අපේ රට ආරාජිකත්වයට ගෙනයෑම පිලිබඳ විදෙස් කුමන්ත්‍රණය පිලිබඳ පාර්ලිමේන්තුව දැනුවත් කරයි.
වත්මන් වකවානුව තුළ අප රටේ රජය බිඳ දමා සැලසුම් සහගතව අපේ රට ආරාජිකත්වයට ගෙනයෑම කලක පටන් සිදු වෙමින් පවතී.ඒ ගැන කිසිදු කෙනෙකු පාර්ලිමේන්තුව තුළ හෝ ඉන් බැහැරව හෝ එළිපිට කතා කිරීමට පවා බියවුණු කාල සීමාවක අප හැම නොදැනුවත්වම අවතීර්ණවී සිටී . අපේ අරගල කරන ජනතාව තරුණ පිරිස් හෝ වුර්තිය සමිති මේ ගැන මෙලෝ හසරක් දන්නවාද , යන්න සැකයක්ම ද මතුවෙයි.ඇත්තෙන්ම ඔවුන්ද ඒ කුමන්ත්‍රණයේ කොටස් කරුවන්ද? නැත්ද?දනුවත්ව හෝ නොදැනුවත්ව ඔවුන් .ඒ උගුළට අසුවී ඇත.මේ පිලිබඳ විදෙස් මාධ්‍යවල පලවී ඇති ලිපි රැසකි.කලකින් ඒ පිලිබඳ කෙටියෙන් හෝ අපේ පාර්ලිමේන්තුව තුළ බොහෝ කරුණු හෙළි කරලීමට හිටපු ඇමතිවරයෙකු මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදු කල සාරගර්භ කතාවක් අප ඔබ සැමගේ අවධානය පිණිස පල කරන්නෙමු.විදෙස් සංවිධාන ලොව බොහෝ රටවල් මෑත අවදියෙහි කඩා බිඳ දැමු අයුරින් අප රටේ රජය බිඳ දැමීමේ කුමන්ත්‍රණයක් දැනට දියත්වෙමින් පවතිනවාද? මේ කතාව අසා ඔබේ බුද්ධියෙන් විමසාබලන්න අපි අරාධනා කර සිටින් නෙමු.මේ කතාව කළකින් පාර්ලිමේන්තුව උණුසුම් කළ මෙලෝ හසරක් නොදැන පාලනයට අත ඔසවන පිරිසකට දැනුම සපයා දෙන්නට මෙය අඩු තරමින් දැනුවත් වනු ඇති අපේ මතයයි.
ලංකා නිවුස් යුකේ.
31/07/2022