Home Blog Page 11

Breaking: Heathrow Airport live: Armed police arrest man after ‘number of people sprayed’

0

Breaking
Heathrow Airport live: Armed police arrest man after ‘number of people sprayed’
SKY NEWS UK
Sunday 7 December 2025 11:36, UK

Emergency services have been responding to a “significant incident” at a Heathrow Airport car park, according to the airport and ambulance service. Armed police are visible at the scene. Travel has been disrupted in the area. Follow the latest below.

Heathrow Airport
LIVE

Key points
Armed police arrest man after ‘number of people sprayed’ at Heathrow View post
Search still on for suspects – what we know about ‘pepper spray assault’ View post
Five people taken to hospital View post
Pictured: Armed police at scene as person detained View post
Airport says emergency services are at Terminal 3

ජල රකු­සා­ගෙන් රට බේරා­ගන්න පෙරට ගිය නාවික නිල­ධා­රීන් 5 දෙනාට සිදුවූ ඛේද­වා­ච­කය – එක් නිල­ධා­රි­ය­කුගේ සිරුර හමු වේ

ජල රකු­සා­ගෙන් රට බේරා­ගන්න පෙරට ගිය

නාවික නිල­ධා­රීන් 5 දෙනාට සිදුවූ ඛේද­වා­ච­කය

එක් නිල­ධා­රි­ය­කුගේ සිරුර හමු වේ

silumina.lk

December 6, 2025

අමිල මල­වි­සූ­රිය

දිට්වා සුළි කුණා­ටුව මෙර­ටට කඩා­වැ­දුණු ඉකුත් 27 දා සිටම ගංව­තු­රෙන් ජීවිත බේරා­ගැ­නීම, නාය­යෑ­ම්ව­ලින් කොටු වූ පිරිස් ගල­වා­ගැ­නීම ආදි බොහෝ මානු­ෂීය කට­යුතු වෙනු­වෙන් ශ්‍රී ලංකා නාවික හමු­දා­වද කැප වී සිටියේ දිවා රෑ නොබ­ල­මිනි. එහිදී ඉකුත් 28 දා පෙර­ව­රුවේ අනු­රා­ධ­පුර පුත්ත­ලම මාර්ගයේ කලා­ඔය පාලම ආස­න්න­යේදී මහා ජල­ක­ඳට හසු වූ බසයේ සිටි 69 දෙනා බේරා­ගැ­නී­මට නාවික හමු­දාව ඉටු කළ මෙහෙය අති­ම­හත්ය. මුලින්ම ඒ බසයේ වහල මත සිටි 68 දෙනා නාවික හමුදා කුඩා බෝට්ටු­වක් මඟින් අසල වෙළෙ­ඳ­ස­ලක වහ­ලක් මතට ගෙන ගොස් තිබුණේ වර­කට තිදෙනා බැගින් අසීරු මෙහෙ­යු­ම­කිනි.

එලෙස සුළි කුණා­ටුව මෙරට තුළ සක්‍රි­යව පැවති ඉකුත් 27, 28, 29 යන තෙදින ඉන් පීඩා­වට පත්ව අස­ර­ණව සිටි ජන­යාගේ දිවි ගල­වා­ගැ­නී­මට මහත් සේ කැපව සිටි­යදී නාවික හමු­දාව දෙසින්ද ඛේද­නීය පුව­තක් සැල විය. ඒ, 28 දා සවස චලෙයි මෝය කට පුළුල් කර­මින් සිටි­යදී නාවික හමුදා නිල­ධා­රීන් පස්දෙ­නකු අතු­රු­දන් වීමක් සම්බ­න්ධ­යෙනි.

එදින අධික වර්ෂාව හේතු­වෙන් මුළු උතුරු පළා­ත­ටම පාහේ ගංව­තුර තත්ත්වය දැඩිව බලපා තිබිණි. ඒ අතර මුල­තිව් චලෙයි කල­පුවේ මෝය කට වැලි පර­ව­ලින් වැසී­යෑමේ තර්ජ­න­ය­කට මුහුණ දෙමින් පැව­තිණි. ඒ හේතු­වෙන් චලෙයි කල­පුව ආශ්‍රිත ජන­යාට මෙන්ම ධීව­ර­යන්ගේ බෝට්ටු­ව­ල­ටද හානි වන තත්ත්ව­යක් එළඹ තිබිණි. මේ අතර, චලෙයි කල­පු­වට යාබ­දව තිබූ චලෙයි නාවික හමුදා අනු­ඛ­ණ්ඩ­යද ජල­යෙන් යට වීමේ තර්ජ­න­ය­කට මුහුණ දී සිටි­යේය. එය ඒ වන විට එම ප්‍රදේ­ශයේ සහන කට­යුතු දියත් කර­මින් සිටි නාවික හමුදා නිල­ධා­රීන්ට මහත් ගැට­ලු­කාරි තත්ත්ව­යක් උදා කළේය. කෙසේ වෙතත් මේ පීඩා අත­ර­තු­රම නාවික හමුදා කණ්ඩා­ය­මක් 28 දා පෙර­ව­රුවේ චලෙයි කල­පුවේ වැලි පර ඉවත් කර­මින් මෝය කට පළල් කිරී­මක යෙදුණේ නවීන උප­ක­රණ භාවිත කර­මිනි.

එලෙස පෙර­ව­රුවේ කල­පුවේ වැලි පර ඉවත් කර මෝය කට පුළුල් කළද, අධික වර්ෂා­ප­ත­නය නිසා කල­පුවේ ජල ධාරි­තාව නැව­තත් ඉහළ යමින් තිබිණි. එබැ­වින් එදින සවස් යාම­යේද පස් දෙන­කු­ගෙන් සම­න්විත නාවික හමුදා කණ්ඩා­ය­මක් අධික ගංව­තුර තත්ත්ව­යද නොතකා නැවත කල­පු­වට පිවිස මෝය කට පළල් කර­න්නට විය. එලෙස අධික වර්ෂාව මධ්‍ය­යේම වැලි ඉවත් කර­මින්, ජල පහ­රට කඩි­න­මින් මුහු­දට ගලා යෑමට සල­ස­මින් සිටි නාවික හමුදා නිල­ධාරි කණ්ඩා­යම සහ චලෙයි නාවික හමුදා කඳ­වුර අතර පණි­විඩ හුව­මා­රුව එක්ව­රම ඇන­හි­ටි­යේය. ඒ වන විට රාත්‍රි­යද එළඹ තිබිණි. සබ­ඳ­තාව නතර වීමත් සමඟ කඳ­වුරේ සෙසු නිල­ධා­රීන් පැමිණ තම සග­යන් ගැන සෝදිසි කර බැලු­වද ඔවුන් ගැන කිසිදු තොර­තු­රක් සොයා­ගත නොහැකි විය. අන­තු­රුව ඔවුන් සොයා නාවික හමු­දාව සහ යුද හමුදා විශේෂ කණ්ඩා­ය­මක්ද එදින රාත්‍රිය පුරා සෝදිසි කළද කිසිදු ප්‍රති­ඵ­ල­යක් නොවිණි.

මෙහිදී අවා­ස­නා­වන්ත ලෙස අතු­රු­දන් වී ඇත්තේ හංවැල්ලේ පදිං­චිව සිටි නාවික උප ලුති­නන් අවිෂ්ක ඩිල්ෂාන් වෑවිට, වැලි­මඩ පදිංචි නායක නැවි ක්‍රිෂාන් ධනං­ජය, මාතලේ, නාවුල පදිංචි නායක නැවි චතු­රංග වික්‍ර­ම­රත්න, අලු­ත්ගම, කළු­වා­මෝ­දර පදිංචි නායක නැවි රෝෂන් ෂානක සහ දඹුල්ල, පැල්වෙ­හෙර පදිංචි නායක විදුලි කාර්මික ධනං­ජය කෝලිත මධු­ෂංක දිසා­නා­ය­කය.

එලෙස පස්දෙනා අතු­රු­දන් වීමත් සමඟ නාවික හමුදා මාධ්‍ය ප්‍රකා­ශක කමා­න්ඩර් බුද්ධික සම්පත් සඳ­හන් කළේ එම පිරිස සොයා අන්ත­ර්ජා­තික සහය මෙන්ම නවීන තාක්ෂ­ණ­යද යොදා­ග­නි­මින් අඛණ්ඩ මෙහෙ­යුම් සිදු කරන බවයි.

කෙසේ හෝ ඉකුත් පළමු වැනිදා එක් නාවික නිල­ධා­රි­ය­කුගේ සිරු­රක් චලෙයි කල­පුවේ සිට කිලෝ­මී­ටර් පහක පමණ දුර­කින් යුත් පුදු­මා­ත­ලන් වෙරළ තීරයේ තිබී හමු විය. ඒ අනුව නාවික හමු­දාව එම අතු­රු­දන් පස්දෙ­නාගේ ඥාතින් දැනු­ව­ත්කොට වෙරළේ තිබූ සිරුර හඳුනා ගැනී­මත් සමඟ එය අතු­රු­දන්ව සිටි නායක විදුලි කාර්මික (LL 100748) ධනං­ජය කෝලිත දිසා­නා­ය­කගේ බව ඔහුගේ ඥාතිහු ඉකුත් 3 වැනිදා මුල­තිව්, මාංචෝල රෝහ­ලේදී හඳුනා ගත්හ. ධනං­ජය කෝලි­තගේ අව­සන් කට­යුතු ඉකුත් බ්‍රහ­ස්ප­තින්දා දින ඔහුගේ ගම් ප්‍රදේ­ශය වූ දඹුල්ල, පැල්වෙ­හෙ­රේදී සිදු කෙරුණේ දහ­සක් දෙනාගේ සෝසු­සුම් මධ්‍ය­යේය.

සෙසු නාවික නිල­ධා­රින්ගේ සිරුරු ද සොය­මින් වැඩි­දු­ර­ටත් අඛණ්ඩ මෙහෙ­යුම් සිදු කෙරෙන බව නාවික හමු­දාව සඳ­හන් කරයි. “මචං මම උඹ­ලගේ ගෙවල් පැත්ත බලන් ආවේ… බය වෙන්න දෙයක් නෑ… මොනා­හරි ප්‍රශ්න­යක් තිබ්බොත් කියන්න…” යි පව­ස­මින් වින්ග් කමා­න්ඩර් නිර්මාල් සිය­ඹ­ලා­පි­ටිය සිය මිතු­ර­කුට යැවූ අව­සන් ‘වොයිස්’ පණි­වි­ඩය, ඒ මිතුරා සමාජ මාධ්‍යයේ පළ කර තිබිණි. එම මිතුරා වැඩි­දු­ර­ටත් සට­හන් කරන්නේ නිර්මාල් අව­සන් මොහො­තේත් අස­රණ වුණු සිය ගමේම මිනි­සුන්ට කෑමට ගෙන ආ පාර්සල් බිමට දා එම ස්ථානයේ සිටි මිනි­සුන්ට හානි­යක් නොව­න්නට වග බලා­ගෙන අව­සන් ගමන් ගිය සැබෑ මානව හිත­වාදි ගුවන් නිය­මු­වකු ලෙස ශ්‍රී ලාංකේය විරු නාමා­ව­ලි­යට සිය නමද එක් කර­මින් දිවි පූජා කළ බවයි.

ගුවන් හමුදා සාමා­ජි­කයෝ ගුව­නින් ගොස් දිට්වා සුළි කුණා­ටු­වට කොටු වූවන් මුදා­ගැ­නී­මට මෙන්ම අත්‍ය­වශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා­දී­මට ඉටු කළ මෙහෙය සුළු­පටු නොවේ. එලෙස ගුවන් හමුදා හෙලි­කො­ප්ටර් බළ­ග­ණය ක්‍රියා­ත්මක වීමෙන් ඉම­හත් කාර්ය­භා­ර­යක් සිදු කරද්දී වින්ග් කමා­න්ඩර් නිර්මාල් සිය­ඹ­ලා­පි­ටිය ද එම ගුවන් හමුදා විරු­වන් අතර ප්‍රමුඛ කාර්ය­භා­ර­යක් කර­මින් සිටි නිල­ධා­රි­යෙකි.

ඔහුගේ බිරිය බුද්ධිකා ලක්මිණි ගුණ­රත්න: “මහ­ත්තයා, අව­සන් වතා­වට ගෙදර ඉඳලා රත්ම­ලාන ගුවන් කඳ­වු­රට රාජ­කා­රි­යට ගියේ 27 වැනිදා. එයා එදාම මට කතා කරලා කිව්වා ‘දැන් පුත්ත­ලම, පාල­විය පැත්තේ ආප­දා­වට ලක් වූ අයට සහන සල­ස­නවා කියලා. ඒ මිනිස්සු හරිම අස­රණ වෙලා ඉන්නේ. එයා­ලට අපි ඉන්න­කල් පුළු­වන් විදි­හට උදවු කරන්න ඕනෑ. හරිම කන­ගා­ටු­දා­යක තත්ත්ව­යක් තමයි තියෙන්නේ’ කිව්වා. දුර­ක­තන අව­හි­රතා නිසා ඉන් පසුව අපට කතා කරන්න බැරි වුණා. ඔය අන­තුර වුණු දා රාත්‍රී 7ට විතර මට ගුවන් හමුදා කඳ­වු­රෙන් කෝල් එකක් ආවා මගේ මහ­ත්තයා නැති වුණා කියලා. මට අද­හ­ග­න්න­වත් බැරිව ගියා…” යැයි ඇය හැඬූ කඳු­ළින් පැව­සු­වාය.

වින්ග් කමා­න්ඩර් නිර්මාල්ට සිය දිවි ගමන අව­සන් කර­න්නට වූයේ ‘දිට්වා’ සුළි කුණා­ටු­වෙන් කොටු වූ වෙන්න­ප්පුව, මාර­විල ඇතුළු පෙදෙ­ස්වල ජන­තා­වට අත්‍ය­වශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා­දී­මට ඉකුත් 30 වැනිදා පස්ව­රුවේ කටු­නා­ය­කින් ගුව­න්ගත වූ බෙල් 212 හෙලි­කො­ප්ටර් යානයේ ප්‍රධාන ගුවන් නිය­මුවා ලෙස කට­යුතු කර­මින් සිටි­ය­දීය. එහිදී යානයේ ඇති වූ කාර්මික දෝෂ­යක් හේතු­වෙන් එදින පස්වරු 6ට පමණ යානය මාර­විල, ලුණු­විල පාලම අස­ලදී ගිං ඔයට හදිසි ගොඩ­බෑ­ම­කට යෑමේදී සිදු වූ අන­තු­රින් ඔහුට සිය ජීවි­ත­යෙන් සමු­ග­න්නට වූයේ හද­වත් කම්පා කර­ව­මිනි.

යානය අන­තු­රට පත්වෙද්දී එහි නිර්මාල් සමඟ සහය ගුවන් නියමු පියා­සර ලුති­නන් එරංග චාමර ඒක­නා­යක, ගුවන් අවි­කරු කෝපල් දිනිඳු චාමර ජය­ව­ර්ධන, ගුවන් ඡායා­රූප ශිල්පි අචිර ඉමාෂ සහ තවත් නිල­ධා­රි­යෙක් ගමන් කර තිබිණි. ඔවුන් ගුව­න්ගත වී තිබුණේ මාර­විල ප්‍රදේ­ශයේ ගංව­තු­රට කොටු වූවන්ට අත්‍ය­වශ්‍ය ආහාර පාර්සල් ලබා­දී­ම­ටය. එහෙත් යානයේ හදිසි කාර්මික දෝෂය නිසා එය සිදු කර­ගත නොහැකි වීමත් සමඟ ලුණු­විල පාලම අස­ලට යානය අඩි 75ක පමණ උසක් දක්වා පහත් කර පාලම මත සිටි පිරි­සට ආහාර පාර්සල් කීප­යක් හෙළා, ගංව­තු­රෙන් පිටාර ගල­මින් තිබූ ගිං ඔය දෙසට ගමන් කොට හදිසි ගොඩ­බෑ­මට සූදා­නම් වෙද්දී අන­තු­රට මුහුණ දී තිබිණි. ඒ මොහොතේ පාලම මත සහ මාර්ගයේ සිටි පිරි­සක් අනා­ර­ක්ෂිත ලෙස හැසි­රෙ­මින් ගුවන් යානය වීඩි­යෝ­ගත කර තිබිණි. ඒ අනුව යානය අන­තු­රට පත් වූ සැණින් සමාජ මාධ්‍ය­ව­ලද ප්‍රචා­රය විය.

ගිං ඔයේ පිටාර ගැලූ ජලය සහිත ප්‍රදේ­ශ­යට වැටුණු පස්දෙනා ප්‍රදේ­ශ­වා­සීන්ගේ සහ­යෙන් කඩි­න­මින් මාර­විල මූලික රෝහ­ලට ඇතු­ළත් කෙරු­ණද වින්ග් කමා­න්ඩර් නිර්මාල්ට ජීවි­ත­යෙන් වන්දි ගෙව­න්නට සිදු විය.

වින්ග් කමා­න්ඩර් නිර්මාල්ගේ මර­ණය පිළි­බඳ ඉකුත් 1දා මීග­මුව රෝහලේ ප්‍රධාන විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරි ඩබ්ලිව්.ඒ.එස්.ආර්. වික්‍ර­ම­ආ­රච්චි සිදු කළ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යෙන් හෙළි වී තිබුණේ එය දියේ ගිලී හුස්ම හිර වීමෙන් සිදු වූ මර­ණ­යක් බවයි. ඊට අම­ත­රව තද­බල තෙර­පී­ම­කින් ඉළ­ඇට කීප­යක් කැඩී ඇති අතර, බාහිර තුවාල කිසි­වක් පෙන්නුම් නොක­රන බවත් පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යෙන් තහ­වුරු විය.

යානය අන­තු­රට පත් වීමට පෙර සිටම එය වීඩි­යෝ­ගත කළ අයගේ වීඩියෝ දසුන් සමාජ මාධ්‍ය­යන්හි එසැ­ණින් සැරි­ස­ර­න්නට විය. ඒ ඔස්සේ ඇතැ­මුන් චෝදනා කළේ යානය එම පාලම මතට හෝ මාර්ගයේ ගොඩ­බෑ­මට තිබූ අව­ස්ථාව එම ස්ථානයේ වීඩි­යෝ­ගත කර­මින් සිටි පුද්ග­ල­යන් නිසා වැළකී ගිය බව­ටයි. එහෙත් ගොඩ­බි­මට එම යානය හදිසි ගොඩ­බෑ­මක් සිදු වූයේ නම් ගිනි­ගෙන සියලු ජීවිත විනාශ වීමට හැකි­යා­වක් තිබූ බව ඒ පිළි­බඳ විශේ­ෂ­ඥ­යන්ගේ මත­යයි.

මේ අන­තුර සම්බ­න්ධ­යෙන් ගුවන් හමු­දා­ප­ති­ව­රයා මාධ්‍ය­යට කීවේ, “මං මේ අන­තු­රට ලක් වූ යානයේ සිටි අනෙක් ගුවන් නිය­මුවා සමඟ කතා කළා. ඔහු කැප්ටන් කෙනෙක්. අත්දැ­කීම් සහිත නිල­ධා­රි­යෙක්. ගුවන් යානා­වල ‘රොට ආර්පී­එම්’ කියලා දෙයක් තියෙ­නවා. ඇත්ත­ටම දිවි ගල­වා­ගත් නිය­මුවා කියන විදි­හට ‘රොට ආර්පී­එම්, එක එක්ව­රම 60 වෙන කල් අඩු වෙලා තියෙ­නවා. එත­කොට උඩ ඉන්න බෑ. එහෙම ‘රොට ආර්පී­එම්’ එක අඩු­වෙන්න ක්‍රම කීප­යක්ම තියෙ­නවා. දැන්ම අපට කියන්න බෑ ඒක අඩු වුණේ මොකක් නිසාද කියලා. එක පරී­ක්ෂ­ණ­යක් කරලා හොයා­ගත යුතුයි. ඒ විදි­හට ‘රොට ආර්පී­එම්’ අඩු වුණ නිසා තමයි ‘ඉම­ර්ජන්සි ලෑන්ඩින්’ එක­කට ගිහින් තියෙන්නේ. ප්‍රධාන ගුවන් නිය­මුවා උත්සාහ කරලා තියෙන්නේ වතු­රට ලෑන්ඩ් කර­න්නයි. ඒ වෙලාවේ මිනිස්සු මාර්ගයේ හිටියේ. ගුවන් යානයේ සිටි අය අතින් සංඥා කර­මින් කිය­නවා පේනවා අයින් වෙන්න කියලා. බැරි වෙලා­වත් යානය මාර්ග­යට වැටුණා නම් ලොකු පිරි­ස­කට අන­තු­රක් වෙන්න තිබුණා. යානය ඒ ප්‍රදේ­ශ­යට ගියේ මලු­වල දාලා කෑම පැකට් 150ක් පමණ දෙන්න. ඒ කෑම පැකට් දීලා ආපහු දකු­ණට හර­වලා යන්න හදද්දි තමයි ‘රොට ආර්පී­එම්’ අඩු වෙලා තියෙන්නේ. එහෙ­මම මීටර් 50ක් විතර යානය වතුරේ ගිහින් තියෙ­නවා. ක්ෂණ­යෙන් ‘ආර්පී­එම්’ එක වැඩි වන ශබ්ද­යත් වීඩි­යෝ­ව­ලින් ඇහෙ­නවා. අපට දැනට පෙනෙන්න තියෙන්නේ යානයේ ඇතිවූ තාක්ෂ­ණික ප්‍රශ්න­යක් තමයි අන­තු­රට බලපෑ හේතුව…” යැයි ගුවන් හමු­දා­ප­ති­ව­රයා පැව­සීය.

අන­තුර පිළි­බ­ඳව සහය ගුවන් නිය­මු­වාද සමාජ මාධ්‍යයේ සඳ­හන් කර තිබූ සට­හ­නක මෙලෙ­සද විය: “කැප්ටන් නිර්මාල් යානය ඇතුළේ හිටපු අපේ අයගේ ජීවිත බේර­ග­න්නට තමයි එයාගේ පැත්තට යානය ඇල කරලා ලෑන්ඩින් එක කළේ. ඒකෙන් තමයි එයා නැති වුණේ. ඔහු එවෙ­ලෙත් කිව්වේ, ‘මිනිස්සු දැන් වින්ද දුක ඇති. තවත් මිනි­ස්සුන්ට දුක් දෙන්න ඕනෑ නැහැ. උඹ­ලව මං බේර­ග­න්නම්. උඹලා හයි­යෙන් අල්ල­ග­නින්’ කියලා. තමන්ගේ ජීවි­තය ගැන­වත් හිතන්නේ නැතිව යානය එයා ඉන්න පැත්තට ක්‍රෑෂ් වෙන්න ඉඩ ඇරියා. ඔහු එකෙන්ම පොරක්. ආපහු ඔහු වගේ අය මේ රටට බිහි­වෙන්නේ නැහැ…” යනු­වෙන් ඉතාම සංවේදි සට­හ­නක් එම ගුවන් නිය­මුවා තබා තිබිණි.

වෙන්න­ප්පුව පොලී­සියේ විම­ර්ශන නිල­ධා­රින් ඉදි­රියේ ප්‍රකා­ශ­යක් ලබා­දුන් යානයේ සහා­යක ගුවන් නියමු ලුති­නන් චාමර ඒක­නා­යක: “ගංව­තු­රට කොටු වී සිටි විශාල ප්‍රමා­ණ­යක් අපි බේර­ගත්තා. ලුණු­විල ප්‍රදේ­ශ­යේදී යානයේ හදිසි කාර්මික දෝෂ­යක් ඇති වුණා. යානය කඩා­වැ­ටී­මත් සමඟ ප්‍රධාන නියමු සිය­ඹ­ලා­පි­ටි­යගේ ජීවි­තය නැති වුණා. වතුරේ අඩි 20ක් විතර යටට යානය ගිලී තිබුණා. මම ෂීට් බෙල්ට් එක ගල­ව­ගෙන යාන­යෙන් පිට­තට පැමි­ණියා. අනෙත් තිදෙ­නාත් උඩට ඇවිත් හිටියා. හැහැයි වින්ග් කමා­න්ඩර් සිය­ඹ­ලා­පි­ටිය මහ­ත්තයා හිටියේ නෑ. මමයි කෝපල් ජය­ව­ර්ධ­නයි කිමි­දිලා යානය ඇතුළේ සිර වී සිටි සිය­ඹ­ලා­පි­ටිය මහ­ත්ම­යගේ ෂීට් බෙල්ට් එක ගල­වලා ඔහු ඉව­තට ගත්තා. ඒ වෙලාවේ ඔහුට සිහිය තිබුණේ නෑ. ඊට පස්සේ ප්‍රදේ­ශයේ තරු­ණ­යන්ගේ සහා­යෙන් වතු­රට ලෑලි දාලා, කඹ දාලා නිවෙ­සක උඩ තට්ටු­වට ඔහුව ගත්තා.” යැයි ඔහු පැව­සීය.

2024 වස­රේදී වින්ග් කමා­න්ඩර් ධුර­යට පත්ව ඇති නිර්මාල් මිය­යෑ­මෙන් පසු ගෘෘප් කපි­තාන් ධුර­යට උසස් කෙරිණි.

සිය­ඹ­ලා­පි­ටිය ආර­ච්චිගේ අසංක සජිත් නිර්මාල් සිය­ඹ­ලා­පි­ටිය 1984 වසරේ පෙබ­ර­වාරි 22 දා උප­න්නෙකි. ඔහුගේ උපන් ගමද අන­තුර වූ වෙන්න­ප්පු­වේම කිරි­මැ­ටි­යාන, තුලා­ව­ලය. නිර්මාල්ට සහෝ­දර සහෝ­ද­රි­යන් දෙදෙ­නෙකි. වැඩි­මල් සොහො­යු­රිය ගුවන් සේවි­කා­වකි. බාල සොහො­යුරා ඔස්ට්‍රේ­ලි­යාවේ පදිං­චිව සිටී. ඔහුගේ මව විමලා වීර­සිංහ විශ්‍රා­මික රාජ්‍ය බැංකු නිල­ධා­රි­නි­යකි. වෙන්න­ප්පුව ජෝෂප් වාස් විද්‍යා­ල­යෙන් අධ්‍යා­ප­නය හැදැ­රී­මෙන් පසු ඔහුගේ සිහි­න­යක් වූ ගුවන් නිය­මු­වකු වීමේ අභි­ලා­ෂය සපල කර­ග­නි­මින් 2005 වසරේ ජූලි හය වැනිදා ගුවන් හමු­දා­වට එක් වී තිබුණේ උසස් පෙළ ජීව විද්‍යා අංශ­යෙන් අධ්‍යා­ප­නය ලැබී­මෙන් පසු­වය. අන­තු­රුව මෙර­ටදී මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බංග්ලා­දේ­ශයේ බෙල් 412 EPහි සිමි­යු­ලේ­ටර් පුහු­ණුව, ඉන්දි­යාවේ වනා­න්තර සහ හිම මත දිවි ගල­වා­ගැ­නීමේ පාඨ­මා­ලාව සහ එක්සත් ජන­ප­දයේ සිනර්ජි ආර්කි බහු­පා­ර්ශ්වික විෂය කරුණු විශේ­ෂඥ හුව­මා­රු­ව­ටද එක් වූ අයෙකි.

දකුණු සුඩා­නයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙ­යු­ම­ටද එක්ව ඇති ගෘෘප් කපි­තාන් නිර්මාල් නැඟෙ­න­හිර මානු­ෂීය පද­ක්කම, උතුරු මානු­ෂීය පද­ක්කම, විදේශ සේවා පද­ක්කම එක්සත් ජාතීන්ගේ දකුණු සුඩාන පද­ක්කම යන සම්මාන ද දිනා­ගෙන තිබේ. වසර විස්සක ගුවන් හමුදා දිවිය තුළදී VVIP කපි­තා­න්ව­ර­යකු සහ මාස්ටර් ග්‍රීන් ශ්‍රේණි­ගත නිය­මු­වකු ලෙස සේවය කර ඇති අතර බෙල් 412, බෙල් 212, MI 17 සහ ජෙට් රෙන්ජර් ගුවන් යානා මඟින් පියා­සර පැය තුන්ද­හ­ස­කට වඩා ගම­න්කර ඇති ගෘෘප් කපි­තාන් නිර්මාල් පළ­පු­රුදු නිය­මු­වන් කීප­දෙනා අත­රින් ඉදි­රි­යෙන්ම සිටි ගුවන් නිය­මු­වෙකි.

දිට්වා සුළි කුණා­ටු­වෙන් පීඩා විඳි ජීවිත ගල­වා­ගැ­නීම ඇතුළු ඒ වෙනු­වෙන් ගුවන් හමු­දාව දියත් කළ මෙහෙ­යු­ම්ව­ලදී ද ඉම­හත් කාර්ය­භා­ර­යක් කළ 41 හැවි­රිදි නිර්මාල් හත් හැවි­රිදි කුඩා පුතෙ­කුගේ පියෙකි. කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ අන්ත­ර්ජා­තික සබ­ඳතා පිළි­බඳ උපා­ධි­ධ­ර­යකු ද විය. ඊට අම­ත­රව ඔහු ලන්ඩන් මෙට්‍රො­පො­ලි­ටන් විශ්ව­වි­ද්‍යා­ල­යට ද ඇතු­ළුව විද්‍යාව පිළි­බඳ ශාස්ත්‍ර­පති උපා­ධිය හදා­රනු ලැබුවේ Aviation/ Airway Management and Operation යන අංශ­ව­ලිනි. අන­තු­රුව ඔහු එම සර­ස­වි­යේම MSc උපා­ධි­යද සම්පූර්ණ කර තිබුණේ රාජ­කා­රි­යට මෙන්ම අධ්‍යා­ප­න­යට ද මනා සේ කැප වෙමිනි. නිර්මාල් අධ්‍ය­ය­නය කළ කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ ශාස්ත්‍ර­පති උපාධි ප්‍රදා­නෝ­ත්ස­වය ඉකුත් 2වැනි­දාට යෙදී තිබිණි. ඒ වන විට ඔහු මෙලො­වින් සමු­ගෙන ගොස් සිටි හෙයින් කොළඹ විශ්වි­ද්‍යා­ලයේ උප­කු­ල­ප­ති­ මහචාර්ය ඉන්දික කරුණාතිලක විසින් නිර්මාල්ට හිමිව තිබූ ශාස්ත්‍ර­පති උපාධි සහ­ති­කය සහ රතු ලෝගුව ඔහුගේ දේහය මත තැන්පත් කිරීම සිදු විය. ඒ මොහොතේ උප­කු­ල­ප­ති­වි­රයා සඳ­හන් කළේ ගෘෘප් කපි­තන් නිර්මාල් රට වෙනු­වෙන් කරන ලද සේවය වෙනු­වෙන් කරන ගෞර­ව­යක් ලෙස එවැනි ක්‍රියා­වක් කළ බවත් එවැනි උපාධි ප්‍රදා­න­යක් සිදු වූයේ තමන් දන්නා ඉති­හා­සය තුළ ප්‍රථම වරට බවයි.

සිය බිරිය සහ කොළඹ රාජ­කීය විද්‍යා­ලයේ ප්‍රාථ­මික අංශයේ ඉගෙ­නුම ලබන කුඩා පුතු සමඟ රත්ම­ලානේ පදිං­චිව සිටි ගෘෘප් කපි­තාන් නිර්මාල් සිය­ඹ­ලා­පි­ටිය පසු­ගිය 4 වැනිදා රට, ජාතිය වෙනු­වෙන් අමිල මෙහෙ­ව­රක් ඉටු කර­මින් පසු සමු ගෙන ගියේ ඉති­හා­ස­යට එක් වූ ගුවන් නිය­මු­වකු ලෙස සදා නොමැ­කෙන නාම­යක් සල­කුණු කර­මිනි.(Silumina Features )

අමිල මල­වි­සූ­රිය

නාවික නිල­ධා­රීන් 5 දෙනාට සිදුවූ ඛේද­වා­ච­කය - සිළුමිණ

silumina.lk

නාවික නිල­ධා­රීන් 5 දෙනාට සිදුවූ ඛේද­වා­ච­කය – සිළුමිණ

AKD unveils recovery blueprint, spending plan

AKD unveils recovery blueprint, spending plan

Daily Financial Times lk News

Saturday, 6 December 2025- 335

Rejects call for interim budget to deal with Ditwah-aftermath

Asks Parliament to reconvene on 19 Dec. to approve Rs. 50 b supplementary estimate for disaster relief in 2025

Plans to submit another Rs. 500 b supplementary estimate in Jan. 2026

Says seeking larger IMF tranche in addition to $ 200 m in SDR support

Details spending plan for affected households, businesses, and economic sectors

Calls for three-year common policy framework for recovery

President Anura Kumara Dissanayake making a special statement at the Parliament yesterday

Rejecting calls to present an interim Budget to deal with the post-Ditwah recovery, President Anura Kumara Dissanayake yesterday told Parliament that the Government has presented a Rs. 50 billion supplementary estimate to finance urgent disaster relief, with another to be presented for Rs. 500 billion in January 2026.

He asked MPs to approve the measure, noting that it forms part of a broader package of reallocations to address the scale of economic and social damage.

He also said the Government is in discussions with the International Monetary Fund to increase the size of the next programme tranche and has requested an additional $200 million from the Fund’s Special Drawing Rights window to meet immediate foreign exchange needs.

He said the IMF had proposed postponing Sri Lanka’s fifth review from December to January or February following the disaster.

“In December, we were due to receive a tranche of $ 324 million. We are in discussion to increase that tranche. To increase it, we need both negotiations and time,” he said.

Discussions with the Asian Development Bank are also under way to secure financing for small and medium-scale enterprises affected by the floods and landslides.

The President said Ditwah was the most severe natural disaster in recent decades and that entire villages and families had been affected. “Our aim must be to create a state of higher quality than that which existed for those who lived,” he said. He confirmed that 1.7 million people had been affected, 5,165 houses destroyed and 57,312 partially damaged.

With the Rs. 50 billion supplementary estimate and an existing Rs. 22.2 billion allocation, the Government has Rs. 72.2 billion earmarked for deployment over the next 25 days.

“Along with that, we already have Rs. 22.2 billion. That means we have Rs. 72.2 billion to spend over the next 25 days,” he said. He added that Rs. 10.5 billion had already been released to District Secretaries.

Households will receive Rs. 25,000 to clean and sanitise their homes and a Rs. 50,000 one-off grant to replace essential kitchen equipment.

Families who lost homes to landslides and remain in displacement camps will receive Rs. 25,000 per month for three months, with plans to extend this to six months. Families who lost both homes and livelihoods will receive Rs. 50,000 per month from December to March to secure temporary accommodation.

In agriculture, the Government will provide Rs. 150,000 per hectare for paddy, grains and legumes and Rs. 200,000 per hectare for vegetables.

“Our aim is to prepare this shattered economy to recover. Agriculture is central to that,” he said. Registered livestock farms and SMEs will each receive Rs. 200,000, while registered fishing boats that were destroyed will receive Rs. 400,000 per vessel.

The Treasury will provide Rs. 15,000 for educational materials for affected schoolchildren, supplemented by Rs. 10,000 from the President’s Fund. Compensation for disaster-damaged properties includes up to Rs. 5 million for business premises and Rs. 5 million to rebuild fully destroyed houses.

Families without land will receive land or up to an additional Rs. 5 million to purchase land. Grants of Rs. 1 million to Rs. 2.5 million will be available for partially damaged homes. For each death, the State will provide Rs. 1 million.

The President said the Government would redirect Rs. 40 billion from existing road development allocations and had instructed Provincial Councils to use part of their budgets for affected road networks.

He said 87% of the electricity supply had been restored and critical repairs to the Mahiyanganaya 132 kV transmission line were under way, together with work to restore water and telecommunications systems.

President Dissanayake said the economy had been on a recovery path before the disaster, noting revenue of 15.9% of GDP, a projected deficit of 4.5% and improvements in exports and tourism.

“This (2026) Budget has been prepared with the aim of completing a particular economic strategy. We will not dismantle it,” he said, rejecting calls for an interim budget.

He added that the Government would present a further Rs. 500 billion supplementary estimate to the 2026 Budget and that Parliament would need to meet in December under emergency provisions to consider the immediate estimate now before the House.

He also announced the formation of a Presidential Task Force for reconstruction with seven specialised units and said new legislation would be brought to Parliament to support a multi-year recovery.

Calling for political unity, he said, “At least in the face of this disaster, let us come together around a common policy framework and work to lift the country out of this crisis.” He urged both the Opposition and the private sector to support a three-year national reconstruction effort.

රට පුරා ආපදා සහන වෛද්‍ය කණ්ඩායම් 504ක් වැඩ

රට පුරා ආපදා සහන වෛද්‍ය කණ්ඩායම් 504ක් වැඩ

By Champika Deepani Ranasinghe -දෙසැම්බර් 6, 2025

‘සුරැක්’ ආපදා කළමනාකරණ හා ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ සම්බන්ධීකරණයෙන් ආපදා සහන වෛද්‍ය කණ්ඩායම් 504ක් රටපුරා ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආපදා කළමනාකරණ සම්බන්ධ ජාතික සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකෝන් පවසයි.

මේ වෛද්‍ය කණ්ඩායම් දිවයින පුරා පිහිටුවා ඇති සුරක්ෂා මධ්‍යස්ථාන 1,041ක් ආශ්‍රිතව සේවා ලබා දෙමින් සිටින අතර දැනටමත් සුරක්ෂා මධ්‍යස්ථානවල වෙසෙන ජනතාවගෙන් 98.3%ක් ම පරීක්ෂාවට ලක් කර ඇති බව වාර්තා වේ.

මීට අමතරව මෙම සේවා අවශ්‍ය වන ස්ථාන සහ ගම්මාන තවත් තිබේ නම් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ හා ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1926 අංකය ඒ සඳහා විවෘතය.

මේ දුරකතන අංකයට දවසේ පැය 24 පුරා ම ඇමතුම් ලබා දිය හැකි ය.

මේ අතර, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මගින් මෙරට සියලු ම විශේෂඥ වෛද්‍ය අංශ ආවරණය කරමින් විශේෂඥ වෛද්‍යවරු 76 දෙනෙකු සම්බන්ධ කරගෙන ආපදාවට පත් ජනතාවගේ සෞඛ්‍ය ගැටලු සඳහා විසඳුම් ලබා දීමට 0777 19 99 00 දුරකතන සහන සේවා අංකය ලබා දී තිබේ.

ඩයලොග් සමග අත්වැල් බැඳගෙන නොමිලයේ සැපයෙන මේ සේවාව දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.

ඉදිරි සති හතර පුරා දුරකතන සහන සේවාව විවෘතව තබන අතර ගංවතුරෙන් පසු උණ, කැස්ස, ෆ්ලූ ලක්ෂණ මතු වුණු, මී උණ (ලෙප්ටොස්පයිරෝසිස්) ගැන සැක ඇති, සමේ ආසාදන සහ තුවාල ඇති, පාචනය වැලඳුණු ඕනෑ ම කෙනෙකුට ඒ අංකයට අමතා අවශ්‍ය උපදෙස් ලබා ගත හැකි ය.

මීට අමතරව ඖෂධ පිළිබඳ ගැටලු සහ නිදන්ගත රෝග ඇති අයට ද අවශ්‍ය උපදෙස් මෙම අංකයෙන් ලබාගත හැකි ය.

ගැබිනි මව්වරුන්, ළදරුවන්, වයෝවෘද්ධ පුද්ගලයන් මේ අවස්ථාවේදී දැඩි සෞඛ්‍ය අභියෝගවලට මුහුණ පා සිටින බව සහන සේවා දුරකතන අංකය හඳුන්වා දෙමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති ළමා රෝග විශේෂඥ වෛද්‍ය සුරන්ත කොළඹ විජේරාම මාවතේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේදී පැවසීය.(MAWBIMA LK NEWS)

රට පුරා ආපදා සහන වෛද්‍ය කණ්ඩායම් 504ක් වැඩ - මව්බිම

mawbima.lk

රට පුරා ආපදා සහන වෛද්‍ය කණ්ඩායම් 504ක් වැඩ – මව්බිම

ආපදා මරණ සංඛ්‍යාව 607ක් දක්වා ඉහළට

ආපදා මරණ සංඛ්‍යාව 607ක් දක්වා ඉහළට
05 December 2025

දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 607ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

අද (05) පස්වරු 6.00ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 214ක් අතුරුදන්ව ඇත.

පවුල් 586,464කට අයත් පුද්ගලයින් 2,082,195ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 232ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 89ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 83ක් ,කුරුණෑගලින් මරණ 61ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 30ක්, පුත්තලමෙන් මරණ 30ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 28ක් වාර්තා වී ඇත.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 81දෙනෙකු, නුවරඑළියේ පුද්ගලයින් 35ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 41, බදුල්ලෙන් පුද්ගලයින් 28ක් දෙනෙකු සහ කුරුණෑගලින් පුද්ගලයින් 11 දෙනෙකු මේ වනවිටත් ආපදා හේතුවෙන් අතුරුදන්ව ඇත.

එමෙන්ම පවුල් 43,715ක පුද්ගලයින් 152,537ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානයන්හි රැඳී සිටින බවත් එම නිවේදනයේ දැක්වේ.(ARUNA LK NEWS)

2026 අයවැය වැඩි ඡන්ද 157කින් සම්මතයි

2026 අයවැය වැඩි ඡන්ද 157කින් සම්මතයි
05 December 2025

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සංශෝධන සහිතව වැඩි ඡන්ද 157කින් සම්මත වී තිබේ.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 158ක් ලැබුණු අතර විරුද්ධව ලැබී ඇත්තේ එක් ඡන්දයක් පමණී.

එමෙන්ම දෙදෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.
(ARUNA LK NEWS)

President pays final respects to helicopter pilot killed in flood rescue mission

President pays final respects to helicopter pilot killed in flood rescue mission

December 4, 2025

President Anura Kumara Dissanayake has paid his final respect to the remains of SLAF Group Captain Nirmal Siyambalapitiya, according to the President’s Media Division.

Group Captain Nirmala Siyambalapitiya, who served as the Captain Pilot of a Bell 212 helicopter of the Sri Lanka Air Force (SLAF), died when it crashed while attempting to make an emergency landing in Lunuwila during a flood relief mission.

President Dissanayake visited the late officer’s residence in Ratmalana, where the remains of Group Captain Siyambalapitiya have been placed this morning (04) and paid his final respect.

He also expressed his heartfelt condolences to the pilot’s wife, parents, brothers and sisters, as well as the rest of the family, the PMD noted.

Minister of Health and Mass Media, Dr Nalinda Jayatissa and the Secretary to the Ministry of Defence, Air Vice Marshal (retd) Sampath Thuyacontha, were also present on this occasion.

–PMD–(Ada Derana lk News)

adaderana.lk

‘දිට්වා’ නිසා පේරාදෙණිය සරසවියට කෝටි 500කට ආසන්න අලාභයක්

‘දිට්වා’ නිසා පේරාදෙණිය සරසවියට කෝටි 500කට ආසන්න අලාභයක්

By Mawbima -දෙසැම්බර් 4, 2025

අධික වර්ෂාවත් සමග ඇති වූ ජල ගැලීම්වලින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතුවලට යොදා ගන්නා වටිනා උපකරණ හා දේපොළවලට රුපියල් බිලියන 5කට ආසන්න අලාභයක් සිදුව තිබෙන බව උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් පවසයි.

පසුගිය 27 වන දා පස්වරුවේ සිට විශ්වවිද්‍යාල පරිශ්‍රයට ජලය එකතු වුණු බව ත් කොත්මලේ වේල්ලේ වාන් දොරටු විවෘත කිරීමත් සමග එදින රාත්‍රි 11:00 පමණ වන විට විශාල ජල කඳක් පැමිණ පශු වෛද්‍ය පීඨය හා කළමනාකරණ පීඨය යට වූ බව ත් ඔහු කීය.

අධ්‍යයන කටයුතුවලට මෙන් ම පර්යේෂණ සඳහා යොදා ගන්නා අති නවීන උපකරණ රැසකට හානි සිදුව තිබෙන බව ත් තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයේ විනාශ වූ උපකරණ අතර තිබෙන පර්චස් දෙකක වෙළෙඳපොළ වටිනාකම පමණක් රුපියල් මිලිය 60 ඉක්මවන බව ත් උපකුලපතිවරයා පැවසුවේය.

කාලගුණ දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන සාමාන්‍ය දැනුම් දීම හැර කාලගුණ දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හෝ මහවැලි අධිකාරිය ජල ගැල්මක් සම්බන්ධයෙන් කිසිදු විශේෂ දැනුම් දීමක් නොකළ බව ද ඔහු කීය.

අධික වර්ෂාවත් සමග පැය තුනක පමණ කාලයක් ඇතුළත විශ්වවිද්‍යාලයේ සැලකිය යුතු කොටසක් ජලයෙන් යට වූ බව ත් මේ නිසා නේවාසිකාගාර දෙකක සිසුන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගත් බව ත් හෙතෙම අවධාරණය කළේ ය.

විශ්වවිද්‍යාලයේ තිබූ ලීටර් 2,000 ධාරිතාවකින් යුත් ප්ලාස්ටික් ජල ටැංකි 07ක් ජලයේ ගසාගෙන ගොස් තිබෙන බව ද උපකුලපතිවරයා කීය.

විශ්වවිද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණය ඇතුළු ස්ථාන ගණනාවකට හානි සිදුව තිබෙන බව ත් සම්පූර්ණ හානිය නිශ්චිතව මෙතෙක් ගණනය කර නොමැති බව ත් ඔහු පැවසුවේය.

ආපදාව සිදුවන අවස්ථාවේ විශ්වවිද්‍යාලය තුළ සිසු සිසුවියන් 14,000ක් පමණ සිටි බව ත් ඔවුන් සියලු දෙනා නිරුපද්‍රිතව නිවෙස් කරා යොමු කිරීමට හැකි වූ බව ත් කී උපකුලපතිවරයා මාර්ග අවහිර වීම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් තවත් සිසුන් 300ක පමණ පිරිසක් විශ්වවිද්‍යාලයේ රැඳී සිටින බව ද ප්‍රකාශ කළේ ය.

ජලයට යට වූ ගොඩනැඟිලිවල තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා පියවර ගෙන තිබෙන බව ත් ජලයෙන් යටවූ තවත් විද්‍යුත් උපකරණ තිබෙන බව ත් ඔහු කීය.

සිදුව තිබෙන හානිය තක්සේරු කර උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට වාර්තාවක් ලබා දීමට කටයුතු කරන බවද උපකුලපතිවරයා කීය.

අසේල කුරුළුවංශ (Mawbima lk News)

'දිට්වා' නිසා පේරාදෙණිය සරසවියට කෝටි 500කට ආසන්න අලාභයක් - මව්බිම

ආපදා මරණ 474 දක්වා ඉහළට

0

ආපදා මරණ 474 දක්වා ඉහළට

02 December 2025

දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 474ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

අද (02) සවස 6ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 366ක් අතුරුදන්ව ඇත.

දිට්වා සුළි කුණාටුවේ ව්‍යසනයට ලක්වූ දිස්ත්‍රික්ක නම් කෙරේ: බේරී ඇත්තේ දිස්ත්‍රික්ක 3ක් පමණයි

දිට්වා සුළි කුණාටුවේ ව්‍යසනයට ලක්වූ දිස්ත්‍රික්ක නම් කෙරේ: බේරී ඇත්තේ දිස්ත්‍රික්ක 3ක් පමණයි
ව්‍යසනයේ බලපෑමට ලක් නොවූ දිස්ත්‍රික්ක ඇත්තේ 3ක් පමණි.
ඒ, දකුණු පළාතේ ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වේ.
බීබීසී සිංහල
03/12/25 – පැය 2 කට පෙර

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇති පරිපාලන දිස්ත්‍රික්ක 25න් දිස්ත්‍රික්ක 22කට බලපෑම් සිදුව ඇතැයි අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

2010 අංක 19 දරන මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) පනත යටතේ එම දිස්ත්‍රික්ක ‘ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ’ ලෙස නම් කර ඇත.

එම දිස්ත්‍රික්ක මෙසේ ය.

මහනුවර දිස්ත්‍රික්කය
නුවරඑළිය දිස්ත්‍රික්කය
බදුල්ල දිස්ත්‍රික්කය
කුරුණෑගල දිස්ත්‍රික්කය
මාතලේ දිස්ත්‍රික්කය
කෑගල්ල දිස්ත්‍රික්කය
ගම්පහ දිස්ත්‍රික්කය
මුලතිව් දිස්ත්‍රික්කය
අනුරාධපුර දිස්ත්‍රික්කය
කොළඹ දිස්ත්‍රික්කය
යාපනය දිස්ත්‍රික්කය
පොළොන්නරුව දිස්ත්‍රික්කය
මන්නාරම දිස්ත්‍රික්කය
පුත්තලම දිස්ත්‍රික්කය
රත්නපුර දිස්ත්‍රික්කය
මොණරාගල දිස්ත්‍රික්කය
මඩකලපුව දිස්ත්‍රික්කය
අම්පාර දිස්ත්‍රික්කය
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
කිලිනොච්චි දිස්ත්‍රික්කය
වවුනියාව දිස්ත්‍රික්කය
කළුතර දිස්ත්‍රික්කය
මේ අනුව, ව්‍යසනයේ බලපෑමට ලක් නොවූ දිස්ත්‍රික්ක ඇත්තේ 3ක් පමණි.

ඒ, දකුණු පළාතේ ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වේ.

(BBC SINHALA NEWS)