ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් – කවපෙත්ත විසිකිරීමෙන් ලැබ ගනී
මේ පදක්කම අගෝස්තු 3දා බර්මින්හැම් හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලයේ මල්ල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට හිමිකර දී ඇත්තේ
එම උළෙල නියෝජනයකළ පාලිත බණ්ඩාර විසිනි. මේ අනුව අපට මේ වනවිට රිදී හා ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට හැකිව තිබේ.
මෙතක් පැවති පොදුරාජ්‍ය මණ්ඩල උළෙලකදී පදක්කම් දෙකක් දිනාගෙන ඇති ප්‍රථම අවස්ථාව බව වාර්තාවල සඳහන්වේ.
පැරා මලල ක්‍රීඩක පාලිත බණ්ඩාර, පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලක රිදී පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස වාර්තා අතරට එක් විය.
2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය පැරා ක්‍රීඩා උළෙලේ කව පෙත්ත විසි කිරීම එෆ් 42 – 44 අංශයෙන් තරග කළ පාලිත බණ්ඩාර එහි රිදී පදක්කම දිනා ගත්තේ ය.
ඔහු දැක් වූ දක්ෂතාව මීටර 44යි දශම 2කි.
ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු පොදු රාජ්‍ය මණ්ඩලීය පැරා ක්‍රීඩා උළෙලක දිනූ පළමු රිදී පදක්කම එය වේ.
ඒ අනුව ශ්‍රී ලංකාව මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා සිටී.