
ARUNA LK NEWS
20 September 2024
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 237ක් ලබා සිටියේය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 202ක් ඉදිරියෙන් සිටියි.
ශ්‍රී ලංකා දෙවැනි ඉන්මේ පළමු කඩුල්ල ලෙස ලකුණු සංඛ්‍යාව 6ක්ව තිබියදී පැතුම් නිස්සංක ලකුණු 2කට දැවී ගියේය.
අනතුරුව දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 147ක සම්බන්ධතාවයක් ඇතිකරමින් ඉනිම ශක්තිමත් කළහ.
කරුණාරත්න ලකුණු 83ක් රැස්කළ අතර චන්දිමාල් ලකුණු 61ක් රැස්කළේය.
දිනය නිමාවන විට නායක ධනංජය ද සිල්වා (34) සහ ඇන්ජලෝ මැතිව්ස් (32) කඩුල්ලේ රැඳී සිටියහ.
පන්දු යැවීමෙන් විලියම් ඕ’රූක් ලකුණු 37ට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 305ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස සංචාරක නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 340ක් රැස්කළේය.
ග්ලෙන් පිලිප්ස් නොදැවී ලකුණු 49යි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රබාත් ජයසුරිය කඩුලු 4ක් දවා ගත් අතර රමේෂ් මෙන්ඩිස් කඩුලු 3ක් දවා ගත්තේය.