අපේ ජන ජීවිතය ලෝකෙන් 85ට බැහැලා – සෞඛ්‍ය අංශයෙන් 27 වැනියා

0
48

March 27, 2025

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

ජනතාව ගත කරන ගුණාත්මක ජන ජීවිත අතරින් ශ්‍රී ලාංකික ජන ජීවිතය ලොව අසූපස් වැනි තැන දක්වා පහත වැටී ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

එම ශ්‍රේණිගත කිරීම් දර්ශකය අනුව ශ්‍රී ලංකාවට වඩා පහළින් සිටින්නේ නයිජීරියාව, වෙනුසියුලියාව සහ බංග්ලාදේශය යන රටවල් බව හෙතෙම සඳහන් කරයි.

සමාජ ආරක්ෂණ ක්‍රම බිඳ වැටීම, අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා දැරීමට සිදුවන පිරිවැය වැඩිවීම, අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක භාවය බිඳ වැටීම, ජීවන වියදම ඉහළ යෑම නිසා ජීවන තත්ත්වය පහළ වැටීම සමාජ ආරක්ෂණ ක්‍රම ගැන මහජනතාව තුළ විශ්වාසයක් නොමැති වීම ආදී කරුණු රැසක් මෙම තත්ත්වයට හේතු විය හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

අදාළ දර්ශකයට අනුව ලොව ගුණාත්මක ජන ජීවිත අතර පළමු ස්ථාන හිමිකර ගෙන ඇත්තේ ලක්සම්බර්ක්, ඩෙන්මාක් සහ නෙදර්ලන්තය යන රටවල්ය.

එමෙන්ම ලොව සෞඛ්‍ය දර්ශක අතර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ විසිහත්වන ස්ථානය බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

සුජීව තත්සර (DIVAINA LK NEWS )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here