Home Blog Page 171

First 20 days of June bring in over 61,000 tourists

0

First 20 days of June bring in over 61,000 tourists
DAILY MIRROR LK NEWS
26 June 2023 07:40 am


70 percent of tourist arrival target for June realised
Jan 1 – June 20 cumulative arrivals total 585,669
India, Russian Federation, and UK top 3 traffic generators
China now among top 5 tourist source markets

Tourist arrivals to Sri Lanka totalled 61,183 in the first 20 days of June, provisional data from the Sri Lanka Tourism Development Authority showed.

As the tourism industry aims to entice 87,521 international visitors for June, Sri Lanka has realised 70 percent of its target. For the June 21 – 30 period, the island nation should bring 26,338 tourists, which is a daily arrival average of 2,633.

This brings the cumulative tourist arrivals for 1 January to 20 June 2023 to 585,669.
So far in the month of June, the daily arrival average has been 3,059. In week one of June, Sri Lanka saw 19,365 tourist arrivals, and in the week two arrivals increased to 20,541. In the week three, tourist arrivals improved marginally to 20, 986.

India remains the largest tourist traffic generator for Sri Lanka. The neighbouring giant contributed 28 percent of the total arrivals in June. Ranking second is the Russian Federation, accounting for 9 percent of the total tourist influx, whereas in third position is the United Kingdom, contributing to 7 percent of total tourist arrivals.

While Australia ranks as the fourth largest source market for Sri Lanka, China has moved up a rank, becoming the fifth largest tourist traffic generator.

Other notable markets include Canada, Germany, the United States, Maldives, and France.

විශේෂඥ වෛද්‍යවරු දහසක හිඟයක්

0

විශේෂඥ වෛද්‍යවරු දහසක හිඟයක්
ARUNA LK NEWS
26/06/23 – a day ago | උදයජීව ඒකනායක / වරුණි පෙරමුණ

මෙම වසර අවසාන වනවිට වයස අවුරුදු හැට සම්පූර්ණ වූ වෛද්‍ය පරිපාලකයන්, විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු හයසීය දහ හතරක් (614) විශ්‍රාම යාම නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයට බරපතළ ගැටලුවක් නිර්මාණය විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මෙලෙස විශ්‍රාම යාමට නියමිත පිරිස අතර ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලකයන් 15ක්, නියෝජ්‍ය වෛද්‍ය පරිපාලකයන් 7ක්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු 5ක්, වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ අතිරේක ලේකම්වරු 2ක්, විශේෂඥ වෛද්‍යවරු 250ක් හා වෛද්‍යවරු 340 ඇතුළත් වෙති.

මෙම පිරිස ලබන 30 පසු දෙසැම්බර් 31 දක්වා වූ කාලය තුළ විශ්‍රාම යාමට නියමිතය. වයස අවුරුදු හැට ඉක්මවූ රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබේ.

මේ වන විට විශේෂඥ වෛද්‍යවරුන් 750 පමණ හිඟයක් පවතී. (2023 ස්ථාන මාරු ලේඛනයට අනුකූලව) සහ විදේශීය පුහුණුව සඳහා වෛද්‍යවරු 350ක් පමණ විදේශගතව තිබේ.

2022 දෙසැම්බර් වනවිට පිටරට පුහුණුව සම්පූර්ණ කර දිවයිනට පැමිණ ඇති විශේෂඥ වෛද්‍යවරු ප්‍රමාණය 250ක පමණ වුවත් ඔවුන්ගෙන් 120ක පමණ දිවයිනට පැමිණ මාණ්ඩලික අවශ්‍යතා සම්පූර්ණ කර නැවත විදේශගත වී ඇති බවට වාර්තා වෙයි.

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන් හත්සිය පනස් දෙනකුගේ පුරප්පාඩු පිරවීමට ඉතිරිව සිටින එම විශේෂඥ වෛද්‍යවරු 150 ප්‍රමාණවත් නොවන බවට වෛද්‍ය වෘත්තිකයන් පෙන්වා දෙති.

මෙම තත්ත්වය මත ලබන වසර වන විට දිවයිනේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ පුරප්පාඩුව 1000 ඉක්මවිය හැකි බවට සාධක සහිතව බලධාරීන් හට පෙන්වා දිය හැකි බවට වෛද්‍ය වෘත්තිකයන් අවධාරණය කරයි.

එසේම 2025 වසර වන විට 4000 දක්වා වැඩි විය යුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යා 2024 ජනවාරි 1 වැනිදා වනවිට 1750 වැනි සංඛ්‍යාවකට සීමා වීම වැළැක්විය නොහැකි බවද ඔවු්හු පෙන්වා දෙති.

වයස 63 ඉක්ම වූ විශේෂඥ වෛද්‍යවරුන් 50 පමණ සංඛ්‍යාවකට තාවකාලික කොන්ත්‍රාත් පදනම මත ඉදිරියටත් වැඩ කරන ලෙස වූ යෝජනාවක්ද සෞඛ්‍ය අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇත.

Sabry defends Bogollagama’s nomination

0

Sabry defends Bogollagama’s nomination
DAILY MIRROR LK NEWS
By- ESWARAN RUTNAM
24 June 2023 03:42 pm



Foreign Minister Ali Sabry defended the nomination of former Minister Rohitha Bogollagama as Sri Lanka’s next envoy to the UK.

He said that Bogollagama’s nomination was well thought out and was taken following discussions between himself and President Ranil Wickremesinghe.

Speaking to Daily Mirror ‘On Fire’, Sabry said that Bogollagama was nominated to the post taking into consideration his former role as Foreign Minister.

Sabry said that Bogollagama’s former post will be handy in a station like London.

He said that President Ranil Wickremesinghe had discussed the matter with him before it was decided to nominate Bogollagama to the post in the UK.

“It was a well thought out decision,” Foreign Minister Ali Sabry said.

The Minister also said that Sri Lanka’s Foreign Service lacks officers to man all the stations, as a result of which it needs others to be appointed to key posts.

He also defended the political appointments made to overseas missions saying most of them have delivered. (Easwaran Rutnam)

Sabry defends Bogollagama’s nomination

0

Sabry defends Bogollagama’s nomination
DAILY MIRROR LK NEWS
24 June 2023 03:42 pm –


Foreign Minister Ali Sabry defended the nomination of former Minister Rohitha Bogollagama as Sri Lanka’s next envoy to the UK.

He said that Bogollagama’s nomination was well thought out and was taken following discussions between himself and President Ranil Wickremesinghe.

Speaking to Daily Mirror ‘On Fire’, Sabry said that Bogollagama was nominated to the post taking into consideration his former role as Foreign Minister.

Sabry said that Bogollagama’s former post will be handy in a station like London.

He said that President Ranil Wickremesinghe had discussed the matter with him before it was decided to nominate Bogollagama to the post in the UK.

“It was a well thought out decision,” Foreign Minister Ali Sabry said.

The Minister also said that Sri Lanka’s Foreign Service lacks officers to man all the stations, as a result of which it needs others to be appointed to key posts.

He also defended the political appointments made to overseas missions saying most of them have delivered. (Easwaran Rutnam)

No direct proof COVID stemmed from Wuhan lab, US intelligence

No direct proof COVID stemmed from Wuhan lab, US intelligence
DAILY MIRROR LK NEWS
25 June 2023


US intelligence agencies found no direct evidence that the Covid-19 pandemic stemmed from an incident at China’s Wuhan Institute of Virology, a report declassified. The four-page report by the office of the director of national intelligence (ODNI) said the US intelligence community still could not rule out the possibility that the virus came from a laboratory, however, and had not been able to discover the origins of the pandemic. “The Central Intelligence Agency and another agency remain unable to determine the precise origin of the Covid-19 pandemic, as both (natural and lab) hypotheses rely on significant assumptions or face challenges with conflicting reporting,” the ODNI report said.

The report said that while “extensive work” had been conducted on coronaviruses at the Wuhan institute (WIV), the agencies had not found evidence of a specific incident that could have caused the outbreak. “We continue to have no indication that the WIV’s pre-pandemic research holdings included SARS-CoV-2 or a close progenitor, nor any direct evidence that a specific research-related incident occurred involving WIV personnel before the pandemic that could have caused the Covid pandemic,” the report said. Intelligence officials have been pushed by lawmakers to release more material about the origins of Covid-19. But they have repeatedly argued China’s official obstruction of independent reviews has made it perhaps impossible to determine how the pandemic began.

The newest report is likely to anger Republicans who say the administration is wrongly withholding classified information and researchers who accuse the US of not being forthcoming. The origins of the coronavirus pandemic have been a matter of furious debate in the US almost since the first human cases were reported in Wuhan in late 2019.

Sri Lanka beat Ireland, qualify for Super Six of ICC World Cup Qualifiers

Sri Lanka beat Ireland, qualify for Super Six of ICC World Cup Qualifiers
Daily Mirror LK News
25 June 2023


Sri Lanka qualified for the Super Six stage of the ICC World Cup 2023, beating Ireland by 132 runs in Bulawayo today, on the back of Wanindu Hasaranga’s third successive five-wicket haul and a maiden century from Dimuth Karunaratne.

Scotland and Oman also progressed to the next round from Group B as a result of Sri Lanka’s win.

Chasing a 326-run target, Hasaranga took 5 for 79, to follow up figures of 6 for 24 against UAE and 5 for 13 versus Oman earlier this week.

Mahessh Theekshana taking 2 for 28.

Curtis Campher top scored with 39 off 31, with Harry Tector making 33 fron 35 balls.

Earlier, Karunaratne continued his excellent form since returning to ODI cricket, with a fifth score of 50 or more.

His knock of 103 off 103 deliveries was his first century, which also took him beyond 1000 ODI runs in 36 innings.

In Group A, Zimbabwe, West Indies and Netherlands moved into the Super Six stage.

ටයිටැනික් ඛේදවාචකයේ අපේ යුගයේ දුක හිතෙන කතාව ටයිටන්

ටයිටැනික් ඛේදවාචකයේ අපේ යුගයේ දුක හිතෙන කතාව ටයිටන්

ගයාන් සමරසිංහ
SUNDAY DIVAINA LK FEATURES
June 25, 2023



මිලියනපතියන් හතර දෙනෙක් සමග නියමුවා මුහුණ දුන් අවාසනාවන්ත ඉරණම
මුහුදට දැම්මේ සීල් කරලා
ගිනස් වාර්තාවක් තබපු අයකුත් ඒ අතර

පසුගිය 16 වැනිදා එනම් සිකුරාදා දින ශාන්ත ජෝන් නිව්ෆවුන්ඩ්ලන්තයෙන් පොලාර් ප්‍රින්ස් (Polar Prince) නෞකාව ඓතිහාසික ගමනකට මුල පිරුවේය. එම නෞකාව තුළ ඕෂන් ගේට් (Ocean Gete) සමාගම සතු ටයිටන් (Titan) සබ්මර්සිබලය සහ තවත් සුවිශේෂී පුද්ගලයෝ පස්දෙනෙක් සිටියහ. එනම් ඕෂන් ගේට් (Ocean Gete) ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටොක්ටොන් රෂ් (Stockton Rush), බ්‍රිතාන්‍ය බිලියනපතියෙක් වන හර්මීෂ් හාඩින් (Hamish Harding), ප්‍රංශ කිමිදුම් ශිල්පී හෙන්රි නාජොලෙට් (Henry Nargoeolet), පාකිස්තාන සම්භවයකින් පැවත එන බ්‍රිතාන්‍යයේ පදිංචි බිලියනපතියෙක් වන ෂෙහෙසාදා ඩාවුඩ් (Shahzada Dawood) සහ ඔහුගේ පුතු වන සුලෙයිමන් ඩාවුඩ් (Suleman Dawood) යන අයයි. මෙම පුද්ගලයන් පස් දෙනාගේ අරමුණ වී තිබුණේ වර්ෂ 1912 දී මුහුදුබත් වූ ටයිටැනික් නෞකාවේ සුන්බුන් පිළිබඳව ගවේෂණයක් සිදු කිරීමයි. එමෙන්ම ඕෂන් ගේට් (Ocean Gete) සමාගම යනු සාගර පුරාවිද්‍යාව සහ සාගර ජීව විද්‍යාව පිළිබඳ පර්යේෂණ සහ ගවේෂණ සිදු කරන ලෝකයම පිළිගත් ආයතනයකි.

මුහුදු ගමන් අරඹා දිනකට පසු පොලාර් ප්‍රින්ස් (Polar Prince) නෞකාව ගමනාන්තයට ළඟා විය. එලෙස ළඟා වූ දිනට පසු දින එනම් ජූනි 18 වැනිදා උදෑසන නමයට පමණ පස්දෙනකුගෙන් සමන්විත වූ එම පිරිස දහසකුත් බලාපොරොත්තු සහිතව ටයිටන් (Titan) සබ්මැරීනයෙන් ඓතිහාසික චාරිකාව ඇරඹීම සඳහා ලක ලෑස්ති වූහ. ඔවුන්ගේ සම්පූර්ණ චාරිකාව පැය අටකට සීමා වී තිබුණි.

ටයිටන් (Titan) සබ්මර්සිබලය ප්‍රමාණයෙන් කුඩා වෑන් රථයකට සමාන විය. එහි දිග අඩි විසිදෙකක් වන අතර බර කිලෝ ග්‍රෑම් දසදහසකි. මෙහි නියමුවා සමග පුද්ගලයන් පස් දෙනකුට ගමන් ගත හැකි වුවත් තිබුණේ එකම ආසනයක් පමණි. ඒ කුඩා ප්‍රමාණයේ වැසිකිළියක් සහිත ආසනයයි. එම නිසා මගීන් අසුන් ගත යුතුව ඇත්තේ බිමයි. තවද දින හතරකට ප්‍රමාණවත් ඔක්සිජන් ප්‍රමාණයක් එහි ගබඩා කර තැබිය හැකිය. පැයට කිලෝමීටර් 5.6 ක උපරිම වේගයකින් මෙම සබ්මර්සිබලය ධාවනය කළ හැකිය. බැටරි බලයෙන් ක්‍රියාත්මක වෙන විදුලි තෙරපුම් හතරකින් තමයි මෙය ධාවනය වන්නේ. මෙම සබ්මර්සිබලය පාලනය කරන්න පාලන පුවරුවක් ආදී කිසිවක් නොමැත. ඒ වෙනුවට තියෙන්නෙ බ්ලූටූත් කන්ට්‍රෝලර් එකක්. තවද සංචාරකයන්ට මෙම යානය තුළදී කැමැති කෝණයකින් මුහුද යට නැරඹිය හැකිය.

ටයිටන් (Titan) සබ්මර්සිබලය පිටත ආවරණ සාදා ඇත්තේ ඝනකම් කාබන් ෆයිබර් වලින්ය. දෙපස අර්ධ ගෝලාකාර කොටස් ටයිටේනියම් වලින් නිම කර තිබේ. එම නිසා මීටර 4000ක් ජලය යටදී එන තෙරපුමට ඔරොත්තු දෙන්න මේ බිත්ති වලට පුළුවන්. සෝනාර් සහ රේඩාර් සංවේදක තියෙන නිසා අඳුරේ වුණත් බාධක මග හැරගන්න මෙම යානයට හැකියාව තියෙනවා. එළියේ අධි තාක්ෂණයෙන් යුතු කැමරා සවිකරලා තියෙනවා. ගැඹුරු මුහුද වුණත් හොඳින් ආලෝකවත් වෙන විදියේ විදුලි පහන් තියෙනවා. සංචාරකයන්ට පිටත නරඹන්න අඩියක විෂ්කම්භයක් සහිත ඝනකම් වෘත්තාකාර වීදුරුවකුත් සපයලා තියෙනවා.

ටයිටැනික් ඛේදවාචකයේ අපේ යුගයේ දුක හිතෙන කතාව ටයිටන්
මෙම සබ්මර්සිබලයට අවශ්‍ය වගකීම් සහතික ඒවා නිකුත් කරන සමාගම් වලින් ලබා දීලා නැහැ. එයට හේතුව ඕෂන් ගේට් (Ocean Gete) සමාගම ඒවා ලබාගැනීමේ ක්‍රියාවලියට උනන්දු නොවීම. ඔවුන් ඒ පිළිබඳව දරනුයේ මෙවැන් මතයකි. “වගකීම් සහතික වලින් සබ්මර්සිබලයක ගමන් කරන්නන්ගේ ආරක්ෂාව පිළිබඳ තහවුරුවක් දෙන්න බැහැ. ඒවායෙන් ලබාදෙන්නෙ සබ්මර්සිබලයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ මිනුම් ලකුණු (benchmarks) විතරයි.”

කොහොම නමුත් මේ ටයිටන් සබ්මර්සිබලයෙන් ටයිටැනික් නරඹන්න යනවා නම් එක්කෙනෙක් ගෙන් ඩොලර් 250,000ක් අය කරනවා. ඕෂන් ගේට් (Ocean Gete) සමාගම එක් පුද්ගලයකුගෙන් එලෙස අධික මුදලක් අය කර ගන්නේ ඩොලර් මිලියනයකට වඩා වැඩි මුදලක් එක චාරිකාවකට වැය වෙන නිසා. එම ගෙවීමට අමතරව ගිවිසුමකට අත්සන් තියන්නත් ඕන. ඒ ගිවිසුමේ තැන් තුනකම “මරණය” වචනය සඳහන් වෙලා තියෙනවා.

සල්ලිත් ගෙවලා ගිවිසුමත් අත්සන් කළ පසු එම පිරිස පොලාර් ප්‍රින්ස් (Polar Prince) නෞකාවෙන් ටයිටැනික් නෞකාව මුහුදුබත් වූ උතුරු අත්ලාන්තික් සාගරයේ අදාළ ප්‍රදේශයට රැගෙන ගියහ. ඒ පසුගිය 18 වැනිදා පෙරවරු 9 පමණය. ඉන්පසු ඔවුන් එම ස්ථානයෙන් සබ්මර්සිබලයට ගොඩවූහ. ඔවුන් එලෙස ගොඩ වූ පසු නැවේ ඉන්න කාර්ය මණ්ඩලය සබ්මර්සිබලය පිටතින් වසා බෝල්ට් ඇණ යෙදුවේය. එලෙස බෝල්ට් ඇණ යෙදීමෙන් පසු කිසිදු හේතුවක් මත ඇතුළත ඉන්න අයට චාරිකාව නිමා කර මුහුද මතුපිටට එනතුරු පිටතට පැමිණෙන්න විදිහක් නැහැ. දොරටු එලෙස සීල් කළ පසු ඇතුළේ ඔක්සිජන් ප්‍රමාණවත් වෙන්නේ පුද්ගලයන් පස් දෙනාට පැය අනූ හයකට පමණි.

එලෙස නිරීක්ෂණ චාරිකාවේ නිරත වූ මෙම පිරිස පැය එකයි විනාඩි හතළිස් පහක් මව් යානාව සමඟ සන්නිවේදන කටයුතුවල නිරත වෙමින් සාර්ථකව ගමන් කළහ. එහෙත් පෙරවරු 11.47 එක්වරම ටයිටන් සබ්මර්සිබලය සමග තිබූ සන්නිවේදන කටයුතු ඇනහිටියේය. යළිත් එම සබ්මර්සිබලය සමග සන්නිවේදන කටයුතු ඇති කරගැනීමට උත්සාහ කළත් කිසිවෙකුටත් එය කළ නොහැකි විය. පැය ගණනක් ගත විය. සබ්මර්සිබලය පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි විය. අවසානයේ ඕෂන් ගේට් (Ocean Gete) සමාගම ටයිටන් සබ්මර්සිබලය තම පාලනයෙන් මිදී ඇති බවට තීරණය කළේය. ඒ අනුව එදින සවස 6.35 ට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ලොවටම ඒ සිද්ධිය පිළිබඳව ඔවුහු පැවසූහ. ඒ සමගම ලෝකවාසී සියලු දෙනාම පාහේ ටයිටන් සබ්මර්සිබලයට සිදුවූ ඛේදවාචකය ගැන දැනගත්හ.

ඛේදජනක මෙම සිද්ධිය දැනගත් පසු පළමුව ඇමරිකන් වෙරළ ආරක්ෂක කණ්ඩායම සහ නාවික හමුදාව එක්ව මෙම සබ්මර්සිබලය සොයා මෙහෙයුම් දියත් කළහ. ඉන්පසු කැනඩාව, ප්‍රංශය ආදී රටවල් දහයක පමණ පිරිස් මෙම මෙහෙයුමට එකතු විය. නවීන තාක්ෂණය උපරිම ආකාරයෙන් භාවිත කරමින් උතුරු අත්ලාන්තික් සාගරයේ වර්ග සැතපුම් දස දහසකට වැඩි වපසරියක ඔවුහු මෙහෙයුම් කටයුතු දියත් කළහ. මෙහෙයුම් වල නිරතවූවන්ට ඉතිරිව තිබුණේ පැය 40 ක කාලයක් පමණි. එම පැය 40 ඇතුළත සබ්මර්සිබලය සොයා ගැනීමට නොහැකි වුවහොත් එහි සිටි පුද්ගලයන්ගේ ජීවිත බේරා ගැනීමට නොහැකි වනු ඇත. එම නිසා කාලය අපතේ නොයවමින් හැකි උපරිම අයුරින් ඔවුහු එම සබ්මර්සිබලය සෙවීමේ මෙහෙයුම් කටයුතුවල නිරත වූහ.

ටයිටැනික් ඛේදවාචකයේ අපේ යුගයේ දුක හිතෙන කතාව ටයිටන්
අඩි 13000 ක් ගැඹුරු මුහුදේ මිනිස්සුන්ට ගිහින් ගවේෂණය කිරීමට අපහසු නිසා රොබෝ යන්ත්‍රයක් යොදවා ගවේෂණ කටයුතු සිදු කළේය. එයිනුත් ඉකුත් 21 වැනිදා සවස වනතුරු සුබදායී තොරතුරක් ලබා ගැනීමට නොහැකි විය. එයට අමතරව ඇමරිකානු නාවික හමුදාව දැනට ලොව ඇති ඉහළම තාක්ෂණයෙන් හෙබි මුහුදු මුර සංචාරක ගුවන් යානා දෙකක් ද යොදවා ගත්තේය. එම යානා මිනිත්තු 30 කට වරක් නිකුතු සංඥා කීපයක් හඳුනාගෙන තිබෙනවා. ඒවා සබ්මර්සිබලය ඇතුළත සිට එහි බඳට පහර දෙන ශබ්ද සංඥාවක් වෙන්න පුළුවන් කියලා සැක කරනවා. එම ශබ්දය අනුව සබ්මර්සිබලය ඒ වෙද්දි තිබිය යුත්තේ ටයිටැනික් නෞකාව තිබෙන ආසන්නයේ බව හෙළිවී තිබේ. ඒ කියන්නේ අඩි 13000 මුහුදු පතුලේ. සමහරු පවසනුයේ එය නිවැරදි සංඥාවක් නොවන බවයි.

තවද සෙවීම් අතර තුර ජලයෙන් කිසියම් ශබ්දයක් සංවේදනය වී ඇති අතර එය ඇසුණු ප්‍රදේශයේ විශේෂඥයන් විසින් සබ්මර්සිබලය සොයමින් සිටින බව එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකාය තහවුරු කළේය. එහි කපිතාන් ජේමි ෆෙඩ්රික් පසුගිය බදාදා බොස්ටන්හි වාර්තාකරුවන්ට පැවසුවේ උතුරු අත්ලාන්තික් සාගරයේ වූ එම ඝෝෂාවන්ට හේතුව තවමත් තහවුරු කර නොමැති නමුත් ටයිටන් සබ්මර්සිබලයෙන් අතුරුදන් වූ පස්දෙනා සොයා ගැනීමට දරන උත්සාහය තවමත් “ගලවා ගැනීමේ මෙහෙයුමක්” බවයි.

එයට අමතරව කපිතාන් ෆ්‍රෙඩ්රික් පැවසුවේ විමර්ශනය කෙරෙන ප්‍රදේශයේ විශාලත්වය දළ වශයෙන් එක්සත් ජනපදයේ කනෙක්ටිකට් ප්‍රාන්තයේ විශාලත්වය මෙන් දෙගුණයක් බවයි. ප්‍රාන්තය වර්ග සැතපුම් 5,000 ක් පමණ වේ.

එසේම ඔවුන් ගමන් කළ සබ්මර්සිබලය අවම වශයෙන් බෝල්ට් 17ක් භාවිත කරමින් පිටතින් ආරක්ෂිතව අගුලු දමා ඇති නිසා ඇතුළට ගිය පසු එලියට පැන යෑමට කිසිසේත්ම මාර්ගයක් නොමැති බවයි.

එසේම ඕෂන් ගේට් (Ocean Gete) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (සබ්මර්සිබලය තුළ සිටින) ස්ටොක්ටොන් රෂ් (Stocktion Rush) ගේ බිරිඳ වන වෙන්ඩි රෂ් සහ සබ්මැරීනයේ නියමු පුද්ගලයා, 1912 දී මුල් ටයිටැනික් නෞකාවේදී මියගිය යුවළකින් පැවත එන්නන් වීමද සුවිශේෂීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ කපිතාන් ජේමි ෆෙඩ්රික් මෙසේ පැවසීය. “ශුභාරංචිය නම් අපි ශබ්ද අනාවරණය කරගත් ප්‍රදේශයේ සෝදිසි කරමින් සිටිනවා.” ටයිටන් හි ඔක්සිජන් මට්ටම අඩුවීම

ගැන ඔහු මෙසේ පැවසීය: “ඔක්සිජන් යනු එක් දත්ත කැබැල්ලක් පමණි. අපි අධ්‍යයනය කළ යුතු දත්ත ගොඩක් තියෙනවා. ඔක්සිජන් වැදගත් එකම දෙය නොවේ.”

ඒ කෙසේ වෙතත් ඔවුන්ගේ සබ්මර්සිබලයේ සියලු ඔක්සිජන් 22 වැනිදා සවස 3:30 පමණ වන විට අවසන් වන බව පැහැදිලිය.

අවසානයේ නවීන තාක්ෂණය කොතරම් උපයෝගි කරගත්තත් නියමිත වේලාවට පෙර සබ්මර්සිබලය කිසිවකුටත් සොයා ගැනීමට නොහැකි විය. ඒ අනුව පැහැදිලි වනුයේ එහි ගමන්ගත් පස්දෙනා මියගොස් ඇති බවයි.

සබ්මර්සිබලයේ ඔක්සිජන් මට්ටම ඊයේ (22දා) දිනයෙන් අවසන් වුණත්, එම සබ්මර්සිබලය සොයා සිදුකළ මෙහෙයුම් අඛණ්ඩව සිදු කළා.

ඒ අනුව ඉතාමත් ගැඹුරු සාගර පත්ල නිරීක්ෂණය කළ හැකි තාක්ෂණයන් සහිත නෞකාවන් ටයිටැනික් සුන්බුන් සහිත සාගර ප්‍රදේශය වෙත කැඳවා තිබූ අතර ඔවුන් සතුව පවතින ROV මඟින් සාගර පත්ල නිරීක්ෂණය ආරම්භ කළා.

එලෙස නිරීක්ෂණය කිරීමේ දී Horizon Artic නෞකාවට අයත් ROV එක මඟින් ටයිටැනික් නෞකාවේ සුන්බුන්වලට අඩි 1600ක් ඉහළින් පාවෙමින් තිබූ ටයිටන් සබ්මර්සිබලයේ කොටසක් (Tail Cone) සොයා ගත්තේය.

පසුව තවදුරටත් සිදුකරන ලද නිරීක්ෂණයන්වලදී සබ්මැරීනයේ ඉතිරි කොටස් කිහිපයක් ද සොයා ගැනීමට හැකි විය.

අදාළ කොටස් සොයා ගැනීමත් සමඟ මෙහෙයුම්වල නිරත වෙලා සිටි වෙරළ ආරක්ෂක අංශ විසින් සබ්මර්සිබලයට සිදුවූ දේ පිළිබඳව නිගමනයකට පැමිණ තිබූ අතර ඔවුන් මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා තිබුණේ සබ්මර්සිබලය පීඩන කුටීරයේ සිදුවූ දෙයක් හේතුවෙන් විනාශයට පත්ව ඇති බවයි.

ඒ අනුව එහි සිටි සියලු දෙනා මිය ගොස් ඇති බවත් එක්සත් ජනපදයේ වෙරළ ආරක්ෂක බළකාය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

එමෙන් මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු සොයා ගැනීමට වෙරළ ආරක්ෂක අංශ වෙත අභියෝගයක් වී තිබෙනවා. ඒ අනුව ඇතැම් පුද්ගලයන් විශ්වාස කරන්නේ සිරුරු ටයිටැනික් සුන්බුන් අතරම තිබෙන්නට ඉඩ හරිනු ඇති බවයි. එමෙන්ම මීට පෙර මිනිත්තු 30කට වරක් සෝනාර් බෝයාවන්ට ලැබුණු හඬ සබ්මර්සිබලය වෙතින් ලැබුණු ඒවා නොවන බවත් අදාළ අංශ වාර්තා කරනවා. ඒ අනුව ටයිටන් සබ්මර්සිබලය පළමු දිනයේදීම විනාශයට පත්වන්නට ඇති බවටයි මත පළවන්නේ.

කෙසේ වෙතත් සබ්මර්සිබලයට සැබෑවටම සිදුවූ දේ පිළිබඳව මෙතෙක් කිසිදු ආකාරයක අවසන් නිගමනයකට පැමිණීමට නොහැකි වී ඇති අතර අදාළ සබ්මර්සිබලයේ කොටස් සොයාගත් ප්‍රදේශයේ තවදුරටත් නිරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතී.

මෙම සබ්මර්සිබලයේ සිටි ත්‍රාසජනක නිරීක්ෂණ චාරිකාවක නිරත වූ සියලු දෙනාටම ටයිටැනික් සුන්බුන් හෝ දැකගැනීමට අවස්ථාවක් නොලැබී තිබුණු අතර ඔවුන් අවාසනාවන්ත ලෙස හිරු එළිය පවා නොලැබෙන සාගර පත්ල තුළ මියගොස් සිටියේය.

අනතුරට පත් ටයිටන් සබ්මර්සිබලය තුළ සිටි බ්‍රිතාන්‍ය බිලියනපති ව්‍යාපාරික 58 හැවිරිදි හර්මිෂ් හාඩින් මීට පෙර බ්ලූ ඔරිජින් වාණිජ මෙහෙයුම යටතේ අභ්‍යවකාශයට ගොස් ඇති අතර, අවස්ථා රැසකදී දක්ෂිණ ධ්‍රැවයට ගමන් කර තිබේ. එලෙසම ඔහු ලොව

ගැඹුරුම ස්ථානය වන මරියානා ආගාධයේද ගවේෂණය කර තිබේ. සාගර පත්ලේ වැඩිම කාලයක් වැඩිම ගැඹුරක රැඳී සිටි පුද්ගලයාට හිමි ගිනස් වාර්තාවට හිමිකම් කියන්නේ ඔහුයි.

එලෙසම එහි ගමන් ගත් ප්‍රංශ ගවේෂක හැත්තෑ හත් හැවිරිදි පෝල් හෙන්රි ඉතිහාසයට එක්ව සිටින්නේ වැඩිම කාලයක් පුරා ටයිටැනික් සුන්බුන් ආසන්නයේ නිරීක්ෂණයේ නිරත වූ ගවේශකයා ලෙසටයි. අනතුරට පත් සබ්මර්සිබලය තුළ සිටි ඩාවුඩ් පවුල බ්‍රිතාන්‍යයේ රාජකීය පවුල පවත්වාගෙන යන පුණ්‍යායතන කිහිපයකටද මූල්‍ය දායකත්වය සපයති.

ටයිටන් නමැති මෙම සබ්මර්සිබලය අනතුරට ලක්වීමට පෙර පරීක්ෂණ කිමිදුම්වාර 50 ක් පමණ සාර්ථකව සිදුකර තිබුණි. ඉන් එක් අවස්ථාවකදී එම යානයේ යාන්ත්‍රික දෝෂයක් ඇති වුවත් ඔවුන් නිරුපද්‍රිතව මතුපිටට පැමිණ තිබුණි.

ගයාන් සමරසිංහ

සෙල්ලිපි 500කට වඩා සොයාගත් යතිවර ගවේෂණය…’දිවයින ඉරිදා සංග්‍රහයට’ කරන විශේෂ හෙළිදරව්ව

0

සෙල්ලිපි 500කට වඩා සොයාගත් යතිවර ගවේෂණය…’දිවයින ඉරිදා සංග්‍රහයට’
කරන විශේෂ හෙළිදරව්ව
තරංග රත්නවීර
SUNDAY DIVAINA LK FEATURES
June 25, 2023


පුරාවිද්‍යා ගවේෂණය ආරම්භ කරනකොට වයස අවුරුදු දහසයයි…
දිඹුලාගල නායක හාමුදුරුවො මට කතා කළේ මහානායක හාමුදුරුවෝ කියලා…
වැලිකන්ද, වඩුමුණේ, තොප්පිගල, නරකමුල්ල, ඕමුණුගම හරහා මහඔය සංචාරය ජීවිතයේ දුෂ්කරම ගවේෂණයක්…

මහ කැලෑවේ සති ගණන් ගත කළත් වනසතුන් ගෙන් කිසිම හිරිහැරයක් වෙලා නෑ…
පුරාවිද්‍යාවේ පරතෙරටම අධ්‍යයනය කර සිටින ‘පුරාවිද්‍යා චක්‍රවර්ති ආචාර්ය එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ තරම් මෙරට පුරාවස්තු පරීක්‍ෂා කර ඇති පුද්ගලයෙක් තවත් නැති තරම්ය. වසර 64ට වැඩි කාලයක් මෙරට ගම් සිසාරා අහුමුලු නෑර වැඩම කරමින් වනගහනයන්හි පුරාවිද්‍යා ගවේෂණයන් කර ඇති උන්වහන්සේ රට, ජාතියට, ශාසනයට කර ඇති සේවය මෙතකැයි කිවනොහැකි තරම්ය. උතුර, නැඟෙනහිර ප්‍රදේශයන්හි මෙපමණකට හෝ පුරාවස්තු ආරක්‍ෂා වී ඇත්තේ ත්‍රස්තවාදී යුද්ධයට පෙර, යුද්ධය අතරතුර සහ ත්‍රස්තවාදය වැළලී ගිය පසුව ද උතුර, නැඟෙනහිර පුරාවිද්‍යා ස්ථාන ගැන උන්වහන්සේ සිදු කරන ලද ගවේෂණයන් නිසා බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.

දිවි පරදුවට තබා, හරි හැටි දාන වේලක් නොවළඳා දින, සති, මාස ගණන් එක දිගට වරින්වර, වසර ගණනාවක් තිස්සේ උන්වහන්සේ පුරාවස්තු ගවේෂණයන් සිදු කර ඇත්තේ කීර්ති ප්‍රශංසා, මිල මුදල් ගරු නම්බුනාම බලාපොරොත්තුවෙන් නොවේ. ජාතියේ නියම උරුමය නිවැරැදි ලෙස පෙන්වාදීම සඳහා ය. සැබෑ උරුමය අනාගතයට සුරක්‍ෂිත කර තැබීම සඳහා ය. එවැනි උතුම් සිතුවිලි හද ගැබ තුළ සඟවා ගෙන කරගෙන ගිය ජාතික මෙහෙවර අවසානයේ උන්වහන්සේට ඉතිරි වී ඇත්තේ රෝගී කයක් පමණි. මේ වනවිට විවිධ රෝගාබාධවලින් අනේකවිධ පීඩා විඳින උන්වහන්සේ පරීක්‍ෂා කරන විශේෂඥ වෛද්‍යවරු පවසා ඇත්තේ ජීවිතයේ ඒ, ඒ වයස් සීමාවන්හි දී ශරීරයට ඇවැසි පෝෂණය ප්‍රමාණවත් ලෙස ලබානොදීම පවතින අයහපත් ශරීර සෞඛ්‍යයට හේතු වී ඇති බවය. 2019 වර්ෂයේ සිට නිතර ක්ලාන්ත තත්ත්වයට පත්වන උන්වහන්සේ දීර්ඝව කතා කිරීමට කැමැත්තක් නොදක්වති. එහෙත් අපේ නායක හාමුදුරුවෝ පසුගිය දිනක සැන්දෑ යාමයක පැය කිහිපයක් අප සමග සාකච්ඡා කිරීමට මැලි නොවූහ. වසර හැට හතරකට වැඩි කාලයක් සිදු කරගෙන ගිය පුරාවිද්‍යා ගවේෂණයන්හි දී අමතක නොවන මතක උන්වහන්සේ සතුටින් සිහිපත් කළහ.

සෙල්ලිපි 500කට වඩා සොයාගත් යතිවර ගවේෂණය…’දිවයින ඉරිදා සංග්‍රහයට’ කරන විශේෂ හෙළිදරව්ව
“පුංචි කාලෙ ඉඳලා ඉතිහාසය ඉගෙන ගන්න ලොකු ආශාවක් තිබුණා. ඒ වගේම පුරාවස්තු දැකබලා ගැනීමට දැඩි කැමැත්තක් දැක්වුවා. ඒ නිසා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ ඉඳලා, විවේකයක් ලැබුණු සෑම නිවාඩුවකම ගවේෂණ චාරිකාවක නිරත වුණා. ටික කාලයක් යනකොට ඒක මගේ විනෝදාංශයක් වුණා. ප්‍රථමයෙන්ම පුරාවිද්‍යා ගවේෂණය ආරම්භ කළේ 1950 වර්ෂයේ දී. එතකොට මට වයස අවුරුදු දහසයක් විතර ඇති. ඔය කාලයේ දී බළංගොඩට සමීපයෙහි, හඳගිරිය පැරැණි නගරය ගවේෂණය කර ඒ තොරතුරු පාදක කරගෙන පුංචි පොතක් සකස් කර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ එවකට සිටි උපකුලපතිවරයාට ලබා දුන්නා. එතුමා පොත කියවලා බොහෝම අගය කළා. එපමණක් නොවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ පර්යේෂණයට යොමු කරවීමට එම පොත විශ්වවිද්‍යාල පුස්තකාලයට භාර දුන්නා. ඒ වගේම පොත කියවපු හැමෝම මට ප්‍රශංසා කළා. ‘සිංහල සාහිත්‍ය වංශය’ ග්‍රන්ථය ලියපු පුංචි බණ්ඩාර සන්නස්ගල මහත්තයා, කඹුරුපිටියේ වනරතන නායක හාමුදුරුවෝ ‘පරණවිතානවත් සොයාගත්තෙ නැති ඉතිහාසය හාමුදුරුවෝ සොයාගෙන යනවා…’ කියා ප්‍රශංසා කරමින් ඉදිරියටත් ගවේෂණ කටයුතු කරගෙන යන ලෙසට දිරිගැන්වීම් කළා…”

“කීර්ති ප්‍රශංසා එක දිගට ගලාගෙන එනකොට රටේ නැති වෙච්ච උරුමය මතු කරදීම ජාතික සේවයක් යැයි මට හිතුණා. එවැනි සිතුවිලි මනසේ ඇඳෙනකොට ලංකාව පුරා පුරාවිද්‍යා ගවේෂණ කටයුතු කරගෙන ගියා. එම ගවේෂණ තොරතුරු පාදක කරගෙන පුවත්පත්වලට ලිපි ඉදිරිපත් කළා. ‘උතුර, නැඟෙනහිර බෞද්ධ උරුමය’ නමින් ‘දිවයින’ පුවත්පතට සති පතා ලිපි මාලාවක් ලිව්වා. පත්තරවලට ලිපි ලිවීමට පටන්ගැනීම පුරාවස්තු ගවේෂණයට ලොකු උත්තේජනයක් වුණා. ඒත් පුරාවස්තු ගවේෂණය පහසු කාර්යයක් නෙමෙයි. බොහෝවිට පුරාවිද්‍යා ගවේෂණ කළේ මහ කැලෑවල. අලි, කොටි, වලසුන්, විසකුරු සතුන් ලගින වනාන්තරවල. පාරෙ බස්වල ගිහින්, මහ ට්‍රැක්ටර්, අත් ට්‍රැක්ටර්, බර කරත්තවලින් වනපෙත් තුළට ඇතුළු වී, කිලෝ මීටර් ගණන් පයින් ගමන් කරනවා. ආහාරපාන, අනෙකුත් දෑ මලුවල දමාගෙන කරේ එල්ලගෙන තමයි ගියේ. සෑම ගවේෂණ චාරිකාවකටම හතරපස්දෙනෙක් සම්බන්ධ වුණා.

අපි හැමෝම මහ කැලෑව තුළ රෑ පහන් කළේ ගල් ගුහා, ගල් තලා, මහ ගස් යට. ඒ වගේම ගවේෂණ කටයුත්තෙ දී කාලය රන් හා වටිනවා.

ඒ නිසා බොහෝ අවස්ථාවල දී ආහාරයට ගත්තෙ කෙටි කෑම. බනිස්, විස්කෝතු වැඩිපුර අපි අරගෙන ගියා. පාන් පිටි අරගෙන ගිහින් රොටි හදාගෙන කෑවා. දෙවේලට ම රොටි කාපු අවස්ථා අප්‍රමාණයි. බත්, හොදි උයන්න කාලය යන නිසා කැලේ ඉන්නකොට බත් කෑවේ කලාතුරකින්. හේනක වැඩ කරන මිනිස්සු, පැලක ජීවත්වන කෙනෙක් මුණගැහිලා තැම්බූ බඩ ඉරිඟු, මක්‍ඳ්fඤාක්කා ටිකක් දීපු අවස්ථා තියෙනවා. මාත් එක්ක ගිය ගිහි මහත්වරුත් කෑම ගැන හිතුවේ නෑ. සංචාරයට සම්බන්ධ සියලුදෙනා වතුර බිව්වේ හරි පරිස්සමට. තොලකට තෙමා ගන්නව විතරයි. ඒ විදිහට ගවේෂණ චාරිකාවේ දී අතපසු වෙච්ච පෝෂණය අද නරක විදිහට බලපානවා…” එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ මතක පොතේ පිටු එකිනෙක පෙරළීමට පටන් ගත්හ. දෙසවනට කතාව මිහිරිය. එහෙත් එක දිගට කතා කරගෙන යනවිට උන්වහන්සේ තරමක් අපහසු ගතියකින් පෙළෙන බව අපට දැනිණි.

සෙල්ලිපි 500කට වඩා සොයාගත් යතිවර ගවේෂණය…’දිවයින ඉරිදා සංග්‍රහයට’ කරන විශේෂ හෙළිදරව්ව
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබාගෙන ගුරු වෘත්තියට යොමු වී ඇති එල්ලාවල මෙධානන්ද හාමුදුරුවන්ට ලැබෙන වැටුප සම්පූර්ණයෙන් වැය කොට ඇත්තේ පුරාවිද්‍යා ගවේෂණ කටයුතු සඳහාය. ඒ හැර පුරාවිද්‍යා ගවේෂණ කටයුතු සඳහා රජයෙන්, සංවිධානයකින්, පුද්ගල පාර්ශ්වයකින් කිසිදු අනුග්‍රහයක් ලැබී නැත. එමෙන්ම ඒ කාලයේ ඡායාරූපකරණය දියුණු තත්ත්වයක නොතිබූ නිසා පින්තූර ලබාගැනීමේදී දැඩි අසීරුතාවලට මුහුණදීමට සිදුව ඇති බව ද සැබෑය. එහෙත් නැඟෙනහිර පළාතේ කෙළවරක් වන කුඹුක්කන්ඔය සිට යාන්ඔය දක්වා ඇති ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්ක ත්‍රිත්වයම ආවරණය වන පරිදි පුරාවිද්‍යා ගවේෂණ සිදු කර ඇති එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ උතුරු පළාතේ යාපනය, කිළිනොච්චි, මුලතිව් සහ වව්නියා දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි අවස්ථා කිහිපයක දී පුරාවස්තු ගවේෂණයන් සිදු කර ඇත. එමෙන්ම ලංකාවේ සෙසු පළාත්වල සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි උන්වහන්සේ පුරාවිද්‍යා ගවේෂණයන් සිදු කර ඇත. ඇතැම් පුරාවිද්‍යා ස්ථානවලට තුන් හතර වතාව වැඩම කර ඇති බව ද උන්වහන්සේ සිහිපත් කළහ. එවැනි ස්ථාන නැවත, නැවත ගවේෂණය කරනවිට පෙර නොදැකපු පුරාවස්තු මතු වූ බව ද උන්වහන්සේ පැවසූහ.

එල්ලාවල මෙධානන්ද හාමුදුරුවන්ගේ ගවේෂණ චාරිකාවේදී අතිශය කටුක සංචාර අතර පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයෙන් ආරම්භ කර වඩුමුණේ, තොප්පිගල, නරකමුල්ල, ඕමුණුගම හරහා අම්පාර මහඔය ප්‍රදේශයට පැමිණි දින අටක ගමන අතිශය කටුක බව උන්වහන්සේ සිහිපත් කළහ. අපවත් වී වදාළ දිඹුලාගල නායක හාමුදුරුවෝ ප්‍රදේශය පිළිබඳ මනා අවබෝධයක් සහිත වඩිවේල් හඳුන්වා නොදෙන්න එම ගවේෂණ චාරිකාවේ දී මහා කැලෑවේ අතමරං වීමට ද ඉඩ තිබූ බව උන්වහන්සේ පැවසූහ. එම සංචාරයේ දී උන්වහන්සේ ඇතුළු කණ්ඩායම රෑ පහන් කර ඇත්තේ වැසි බැන්දගල, අටු බැන්දගල වැනි මහ විසල් ගල් තලාවලය. තොප්පිගල, නරකමුල්ල ප්‍රදේශය, ඕමුණුගම ඓතිහාසික බෞද්ධ නටබුන්වලින් ගහන ප්‍රදේශයන් බව ද උන්වහන්සේ පැහැදිලි කළහ. එමෙන්ම උන්වහන්සේ දිඹුලාගල නායක හාමුදුරුවන් ගැන ගුණකථනයක් ද කළහ.
සෙල්ලිපි 500කට වඩා සොයාගත් යතිවර ගවේෂණය…’දිවයින ඉරිදා සංග්‍රහයට’ කරන විශේෂ හෙළිදරව්ව
“දිඹුලාගල නායක හාමුදුරුවෝ මට කතා කළේ මහානායක හාමුදුරුවෝ කියලා. නායක පට්ටම්වලට මගේ කැමැත්තක් නැති නිසා දවසක් මම උන්වහන්සේගෙන් ඇහුවා ‘කිසිදු නායක පට්ටමක් නැති මට ඔබවහන්සේ මහානායක හාමුදුරුවෝ කියා අමතන්නෙ ඇයි කියලා…”

‘මගේ මහානායක හාමුදුරුවෝ ඔබවහන්සේ… ඔය කිසිම නායක කෙනෙක් මට නායක නෙමෙයි. ඔය කොයි නායකයත් එන්නෙ මගෙන් මොනවහරි අරගෙන යන්න. ඔබවහන්සේ එන්නෙ මට මොනවහරි දීලා යන්න…’ දිඹුලාගලා නායක හාමුදුරුවන්ගේ පිළිතුරට මම නිරුත්තර වුණා. ඒ වගේම පුරාවිද්‍යා ගවේෂණ චාරිකා කිහිපයක දී උන්වහන්සේ සම්බන්ධ වුණා. එක අවස්ථාවක ඌරුඩිකුලම් වැව දිගේ යනවිට කොටියෙක් අපට ගෙරෙව්වා. ඒත් මුතුගල්ලේ නටබුන් පරීක්‍ෂා කරලා මිසක් අපි ආපසු හැරුණේ නෑ. දිඹුලාගල හාමුදුරුවෝ ළඟ සිටීමත් ශක්තියක්. පුදුමාකාර නිර්භීතකමක් තිබුණේ. උන්වහන්සේට කොටි වෙඩි තිබ්බෙ ගොවිපළේ දී. උන්වහන්සේ වගා කළේ ආරණ්‍ය සේනාසනයේ වැඩසිටින ස්වාමීන් වහන්සේගේ දානය උදෙසා නෙමෙයි. ගමේ නැති බැරි මිනිසුන්ට බෙදා දෙන්න.

ගොවිපළෙන් නෙළාගන්නා අස්වැන්න ජීප් එකේ පිටුපස ගොඩගසා ගෙන ගම වටේ ගිහින් නැති බැරි මිනිසුන්ට බෙදලා දෙනවා. ඒ වගේ හාමුදුරුවරු රට, ජාතියට සම්පතක්. ඒත් කොටි ත්‍රස්තවාදීන් තව ටික කාලයක් උන්වහන්සේට ජීවත් වෙන්න ඉඩ දුන්නෙ නෑ…” එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ දිගු සුසුමක් පිට කර නිහඬ වූහ.

ඕමුණුගම නටබුන් තලාවක් බව දැන සිටි එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ එම ප්‍රදේශයෙ නැවත ගවේෂණ කිරීමට දිනක් මහඔයට වැඩම කළහ. මහඔය සිට ඕමුණුගම ප්‍රදේශයට සැතපුම් පහළොවක් පමණ පයින් වැඩම කිරීමට ඇති බැවින් මහඔය බොල්ලගම් රජමහ විහාරයේ කැකිරිහේනේ නාහිමියන්ගේ අවවාද, අනුශාසනා පරිදි එදින රාත්‍රිය විහාරස්ථානයේ වැඩ සිටීමට තිරණය කර තිබිණි. හිමිදිරියේම පිටත් වූ එල්ලාවල මෙධානන්ද හාමුදුරුවන්ට මඟපෙන්වීමට සම්බන්ධ වී ඇත්තේ සිමියොන් සිඤ්ඤා් මාමා ය. වනාන්තරයට මායිම් වූ පුංචි තේ කඩයකින් උදේ දානයට රොටි සහ කොච්චි සම්බෝල වැළඳුව එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ දහවල් දානයට තවත් රොටි කිහිපයක් ඕතාගෙන වනගත වූහ. ඕමුණුගමට යෑමට ස්ථිර මාර්ගයක් නොමැති බවත් වනසතුන් නිතර සැරිසරන බැවින් පරිස්සමට ගමන යා යුතු බව මඟ දිගේ මුණුගැහෙන බොහෝ දෙනා පවසා තිබිණි.

සෙල්ලිපි 500කට වඩා සොයාගත් යතිවර ගවේෂණය…’දිවයින ඉරිදා සංග්‍රහයට’ කරන විශේෂ හෙළිදරව්ව
ඉමක් කොනක් නැති වනපෙත අඳුරුය. බියකරුය. සිමියොන් මාමාගේ මාර්ගෝපදේශය යටතේ ඉදිරියට ගමන් කරන එල්ලාවල මෙධානන්ද හාමුදුරුවන්ට එළිමහන් භූමියක් හමු වී ඇත. ඉදිරියට යනවිට එළිමහන් භූමියේ වතුර වළක් ද ඇස ගැටී තිබේ. සෙසු භූමියම තණපිටියකි. වතුර වළ අසල මූණට, මූණ බලා සිටින අලි දෙදෙනෙක් දැක උන්වහන්සේ වනලැහැබකට වහං වී ඇත. එම අලි දෙදෙනා රණ්ඩුවක පැටලී සිටින බව වටහා ගැනීමට එල්ලාවල මෙධානන්ද හාමුදුරුවන්ටත්, සිමියොන් මාමාටත් අපහසු වී නැත. උන්වහන්සේ යන ගමන් මාර්ගය වැටී ඇත්තේ අලි රණ්ඩු කරන ඉසව්වෙනි. අලි ගැටුම අහවර වී උන් කැලයට රිංගන තෙක් පැයකට ආසන්න කාලයක් බලා සිටීම සිදු වූ බව එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ සිනා මුවින් සිහිපත් කළහ. එමෙන්ම ඇඟට ලේ බින්දුවක් ඉණුවේ අලි දෙදෙනා ම කැලයට රිංගුව පසු බව ද උන්වහන්සේ පැවසූහ.

“අලි, ඇතුන් රණ්ඩු වෙනකොට හරිම නපුරුයි. ඒ වගේම මගේ පුරාවිද්‍යා චාරිකාවේ දී එවැනි දරුණු අලි ගැටුමක් දැකලා තිබුණේ නෑ. අපි ළඟපාතක ඉන්න බව යාන්තමට හරි දැනුණ නම් පහර දෙන්න ඉඩ තිබුණා. ඒත් මහා මූකලානවල ඇවිදලත් කිසිම දවසක සතෙක් ගෙන් අනතුරක් වෙලා නෑ. අඩුම තරමින් දරුණු සිරීමක්වත් වෙලා නෑ. අපේ චේතනාව යහපත් නිසා සොබාදහම අපිව ආරක්‍ෂා කළා…”

“ඕමුණුගම විශාල පර්වතයක්. ඒ පර්වතය පහළ කුටියක් හදාගෙන භික්‍ෂුන්වහන්සේ නමක් වැඩ සිටියා. ඒ දිඹුලාගල පරපුරේ භික්‍ෂුන්වහන්සේ නමක් වූ අත්තනගල්ලේ ශේඛරාලංකාර හාමුදුරුවෝ. එදින රාත්‍රිය කුටිය තුළ ගතකර හීල් දානයට තැම්බූ බඩඉරිඟු වළඳා ගවේෂණ කටයුතු ආරම්භ කළා. ඕමුණුගම පර්වතය මුදුනේ විශාල පොකුණක් තියෙනවා. ඒ පොකුණේ වතුර පහළට ගලාගෙන ඇවිත් කන්ද පහළ පොකුණට එකතු වෙනවා. පුදුමාකාර වාරි තාක්‍ෂණයක්. ඒ වගේම කන්ද මැද විශාල ලෙනක් තියෙනවා. ඒ ලෙන තුළ බුදුපිළිම අඹලා බුදු මැඳුරක් බවට පත්කර තිබුණා. බුදු මැඳුර නම් කැඩී, බිඳී විනාශ වෙමින් තිබුණා. ඕමුණුගම කන්දට පහළ කන්දේ විශාල ගල්ලෙනක් සහිතව තවත් ලෙන් කිහිපයක් තිබුණා. ඒ ලෙන් තුනකින් සෙල් ලිපි තුනක් සොයා ගත්තා. එක සෙල් ලිපියක සඳහන් වෙලා තිබුණේ නන්දිමිත්‍ර යෝධයාගේ දියණිය විසින් පූජා කරන ලද බව. එම සෙල් ලිපි මම පිටපත් කිරීමට පෙර කිසිවෙක් පිටපත් කරලා තිබුණේ නෑ. ඒ වගේම ගවේෂණය කර සොයාගන්නා සෙල් ලිපියක් කියවනකොට හිතට දැනෙන සතුට වචනයෙන් කියන්න බැරි තරම්…” සෙල් ලිපි ගැන මතක් කරනවිට ද විකසිත වූ මුව මඬලෙන් උන්වහන්සේ විඳින නිරාමිස සතුට අපි දුටිමු.

මේ වනවිට සෙල් ලිපි පන්සියයකට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇති එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ සොයාගත් සුවිශේෂී සෙල් ලිපි රාශියකි. ඒ අතර දුටුගැමුණු රජුගේ බිසව රාජිතා බව සෙල් ලිපිවලින් සොයාගැනීම, විහාරමහාදේවීය පැවිදි වී සිටි බව සෙල් ලිපිවලින් සොයාගැනීම, මහානාග යුව රජු රෝහණයේ පිහිටු වූ මාගම රාජධානියේ රාජ පරම්පරාව නිවැරැදිව සොයාගැනීම අති විශේෂ සෙල් ලිපි කියැවීම් ය.
එල්ලාවල මෙධානන්ද හාමුදුරුවන්ගේ හිස මතට
නාගයෙක් පෙණය තබයි…
තවත් කොටසක් ලබන සතියට…

තරංග රත්නවීර

ජනපති ප්‍රංශයේ

ජනපති ප්‍රංශයේ
DIVAINA LK NEWS
June 24, 2023


ප්‍රංශයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය ප්‍රංශ ජනාධිපති නිවස වන එළිසි මාලිගාව වෙත පැමිණි අයුරු.

Sri Lanka’s creditors should provide timely debt treatment – US Treasury chief

f

Sri Lanka’s creditors should provide timely debt treatment – US Treasury chief


ADA DERANA LK NEWS
June 23, 2023



U.S. Secretary of the Treasury Janet Yellen on Thursday (June 22) met with Sri Lankan President Ranil Wickremesinghe on the sidelines of the Summit for a New Global Financial Pact.

Yellen said she was pleased to see Sri Lanka receiving the approval for the IMF-supported program earlier this year, and commended the strong domestic ownership of the island nation’s reform agenda.

During the meeting, she also highlighted the importance of Sri Lanka’s creditors delivering on debt restructuring in a timely manner.

Yellen also discussed the efforts to evolve the multilateral development banks to combat 21st-century global challenges.