
REAKING NEWS: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට
By Anjali Withanage -ජනවාරි 22, 2025
හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (ජන. 22) අත්අඩංගුවට ගෙන තිබේ.
mawbima.lk සිදු කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මේ බව සඳහන් කළේ ය.
2014 වර්ෂයේදී බිංගිරිය හා නාරම්මල යන ප්‍රදේශවල ගංවතුරෙන් අවතැන් වූ පුද්ගලයින් හට සහන සැලසීමේ මුවාවෙන් ලංකා ඛණිජ තෙල් සංස්ථාවට අයත් රුපියල් 6,146,110ක මුදලක් ලබා ගෙන එම මුදල් අවතැන් වූ ජනතාවට සහන සැලසීම සඳහා භාවිත නොකොට 2015 වර්ෂයේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා යෙදවූයේ යැයි සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගත් බව ඔහු පැවසීය.
ඒ අනුව, මහජන මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම හා පොදු දේපළ පනතේ ගැනෙන වැරදි සිදු කළේ යැයි නීතිපතිගේ උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
සැකකාර හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ හෙට (ජන. 23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.
(Mawbima lk News)