loader image
Home Blog Page 191

Henry Kissinger කියවපල්ලා

0

“දූරදර්ශී රාජ්‍යතාන්ත්‍රික පිළිවෙතක් නොතිබෙන රටකට විපත් බොහෝය. එනිසාම ඇතිවන අයහපත් ප්‍රතිඵල දරා ගන්නට නොහැකි වන තරම්ය. අප විසින් උදාකරගත් එවන් ගැටලු විසඳන්නට යෑමේදී තව තවත් සිරවීම්, පීඩනයන් මෙන්ම අභාග්‍ය සම්පන්න තත්ත්වයන්ටද මුහුණ පෑමට සිදුවේ. එහි ප්‍රතිඵලය වන්නේ නියමාකාරයෙන් හෝ අනියමින් හෝ අහිතකර තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවීමය. එනිසාවෙන් රාජ්‍ය පාලකයන් ප්‍රඥාවන්තයන් විය යුතු වන්නේය.”

මෙය, කීර්තිමත් රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු ලෙස ප්‍රකට, ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු 56 වැනි රාජ්‍ය ලේකම්වරයා වූ හෙන්රි කිසින්ජර් විසින් ලියන ලද කෘතියක වන “Diplomacy”හි සඳහන් වූවකි. එය මේ මොහොතේ ශ්‍රී ලංකාවේ දේශපාලන යථාර්ථය හා රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ හැසිරීම් පිළිබඳව යළි සිතා බලන්නට අප උනන්දු කරවන්නකි.

හෙන්රි කිසින්ජර් ඇමරිකානු පන්නයේ, ඇමරිකානු ආරේ, ඇමරිකාව දිනවන තාලේ අයකු යැයි ඇතැමුන් විග්‍රහ කළද, රාජ්‍යතාන්ත්‍රික භාවය පිළිබඳ සංවාදයේදී ඔහු කියූ උක්ත කරුණු බොහෝදුරට වැදගත් වීම නිසා එය බැහැර කළ නොහැකිය.

ඔහු රාජ්‍යතාන්ත්‍රික නිලධරයකු වශයෙන් පමණක් නොව එම දැනුම, එම විෂයය කෙරෙහි උනන්දුවක් දැක්වූ පර්යේෂකයන්ට දැනුම බෙදා දෙන්නට කැපවූ කතුවරයකුද වන්නේය. ඔහු ලියූ කෘති අතර white House Years (1979), Leadership: Six studies in world strategy (2022) යන ද්වය බෙහෙවින් කතාබහට ලක්වූ ඒවාය. එහි එන හෙන්රි කිසින්ජර් හුදු ඇමරිකානුවකුට වඩා ප්‍රමුඛ රාජ්‍යතාන්ත්‍රිකයකු වශයෙන් ඉස්මතු වෙයි.

කිසින්ජර් පවසන, දූරදර්ශී රාජ්‍යතාන්ත්‍රිකයන් අපට සිටියේ නම් චීනයෙන් පැමිණි යුවාන් වැන්ග් 5 නෞකාවත්, ඉන්දියාවෙන් ලහිලහියේ පිරිනැමුණු නිරීක්ෂණ ගුවන් යානයත් පිළිබඳව හටගත් රාජ්‍යතාන්ත්‍රික වියවුල නොවන්නට තිබුණේ යැයි සිතෙන්නට පුළුවන. එසේ නම් රාජ්‍යතාන්ත්‍රික භාවයේ ‘අ’ යන්නවත් නොදත් අය අතර එය වූවාදෝයි යන්න හැඟෙන තරමට ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා කළමනාකරණය කනගාටුදායක තැනකය.

“හිටපු ජනාධිපතිවත්, අගමැතිවත් නොදැන ඔවුන් දැනුවත් නොකර, චීනයේ සිට ඇතැම් රාජ්‍ය නිලධාරීන් විදේශ කටයුතු අමාත්‍යාංශයත්, ආරක්ෂක අමාත්‍යාංශයත් නොමඟ යවා චීන නැව් ගෙන්වා ගත්තාලු. එහෙම නැව් ගෙන්වා ගනිද්දි ඉන්දියාව තරහා වෙන බව මේ අය දන්නේ නැද්ද? චීනයත්, ඇමරිකාවත්, ඉන්දියාවත් ඇතුළත් බල තරගයේ, අරගලයේ අහිතකර තත්ත්වයක් ඇති වුණේ ඒක නිසාලු. මෙහෙම එක එක උන්දැලාට ඕන හැටියට තීන්දු තීරණ ගන්නට ගියොත් රටක් ඉතිරි වේවිද?”

රටතොට කතා බහට ලක් වෙන දේ සරල අවබෝධයක් ඇති ජනතාවට දැනෙන්නේ එසේය. මේ කියන විධියට එය එසේ වී නම් රාජ්‍ය පාලනයේ අනෙකුත් දෑ සිදුව තිබෙන්නේද මෙවැනි තත්ත්වයක් හරහා දැයි ඕනෑම කෙනකුට සිතෙනු ඇත.

හෙන්රි කිසින්ජර්ගේ උක්ත කෘතිය කියවන ඕනෑම දේශපාලන මතයක සිටින්නකුට වුව හැඟෙන එක් දෙයක් මෙසේ යැයි කිව හැකිය.

“නිලධාරීන් දෙන උපදෙස් එයාකාරයෙන්ම පිළිගන්නට තරම් රාජ්‍ය නායකයන් දුර්වල වුණොත් එය අතිශය භයානකයි. තීරණයක් ගනිද්දී එය හැම පැත්තකටම බලපාන ආකාරය ගැන සිතා, ඒ ගැන දැනුවත්, විශේෂඥයන්ගේද අදහස් විමසා අනාගතයටත් බලපාන ආකාරය ගැන සිතා ඉතා විශ්වාසවන්ත උපායශීලී දූරදර්ශී තීරණම ගන්න ඕනෑ. බුද්ධි මණ්ඩලය තනි මිනිහෙක් මත යැපෙන්නෙ නෑ. මත කිහිපයක්. එය විවිධාකාරයි. ඒ හරහා පෙනෙන සත්‍ය නිවැරදිම නම් තමයි තීන්දුවත් නිවැරදි වෙන්නෙ. නැත්නම් එක එක මිනිසුන්ගෙ අනුවණ තීරණ නිසා රාජ්‍ය නායකයාත් අමාරුවේ වැටෙනවා. රටත් අනතුරක වැටෙනවා.”

1973 සැප්තැම්බර් 22දා දිවුරුම් දුන් හෙන්රි කිසින්ජර් ඇමරිකානු නායකයන් රැසකගේම පැටිකිරිය දන්නා ප්‍රායෝගික මිනිසෙකි. ඔහු මෙම කෘතියෙහි දක්වන කරුණු කාරණා අනුව පෙනෙන්නේ ඇතැම් නායකයන් ගත් අනුවණ තීන්දු තීරණ නිසා වූ මහත් වූ විපත්ද තිබුණු බවකි. ඒ සඳහා පරිචයක් ලබන්නට හෙන්රි කිසින්ජර්ට හැකි වූයේ ඔහු 1969 ජනවාරි 20දා සිට නොවැම්බර් 3 දක්වා ජනාධිපතිවරයාගේ ජාතික ආරක්ෂක කටයුතු සඳහා සහකාර නිලධාරියා ලෙස කටයුතු කර තිබීම නිසාද විය හැකිය.

අදාළ තනතුරට ගැළපුණු, දුරදිග හිතන, විශිෂ්ට ගණයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු වූ නිසාම කිසින්ජර්ව, ජනාධිපති රේගන් විසින් 1983දී මධ්‍යම ඇමරිකාව පිළිබඳ ජාතික ද්විපාර්ශ්වික කොමිසමේ සභාපතිවරයා ලෙස පත්කරන්නේ නිකමටම නොවේ. ඔහු අදාළ විෂයයට අවැසි දැනුම හඹා යන, එම විෂයයෙහි ප්‍රායෝගික නිපුණයකු වූ නිසාම ඇමරිකානු ජයග්‍රහණ වෙනුවෙන්ම ඔහුගෙන් වන සේවය කැපී පෙනුණේය. එය කෙතරම්ද කියතොත් ඔහු ජනාධිපතිවරයාගේ විදේශ කටයුතු පිළිබඳ බුද්ධි උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු ලෙසද පත් කළේය. තවදුරටත් ඉහළට යන ඔහු 1986-1988 දක්වා ජාතික ආරක්ෂක කවුන්සිලයේ සහ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ දිගු කාලීන උපාය මාර්ග පිළිබඳ කොමිසමේ සාමාජිකයකු ලෙස විශිෂ්ට කාර්යභාරයක් ඉසිලුවේය. 2001 සිට 2016 දක්වා ආරක්ෂක ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයකුද වූයේය.

කිසින්ජර්ලා වැනි අය නැති ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී කෙතරම් රික්තයක් තිබෙන්නේ දැයි රට තොට ජනතාව කියන කතා ඇහෙද්දී සිතෙන්නේය. ඉන් එකක් මෙසේ සාරාංශ ගත කිරීම වැදගත්ය.

“මොකක්ද මේ විහිළුව? චීන නැවට එන්න අවසරයක් දුන්නා කිව්වා. ඊට පස්සේ හපොයි නැව ආවොත් ඉන්දියාව තරහ වේවිනේ කියලා කිව්වා. ඉන්දියන් මාධ්‍ය ලංකාවට රිදෙන්නත් දුන්නා. ඉන්දියානු නායකයොත් කලබල වුණා. චීන නැව එන එක නතර කළෙත් නෑ. හිටි ගමන් ලංකාව කිව්වා අනේ දැන්ම එන්න එපා. ගමන පමා කරන්න කියලා. චීනේ රතු කට්ට පැන්න නිසා අප නැව එන එක නැවැත්තුවේ නෑ. ඉන්දියාව ආයෙත් අනතුරු හැඟෙව්වා. ආයෙත් අපි කියපු නිසාද මන්දා චීන නැව ලංකාව දිහා බලාගෙන අෑත දියඹේ නතර කරන් හිටියා. චීනෙයි ඉන්දියාවයි එකට එක කියන්නා වගේ පරස්පර මත පළ කළා. චීන නැව නතර කළොත් IMF ආධාර ගන්නත් බැරි වෙනවා කිව්වා. ඉන්දියාවත් රත් වෙලා. චීනයත් කඩුව අරන්. අන්තිමට නැවට එන්න දෙන්නම වුණා. ඒත් එක්ක ඉන්දියාව එකට එක කළා වගේ සමුද්‍රීය පරීක්ෂණ යානයක් ලංකාවට දීලා පෙන්නුවා. උඹලා චීන නැව් ගෙන්න ගත්තත් අපි ඒ නැවේ ඒ තොරතුරුත් හොයා ගන්නවා කිව්වා. මේක තනිකරම චීනෙත්-ඉන්දියාවත් එක්ක කතා කරලා කලින්ම ගැටලුවක් එන්න නොදී අපට ගොඩින්ම බේරාගන්න තිබුණු දෙයක්. මොනවා වුණත් මේ තත්ත්වය ඒ හැටි ගුණ නෑ.”

ඒ හැටි ගැඹුරු රාජ්‍යතාන්ත්‍රික ක්‍රමවේදයන් ගැන නොදන්නා මේ සාමාන්‍ය ජනතාව එහෙම කියනවා නම් ඒ වගවත් නොතේරෙන රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සිටී නම් ඒ අය කෙතරම් බූරු රැළක් දැයි සිතෙනු ඇත.

විදේශ කටයුතු පිළිබඳව පරතෙරට හැදෑරූ කිසින්ජර්, ඔහුට එම කටයුතු සියල්ල පූර්ණ කර ගන්නට හැකි වූයේ ප්‍රායෝගික අත්දැකීම් හරහා පැමිණි දුෂ්කර ගමන් මඟ නිසා බැව් කිසින්ජර් කිහිපවතාවකම මාධ්‍යට කියා තිබුණේය. ජර්මනියේදී ‘ජර්මන්කාරයකු’ ලෙස ඉපදුණු ඔහු 1943 ඇමරිකාවට පැමිණ එහි පුරවැසියකු බවට පත්වූයේය. උපතින් ඇමරිකානුවකු නොවූ නිසා ඔහු ජර්මනියේ උපත ලද ප්‍රායෝගික බුද්ධිමතුන්ගේ ජානමය සම්භවය ඇත්තකු සේ කැපී පෙනුණේය. මතු වී උඩට ආවේය. ඒ ඔහු සතු බුද්ධිමත් බව හා වඩාත් ප්‍රායෝගික මෙන්ම උපායශීලී බවද නිසාවෙනි. 1943 සිට 1946 දක්වා ඔහු යුද හමුදාවේද සේවය කොට ඇත්තෙකි. හමුදාවට ගිය තවත් එක් විශ්‍රාමිකයකුව කටමැත ‍ෙදාඩවන දේශපාලකයකු නොවූ කිසින්ජර් උගත්කමින්ද සම්පූර්ණ වන්නට ඉටා ගත්තෙකි. ඒ නිසාදෝ හාවර්ඩ් කොලීජියෙන් ලබා ගත් එම්.ඒ. සහ පී.එච්.ඩී. උපාධි ඔහුගේ දිවි මඟ සරසන්නට ආධාරක වූ ඒවා බවට පත් විය.

1923 මැයි 27දා උපත ලද මේ ප්‍රායෝගික මිනිසාට වයස 99කි. තවමත් හෙතෙම කීර්තිමත් රිපබ්ලිකන් පක්ෂයේ සාමාජිකයෙකි. ලොවට බොහෝ රාජ්‍යතාන්ත්‍රික ප්‍රවීණයන් බිහි කිරීමට දැනුම විසල්ව ලබා දුන්නෙකි.

කිසින්ජර්ගේ ප්‍රකට කියමන් කිහිපයක් අතර මේවා ප්‍රමුඛය.

“සතුරා කෙසේ දැයි දැනගන්නට ඔබ සතුරකුගේ චින්තාවන් හඳුනාගත යුතුයි. එහි අදහස නම් පරපෝෂිතයකුට වුව සතුරකු සිටිය හැකි බව සිතා ගැනීමය. එසේම එම ගමනේදී මධ්‍යස්ථ බව ගුණයක් බවට පත්වන්නේ ඕනෑම විටෙක කිසියම් දෙයක විකල්පයක් ඇතැයි සිතන අය තුළය. බලයද එසේමය.”

කිසින්ජර් කියන අදහස් සමඟ ඔහු ඇමරිකානුවකු යැයි සිතාන ඔබ එකඟ නොවිය හැකි මුත් ඉන් මතුකර පෙන්වන ගැඹුරු අදහස් අපට එකහෙළා බැහැර කරන්නටද බැරි තරම්ය. මේ කිසින්ජර්ගේ තවත් අදහස්ය.

“කිසියම් ජාතියක් අතීතයෙන් පාඩම් ඉගෙන ගන්නේ කලාතුරකිනි. එයින් ඔවුන් නිවැරදි නිගමනවලට එළැඹෙන අවස්ථාද දුර්ලභය. රාජ්‍යයද බිඳී යා හැකිය. එහෙත් සදාචාරාත්මක සීමාවන් මත එම රාජ්‍යයේ පැවැත්ම අවධානයට ලක් කිරීමට රාජ්‍ය පාලකයාටද සදාචාරාත්මක අයිතියක් නොමැත්තේය.”

කෙසේ වෙතත් ඔහු විසින් රචිත On China කෘතියේදී ඔහු සිය පුළුල් නිරීක්ෂණ බුද්ධිය මෙහෙයවා කළ වෙසෙස් රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාදාමයන් කිහිපයක් විස්තර කරයි. චීනය එහිදී ඔහුට ප්‍රමුඛය. දශක ගණනාවක් බටහිරත් සමඟ මෙන්ම චීන්නු සමඟ වූ සමීපතා හා සාකච්ඡාවල ගැඹුර ඉන් ධ්වනිතය. එනිසා නවීන සබඳතා හැඩගස්වා ගැනීමට උදවු කළ රටකට පළමුවරට ඔහු ගොස් කළ දෑ විචිත්‍රවත්ව දක්වයි. එහි ඇති විශේෂය නම් වසර හතළිහක් පුරා චීන නායකයන් සමඟ ඔහු කළ සංවාද මත පදනම්ව චීනය සිය ඉතිහාසය පුරා රාජ්‍යතාන්ත්‍රිකත්වය, උපායමාර්ගිකත්වය හා සාකච්ඡා වෙත ප්‍රවේශ වූ ආකාරය දැක්වීමය. එම විමර්ශනයට අනුව ගෝලීය බල තුලනයේ ප්‍රතිවිපාකද ඔහු පෙන්නුම් කරයි.

ඔහු එහිදී කිසියම් දැක්මක් ඉස්මතු කරයි. එනම් වෙනත් කිසිම රටකට චීනයේ පැරණි අතීතයට සහ සම්භාව්‍ය මූලධර්මවලට වඩා බලවත් සම්බන්ධයක් හිමි විය නොහැකි බව පැහැදිලිව දක්වන ඔහු ඕනෑම රටක් සිය උත්සාහය වශයෙන් කිසියම් කටයුත්තක් ඇරැඹිය යුත්තේ නම් එම රටේ දීර්ඝ ඉතිහාසය අගය කිරීමෙන් බව කියයි.

කිසින්ජර් ඇමරිකානු මතවාදය පෝෂණය කරන්නෙකැයි ඇතැමුන් අවමන් කළේ වුවද ඔහු චීනය පිළිබඳව මධ්‍යස්ථව කළ දැක්මක්ද වෙයි. එය මෙසේය.

“චීනයට සන්සන්දනාත්මක ප්‍රමාණයෙන් සහ නවීනත්වයෙන් යුත් වෙනත් සමාජ හමුවූයේ කලාතුරකිනි. එය ‘මධ්‍යම රාජධානිය’ වූ අතර එකී පරිධියේ සිටි ජනයා යටත් රාජ්‍යයන් ලෙස සැලකීය. ඒ අතරම, පිටතින් ආක්‍රමණවල තර්ජනවලට මුහුණදෙන චීන රාජ්‍ය නායකයන් සහ තරගකාරී කණ්ඩායම්වල තරග ඇතුළත, උපායමාර්ගික චින්තනයේ තත්ත්වයන් වර්ධනය කරන ලද අතර එය සූක්ෂ්ම බව, ඉවසීම යන ගුණාංගයන් සටන් දක්ෂතාවන්ට වඩා අගය කරන ලද්දේය.”

එබැවින් ලෝකය විනිවිද දකින දැනුමින් පිරි මිනිසුන්ට තමන්ගේ රාජ්‍යය නිවැරදි දිශානතියට රැගෙන යෑමට හැකියාව ඇත. එම දැක්ම දවසෙන් දෙකෙන් ‘බේ‍රායිලර් කුකුල්ලු’ හදාගන්නාක් මෙන් රාජ්‍යතාන්ත්‍රිකයන් හදා ගන්නට බැරිය. දැනුමින් පිරි තැනැත්තාට ඕනෑම රාජ්‍යතාන්ත්‍රික අභියෝගයක් ජයගත හැකි දර්ශනයක් නිසඟයෙන්ම උපදින්නේය. ඔහු හෝ ඇය තමන්ගේ රාජ්‍ය නායකයා කෙතරම් බූරුවකුව හැසිරුණද ඔහුගේ බූරු බව නසා, මනස හදා නිවැරදි තීන්දුවක් වෙත රැගෙන යන්නට දක්ෂකම් ඇත්තේය. අතීතයේ සිට අපට බොහෝ තැන්වල සිටියේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් නොව බූරුවන්මය.

කිසින්ජර් ඇමරිකානුවකු වුවත් ඔහුගෙන් උගත යුතු පාඩම් විසල්ය. රාජ්‍යතාන්ත්‍රිකයන් නොවන බූරුවන් වෙත්නම් උන්ට කියන්නට ඇත්තේ හෙන්රි කිසින්ජර්ලා කියවපල්ලා කියලාය.

සජිත් රෝහිත ලියනගේ

සරදියෙල් ගලෙන් වැටී පේරාදෙණිය සරසවි සිසුවිය මරුට

මාවනැල්ල උතුවන්කන්ද සරදියෙල් ගල නැරඹීමට පැමිණි පේරාදෙණිය සරසවියේ සිසුවියක් එමගල් පර්වතයෙන් වැටී බරපතල තුවාල සිදුවීම නිසා මියගිය බව මාවනැල්ල පොලිසිය කියයි.මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ 27 හැවිරිදි ඇල්පිටිය ප්‍රදේශයේ තරුණියකි. ඇය ඇතුළු සිසුන් 60ක් පමණ අද උදැසන උතුවන්කන්දේ සිට පාගමණින් සරදියෙල් ගල නැරඹීමට පැමිණ තිබුනේ බස්රථ වලිනි. මෙම අනතුර සිදුව ඇත්තේ එම කන්දේ ඉහල කොටසේදියයි මාවනැල්ල පොලිසියේ පොලිස් පරීක්ෂක ලසන්ත කළුආරච්චි ප්‍රකාශ කළේය.

ඇය උපාධිය අවසන් කර වැඩිදුරටත් අධ්‍යාපනයේ නිරතව සිටි අයෙකු බව කියවේ.මේ වන විට ඇගේ දේහය මහ රෝහලේ තැන් පත් කර ඇති අතර එහි පොලිසිය වැඩිදුරටත් පෙරික්ෂණ සිදු කරයි

සමන් විජය බණ්ඩාර/ ශේන් සෙනෙවිරත්න

අද නිවුස් පුවතක්

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් ලක්ෂ 67කට ප්‍රමාණවත් ආහාර වේලක් නැහැ

0

ශ්‍රී ලංකාවේ ලක්ෂ 57ක ජනතාවක් මේ වන විට මානුෂීය ආධාර අවශ්‍ය වන තත්ත්වයක පසුවෙති. තවත් ලක්ෂ 63ක් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ පා සිටිති. ලක්ෂ 67ක ජනතාවක් ප්‍රමාණවත් ආහාර වේලක් අනුභව නොකරති.

මේ, ලෝක ආහාර වැඩසටහන මෑතක දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවක සඳහන් මූලික දත්ත කිහිපයකි. උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ පා සිටින පීඩිත තත්ත්වයේ තරම මෙම සංඛ්‍යා දත්තවලින් පිළිබිඹු වෙයි.

ආහාර අර්බුදයේ බලපෑම
මිලියන 22ක ජනගහණයක් සිටින ශ්‍රී ලංකාව වසර 70ක් තුළ උදාවූ දරුණුතම ආර්ථික අර්බුදය විසින් ගෙන එන ලද දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටියි.

එක්සත් ජාතීන් පෙන්වා දෙන්නේ ඉන්ධන හිඟය හා බලශක්ති හිඟය, ඉහළ උද්ධමනය, ඉහළ යන භාණ්ඩ මිල සමඟ ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව යි.

අසාර්ථක කෘෂිකාර්මික පරිවර්තන ක්‍රියාවලිය හරහා කෘෂි නිෂ්පාදන බරපතල ලෙස හීනවීම මඟින් අර්බුදය තවත් ගැඹුරුවී ඇතැ යි එක්සත් ජාතීන් පෙන්වා දුන්නේ ය.

ආහාර සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සඳහා මිලගණන් ඉහළ යෑම, ආදායම් අහිමිවීම සමඟ ප්‍රමාණවත් පෝෂ්‍යදායී ආහාර ලබාගැනීම වඩවඩාත් දුෂ්කර වී ඇතැ යි ලෝක ආහාර වැඩසටහන ද පෙන්වා දෙයි.

රසායනික පොහොර තහනම රටට කෙසේ බලපායිද ?
සාගතයක් අත ළඟ; ආහාර අර්බුදයකට සූදානම් විය යුතු බවට අනතුරු ඇඟවීම්
ආර්ථික අර්බුදය: ශ්‍රී ලංකාවේ සෑම පවුල් තුනකින් එකකම දරුවන්ගේ හැසිරීමේ වෙනසක්
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2022 මැයි මාසයේ දී 58% තිබූ ආහාර උද්ධමනය ජූනි මාසයේ දී 75.8% දක්වා ඉහළගොස් ඇත.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය පෙන්වා දෙන්නේ එම කාලය තුළ අගනුවර කොළඹ ආහාර උද්ධමනය 80%ක් ලෙස ඉහළගොස් ඇති බව යි.

ආර්ථික අපහසුතා හේතූවෙන් තම දෛනික ජිවිතයේ ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකියාවක් නොමැතිව ඉතා දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දෙන බොහෝ පවුල් සම්බන්ධ මාධ්‍ය වාර්තාද දිගින් දිගටම පළවේ.

මීට පෙර බිබිල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සම්බන්ධයෙන් පළවූ එවැනි වාර්තාවකදී ඇය පවසා තිබුණේ මෙවැන්නකි. “මම අද දවසට කාල නැහැ. කොස් ඇට බැදලා දවල්ට කෑවේ…හාල් තිබුණේ නැහැ ගෙදර. මහත්තයා නැතිවුණා. දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා.”

බීබීසී සිංහල සේවයේ අප කළ සොයා බැලීමකදී කැස්බෑවේ පදිංචි පී.ජයවතී අදහස් දක්වමින් කියාසිටියේද ඊට සමානම අත්දැකීමකි.

“මගේ මහත්තයට පිලිකාවක්. අපි ජීවත් වුණේ පොල්කටු හැඳි හදලා. දැන් තියෙන බඩුවල ගණන් හැටියට අපි කොහොමද ජීවත් වෙන්නේ. බිත්තරයක් 60යි. මහත්තයට කෑම කන්න අපහසුයි. බොන ජාති තමයි දෙන්නේ. කිරි එකක්වත් දෙන්නේ කොහොමද අද කිරිපිටිවල ගණන්. හාල් කියද? පරිප්පු කීයද? හරිම අපහසුවෙන් තමා අපි ජීවත් වෙන්නේ” යැයි කියා සිටියාය.

කොළඹ ගර්භනී කාන්තාවන් සඳහා ලබාදෙන වවුචර් නිරීක්ෂණය කළ ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කරන්නේ අර්බුදය හේතුවෙන් ඔවුන්ගෙන් 84%කට සිය ආදායමෙන් කොටසක් හෝ මුළු ආදායම අහිමිවී ඇති බව යි.

ශ්‍රී ලංකාවේ පවුල් 10කින් නවයකම මාසික අදායම රුපියල් 50,000කට අඩුබවත්, ප්‍රතිලාභීන් මතුකර ඇති ගැටලු වලින් 93%ක්ම ආහාර මිල පිළිබඳ ගැටලු බවත්, ආහාර හිඟය 77%කට බලපා ඇති අතර ඉන්ධන හිඟය හේතුවෙන් ප්‍රවාහන ගැටලු ඇති බවත් ප්‍රතිලාභීන්ගෙන් 75%ක්ම කරුණු දක්වා තිබුණි.

ගාල්ල, මුලතිව් සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ජනතාව සඳහා ආධාර සැපයීමට ලෝක ආහාර වැඩසටහන කටයුතු යොදා ඇති අතර, අනතුරුව අම්පාර, කොළඹ, යාපනය, කුරුණෑගල, මන්නාරම, මොණරාගල, සහ වවුනියාව යන දිස්ත්‍රික්කවල ද ආරම්භ කිරීමට නියමිත ය.

ලෝක ආහාර වැඩසටහන සඳහන් කළේ අඩු ආදායම්ලාභී පවුල්වල පුද්ගලයන් 179,000ක් වෙත ආධාර සැපයීමට වත්මන් අරමුදල් ප්‍රමාණවත් බව යි.

ආහාර අර්බුදයක් ඇතිවුණේ ඇයි?
ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ හිටපු නියෝජ්‍ය නේවාසික නියෝජිත ආචාර්ය ඩී. බී. ටී. විජේරත්න පවසන්නේ ඉන්ධන මිල ඉහළ යෑම සහ ප්‍රධාන ආහාර බෝග වන සහල් හා බඩඉරිඟු අවශ්‍ය ප්‍රමාණයට නිශ්පාදනය කර ගැනීමට නොහැකිවීම මෙම තත්ත්වය උග්‍රවීමට හේතුවූ බව යි.

වී අස්වැන්න අඩුවීමටත්, සත්ත්ව ආහාරවලට අවශ්‍ය බඩඉරිඟු නිෂ්පාදනය අඩුවීමටත් පොහොර නොමැතිවීම හේතුවූ බව ඔහු පෙන්වා දුන්නේ ය.

“කොහොමටත් අපේ ආහාර සුරක්ෂිතතාව හොඳ තැනක තිබුණේ නැහැ. හාල් ගණන් ගියාම, වී ගණන් ගියාම, එළවළු ගණන් ගියාම අනිත් ඔක්කොමත් ගණන් ප්‍රවාහන වියදම් එක්ක ඉන්ධන මිල ඉහළ යෑම නිසා. එතකොට මිනිස්සු කරන්නේ කන ප්‍රමාණය අඩු කරනවා. පෝෂණය අඩු කරනවා,” ආචාර්ය විජේරත්න පෙන්වා දුන්නේ ය.

“පොහොර නැතිහින්දා එළවළුවල ගාණ වැඩියි. ට්‍රාන්ස්පෝට් කරගන්න බැරි නිසා නිකං හැදෙන පළතුරුවලත් ගාණ වැඩියි. තෙල් නැතිවුණාම ඒවත් එක්ක කොහොම ද ට්‍රාන්ස්පෝට් කරන්නේ?” ඔහු ප්‍රශ්නකර සිටියේ ය.

“මෙච්චර ගණන් ගියාම මිනිස්සුන්ට දරාගන්න පුළුවන් ද කියන ප්‍රශ්නය තියෙනවා.”

රසායනික පොහොර ආනයනය එකවරම තහනම් කරමින්, කාබනික පොහොර ක්ෂණිකව හඳුන්වාදෙමින් ආරම්භ කළ පසුගිය මහ කන්නයේ වගාව අර්බුදයට ලක්වූයේ ගොවීන්ට නිසිකලට ප්‍රමාණවත් පොහොර නොලැබීම හේතුවෙනි.

පසුගිය මහ කන්නයේ වී අස්වැන්න 50%කින් අඩුවී ඇති බව කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වතුන් පෙන්වා දෙයි.

“පළමුවැනිම ප්‍රශ්නය හාල් ටික, වී ටික හදා ගන්න බැරි වුණ එක. මෑත කළ අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා පසුගිය මහ කන්නයේ අස්වැන්න 50%කින් අඩුවෙලා තියෙනවා කියලා. ඒක තමා ප්‍රධානම හේතුව. මෙවර යල කන්නය අන්තිමට පරක්කු වෙලා තමා හැදුවේ. දැන් වහිනවත් එක්ක. ඒකේ අස්වැන්න කොහොම වෙයි ද කියලා දන්නේ නැහැ. පොහාර ගෙනත් දුන්නෙත් ඊයේ පෙරේදා, ඒ ගෙනත් දුන්නෙත් යූරියා. යූරියා ඉතින් කරල් එන දවස්වලට ගහල ඇති වැඩක් නෑ. මෙවර අස්වැන්නත් ලක්ෂ පහක් හෙක්ටෙයාර් වගා කළා කිව්වට, අස්වැන්න කොච්චරක් අඩුවෙයි ද දන්නේ නැහැ,” එක් කෘෂි විශේෂඥයෙකු ප්‍රකාශ කළේ ය.

අර්බුදයෙන් ගොඩඑන්නේ කොහොමද?
සාමාන්‍යයෙන් මහ කන්නය ආරම්භ වන්නේ වසරේ 37 වන 39 වන සති අතර කාලයේ දී ය. ඔක්තෝම්බර් මස මුලදීම වර්ෂාව ලැබේ. ඉදිරි මහ කන්නය සැප්තැම්බර් 15 සහ ඔක්තෝම්බර් 15 අතර සමයේ දී ආරම්භවීමට නියමිත ය.

ආචාර්ය විජේරත්න ප්‍රකාශ කරන්නේ මීළඟ මහ කන්නයට පොහොර ගෙන්වීමට ආණ්ඩුවේ සූදානමක් පැවතීම හොඳ සංඥාවක් බව යි.

“ඒක හරි විදිහට කළොත්, දැන් කාලයත් තියෙන හින්දා, දැන් පොහොර ටික ගෙනත් දුන්නොත් ප්‍රශ්නයෙන් භාගයක් ඉවරයි,” ඔහු කියා සිටියේ ය.

“ඊට පස්සේ ට්‍රාන්ස්පෝට්වලට හොඳ ක්‍රමවේදයක් සකස් කරන්න ඕනේ. කොළඹ මිනිස්සු හිටියට එළවළු එන්නේ පිටින් නේ. පසු අස්වනු හානිය අවම කරන්න ඕනේ. එතනින් කළමනාකරණය කරන්න ඕනේ. දැන් ගේන අස්වැන්නෙන් 50%ක්, 30%ක් වීසි කරනවාට වඩා, 100%ක් භාවිතයට ගන්න ක්‍රමයක් හදාගත්තොත් ට්‍රාන්ස්පෝට්වලට යන වැඩි ගාණ අඩුකර ගන්න පුළුවන්,” ඔහු පෙන්වා දුන්නේ ය.

එළවළු පළතුරු ආහාරයට ගැනීමේ අඩුවක්
පවතින ආහාර මිල ගණන් හමුවේ බොහෝ දෙනෙකු එළවළු පළතුරු ආහාරයට ගැනීම අඩුකර තිබේ.

“එළවළු වල මේ තියෙන මිලත් එක්ක මිනිස්සු එළවළු පාවිච්චි කරනවා හොඳටම අඩු යි. විශේෂයෙන්ම නාගරික දිළිඳු ජනතාව. ආහාර සුරක්ෂිතාවට මුහුණ දෙන්න බැරිවෙලා තියෙන්නේ ග්‍රාමීය දිළිඳු ජනතාවට නෙමේ, නාගරික දුප්පත් ජනතාවට. මිනිස්සුන්ට එළවළු කිලෝග්‍රෑම් එකක් රුපියල් 250 යි, 300 කිව්වම, මිනිස්සුන්ට හාල් කිලෝග්‍රෑම් එකක් 300 කිව්වොත් මිනිස්සු ගන්නේ මොකද්ද? හාල් නේ,” ඔහු ප්‍රකාශ කළේ ය.

“ඉස්සරත් දුප්පත්ම අය ආදායමෙන් 50%ක් වියදම් කළේ කෑමවලට. දැන් ආදායම් මට්ටම වැඩිවෙන්නේ නැතිව ආහාර මිල ගණන් වැඩි වුණාම මොකද වෙන්නේ? අර ටිකම කන්න නම් 100%ක් වියදම් කරන්න වෙනවා මුළු පඩියෙන්ම,” ආචාර්යවරයා කියා සිටියේ ය.

ගෙවතු වගාවට යොමුවන්න
මෙම අර්බුදය ඇතිවීමට පෙර සිටම මෙරට ආහාර වේලේ විටමින් ඒ, විටමින් බී 9 සහ යකඩවල අඩුවක් පැවති බව ආචාර්ය විජේරත්න පෙන්වා දුන්නේ ය.

“මේ තුනම ගන්න පුළුවන් ආහාරයක් තමා පළා වර්ග. ඔය විටමින් එන හොඳම දේ තමා මස් හා මාලුවලින්. එහෙම ගන්න බැරිනම් හොඳම විකල්පය තමා පලා වර්ග,” ඔහු සඳහන් කළේ ය.

ඇතැම් විද්වත්හු පෙන්වා දෙන්නේ පවතින වාතාවරණය තුළ හැකි සෑම කෙනෙක්ම ගෙවතු වගාවට ජනතාව යොමුවීම ඉතා වැදගත් බව යි.

නාගරික නිවාස ආශ්‍රිතව වුව ද සුළු පරිමාණයෙන් ගොටුකොළ වැනි පළා වර්ග වගාවන් ආරම්භ කළ හැකි බව ඔවුහු පෙන්වා දෙති.

එවැනි පළා වර්ග නිවාස ආශ්‍රිත වගාකර ගැනීමෙන් නිවසේ සාමාජිකයින්ගේ පෝෂණය සපුරා ගැනීමට මෙන්ම නිවසේ වියදම අඩුකර ගැනීමට ද හැකිබව ඔවුන්ගේ අදහසයි.

එහෙත් එමඟින් දීර්ඝ කාලීනව දෛනිකව පවුලක පෝෂණ අවශ්‍යතාවය මුළුමනින්ම සපුරා ගැනීමට ප්‍රයෝගිකව හැකිද යන්න ප්‍රශ්න සහගත බව මීට ප්‍රතිවිරුද්ධ අදහස් දක්වන විද්වතුන්ගේ මතය වී තිබේ.

BBC SINHALA

Delisting of Tamil Diaspora groups irks some; explanation sought

Decision based on GoSL assurance given in Geneva last June
By Shamindra Ferdinando

Dr. Gunadasa Amarasekera yesterday (14) said President Ranil Wickremesinghe’s government should explain the rationale behind delisting several Tamil Diaspora groups and individuals.

“The timing of the government announcement really worries us,” Dr. Amarasekera said on behalf of the Federation of National Organizations (FNO). He said such moves couldn’t be simply justified on the basis of the forthcoming sessions of the Geneva-based United Nations Human Rights Council. The next UNHRC sessions are scheduled for September.

Recalling that he too strongly backed the stand taken by President Wickremesinghe with regard to US Ambassador Julie Chung’s opposition to measures the government adopted to counter violent protests, Dr. Amarasekera emphasised national security couldn’t be jeopardised by politically-motivated decisions. The Defence and Foreign Ministries owed the public an explanation as regards the procedure adopted in delisting some Tamil diaspora groups and individuals.

The UK-based Global Tamil Forum (GTF), the British Tamil Forum (BTF) and the Canadian Tamil Congress (CTC) had been among those delisted, through an Extraordinary Gazette issued by the Ministry of Defence.National Freedom Front (NFF) spokesperson Mohammed Muzammil, MP, too, echoed Dr. Amarasekera’s concerns. Addressing a hastily arranged media briefing at NFF’s Pita Kotte party office, lawmaker Muzammil asked whether the government had received an undertaking from those delisted groups, and individuals, whether they would abandon the separatist agenda. Lawmaker Muzammil said President Wickremesinghe, who holds the defence portfolio, should address the concerns of those who felt betrayed by the disputed de-listing of those who propagated separatist ideology though the armed forces eradicated the LTTE in 2009.

Both Dr. Amarasekera and MP Muzammil pointed out that Tamil Makkal Theshiya Kutani leader C.V. Vignewaran, following a recent meeting with President Wickremesinghe, had declared that he received an assurance with regard to several of their demands. They asked whether the de-listing of these organizations, and individuals, had been part of the agreement between Tamil political parties and President Wickremesinghe.

The Island

sought the views of Suren Surendiran of the GTF, who is among those delisted. The UK-based GTF spokesperson alleged that the entire process of designation of groups and individuals was arbitrary, irrational, and an outright abuse of the United Nations Regulations – aimed at suppressing freedom of speech and dissent, not just within Sri Lanka but also across the borders.

“GTF and I were listed in 2014, delisted in 2015, re-listed in 2021 and re-delisted in 2022,” Surendiran said, declaring they remained committed to their original ideals meant to achieve justifiable aspirations of the Tamil-speaking people, and implementation of the 2015 accountability resolution.

Surendiran has sent us the following response: “Every time when a resolution is passed at the UNHRC, calling for Accountability and Reconciliation, the Rajapaksas, be it Mahinda or Gotabaya, will proscribe us as an angry reaction and then realise that no other government or international institution, including progressive Sri Lankans of all communities, and the wider media, recognise these proscriptions and just before another UNHRC session, the sitting government will de-proscribe us. This has been the case since 2014.”

“GTF is grateful that the international community and many Sri Lankan stakeholders (including the media) ignored this listing for what it truly was.

“We did an estimation on the loss of foreign currency inward flow into Sri Lanka directly related to these proscriptions of 2014 and 2021, at least per annum the loss has been USD 300 mn to half a billion dollars.

Former Presidents Mahinda Rajapaksa, Gotabaya Rajapaksa, Secretary of Defence Kamal Gunaratne, Former Foreign Minister G L Peiris and the notorious so called “terrorism expert” Rohan Gunaratna must explain these losses to the Sri Lankan people and held accountable for their arbitrary decisions and explain what benefits these proscriptions achieved.”

Authoritative sources said that contrary to concerns expressed by various iparties as regards the delisting of organizations and certain individuals, the decision to do so was announced by the former Foreign Affairs Minister Prof GL Peiris in mid-June this year at the 50th Geneva sessions. The Foreign Ministry quoted Prof. Peiris as having said: “The list of designated individuals, groups and entities under the United Nations Regulation No. 1 of 2012 is being reviewed. As of now 318 individuals and 04 entitles are proposed to be delisted. This is a continuing exercise.”

Sources said that it wouldn’t be fair to seek explanation from the incumbent government for a decision taken by the previous administration.

THE ISLAND LK NEWS

සුවඳින් පිළිකා සෛල වනසන, මඟහැරුණු දිව ඔසුව සේර

0

ඊශ්‍රායලයේ ෂැරොන් කලාපයේ කෆාර් යෙඩිඩියා හි (Kfar Yedidya in the Sharon region) සාර්ථක කුළුබඩු භෝග වගාකරුවෙකු වූ බෙනී සැබිඩොව්ට රටේ නන් දෙසින් පිළිකා රෝගීන් තම ගොවිපොළට පැමිණ නැවුම් සේර ඉල්ලන්නේ ඇයිදැයි තේරුම් ගැනීමට මුල දී අපහසු විය. තමන් ප්‍රතිකාර කරන පිළිකා රෝගීන්ට සේර තේ පානය කරන ලෙස උපදෙස් ලබා දී, ඔවුන් එසේ කෆාර් යෙඩිඩියාවලට යවා ඇත්තේ ඔවුන්ගේ වෛද්‍යවරුන් විසින් බව බෙනී සැබිඩොවු පසුව දැනගෙන තිබේ. පිළිකා රෝග සායනවලවිකිරණ හා රසායනික චිකිත්සක ප්‍රතිකාර සඳහා ගිය දිනවල දී එම රෝගීන්ට නැවුම් සේර යුෂය සහිත උණු වතුර වීදුරු අටක් පානය කරන ලෙස ඔවුන්ට උපදෙස් ලබා දීම ඊශ්‍රායලයේ සාමාන්‍ය සිදුවීමක් බවට පත් වී ඇත.

මේ සියල්ල අනාවරණය වූයේ, නෙගෙව්හි බෙන් ගුරියන් විශ්ව විද්‍යාලයෙනි. (Ben Gurion University of the Negev) ඒ පර්යේෂකයන් විසින් සේර වැනි පැඟිරි කුලයේ පැළෑටිවල ඇති ආවේණික සුවඳට හේතුවන ශාක රසායනික ද්‍රව්‍යයන්, නීරෝගී සෛල නිරුපද්‍රැතව තබා ගෙන පිළිකා සෛල පමණක් විනාශ කරන බව සොයා ගැනීමෙන් පසුව ය.

සේර (Cymbopogon citratus) යනු පැඟිරි පවුලට අයත්, ලංකාවට සහ දකුණු ඉන්දියාවට ආවේණික ශාකයකි. මදුරුවන් විකර්ෂණය කිරීම සඳහා ද භාවිතයට ගැනෙන පැඟිරි තෙල් නිෂ්පාදනය කිරීම සඳහා මහ පැඟිරි (Cymbopogon winterianus) සහ හීන් පැඟිරි (Cymbopogon nadus) යනුවෙන් හැඳින්වෙන ශාක දෙවර්ගය ආර්ථික වගාවන් ලෙස මෙරට වගා කළ ද, සේර ශාකය ආර්ථික භෝගයක් ලෙස ලංකාවේ සුලභව වගා නොකෙරේ. නමුත්, සේර වනාහි ඇමරිකාවේ සහ ආසියාවේ නිවර්තන කලාපවල බහුලව වගා කෙරෙන ආර්ථික භෝගයකි. මෙම ශාකය සුගන්ධකාරකයක් හා ආහාර රසකාරකයක් ලෙස ප්‍රචලිතව තිබේ. බොහෝ රටවල්වල පාරම්පරික වෛද්‍ය විද්‍යාවේදී විෂබීජ නාශකයක්, පාචනය, උදරාබාධ, ආර්ථව චක්‍රයේ අක්‍රමිකතා, ස්නායු හා ආමාශ ආශ්‍රිත ආබාධ සහ උණ සඳහා ප්‍රතිකාර ලෙසද භාවිතා කරයි.

මෙම ශාකය ප්‍රතිබැක්ටීරීයා, ප්‍රති-වයිරස සහ ප්‍රති- ඔක්සිකාරකයක් ලෙස මෙන්ම පිළිකා මර්දන හැකියාව සහිත ශාකයක් බවට වන ඇතැම් විද්‍යාත්මක සොයා ගැනීම් නිසාවෙන් නූතන විද්‍යාඥයින්ගේ අවධානය බොහෝ සෙයින් දිනා ගන්නට ද සමත්ව ඇත. සේරවල විවිධ ජෛව විද්‍යාත්මක ක්‍රියාකාරකම් සඳහා වගකිව යුතු ෆ්ලේවනොයිඩ්ස් වර්ග, ෆීනොලික් සංයෝග, ටර්පෙනොයිඩ්ස් සහ සුගන්ධ තෙල් වැනි විවිධ ශාක රසායනික ද්‍රව්‍ය අඩංගු වේ. මෙම සංයෝගවල සුසංයෝගී ක්‍රියාකාරීත්වයේ යන්ත්‍රණයන් පැහැදිලි කිරීම සහ ඒවායේ සායනික අත්හදා බැලීම් සඳහා බොහෝ නව පර්යේෂණ අවශ්‍ය වෙයි.

මෙම ශාකය සතු ඖෂධීය ගුණ පිළිබඳ සිදුකර තිබෙන පර්යේෂණ රාශියකි. සේර ශාකයෙන් නිස්සාරණය කරන තෙල්වල අන්තර්ගතවන ඇරෝමැටික ටර්පීනයක් වන ලිනලූල් (linalool) වැනි සංඝටක පිළිබද සොයා බැලූ පර්යේෂණාගාර පෙට්රි දීසි පර්යේෂණවලට අනුව එය, අතුරු ආබාධවලින් තොරව පිළිකා සෛල ඉලක්ක කොට පහර දී විනාශ කරන බව සොයා ගෙන තිබේ. මේ පිළිබඳ පර්යේෂණ විසි එක්වන ශත වර්ෂය මුල පටන්ම සිදු කෙරෙමින් තිබෙන අතර, සේර මෙන්ම ඩැන්ඩලියන් (Dandelion) ශාකයේ මුල් වලට ද මෙම හැකියාව තිබෙන බව ඉතා මෑතක දී සිදු කෙරුණු පර්යේෂණයක වාර්තාවක ද සඳහන් වේ.

සේරවල තිබෙන තවත් සංඝටකයක් වන සිට්රල් (citral) නැමති ශාක රසායනිකය මඟින් පිළිකාමය සෛලවලට පමණක් සියදිවි නසා ගැනීමට සලස්වන බව ඊශ්‍රායෙල් පර්යේෂණයකින් තහවුරු වී ඇත. සාමාන්‍යයෙන් සේර ශාකයේ කඳේ ග්රෑම් එකක තිබෙන සිට්රල් ප්‍රමාණය පවා මේ කාර්යය සඳහා ප්‍රමාණවත් වන බව සොයා ගෙන ඇත. සේර පැළෑටියේ යුෂයේ තිබෙන මෙම හැකියාව පිළිබඳ 2013 වර්ෂයේ දී ඉන්දියාවේ භාරත්තියාර් සරසවියේ (Bharathiar University) වෛද්‍ය කවීෂා ගෝෂ් (Dr, Kavisa Ghosh) විසින් සිදු කරන ලද පර්යේෂණයකින් ද තහවුරු වී තිබේ.

පිළිකාවක් ශල්‍යකර්මයකින් ඉවත් කිරීමෙන් පසු වුව ද තව දුරටත් ඉතිරිව තිබිය හැකි පිළිකා සෛල නිසා, නැවත පිළිකාව හට ගැනීමේ අවදානමක් ඇත. පිළිකාව නැවත හට ගැනීම සහ පැතිරීම පාලනය කිරීමේ උපක්‍රමයක් ලෙස සේර ශාකයේ අන්තර්ගත citral සාර්ථකව භාවිත කළ හැකි බව ඔක්ස්ෆර්ඩ් සරසවියට අනුබද්ධ ජෝන් රැඩ්ක්ලිෆ් රෝහලේ (John Radcliffe Hospital) සිදු කර තිබෙන තවත් පර්යේෂණයකින් යෝජනා කර තිබේ.

සීනි සහ නරක කොලස්ටරෝල් පාලනය කිරීම සදහා සේර භාවිතයේ සාක්කි.

රසායනාගාර මීයන් යොදාගෙන සිදු කර තිබෙන පර්යේෂණයකට අනුව, නැවුම් සේර කොළ ජලීය සාරය නිශ්චිත මාත්‍රාවකින් ලබා දීමෙන් ප්ලාස්මා ග්ලූකෝස් මට්ටම සහ සම්පූර්ණ කොලෙස්ටරෝල් මට්ටම සැලකිය යුතු ලෙස පාලනය කරන්නට පිළිවන් බව පෙනී ගොස් ඇත. මෙහිදී අහිතකර කොලෙස්ටරෝල් අඩු වීමක් සහ හිතකර කොලෙස්ටරෝල් මට්ටමේ වැඩි වීමක් පෙන්නුම් කර තිබේ. මේ අනුව දෙවන වර්ගයේ දියවැඩියා රෝගීන්ගේ සීනි මට්ටම පාලනය කර ගැනීමට සහ හදවත් රෝගීන්ගේ අහිතකර කොලෙස්ටරෝල් පාලනය කර ගැනීම සඳහා සේර භාවිත කිරීම පිළිබඳ වැඩිදුරටත් පර්යේෂණ සිදු කිරීම අවශ්‍යයෙන්ම කළ යුතුව තිබෙන බව මෙම පර්යේෂණය මඟින් ද තහවුරු කරයි.

සේර ශාකයේ යුෂය සතුව පාචනය, උදරාබාධ, සෙම්ප්‍රතිශ්‍යාව, ශිතල සමනය කිරීමේ ගුණයන් ද පවතින බව සොයා ගෙන තිබේ. මෙයට අමතරව සේර ශාකය සතු ප්‍රබල විෂබීජ නාශක ගුණය පිළිබඳව මෙන්ම, මැලේරියා පරපෝෂිතයින් වැනි දරුණු පරපෝෂිතයින් විනාශ කිරීමේ හැකියාව පිළිබදව ද සිදු කෙරුණු පර්යේණාත්මක සාක්ෂි ඇත. එමෙන්ම සේර තේ පානය කිරීම, සුව නින්දක් ලැබීමටත්, ආතතිය සහ මානසික අවපීඩනය වැනි ආබාධ සමනය කර ගැනීමටත්, ස්නායු පද්ධතියේ යහපත් ක්‍රියාකාරිත්වය දියුණු කර ගැනීමටත් ඉවහල් විය හැකි බව ද පර්යේෂණවලින් සොයා ගෙන ඇත.

��සේර ආහාරයට ගත හැකි ආකාරයන්

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ආහාර පිළියෙල කිරීමේ දී විශේෂයෙන් මස් පිසීමේ දී සේර ආහාර රස කාරකයක් ලෙස භාවිත කරයි. මීට අමතරව වෙනත් වෑංජන වර්ග පිළියෙල කිරීමේ දී ද සේර රස කාරකයක් ලෙස භාවිත කළ හැකිය. සේරවලින් රසවත් සුප් වර්ග සාදා ගන්නට ද පිළිවන. එය ආහාර ගැනීමට පෙර ගැනීමෙන් ආහාර රුචිය වැඩි කර ගත හැකිය. අමු සේර අගලක පමණ කොටසක් තලා තේ වලට හෝ උණුවතුරට දමා පානය කිරීම ද කළ හැකිය. සේර කොල හා කඳ කොටස් වියලා පවුඩර් ලෙස සකස් කර තේ විදියට පානය සදහා සකස් කර ගත හැකිය. සේර කොල, කුරුඳු පොතු කුඩු කර, තේ කොල සමග මිශ්‍ර කර රසවත් තේ සාදා ගැනීමට ද පිළිවන. සේර වියලා කුඩු කර ගෙන කුලු බඩු මිශ්‍රණයට මිශ්‍ර කර ගැනීමට ද පිළිවන. බත් පිසීමේ දී සේර කොළ බත් මුට්ටියට දමා බත රස කර ගත හැකිය. අමු සේර යුෂය ගෙන බෝතල් කර ශීතකරණයේ තබා ගෙන පිරිසිදු ජලය සහ දෙහි සමඟ පානයට සකස් කර ගත හැකිය. මේ ආදී වශයෙන් සේර භාවිතයට ගත හැකි සුපවේදීමය ක්‍රම ශිල්ප රාශියකි. නිර්මාණශීලී ගෘහ­ිණියන්ට සහ නව ආහාර නිෂ්පාදකයින්ට අලුත් අලුත් සුපවේදීමය ක්‍රම නිර්මාණය කර ගන්නට ද පිළිවන.

��සේර නුසුදුසු උදවිය

සේර ආර්ථව චක්‍රයේ සංකූලතා තිබෙන ස්ත්‍රීන්ගේ නිසි ලෙස ආර්තවය සිදු කිරීම සඳහා ද භාවිත කළ හැකි ඖෂධයක් වන බැවින් ගර්භනී සමයේ දී සේර භාවිත කිරීමෙන් වැළකී සිටීම සුදුසු බව සේර පිළිබඳව ලියැවුණු ඇතැම් වාර්තාවල අවධාරණ කර ඇත.

කෙසේ වෙතත් සේර, පිළිකා රෝගය සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් බව තහවුරු කිරීමට තවදුරටත් පර්යේෂණ සිදු කළ යුතුව තිබෙන බවත්, පිළිකා රෝගීන් තමන් ලබමින් සිටින ඖෂධ ප්‍රතිකාර පසෙකලා සේර පිළිබඳ පමණක් විශ්වාසය තැබීම නොකළ යුතු බවත් අවධාරණය කළ යුතුය. එහෙත් රෝගවලින් නිදහස්ව සිටින්නට මනාප උදවිය සහ රෝගවලින් පෙළෙන උදවිය, තම ගෙවත්තේ සේර පඳුරක් වගා කර ගැනීමට උනන්දු වීමත්, සේර වැඩි වැඩියෙන් වෑංජනවලට එක් කර ගැනීමත් සේර තේ, සේර යුෂය පානය කරන්නට පුරුදු වීමත් නිශ්ඵල කටයුත්තක් නොවන බව නම් අවධාරණය කළ යුතුය. බෝ නොවන රෝගයකින් පෙළෙන රෝගයකු බැලීම සඳහා ඔහුගේ හෝ ඇයගේ නිවසට යන විට සේර පැළයක් රැගෙන යන්නට පුළුවන් නම් එය අගනේය. එවැනි රෝගියෙකු සමඟ සේර තේ කෝප්පයක් තොල ගාමින් ඔහුට හෝ ඇයට සේර පිළිබඳ මෙම විද්‍යාත්මක පසුබිම ගැන කථා කරන්නට ඔබට හැකි නම් එය ඔබගේ මෙන්ම රෝගියාගේ සතුටට මෙන්ම යහපතට ද හේතු වෙනවා නිසැකය.

-ගැමුණු සාලිය පෙරේරා.-

Right Thought (Samma Sankappa ) in Buddhism

0

Buddhism rests on the pivot of suffering. Lord Buddha declared ‘the world is established on suffering, it is founded on suffering’ (Duke loko patititthhito).

All problems in life bring about suffering (Dukka or unsatisfactoriness) and as we attempt to put an end to them, they give rise to another. Solution of one problem leads to another problem, in many other diverse ways. We are constantly confronted with fresh problems, in our daily life, and problems go on incessantly and interminably. Such is the nature of suffering, and it is the universal characteristic of sentient existence. Suffering can be either physical or psychological. Dukka is inescapable and ubiquitous and it constitutes the first of the four Noble Truths in Buddhism. The Four Noble Truths, which the Buddha himself discovered, and revealed to the world, are the chief characteristics and unshakable foundations of Buddhism.

In the first Noble truth, the Buddha defines the truth of dukka, thus. “What monks, is the Noble Truth of Dukka? Birth is dukka, decay is dukka, death is dukka, sorrow, lamentation, pain, displeasure and despair are dukka; union with the unpleasant dukka, separation from the pleasant dukka, not what one wants is dukka; in brief, the five aggregates of clinging are dukka. These monks, is the Noble Truth of Dukka”.

The solution for the aforesaid problems of dukka (unsatisfactoriness) of life is the Noble Eightfold Path, propounded by Lord Buddha more than 2600 years ago. This is the only way to the cessation of suffering and also a vital step in emancipating ourselves from an interminable cycle of rebirths.

It is said that the Noble Eightfold Path leads to the cessation of dukka. This path consists of a set of eight interconnected factors, or conditions, that when developed together, leads to the cessation of dukka.

The eight factors of the paths are 1. Right Understanding (sammaditthi) 2. Right Thought (sammasankappa) 3. Right Speech (sammavacca). 4. Right Action (sammakammanta) 5. Right Livelihood (sammaajiva) 6. Right Effort, (sammavayama). 7. Right Mindfulness (samma sati) 8. Right concentration (samma samadhi).

These eight factors aim at promoting and perfecting the three essentials of Buddhist training and discipline. For the purpose for coherent and better understanding of, the eight divisions of the path have been grouped according to the under-mentioned three headings.

The first two are classified as Wisdom (panna), the second three as Morality (sila) and the last three as Concentration (samadhi). These three stages in the Eightfold Path are encapsulated in a Buddhist stanza (sabba papassa akaranan – kusalassa upa sammapada – sacitta priyo dapanan – etan buddhanu sasanan). To cease from all evil to cultivate good, in order to purify one’s mind, that is the advice of all Buddhas.

The eight steps of the path are not expected to be realised in sequence, one after the other. Rather, they are considered a unity and an organic whole. They are interdependent and interrelated. All eight factors are preceded by the word “Right” classified as Right, which means perfect. It is a mode of transcendence that leads to sotapanna sakadagami, anâgâmi and arahant. No doubt, it is a difficult feat to be achieved. The Noble Eightfold path is in effect the path to Nibbana. It is a path which avoids the extreme of self-mortification that weakens the intellect and the extreme of self-indulgence that retards moral progress. Although it is generally spoken as a path to be treaded, in actual fact the eight steps signify mental factors to be practised. All eight factors should converge simultaneously, each supporting the other in order to reach a sufficient level of development to experience of sotapanna, sakadagame, anâgâmi or arahant. It is said that the path proceeds from a lower state of purity to higher state and factors of the path should coalesce at a certain level of perfection. Path is not meant to be practiced a little each day.

The Buddha taught the eightfold path in virtually all his discourses, and his directions are clear and practical to his followers, today, as they were when he first disclosed them.

According to Walpola Rahula, the divisions of the Noble Eightfold Path should be developed more or less simultaneously, as far as possible, according to the capacity of each individual. They are linked together and each helps the cultivation of the others.

The second factor of the noble Eight-fold Path, with which this article deals, is called in Pali; samma sankappa, (Right Thought) which is sometimes identified as “Right Intention” in Buddhist literature. In this instance, the word specifically refers to the purposive or conative aspect of mental activity, as the first factor in the Noble Eightfold path (samma ditthi or right understanding) encompasses cognitive aspect of the mental activity. Nevertheless, no clear demarcation can be made between these two divisions because, from the Buddhist perspective, the cognitive and purposive sides of the mind intertwine and interact in close correlation, inducing them into activity. Right Thought is important because it is one’s thoughts which either defile or purify a person. It is one’s thoughts and nature that control one’s destiny. Evil thoughts tend to debase one just as good thought tends to elevate one. Sometimes a single thought can either destroy or save a world. Right Thought serves the dual purpose of eliminating evil thoughts and developing pure thoughts.

Our thoughts are as important to us as our actions because they make up who we are, thus it becomes imperative that we keep thoughts pure.

Buddha, emphasising the value of Right Thought, declared “Your worst enemy cannot harm you as much as your own thoughts, unguarded. But once mastered, no one can help you as much, not even your father or your mother”.

Right Thought (right intention) is threefold. It is comprised of 1. Nekkamma: Renunciation of worldly pleasures, which is opposed to attachment, selfishness and self-possessiveness. 2. Avyapada: Loving Kindness, goodwill, or benevolence which is opposed to hatred, ill will or aversion and 3. Avihimsa: Harmlessness or compassion which is opposed to cruelty and callousness. In a moment of insight, the Buddha, at the time of his enlightment, saw that everything contains all these opposites. He saw the duality in nature and realised that everything can be replaced by the opposite. For instance, each kind of Right Thought counters the corresponding kind of wrong thought or intention, the thought of renunciation (Nekkama) counters the intention of desire, the thought of goodwill counters the intention of ill will and the thought of harmlessness counters the intention of harmfulness.

Buddha declared if one acts and speaks with a pure thought, happiness follows him like a shadow that never leaves him and if he acts or speaks with an impure mind then suffering follows as the hoof of the ox. Right thought means avoiding desire and ill will. The importance of wisdom is evident from this, as the cause of suffering is described in terms of desire, ill will and ignorance. Right understanding removes ignorance and Right thought removes desire and ill will.

Renunciation (Nekkama) is often a difficult task. Grappling with the power of desire and attachment may require a great deal of personal struggle, as the mind does not want to relinquish its hold on the objects to which it has become attached. But that struggle yields many benefits, as putting an end to dukkha depends on eliminating craving thereby directing the mind to renunciation. We develop the inner strength to overcome temptation and compulsion. Attachment coupled with ignorance are the chief causes of all evil prevalent in this deluded world. One can either be attached to desirable objects or is repulsed with aversion if the objects are found to be undesirable. The word “Nekkamma” generally conjures up the idea of leaving your household life for the monastic life by discarding all sensual pleasures completely. But it is not so, as renunciation can apply to lay practice as well. Real renunciation does not require you to give all things inwardly cherished but changing our perspective on them so that they no longer bind us. It is letting go of whatever that binds us to ignorance and suffering. It is only an abandonment of overly material comforts for spiritual enlightment. The degree to which a person renounces depends on his disposition and situation.

It is the attachment or desire that put us on an endless cycle of grasping and keeps us unsatisfied. Therefore, it is important that we maintain an attitude of detachment from worldly pleasures and realise the ephemeral nature of our possessions and to not be selfishly attached to them.

The Buddha says unfulfilled desire is the root cause of unhappiness and dissatisfaction, and the way to overcome such unhappiness is to eliminate the craving or desire by eradicating the root of unwholesome desire through renunciation. The Mind is in the habit of grasping. We have to break this habit and strive to let go of grasping.

When we look realistically at the desire and unhappiness that eventually follows in its wake, it is constantly shadowed by dukkha (unsatisfactoriness). When desire is not fulfilled there is always frustration, disappointment, sometimes despair. Even if the desire is fulfilled it does not a guarantee of happiness and it might not last long and sometimes we lose the object of desire. This is called grasping. When we hang on too hard this becomes a cause of unhappiness. It is important to realize the fulfillment of desire is impermanent, nothing lasts whether it be height of sensual delight, or the achievement of wealth or fame or power. The pursuit of such pleasures brings the pain of separation from the object of desire, which increases in intensity in proportion to the degree of attachment.

Our mental states such as happiness or sadness and consequent actions are determined by our thoughts. The cause for endless suffering, conflict, discontent and injustice does not lie outside the mind. They are all just manifestations of intentions, outcroppings of thoughts propelled by greed, driven by hatred and delusion.

Right thoughts can mean different things and it is essentially directed towards shunning away from the vicious cycle of craving and desire by committing to a life style of self improvement and ethical conduct. The Buddha identified two types of thought: wandering thought(vicara) and logical or directed thought. Normally our mind is filled with scattered, random and wandering thoughts. For instance, when we are asked to perform a task our thoughts are directed towards in a particular direction. Once that task is over our thoughts are directed towards another direction and begin their erratic wandering again. The Buddha making an important observation in this connection and declared “Whatever one thinks about and ponders on often the mind gets a leaning in that way” (M.I)

The Buddha broadly defines Right Thoughts as thoughts of detachment, of love and of helpfulness. Therefore, an important aspect of Buddhist training is to cultivate Right Thought, not to let negative thoughts persist in our mind and to encourage positive thoughts.

Right Thought basically refers to wholesome thoughts, which is closely linked to Right Understanding because it results eventually through the practice and attainment of wisdom.

The first two verses of the first chapter of the Dhammapada by the Buddha would also be relevant in this connection. “All we are is the result of what we have thought. It is founded on our thoughts, it is made up of our thoughts. If a man speaks or acts with a pure thought, happiness follows him like a shadow that never leaves him”.

Avyapada as the second constituent of Right thought literally means non-enmity and corresponds to the most important virtue of Metta. In Sanskrit Maittri is loving kindness or goodwill towards all without any distinction or discrimination. The Pali word Metta also connotes loving kindness, goodwill, benevolence friendliness. A person whose mind is full of loving kindness can harbor no hatred towards anybody just like a mother who makes no difference between herself and her only child and protects it even at the risk of her own life. Metta is the strong wish for the welfare and happiness of others and devoid of self interest. It is indeed a universal, unselfish and all-embracing love. Metta is opposed to hatred, ill will or aversion. A person who radiates metta refuses to be offensive and renounces bitterness, resentment and animosity of every kind. It is a love that has no ulterior motive. Metta does not make a distinction among beings. It embraces all and no one falls outside of its domain. Ill will is countered by Metta. The kind of love implied by Metta should be distinguished from sensual love and also from the love involved in personal affection.

The third and the last of the three constituents of Right Thought is Avihimsa or Karuna. It is guided by compassion (Karuna) which is opposed to cruelty, aggressiveness and violent thoughts. Like Buddhist Mettta, Karuna too is limitless and boundless. Karuna (compassion) is a virtue which makes the tender hearts of the noble quiver at the sufferings of others. The characteristics of Karuna are comparable to that of loving mother whose thoughts, words and deeds always tend to relieve the distress of her ailing son. (Narada). Karuna complements loving kindness (Metta). While loving kindness has the quality of wishing for the happiness and the wellbeing others, Karuna (compassion) has the quality of wishing that others be free from suffering. Bhikkhu Bodhi describing the thought of harmlessness (avihimsa) in the context of Right Thought states “The intention of harmlessness is thought guided by compassion (Karuna) aroused in opposition to cruel, aggressive, and violent Thoughts. Compassion supplies the complement to loving kindness. Whereas loving loving kindness as the characteristic of wishing for happiness and welfare of others, compassion has the characteristic of wishing that others be free from suffering, a wish to be extended without limits to all living beings. Like Metta, compassion arises by entering into the subjectivity of others, by sharing their interioty in a deep and total way. It springs up by considering that all beings, like ourselves, wish to be free from suffering, yet despite their wishes continue to be harassed by pain, fear sorrow and other forms dukkha.

ISLAND LK FEATURES

by Dr. Justice Chandradasa Nanayakkara

කවද හරි අපට රන් පදක්කමකුත් ගේන්න…

නෙත්මි අහිංසා පෝරුතොටගේ…අවුරුදු දහඅටක පොඩි කෙල්ලෙක්…කුරුණෑගල ගමක එච්චර ප්‍රසිද්ධ නැති ඉස්කෝලෙක පුංචි කෙල්ලෙක්…මේ දුප්පත් බංකොලොත් ලංකාවනෙ,අහිංසලටත් කන්න බොන්න හරියට තියෙනවද දන්නෙ නෑ…අහිංසගෙ තාත්තත් පෙට්‍රල් පෝලිමේ ඉන්නවද දන්නෙ නෑ…අහිංසගෙ ගෙදර ගෑස් තියෙනවද දන්නෙ නෑ…හැබැයි, මහ දියුණු සංවර්ධිත විසාල ඔස්ට්‍රේලියාවේ, අවුරුදු තිහක පළපුරුදු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාව,2019 රිදී පදක්කම ගත්තු ක්‍රීඩිකාව,10 -0 කට පරද්දල,තාක්ෂණික සුපිරි බව මත අහිංසා දිනනව…අහිංසා දුවේ, උඹේ කණ්ඩායමේම සමහරු එංගලන්තයේදි පනිනව…උන්ට වැරැද්දක් කියන්න බෑ…මේ ගොඩයාමක් නැති රටේ ඉඳල මොනව කරන්නද ? මේ අනාගතයක් නැති රටේ ඉඳල වැඩක් තියේද?පුලුවන් වෙලාවෙ පැනගනිං…උඹටත් කවුරු හරි නොකීව වෙන්නත් බෑ…ඒ වුනත් මේ පුංචි කෙල්ල…ඔලුව පහත් කරගෙන හිත හයිය කරගෙනහැම දේම ඉවසගෙන හැම දේම දරාගෙනමහා ලොකු රටක පළපුරුදු ක්‍රීඩිකාවක් උස්සල පොළොවෙ ගහනව….අපේ රටේ කොඩිය ඉහළට එසවෙනව…හතර වෙනි වතාවටත්….මේ පුංචි රටෙන්හැමදේම කරගෙනහැමදේම නොමිලෙම ලබාගෙන දියව් දියව් කියනව හැරෙන්න වෙන දෙයක් නොකියන වෙන දෙයක් නොකරන අපේම උං කොච්චර ලොක්කො වුනත්උං ඉස්සරහ නැවෙන් නැති මගෙ ඔලුවඋඹ ලඟ නැවෙනව පුතේ…ඒ උඹට ආදරේට…උඹ ගැන ගෞරවේ⁣ට…ඉස්සරහටම යන්න…ඔලුව කෙලින් තියාගන්න…දූට වරදින්නෙ නෑ…කවද හරි අපට රන් පදක්කමකුත් ගේන්න !

Image Credits – News24

චීන නැව නවත්වන්නැයි ඇමරිකා හා ඉන්දියානු තානාපතිලාගෙන් දැඩි බලපෑම්… දැන් චීන නැවට ආපසු හැරෙන්න බෑ…

චීන නැව නවත්වන්නැයි ඇමරිකා හා ඉන්දියානු තානාපතිලාගෙන් දැඩි බලපෑම්… දැන් චීන නැවට ආපසු හැරෙන්න බෑ…ස්වාධීන පක්ෂ එකමුතුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවෙදනයක් මෙහි දැක්වෙයි.ශ්‍රී ලංකා – චීන සබඳතා රැකගනිමු!ශ්‍රී ලංකාව අද පවතින ගැඹුරු ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුදය තුළ විදේශ ප්‍රතිපත්තිය සංවේදීව හා නිවැරදිව කළමනාකරණය කිරීම කොපමණ වැදගත් ද, යන්න අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.2022 අගෝස්තු 05 වැනිදා විදේශ අමාත්‍යාංශය විසින් කොළඹ චීන තානාපති කාර්යාලය වෙත යැවුණු ලිපියක් මගින් දන්වා තිබුණේ,01. චීනයේ යුආන් වැංග් 05 (Yuan Wang 5) නැමති පර්යේෂණ නෞකාවට අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට හම්බන්තොට වරායට ඇතුළුවීමට අවසරය 2022 ජූලි 12 වැනිදා ලබාදුන් බවත්,02. එහෙත්, මෙම කරුණු පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන තුරු හම්බන්තොට වරායට එම නැව ඇතුළු කිරීම පමා කරන ලෙසත් ය.ශ්‍රී ලංකා වරායන් වෙත මෙන්ම, ඒකාබද්ධ යුද අභ්‍යාස සඳහා ද, අන්රටවලට අයත් යුද නෞකා මෙරටට පැමිණෙති. මෙසේ මෙරටට වැඩි වශයෙන්ම පැමිණෙන්නේ එක්සත් ජනපදයට අයත් යුද නෞකාවන්ය. ප්‍රංශයට, ඉන්දියාවට හා වෙනත් රටවලට අයත් නෞකා ද විටින්විට පැමිණ ඇත.මෙම නෞකාව මගින් ඉන්දියාවේ සංවේදී තොරතුරු රැස්කරගැනීමට හැකි බැවින් හම්බන්තොට වරායට ඇතුළුවීමට එයට අවසර නොදෙන ලෙස බලපෑම් සිදුව ඇති බව දැන ගන්නට ඇත. එම නැවට ඉන්දියාවේ තොරතුරු රැස්කරගැනීමේ හැකියාව තිබේනම් ඒ සඳහා හම්බන්තොට වරායට ඇතුළුවීමට අවශ්‍ය නොවේ. අනෙක් අතට ජූලි 12 වැනිදා ලබාදුන් අවසරය මත ලංකාවට යාත්‍රා කරමින් තිබෙන නෞකාවට දැන් හදිසියේ ආපසු හැරෙන්නට ද නොහැක.චීන නෞකාව මෙරටට පැමිණීම වළක්වන ලෙස ඉල්ලා ඉන්දියානු හා ඇමරිකානු තානාපති අංශ විසින් රජයට දැඩි බලපෑමක් එල්ල කළ බව ද පැවසේ. චීන පර්යේෂණ නෞකාව සමිබන්ධ සිද්ධියේදී පැහැදිලි වන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදීන් අපගේ විදේශ ප්‍රතිපත්තියට කොතරම් ඇඟිලි ගසන්නේ ද යන කරුණයි. අපගේ විදේශ ප්‍රතිප්තිය සැකසෙන්නේ රටේ උවමනාවන්ට වඩා විදේශ උවමනාවන්ට බව මින් ගම්‍ය වේ.ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ආර්ථික ආධාර ලබා දෙන්නේ චීනය හා ඉන්දියාවයි. ඉන්දියාව සමග මෙන්ම, චීනය සමඟ අනවබෝධතා, රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ විරසක වීම්, අප රටට ඔරොත්තු නොදේ.මතුව ඇති තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරන ලෙස අධිරාජ්‍ය විරෝධී සියලු දේශපාලන බලවේගයන්ගෙන් ඉල්ලා සිටින අප පක්ෂ එකමුතුව, අන් රටවල් සමඟ පවත්නා සබඳතා, ශ්‍රී ලංකා – චීන සබඳතාවලට හානි නොවන ආකාරයෙන් පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකා රජයට බලකර සිටින අතර අවසර ලබාදී ඇති පරිදි එම ‍නෞකාවට හම්බන්තොට වරායට ඇතුළුවීමට අවශ්‍ය පියවර ගන්නා ‍ලෙස ඉල්ලා සිටිමු.ශ්‍රී ලංකා – චීන ජනතාවන් අතර පවත්නා ශතවර්ෂ ගණනාවක් ඈතට දිවෙන සබඳතා රැකගෙන, ද්වීපාර්ශවීය සබඳතා ආරක්ෂා වන සේ රාජ්‍යතාන්ත්‍රික ක්‍රම මගින් මතුව ඇති ගැටළුව විසඳා ගැනීමට යුහුසුළුව ක්‍රියා කරන ලෙසට රජයට අපි බලකර සිටිමු.

විමල් වීරවංශ – නායක ජාතික නිදහස් පෙරමුණ

වාසුදේව නානායක්කාර – ප්‍රධාන ලේකම්ප්‍ රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ

ජී. වීරසිංහ – ප්‍රධාන ලේකම්ශ්‍ රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය

තිස්ස විතාරණ – ප්‍රධාන ලේකම්ලංකා සම සමාජ පක්ෂය

උදය ගම්මන්පිල – නායකපිවිතුරු හෙළ උරුමය

අසංක නවරත්න – ප්‍රධාන ලේකම්ශ්‍රී ලංකා මහජන පක්ෂය

පූජ්‍ය අතුරලියේ රතන හිමි – නායක

විජය ධරණී ජාතික සභාව

ගෙවිඳු කුමාරතුංග – සභාපතියුතුකම ජාතික සංවිධානය

Economics Major M

යුපුන් මීටර් 100 ලෝකඩ පදක්කම දිනයි

0

අද පැවැත්වූ පොදුරාජ්‍ය මණ්ඩලීය මලල ක්‍රීඩා උළෙලේ මීටර් 100 තරඟ ඉසව්වේ තුන්වන ස්ථානය ලෝකඩ පදක්කම හිමිකරගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවූ යොපුන් අබේකෝන් සමත්විය. මෙය අපේ රටේ මලල ක්‍රීඩා ඉතිහාසයේ ඉතා අගනා අවස්ථාවක් ලෙස සඳහන් කලයුතුය

ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් විය. අවසන් තරගය තත්පර 10.14 කින් අවසන් කරමින් මේ ජයග්‍රහණය ලැබීමට යුපුන්ට හැකි විය. ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවකයෙකු පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලෙකදී පදක්කමක් දිනා ගත් පළමු අවස්තාව ලෙස යුපුන් ගේ මෙම ජයග්‍රහණය සටහන් වෙයි. මෙම් ඉසව්වේ රන් පදක්කම කෙන්යාවේ ෆර්ඩිනන්ඩ් ඔමන්යාලා විසින් දිනාගත් අතර රිදී පදක්කම දකුණු අප්‍රිකාවේ අකානි සිම්බිනෙ විසින් දිනා ගත්තේය.

ආසියාවේ වේගවත්ම මිනිසා යන සිරස්තලය ඔස්සේ අප ලංකා නිවුස් යුකේ පුවත්පතේ ජූලිමස කලාපයේ ඔහු පිලිබඳ සවිස්තර ලිපියක් අප විසින් කර තිබු අතර ඔහු අපේ පුංචි දිවයින කිර්තිය ගෙනදෙන ක්‍රීඩක යෙකු වන බව අනාවකියක්ද කර තිබුණි. යෝපුන් ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් අපේ හදපිරි සතුට පළකර සිටින්නෙමු.

London kolama අප රට ගමන් කරන්නේ කොයි දිසාවටද? කොහොන් නතර වේද?

0
අපේ මව් බිම අත්වී  ඇති ඉරණම ඉතාමත් ශෝචනීය එකකි.හෙටක් පිළබඳ  බලාපොරොතුව නැති ජනතාවක් රටකි.ජන ජීවිතය නැත්තටම නැති වී ගොස්  ඇත. අනේ සර්  අපිව නොමරා  ඔය  සිංහාසනයෙන් බැහැලා යන්න යන  හඬ දසතින්ම ඇසෙයි.මේ වසර ඇරඹු දිනසිට අද වෙන විට බඩු මිල දිනෙන් දින ඉහල ගොස් අහස උසට නගිමින් පවතී. ඉන්ධන  හිඟය නිසා  ජන ජීවිතය  අඩාල  වෙමින් සිටින්නේ  කලෙක පටන් ය.තෙල් එනතෙක් පිරවුම් හල්  වල පෝලිම්වල  දින ගන්න ගත කිරීම අද මෙහි ජනතාවගේ සාමාන්‍ය කරුණක් බවට පත්වී ඇත.ඒවායේදී දිනගනන් නිරාහාරව සිටි බොහෝ දෙනෙකු ජිවිත්ක්ෂයටද  පත්ව යාම අද සුලබ කරුණක් බවට පත්වී තිබේ.පාලකයන් ලොව හැම රටකින්ම ඩොලර් ණයට   ඉල්ලමින්  හිඟන තත්වයකට පත්වී ඇත.රටේ විදුලිය ලැබෙන්නේ ද කෙටි කාල සිමාවකටය, විශ්ව විද්‍යාල ,පාසල් සති ගණනනින් වසා  දමා තිබීම නිසා දරුවන් ගේ අනාගතය  ඉතා අඳුරු කල පර්චේදයකට ඇදවැටී ඇත.දුම්රිය බස් ගමනාගනය  නැතිව යන තැනට රට ගමන් කර මින් සිටී.ගොවින්  සිය වගා කට යුතු වලට පොහොර ඉල්ලමින්  කරන මැසිවිලි හැම දෙසින්ම ඇසෙයි.තෙල් නව එනතුරු පාලකයන්  දින ගනිමින් පොරොන්දු  දෙමින්  නාලිකාවල මොර දෙනු ඇසෙයි.
  අනාගතයක් පිලිබඳ කිසිදු තැකීමක් නොමැතිව අඳ  බාලයින් ලෙස  හැසිරෙන පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් අද අපේ දිවයින පාලනය කරන සෙයක් දිස්වේ.මේ  තත්වයට වගකිව යුත්තේ පාර්ලිමේන්තුව මගින් පත්වූ පාලකයන් ද? නැතිනම් පාලනය මෙහෙය වූ නිලධාරින්ද ? බැංකු පද්ධතිය මෙහෙය වූ අයද?බොහෝ දේශපාලනඥයින්  තවමත් හැසිරෙන්නේ රටේ පවතින මෙම අර්බුදකාරී  තත්වය   හරි හැටි තේරුම් ගත්බවක්  නොමැති අඳබාල පිරිසක් ලෙස යයි කිවොත් නිවැරදිය.
මෙම තත්වය අද වන විට  මුළු මහත්  ජනතාවම රටේ පාලකයන් වහා  කදුරු වන තරමට  ප්‍රතික්ෂේප කිරීමට  පෙළඹී  ඇත.කොටසක්  ආණ්ඩුක්‍රම වියවස්ථාවක් නිසා මේ අර්බුදය  ඇතිවී ඇතැයි  කියමින්  පාර්ලිමේන්තුව තුළ  කල් මරමින් වැඩ විවාද කරමින් සිටිති.තවත් කොටසක් අරගලය තුලින් පාලකයන් පලවා  හැර පාලනය ලැබ ගැනීමට රට පුරා උද්ගෝෂණ පවත්වමින්  ජනතාව තරුණ පිරිස්  මෙහෙයවමින් සිහින මවමින් සිටින්නේ රට වට්ටා පාලනය සියතට  නතු කර ගැනීමටය, තවත් පිරිසක්  සර්ව පක්ෂක පාලනයක්  සාදාගෙන පාලනය කලක් ගෙන් ගොස්  මහා මැතිවරණයකට  යා යුතුයි කියමින්  තවත්  සැලසුම්  ගැන වට මේස වල ට වී විවිධ නාඩගම්  පවත්වනු දක්නට ඇත,පාර්ලිමේන්තුව තුල  කට්ටි ගසමින් ගෙම්බන් සේ  කෑගසමින් එකිනෙකාගේ  වැරදි පෙන්වා දෙමින් කල් මරමින් සිටිති.නිදහසින් පසු  පාලනය ගෙනගිය බොහෝ පිරිසක් මේ සඳහා වගකිව යුතු යයි ජනතාවගේ විශ්වාශය වී  තිබේ.රට බංකොලොත්වී  ජනතාව කැරලි ගසන්නට පටන් ගන්නා දිනය වැඩි ඈතක නොවන බව පුවත්පත් වාර්තාවලින් කියවේ.ඇත්තෙන්ම රටේ දුප්පත් මහ ජනතාව උග්‍ර ප්‍රශ්න  මුහුණ දෙමින් එදාවේල පිරිමහ ගන්නට දිවා  රෑ  සිතමින් කල් ගත කරන තත්වයකට රට ගමන් කර මින් සිටි. තරු පහේ හෝටල් වල තවමත්  බාල්   නටන හා රස බොජුන් සුපුරුදු පරදී භුක්ති විඳින මේ පිරිස අතර පිරිසක් ඇති බව මේ ලියන ලියුම්කරුට දිවයිනෙහි  දෙමසක්  ගතකල  ලියුම්කරුට පසුගිය දා දැක ගන්නට හැකිවිය.ඔවුන්ට ගෑස් පෙට්රල්  හෝ ආහාර හිඟයක් ගැන මෙතෙක් දැනී ඇති බවක් පෙනෙන්නට නැත.එදිනෙදා  සේවයේ නිරතවෙමින් ස්වයං රැකියා වලින් ජිවත්වන අය කෙසේ ජිවත්වනේදැයි කිසිවෙකුට  තාමත් නොපෙනේ.ඔවුන් සැමදා මෙසේ ගත කරමින් සිටීද?
පාලකයන් පාර්ලිමේන්තුව තුළ  කල යුත්තේ කුමදැයි සැලැස්මක් තිබිය යුතුය. ලොව පුරා  රටවල්  වලින් සංචාරයකයනට  මේ   දිවයිනට නොපැමිනේන්නයි  පුවත් නිවේදන අද පල කරන්නට පටන් ගෙන තිබේ,ගුවන් යානාවලට තෙල් නැතිව ගුවන් ගමන් නතර කිරීමට ඇතැම් සමාගම් දැනටමත් පියවර ගෙන ඇත.ණ ය ගන්නට පමණක් පාලකයන් දැනගත්තට ඉන් අත්වන ඉරණම  ගැන එහි පල විපාක ගැන ඔවුනට අවබෝදයක්ද තිබිය යුතුය.රටට ඔරොත්තු නොදෙනසේ යටිතල පහසුකම් ,අධි වේගී මාර්ග ,ක්‍රීඩාපිටි ,වරාය,ගුවන් යානා ඇනවුම් කරමින් ,මුහුද ගොඩකර සුපිරි පුරවර තනමින් යටිමඩ ගැසූ ණය  ඔස්සේ ලැබූ ප්‍රති ලාබ  වල අස්වැන්න නෙලන්නට අද පොදු මහජනතාවට සිදුව ඇත. මේවයින් ඔවුන්ට අතයට ලැබූ කොම්ස් කුට්ටි කොහේ හෝ සුරක්ෂිතව තැන්පත් කර  ඇත. එහි ප්‍රතිවල මුළු මහත් ජනතාවටම අද ඉසිලීමට සිදුව තිබේ, මේ අවනඩුව කාට කියන්නද ?ඔවුන්ගේ ගේ දොර  විනාශකිරීමෙන් සැහීමකට පත් වෙමුද?
 තිස්වසරක් තිස්සේ උතුරු කරයේ  පැවැති උතුරේ පවතී යුද වාතාවරණයේදී හෝ 71, 89 වැනි කාල වකවානු තුළ   දකුණේ පැ වතී ජවිපෙ කැරලි නිසා හෝ  විදුලිය හෝ ඉන්ධන නොමැතිව  සේවාවන් හෝ මහජන තාවට එදිනෙදා ජීවිතය පැවත්වා   ගෙනයාමට  නොහැකි   වූවානම් ඒ දින  කිහිපයකයකට සීමාවී තිබුණි.
පසුගිය මාර්තු මස ආරම්භවූ ගෝල්ෆේස් අරගල බිම අද රට වෙනත් දිසාවකට නැඹුරු කරන්නට  සමත්වී ඇත. ඒ නිසා හිටපු අගමැති  ඇතුළු කැබිනට් මණ්ඩලයටම අස්වීමට සිදුවූ අතර එයකෙටි කලකින්රට පුරා   ඒ  අරගල පැතිර ගියේය.මෙය නිර්පාක්ෂික යයි කියවේ.ඇත්තේනම් එසේ නම් පැසසිය යුතු කරුණකි. ජනතා ප්‍රශ්න  පාලකයනට දැනේනට මේ අරගලය සමත්වුවට සැකයක් නැත, ඒ පිලිබඳ ජාත්‍යන්තර ප්‍රජාවදගේ ද පැසසුම් ලැබූ බවක් වාර්තා ලවල  සඳහන්විය.  මෙය  කඩ බිඳ දමා අරගල බිම  විනාශකිරීමට පාලක පක්ෂය සිදුකළ  ප්‍රචණ්ඩත්වයට  ජනතාව පිළිතුරු දුන්නේ පාලක පක්ෂයේ  එම නියෝජනය කල අයගේ  70 දෙනෙකුගේ දේපොළ  විනාශයට පත් කිරීමෙනි. මේනිසා  ආණ්ඩු පක්ෂ මන්ත්‍රී වරයකුගේ ජිවිතයක්ද අහිමි වන්නට කරනාසලසුනේය, මේ ප්‍රචණ්ඩත්වය අප කිසි දීනෙක අනුමත නොකරන අතර  ඊට වග කිව යුත්තන්  නීතිය හමුවට ගෙනවිත් දඬුවම් දිය  යුතුය. මෙහිදී ශ්‍රීලංකා නිතීඥ  සංගමයද ජනතාවට සහාය  පිණිස  ඉදිරිපත් වෙමින් කටයුතු කරනු දක්නට ලැබුණි.මේ තත්වය හරි හැටි කල්පනාකාරීව  සිදුකලයුතු  බව එහි සහාපති වරයාට  පැවසීමට මේ ලියුම්කරුට  ඉඩකඩ එහිදී සැළසුන බව ද සඳහන් කල යුතුය.
1977 පසු ඇරඹි නිදහස් වෙළඳපොළ  ආර්ථිකය  නිසා එතෙක් පැවැති  දේශීය  වශයෙන් ඇරඹුණු  මෙරට කර්මාන්ත පුනරුදයට තිත තබා පිටරටින් භාණ්ඩ  හා සේවාවන් ගෙන් යැපෙන නව  සංස්කෘතියක් මෙරට නිර්මාණය කළේය. රට තුළම  දේශීය රෙදිපිළි ,කඩදාසි,වානේ ,සිමෙන්ති, පිඟන් , ටයර් , ආහාර  නිෂ්පාදන කම්හල් වැසි යන තැනට  කටයුතු සැලසුම් සහගතව  කටයුතුකළේය.මේ ගැන  සිතමින් ජනතාව අද සුසුම් හෙළමින් සිටිති.අප රට ගමන් කරන්නේ කොයි දිසාවටද? කොහොන් නතර වේද?
ලංකා නිවුස් යුකේ.
ලන්ඩන් කොලම