
ශ්‍රී ලංකාව 2023 ලෝක කුසලාන තරගාවලියේ පළමු ජය වාර්තා කරයි
MAWIMA LK NWS
By Kumudu Jayawardana -ඔක්තෝබර් 21, 2023
ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවති ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක ජයක් හිමි කර ගත්තේ ය.
ඒ අනුව, ශ්‍රී ලංකාව 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය අද වාර්තා කළේ ය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කණ්ඩායම සියලු කඩුලු දැවී ලකුණු 262ක් රැස් කිරීමට සමත් විය.
පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 263ක් රැස් කළේ, තරගයේ 49 වන පන්දු වාරයේදී ය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 91ක් රැස් කළේ ය. පැතුම් නිස්සංක ලකුණු 54යි.
මෙම තරගය ජය ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාව ඇෆ්ඝනිස්ථානය අභිබවා යමින් ලකුණු සටහනේ 9 වන ස්ථානයට පත්විය.