loader image
Home Blog Page 7

Sri Lanka win by 19 runs

0

ICC – International Cricket Council 

Hosts Sri Lanka overcome England’s late fight to take the ODI series opener 👏

📝: https://www.icc-cricket.com/…/266205/sri-lanka-vs-england

ඉරාන විරෝධතාවලින් මියගිය සංඛ්‍යාව 5,000 දක්වා ඉහළට

ඉරාන විරෝධතාවලින් මියගිය සංඛ්‍යාව 5,000 දක්වා ඉහළට

18 January 2026

ඉරානයේ පැවැත්වෙන ආණ්ඩු විරෝධී විරෝධතාවලින් අවම වශයෙන් පුද්ගලයින් 5000ක් පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඒ අතර ආරක්ෂක නිලධාරින් 500 දෙනෙකු ඇතුළත් බව එහි දැක්වෙයි.

මේ අතර ඉරානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලදී විරෝධතාකරුවන් දහස් ගණනක් මියගොස් ඇති බවට එරට අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි පළමුවරට පිළිගෙන ගෙන ඇත.

අද දිනයේ එරට රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් කමේනි සඳහන් කර ඇත්තේ විරෝධතා අතරතුර දහස් ගණනක පිරිසක් මියගොස් ඇති අතර ඉන් ඇතැම් මරණ අමානුශික හා ම්ලේච්ඡ ආකාරයෙන් සිදුව ඇති බවය.

කෙසේ වෙතත් අමෙරිකාවට හා ඊශ්‍රායලයට සම්බන්ධ පිරිස් විසින් සිය රටට විශාල හානියක් සිදු කළ අතර ඔවුන් මෙම මරණවලට වගකිව යුතු බව ඉරාන ආධ්‍යාත්මික නායකයා සඳහන් කර තිබේ.

ඉරාන ජාතියට සිදු කළ හානිය හේතුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අපරාධකරුවෙකු ලෙස සළකන බව ද අල් කමේනි ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි. (Aruna lk news)

නන්දන ගුණතිලක සහෝදරයාණෙනි ,ඔබට සුබ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයාණෙනි ,ඔබට සුබ ගමන්.

ඔහු කලක් රෝගාතුරව සිටි අතර අද (18) අලුයම රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 63 කි.
1962 සැප්තැම්බර් 7 පානදුරේදී උපතලැබූ ඔහු පානදුර ශ්‍රී සුමංගල විදුහලෙන් අධ්‍යපනය ලබා පේරාදෙණිය විශ්ව විද්‍යාලයටද ඇතුළුවී තිබුණි.

අණතුරුව ජනතා විමුක්ති පෙරමුණේ පූර් ණ කාලීන සාමාජිකයෙකු ලෙස ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේය. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් නන්දන ගුණතිලක මහතා 1999 ජනාධිපතිවරණය සඳහා පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ද විය. ඡන්ද 344,173 ක් ලබා ගනිමින් අපේක්ෂකයින් අතර තුන්වන ස්ථානය ලබා ගැනීමට ඔහුට හැකි විය.

පසුව ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිස තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ධුරය මෙන්ම සංචාරක අමාත්‍ය ධුරය ද දැරීය.

2011, 12 සහ 13 වන පාර්ලිමේන්තු වල සිට වසර නවයකට ආසන්න කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සේවය කළ ඔහු, එම රජය යටතේ තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ධුරය සහ සංචාරක අමාත්‍ය ධුරයන් දරමින් රාජ්‍ය පාලනයට දායක විය. කෙසේ වෙතත්, පසුව ඇති වූ දේශපාලන මතවාදී වෙනස්කම් හේතුවෙන්, ඔහු ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂයට එක් විය. මෙම දේශපාලන මාරුවත් සමඟ, නන්දන ගුණතිලක මහතා පානදුර නගර සභාවේ නගරාධිපතිවරයා ලෙසද කටයුතු කළේය. ඔහු අවසන් දින දක්වා දේශපාලන කටයුතුවල නිරත වූ අතර මෑතකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් කපා හැරීමේ යෝජනාවට එරෙහිව හඬක් නැගීම නිසා මෑතකදී මෙරට මාධ්‍ය අවධානය යොමු කර ගත් අයෙකු ලෙස සඳහන් කල හැක.

❤️ඔහුගේ ඉල්ලීම ප්‍රකාරව මල් වඩම්, අවමගුල් පෙරහැර නැත; නන්දන ගුණතිලකගේ අවසන් ගමන නිහඬවම වෛද්‍ය විද්‍යාලයටබාරදීමට නියමිතය.

නන්දන ගුණතිලක සහෝදරයාණෙනි ,ඔබට සුබ ගමන්.

දෙරණ ඩ්‍රීම් ස්ටාර් SEASON – 12 සිහින කිරුළ ජනනි ඉමත්මා දිනා ගනියි Janani Imathma crowned winner of ‘Derana Dream Star – Season 12’

0

17/01/26

දෙරණ ඩ්‍රීම් ස්ටාර් SEASON – 12 සිහින කිරුළ ජනනි ඉමත්මා දිනා ගනියි

යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර “දෙරණ ඩ්‍රීම් ස්ටාර් SEASON – 12 සිහින තාරකාවිය ලෙස කිරුළු පැලඳීමට ජනනි ඉමත්මා අද (17) සමත්විය.


Janani Imathma crowned winner of ‘Derana Dream Star – Season 12’
ADA DERANA NEWS
January 18, 2026

Janani Imathma was crowned the winner of “Derana Dream Star Season 12”, at the Grand Finale held at the Sugathadasa Indoor Stadium on Saturday night (17).

The highly-anticipated Grand Finale of Derana Dream Star – Season 12, Sri Lanka’s most popular reality television series, got underway at 7.30 p.m. on Saturday, with the Sugathadasa Indoor Stadium thronging with fans and celebrities amid grand festivities and outstanding performances.

Three contestants—Anupama Gunathilake, Janani Imathma, and Brian Hanks— made it to the grand finale and vied for the grand prize at the final round of the reality competition.

Following their final singing performances, Janani Imathma triumphed as the winner of the competition, while Anupama Gunathilake was adjudged the first runner-up, and Brian Hanks the second runner-up, based on votes sent in by viewers.

Derana Dream Star is the one of Sri Lanka’s longest-running and most popular reality television series, with its inaugural season launched in 2008 by TV Derana.

From Season One to Season Nine, the winner was elected through SMS votes cast by the public, and the programme was not broadcast live. Since Season Ten, the programme has been produced as a live reality show, with the winner elected by a majority of votes cast online.

Lanka News UK- 2026 , Issue E paper is out now..! ලංකා නිවුස් යුකේ – ජනවාරි – අන්තර් ජාල පුවත්පත

Lanka News UK- 2026 , Issue E paper is out now..!
ලංකා නිවුස් යුකේ – ජනවාරි – අන්තර් ජාල පුවත්පත Online Newspaper

ඔබේ ලිපි හා දැන්වීම් අප වෙත ලැබීමට සළස්වන ලෙස අපි අපේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටින්නෙමු. අපේ පහත පළවන වෙබ් අඩවිය තුළින් දිනපතා දිවයිනේ හා ලොව බොහෝ පුවත් අප විසින් පළකරනු ලබන බව දැනුම් දෙනු කැමැත්තෙමු.
ලංකා නිවුස් යුකේ.
Lanka News UK – 2026 issue – Online Newspaper
Please share this with your friends and relatives.
Visit our website: www.Lanka News UK .com
Editor : Shanthi Senadheera – +44 7956129642 Text or phone
lanaknewsuk1@gmail .com
shanthi.senadheera@yahoo.co.uk

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වියරුව උපරිමටම උත්සන්න වීලා ද?

මෙය නව යටත්විජිතවාදී වැඩ පිළිවෙලක මුලාරම්භයක් දැයි දේශපාලන විචාරක යන්ගේ මතය වී තිබේ. ට්‍රම්ප්ගේ ආසන්නතම වික්‍රමය 2026 ජනවාරි 3 වැනිදා මැදියම් රැයෙහී දී සිදුවිය. මුළු රටක් නිදියහනේ පසුවෙද්දී ඉතා සුරක්ෂිත ස්ථානයක රැඳී සිටි වැනිසියුලා ජනාධිපතිවරයා මදුරෝ හා ඔහුගේ බිරිඳ සිසිලියා ෆාරෝස් ඇමරිකා එක්සත් ජනපදයේ හමුදා, වෙනිසියුලාව ගොඩින්, මුහුදින් හා ගුවනින් ආක්‍රමණය කර අත්අඩංගුවට ගෙන සිය රට වෙත ගෙන ගියේය. මෙවන් කුඩා මෙහෙයුම සිදුකිරිමේදි වෙනිසියුලාවේ යුධභමුදා ආරක්ෂක භටයන් ඇතුළු වැසියන් 140 පමණ මිය ගියේය. ඩොනල්ඩ් ට්‍රම්ප් එරට මැදිරියකටවී මේ සිදුවිම් එකිනෙක නරබමින් සිටියේය. මෙම වැඩ පිළිවෙල පිළිබඳ ලෝක දේශපාලන නායකයන් සිය විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයද මෙම සිද්ධියහෙළා දැක ඇත. ලොව ප්‍රධාන පෙළේ රටවල් වූ චීනය, රුසියාව, ඉන්දියාව ඇතුලු‍ විශාල ගණනක් මෙම ක්‍රියාපිළිවෙත දැඩි ලෙස විචෙචනය කරමින් ඔහු වහාම නිදහස්කරන්නැයි ඉල්ලා ඇත. එක්සත් ජනපද මැදිහත්වීමට එරෙහිව වෙනිසියුලානු ජාතිකයන් මෙන්ම ලොව පුරා විසිරි සිටින නිදහස අගයන විවිධ සංවිධාන හා මහජනතාව දහස් ගණනක් වීදි බසමිින් විරෝධතා පළකර මින් සිටිති. මෙම සිද්ධිය විවේචනය කර පුවත් පළකල සංවිධාන ගණනාවක්ද ට්‍රරම්ප් විසින් තහනම් කර තිබුණි.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ඒකාධිපති වියරුව උපරිමටම උත්සන්න වී ඇතැයි ලෝක මාධ්‍ය රැසක් මගින් පෙන්වාදී තිබේ. ඔහුට පෙන්සිල්වෙනියවේදී පසුගිය ජනාධිපති මැතිවරණ රැලියකදී අමතමින් සිටියදී ස්නයිපර් තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරකින් ජීවිතය බේරුණේ අණු නමයෙනි. ඔහුගේ කනට තුවාල සිදුවී එම රැලියට සහභාගි වුන අයෙකු මියගිය අතර බොහෝ පිරිසකට තුවාල ද සිදුවිය. මේ රැලිය ලොව පුරා ප්‍රචාරය වූ අතර ඔහුට වෙඩි වැදී සිටියදී පවා ලේ ගලමින් රැලිය ඇමතීමට තරම් දිරිය තිබු අයෙකුවිය. දෙවන වෙඩි තැබීමක් ද අනතුරුව සිදුවවද ඔහුට කිසිදු හානියක් සිදු නොවුණි. ඔහු දෙවන වරට ඇමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස දිවූරුම් දීමෙන් අනතුරුව ඔහු ලොව බොහෝ එක්සත් ජනපද ආධාර මත පවත්වාගෙනගිය (USAID)මානුශීය ආධාර ක්‍රමය වහා නවතා දැමුවේය. තවද නව තීරුබදු ප්‍රතිපත්ති පණවමින් සිය රට ලොව බලගතුම රාජ්‍යය බව වහසි බස් දොඩවමින් ඇරඹුණු ගමන් මග මේ වනවිට වෙනත් දිසාවකට යොමු වෙමින් තිබේ. සාමය වෙනුවෙන් තමා පෙනි සිටිනවා යයි වහසි බස් දොඩොවමින් නොබෙල් තෑග්ග ලබාගැනීමට වෙර දැරුවද එයද අසාර්ථකවිය. අවසානයේ ඔහු ඊශ්රයෙල-ගාසා අර්බුදයත් යුක්‍රේන -රුසියානු ගැටුම් නතර කිරීමට මුලිකත්වය දීමට මැදිහත්වුවද ඒ කිසිවක් මේ දක්වා සාර්ථකව ඉටුකර ගැනීම නොහැකි වී අර්බුදයක පැටලී සිටි. මේ අතරතුර ඔහුගේ බලපරාක්‍රමය ලොවට පෙන්වීමට ඉරානයට මෙන්ම, නයිජීරියාවේ බෝකුහරාම් ත්‍රස්තවාදීන්ට ඇමරිකානු ගුවන් යානා මගින් බෝම්බ දමා විනාශකර දමා තිබුණි. ඔහු හා එහි පාලනය ගෙනගිය සෙසු ඇමෙරිකානු ජනපතිවරුන්ද මෙවැනි ඔවුන්ට එරෙහි පාලකයන් අතුගා දැමු අයුරු ක්‍රියා පිළිවත් සිදුකර තිබුනේද පසුගිය දශක කිහිපයකට පෙරය. පකිස්ථානයට කඩාවැදී බින්ලාඩන් ඝාතනය කළේය. ඒ ඔබාමාගේ පාලන කාලයේදීය. හමාස් හා හිස්බුල්ලා ප්‍රධානින් සැඟව සිටි තැන්වලට, ඉරාන හමුදා ප්‍රධානීන්ට බෝම්බ දමා ඝාතනය කිරීම් යනාදී කුමන රටකට හෝ කඩාවැදී බෝම්බ දැමීම මේ ජනපතිවරුන් ගේ පුරුදුද්ද වි තිබේ.

1989 දී පැනමා නායක මැනුවෙල් නොරීගා අත්අඩංගුවට ගත් අවස්ථාවේද ඇමරිකන් ජනාධිපති ජෝර්ජ් බුෂ් මෙබඳුම චෝදනාවලියක් ඉදිරිපත් කළේය. පැනමා ඇළේ අයිතිය තමන් සතුකර ගැනීම මේ ක්‍රියාව සිදු කිරීමේ ප්‍රධානතම හේතුව විය, ට්‍රම්ප් සිය අභිමතය පරිදි මෙක්සිකෝ ඇමරිකා දේශසීමාව වටා තාප්පයක් බැදීමට ද කටයුතු කළේය, තවද එකී මෙක්සිකෝ බොක්කට ඔහුගේ නම ඇතුලත් කළේය. ඇමරිකාවට විරුද්ධවූ ඕනෑම පාලකයෙකුට ඔවුන්ගේ විදේශ ප්‍රත්පත්තිය වී ඇත්තේ හොඳින් හෝ නරකින් අවනතකර ගැනීමය.

යුරෝවලින් තෙල් ගනුදෙනු කරන්නට පටන්ගත් ඉරාකයේ සදාම් හුසේන්ට හා ගෝල්ඩ් ඩිනාර්වලින් තෙල් වෙළෙඳාම් කරන්නට ගිය ලිබියාවේ මුවම්මර් ගඩාෆිටද සිදුවූයේ මදුරෝට සිදුවූ දේම සිදු වුයේය. ඒ සිය රටේ අභිමානය රැක ගැනීමට. කළහැකි ඕනෑම ක්‍රියා පිලිවෙතක් සිදු කිරීමට ඔවුන් පසුබට වන්නේ නැත. පෙට්‍රෝඩොලර් හැටියට හැඳින්වෙන තෙල් වෙළඳාම ඩොලර්වලින් කිරීමට පිටුපාන හැම රටකටම සිය බලය මෙහෙයවා ඇමරිකාව මේ අන්දමින් වෙනස්කම් කරන්නේ සිය ඩොලරය රැකගැනීමටය. ලෝක වෙළෙඳපොළේ මූල්‍ය ගනුදෙනුවලින් සියයට හතළිහක්ම දැන් සිදුවන්නේ ඩොලර් නොවන මූල්‍ය ඒකකවලින් වන අතර ඩොලරයට බහින කලාව උදාවී ඇති තත්ත්වයක් යටතේ එය රැකගැනීමට ඇමෙරිකාවට මෙසේ යුද්ධ කරන්නට සිදුවී තිබේ. වෙනිසියුලාව ලොව තෙල් සැපයුම් කරුවන්ගේ ප්‍රධානම හා වැඩිම අමුතෙල් සම්පත් වලින් හෙබි, දිනකට බැරල් මිලියන ගණනක් සැපයු රටක් විය. තවද එහි බොහෝ අගනා රසායනික අමු ද්‍රව්‍ය වලින් පිරි මෙතෙක් හරි හැටි ප්‍රයෝජනයට නොගත් රටක්විය. තවද ඔවුන් ගේ තෙල් ඇමරිකාවට විරුද්ධවූ චීනය, රුසියාව හා කියුබාව වැනි රටවල් ඔවුන්ගේ ප්‍රධාන ගැනුම්කරුවන් විය. ඇමරිකාව විවිධ උපක්‍රම කලක් තිස්සේ මේ ධනසම්භාරය දිහා සිය නෙත යොමු කරමින් සම්භාධක පණවමින් සිටියේය.
ඔවුන් සිය ඔත්තු කරුවන් යොදවමින් එහි පාලකයන් මාරු කිරීමට කටයුතු සම්පාදනය කරමින් පසුවිය.

චීනය එරටට අවශ්‍යවූ බලශක්ති අවශ්‍යතාවන්ගෙන් වැඩි කොටසක් සපයාගත්තේ වෙනිසියුලාවෙන්ය. ඒ වෙනුවෙන් පනවා තිබූ සම්බාධකවලින් ගැලවීම පිණිස චීනය ඩොලර් බිලියන හැටකට වැඩි ණය ප්‍රමාණයක් ලබාදී තිබුණ බව වාර්තාවේ. යුක්‍රේන ගැටුමේදී නේටෝ සංවිධානයේ ආධාර දීමේදී රුසියාව එකට එක කරමින් වෙනිසුලාවට ආධාර දී තිබුණි. මේ ගැටුමේදී හිරවි සිටියේ වෙනිසියුලවය.

ට්‍රම්ප්ගේ මෙහෙයුම මත්ද්‍රව්‍ය, ත්‍රස්තවාදය හා ආඥාදායකත්වය ආදී විවිධ චෝදනා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකොලස් මදුරෝට විරුද්ධව ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රයේ තිබුණි. ඇමෙරිකාවට ගෙන එමෙන් පසු වෙනිසියුලානු නිකොලස් මදුරෝ සහ බිරිඳ ඇමරිකන් යුද්ධ නැවකටත් ඉන්පසු නිව්යෝර්ක් නගරයේ මත්ද්‍රව්‍ය නාශක රැඳවුම් කඳවුරකටත් ගෙන යන ලදී. 1989න් පසු ඇමරිකාව, ලතින් ඇමරිකානු රටක් ආක්‍රමණය කළ පළමු අවස්ථාව වේ. මදුරෝ හා බිරිඳ අධිකරණයේදී පවසා තිබුනේ සියළුම චෝදනා වලට නිවැරදිකරු බවත් ඔහු වෙනිසියුලාවේ ජනාධිපති බවත්ය. තමාට ජාත්‍යන්තර නිතිය අනුව විමුක්තිය ඇති බව ද සඳහන් කර තිබු බව විදෙස් පුවත වල සඳහන් කර තිබේ. මෙකි පුවත් ලොව පුරා පුවත්පත්වල රුපවාහිනි නාලිකාවල සඳහන්ව තිබුණි. මෙම නඩුව මාර්තු දක්වා කල් දමා ඇත. විචාරකයන් ගේ මතය ඇත්තේ මේ නඩුව ඔප්පු කිරීම එතරම් පහසු එකක් නොවන බවය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මීළඟ ඉල්ලක වී ඇත්තේ දකුණු අමෛරිකානු රටවල් වූ කොලොම්බියාවට හා මෙක්සිකොවටය. එම රටවල් ද මත්ද්‍රවය ඇමෙරිකාවට හා ලොව සෙසු රටවලට සපයන්නන් ලෙස ප්‍රසිද්ධියට පත්වූ රටවල්ය. තවද ග්‍රීන්ලන්තය සම්පත් බහුල ඩෙන්මාකය හා සම්බන්ද රටකි. එය අල්ලා ගන්නට ට්‍රම්ප් පමාවී ඇත්තේ ඔවුන් රුසියාව හා චීනයට ළංව ඇතිබවත් ඒ රට අමරිකාවට ආසන්නයේ තිබෙන නිසා එය සිදු නොවිය යුතු කරුණක් යයි සඳහන් කොට ඇත. මේ තත්වය පිළිබඳ එංගලන්ත අගමැති, යුරෝපිය රටවල් මෙන්ම නේටෝ සංවිධානයද මැදිහත්ව තිබේ.
ඇමෙරිකාව ඉරාකය ආක්‍රමණය කළේ මෙයට අවුරුදු 25කට පමණ පෙර එවකට ඉරාකයේ සිටි ජනාධිපති සදාම් හුසේන් ලොව වනසන න්‍යෂ්ටික අවියක් සාදන බව කියමින්ය. එහෙත් එය ඔප්පු කිරීමට කිසිදු සාධකයක් තිබුණේ නැත. අන්තිමේදී සදාම් හුසේන් අල්ලා ගත් ඇමරිකාව ඔහු එල්ලා මැරවීය. සදාම් හුසේන්ගෙන් පසු ඉරාකය බිඳී ගිය රාජ්‍යයක් බවට පත්වී ගියේය. එම යුද්ධ අද පවා පවතී. ගඩාෆිගේ මරණයෙන් පසු එම රටටද වුයේ ශෝචනීය ඉරණමකි. ඒ ඇමරිකානු විදේශ ප්‍රත්පත්තියයි.
මේ අතර නිකොලස් මදුරෝගෙන් හිස් වූ තැනට ඇමරිකාව යන බවත් නිදහස් මැතිවරණයක් පවත්වනතුරු ඇමරිකාව එම රට පාලනය කරන බවත් ට්‍රම්ප් කීවේය. මෙය බැලූ බැල්මට ඉතාම නීච ක්‍රියාවකි. එහෙත් ඇමරිකාව වැනි බලගතු රාජ්‍යයක් වෙනිසියුලාව පාලනය නොකළොත් රට තුළ සිවිල් යුද්ධයක් හටගන්නවා ඇත. වෙනිසියුලාවේ වර්තමාන ජනාධිපති පදවියට පත්වීමට ඇත්තේ එරට උප ජනාධිපතිවරියයි. ඇය ඇමරිකාවට බැණවදිමින් ද තම රටේ නායකයා නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත්තේ ඔහු ඇමරිකාවට කුඩු බෙදන බවය නිකොලස් මදුරෝ ඇමරිකාවේ තෙල් හොරකම් කරන බවද ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. ඔහු එතරම් හොඳ අවංක පාලකයෙකු නොවිය. ඔහු 20,000 අධික පිරිසක් ඝාතනය කලබවට මානව හිමිකම් සංවිධාන පැමිණිලි කොට ඇත. විපක්ෂයේ නායිකාව රටින් පලාගොසිනි. ඇය මාරියා මරිනෝ මචාඩෝ යි. ඇයට නොබෙල් සාම තෑග්ග ප්‍රධානය කොට ඇත. මේ තෑග්ග බලාගෙන සිටියේ ඩොනල්ඩ් ය. මෙම තෑග්ග ඔහුට දීමට ඇය බලා සිටින බව කීවෙන පුවතක් මේ දිනවල මාධ්‍යවල සංසරණයවේ. ට්‍රම්ප්ට මදුරෝ වැරදිකරු කිරීමට වරද ඔප්පු කල යුතුවේ. ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි තිබිය යුතුය. ට්‍රම්ප්ට අවශ්‍ය ඇමරිකානු සමාගම් වෙත වෙනිසියුලාවේ තෙල් ආකර බෙදාදෙන්නටය. දැනට එහි සිටි උප ජනාධිපතිවරිය වැඩ බලන ජනාධිපති ලෙස දිවුරුම් දී ඇත. එරට ජනතාව ඇය වටා රොක්වී ඇත. මේ අනුව ට්‍රම්ප්ගේ ට්‍රම්ප් එක හරිද වැරදිද නිගමනයකට ඒමට සෑහෙන කලක් ගතවනු ඇත.

ඇමරිකන් ගුවන් හමුදාවක් වෙනිසුවේලා රාජ්‍යයට ඇතුලු වූයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගය පරිදිය. නිකොලස් මදුරෝ වැනි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට මේ තරම් විශාල ගුවන් හමුදාවක් අවශ්‍ය නැත. ට්‍රම්ප් මෙම අවස්ථාව මුළුමහත් ලෝකයට පෙන්වීමට එය අවස්ථාවක් කර ගත්තේය. ඒ ඔහුගේ හිතන පතන විදියවේ. ඔහුට අවනත් නොවන රාජ්‍ය බිය වැද්දීමට ඔහුට අවශ්‍ය විය. ඒ සෙසු ලෝක නායකයන්ට ද පාඩමක් වනු පිණිසය. ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ධුරයේ අවසන් අවස්ථාව මේ පාලන කාලසිමාවෙන් අවසන්වේ. ඔහු නැවත වතාවක් ජනාධිපති ධුරය සඳහා තරග කරන්නේ නැත. ඔහු එනිසා මෙම කෙටි කාලය තුල උපරිම බලය පෙන්වීමට අවස්ථාවක් කර ගෙන තිබේ. ඇමරිකන් නීතියට අනුව දෙවරක් ජනාධිපති වූ ඔහුට නැවත තරග කිරීම සඳහා නීතියෙන් අවස්ථාවක් නැත. මේ දිනවල ඉරානය තුළ විශාල ගැටුමක් නිර්මාණය වී තිබේ. ඔහුගේ පවුලේ සමබ්න්දතා අනුව ඔහුට ඊශ්‍රායලයට පක්ෂපාත වීමට සිදුව ඇත. මේ නිසා ඉරානය මහත් සේ විරසකවිමට හේතුවී තිබේ. හමාස් සමග කරන ගැටුම් වලදී ඔහු ප්‍රහාර ගණනාවක් ඊශ්‍රායලය සමඟ ඉරානයට ද එල්ලකළේය, එහි හමුදාවේ ප්‍රධානින් කිහිපදෙනෙකු ද බෝම්බ දමා ඝාතනය කළේය. තවද ඉරාන ජනාධිපති කෙනෙක් හෙලිකොප්ටරය ගමන් ගනිද්දී පිපිරී මිය යාමට සැලැස්සුවේය. මේ වනවිට ඉරානයේ ආධ්‍යාත්මික නායකයා වූ අයතුල්ලා අල් කමේනි ද ආරක්ෂිත ස්ථානයක සැඟව සිටී. ඇමරිකන් ඒජන්තවරුන් ඉරානය ඇතුළටම පැමිණ ඉස්ලාමීය අන්තවාදී සංවිධානවල ප්‍රධානීන් ඝාතනය කිරීමට පටන්ගෙන තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පැමිණ ස්වල්ප කලකින් ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක් විරසක වූයේය. අසාධාරණ බදු ප්‍රතිඅත්තියක් ගෙනැවිත් බොහෝ රටවලට පහර දුන්නේය. චීනයට දැඩි බද්දක් පනවා තිබුණි. යුක්රේන යුද්ධය නතර කරන්නට උදම් ඇනු ඔහු, රුසියාවේ පුටින් හමුවේ ඔහුව අවනත කරගන්නට කරන ලද උත්සාහය අසාර්ථක වු අතර මේ යුද්ධය දැනට රුසියාව හා යුරෝපිය සංගමය නේටෝ අතර බ්‍රමණය වන්නට පටන් ගෙන ඇත.

ඔහු තමාට අවනත නොවන්නන් ඇඳුම් ආයිත්තම්වලින් මැනීමටත්, සිය බස වූ ඉංග්‍රීසින් බස මැනවින් කතා නොකරන්නේනම් එය ලොවටම ඇසෙනසේ කියා පහත් ලෙස විනෝදය ලබන්නට හුරුපුරුදු අයෙකුගේ මට්ටමට ඇදවැටී තිබේ. මෙය රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට නොතරම් අන්දමේ පහත් හැසිරීමකි. එවැනි අය මිට පෙර ඇමෙරිකාවේ නායකයන් අතර නොසිටි බව කිවයුතුය. ඔහුගේ මෙම ක්‍රියා චීනය හා රුසියාව නොරුස්සන බව සැබෑවන අතර තුන්වන ලෝක යුද්ධයක් ඇතිවීම වැලැක්වීම පිණිස ඔවුන් තවමත් කරබාගෙන සිටින බවක් දිස්වේ.

ලංකාවේ ගෝඨාභය රජය අරගලයකින් පෙරලීමේ කරුනේදී හා සෙසු ආසියාතික රටවල්වූ බංගලාදේශය, ඇෆ්ගනිස්ථානය, පාකිස්තානය, නේපාලය, මාල දිවයින යන රටවල රජය පාලනයන් වෙස් කිරීමේ දී පවා මේ මැදිහත්වීම් වල ඇමරිකාව සම්බන්ද වී ඇතැයි විදේශ මාධ්‍යවල සඳහන්වේ.

කිසියම් ස්වාධින රටකට නිසි අනුමැතියකින් තොරව බලෙන් ඇතුළුවී එකී රටේ පාලකයා බලහත්කාරයෙන් පැහැර ගෙනයාම හෝ වෙනත් විරුද්ධවාදියෙකුට බෝම්බ දමා මරාදැමීම, සිය බලය ප්‍රදර්ශනය කරමින් ලොවටම උදම් ඇනීම ජාත්‍යයන්තර නිතිය ප්‍රකාරව කල නොහැකි කටයුත්තකි. මෙවන් සිදුවීම පසු ගිය දශක ගණනාවක් තිස්සේ ඇමෙරිකාව විසින් දිගින් දිගටම සිදු කරනු ලැබුවේය. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල් කඩක් ලෙස සලකනු ලබන රාජ්‍යයක් යයි ඔවුන් විසින්ම පාරම්බානු දක්නට ලැබේ. මේ සිදුවීම් පිළිබඳ කිසිවෙකුට විවේචනය කල නොහැකිය. මෙය ඉතා ශෝචනිය කරුණකි.
නීතිඥ ශාන්ති සේනාධිර 

See less

Comment

අපරාධකාරයො අපි දන්නවා – මේ දොර ඇරියොත් හුඟක් දේවල් එළියට එයිලසන්ත වික්‍රමතුංගගේ සොහොයුරු ලාල් වික්‍රමතුංග

අපරාධකාරයො අපි දන්නවා – මේ දොර ඇරියොත් හුඟක් දේවල් එළියට එයි
ලසන්ත වික්‍රමතුංගගේ සොහොයුරු ලාල් වික්‍රමතුංග
Silumina Features
January 10, 2026
ශාලික විමලසේන, චානක ඉනෝජ්

අදින් වසර 17කට පෙර සිදු වූ මේ ඝාතනයට මෙතෙක් යුක්තිය ඉටු වී නැත. ලසන්ත යනු කවුද?, ඔහුගේ භාවිතාව කුමක්ද? යන්න මෙන්ම මිනිසකු ලෙස ඔහු කුමනාකාරද? යන්න සම්බන්ධයෙන් ලසන්ත වික්‍රමතුංගගේ වැඩිමහලු සොහොයුරු ලාල් වික්‍රමතුංග සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකි, මේ.

ලසන්ත වික්‍රමතුංග ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ ආරම්භක කර්තෘවරයා බවට පත් වන විට, ඔබ ‘සන්ඩේ ලීඩර්’ ආයතනයේ සභාපතිවරයා. කොහොමද මේ පවුලේ මාධ්‍ය භූමිකාව ගොඩනැඟෙන්නෙ?

අපේ පවුලේ මවුපියන්ට ළමයි හයදෙනෙක් හිටියා. මට අක්කලා දෙන්නෙක්. පිරිමි අයගෙන් වැඩිමහලු මම. මට බාල මල්ලි කෙනෙක් සහ නංගි කෙනෙක්. බාලයා ලසන්ත. එයා මට වඩා අවුරුදු අටක් බාලයි. අපි පාසල් ගියෙ කොල්ලුපිටියෙ සාන්ත තෝමස් විද්‍යාලයට. ඊට පස්සෙ සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට. අපේ තාත්තා දේශපාලනයේ නිරතව හිටියා. ඔහු ඒ කාලෙ කොළඹ මහා නගර සභාවෙ උප නගරාධිපති. අපි හිටපු කොටහේනේ විවිධ ජනමාධ්‍යවේදීන් හිටියා; ඒ වගේම විවිධ ජන කොටස් හිටියා. අපි ඔක්කොම එකට හිටියා. ඉස්කෝලෙ ඉඳලම අපි ලිපි ලේඛන ලියන්න පුරුදු වුණා.

කොහොම හරි මම ජනමාධ්‍ය පැත්තට ඇතුළු වුණේ අහම්බෙන්. මම ඉස්කෝලෙ ඉද්දි ක්‍රිකට් ක්‍රීඩා කළා. 1970දී මම ලංකාවෙ හොඳම බෝලර් වුණා. මම පොලීසියට ගත්තා ඒක හින්දා. අවුරුදු හතකට පස්සෙ මම පොලීසියෙන් අයින් වුණා. ඊට පස්සෙ රස්සාවක් හම්බ වුණා, මල්ටිෆැක්ස් කියන ආයතනයේ. ඒ ආයතනයෙ තමයි, ‘සිත්තර’, ‘කුමරි’ වගේ චිත්‍රකතා පත්තර මුද්‍රණය කළේ. ජනක රත්නායක, බන්දුල හරිස්චන්ද්‍ර වගේ ආටිස්ට්ලා ඔක්කොම බලාගන්න මට භාර දුන්නා. මට මුද්‍රණාලයත් භාර දුන්නා.

පස්සෙ ඒකෙ කළමනාකාරිත්වය මේක අත්හරින්න ගියා. මම ඒ වෙලාවෙ ඒක භාර ගත්තා, ලොකු ණයකුත් එක්ක. චිත්‍රකතා ලොකු කාලයක් දුවන්න බැරි නිසා පුවත්පතක් පටන්ගන්න අපි හිතුවා. ඒක ලේසි නෑ. ලසන්ත ඒ කාලෙ නීතිඥයෙක්. එයා රංජිත් අබේසුන්දර මහත්තයා ළඟ වැඩ කරමින් හිටියෙ එතකොට. මෙහෙම වැඩක් කරමුද කියලා මං ඇහුවම ලසන්ත කැමැති වුණා. එයා ඒ වෙනකොටත් ලිපිලේඛන ලියනවා. මං ගැන එයා විශ්වාසය තිබ්බා.

හැබැයි එයා මට කොන්දේසියක් දැම්මා. කළමනාකාරිත්වයෙන් මාධ්‍යවේදීන්ගෙ වැඩවලට ඇඟිලි ගහන්න බෑ කියලා. මං ඒ සහතිකය දුන්නා. අපි ඒ විදිහට පටන්ගත්තෙ ‘ලීඩර්’ එක. අපි ඉලක්ක කළේ ග‌ෙව්ෂණාත්මක වාර්තාකරණයෙන් වංචා-දූෂණ අනාවරණය කරන එක. ජනතාව අපව වැලඳගත්තා.

මීට වසර 17කට පෙර, අත්තිඩිය ගුවන් හමුදා කඳවුර පෙනෙන මානයේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරනවා. පවුලේ වැඩිමහලු සහෝදරයා විදිහට ඔබ කොහොමද ඒ අවස්ථාවට මුහුණ දුන්නෙ?

මම කාර්යාලයේ හිටියෙ. මම හිටපු තැනට වැඩි දුරක් නෑ. අපේ රියැදුරු මහත්තයෙක් මට දුරකතනයෙන් දැන්නුවා, ලසන්තගෙ කාර් එක නවත්තලා, කලබලයක් කියලා. අපේ ලේඛක ලේඛිකාවො කිහිප දෙනෙකුත් ඇවිත් මට කිවුවා සිදුවීම ගැන. කළුබෝවිල රෝහලට ගියාම තමයි බැරෑරුම්කම දැනගත්තෙ. සෙනඟ ගොඩක් හිටියා. එකපාරටම මේක ගැන හිතාගන්න බැරුව ගියා. දොස්තර මහත්වරු ඇවිත් කියන කොට තමයි, ඇත්ත සිහියට ආවෙ. අපට සැකයක් තිබුණා, ලසන්තට ගහයි කියලා. හැබැයි අපි හිතුවෙ නෑ, ලසන්තව මරයි කියලා. ලසන්ත හිතුවෙත් නෑ ඒක. මුලතිව් යුද්ධය වෙලාවෙ ලසන්ත ඇවිත් මට කිව්වා, මට ගහනව නම් ගහන්නෙ දැන් තමයි, ජනතාව ඔක්කොම බලාගෙන ඉන්නෙ ඒ පැත්ත කියලා.

ලසන්ත ඝාතනය කාලයෙන් කාලයට දේශපාලන වේදිකාවේ මාතෘකාවක් වෙනවා. ඒ විමර්ශන තවමත් නිශ්චිත තැනකට ඇවිත් නෑ. ලසන්තට යුක්තිය ඉටු වීමේ වේගය හෝ ඒ විමර්ශන සම්බන්ධයෙන් ඔබ සෑහීමකට පත් වෙනවද?

මේ සිද්ධිය වුණු දවස්වල කිවුවෙ ලසන්තව මැරුවෙ එල්ටීටීඊ එකෙන් කියලා. එතකොට තිබුණෙ රාජපක්ෂ රෙජීමය. ඔවුන් තමයි ඒ කතාව යැවුවෙ. හැම ජනවර්ගයක්ම ලසන්තට කැමැතියි. එල්ටීටීඊ එකට ලසන්ත මරන්න හේතුවක් තිබුණෙ නෑ. ඒ කාලෙ ඡන්ද ගන්න ගෙනාපු උපක්‍රමයක් තමයි රණවිරුවො කියන එක. අපි දන්නවා, යුද හමුදාවෙ අය තමයි ලසන්තව මරන්න පාවිච්චි කළේ කියලා. මෝටර් සයිකල් පැදපු අයගෙ නම්, ඒ යුනිට් භාරව හිටපු අයගෙ නමුත් දැන් දන්නවා.

එතකොට හමුදාවෙ අය මේ සිද්ධියට අත්අඩංගුවට ගන්න කොට කණ්ඩායමක් කෑගහනවා, රණවිරුවො අත්අඩංගුවට ගන්නවා කියලා. එතකොට ඡන්ද අඩු වෙනවා කියලා ආණ්ඩු දන්නවා. දැන් කාලෙකට පස්සෙ විමර්ශන තරමක් ඉදිරියට යනවා. මම දන්න විදිහට අලුත් සාක්ෂිත් ඇවිත් තියෙනවා. ඒ ප්‍රහාරයට සහභාගි වුණු පුද්ගලයෙක් දැන් ආබාධිත අයෙක්. ඉහළ උසාවියෙ නීතිඥවරු නෑ නෙ.

මම හැම වෙලාවෙම කල්පනා කරන දෙයක් තමයි, මෙහෙම මිනීමරලා නිදාගන්නෙ කොහොමද කියන එක. මගේ ජීවිතේ අමාරුම වුණු තැන තමයි, ටෙලිෆෝන් එක අරන් තාත්තට මේක ගැන කියන එක. එයා හිටියෙ ලංකාවෙ නෙමෙයි ඒ වෙලාවෙ. ලසන්තව බේරගන්න බැරි වුණා කියලා තාත්තට කොහොමද කියන්නෙ. මම අයියා. තාත්තාට මේක කිවුවාම එයා මොකුත් කිවුවෙ නෑ; ‘අම්මා මෙතැන ඉන්නවා, කතා කරන්න’ කියලා ෆෝන් එක දුන්නා. අම්මා කිවුවා: ‘ආරංචි වුණා, මට එකක් කියන්න, පොඩි එකාට රිදුණද, නැද්ද කියලා’. අවුරුදු දාහතක් ගියත් මට ඒ මොහොත, ඒ වචන අමතක වෙන්නෙ නෑ.

නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාණය, ලසන්තට කවද හරි යුක්තිය ඉටු කරයි කියලා විශ්වාස කරනවාද?

ඔව්. මම විශ්වාස කරනවා. ලසන්ත හෙවුවෙ යුක්තිය. ලසන්ත වැඩ කළේ යුක්තිය වෙනුවෙන්. වරක් ලසන්තගෙ මිනිය ගොඩගන්න හේතු වුණේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් වැරදි නියෝගයක් දීලා තිබුණු එක. කවදහරි නඩුවක් දැම්මොත් ඒකෙ හරි ක්‍රමවේදයක් තියෙන්න ඕනෑ. ඒක නිසා ඒක කරන්න වුණා. මට කියන්න ඕනෑ: මගේ වාසනාවකට ලසන්තගෙ මිනිය ගොඩගන්න වෙලාවෙ මම ලංකාවෙ හිටියෙ නෑ; මම රාජකාරි වැඩකට ඔස්ට්‍රේලියාවෙ ගිහින් හිටියෙ. ඒ නිසා අපේ පවුලේ ඥාතියෙක් තමයි පවුල වෙනුවෙන් ඉදිරිපත් වුණේ.

එවකට පැවති ආණ්ඩුවේ තීරණාත්මක චරිතයක් සම්බන්ධ වුණු ආන්දෝලනාත්මක ගනුදෙනුවක් ගැන ලසන්ත ලියමින් හිටියා, ඒ ගැන අධිකරණ කටයුතුත් සිදු වුණා. මේක බරපතළ තැනකට ඇවිත් තිබුණෙ. ඒ අතර තමයි ලසන්ත ඝාතනය කරන්නෙ.

ඔබ මේ ගැන ලසන්ත එක්ක කතා කළාද, මේක ගැන ලියන්න එපා හෝ යම් සීමාවක් ගැන හෝ අදහසක් කිවුවාද?

නෑ, කවදාවත් නෑ. ලසන්ත ඒවා පිළිගන්නෙත් නෑ. අපි ඉගෙනගත්ත ඉස්කෝලෙ කියපුවා මතක් වෙනවා. උදේට නැඟිටලා ලජ්ජාවක් නැතුව තමන්ගෙ මූණ දිහා බලන්න පුළුවන් නම්, ඊට කලින් දවසෙ කෙළින් වැඩ කළා කියලා, ඒකයි වෙන්න ඕනෑ. එහෙම බැරි වුණොත් තමයි ප්‍රශ්නය. ලංකාවෙ හැමදාම දේශපාලනඥයන් කියන්නෙ ‘අපි බලයට ආවොත්…’ කියලා; සහන දෙනවා, යුක්තිය ඉටු කරනවා කියනවා. අපට මේක වෙනස් කරන්නයි ඕනෑ වුණේ. ලසන්තට ගැහුවා දෙසැරයක්ම. හදිසි නීතිය යටතේ අපේ ආයතනය වැහුවා. අපි ගේ විකුණලා ස්ටාෆ් එකට පඩි ගෙවුවා; කවදාවත් සීමා දැම්මෙ නෑ. ලසන්ත එහෙම සීමා දාගන්න සූදානම් වුණෙත් නෑ.

ලසන්ත ඝාතනය ගැන ඍජුව කිසිදු සැකකරුවෙක් මෙතෙක් අත්අඩංගුවට අරගෙන නෑ. සැකකරුවන් අත්අඩංගුවට අරගෙන තියෙන්නෙ සාක්ෂි වසන් කිරීම ආදි හේතු මත. ලසන්ත මේ තර්ජන ගැන ඔබත් එක්ක කතා කරලා තිබුණාද?

අපි කතා කරනවා. වෙනත් පුවත්පත් වගේ නෙමෙයි; අපේ කර්තෘයි, හිමිකරුයි දෙන්නම ටාගට් කළා නඩු දානකොට වගේ වැඩවලදි. ලසන්තටයි, මටයි විතරක් නෙමෙයි, අනෙක් අපේ ලේඛක ලේඛිකාවන්ටත් තර්ජන තිබුණා. හැබැයි අපට ඒ ගමන වෙනස් කරන්න අවශ්‍යතාවක් තිබුණෙ නෑ. මේක කළේ කවුද කියලා අපි දන්නවා. ඔතැන, ඔය ගුවන් හමුදා කඳවුර ළඟ ඔහොම වෙඩි තියලා නිදහසේ යන්න පුළුවන්ද? වව්නියාවල ඉඳලා මෝටර්සයිකලයක් ගෙනැත් අත්තිඩියෙ ඇළක දාන්නෙ කොහොමද.

ලසන්තගේ දියණිය අමෙරිකාවෙ ඉඳලා යුක්තිය වෙනුවෙන් සටන් කරනවා. ඔබ මෙහෙ. පවුලේ අය යුක්තිය වෙනුවෙන් කරන සාමූහික උත්සාහයට සමාජයෙන් ලැබෙන සහයෝගය මොන වගේද?

ඉතාම වැදගත්. විශාල සහායක්, ලසන්තගෙ මිත්‍රයන්, ක්‍රියාකාරීන් ඔක්කොම එකතු වෙලා තමයි මේක කරන්නෙ. අපි කවදාවත් යුක්තිය වෙනුවෙන් කරන සටන අත්හරින්නේ නෑ. ලසන්ත විතරක් නෙමෙයි, එක්නැලිගොඩ, තාජුඩීන්… තව කීයක්ද? මේවා සංකේතාත්මක නඩු. තව සමාජයෙ කතාබහට ලක් නොවන කී දෙනෙක් මැරුවද, උතුරෙ වගේම දකුණෙත්. මේ දොර අරින්න ඕනෑ. එතකොට ඔය හුඟක් ඝාතනවලට යුක්තිය ඉටු වෙයි.

එදා 2009 ජනවාරි 08 වැනිදා ය. වේලාව උදේ 8.10ට පමණ ඇත. පූර්වාරාම පාරේ කන්දේවත්ත, ටෙරන්ස් පාරේ ලසන්තගේ නිවෙසට මඳක් දුරින් පිහිටි සිල්ලර බඩු කඩයක් අසල ත්‍රිරෝද රියක් නතර කර තිබිණි. එය එහි නිතර තිබෙන ත්‍රිරෝදයකි. රියැදුරු පත්තරයක් බලමින් සිටියේය. රියට ඉදිරියෙන් යතුරුපැදියක් නතර කර තිබුණු අතර, ෆුල්ෆේස් හෙල්මට් පැලඳි පුද්ගලයෙක් යතුරුපැදියටම වී සිටියේය. තවත් පුද්ගලයෙක් හිස් ආවරණය අතට ගෙන සිගරැට්ටුවක් බොමින් පාර දෙස බලා සිටියේය.

උදෑසන 8.20ට පමණ ලසන්ත වික්‍රමතුංග ටෙරන්ස් පාරේ නිවෙසින් පිටත් විය. වංගුව හැරී කඩය පාස් වනවාත් සමඟම ‘අන්න එනවා… අන්න එනවා…’ යැයි සිගරැට්ටුව අතේ තියාගෙන සිටි පුද්ගලයා කී අතර, ඒ සමඟම ඔහුද යතුරුපැදියට නැඟ වික්‍රමතුංගගේ වාහනය පසුපස යන්නට විය.

මේ සිදුවීම ගැන සැක සිතුණු ත්‍රිරෝද රියැදුරා ඒ ගැන කඩයේ සිටි පිරිසට දැන්වීය. ලසන්තගේ රියැදුරු එම කඩයට නිතර ආ-ගිය නිසා රියැදුරුගේ අංකය කඩයේ මුදලාලි ළඟ විය. ඔහු රියැදුරුට ඇමතුමක් ගත්තත් ප්‍රතිචාරයක් නොලැබිණි. ඒ වන විට රියැදුරුගේ ජංගම දුරකතනය තිබුණේ ලසන්තගේ වාහනයේය. රියැදුරු නිවෙසේ සිටියදී වාහනය පදවාගෙන ගියේ ලසන්තමය.

ඉන් මිනිත්තු කිහිපයකට පසු යමක් ගැනීමට ලසන්තගේ රියැදුරා කඩයට පැමිණියේය. කඩයේ පිරිස සිද්ධිය විස්තර කළ පසු, ඔහු වහා ලසන්තගේ ‘සන්ඩේ ලීඩර්’ ආයතනයට ගියත් ඔහු පැමිණ සිටියේ නැත. වහාම ඔහු සිද්ධිය ආයතනයේ කළමනාකරුවකුට කී විට ඔහු ලසන්තට දුරකතන ඇමතුමක් ගෙන රියැදුරාට දුන්නේය.

‘බයික්එකේ අංකේ හොයාගන්න බලන්න,’ ලසන්ත රියැදුරුට කීවේය.

ලසන්ත වික්‍රමතුංග එදින ගියේ බත්තරමුල්ලේ නිවෙසටය. එහි සේවකයකුට අසනීප වී තිබුණු අතර, ලසන්ත හිතවත් වෛද්‍යවරයකුගෙන් බෙහෙත් අසාගෙන බිරිය සමඟ බෙහෙත් මිල දී ගැනීමට ගියේය. ඒ යද්දී සහ එද්දී යතුරුපැදි තමන් හඹා එන අයුරු ඔවුහු දුටහ. වහාම වාහනය ගේට්ටුවෙන් ඇතුළට දැමූ අතර, යතුරුපැදි ලසන්තගේ ගේට්ටුව පසුකරගෙන ගියේය. මඳ වේලාවක් එහි සිටි ලසන්ත යළි වාහනයට නැග්ගේ ‘සන්ඩේ ලීඩර්’ ආයතනයට යෑමටය. ඒ අතරමගදී අසාත් සාලි, මලික් සමරවික්‍රම ඇතුළු පුද්ගලයන් විවිධ වැඩ සඳහා ලසන්තට ඇමතුම් ගත් අතර, තමන් පසුපස යතුරුපැදි ලුහුබඳින බව ඔහු කීවේය. වහා ආරක්ෂිත ස්ථානයකට යන ලෙස දුරකතන ඇමතුම් දුන් පුද්ගලයෝ ලසන්තට දැනුම් දුන්හ.

‘සන්ඩේ ලීඩර්’ ආයතනයට යන අතරතුර ජපන් මිත්‍රත්ව පාරට ගොස් නීතිඥයකු හමු වූ ලසන්ත ඉන් පිටත් වී ආපසු යද්දී සුපුරුදු පරිදි යතුරුපැදි දෙකක් ඔහු ලුහුබැඳ එනු දැක්කේය. ලසන්ත පසුපස යතුරුපැදි ලුහුබඳින බව කී නිසා මලික් සමරවික්‍රම වරින් වර ඔහුට කතා කරමින්, ආරක්ෂිත ස්ථානයකට යන ලෙස දැනුම් දුන්නේය. උදේ 10.21ට පමණ ලසන්තට යළිත් කතා කළ මලික් සමරවික්‍රමට, තමා පසුපස ලුහුබඳින යතුරුපැදි ගැන ලසන්ත දැනුම් දුන් අතර, ලසන්ත සමරවික්‍රම සමඟ කතා කරමින් වාහනය පදවාගෙන ගියේය.

අත්තිඩිය, මලගල කනිෂ්ඨ විද්‍යාලය අසල කහ ඉරට ඔබ්බෙන් බස් රථයක් කතර කළේය. එනිසා ලසන්තගේ වාහනයද එතැන මඳක් නතර කිරීමට සිදු විය. යතුරුපැදි දෙකක් ලසන්තගේ වාහනය හරස් කර නතර කෙරිණි. තවත් යතුරුපැදි දෙකක් පැත්තෙන් නතර විය. ඉන් බැසගත් පිරිස ලසන්ත වෙත ගොස් යමකින් ඇන පලා ගියහ. ඒ සමඟම ලසන්ත හා මලික් සමරවික්‍රම අතර දුරකතන සංවාදයද නිමා විය. යතුරුපැදි දෙකක් මලගලින් පිළියන්දල දෙසටත්, අනෙක් යතුරුපැදි දෙක ගල්කිස්ස දෙසටත් විදුලි වේගයෙන් ගොස්, නොපෙනී ගියේය.

“බයික්වලින් ආපු කට්ටියක් කූරු දෙකකින් වගේ අනිනවා දැක්කා. ඉන් පස්සේ එයාලා ගියා.” එසේ කීවේ සිද්ධිය ඇසින් දුටුවෙකි. ඉන් පසු ඒ අසල මුද්‍රණ ආයතනයක පුද්ගලයෙක් හා තවත් පුද්ගලයෙක් පැමිණ වෑන් රථයක් නවත්වාගෙන ලසන්ත ඊට පටවා ගත්හ. මුද්‍රණ ආයතනයේ පුද්ගලයා වාහනයේ ඉදිරිපස සිටි අතර, අනෙක් පුද්ගලයා ලසන්ත තම ඔඩොක්කුවේ තබාගෙන පිටුපස සිටියේය.

මඳ දුරක් වාහනයෙන් ලසන්ත ගෙනයද්දී ලසන්තගේ දුරකතනය යළින් නාද වූ අතර, ලසන්ත ඔඩොක්කුවේ තබාගෙන සිටි පුද්ගලයා ඊට ප්‍රතිචාර දැක්වීය. ලසන්තට වූ දේ ඔහු ඇමතුම දුන් පුද්ගලයාට විස්තර කළේය. ඇමතුම දී තිබුණේ මලික් සමරවික්‍රම ය.

“වහාම කළුබෝවිලට මෙයාව ගෙනියන්න” යැයි උපදෙස් දුන් මලික් සමරවික්‍රම අනෙක් අයට පණිවිඩය දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස මහාචාර්ය මොහාන් සිල්වා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් ඒ මොහොතේම කළුබෝවිල රෝහලට පැමිණි අතර, ලසන්ත ගෙන ආ ගමන් ප්‍රතිකාර ආරම්භ කරනු ලැබීය. තත්වය දරුණු නිසා මහාචාර්යවරයා ප්‍රමුඛ කණ්ඩායම ශල්‍යකර්මයක්ද සිදු කළත් සාර්ථක වූයේ නැත. එදින දහවල් ලසන්ත වික්‍රමතුංග මිය ගියේය.

ලසන්තගේ ශල්‍යකර්මය කළ මහාචාර්යවරයා සිය මතය සඳහන් වාර්තාවක් 2009 ජනවාරි 12 වැනිදා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අධිකරණ වෛද්‍යවරයාට යොමු කළේය. එමඟින් මහාචාර්යවරයා ප්‍රකාශ කර තිබුණේ ශරීරයේ උණ්ඩ කොටස් තිබුණේ නැති බවයි. වෙඩි පිට වූ තැනක්ද නොතිබූ බවත්, වෙඩි තැබීමක සලකුණක් වත් නැති බවත් සඳහන් කළ මහාචාර්යවරයා, මෙය වෙඩි තැබීමකින් සිදු වී නැති බව සිය වාර්තාවේ සඳහන් කළේය.

එම ස්ථානයට රජයේ රස පරීක්ෂකද පැමිණ පරීක්ෂණයක් කළ අතර, ඔහුද වාර්තා කළේ මෙය වෙඩි තැබීමක් නොවන බවයි. මේ දෙදෙනාම මෙය වෙඩි තැබීමක් නොවන බව කියද්දී සහ ලසන්තට යමකින් ඇන්න බව ඇසින් දුටුවන් කියද්දී පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාව ලැබුණේ මෙය වෙඩි තැබීමකින් වූ මරණයක් ලෙසයි. ඒ අතරතුර කාලයේ එම වාර්තාව දුන් අධිකරණ වෛද්‍යවරයාට පැමිණි දුරකතන ඇමතුම් ගැනද විමර්ශන අංශ වෙත තොරතුරු ලැබී තිබිණි. මේ පශ්චාත් මරණ පරීක්ෂණයත් සමඟ වාර්තා පරස්පර වීම නිසා පරීක්ෂකයෝ අවුලෙන් අවුලට පත් වූහ.

ඡායාරූපය – මාලන් කරුණාරත්න

මදුරෝ පැහැර ගන්න සහාය දුන් 60ක් අත්අඩංගුවට

මදුරෝ පැහැර ගන්න සහාය දුන් 60ක් අත්අඩංගුවට
11 January 2026

වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ පැහැර ගැනීම සඳහා ඇමෙරිකාවට සහාය දුන් බවට සැකපිට පුද්ගලයන් 60 ක් නිකරගුවා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන් පුද්ගලයන් 49 ක් තවමත් රැඳවුම් බාරයේ සිටින බවත් ඔවුන්ගේ ඉරණම පිළිබඳව තවමත් පැහැදිලි නැති බවත්විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නිකරගුවා ජනාධිපති ඩැනියෙල් ඔර්ටේගාගේ නියෝගය පරිදි එරට ආරක්ෂක මෙම අත් අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

කෙසේ වෙතත් අත් අඩංගුවට ගත් පුද්ගලයන් 60 දෙනාගෙන් 9 ක් එරට ආරක්ෂක අංශ නිදහස් කර තිබෙන බවටද වාර්තා වේ. (Aruna lk news)

අයතුල්ලා අලි කමේනි පළවා හැරීමේ විරෝධතා දරුණුවෙයි

අයතුල්ලා අලි කමේනි පළවා හැරීමේ විරෝධතා දරුණුවෙයි
09 January 2026

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි බලයෙන් පහ කරන ලෙස ඉල්ලා දින ගණනාවක් පුරා ක්‍රියාත්මක විරෝධතා මේ වනවිට ප්‍රචණ්ඩ මුහුණුවරක් ගෙන තිබේ.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, අඛණ්ඩව 12 වන දිනටත් ක්‍රියාත්මක මෙම විරෝධතා මේ වනවිට ඉරානයේ පළාත් 31 පුරා නගර 100කට වැඩි ප්‍රමාණයක පැතිරී ඇති බවය.

මෙලෙස ඉරාන ජනතාව ඔවුන්ගේ උත්තරීතර නායකයාට එරෙහිව නැගීසිට ඇත්තේ වසර ගණනාවකට පසුව බව සඳහන්.

ඔවුන් දිවංගත හිටපු ෂා රජුගේ පිටුවහල් කරන ලද පුත්‍රයා වන රේසා පහ්ලවි නැවත බලයට රැගෙන ඒමේ අරමුණින් මෙම විරෝධතාවේ නියැලෙන බව වාර්තා වේ.

ඊයේ (8) සවස ටෙහෙරාන් අගනුවර සහ ඉරානයේ දෙවන නගරය ලෙසින් සැලකෙන මෂාඩ්හි දැවැන්ත විරෝධතාවක් පවත්වා ඇති අතර, එය ආරක්ෂක හමුදා විසින් විසුරුවා හැරීමට දැඩි උත්සාහයක් ගෙන තිබේ.

එය පාලනය කිරීම සඳහා රට පුරා අන්තර්ජාල විසන්ධි කිරීමක් ද සිදුකර ඇත.

ඉරාන මුදල් ඒකකයේ බිඳවැටීම ඇතුළු කරුණු රැසක් මුල්කරගමින් මෙම නොසන්සුන්තාවය හටගෙන ඇත.

අමෙරිකාව පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරී ප්‍රවෘත්ති ඒජන්සිය (HRANA) අනාවරණය කර ඇත්තේ, අවම වශයෙන් විරෝධතාකරුවන් 34ක් මේ වනවිට මරණයට පත්ව ඇති බවය.

එමෙන්ම ඔවුන්ගෙන් පස් දෙනෙකු ළමුන් බවත් සඳහන්.

මේ වනවිට විරෝධතාකරුවන් 2,270 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.

කෙසේ නමුත් නෝර්වේ පදනම් කරගත් ඉරාන මානව හිමිකම් නිරීක්ෂකයෙකු (IHR) පවසා ඇත්තේ, ආරක්ෂක හමුදා විසින් ළමුන් අට දෙනෙකු ඇතුළුව අවම වශයෙන් විරෝධතාකරුවන් 45 දෙනෙකු ඝාතනය කර ඇති බවය.(Aruna lk news)

ඕනෑම ආපදාවකට මුහුණ දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූදානම්

ඕනෑම ආපදාවකට මුහුණ දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූදානම්

06 January 2026

ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම ආපදාවකට මුහුණ දීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලු කටයුතු සූදානම් කර ඇති බව එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

දිවයිනට ගිණිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ළඟාවනු ඇතැයි අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

මේ හේතුවෙන් ලබන 8 වැනිදා සිට දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති විය හැකි බවද දැනුම් දෙයි.

ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 50ක පමණ තද සුළං ඇති විය හැකි බව සඳහන් වේ.

මේ අතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර ඇත.

එසේම බදුල්ල, මාතලේ සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහාද නායයෑම් පුර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේය.(Aruna lk news)