Home Blog Page 12

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඇති විශාල මානූෂීය සහනාධාර ගලා එයි ලෝක නායකයෝ ජනපති වෙත සිය සංවේගය සහ අඛණ්ඩ සහාය පළ කරති

Global Humanitarian Support Mobilised -1

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඇති විශාල මානූෂීය සහනාධාර ගලා එයි
ලෝක නායකයෝ ජනපති වෙත සිය සංවේගය සහ අඛණ්ඩ සහාය පළ කරති
Global Humanitarian Support Mobilised –
දෙසැම්බර් 2, 2025 – Pray 🙏 for Sri Lanka 🙏

ජීවිත සිය ගණනක් බිලිගනිමින්, රට පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අවතැන් කළ දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් යළි රට යථා තත්වයට ගොඩනැඟීම සඳහා විශාල වශයෙන් ජාත්‍යන්තර සහාය අඛණ්ඩව ලැබෙමින් පවතින අතර හදිසි සහන කණ්ඩායම් යෙදවීමටද පියවර ගෙන ඇත.

ආපදාවට පත් ජනතාව, ඔවුන්ගේ නිවාස, දේපළ සහ යටිතල පහසුකම් යළි ගොඩනැඟීම සඳහා වන වැඩපිළිවෙළ පුළුල් වන විට, ලොව පුරා රටවල් ඒ සඳහා සිය සහාය ප්‍රකාශ කර ඇති අතර, ඒ අතරින් මෙරට ප්‍රධාන මිත්‍ර රටවල් සෘජුව මැදිහත්ව සිටී. ලෝක නායකයෝ සහ ජාත්‍යන්තර සංවිධාන රැසක් පසුගිය දින කිහිපය තුළ ජනාධිපතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගනිමින් සහ පණිවිඩ යොමු කරමින් මෙලෙස සිය ශෝකය සහ නැවත ගොඩනැගීම සඳහා සහාය පළ කළහ.

ඉන්දියාව

මෙම තත්වයට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා සහාය දීමට ඉන්දියාව කටයුතු කර තිබෙන අතර ඉන්දියානු අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය හෘදයාංගම ශෝකය පළ කළ අතර, ඉන්දියාව මෙම දුෂ්කර කාලයේදී ශ්‍රී ලංකාව සහ එහි ජනතාව සමඟ අඛණ්ඩව රැඳෙන බව සහතික විය.

සහන සැපයීමට මෙන්ම, මුදාගැනීමේ සහ පුනරුත්ථාපන කටයුතු සඳහා ‘සාගර් බන්ධු’ මෙහෙයුම යටතේ අඛණ්ඩ සහාය ලබා දීමටත්, ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේදී අවශ්‍ය සියලු සහයෝගය ලබා දීමටත් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වී තිබේ. ඉන්දීය නාවික හා ගුවන් හමුදා යාත්‍රා සහ ගුවන් යානා කිහිපයක මගින් දැනටමත් හදිසි ආධාර ලබා දී ඇති අතර තවත් ආධාර සහ කණ්ඩාම් එවීමට නියමිතව ඇත.

පකිස්ථානය

පකිස්ථානයද සිය සහාය පළ කරමින්, සිය නාවික හමුදාවේ PNS SAIF නෞකාව මගින් ශ්‍රී ලංකා නාවික හමුදාව හරහා ගංවතුරෙන් පීඩාවට පත් පවුල්වලට අත්‍යවශ්‍ය ද්‍රව්‍යාධාර සැපයු අතර මුදාගනීමේ නිලධාරීන් රැගත් ගුවන් යානයක් ඇතුළු තවත් ආධාර තොග ඉදිරි දිනවලදී මෙරටට එවීමට නියමිතය.

ඇමරිකා එක්සත් ජනපදය

ඇමරිකා එක්සත් ජනපදය ගං ඉවුරු සවිමත් කිරීම සහ ඉහළ යන ජල මට්ටම් පාලනය සඳහා පොලිසැක් (Polysacks) 20,000ක් මෙරටට ප්‍රදානය කළ අතර, විදුලිජනක යන්ත්‍ර, උදුන්, ජල බඳුන් සහ කූඩාරම් ආදිය ලෝක ආහාර වැඩසටහන (WFP) මගින් ලබා දීමට නියමිතය.අමතර සහන කණ්ඩායම් සහ ද්‍රව්‍ය රැගත් සී-130 ගුවන් යානා දෙකක් දෙසැම්බර් 04 වනදා මෙරටට පැමිණීමට නියමිතය.

රුසියාව

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා සිය හෘදයාංගම ශෝකය පළ කරමින් මෙසේ සඳහන් කර තිබේ. “ඔබේ රටට බලපා ඇති ගංවතුර සහ නායයෑම් හේතුවෙන් සිදුවී ඇති ජීවිත හා දේපළ හානි පිළිබඳව මාගේ හෘදයාංගම ශෝකය පිළිගන්න. මිය ගිය අයගේ පවුල්වලට සහ ආදරණීයයන්ට බලවත් සංවේගය මෙන්ම තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව දන්වන මෙන් මම ඔබෙන් ඉල්ලා සිටිමි.”

ඕස්ට්‍රේලියාව

ආපදා තත්වයට කඩිනම් ප්‍රතිචාර දැක්වීමට සහ යළි ගොඩනැඟීමට ඕස්ට්‍රේලියාව, ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1ක මුදලක් ආධාර වශයෙන් ලබා දීමට පොරොන්දු විය.

නේපාලය

නේපාලයද, සහන සැලසීමේ කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් 200,000ක දායකත්වයක් දක්වන බව නිවේදනය කර ඇත.

ජපානය

ජපානය, JICA ආයතනය හරහා කූඩාරම් සහ පොරෝනා ඇතුළු හදිසි සහන ද්‍රව්‍ය ලබා දී ඇත. වෛද්‍ය අවශ්‍යතා තක්සේරු කිරීම සහ ජපන් ආපදා සහන කණ්ඩායමක් (JDR) යෙදවීමේ හැකියාව සොයා බැලීම සඳහා සිව්දෙනෙකුගෙන් යුත් හදිසි වෛද්‍ය කණ්ඩායමක් 2025 නොවැම්බර් 30 වන දින දිවයිනට පැමිණියහ. Ketamine, Diazepam,Midazolam ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ද ජපානය විසින් පරිත්‍යාග කර ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය

ජාත්‍යන්තර සහයෝගීතාවයේ සුවිශේෂී සලකුණක් සනිටුහන් කරමින්, හදිසි සහන ද්‍රව්‍ය රැගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ගුවන් හමුදාවට අයත් C-17 Globemaster ගුවන් යානය අද පස්වරුවේ දිවයිනට ළඟා විය. එමිරේට්ස් සහන කණ්ඩායමේ ප්‍රධානී ආචාර්ය හමූද් අල් අෆාරි (Dr. Hamood Al Afari) විසින් මෙම ආධාර නිල වශයෙන් භාර දෙන ලදී.

එක් පවුලකට දින 10ක් සඳහා ප්‍රමාණවත් වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් 1,116ක් සහ බෝතල් කළ ජලය, කූඩාරම්, පොරෝනා, මෙට්ට, පිසින උපකරණ සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය අඩංගු සහන මලු 336ක් මෙම ආධාර තොගයට ඇතුළත් වේ. ඊයේ (01) දින එමීර් රාජ්‍යයෙන් පළමු ආධාර තොගය ලැබුණු අතර, මෙය ඔවුන් විසින් ලබා දුන් දෙවන මානුෂීය ආධාර තොගයයි.

UNICEF සංවිධානය

දරුණු ලෙස බලපෑමට ලක් වූ ප්‍රදේශවල හදිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ශක්තිමත් කරමින්, බදුල්ල ප්‍රදේශයේ සහන මධ්‍යස්ථාන 25ක් සඳහා පානීය ජලය සැපයීමට UNICEF සංවිධානය සහාය ලබා දී ඇත.

මාලදිවයින

ව්‍යසනයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ප්‍රජාවට සිය සහාය ප්‍රකාශ කළ මාලදිවයිනද ඇමරිකානු ඩොලර් 50,000ක ආධාර ලබා දීමට සහ අවතැන් වූවන් වෙනුවෙන් ටූනා මාළු ටින් පෙට්ටි 25,000ක් පරිත්‍යාග කිරීමටද පොරොන්දු විය.
මීට අමතරව, මාලදිවයිනේ සිටින ශ්‍රී ලාංකිකයන් දැනට ක්‍රියාත්මක යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා ඇමරිකානු ඩොලර් 33,000ක දායකත්වයක් ලබා දුන්හ.

ස්විස්ටර්ලන්තය

ජලය පිරිසිදු කිරීම, සනීපාරක්ෂාව සහ සෞඛ්‍යාරක්ෂිත කටයුතු සඳහා සහාය වීමට ස්විස්ටර්ලන්ත විශේෂ මුදා ගැනීමේ කණ්ඩායමක් දෙසැම්බර් 05 වන දින මෙරටට පැමිණීමට නියමිතය.

චීනය, තුර්කිය, කියුබාව, බංග්ලාදේශය, යුරෝපා සංගමය, පලස්තීනය සහ නිකරගුවාව ඇතුළු තවත් රටවල් කිහිපයක් සහ ජාත්‍යන්තර හවුල්කරුවන් රැසක් මෙම ආපදා අවස්ථාවේදී සහ යළි ගොඩනැගීමේදී ශ්‍රී ලංකාව සමඟ රැඳෙන බවට ප්‍රතිඥා දෙමින් සිය සහයෝගය ප්‍රකාශ කර ඇත.

තවත් බොහෝ රටවල් සහ ජාත්‍යන්තර ආයතන ලබා දීමට පොරොන්දු වූ ආධාර ඉදිරි දිනවලදී ලැබීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයද (UN) මුදාගැනීම්, හදිසි සහන සහ ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩසටහන් සඳහා මෙරට බලධාරීන් සමඟ ඉතා සමීපව කටයුතු සම්බන්ධීකරණය කරමින් සිටී.

මෙම ජාතික හදිසි අවස්ථාවේදී සහාය ලබා දුන් සියලුම විදෙස් රටවල්, නියෝජිතායතන සහ සංවිධාන වෙත ශ්‍රී ලංකා රජය සිය බලවත් කෘතඥතාව පළ කරයි. ආපදාවට පත් වූවන්ගේ නිවාස, ජීවනෝපායන් සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියේදී මෙම ජාත්‍යන්තර සහයෝගය ඉතා වැදගත් වේ.

More than 1,100 confirmed dead and 800 missing in catastrophic Asia floods

More than 1,100 confirmed dead and 800 missing in catastrophic Asia floods
SKY NEWS UK
Monday 1 December 2025 18:18, UK

Cyclones and extreme weather have killed at least 366 people in Sri Lanka, 604 in Indonesia, and 176 in Thailand, according to authorities.

Rescue and recovery and efforts are under way in parts of South and Southeast Asia where the number of those killed in devastating floods continues to rise.

The extreme weather last week has killed at least 366 people in Sri Lanka, 604 in Indonesia, and 176 in Thailand, according to authorities.

Rescuers are searching for 464 missing people in Indonesia, and a further 367 in Sri Lanka, after a cyclone and other storms triggered flooding and landslides in the region.

In a post on X, the King and Queen Camilla said they were “deeply saddened” to hear about devastating storms and added their “heartfelt condolences” to the families of those who have died.

Landslides in Sarasavigama village near Kandy, Sri Lanka. Pic: AP
Image:

A man wades through the flooded street, following heavy rainfall in Wellampitiya, Sri Lanka. Pic: Reuters

A man uses a makeshift raft at a flooded area, following Cyclone Ditwah in Kelaniya, Sri Lanka. Pic: Reuters
Hundreds of thousands in shelters in Sri Lanka

Sri Lankan authorities said about 218,000 people were in temporary shelters after downpours that triggered landslides, primarily in the tea-growing central hill country.

People were seen salvaging belongings from flooded homes along the banks of the Kelani River, near the capital Colombo on Monday.

More on Extreme Weather
Rescuers search for flood victims in Tanah Datar, West Sumatra, Indonesia. Pic: AP
More than 600 dead in Indonesia and Thailand after floods and landslides – and Sri Lanka reporting more than 200 deaths from cyclone

People clean up after flood recedes in Dak Lak, 24 November. Pic: Nguyen Dung/VNA via AP
Pictures from floods in Thailand and Vietnam show submerged cars and desperate rescues

A destroyed campsite in the aftermath of Storm Claudia in Albufeira, in southern Portugal’s Algarve region. Pic: AP
Video shows Storm Claudia’s impact in Portugal as ‘tornado’ devastates Algarve

Meanwhile, train and flight services have resumed after being disrupted last week, but schools stayed closed, officials said.

Cyclone Ditwah was the “largest and most challenging” natural disaster in Sri Lanka’s history, President Anura Kumara Dissanayake said.

A landslide survivor crosses a section of a damaged road in Sarasavigama village near Kandy, Sri Lanka. Pic: AP

A man uses his scarf to protect himself from the rain in the aftermath of Cyclone Ditwah, in Chennai, India. Pic: Reuters
Image:
A man uses his scarf to protect himself from the rain in the aftermath of Cyclone Ditwah, in Chennai, India. Pic: Reuters
The cyclone also brought heavy rain to India’s southern state of Tamil Nadu over the weekend, with authorities saying three people were killed in rain-related incidents.

The storm, which as of 5pm UK time on Monday was about 20km (12 miles) off the coast of the state capital Chennai, has weakened into a “deep depression” and was expected to weaken further in the next few hours, weather officials said.

More than 28,000 homes have been damaged in Indonesia, with 1.4 million people affected by torrential rains following a tropical storm that formed in the Malacca Strait.

The country’s president, Prabowo Subianto, called it a catastrophe and pledged to rebuild infrastructure as he visited the three affected provinces on Monday, where nearly 300,000 people have been displaced by the flooding.

Rescuers search for victims at a village affected by flash flooding, in Agam, West Sumatra, Indonesia. Pic: AP
Image:
Rescuers search for victims at a village affected by flash flooding, in Agam, West Sumatra, Indonesia. Pic: AP
‘Nothing remains’

“The water just rose up into the house and we were afraid, so we fled. Then we came back on Friday, and the house was gone, destroyed,” said Afrianti, 41, who only goes by one name and lives in West Sumatra’s Padang city.

She and her family of nine have made their own tent shelter beside the single wall that remains of their home.

“My home and business are gone, the shop is gone. Nothing remains. I can only live near this one remaining wall,” she said.

Highest one-day rainfall in Thai city for 300 years

In Thailand, flooding in eight southern provinces affected about three million people and led to a major mobilisation of its military to evacuate critical patients from hospitals and reach people stuck in floodwaters for days.

In the worst-affected city of Hat Yai, a southern trading hub, 335mm (13 inches) of rain fell on 21 November, its highest single-day tally in 300 years, followed by days of unrelenting downpours.

More than three million people have been impacted by floods in Thailand
Image:
More than three million people have been impacted by floods in Thailand
People move a car damaged by floods in Songkhla province, southern Thailand. Pic: AP
Image:
People move a car damaged by floods in Songkhla province, southern Thailand. Pic: AP
King offers ‘heartfelt condolences’

King Charles and Queen Camilla responded to the crisis in a statement posted on X and praised the work of emergency responders: “We wish to express our heartfelt condolences to the families of those who have so tragically lost their lives.

“Our thoughts and prayers are with the many whose homes have been destroyed and to all who are awaiting news of loved ones missing.

“These disasters remind us of the increasingly urgent need to restore the balance and harmony of Nature.”

Thailand’s Prime Minister Anutin Charnivirakul expects residents to be able to return home within seven days, a government spokesperson said on Monday.

Listen to The World with Richard Engel and Yalda Hakim every Wednesday

The first batch of compensation payments was set to be distributed on Monday, starting with 239m baht (£5.6m) for 26,000 people, the spokesperson added.

In Malaysia there have been at least three deaths and authorities are still on alert for a second and third wave of flooding as 11,600 remain in evacuation centres

‘Rebuilding Sri Lanka’ අරමුදලේ කළමනාකරණ කමිටුව

‘Rebuilding Sri Lanka’ අරමුදලේ කළමනාකරණ කමිටුව

රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් සමන්විත ‘Rebuilding Sri Lanka’ අරමුදලේ කළමනාකරණ කමිටුව පත් කෙරේ.

ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසයේ දරුණුතම ස්වභාවික විපත් අතරින් එකක් වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ අතිවිශාල හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් ‘Rebuilding Sri Lanka’අරමුදල ස්ථාපනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

මෙම අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස පිහිටුවීමට නියමිත අතර එහි කළමනාකරණ කමිටුව රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් සමන්විතය.

කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා කමිටුවේ කැඳවුම්කරු ලෙස කටයුතු කරයි.

සෙසු සාමාජිකයන් ලෙස,
• විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්,

• මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම,

• ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව
,
• විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ යුරෝපය සහ උතුරු ඇමරිකාව සඳහා අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න,

• හේලිස් සමූහයේ සභාපති මොහාන් පණ්ඩිතගේ,

• ජෝන් කීල්ස් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන්,

• එයිට්කන් ස්පෙන්ස් උප සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය පරාක්‍රම දිසානායක,

• බ්‍රැන්ඩෙක්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර්,

• LOLC විධායක සභාපති ඉෂාර නානායක්කාර යන මහත්වරු කටයුතු කරති.

අරමුදල ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ බලය කළමනාකරණ කමිටුවට හිමි වන අතර, අවශ්‍යතා තක්සේරු කිරීම, ප්‍රමුඛතා සැකසීම, අරමුදල් වෙන් කිරීම සහ අනුමත ප්‍රතිසාධන කටයුතු සඳහා මුදල් නිකුත් කිරීම එහි වගකීම් අතර වේ.
මෙම කමිටුව විසින් අරමුදලට අදාළ මූල්‍ය කළමනාකරණය, විගණනය සහ සියලුම අරමුදල් ක්‍රියාකාරකම්වල පූර්ණ විනිවිදභාවය සහතික කරනු ඇත.
මේ අනුව පරිත්‍යාගශීලීන්ට තම මුදල් ආධාර දේශීය හෝ විදේශීය ඕනෑම පුද්ගලයෙකුට, ශ්‍රී ලංකා රුපියල්වලින් හෝ ඕනෑම මුදල් ඒකකයකින් පහත සඳහන් ලංකා බැංකු ගිණුම වෙත බැර කළ හැකිය.

01. Account Name: Deputy Secretary to the Treasury
Account Number: 2026450
Bank: Bank of Ceylon
Taprobane branch
Swift code : BCEYLKLX

ඊට අමතරව, ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ මුදල් ගිණුම්වලට සෘජුවම මුදල් බැර කරන පරිත්‍යාගශීලීන්ට පහත සඳහන් ගිණුම් ඔස්සේ මුදල් බැර කිරීමේ අවස්ථාව හිමි වේ.
විදේශ මුදල් ඒකක සඳහා ගිණුම් විස්තර:

1. US Dollar (USD)
Bank: Deutsche Bank Trust Company Americas, New York, USA
Recipient Account Name: Central Bank of Sri Lanka
Account Number: 04015541
Routing Number: 021001033
SWIFT: BKTRUS33XXX
2. Euro (EUR)
Bank: ODDO BHF Bank, Frankfurt am Main, Germany
Recipient Account Name: Central Bank of Sri Lanka
Account Number: 0000739854
IBAN: DE39500202000000739854
SWIFT: BHFBDEFF500
3. Pound Sterling (GBP) – Account 1
Bank: HSBC Bank Plc, London, UK
Recipient Account Name: Central Bank of Sri Lanka
Account Number: 39600144
Sort Code: 40-05-15
IBAN: GB48MIDL40051539600144
SWIFT: MIDLGB22XXX
4. Pound Sterling (GBP) – Account 2
Bank: Bank of Ceylon (UK) Ltd, London, UK
Recipient Account Name: Central Bank of Sri Lanka
Account Number: 88001249
Sort Code: 40-50-56
IBAN: GB89BCEY40505688001249
SWIFT: BCEYGB2LXXX
5. Japanese Yen (JPY)
Bank: MUFG Bank, Tokyo, Japan
Recipient Account Name: Central Bank of Sri Lanka
Account Number: 653-0407895
SWIFT: BOTKJPJTXXX
6. Australian Dollar (AUD)
Bank: Reserve Bank of Australia
Recipient Account Name: Central Bank of Sri Lanka
Account Number: 81736-4
BSB: 092002
SWIFT: RSBKAU2SXXX

அரச மற்றும் தனியார் துறை பிரதிநிதிகளைக் கொண்ட ‘Rebuilding Sri Lanka’ நிதியத்தின் முகாமைத்துவக் குழு நியமனம்

இலங்கையின் அண்மைய வரலாற்றில் மிக மோசமான இயற்கை பேரழிவுகளில் ஒன்றான ‘தித்வா’ சூறாவளியால் ஏற்பட்ட பெரும் சேதத்தைத் தொடர்ந்து நாட்டை மீண்டும் கட்டியெழுப்புவதை நோக்கமாகக் கொண்ட ‘Rebuilding Sri Lanka’ நிதியத்தை நிறுவுவதற்கு அமைச்சரவை அங்கீகாரம் அளித்துள்ளது.

இந்த நிதியம் ஜனாதிபதி செயலகத்தின் கீழ் ஒரு சட்டப்பூர்வ நிதியமாக நிறுவப்பட உள்ளதுடன், அதன் முகாமைத்துவக் குழுவில் அரச மற்றும் தனியார் துறைகளின் பிரதிநிதிகள் உள்ளடங்குவர்.
தொழில் அமைச்சர் மற்றும் நிதி, திட்டமிடல் பிரதி அமைச்சர் கலாநிதி அனில் ஜயந்த பெர்னாண்டோ அதன் தலைவராக செயற்படுவதோடு, ஜனாதிபதியின் சிரேஷ்ட மேலதிக செயலாளர் ஜி.எம்.ஆர்.டி. அபொன்சு குழுவின் அழைப்பாளராக செயற்படுவார்.
ஏனைய உறுப்பினர்களாக,

• வெளிநாட்டு முதலீடுகளுக்கான ஜனாதிபதியின் விசேட பிரதிநிதி, மேல் மாகாண ஆளுநர் ஹனிஃப் யூசுப்,

• நிதி அமைச்சின் செயலாளர் கலாநிதி ஹர்ஷன சூரியப்பெரும,
• ஜனாதிபதியின் சிரேஷ்ட பொருளாதார ஆலோசகர் துமிந்த ஹுலங்கமுவ,

• வெளிநாட்டலுவல்கள், வெளிநாட்டு வேலைவாய்ப்பு மற்றும் சுற்றுலா அமைச்சின் ஐரோப்பா மற்றும் வட அமெரிக்காவிற்கான பணிப்பாளர் நாயகம் சுகீஸ்வர குணரத்,

• ஹேலிஸ் குழுமத்தின் தலைவர் மொஹான் பண்டிதகே,

• ஜோன் கீல்ஸ் தலைவர் கிரிஷான் பாலேந்திரன்,
• எட்கன் ஸ்பென்ஸ் உப தலைவர் மற்றும் முகாமைத்துவப் பணிப்பாளர் கலாநிதி பராக்கிரம திசாநாயக்க,

• பிரண்டெக்ஸ் குழுமத்தின் பிரதான நிறைவேற்று அதிகாரி அஷ்ரஃப் ஒமர்,
• LOLC நிறைவேற்றுத் தலைவர் இஷார நாணயக்கார ஆகியோர் செயல்படுவார்கள்.

நிதியத்தை செயற்திறனாக நிர்வகிக்கும் அதிகாரம், முகாமைத்துவக் குழுவுக்கு அளிக்கப்பட்டுள்ளதுடன்,

அதன் பொறுப்புகளில் தேவைகளை மதிப்பிடுதல்,

முன்னுரிமைகளை நிறுவுதல், நிதியை ஒதுக்குதல் மற்றும் அங்கீகரிக்கப்பட்ட மீட்பு நடவடிக்கைகளுக்கு நிதியை விடுவித்தல் ஆகியவை அடங்கும்.

நிதியம் தொடர்பான அனைத்து நிதி நிர்வாகம்,

கணக்காய்வு மற்றும் அனைத்து நிதி நடவடிக்கைகளிலும் முழுமையான

வெளிப்படைத்தன்மையை இந்தக் குழு உறுதி செய்யும்.
அதன்படி, நன்கொடையாளர்கள் தமது நிதி உதவிகளை உள்நாட்டு அல்லது வெளிநாட்டைச் சேர்ந்த எந்தவொரு நபருக்கும், இலங்கை ரூபாவிலோ அல்லது வேறு எந்த நாணய அலகிலோ பின்வரும் இலங்கை வங்கிக்
கணக்கிற்கு வைப்புச் செய்ய முடியும்.

01. Account Name: Deputy Secretary to the Treasury
Account Number: 2026450
Bank: Bank of Ceylon
Taprobane branch
Swift code : BCEYLKLX

மேலும், இலங்கை மத்திய வங்கியின் வெளிநாட்டு நாணயக் கணக்குகளில் நேரடியாக நிதியை வைப்புச் செய்யும் நன்கொடையாளர்கள், பின்வரும் கணக்குகள் மூலம் நிதியை வைப்புச் செய்ய முடியும்.
வெளிநாட்டு நாணய அலகுகளுக்கான கணக்கு விபரங்கள்:

1. US Dollar (USD)
Bank: Deutsche Bank Trust Company Americas, New York, USA
Recipient Account Name: Central Bank of Sri Lanka
Account Number: 04015541
Routing Number: 021001033
SWIFT: BKTRUS33XXX
2. Euro (EUR)

Bank: ODDO BHF Bank, Frankfurt am Main, Germany
Recipient Account Name: Central Bank of Sri Lanka
Account Number: 0000739854
IBAN: DE39500202000000739854
SWIFT: BHFBDEFF500
3. Pound Sterling (GBP) – Account 1
Bank: HSBC Bank Plc, London, UK
Recipient Account Name: Central Bank of Sri Lanka
Account Number: 39600144
Sort Code: 40-05-15
IBAN: GB48MIDL40051539600144
SWIFT: MIDLGB22XXX

4. Pound Sterling (GBP) – Account 2
Bank: Bank of Ceylon (UK) Ltd, London, UK
Recipient Account Name: Central Bank of Sri Lanka
Account Number: 88001249
Sort Code: 40-50-56
IBAN: GB89BCEY40505688001249
SWIFT: BCEYGB2LXXX
5. Japanese Yen (JPY)

Bank: MUFG Bank, Tokyo, Japan
Recipient Account Name: Central Bank of Sri Lanka
Account Number: 653-0407895
SWIFT: BOTKJPJTXXX

6. Australian Dollar (AUD)
Bank: Reserve Bank of Australia
Recipient Account Name: Central Bank of Sri Lanka
Account Number: 81736-4
BSB: 092002
SWIFT: RSBKAU2SXXX

Management Committee of the ‘Rebuilding Sri Lanka’ Fund Appointed with Representatives from the Public and Private Sectors
Cabinet approval has been granted to establish the ‘Rebuilding Sri Lanka’ Fund, aimed at rebuilding the country following the severe devastation caused by Cyclone ‘Ditwah’, one of the worst natural disasters in Sri Lanka’s recent history. The Fund is to be established as a statutory fund under the Presidential Secretariat and its Management Committee will comprise representatives from both the public and private sectors.

Dr. Anil Jayantha Fernando, Minister of Labour and Deputy Minister of Finance and Planning, will serve as the Chairman of the Committee,
while Mr. G. M. R. D. Aponsu, Senior Additional Secretary to the President, will serve as the Convener.
The other members of the Committee are:

• Mr. Hanif Yusoof, Governor of the Western Province and Special Representative of the President for Foreign Investments

• Dr. Harshana Suriyapperuma, Secretary to the Ministry of Finance

• Mr. Duminda Hulangamuwa, Senior Economic Adviser to the President
• Mr. Sugeeshwara Gunaratne, Director General For Europe & North America, Ministry Of Foriegn Affairs, Foreign Employment and Tourism
• Mr. Mohan Pandithage, Chairman, Hayleys Group

• Mr. Krishan Balendra, Chairman, John Keells

• Dr. Parakrama Dissanayake, Deputy Chairman and Managing Director, Aitken Spence

• Mr. Ashroff Omar, Group Chief Executive Officer, Brandix

• Mr. Ishara Nanayakkara, Executive Chairman, LOLC Holdings

The Management Committee will be empowered to ensure the effective administration of the Fund, including assessing requirements, setting priorities, allocating resources and disbursing funds for approved recovery activities. The Committee will also ensure full transparency in all financial operations of the Fund, including financial management and auditing.

Accordingly, contributions may be made to the Fund by any donor, local or overseas, either in Sri Lankan Rupees or in any foreign currency, to the following Bank of Ceylon account:

Account Name: Deputy Secretary to the Treasury
Account Number: 2026450
Bank: Bank of Ceylon, Taprobane Branch
Swift Code: BCEYLKLX
In addition, donors wishing to make direct deposits into foreign currency accounts of the Central Bank of Sri Lanka may do so through the following accounts.
Account details for foreign currency deposits:
1. US Dollar (USD)

Bank: Deutsche Bank Trust Company Americas, New York, USA
Recipient Account Name: Central Bank of Sri Lanka
Account Number: 04015541
Routing Number: 021001033
SWIFT: BKTRUS33XXX
2. Euro (EUR)
Bank: ODDO BHF Bank, Frankfurt am Main, Germany
Recipient Account Name: Central Bank of Sri Lanka
Account Number: 0000739854
IBAN: DE39500202000000739854
SWIFT: BHFBDEFF500
3. Pound Sterling (GBP) – Account 1
Bank: HSBC Bank Plc, London, UK
Recipient Account Name: Central Bank of Sri Lanka
Account Number: 39600144
Sort Code: 40-05-15
IBAN: GB48MIDL40051539600144
SWIFT: MIDLGB22XXX
4. Pound Sterling (GBP) – Account 2
Bank: Bank of Ceylon (UK) Ltd, London, UK
Recipient Account Name: Central Bank of Sri Lanka
Account Number: 88001249
Sort Code: 40-50-56
IBAN: GB89BCEY40505688001249
SWIFT: BCEYGB2LXXX
5. Japanese Yen (JPY)
Bank: MUFG Bank, Tokyo, Japan
Recipient Account Name: Central Bank of Sri Lanka
Account Number: 653-0407895
SWIFT: BOTKJPJTXXX
6. Australian Dollar (AUD)
Bank: Reserve Bank of Australia
Recipient Account Name: Central Bank of Sri Lanka
Account Number: 81736-4
BSB: 092002
SWIFT: RSBKAU2SXXX

ජනාධිපති මාධ්‍ය අංශය
ஜனாதிபதி ஊடகப் பிரிவு
President’s Media Division (PMD)
2025-12-01

“මේ බරපතල් අවස්තථාවේදී සියලු දේශපාලන මතිමතාන්තර රට වෙනුවෙන් අමතක කොට ජාති ආගම් පක්ෂ භේදවලින් තොරව එකට එක්වෙමු. දේශපාලනය කිරීමට කාලය ඕනෑ තරම් ඇති අතර ව්‍යසනයට මුහුණදීමට විශාල කාලයක් නැත, අප එක්ව රට ගොඩ නගමු.” ඒ ජනාධිපතිවරයා පසු ගියදා ජාතිය අමතා කළ කතාවේ සාරාංශයයි.

0

මේ බරපතල් අවස්තථාවේදී සියලු දේශපාලන මතිමතාන්තර රට වෙනුවෙන් අමතක කොට ජාති ආගම් පක්ෂ භේදවලින් තොරව එකට එක්වෙමු. දේශපාලනය කිරීමට කාලය ඕනෑ තරම් ඇති අතර ව්‍යසනයට මුහුණදීමට විශාල කාලයක් නැත, අප එක්ව රට ගොඩ නගමු.#
ඒ ජනාධිපතිවරයා පසු ගියදා ජාතිය අමතා කළ කතාවේ සාරාංශයයි.

ව්‍යසනය තුළින් පවා වාසි ගන්නට සැරසෙන දේශපාලනයට පිවිස සිටින අමනයන් ගෙන් පිරි රටක්?මේ පිළිවෙත් පිළිකුලෙන් බැහැර කරන්න.ජනතා සේවයට කැපවෙන්න. ආපදා මරණ 355දක්වා ඉහළට – 366දෙනෙකු අතුරුදන්

0

ව්‍යසනය තුළින් පවා වාසි ගන්නට සැරසෙන දේශපාලනයට පිවිස සිටින අමනයන් ගෙන් පිරි රටක්?
මේ පිළිවෙත් පිළිකුලෙන් බැහැර කරන්න.ජනතා සේවයට කැපවෙන්න.
ලංකා නිවුස් යු කේ

ආපදා මරණ ගණන 355ක් දක්වා ඉහළට: 366 දෙනෙක් අතුරුදන් -ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය



දිවයිනේ දිව්වා කුණාටුව පැමිණීමෙන් ඇතිවූ හදිසි තාවය හේතු කොටගෙන දැනට ඇතිවි තිබෙන ආපදා මරණ ගණන 355ක් දක්වා ඉහළ: 366 දෙනෙක් අතුරුදන් යයි සඳහන් කර තිබේ.පවුල් 318,252කට අයත් පුද්ගලයින් 1,156,860 දෙනෙක් පීඩාවට පත ඇති බවත් එම නිවේදනයේ සඳහන් කරයි. බොහෝ සමාජ මාධ්‍යවල පලවන පුවත් පිළිබඳ ඉතා ප්‍රවේශමෙන් නිගමනයකට ඒමට ජනතාව දැනුවත් විය යුතුය.බොහෝ ප්‍රසිද්ධ රුපවාහිනී නාළිකා වල සිදු කරන ප්‍රසිද්ධ වීමට වෙරදරන මාධ්‍යවේදීන් පවා සිය මාධ්‍ය රජයට මේ අතිශය බැරෑරුම් අවස්ථාවේ පවා සිය හිමිකරුවන්ගේ දේශපාලන අභිමතාර්තයන් ඉටු කර ලගැනීමේ මේ පහත් විචාරයන් තුළින් ප්‍රති විරුද්ධ මත ජනගත කිරීමට වෙරදරන බවක් පෙනී යනබව අපට දැනගන්නට ලැබී තිබේ. මේ පහත් ක්‍රියා නතර කර යුතුව තිබේ.ඔවුන් ඉස්මතු කර දී ඇත්තේ රජය මේ කුණාටුව එන්නට කලින් දැනුම් දුන්නද බලධාරීන් ඒ ගැන ක්‍රියාකළ නොමැති යයි පවරමිනි.ඔවුන් මේ ක්‍රියාව පාස්කු ඉරිදා ක්‍රියාවලියට යෛරිමට තරම් බොළඳ ප්‍රකශාකර ඇති බව අප පුවත්පතට බොහෝ දෙනෙකු දැනුම් දී ඇත ඔවුන් මේ ක්‍රියා පිළිවෙත නිර් දය ලෙස හෙලා දැක ඇත.ස්වභාවික වියසන බොහෝ බටහිර රටවල සිදුවන අතර මේ සම්බන්ධව රජයන්ට එහි බලපාන ප්‍රමාණය කොතෙක් දැයි කිසිදු අ වස්තාවක කල්වෙලා ඇතිව දැනුම් දීමට නොහැකි වී ඇත.ඇමරිකාවේ ටොනාඩෝ කුණාටු එනවිට මෙසේ කල්තබා දැනුම් දීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වේ… එහෙත් සෙසු රටවල එවැනි දා තවමත් සිදුකෙරෙන්නේ කලාතුරකිනි.ලන්ඩනයේ ඇතැම් අනාවැකි ඒ අයුරින්ම ප්‍රකාශයට පත් කළද ඒ සඳහා සුදානමක් මෙහි රජයන් විසින් සිදු කෙරෙන්නේ නැත.රුපවාහිනී මහ ජනමධ්‍ය වලින් එම පුවත් ප්‍රකාශ කිරීමක් සිදු කිරීම බොහෝ විට සිදු කෙරේ.අප සුනාමිය අප දිවයිනට පැමිණෙන ඊටද එහි බලපෑම් එවකට සිටි රාජ්‍ය විසින් දැනුවත්කිරීමක් සිදු කර නොතිබුණි.

අපේ විරුද්ධපක්ෂ නායකයා ගේ හා තරුණ දේශපාලකයෙකුවිසින් කරන ලද අමන,බොළඳ ප්‍රකාශයක් පසුගියදා ලන්ඩනයේ බොහෝ දෙනෙකුගේ අප්‍රසාදයට පාත්‍රවී තිබුණි. ” ඔහෙලට බැරි නම් මට දෙන්න- මා ඔයිටව හොඳින් කරන්නම් ” අපි අපේ අය ගැන බලාගන්නම්” මේ දෙදෙනාගේම මේ ප්‍රකාශ වලින් පැහැදිලිවන්නේ කුමක්ද? ඔවුන් පරිනතවී නොමැති බවයි මට හැඟේ .දේශයක් පාලනය කරන්න ඉතා බුද්ධිමත් අයෙකු විය යතුය. මොවුන් දෙපළගේම පියවරුන් ගැන මා හොඳීන් දැනසිටියේ තරුණ මාධ්‍යවෙදියෙකුව සිටි අවධියේ එනම් 70 දශකයේ මුල පටන්ය. ඔවුනට කොතරම විවේචන තිබුනද ඔවුන් මෙවන් අයුරින් පහත් ප්‍රකාෂ කරන මට්ටමකට කටයුතු කර නැතිබව කිව යුතුය. ඔබ දෙපලටම තව බොහෝ දුර ගමනක් යායුතුව තිබේ,අපරටේ පොදු ජනතාවඔබ විසින් මැති සබය තුලත් පිටතදීත් කරණ කියන දේ ගැන ඉතා ඕනෑකමින් සිටින බව සිහියට ගන්න.

ජනාධිපතිතුමා පක්ෂ විපක්ෂ නායකයින් කැඳවා ඔවුන්ගේද අදහස් මේ සම්බන්ධව විමසා තිබු අතර ඔහු පෞද්ගලිකව දිවාරැය නොබලා කටයුතු කරමින් සහන සැලසීමට ඉදිරිපත්ව සිටින අයුරු අපට දැකගන්නට් හැකිවිය, ඒ අතරම විපක්ෂය සුපුරුදු පරිදි රජයට අවලාද නගමින් සිටින සෙයක්ද ,ඔවුන්ගේ පරිස් ලවා රජය ගත පියවර ගැන විස්තර කියමින් මෙම වියසනය අතරේද විවේචනවල යෙදෙමින් බලය ගැනීමේ අරමුණ වෙනුවන් වෙහෙසෙනු දැකිය හැකිවිය. රටගැන ඔවුන්ට කිසිදු තැකීමක් නැති බව අපට ඒත්තු ගන්නට තවත් සාක්ෂි අවශ්‍ය නැත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 30 දා ජාතිය අමතා මේ ආපදා අවස්ථාවේ පක්ෂ විපක්ෂ දේශපාලන වෙනස්කම් නොතකා ජාති ආගම් භේද ඉවතලා ජනතාවට සහන අසල්සිමට ඉදිරි පත්වන ලෙසයි.

ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව අතර ආහාර බෙදාදීම හා අවතව්වුවන් ගලවාගැනීමට ඉදිරිපත්වූ පිණිස ගිය ගුවන් නියමුවෙක් හා රණවිරු කණ්ඩායමක්ද වෙති. ජීවිතයද ඔවුනට අහිමි වී ඇතිඅතර ඔවුන්ගේ පවුල් වලට දයාබර සැමියෙක් දරුවනට පියෙකුද රටට අභිමානය ගෙනදුන් රණවිරු පිරිසක්ද අහිමි වි තිබේ.

පවතින ආපදා තත්ත්වය සමග රුධිර හිඟයක් පවතින බව පුවත් පලව තිබු අතර රෝහල් දැනට ක්‍රමක්‍රමයෙන් යහපත් තාවයකට පත තිබෙන බව සඳහන් වේ.
ගම්පොල හා පෙදෙස් කිහිපයකින්ම සිය පවුලේ සියලු දෙනාම ජිවිතක්ෂයට පත්ව තිබු බවට සමාජමාධ්‍ය පුවත්වල සඳහන් වී ඇත.
මහනුවර ගම්පොල ,බදුල්ල ,නුවර එළිය යන පෙදෙස් ක්‍රම්යෙන් යතා තත්වයකට පත්වෙමින් සිටි.සිරස හා දෙරණ රුපවාහිනී නාලිකා රැසක් අත්‍යවශ්‍ය ආහාර බෙදාදීමේ මහා උතුම් සේවාවක නිරතවෙමින් සිටි.

විදේශ රටවලින් ආදාර හා මුදල් ගලා එමින් පවතින අතර ඒ අතර ඉන්දියාව පෙරමුණ ගෙන සිටි.ඇමරිකාව, ඕස්ට්‍රේලියාව ජපානය නේපාලය හා සෙසු රවලින් ආධාර හා කණ්ඩායම් රැසක් අවතැන්වූවනට ආධාර කිරීමට මේවනවිට දිවයිනට පමණ සිටිති.
කැළණි ගංගාවේ ජලය තවමත් වැඩිවෙමින් පවතින බව එම වාර් තා පේනවා දේ.ලෙඩරෝග බෝවියාම ගැන , පිරිසිදු පානීය ජලය පානය සඳහා ගැනීමට ජනතාව උන්නදුන්විය යුතුවේ.

මුදල් ආධාරදිමේදී මහා බැංකුවට හා .විදෙස් රටවල තානාපති හෝ මහකොමසාරිස් හරහා දෙනලෙස ජනතාව දැනුවත් කරන ලෙස රජය ඉල්ලාසිටි.
හදිසි ආපදා තත්ත්වයකදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අමතන්න – 117

Lanka News UK


ආපදා මරණ 355දක්වා ඉහළට – 366දෙනෙකු අතුරුදන්

01 December 2025

දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 355ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

අද (01) උදෑසන 9ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 366ක් අතුරුදන්ව ඇත.

අපි එක්ව රට ගොඩනගමු. ගොඩනැගූ පසු ඒ රට වෙනුවෙන්ම දේශපාලනය කරමු! – ජනපති ජාතිය අමතමින් කියයි

අපි එක්ව රට ගොඩනගමු. ගොඩනැගූ පසු ඒ රට වෙනුවෙන්ම දේශපාලනය කරමු! – ජනපති ජාතිය අමතමින් කියයි
Newsfirst.lk

#ExtremeWEather #SriLanka #lka #News1st #AnuraKumaraDissanayake

පුද්ගලයින් 211දෙනෙකු ගුවන් හමුදාවෙන් බේරා ගැනේ

30 November 2025

මාවිල්ආරු ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල රැදී සිටී පුද්ගලයින් 211දෙනෙකු ගුවන් හමුදාව විසින් මුදාගෙන තිබේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් එරංග ගීගනගේ මහතා පැවසුවේ ගුවන් හමුදාවේ බෙල් 412 හෙලිකොප්ටර් යානයෙන් සහ එම්.අයි 17 හෙලිකොප්ටර් යානයෙන් එම පිරිස මුදා ගත් බවය.

එලෙස මුදා ගත් පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට මේ වන විට කටයුතු කර ඇති බව ද වාර්තා වේ.

මේ අතර මාවිල්ආරු වැව් බැම්ම බිදී යාමෙන් සිරවු ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ අද පෙරවරුවේ ක්‍රියාත්මක කෙරිණි.

එහිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාවිල්ආරු ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති ස්වාමීන් වහන්සේ නමක් සමඟ දුරකතන මාර්ගයෙන් අදාළ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.

එම සාකච්ඡාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ත්‍රීකුණාමලය ප්‍රදේශයේ මහජන නි‍යෝජිතයින් සමඟ සාකච්ඡා කළේය.(ARUNA LK NEWS)

පුද්ගලයින් 211දෙනෙකු ගුවන් හමුදාවෙන් බේරා ගැනේ

පුද්ගලයින් 211දෙනෙකු ගුවන් හමුදාවෙන් බේරා ගැනේ

30 November 2025

මාවිල්ආරු ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල රැදී සිටී පුද්ගලයින් 211දෙනෙකු ගුවන් හමුදාව විසින් මුදාගෙන තිබේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් එරංග ගීගනගේ මහතා පැවසුවේ ගුවන් හමුදාවේ බෙල් 412 හෙලිකොප්ටර් යානයෙන් සහ එම්.අයි 17 හෙලිකොප්ටර් යානයෙන් එම පිරිස මුදා ගත් බවය.

එලෙස මුදා ගත් පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට මේ වන විට කටයුතු කර ඇති බව ද වාර්තා වේ.

මේ අතර මාවිල්ආරු වැව් බැම්ම බිදී යාමෙන් සිරවු ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ අද පෙරවරුවේ ක්‍රියාත්මක කෙරිණි.

එහිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාවිල්ආරු ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති ස්වාමීන් වහන්සේ නමක් සමඟ දුරකතන මාර්ගයෙන් අදාළ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.

එම සාකච්ඡාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ත්‍රීකුණාමලය ප්‍රදේශයේ මහජන නි‍යෝජිතයින් සමඟ සාකච්ඡා කළේය.(ARUNA LK NEWS)

පුද්ගලයින් 211දෙනෙකු ගුවන් හමුදාවෙන් බේරා ගැනේ

30 November 2025

මාවිල්ආරු ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල රැදී සිටී පුද්ගලයින් 211දෙනෙකු ගුවන් හමුදාව විසින් මුදාගෙන තිබේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් එරංග ගීගනගේ මහතා පැවසුවේ ගුවන් හමුදාවේ බෙල් 412 හෙලිකොප්ටර් යානයෙන් සහ එම්.අයි 17 හෙලිකොප්ටර් යානයෙන් එම පිරිස මුදා ගත් බවය.

එලෙස මුදා ගත් පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට මේ වන විට කටයුතු කර ඇති බව ද වාර්තා වේ.

මේ අතර මාවිල්ආරු වැව් බැම්ම බිදී යාමෙන් සිරවු ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ අද පෙරවරුවේ ක්‍රියාත්මක කෙරිණි.

එහිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාවිල්ආරු ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති ස්වාමීන් වහන්සේ නමක් සමඟ දුරකතන මාර්ගයෙන් අදාළ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.

එම සාකච්ඡාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ත්‍රීකුණාමලය ප්‍රදේශයේ මහජන නි‍යෝජිතයින් සමඟ සාකච්ඡා කළේය.(ARUNA LK NEWS)

පුද්ගලයින් 211දෙනෙකු ගුවන් හමුදාවෙන් බේරා ගැනේ

වෙන්නප්පුවේ හෙලිකොප්ටර් අනතුර: ගුවන් නියමුවා මරුට

වෙන්නප්පුවේ හෙලිකොප්ටර් අනතුර: ගුවන් නියමුවා මරුට

By Anjali Withanage -නොවැම්බර් 30, 2025

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේදී අනතුරට ලක් වූ හෙලිකොප්ටර් යානයේ ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබේ.

mawbima.lk සිදු කළ විමසීමකදී ගුවන් හමුදාවේ ආරංචි මාර්ග මේ බව තහවුරු කළේ ය.

මෙලෙස මිය ගොස් ඇත්තේ, 41 හැවිරිදි වියේ පසුවූ ගුවන් නියමුවෙක්ය.

ආපදා මුදාගැනීමේ මෙහෙයුම් සඳහා එක්ව සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් හදිසි ගොඩ බෑමට යෑමේදී අද (නොවැ. 30) සවස අනතුරට ලක් විය.(Mawbma lk News)

‘දිට්වා’ ලංකාවෙන් යයි

‘දිට්වා’ ලංකාවෙන් යයි
29 November 2025

‘දිට්වා’ සුළි කුණාටුව හෙට (30) දිනය වනවිට ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරයට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර මහත්මිය පැවසීය.

ඇය සඳහන් කර සිටියේ, අද (29) උදෑසන වනවිට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 80ක් පමණ වයඹ දෙසින් කේන්ද්‍රගතව පැවති සුළි කුණාටුව මේ වනවිට උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනෙන් ඉවතට ගමන් කළ බවය.

සුළි කුණාටුව බැහැරට යාමත් සමග මෙරට වැසි තත්ත්වය සම්පූර්ණයෙන්ම පහව නොගියත්, යම් තරමකට අඩුවන බව ඇය පැවසුවාය.

කෙසේ නමුත් හෙට දිනය වනවිට වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු විය හැකි අතර, දිවයිනට ඇති සෘජු බලපෑම සම්පූර්ණයෙන්ම ඉවත්වීමක් අපේක්ෂා කළ හැකිය.
(Aruna lk news)

ආපදා මරණ 159ක් දක්වා ඉහළට – 203ක් අතුරුදන්

ආපදා මරණ 159ක් දක්වා ඉහළට – 203ක් අතුරුදන්
29 November 2025

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ දක්වා සිදු වූ මරණ ගණන 159ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම පුද්ගලයින් 203දෙනෙකු මේ වනවිටත් අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

එම මධ්‍යස්ථානය අද (29) රාත්‍රී 8.00ට නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන්ව ඇත.

මේ වනවිට දිස්ත්‍රික්ක 25කට අයත් පවුල් 234,503ක පුද්ගලයින් 833,985 දෙනෙකු ආපදාවට ලක්ව තිබේ.

එමෙන්ම පවුල් 34,19කට අදාළව පුද්ගලයින් 122,822 දෙනෙකු මේ වනවිට ආරක්ෂිත ස්ථාන 919ක රැඳී සිටී.(Aruna lk news)