By Anjali Withanage
MAWBIMA LK NEWS
ජූලි 26, 2024

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දුන් නියෝගය බල රහිත කළ යුතු බව අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, අද (ජූලි 26) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ය.
අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට මේ මොහොතේ නීතිමය ප්‍රතිපාදන නොමැති බව ය.
තවමත් පොලිස්පති ධූරය දරන්නේ හිටපු පොලිස්පතිවරයා බව ඔහු අවධාරණය කළේ ය.