loader image
Home Blog Page 192

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු ඉලෙක්ට්‍රික් මෝටර් රථය හඳුන්වාදෙයි

0
අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතා Ideal Moksha ඉලෙක්ට්‍රික් රථය එළිදැක්වූ අයුරු.
අයිඩියල් මෝටර්ස් විසින් ‘Ideal Moksha’ නමින්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු පූර්ණ ඉලෙක්ටි්‍රක් මෝටර් රථය වෙළඳපොළට හඳුන්වා දීම ඊයේ 28දා කොළඹදී සිදු කෙරිණ.
ලෝකය පුරා ඉහළ ජනප්‍රියත්වයක් දිනූ ඔස්ටින් මිනි මොක් රථයෙන් ආභාසය ලබා නිපදවනු ලැබූ Ideal Moksha ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළඳපොළ තුළ පෙරළියක් ඇති කරන්නට සමත් මෝටර් රථයකි. එමෙන්ම, වර්තමානයේ පවතින ප්‍රවාහන ගැටලුවට වඩාත් තිරසාර සහ පරිසර හිතකාමී විසඳුමක් ලෙසින්ද මෙය හඳුන්වා දිය හැකිය. උසස්ම තාක්ෂණය සහ නිර්මාණ සංකල්ප භාවිතය සමඟින් වඩාත් තෘප්තිමත් රිය පැදවීමේ අත්දැකීමක් ලබාදෙන නිසාම මෙම Moksha යන නම යොදා ඇත. ශ්‍රී ලංකාවේ මාර්ගවලටත් හොඳින්ම ගැළපෙන මෙම මෝටර් රථය පෙනුම, ඉඩකඩ, සුවපහසුව සහ සම්බන්ධතාව අතින් ද කැපී පෙනෙයි.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු ඉලෙක්ට්‍රික් මෝටර් රථය හඳුන්වාදෙයි
රෝද හතරේ ඉලෙක්ටි්‍රක් කොඩි්‍රසයිකල් වාහන මාදිලියට අයත් වන Ideal Moksha මෝටර් රථය 22.46 kWh ලිතියම් බැටරියකින් සමන්විත වේ. ඇම්පියර් 15 ගෘහස්ථ විදුලි පේනුවකට සම්බන්ධ කර පැය කිහිපයකින් ආරෝපණය කිරීමේ හැකියාව ඇති අතර එක් ආරෝපණයකින් කිලෝමීටර් 200ක් දක්වා දුරක් ගමන් කිරීමේ හැකියාවද ඇත. කිලෝග්‍රෑම් 870ක බරින් යුතු මෙය 1080 rpm වේගයකින් ද සමන්විතය. වඩාත් ඉඩකඩ සහිත වාහනයක් වූ මෙහි රියදුරු සහ තවත් මඟීන් 3 දෙනෙකුට සුවපහසුවෙන් ගමන් කළ හැකිය. මෙහි පිටත පෙනුම ද්වි වර්ණ සංකලනයකින් යුක්තය. Apple CarPlay iy Android Auto යෙදවුම් භාවිත කළ හැකි අඟල් 7 ක මල්ටිමීඩියා ස්පර්ෂ තිරයකින්ද සමන්විත නිසා පාරිභෝගිකයන්ට තමන් ප්‍රියකරන ගීත, තොරතුරු හෝ සිතියම් වැනි දෑ සඳහා පහසුවෙන් පිවිසීමේ හැකියාව පවතී.
ඕනෑම සමාජ තරාතිරමක අයෙකුට දැරිය හැකි මිලකට ලබාගත හැකි ඉලෙක්ටි්‍රක් මෝටර් රථයක් වන Ideal Moksha ශ්‍රී ලංකාවේ ගෘහස්ථ භාවිතය සඳහා වඩාත් හොඳින් ගැලපේ. මිලියන 1.5ක් ලියාපදිංචි ත්‍රිරෝද රථ සහ මිලියන 4.5ක් ලියාපදිංචි මෝටර් සයිකල් භාවිතා වන ශ්‍රී ලංකාව වැනි රටකට මෙය පිරිමැසුම්දායී මෙන්ම ආරක්ෂාකාරී, ස්මාර්ට් ප්‍රවාහන විසඳුමකි. පූර්ණ ස්වයංක්‍රීය මෝටර් රථයක් වන මෙහි ගියර් මාරුවක් නොමැතිව ආරම්භයේ සිටම 100%ක ව්‍යවර්ථයක් ලබාදෙයි. පහසුවෙන් අවබෝධ කරගැනීමටත් සුවපහසු රියදුරු අත්දැකීමක් විඳගැනීමටත් ෂාැ්ක ඵදනිය් ඔබට ඉඩකඩ සලසයි.
තිරසර ප්‍රවාහන විසඳුම් සම්බන්ධයෙන් කැපී පෙනෙන භූමිකාවක් ඉටුකරන ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයකු වූ, අයිඩියල් සමූහයේ නිර්මාතෘ/සභාපති, නලින් වෙල්ගම මහතා සහ කාලගුණ විපර්යාස පිළිබඳ උනන්දුවක් දක්වන ප්‍රවීණයන් පිරිසකගේ මෙහෙයවීමෙන් Ideal Moksha නිර්මාණය විය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ නලීන් වෙල්ගම මහතා, අපේ තවත් නිෂ්පාදන දෙකක් අද එළිදක්වා තිබෙනවා. ඉන් එකක් තමයි විදුලියෙන් ක්‍රියාත්මක ඉලෙක්ටි්‍රක් මෝපඩ් රථය. ඒ එක්කම එන්ජිමක් සහිත ස්කූටර් එකක් අප ඉලෙක්ටි්‍රක් එකක් බවට පරිවර්තනය කර තිබෙනවා. ඒක tal retrofit නමින් හඳුන්වා තිබෙනවා. ශ්‍රී ලංකාවේ නිවෙස් ලක්‍ෂ 55ක් තියෙනවා. එම නිවෙස්වලින් බහුතරයක් සාමාන්‍යයෙන් විදුලි ඒකක 100-200 පමණ ප්‍රමාණයක් තමයි භාවිතා කරන්නේ. එවැනි අයට තමයි විශේෂයෙන් මෝපඩ් රථය සහ විදුලියට පරිවර්තනය කළ ස්කූටරය හා Moksha මෝටර් රථය උචිත වෙන්නේ.
ප්‍රභාත් විතාන
Divaina
වැඩි විස්තර – http://ow.ly/7HWe50K6Vus

Time for system Change By Dr. Tilak Fernando

0

The Seventh Executive President of the Socials Republic of Sri Lanka, Nandasena Gotabaya Rajapaksa RWP RSP, finally had to leave the country after a public campaign that commenced on March 31, 2022 at his private residence in Mirihana, Nugegoda.

On June 9, followed a rampage when protesters at Galle Face were allegedly beaten up by Sri Lanka Podujana Peramuna (SLPP) supporters, with iron bars and sticks. Among the protesters were looters and thugs who misbehaved engaging in tooting and arson where substantial modern houses of Parliamentarians and Government Ministers suffered heavy losses, including their luxury vehicles.

Gotabaya Rajapaksa was given a grace period of one month to step down from the Presidency. After a month, on July 9 large crowds made a forced entry into the President’s House at Fort. Colombo just before the President left the President’s House. ‘GotaGoHome’was the slogan protesters used.

The CID has so far collected ‘clear facial images of 20 suspects involved in the arson attack on the private residence of President Ranil Wickremasinghe at 5th Lane. Kollupitiya on July 9, 2022. The CID has managed to collect these images from the videos and photos released to social media by people who were present at the time of the arson attack from the unedited footage obtained from media organisations.
The CID has also found out that one of the suspects has gone to the UK via Dubai. The CID requested the public to assist them with identifying the suspects from their personal smart phones. Accordingly, photos are to be made public from the Police Headquarters. Apparently, the Fingerprint Department also visited every corner to ascertain the devastation that had been done at the President’s House, the Presidential Secretariat and the Prime Minister’s official residence.

The media stated that the fingerprints do match with the Crime Registry Office in Colombo where fingerprints of many known criminals were stored. It was also found that several people involved in the Aragalaya were among them.

Making History

The former President goes into Sri Lanka’s history books as the only President who had to quit the Executive Presidency midway due to unprecedented public protest. He was elected at the Presidential Elections held on November 16, 2019. with an impressive majority with a Government that had a two thirds majority in Parliament. The public expected so many changes from President Rajapaksa at the beginning, but his incompetency in selecting square pegs in round holes rather than those who helped him to walk into the Executive Presidency led to his downfall. His former advisers were professionals (Viyathmaca)but it was unfortunate that his so-called ‘favourite advisers’ or charlatans (the correct worth spoiled everything in the end.

The public initially was not aware of his whereabouts. Some speculated that he was hiding in a bunker, or flown to the Trincomalee Naval base. but later it appeared that he had flown to the Maldives Islands, his first destination and then proceeded to Singapore. He issued his letter of resignation from Singapore on July 15. There were only two instances of Sri Lankan Presidents or Prime Ministers resigning from their posts. One was when Prime Minister Dudley Senonayoke was forced to resign confronting a major trade union strike in the country in 1952. It was a voluntary resignation but not out of any public agitation. The second instance was when President Ranosinghe Premadoso was assassinated during a May Day rally. Here, of course, Dingiri Banda Wijetunge became the President without much hassle. On July 15. 2022, the Speaker received by email about President Gotabaya Rajapaksa’s letter of resignation officialty.The Prime Minister at the time Ranil Wickremasinghe was officially appointed as the President.

Enter New President
There were three candidates contesting for the Presidency. Ultimately, Ranil Wickremasinghe received the majority of votes after a secret ballot out of the Parliamentarians. Meanwhile, those who are involved in the ‘Arogaloyd insisted that Ranil Wickremasinghe should step down and let someone who is better qualified to function as the President. Whatever people may say about Ranil Wickremasinghe, he is an internationally recognised politician with toads of experience in Parliament; He was the only one out of 225 MPs in Parliament who bravely took up the challenge to resolve the economic crisis in Sri Lanka right now.

During his tenure as the acting President. he showed more charisma in comparison with former President Gotabaya Rajapaksa. But there were comments about his decision to expel the Aragalaya crowd from the Secretariat. The explanation by the Police was that the protestors gave a number of excuses as to why they were not vacating the entrance of the Secretariat. Meanwhile, the President had so many duties to perform at his office and the blocking of its entrance had to be cleared. The protesters were dragged out early in the morning on that day, which caused a dent in the new President’s image.

Ranil Wickremasinghe who was appointed as the President on July 20, 2022. has a difficult task ahead of him in pulling the country out of the dangerous predicament it is facing at present. There are no quick solutions to boosting the economy. which is going through difficult times. Let’s be honest and ask ourselves: Are there any qualified politicians in the country who are internationally recognised and who are capable of negotiating with international leaders, especially with the IMF? Former Finance Minister Ali Sabry, PC did a fine job in explaining to the IMF about the dire position in the country; he has been reappointed as the Minister of Foreign Affairs once again to negotiate with the IMF.

Unrest and turmoil or continuous demonstrations will not help to bring about a change to the lysteni. It is up to the clergy and his Eminence the Cardinal who have as a prime duty to feed some logic into the minds of the protesters in saving the country from plunging into anarchy, far worse than people had seen in the past. Therefore, both parties have no alternative but to advise the protesters to strictly adhere and respect Sri Lanka’s Constitution because no country will be able to survive without giving pride of place to law and order.

In a system change’ which the young protesters were frantic about, the new procedures should include wiping out corruption and bribery as a main feature. An independent Judiciary, with a much effective public service and efficient Police should be a criterion in projecting a new beginning.

By Dr. Tilak Fernando

ඈත අතීතයේ ලංකාව පිලිබඳ තොරතුරු ලොවට හෙළිකළ විදේශිකයෝ – 9 රොබට් නොක්ස් – 4 කොටස

0
1641 පෙබරවාරි 8 වනදා උපත ලද රොබට් නොක්ස් පළමුවන නාවික ගමන අරඹා  ඇත්තේ ඔහුට යන්තම් වයස 14 පිරුණු අවදියේ පටන්ය. නොක්ස්  සිය පියාගේ නායකත්වයෙන්  යාත්‍රාකළ  “ඈන්”  නැවෙන්  ලංකාවට පැමිණ  ඇත්තේ 1660 වසරේදියි  කියවේ. මෙහි ඒමට පෙර ඉන්දියාවේ වසරක කාලයක් ගතකර තිබු අතර ඉන්දීයාවෙන්  ගමන් ආරම්භකර ඇත්තේ  1658 ජනවාරි 21 ය ඇතැම් පර්වර්තනයන්හි සඳහන් වේ. මේ දින වකවානු බොහෝ විට වැරදි වන්නට ඉඩකඩ ඇති බව ඒවා නිරීක්ෂණය කරන විට පෙනී යයි.මිට ප්‍රධාන හේතුවක් වන්නට ඇත්තේ නොක්ස්ට හරි  හැටි දින වකවානු දැනගැනීමට ඔහුට ක්‍රමයක් එකළ  සිරගතව සිටි සමයේ නොතුබු බැවින් විය යුතුය.
රොබට් නොක්ස් පිලිබඳ  ලියවුනු පොත්පත් පර්වර්තන රාශියක්  ඔහුගේ මුල් පොතට පමණක් සීමාවී ඇත,  මේ අනුව ඩේවිඩ් කරුණාරත්න පරිවර්තනය කළ ” එදා හෙළදිව ” ඇතුළු පොත්පත් රාශියක සඳහන්  කර ඇත්තේ ඔහු ලන්ඩනයට පැමිණීම දක්වා  කියවෙන කතා පුවත පමණි.එහෙත් නොක්ස් ගේ  ලන්ඩනයේ ජීවිතය ඇරඹීමත් සමග නොක්ස් ගේ කතා පුවත  රට පුරා පැතිර  ගියේ  ඉතා කෙටි කලකිනි.ඔහු මුල් කාලයේ ලියු දෑ  වඩා ක්‍රමවත්ව  ලියන්නට ඔහු පෙළඹී ඇත. ඔහුගේ දේශනවලට ලන්ඩනයේදී සවන්දුන්  වියතුන් රැසක් ඔහුට ඒ සඳහා උපකාර කර ඇති බව මේ පොත්පත් වල සඳහන් වේ.  ඔහුගේ ඉගෙනීම එහිදී ඇරඹීමත්  සමග සරල බසකින්  ලියන්නට ඔහු පෙළඹී ඇත, .කල්යත්ම ඔහුගේ  දැනුම  මුහුකුරා ගොස් තිබුණි. මේ නිසා   මුල් මුද්‍රණයට වඩා  පසුව  සිදුකල මුද්‍රණ වලදී තවත්  කරුණු එකතු කරමින් ඔහුගේ සිරගතව සිටි කාලයේ තොරතුරු    මුල් පොත්හි නොමැති කරුණු රැසක් ඒවායේ සඳහන් කර ඇත. එහි බසක් ද සරල යොදාගත්  බවද  පෙනීයයි.   ඔහුගේ මුල් පොත කියවීමට  අපහසු  බසකින් ලියවී තිබුණි.
රොබට් නොක්ස් ගේ අභාවයෙන් වසර 165 පමණ පසු 1796 දී දිවයිනට පැමිණි  ඉංග්‍රීසි ක්‍රිස්තියානි පුජකවරයෙකු වූ ජේම්ස් කෝඩිනර්  විසින් ලියාතිබු ” අ ඩෙස්ක්රීප්ෂන් ඔෆ් සිලෝන් ” (A Description of Ceylon)හි       (නිශ්ශංක පෙරේරා ගේ සිංහල පරිවර්තනයක් ඇත.} ඔහු ගේ පසුකාලින ජීවිතය පිලිබඳ තොරතුරු රැසක්ම  සටහන් කර තිබුණු බව මෙහිලා සඳහන් කල යුතුය.තවද යසපාල වනසිංහ  පර්වර්තනය කල ” රොබට් නොක්ස් ගේ ලන්ඩන් ජීවිතය “පොතද  මේ පිලිබඳ තොරතුරු දැන ගැනිම සඳහා උනන්දුවක් දක්වන පාඨකයන්ට කියවිය යුතු  සරල බසින් ඉතා කෙටියෙන් කරුණු ලියා ඇති පොතක් බව සඳහන් කල යුතුය.
රජුගේ උදහසට ලක්වී සිරකරුවකු වශයෙන්  තැන ලද අත්දැකීම් සමුදාය ඔහු රහසේ ලන්ඩනයට පැනයාමෙන් අනතුරුව ප්‍රකාශයට පත්කළ මේපොත තරම්  එකළ  සිට මේදක්වා ජාත්‍යන්තර ප්‍රජාව පරිශීලනය කළ කතා බහට ලක්වූ පොතක් බිහිවී නැති බව සඳහන් කල යුතුය..එදා ඔහුගෙන් ලද මේ විස්තර ලංකා ඉතිහාසය වෙනස් කිරීමට තරම් ප්‍රබල එකක්  වූවායයි ඇතැම් ගත් කරුවන් විසින් ඒ ප්‍රකාශන වල සඳහන් කර තිබුණි. ඉන් ඔවුන් අදහස් කර තිබුණේ  ද පොත කියවීමෙන් ඉංග්‍රීසින් මෙහි පැමිණෙන්නට හේතුවක් වන්නට ඇති බවය.කෙසේ නමුත් බොහෝ ඉංග්‍රීසි පාලකයන්  මෙහි පැමිණීමට පෙරත් මෙහි රැඳී සිටි වකවානුව තුළදී ද රට ගැන දැනුම ලබා ගැනීමට අත්පොතක් ලෙස මෙම නොක්ස්ගේ පොත භාවිතා කර තිබුණි.මේ  බව මෙහි කලක් දිසාපතිවරයෙකු මෙන්ම පස්වන වැඩබලන ආණ්ඩුකරු ලෙස කටයුතුකළ  ශ්‍රීමත් ජේම්ස් ටෙනන්ට් මහතා  විසින් ප්‍රකාශයට  පත් සිය ලංකා  ඉතිහාසය පිළිබඳ  පොත් පෙළෙහිද  සඳහන් කර ඇත.
මෙම පොත දෙස් විදෙස් ඉතිහාසඥයින් ,සමාජ  විද්‍යාඥයින්.ලේඛකයින් ,පුවත්පත් කලාවේදීන් ,වත්මන් අන්තර් ජාලයේ පලවන බ්ලොග් හා වෙබ් අඩවි වළ  කරුණු හැදෑරීමේ මුල් ග්‍රන්ථයක් ලෙස මෙම පොත් සුලභව යොදා ගෙන ඇති බව ඒ පිළිබද සිදුකළ  සමීක්ෂණයකදී මට දැනගත හැකිවිය.ඇතැම් අය  කියවා ඇත්තේ  ඇතැම් පර්වර්තකයන්ගේ  පරිවර්තන බව කිව යුතුය.ඔවුන් විසින් නොක්ස් ගේ පසුකාලීන පොත් කියවූවා  නම්  ඒ පිලිබඳ කරුණු නිවැරදිව දැනගන්නට හැකිව තිබුනායි  මට සිතේ. ප්‍රේමචන්ද්‍ර අල්විස් ලියු පොත නිවැරදි පරිවර්තනයක් බව පුවත්පත් සටහන් වල කියවේ.මගේ උත්සාහය වුයේ ලංකාවේ හා ලන්ඩනයේ යන රටවල දෙකෙහිම  රොබට් නොක්ස් ගැන ලියු පතපොත ගැන විශ්ලේෂණයක යෙදිමටය. මාමිළඟ කලාපයෙන් ඔහුගේ සොහොන් බිමට ගිය ගිය ගැන ගමන් ගැන සටහනක් ඔබවෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙමි.
ඓතිහාසික සබඳතාව නොක්ස්ගේ ජීවිත කාලය තුළ නැවත මුද්‍රණය නොකළ අතර ඊළඟ වසර සියයකට ආසන්න කාලයක් එය ප්‍රකාශයට පත් නොවිය.මෙයට හේතුන් වශයෙන් ප්‍රකාශකයින්  කියා සිටියේ එය දිග වැඩි බවත්, පැහැදිලි නැත දින වකවානු නොගැලපෙන බවකි.නොක්ස් සිය නාවික කටයුතු වල නිරතවීම නිසා ඒවා සියල්ල නව සංස්කරණය කරන්නට විවේකයක්  ඔහුට නොමැති වීම නිසා මේ පොත මුද්‍රණ කටයුතු හරිහැටි සිදු කිරීමට නොහැකි විය, මෙම කාලය තුල එම පිටපත් කෙසේ හෝ  පිටපත්  කර ගත් ඩෑනියෙල් ඩෙෆෝ   මේ හා සමාන වූ දිවයිනක අතරමංවූ නාවිකයකු සම්බන්ධයෙන් කියවෙන රොබින්සන් කෘසෝ  කෘතිය ප්‍රකාශයට කර ගත්බව  වියතුන් රැසක් ලන්ඩනයේ දේශනවලදී  මෙන්ම  සිය පොත්පත්වල සඳහන් කොට ඇත. මින් ප්‍රධාන තැනක් ගත්තේ කැතරින් ෆ්‍රෑන්ක්ය.ඇය විසින් 2011 වසරේ ඇයගේ “Crusoe, Daniel Defoe, Robert Knox and the Creation of a Myth” යන ග්‍රන්ථයේ මෙම විෂය පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් කර  (pp 248-9):තිබුණි.ඩෑනියෙල්  ඩෆෝ  අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන ජනප්‍රියත්වයේ ඉනිපෙත්තටම  නැඟීමට කටයුතු  කර  තිබුණි.
එතැන් සිට, එක්සත් රාජධානියේ මෙන්ම ලංකාවේද ප්‍රකාශයට පත් කරන ලද ඔහුගේ ග්‍රන්ථයේ අනුවාදවල අඛණ්ඩ ප්‍රවාහයක් දකිය තිබේ. මෑත වසරවලදී ඉල්ලුමට අනුව මුද්‍රණ පහසුකම් පැමිණීමත් සමඟ ප්‍රවාහය නැවත මුද්‍රණය කිරීමත් සමඟ මුල්ම  පර්වර්තනය  ලන්ඩන් බෞද්ධ විහාරයේ වැඩ විසූ  පරවාහැර  වජිරඥාණ  හිමියන් විසින් සිදු කර ඇතැයි කියවේ. මෙහි පිටපතක් ලන්ඩන් විහාරයේ පවා සොයා ගත නොහැකි විය.ඓතිහාසික සබඳතාවයේ සිංහල පරිවර්තන තුනක් ද වී ඇත.
1817 දී රොබට් ෆෙලෝස් විසින් ‘ෆිලලෙතිස්’ යන නාමයෙන් පිටු 383 කින් යුත් ‘ලංකා ඉතිහාසය’ නම් පොතක් ප්‍රකාශයට පත් කරන ලද අතර එයට ඓතිහාසික සබඳතාවක්  ද අමුණා තිබුණි. මෙය ලන්ඩනයේ ජේ නිව්මන් මුද්‍රණාලයේ  විසින් මුද්‍රණය කරන ලදී. මෙය ඉක්බිතිව වාගේ 1818 දී J Hatchard, Booksellers to the Queen වෙනුවෙන් මුද්‍රණය කරන ලද ‘An Account of the Captivity of R Knox’ මගින් අනුගමනය කරන ලදී. 1911 දී ග්ලාස්ගෝ හි ප්‍රකාශකයින් වන ජේම්ස් මැක්ලෙහෝස් විසින් කලින් ලංකාවේ පදිංචිව සිටි ජේම්ස් රයන් විසින් සංස්කරණය කරන ලද ඓතිහාසික සබඳතාවේ අනුවාදයක් ගෙන එන ලදී. පිටු 459 කින් යුත් මෙම පොතට පළමු වරට නොක්ස්ගේ ස්වයං චරිතාපදානය ඇතුළත් විය, එය ඔක්ස්ෆර්ඩ් බොඩ්ලියන් පුස්තකාලයේ අත්පිටපතෙන් උපුටා ගන්නා ලද බවක් කියවේ.
 1948 දී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇති සහ ලංකා විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි පිළිබඳ මහාචාර්යවරයකු වූ ඊ .එෆ් .සී . ලුඩෝවික්   විසින් Oxford University Press විසින් ප්‍රකාශයට පත් කරන ලද “Robert Knox in the Kandyan Kingdom” නමින් පිටු 175 කින් යුත් පොතක් ලියා ඇත. මෙම පොත ඓතිහාසික සබඳතාවයේ 1681 සංස්කරණය මත පදනම් වූ නමුත් නොක්ස්ගේ මුල් කෘතියේ සම්පූර්ණ අනුවාදයන්  ඇතුළත් නොවේ.
1958 දී එස් ඩී සපරමාදු (ලංකා සිවිල් සේවය) ඔහුගේ ඓතිහාසික සබඳතාවයේ අනුවාදය ප්‍රකාශයට පත් කළේය. එයට නොක්ස්ගේ ස්වයං චරිතාපදානයේ ආරම්භක පිටු ඇතුළත් විය. එය මහරගම සමන් මුද්‍රණාලය මගින් ප්‍රකාශයට පත් කරන ලද අතර පිටු 304කින් යුක්ත විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලයාධිපති සහ ‘ලංකා ග්‍රන්ථ නාමාවලිය’ කර්තෘ එච්.ඒ.අයි. ගුණතිලක 1681 සංස්කරණය පාදක කරගනිමින් ඔහුගේ ඓතිහාසික සබඳතාවයේ පිටපතක් එළිදක්වන ලදී. එය පිටු 189ක් දිග වූ අතර 1995 දී නවදිල්ලියේ Navrang Booksellers and Publishers විසින් ප්‍රකාශයට පත් කරන ලදී. UK හෝ Ceylon ප්‍රකාශිත ඉහත සඳහන් කිසිදු අනුවාදයක බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති නොක්ස්ගේ දෙවන සංස්කරණයේ අත්පිටපතෙහි ඇති කරුණු අඩංගු නොවූ බව කියවේ.
 ජේ එච් ඕ . පවුළිස්  විසින් රචිත 1989 දී ඔහුගේ ඓතිහාසික සම්බන්ධතාවයේ අනුවාදය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මෙයට පිළියමක් යෙදී ඇති අතර මෙය එතෙක් මෙතෙක්  රොබට් නොක්ස් පිළිබඳව ලියා ප්‍රකාශයට පත් කරනලද  හිස්ටෝරිකල් රිලේ ෂන්  ඔෆ්  අයිලන්ඩ්  ඔෆ් සිලෝන්    .ඉතා හොඳ  අනුවාදයක්  වන අතර එය කොටස් දෙකකින්  සමන්විතවූ  මුල් පිටපත පිටු 508 කින්ද දෙවන 470 කින්ද  සමන්විත  පොත් කණ්ඩයක් විය. සබඳතාවයේ ‘දෙවන සංස්කරණය’ ලෙස හැඳින්වීමට ඔහුට හිමි විය.1928 දී නැවත කොළඹට පැමිණි ඔහු ප්‍රධාන ලේකම් කාර්යාලයේ ලේඛනාගාර අංශයට සම්බන්ධ විය. ඔහු 1956 දී රජයේ ලේඛනාරක්ෂකවරයා ලෙස රජයේ සේවයෙන් විශ්‍රාම ගත් අතර ඉන් පසුව ඔහු ඉන්දුනීසියාවේ ලංකා තානාපති ලෙසද සේවය කළේය.
Jan Hendrick Oliver Paulusz 1900 සැප්තැම්බර් 21 වන දින කොළඹදී උපත ලැබීය. ඔහු ඉගෙනුම ලැබුවේ ඔහුගේ පියා ගුරුවරයෙකු වූ රාජකීය විද්‍යාලයේය. ඔහුට 1917 දී රාජකීය විද්‍යාලයේ ෂේක්ස්පියර් ත්‍යාගය පිරිනමන ලදී. 1920 දී, 1921 දී ලංකා විශ්වවිද්‍යාල විද්‍යාලය ආරම්භ කිරීමට වසරකට පෙර, ඔහුට උපාධි අපේක්ෂකයින් සඳහා එක්සත් රාජධානියට යාමට රජයේ ශිෂ්‍යත්වයක් පිරිනමන ලදී. ඔහු ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් BA උපාධිය සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් MA උපාධිය ලබා ගත්තේය. ඔහු ඔක්ස්ෆර්ඩ් හි සිටින විට ඔක්ස්ෆර්ඩ්හි බොඩ්ලියන් පුස්තකාලයේ තිබූ නොක්ස්ගේ දෙවන මුද්‍රණ අත්පිටපත දැකීමට බොහෝ දුරට ඉඩකඩ  තිබුණි.
අප දැක ඇති පරිදි, බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ එච් .ඒ. බ්‍රවුන්හොල්ට්ස් ( H J Braunholtz )1939 දී නොක්ස්ගේ දෙවන සංස්කරණයේ අත්පිටපත හඳුනා ගැනීම බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ භාරකරුවන්ට වාර්තා කළේය. ඔහු වහාම H W Codrington ගේ සහාය ඇතිව Historical Relation හි දෙවන සංස්කරණයක් මුද්‍රණය කිරීමට සූදානම් වීමට කටයුතු කළේය. . දෙවැන්නා ඔක්ස්ෆර්ඩ් හි අධ්‍යාපනය ලබා ලංකා සිවිල් සේවයේ සාමාජිකයෙකු වූ අතර 1932 දී විශ්‍රාම ගියේය. ඔහු 1929 දී ප්‍රකාශයට පත් කරන ලද ‘Short History of Ceylon’ කතුවරයා විය. කෙසේ වෙතත්, දෙවන ලෝක යුද්ධය මැදිහත් වූ අතර ප්‍රගතියක් සිදු නොවූ අතර කොඩ්‍රින්ටන් 1942 දී මිය ගියේය.
පවුලස් මහතා  1948 ජූලි සිට 1949 සැප්තැම්බර් දක්වා ලේඛනාගාරය (Public Record Office )හි වැඩ කිරීමට ලන්ඩනයට යවන ලදී. බොහෝ විට ඔහුට බ්‍රවුන්හොල්ට්ස්  මුණගැසෙන්නට ඇත්තේ එම අවස්ථාවේදී වන අතර ඔවුන් දෙදෙනා දෙවන සංස්කරණය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට පටන් ගත්හ. 1955 දී Hakluyt සංගමය දෙවන සංස්කරණය ප්‍රකාශයට පත් කිරීමට අනුග්‍රහය දැක්වීමට එකඟ විය. Hakluyt Society යනු 1846 දී ලන්ඩනයේ ආරම්භ කරන ලද පෙළ ප්‍රකාශන සංගමයකි. එය ප්‍රාථමික මූලාශ්‍රවලින් ඓතිහාසික මුහුදු ගමන්වල සංස්කරණ ප්‍රකාශයට පත් කරයි. එය රිචඩ් හක්ලුයිට් (1552-1616) විසින් නම් කර ඇත්තේ මුහුදු ගමන් පිළිබඳ ආඛ්‍යාන එකතුකරන්නෙකු සහ සංස්කාරකවරයෙකුගේ නමිනි.
 1958 දී එස් ඩී සපරමාදු (ලංකා සිවිල් සේවය) ඔහුගේ ඓතිහාසික සබඳතාවයේ අනුවාදය ප්‍රකාශයට පත් කළේය. එයට නොක්ස්ගේ ස්වයං චරිතාපදානයේ ආරම්භක පිටු ඇතුළත් විය. එය මහරගම සමන් මුද්‍රණාලය මගින් ප්‍රකාශයට පත් කරන ලද අතර පිටු 304කින් යුක්ත විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලයාධිපති සහ ‘ලංකා ග්‍රන්ථ නාමාවලිය’ කර්තෘ එච්.ඒ.අයි. ගුණතිලක 1681 සංස්කරණය පාදක කරගනිමින් ඔහුගේ ඓතිහාසික සබඳතාවයේ පිටපතක් එළිදක්වන ලදී. එය පිටු 189ක් දිග වූ අතර 1995 දී නවදිල්ලියේ Navrang Booksellers and Publishers විසින් ප්‍රකාශයට පත් කරන ලදී. UK හෝ Ceylon ප්‍රකාශිත ඉහත සඳහන් කිසිදු අනුවාදයක බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති නොක්ස්ගේ දෙවන සංස්කරණයේ අත්පිටපතෙහි ඇති කරුණු අඩංගු නොවූ බව සටහන් වනු ඇත. පුස්තකාලය, නමුත් 1989 දී J H O Paulusz ඔහුගේ ඓතිහාසික සම්බන්ධතාවයේ අනුවාදය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මෙයට පිළියමක් යෙදී ඇති අතර මෙය වඩාත් විස්තර සහිත  අනුවාදයක් වේ.
මෙම දෙවන සංස්කරණය එකතු කිරීම, සඳහා  පිටු 470 ක හැඳින්වීමක් ලිවීම සඳහා වසර 60 ක් පුරා ගතකොට තිබු  ඔහුගේ උත්සාහය වෙනුවෙන් Pauluszට විශාල ණයගැතියව විය යුතුය. අවසාන වශයෙන් 1989 දී කෘතිය එළිදක්වන විට ඔහුගේ වයස අවුරුදු 89 කි. ඔහු දහහත්වන සියවසේ උඩරට රාජධානිය පිළිබඳ අපගේ දැනුමට බෙහෙවින් එකතු කර ඇති අතර ඔහුගේ පොත මෙම ලිපිය සඳහා බොහෝ මූලික තොරතුරු මූලාශ්‍රය වී ඇත.දෙවන මුද්‍රණයේ මුද්‍රණකරුවන් සහ ප්‍රකාශකයන් වූයේ දෙහිවල තිසර ප්‍රකාශකයෝ සමාගමය වේ. 1989 දී පොත ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ මෙම ආයතනයේ සභාපතිවරයා වූයේ ලංකා සිවිල් සේවයේ හිටපු එස් ඩී සපරමාදු මහතාය. ඔහු මීට පෙර 1958 දී ඓතිහාසික සබඳතාවයේ පිටපතක් ප්‍රකාශයට පත් කළේය. එබැවින් ඔහු නිෂ්පාදනයේ අවශ්‍ය දේ පිළිබඳව පූර්ණ සානුකම්පිතව දැන සිටියේය.
  මෙම පොත්වල වුයේ සරළ  බසින් ලියැවුණු  බසට වඩා ශාස්ත්රිය ගැඹුරු බසකින් ලියැවුණු  ඒ පිලිබඳ වැඩිදුර අධ්‍යනය කරන්නන්ගේ  ඉගැනීම හා කියවීම පිණිස ලියැවුණු  පොතක් යයි පැවසීම වඩාත් උචිතයයි මම සිතමි.
නොක්ස් ගේ ඒ සරල බසින් ලියැවු කතා පුවත අපි මඳකට අවතීරණ වෙමු. මට පිවිසිය යුත්තේ ඔහුගේ අවසන් කාලය පිලිබඳ නොක්ස් ලියු සංශෝධිත කතා පුවත ඔබ වෙත ගෙන ඒමටය.
රොබට් නොක්ස් ලංකාවට පැමිණියේ අනපේක්ෂිතවය.පියාගේ නැවේ  ලාබාල අවදියෙහි සේවය කරමින් සිටියදී සැඩ කුණාටුවකට හසුවීමෙන් නැවේ කුඹගස කැඩී  බිඳී යාමනිසාය. පසුව එය අලුත්වැඩියා   වැඩියාකර ගැනීමට ලංකාවේ කෙට්ටියාරම වරායට පැමිණ තිබුණි.නැවේ  කපිතාන්වරයාවු   ඔහුගේ පියා ඇතුළු  එහි සේවය කළ නාවිකයන් ඇතුළු පිරිස නැව අළුත්වැඩියා කරන තුරු  එහි රැඳී දින 20 පමණ කාලයක් ගතකර තිබුණි.මෙම කාලය තුළ  සුපුරුදු පරිදි නැව අයත් නැගෙනහිර වෙළඳ සමාගමේ උපදෙස් පරිදි වරාය අසල සැරිසරමින් වෙළඳ කටයුතු වලද නියැලී තිබු බව සඳහන් වේ. කෙසේ නමුත් කල්යත්ම  ලංකාව  එකල පාලනය දෙවන රාජසිංහ රජුගේ සහ ප්‍රාදේශීය නිලධරයන් ඔවුන් කෙරෙහි සැක උපදවා ගෙන   රාජ උදහසට ලක්වීමෙන් දිවයිනේ සිරකරුවන් බවට පත්ව තිබු බව කියවේ.
වෙළඳ කටයුතු වල නියැලීමට අවසර ගැනීම සඳහා කන්ද උඩරට රජු මුණගැසීමට එනලෙස  අණ කිරීමෙන් පසු ඒ ගැන සැක උපදවාගත් නොක්ස් ගේ පියා ඔවුන්  පැමිණි නැව  පිරිසක් සමග ආපසු යැවීමට පියවර ගෙනතිබුණි .14 දෙනෙකු පමණක් රජ හමුවීමට ගියේය. ඔවුන් රජු මුණගැසීමට අවස්ථාවක් දීම කල් යවමින් කාලයක් ගතවිය.
ඉන් අනතුරුව ඔවුන් තෝරා එකිනෙකා  හමුවීම වලක්වනුවස් කන්ද උඩරට විවිධ ප්‍රදේශවලට පිටත්කර යවනු ලැබුවේය.මෙහිදී වෙනසක්වුයේ නොක්ස්ගේ  පියා හා පුතු දෙදෙනාට එකම ස්ථානයක ජීවත්වීමට සැලැස්වීමය, මේ අනුව ඔවුන් හත්කොරලයේ බණ්ඩාර කොස්වත්තට යනු ලැබුවේය, මේ සිරගත කිරීම සිදුකළේ  ඔවුන් ගම්මාන වලට යවා රජුගේ අණසක පරිදි ගම්  වැසියන්ට ඔවුන්  පිලිබඳ  වගකීම පවරා ගමෙහි පදිංචිව සිටීමට සලැස්වීමයි.  ආහාරපාන ඔවුන් විසින්ම සපයා ගෙන ජීවිතය ගෙනයාමට ඔවුන්ට සිදුවූ  අතර . ඔවුන් ගේ ආරක්ෂාව හා සොයා බැලීමට ගම් වාසිනට හා ප්‍රධානීන්ට පවරා තිබුණි.මෙහි දී ඔවුන් මුල් කාලය තුල මෙවන් නුපුරුදු පරිසරයක වෙනත් බසක් කතාකරන අවම පහසුකම් ඇති මැසි මදුරු  උවදුරට ද මුහුණ දීමට  සිදුව ඇති බවත් නොක්ස් සිය කතා පුවතින් හෙළි කරයි.මුල් කාලසීමාවේදී හ‍රි හැටි නවාතැනක් නොමැතිව ඇදුම් පැළදුම් ආහාර පාන  නොමැතිව මේ  දුක්ඛිත ජීවිතයක්   ගතකල බව ද, මේවා සිහි කර මින් සිය පියාමෙන් ම ඔහුද හඬා  වැළපුණු  බවද , එහි පැමිණ යන්තම් මාස තුනක් යාමට මත්තෙන් සිය පියා මැලේරියා උණෙන් මිය ගිය බව සඳහන් කරයි.
නැගෙනහිර වෙළඳ සමාගම ලංකාවේ සිර ගතකළ  පිරිස බේරා පිණිස නැවකින් රජුට අශ්වයෙකුත් තෑගි  බෝග සමග දුත පිරිසක් ඒවා තිබුණි. කෙසේ නමුදු මේ පිරිසට එකළ  පැවැති  ලන්දේසි කැරැල්ලක් හේතු කොටගෙන රජු හමු වීමට කළක්  මෙහි රැඳී සිටින්නට සිදුව තිබු අතර  මේ අතරතුර තෑගි  පිණිස  රජුට ගෙනාආ අශ්වයාද මිය ගියේය. රජු දුත පිරිස  ආපසු හරවා යවා ඔහු සිරකරුවන්  සියල්ල මාලිගාවට කැඳවා ඔබලා  ඔහුට සේවය කරන්නට කැමතිද ? එසේනම්  නැතහොත් පෙරළා  මව් රටට යාමට කැමති දැයි විමසා සිටියේය.,ඔවුන්  සියල්ලම පවසා තිබුණේ  සිය මව්  රටට යාමට  කැමති බවයි. මේ නිසා ඔවුන් සියල්ල ආපසු  ඔවුන් රඳවා සිටි තැන්වලටම යැවීමට කටයුතු කළේය.
රජුට එරෙහිව අප සිටි ප්‍රදේශයේ  කැරැල්ලක් පන නැගුණු අතර කැරලිකරුවන් හා සටන් වැදීමට අපටද  සිදුවිය,.ඔවුන්  පලා  ගිය අතර අපට  ඔවුන් දමාගිය ආහාර හා නොයෙකුත් දේ ලබාගන්නට හැකිවුහ.මේ දේවල්  අපට එකල  නොයෙකුත් අගහිඟකම් මැද්දේ උන් අපට එය මහත් සැනසිල්ලක් ගෙනදෙන්නක් විය.
මේ සටනත් සමග අප ජීවත්වූ  ස්ථාන මාරු කර කන්දේ නුවරට බටහිරින් වූ හතර කෝරලේ හඳපාන්දුනුව  ගමට යැවිය,. එය තරමක් දේශගුණයක්  සැපදායක වු පෙදෙසක්විය.. ඒ අසල ලන්දේසි බලකොටුවක්ද තිබුනි. අප ඊට සතුටු උනත් කෙසේ නමුදු  කෙටි කලකින්ම අප ද රැගෙන එහි ගම්මු කඳු කාරයට පලා ගියේය.ඉන් පසු අපේ නවාතැන් පොළ වුයේ  කන්දේ නුවරට ආසන්නවූ ලැගුම්දෙනියයි. මා වැඩි කලක් කාලය ගත කලේ එලදත්තේය.1679 සැප්තැම්බර් 22 දින මා ස්ටීවන් රැට්ලන්ඩ් සමග එකතුව වෙළෙන්දන් මෙන් තොප්පි  වෙළඳාමේ  යන බව ගම වැසියනට පවසා කලින් සුදානම් කර ගත්  පරිදි  මවිසින්  හදා වඩා  ගත්  දියණිය මිතුරෙකුට  බාරදී  අප එනතුරු බලාගන්නැයි පවසමින් පළායාම  ආරම්භ කළේය. අප දෙදෙනා සැතපුම් 100 පමණ දුර ගෙවා 1679 ඔක්තෝබර් 22දා මන්නාරමේ ආරිප්පුව පිහිටි ලංදේසි බල කොටුවක් වෙත ලඟාවිය.ප්‍රථම වරට  නිදහස පිළිබද සැනසුම් සුසුමක් හෙලන්නට පට හැකිවුයේ එතැන් පටන්ය.ඔවුන් අපේ විස්තර  අසා මුහුදු බඩ   එවකට පාලනය කළ  ආණ්ඩුකාරවරයාවූ  රිප් ලොප් වැන්ඩගොන්  වෙත බෝට්ටුවකින් කොළඹ වෙත පිටත්කර යැවිය.
කොළඹදී  ලන්දේසි ආණ්ඩු කරුට  අවශ්‍යවුයේ  අප කිසියම් දිනෙක රාජසිංහ රජතුමා මුනගසුනාද යන්න දැනගැනීමටය. අපි දෙදෙනාම පැවසුවේ කිසි දිනෙක ඔහු මුණ ගැසුනේ නැති බවය.අප කන්ද උඩරට සිට නිදහස් පතා පැන  ආ  පුවත අසා බොහෝ ඉංග්‍රීසි ජාතිකයන් අප ගැන තොරතුරු  දැනගැනීම පැමිණි අතර අප  පිණිස  දෙදෙනා ඉන් අනතුරුව නැවකින්  බතාවියට පිටත්කර යැව්වේය.මේ නැව්  ගමන සිදු කලේ “සීසර්” නම් නැවෙනි.  එහි කපිතාන් වරයා අපේ දුක්බර කතා පුවත අසා කම්පාවට පත්ව අපට මහත් සැලකිලිලක් දැක්වූ කාරුණික අයෙකු විය. ඔහු මට  සිලිම්  5 ක මුදලක් දී  කඩදාසි පැන්සල්  දී  අපේ කතා පුවත ලියා තබන්නට දිරිමත්  කළේය.නැවේ  ගැන කළ  වෙළඳ නියෝජිතයෙකු දිනක් අපේ කතා පුවත අසා අප වෙත පැමිණියේය.ඔහු මගේ පියා ගැනත් පවුල ගැනත් දන්නා කෙනෙකු විය. ඔහු මගේ මව මිය ගිය බවත්, සොයුරිය දෙවන විවාහයක් කර ගෙන ඉන්න බවත්,සොහොයුරාද ජිවත්වසිටින පුවත මා හට සැනසිල්ලක් ගෙන දෙන  පුවතක් විය. ඔවුන් ජිවත්ව සිටින ලිපිනයන්ද ඔහු මට දන්වා සිටියේය.
1680 සැප්තැම්බර් මස අප දෙදෙනා ලන්ඩනයට ලඟාවිය,ලන්ඩනයේ දී  නැවේ කපිතන්ව දුන් මුදලින්  යන්තම්  රාත්‍රිය ගත කිරීමට  සෑහුන අතර උදෑසනම මගේ සොයුරියගේ නිවස බලා පිටත්විය. මා  එහි යනවිට ඔවුන් නිවසේ නොසිටි අතර මගේ විස්තර ඇසු  සේවකයා මේ සොහුරියගෙන් ඔහු අසාතිබෙන  තොරතුරු අනුව මගේ හැඩරුව අනුව මා අයගේ සොහොයුරෙකු බව  දැන  මා ඔවුන් එනතුරු එහි රඳවා ගෙන සිටියේය. දැනට විම්බලඩන්හි (සරේ ) ශාන්ත මේරි පල්ලිය  අසළ  පිහිටි අයගේ නිවසේදී වසර 23 පසුව අප සහෝදර සහෝදරියන් මුණගැසුණේ  දෙවියන්ට ආශිර්වාද කරමිණි .. අප තිදෙනාම හඬා  වැළපුණු අතර මගේ දුක්බර කතා පුවත ඔවුන් අසා සිටියේ  සිය නෙත්වල කඳුළු වගුරවමිණි.මගේ සොයුරිය මාහඳුනාගත්තේ මගේ ඇසට ඉහළින්  තිබු කැළලක් හඳුනා ගනිමිනි.ඉන් අනතුරුව ඔවුන් හා මා කැටිව ගියේ නැගෙනහිර ඉන්දීය නැව්  සමාගමේ ප්‍රධාන කාර්යාලය වෙතය. ඔවුන් මගේ කතාව අසා මට පවුම්  20 මුදලක්ද, මගේ මිතුරාට පවුම් 10 ක්ද, ප්‍රදානය කළේය.මෙය ගැන කම්පාවූ  එහි පැරණි නිලධාරියෙකුවූ ජේම්ස් සෑම්  බානක්  ගිනි 2 මුදලක් මගේ අත  මොළවා  දුන්නේය…..
තවත් කොටසක් ලබන කලාපයෙන්
නීතිඥ ශාන්ත සේනාධීර  -ප්‍රවීණ  පුවත්පත්කලාවේදී 

අපේ යුපුන් අබේකෝන් ලොව වේගවත්ම මිනිසා වේද?

ශ්‍රී ලංකාවේ නම අන්තයට පිරිහුණ සමයක මුළු මහත් ලොව අවධානය යොමු කරවන්නට යුපුන් අබේකෝන් විසින් කර ඇති මේ හපන්කම අප සදා සැමරිය යුතුය. ඔහුට ලෝකයේ වේගවත්ව මිනිසාවීමේ කඩඉම පසුකිරීමට ඇත්තේ තව ඉතා කාලයකි.ඔහුට මේ දක්වා කිසිවකුගෙන් මේ ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට අපේ රජයෙන් හෝ කිසිදු ආයතනයකින් මෙතෙක් ලැබී නැත.
අපේ රට ලොව තවමත් ඔසවා තබා ඇත්තේ ක්‍රීඩාවෙන් ඉසව් වලින් පමණකි.ඒ යටත් විජිත සමයේ ඉංග්‍රීසි පාලන සමයේ අපට හඳුන්වා දුන් ක්‍රිකට් ක්‍රීඩාව නිසාය. අපේ මල්ල ක්‍රීඩා ඉතිහාසයේ මෙතෙක් ඔලිම්පික් උළෙලට සහභාගී වී ඉන් පල නෙලා ගෙන ඇත්තේ සවල්ප දෙනෙකු පමණි. ඩන්කන් වයිඩ් ,සුසන්තිකා වැන්නවුන් තබන ලද සටහන් අපේ ඉතිහාසයේ රන්මය අකුරින් සටහන් වී තිබේ. මීටර් 100 ක්‍රීඩා ඉසව්ව ජය ගෙන ඇති බටහිර කොදෙව් ජැමෙයිකානු වන්ට අභියෝගයක් එල්ලකරන්නට කිසිදු ආසියාතිකයෙකුට මෙතෙක් හැකිවී නොමැත. ලොව බටහිර ජාතීන්ටද හැකිවී ඇත්තේ නම් ඒ ඇමරිකා එක්සත් ජනපදයේ අප්‍රිකානු සම්භවයක් හෝ ජැමයිකානු සම්භවයක් කිහිප දෙනෙකුට ඒ භාග්‍යය හිමිව ඇත.අපේ යුපුන්ට ඒ අපේ ඔලිම්පික් සිහිනය ඉටුකරන්නට ලැබේවායි අපි ඔහුට ශක්තිය දිරිය ලැබේවායි අපි සැවොම ආශීර්වාද කරමු.අපි ඔහුට ඒ සඳහා ආධාර උපකාර කරන්නට බලධාරීන්ට බලාකර සිටිමු.
කවුද මේ යුපුන් ?
යුපුන්ගේ සම්පුර්ණ නම :- මුදියන්සේලාගේ යුපුන් අබේකෝන් -27 හැවිරිදි යුපුන් මීගමුවේ පන්නල පුරවරයේදි 1994 දෙසැම්බර් 31 දා උපත ලබා ඇත. පන්නල ජාතික පාසලින් මුලික අධ්‍යාපනය හැදෑරු ඔහු පසුව වැඩිදුරඉගැනීම සඳහා වෙන්නප්පුවේ ජෝසප්වාස් විදුහලට ඇතුළු වී තිබුණි. ඔහු මල්ල ක්‍රීඩා සඳහා යොමුවූයේ 16 හැවිරිදි වියේ පටන්ය.වර්ෂ 2013 ආසියතිඅක මලල ක්‍රීඩා තරඟයටද, අනතුරුව 2015 ලෝක යුදහමුදා ක්‍රීඩා උළෙලේදී 3 වන ස්ථානය ලැබීම නිසා ඔහුට ක්‍රීඩා පුහුණුව සඳහා ඉතාලියේ ෆෙල්න්ග්ලිමොන්ග්ලි ක්‍රීඩා මධස්ථානයට ශිෂත්වයක් ප්‍රධානය කර තිබුණි, එය ඔහුගේ මෙම ක්‍රීඩා කඩඉමේ මුලාරම්භය ලෙස සඳහන් කල හැකිය.ඔහු එහි පුහුණුවීම් කරන අතරතුර ලංකාව වෙනුවෙන් ලොව පැවතී මල්ල ක්‍රීඩා උළෙල රාශියකටම සහභාගී වෙමින් අද පවතින ජය කනුව වෙත ලඟාවෙමින් සිය රට වෙනුවෙන් අප කැපවී කටයුතු කරන ක්‍රීඩා ශුරයෙක් ලෙස සඳහන් කල යුතුය.
පහත දැක්වෙන්නේ ඔහුගේ ඒ ගැන පලව තිබුණු අන්තර් ජාලයෙන් හමුවූ සටහන් රැසකි.
ඔහු 2021 ජනවාරි මාසයේදී ඉතාලි ගෘහස්ථ ශූරතාවලියේදී තත්පර 6.59 ක කාලයක් වාර්තා කරමින් ඔහුගේම පුද්ගලික සහ ජාතික ශ්‍රී ලංකා මීටර් 60 ගෘහස්ථ වාර්තාව අලුත් කළේය. ඔහු 2017 දී ඔහු විසින් අත්කර ගත් තත්පර 6.78 ක ඔහුගේම ජාතික ගෘහස්ථ වාර්තාව අභිබවා ගියේය.2021 මැයි 13 දින, ඔහු ඉතාලියේ පැවති දී සවොනා හි පැවති ශූරතාවලියේදී ඔහු විසින් පිහිටුවන ලද තත්පර 10.15 කින් තත්පර 10.15 කින් දක්ෂතා දක්වමින් ඔහුගේම පුද්ගලික මෙන්ම මීටර් 100 පිරිමි ඉසව්ව සඳහා ජාතික වාර්තාව අලුත් කළේය එම මාසයේම (2021 මැයි 21 දින), ඔහු ජර්මනියේ හි පැවති අන්හොල්ට් (Anhalt) 2021 තරඟයේ දී මීටර් 100 අවසන් තරඟයේදී ලබා ගත් තත්පර 10.09 තත්පර 10.09 පිරිමි ඉසව්වේ ඔහුගේම පුද්ගලික වාර්තාව වැඩි දියුණු කළේය.
ඔහුගේ වෘත්තීය ජීවිතයේ හොඳම ලෝක ශ්‍රේණිගත කිරීම් 48 දක්වා 2021 ජූනි වන විට, ඔහු ෆ්ලොරන්ස් හි (ෆ්ලෝරන්ස් ඩයමන්ඩ් ලීග්) 2021 පිරිමි 100 ඉසව්වේ සිව්වන ස්ථානයට පත්වීමෙන් ලෝක ශ්‍රේණිගත කිරීම් දක්වා ළඟා විය.ඔහු ඩයමන්ඩ් ලීගයට තරඟ කළ පළමු ශ්‍රී ලාංකිකයා බවටද පත් විය. ඔහු රෝම ඩයමන්ඩ් ලීගයට තරඟ කිරීමට පෙර ඔලිම්පික් ශ්‍රේණිගත කිරීම්වල 65 වැනි ස්ථානයට පත් විය. එම මාසයේම ඔහු 2020 ගිම්හාන ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට ද සුදුසුකම් ලබා ගත් අතර එය ඔහුගේ මංගල ඔලිම්පික් පිරිමි – මීටර් 100 ඉසව්වට තරඟ කළේය. 2020 ඔලිම්පික් උළෙල සඳහා සෘජු සුදුසුකම් ලබා ගත් පළමු සහ එකම ශ්‍රී ලාංකිකයා ද ඔහු විය. 1996 ඔලිම්පික් උළෙලේදී චින්තක ද සොයිසා සෘජුවම සුදුසුකම් ලැබීමෙන් පසු වසර 25කට පසු ඔලිම්පික් උළෙලේ මීටර් 100 ඉසව්ව සඳහා සෘජු සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා බවටද ඔහු පත් විය.
ඔහු ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වූ එකම ශ්‍රී ලාංකික පිරිමි මලල ක්‍රීඩකයා ද විය. 2021 ජූලි 31 වන දින, ඔහු ටෝකියෝ ඔලිම්පික් උළෙලේ තත්පර 10.32 ක කාලයකින් තම මීටර් 100 ධාවන තරඟය සම්පූර්ණ කළ අතර උණුසුම් ඉසව්වේ හයවන ස්ථානයට පත් වූ අතර එමඟින් ඊළඟ වටයට සුදුසුකම් ලැබීමට අපොහොසත් විය 2021 අගෝස්තු මාසයේදී, 2020 ගිම්හාන ඔලිම්පික් උළෙලේ සමාප්ති උත්සවය සඳහා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව විසින් ඔහු ශ්‍රී ලංකාවේ ධජය දරන්නා ඔහු විය.
2021 සැප්තැම්බර් මාසයේදී ඔහු 2021 දියමන්ති ලීගයේ කොටසක් වූ ජර්මනියේ සුරිච් හි පවතී තරඟාවලිහිදී සඳහා තරඟ කළ අතර පිරිමි මීටර් 100 අවසන් තරගයේදී තත්පර 10.25ක කාලයක් වාර්තා කරමින් නවවන ස්ථානයට පත් විය.
2022 අප්‍රේල් 24 වැනි දින, ඔහු ඉතාලියේ රීටි හි ස්ටේඩියෝ රාවුල් ගයිඩෝබල්ඩි හි පැවති පර්සියෝ කුසලානයේ රන් පදක්කමට හිමිකම් කීම සඳහා තත්පර 15.16 ක කාලයකින් පිරිමි මීටර් 150 ඉසව්වේ ආසියානු වාර්තාව බිඳ දැමීය.මීට පෙර පිරිමි මීටර් 150 ඉසව්වේ ආසියානු වාර්තාව 2017 දී තත්පර 15.35 ක් වාර්තා කළ ජපානයේ යොෂිහිඩ් කිරියු විසින් තබා ඇත. 2022 මැයි 22 දින ඉතාලියේ ග්‍රොසෙටෝ හි ස්ටේඩියෝ සෙචිනි හි පැවති තරඟාවලිහිදී ඔහු මීටර් 200 පිරිමි ඉසව්ව තත්පර 20.37ක නව ජාතික වාර්තාවක් පිහිටුවමින් ජයග්‍රහණය කළේය.
( අන්තර්ජාල සටහන් ඇසුරෙනි )
සටහන් – ශාන්ත සේනාධීර ලංකා නිවුස් යුකේ
Image credits – The Ceylon Today

මට රනිල්ගෙන් ඇමතිකම් ඕන නෑ…… මට මගේ රාජ්‍ය ඕනේ….

0
අපේ රට ආරාජිකත්වයට ගෙනයෑම පිලිබඳ විදෙස් කුමන්ත්‍රණය පිලිබඳ පාර්ලිමේන්තුව දැනුවත් කරයි.
වත්මන් වකවානුව තුළ අප රටේ රජය බිඳ දමා සැලසුම් සහගතව අපේ රට ආරාජිකත්වයට ගෙනයෑම කලක පටන් සිදු වෙමින් පවතී.ඒ ගැන කිසිදු කෙනෙකු පාර්ලිමේන්තුව තුළ හෝ ඉන් බැහැරව හෝ එළිපිට කතා කිරීමට පවා බියවුණු කාල සීමාවක අප හැම නොදැනුවත්වම අවතීර්ණවී සිටී . අපේ අරගල කරන ජනතාව තරුණ පිරිස් හෝ වුර්තිය සමිති මේ ගැන මෙලෝ හසරක් දන්නවාද , යන්න සැකයක්ම ද මතුවෙයි.ඇත්තෙන්ම ඔවුන්ද ඒ කුමන්ත්‍රණයේ කොටස් කරුවන්ද? නැත්ද?දනුවත්ව හෝ නොදැනුවත්ව ඔවුන් .ඒ උගුළට අසුවී ඇත.මේ පිලිබඳ විදෙස් මාධ්‍යවල පලවී ඇති ලිපි රැසකි.කලකින් ඒ පිලිබඳ කෙටියෙන් හෝ අපේ පාර්ලිමේන්තුව තුළ බොහෝ කරුණු හෙළි කරලීමට හිටපු ඇමතිවරයෙකු මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදු කල සාරගර්භ කතාවක් අප ඔබ සැමගේ අවධානය පිණිස පල කරන්නෙමු.විදෙස් සංවිධාන ලොව බොහෝ රටවල් මෑත අවදියෙහි කඩා බිඳ දැමු අයුරින් අප රටේ රජය බිඳ දැමීමේ කුමන්ත්‍රණයක් දැනට දියත්වෙමින් පවතිනවාද? මේ කතාව අසා ඔබේ බුද්ධියෙන් විමසාබලන්න අපි අරාධනා කර සිටින් නෙමු.මේ කතාව කළකින් පාර්ලිමේන්තුව උණුසුම් කළ මෙලෝ හසරක් නොදැන පාලනයට අත ඔසවන පිරිසකට දැනුම සපයා දෙන්නට මෙය අඩු තරමින් දැනුවත් වනු ඇති අපේ මතයයි.
ලංකා නිවුස් යුකේ.
31/07/2022

අපේ ගුවන් හපන්නු එතෙරත් වැඩ පෙන්නයි

0

මාධ්‍යම අප්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාව රාජකාරියේ නිරතව සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය මාධ්‍යම අප්‍රිකානු ජනරජයේ සන්නද්ධ හමුදාවට එරට ක්‍රියාත්මක කැරළිකාර කණ්ඩායමක් කළ ප්‍රහාරයක් සාර්ථකව වැලැක්වීමට දුන් සක්‍රිය දායකත්වය එරට සාමසාධක හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ඩැනියෙල් සිඩ්කි ට්‍රෝරේ මහතා ඇගයීමට ලක්කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

එහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය හෙලිකොප්ටර් දෙකක් යොදාගනිමින් ගොඩබිම් මෙහෙයුම් භටයන්ට සහයෝගය ලබාදෙමින් සාර්ථක ප්‍රහාරයක් එල්ල කළ බවත් එම ප්‍රහාරයෙන් කැරළිකරුවන් පළවා හරිමින් ප්‍රදේශයේ බලය මාධ්‍යම අප්‍රිකානු ජනරජ හමුදාව අතට පත්වූ බවත් ගුවන් හමුදාව පවසයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරිවලට භට කණ්ඩායම් යෙදවීමෙන් මේ දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 100 ක් පමණ රටට ලබාදී ඇති බව ද ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ ගෲප් තපිතාන් දුෂාන් විජේසිංහ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

Lankadeepa News Report – 24/07/22 – දියත
(යොහාන් භාසුර)

පාලිත බණ්ඩාර ලංකාවට රිදී පදක්කමක් – කවපෙත්ත විසිකිරීමෙන් ලැබ ගනී

ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් – කවපෙත්ත විසිකිරීමෙන්  ලැබ ගනී
මේ පදක්කම අගෝස්තු 3දා බර්මින්හැම් හි පැවති  පොදුරාජ්‍ය මණ්ඩලයේ මල්ල ක්‍රීඩා උළෙලේදී  ශ්‍රී ලංකාවට හිමිකර දී ඇත්තේ
එම උළෙල නියෝජනයකළ   පාලිත බණ්ඩාර  විසිනි. මේ අනුව අපට මේ වනවිට රිදී හා  ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට හැකිව තිබේ.
මෙතක් පැවති  පොදුරාජ්‍ය මණ්ඩල උළෙලකදී  පදක්කම් දෙකක් දිනාගෙන ඇති ප්‍රථම අවස්ථාව බව වාර්තාවල සඳහන්වේ.

පැරා මලල ක්‍රීඩක පාලිත බණ්ඩාර, පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලක රිදී පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස වාර්තා අතරට එක් විය.

2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය පැරා ක්‍රීඩා උළෙලේ කව පෙත්ත විසි කිරීම එෆ් 42 – 44 අංශයෙන් තරග කළ පාලිත බණ්ඩාර එහි රිදී පදක්කම දිනා ගත්තේ ය.

ඔහු දැක් වූ දක්ෂතාව මීටර 44යි දශම 2කි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු පොදු රාජ්‍ය මණ්ඩලීය පැරා ක්‍රීඩා උළෙලක දිනූ පළමු රිදී පදක්කම එය වේ.

ඒ අනුව ශ්‍රී ලංකාව මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා සිටී.