
ජනාධිපතිවරණය 2024: රනිල්, සජිත්, අනුර, නාමල්ට අයත් වත්කම් මොනවා ද?
BBC SINHALA NEWS
30/08/24
මේ, බීබීසී සිංහල විසින් ජනාධිපතිවරණයේ ප්‍රමුඛ අපේක්ෂකයන් සිවුදෙනෙකුගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ පිළිබඳ ප්‍රධාන කොටස් 06ක් යටතේ සිදු කරනු ලැබූ විශ්ලේෂණයකි.ඡායාරූප මූලාශ්‍රය,Getty/ Facebook/
2023 ජූලි මාසයේදී සම්මත වූ 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතේ 89 වන වගන්තියට අනුව, ජනාධිපතිවරණයකට පෙර එයට ඉදිරිපත්වන අපේක්ෂකයන් විසින් සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිසමට සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට භාර දිය යුතු ය.
මෙම පනත සම්මත කිරීමෙන් පසුව පවත්වන පළමු ජනාධිපතිවරණය මෙය වන අතර, මිය ගිය අපේක්ෂකයා ද ඇතුළුව අපේක්ෂකයන් 39 දෙනාගේ ම වත්කම් සහ බැරකම් ප්‍රකාශ මේ වන විට ප්‍රසිද්ධ කර ඇත.
උක්ත පනතේ 88 (1) උපවගන්තියට අනුව අදාළ ප්‍රකාශවල හෙළි නොකළ යුතු බවට දක්වා ඇති තොරතුරු හැර අනෙකුත් තොරතුරු සහිතව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ එම වත්කම් හා බැරකම් ප්‍රකාශ පළ කර තිබේ.
දූෂණ විරෝධී පනතට අනුව, ව්‍යාජ වත්කම් සහ බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි ලැබුණහොත්, ඒවා විමර්ශනය කිරීමේ බලය කොමිසමට පවතියි.
විමර්ශනයේ දී යම් අයෙක් වරදක් කර ඇති බවට හෙළි වන්නේ නම්, කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් සුදුසු අධිකරණයක එම පුද්ගලයාට විරුද්ධව අපරාධ නඩු පැවරිය යුතු ය.
මේ, බීබීසී සිංහල විසින් ජනාධිපතිවරණයේ ප්‍රමුඛ අපේක්ෂකයන් සිවුදෙනෙකුගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ පිළිබඳ ප්‍රධාන කොටස් 06ක් යටතේ සිදු කරනු ලැබූ විශ්ලේෂණයකි.
Assets Declaration – Ranil Wikremasinghe
Assets Declaration – Anura Kumara Dissanayake
Assets Declaration – Sajith Premadasa
Assets Declaration – Namal Rajapaksa
Visit BBC SINHALA -30-08-24


