lanka’s continued engagement with the HRC and the HCHR’s visit as a sign of the country’s enhanced cooperation with the HRC; acknowledged the significant developments and tangible progress, including ongoing legislative reforms and encouraged the HRC and the international community to support Sri Lanka in its nationally-owned processes; questioned the allocation of resources to the external mechanism on Sri Lanka when vital mandates in the HRC risk being unfulfilled due to resource constraints; emphasised that externally imposed parallel processes risk polarisation; stated that the imposition of country specific mechanisms on targeted countries undermines the HRC’s founding principles of universality, impartiality, objectivity, and non-selectivity; expressed concerns at the double standards, politicisation and instrumentalisation of HR to interfere into the internal affairs of countries; and underlined the importance of constructive dialogue and cooperation within the HRC to reach productive results in the promotion of HR.

Meanwhile however, the United Kingdom (UK) has called for “tangible and sustained progress” on HR and accountability in Sri Lanka while also emphasising the importance of exhuming and investigating mass grave sites in accordance with international standards.

The statement at the dialogue was delivered by the UK’s HR Ambassador Eleanor Sanders. In her remarks, Sanders raised concerns over ongoing issues, including arbitrary detention, custodial deaths, the intimidation of HR defenders, and the targeting of minority communities. Sanders expressed particular concern over the continued use of the Prevention of Terrorism (Temporary Provisions) Act as amended (PTA), despite public commitments by the Government to repeal the law. “We remain deeply concerned about the continued use of legislation such as the PTA to restrict fundamental freedoms despite public commitments to abolish it,” the statement said.

The UK further urged the Government to reinvigorate the work of domestic institutions focusing on reparations and missing persons. The statement underscored that reconciliation and accountability processes must be inclusive, comprehensive, and aligned with international standards, with the participation and confidence of the affected communities. The UK also called on the OHCHR to continue its work on addressing conflict-related sexual violence, identifying this as a matter requiring urgent attention. “We encourage you to take forward your office’s important work on conflict-related sexual violence and stress the need for this issue to be addressed as a matter of priority in Sri Lanka.” Reaffirming its position, the UK concluded by expressing its willingness to work constructively with the Sri Lankan Government to advance progress on these issues. (The Morning lk News)

බන්දු එස්.කොඩිකාර මාධ්‍ය සගයාණෙනි ඔබට සුබ ගමන්.

0

බන්දු එස්.කොඩිකාර මාධ්‍ය සගයාණෙනි ඔබට සුබ ගමන්.

බන්දු එස්.කොඩිකාර අපෙන් සමුගත්බව පුවත අද උදෑසන මාදුටුවේ මුහුණු පොතෙන්. ඔහුගේ ලෙන්ගතු සිනාව මට අදත් මැවි පෙනෙනවා. මගේ පුවත්පත් කලා දිවියේදී හමුවූ නිහතමානි සේවයට කැපවූ ඇති දක්ෂ ජායාරුප නිර් මාණ කරුවෙක්විය. බොක්ස් කැමරාවෙන් පටන්ගෙන එතරම නොදියුණු ශිල්පීය ක්‍රම නොතිබූ අවදියක ඔහු මා දකින්නේ අතිවිශාල මෙහෙයක කළ කැමරාකරණයේ යෙදෙමින් පුවත්පත්කලාව නව මානයකට ගෙනයන්නට දිවි හිමියෙන් කටයුතුකළ පුවත්පත් කලාවේදියෙකුට එහාගිය සේවාවක් ඉටුකළ මිනිස් කමින් හෙබි අයෙකු ලෙසයි.

1944 ජුලි මස 7 උපත ලැබූ ඔහු මිය ගොස් තිබුණේ පසුගිය සැප්තැම්බර් 4 වනදා ය.ඔහු මියයනවිට ඔහු 81 වැනි වියෙහි පසුවිය.ඔහු ලේක්හවුස්,උපාලි ,ලක්බිම පුවත්පත් ආයතන වල දශක ගණනාවක් ඒ ආයතන වල සිංහල ඉංග්‍රීසි ,දෙමල පුවත්පත්වල සිය කැමරා ශිල්පයෙන් මාධ්‍යකරණයට දායකවූ දිවයිනේ බිහිවූ අති දක්ෂ කැමරාකරණයේ ජය කෙහෙළි නැන්නාවූ කතුවරයෙකි.එය ජනමාධ්‍ය කලාවෙන් එහාගිය නවමානයකට යොමු කල සේවාවකි. එහි සේවාව අගය කලයුත්තේ ඒ නිහඬ සේවාව කිසිවෙකු අගය කළ නොමැති නිසාය.

1975 දී මා ලේක් හවුස් පුවත්පතත් ආයතනයට ඇතුළුවූ අවදියෙහි පටන් දැන හැදිනගත ඔහු සිළුමිණ පුවත්පතට පත්‍ර කලාවේදියෙකු ලෙස ආරම්භ කල අවදියෙහි මට බන්දු හා සතියේ දින ගණනාවකදීම විවිධ කටයුතු වලට ඔහු කැටිව දිවයිනේ බොහෝ උත්සව පෙදෙස්වලට යන්නට සිදු උනා.,ඒ ගමන් වල රසවත් තොරතුරු කාලයේ වැලි තලාවෙන් වැසී ගියත් ඒ සිදුවීම අපේ හදවත් තුල කොතරම් කාලයක් ගියත් බොඳ වෙලානම් ගිහින් නම් නැහැ.

ඔහු හා මා කළුබෝවිල රෝහලේ දී සිදු කරණු ලැබූ පළමු කටු චිකිත්සා සැත්කමෙන් සිදු කල සාර් තක දරු උපතක් පිළිබඳ කාටත් හොරෙන් සේයාරූ ගතකළ සිද්ධිය අප දෙදෙනා ජිවිතයේ අමතක නොවන සිදුවිමක්.එදා හවස සියලුම පුවත්පත්වලට දෙන්නට එම සැත්කම සිදු කළ වෙද්‍ය මහාචාර් ය ඇන්ටන් ජයසුරිය මහතා සුදානම් කර තිබුණා.එවකට සිළුමිණ කතුවරයාවූ සුබසිංහ මහතාට මෙය අපේ පුවත්පතට ගැනීමට අදහසක් ඇවිත් අපි දෙදෙනාට මෙය පැවරුවා. අප දෙදෙනා කැමරාවත් ඔතාගෙන කළුබෝවිල රෝහලට ගොස් එම සැත්කමට භාජනයවූ මව හා දරුවාගේ විස්තර හා සේයාරු එහි සේවය කල හෙදියකගේ මගින් ලබාගත්තා. මේ බව සුළු මොහොතකින් රෝහල පුරා පැතිර ගොස් එහි සේවකයන් අප දෙන්නා පසු පස පන්නා ගෙනා ආවා මා කැමරාව හා ෆ්ල්ම් රෝල බන්දුගෙන් ඉල්ලා රෝහල් පිටු පස මිනි කාමරය අසළ තාප්පෙන් උස ( 10 තාප්පෙන් )පැන දිවආවේ හති දමමිනි.බන්දු කොහිදැයි මා බැලුවේ නැති නමුදු මා බියෙන් සිටියේ ඔහුට අම්බානකට ගුටි ලැබිලාද යන සැකයෙනි. මා යන්තම් තුවාල නොවී බේරාගෙන රථයට ගොඩඋනා . බන්දු, කෙසේ හෝ ලෙඩුන් බලන්න ආ කෙනෙකු ලෙස හැසිරී යන්තමින් පැනගෙන ආවා ,මතකය.අපේ මුල් පුවත එදා සකස් කලේ අනු නවයෙන් දිවි බේරාගනිමින්. මේ සිද්ධිය ගැන රෝහලින් පැමිණිල්ලක් ද සිදු කර තිබුනා.

මා පිට කවරයේ සේයාරූ ගන්න බන්ඳු හා ගියවාර අනන්තයි., ඔහු මා සමග ජනධිපති ජේ.ආර් . ජයවර්ධන මහතාගේ පළමු විධායක ජනාධිපති ලෙස දිවුරුම් දීමේ උළෙල 1978 . රැස්වීම සඳහා ගොස්තිබුනා. ප්‍රේමදාස මහතා ගේද උදාගම වැඩ සටහන්. මෙන්ම අරලියගහ මැදුරේ .කටුනායක ගුවන් තොටුපළේ ගමන් බිමන් රාශියකට යන්නට සිදුවුවා ,මතකයට නැගෙයි.

ඔහු නොහඳුනන කලාකරුවෙක් දිවයිනේ නැති තරම්.ඔහු දිවයින පුවත් පතට එකතු වෙලා දිගු සේව්වක් එහිදී ද ඉටු කලා. මා දිවයිනට ගිය බොහෝ විට ඔහු එහිදී හමු උනා. ඔහු ගේ නම සේවය කළ වසර ගණනාව තුල එහි සිටි කතුවරුන් වූ එස්.සුබසිංහ ,එඩ්මන් රණසිංහ , එඩ්වින් ආරියදාස මහතුන් මවාගේම පර් සි ජයමාන්න, පී බී .ඉලංගසිංහ , අපෙන් දයාසේන ගුණසිංහ ,සෝමවීර සේනානායක, රන්ජි කුමාර. සුගත් වටගෙදර , ගාමිණී සුමනසේකර , යන අය හා ඉතා ලෙන්ගතුව වැඩකළ සිටි මට අදමෙන් මතකය.මින් බොහෝ දෙනෙකු අප අතරින් වියෝව ගොසිනි.

මට ඔහු මගේ ජිවිතයේ අමතක නොවන තවත් කරුණක් නම් අපේ විවාහ මංගල්ලේ සේයාරූ ද ඔහු හා අප මිතුරු රන්ජිත් පෙරේරා විසින් ගත් මොහොතයි. අප එදා හදිසියේ තීරණය කළා කොළඹ විහාර දේවී උද්‍යානයට ගොස් එලි මහන් සේයාරූ ගන්නට මෙය එකළ සිදු වූ නැති දෙයක්. එදා මිනිසුන් රැසක් අපි වට කර ගත්තා සිනමා පටියක් යයි සිතා.බන්දු එතන තිබු පොකුණකට වැටිලා තිබුන මට මතකයි.

ඔහු නොදත කතුවරයෙක් ,දේශපාලනඥයෙක් මේ දිවයිනේ සොයාගන්නට නැති තරම්ය කිවොත් නිවැරදිය. හැම විශේ ෂාංග සදහා ලැබුණු ඔහුගේ දායකත්වය ඉමහත් එකකි. ඔහුගේ පුතණුවන් වූ චතුර එස්. කොඩිකාර මේ කේෂ්ත්‍රයට දායද කර සිය පියාගේ අඩිපාර ඔස්සේ යමින් සිටි. ඔහුගේ දයාබර බිරිඳ මිට වසරකට පෙර වියෝවී තිබුණි.

ඉතා නිහතමානි , සේවයට කැපවූ නිතරම සිනාසුනු මුහුණින් අප පිළිගත් ඒ සොඳුරු මිනිසෙකුමෙන්ම කලාකරුවකුවූ බන්දු අප අතරින් ජිවිතයේ අනියත බව පසක් කරමින් සමුගෙන ඇත.

දේහය අද මාකොල සුප්‍රීම් මල් ශාලාවේ තැම්පත් කර ඇති අතර අවසන් කටයුතු මාකොල නෙල්ලිගහ ආදාහනාගාරයේදී 6 සවස 5.30 ට සිදුකෙරේ .

දයාබර බන්දු ඔබට සුබ ගමන්.

ශාන්ත සේනාධීර – ලංකා නිවුස් යු. කේ.

ගාසා යුද්ධය අවසන් කරන ලෙසට ඊශ්‍රායල ජාතිකයින්ගෙන් විරෝධතාවක්

ගාසා යුද්ධය අවසන් කරන ලෙසට ඊශ්‍රායල ජාතිකයින්ගෙන් විරෝධතාවක්
07 September 2025

ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සඳහා මැදිහත් වන ලෙසත් ඒ සඳහා බල කරන ලෙසත් මෙන්ම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා කටයුතු කිරීමට මැදිහත් වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලමින් ඊශ්‍රායලයේ ටෙල් අවිව්හී දැවැන්ත විරෝධතාවක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එරට හමුදා මූලස්ථානයෙන් පිටත පොදු චතුරශ්‍රයක විරෝධතාකරුවන් රැස්ව සිටිමින් ඊශ්‍රායල ධජ ඔසවමින් මෙන්ම ප්‍රාණ ඇපකරුවන්ගේ ඡායාරූප සහති පුවරු අතතිව ඔවුන් මෙම විරෝධතාවට එක්ව තිබුණි.

ගාසා නගරයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් තම ආදරණීයන්ට අනතුරක් සිදුවිය හැකි බවට ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල් සහ ඔවුන්ගේ ආධාරකරුවන් බියට පත්වී තිබේ.

ඒ අනුව දෙපාර්ශ්වයම නැවත සිය රටට ගෙන ඒමට හැකි පුළුල් ගිවිසුමකට එළැඹීමට එක්සත් ජනපදයට ජනාධිපතිවරයාට බලපෑම් කිරීම සඳහා ඔවුන් මෙම විරෝධතාව සංවිධානය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත්තේ ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් 48 දෙනෙකු රඳවා සිටින බවය.

කෙසේ නමුත් ඊශ්‍රායල බලධාරීන් විශ්වාස කර ඇත්තේ ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු පමණක් තවමත් ජීවතුන් අතර සිටින බවත්ය.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සඳහා ප්‍රතිඥා දී තිබුණද ඔහුගේ දෙවන ධුර කාලයෙන් මාස 8කට ආසන්න කාලයක් ගත වී ඇතත් ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් මේ දක්වා සිදුකර නොමැති බවත්ය.
(ARUNA LK NEWS)

Deputy Prime minister Rayner resigns over failure to pay enough tax on flat

Starmer reshuffling cabinet after Rayner resigns over failure to pay enough tax on flat
BBC NEWS
05/09/25

Summary

Keir Starmer is reshuffling his cabinet after Angela Rayner resigns as deputy prime minister over failing to pay enough tax on a flat in Hove, East Sussex

She also resigns as housing secretary and deputy leader of the Labour Party

Rayner, who is the MP for Ashton-under-Lyne, referred herself to the PM’s ethics adviser earlier this week, after admitting underpaying stamp duty on her £800,000 flat

In her resignation letter, she says she takes “full responsibility” for the “error” of not seeking further tax advice on the purchase

The ethics report finds Rayner breached the ministerial code and “did not heed the caution” in legal advice she received

Keir Starmer tells Rayner in a letter he’s “very sad” that her time in government has ended but she will remain “a major figure” in the party

This is devastating for Rayner – with pretty devastating implications for the PM too, our chief political correspondent Henry Zeffman

is reshuffling his cabinet after Angela Rayner resigns as deputy prime minister over failing to pay enough tax on a flat in Hove, East Sussex

She also resigns as housing secretary and deputy leader of the Labour Party

Rayner, who is the MP for Ashton-under-Lyne, referred herself to the PM’s ethics adviser earlier this week, after admitting underpaying stamp duty on her £800,000 flat

In her resignation letter, she says she takes “full responsibility” for the “error” of not seeking further tax advice on the purchase

The ethics report finds Rayner breached the ministerial code and “did not heed the caution” in legal advice she received

Keir Starmer tells Rayner in a letter he’s “very sad” that her time in government has ended but she will remain “a major figure” in the party

This is devastating for Rayner – with pretty devastating implications for the PM too, our chief political correspondent Henry Zeffman

ජීවිත 15කට මරු කැඳවූ ඇල්ල ඛේදවාචකය

0

Newsfirst.lk  04/09/25

osndpSreot1umi6t3gl839h1057u66gf7a9t973327hglhc8ct68fll4l07l ·

ජීවිත 15කට මරු කැඳවූ ඇල්ල ඛේදවාචකය

ජීවිත ⁣බේරගන්න අත්වැල් බැඳගත් අපේ මිනිස්සුන්ගේ මනුෂ්‍යත්වය

#News1st#lka#ellabusaccident#Ella#Badulla