loader image
Home Blog Page 187

More pictures of fireworks lighting London BBC NEWS – 01/01/23

London has welcomed in the new year with a 12-minute firework display set to music – which the city’s mayor Sadiq Khan said was the biggest in Europe.

Here are some of the best pictures we’ve got so far.This was the first time people gathered in the capital for new year since the Covid pandemic.

New Year Greetings 2023!   සුබ නව වසරක් වේවා !

0

Wishing you and all of your loved one’s peace, wealth, health and happiness in the new year.

Lanka News UK

ලොව පාපන්දු  ක්‍රීඩාවේ කිරුළ පැළඳි රජු පේලේ  ඔබට සුබ ගමන්

 

ලොව පාපන්දු ක්‍රීඩාවේ කිරුළ පැළඳි රජු -පේලේ

ඔබට සුබ ගමන්

ලොව පාපන්දු ක්‍රීඩාවේ කිරුළ පැළඳි රජු ලෙස සැළකු ,ලොවක් වසඟ කළ බ්‍රසීල ජාතික සැන්ටොස් පේලේ අද දෙසැම්බර් 29 දා සමුගත්තේය. ඔහු බ්‍රසීල වේලාවෙන් පස්වරු 3.27 ට මිය ගියේ ඔහුගේ මහ බඩවැලේ පිළිකාවක් අකර්මණ්‍ය වීම හේතුවෙන් බව ඔහු ගිලන්ව සිටි රෝහල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.මියයනවිට ඔහු 82වැනි වියෙහි පසු වුවාය.

බ්‍රසීල රජය දින තුනක් ශෝක දිනයන්ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව ද වාර්තාවල සඳහන්වේ. බ්‍රසීලය පාපන්දු ක්‍රීඩාවේ අද පවතින ඉහලම තැනට නැවුයේ පේලේය,ඔහු අනුකරණය කරමින් නැසීගිය ඩියාගෝ මැරඩෝනා, වත්මන් ලොව දක්ෂ තම ක්‍රීඩකයා ලෙස කිරුළ හිමිකර ගත් ලයනල් මෙසී වැනි ක්‍රීඩකයන් රැසක්ම දායදකිරීමේ අඩිතාලම එරටට ගෙන දුන්නේ පේලේය .

බ්‍රසීල මෙන්ම ලොව පුරා වෙසෙන පාපන්දු හෝ ක්‍රීඩා ලෝලීන් ඔහුගේ නමකී පමණින් දන හැඳින ගෙනසිටි, නම ඔවුන්ගේ මුවග ලෙළ දෙන ක්‍රීඩකයෙකු විය. ඔහුගේ අභාවය පිළිබඳ ශෝක ජනක පුවත පුවත සැළවූ සැලවූ විගස එය ලොවපුරා පැතිර ගියේ ඉතාමත් කෙටි කලකිණි..රුපවාහිනී හා පුවත්පත්, වෙබ් අඩවි වල ප්‍රධාන සිරස්තලයක් ලෙස පළවූයේ මහ ඉහළිනි. ඔහුගේ පාපන්දු ක්‍රීඩාවේ එතෙක් මෙතෙක් පහළවු දක්ෂතම ක්‍රීඩකයා අප අතරින් මිට සුළු වෙලාවකට පෙර සමු ගත්බව ලෝක ප්‍රකට ස්කයි හා බී බී සී , සි එන් එන් . රුපවාහිනී නාළිකා විසින් හෙළිකර සිටියේය.ඔවුන් ඔහුගේ ක්‍රීඩා ජිවිතයේ විවිධ දස්කම් ඇතුළත් ඔහු පිළිබඳ වාර්තා සේයාරූ හා වීඩියෝ වැඩ සටහන් ප්‍රචාරය කල අතර මෙහි වෙසෙන ඔහුගේ සමකාලීන පාපන්දු ක්‍රීඩකයන් හා වත්මන් ක්‍රීඩකයන්ගේ ප්‍රකාශයන්ද ඇතුලත් කර තිබීම කැපී පෙනෙන වෙනසක් බව සඳහන් කල යුතුය.

අඩු ආදායම් ලැබූ බ්‍රසීලයේ කුඩා පැල්පතක උපත ලැබූ සැන්ටෝස් (පෙලේ )උපත ලබා තිබුණේ සැවෝ පාලොවෙහිය. ඔහුගේ මුල් නම එඩ්සන් අරන්ටෙස් ඩෝ නසිමෙන්ටෝ වූ අතර දරිද්‍රතාවය කරපින්නාගෙන උපත ලැබුවද පේලේ මියයන විට ලොව සිටි ධනවත්ම පාපන්දු ක්‍රීඩකයකු මෙන්ම ප්‍රකට සමාජ සේවකයකුද විය. .ඔහු කුඩා අවදියෙහි විදි වල පාපන්දු ක්‍රිඩාවේ දස්කම් දැ ක්වූ කොලුවෙකු ගැටවකු විය.පෙලේ උපත ලබා තිබුනේ බ්‍රසීලයේ ටෙසේකෝ ඕනස් ගෙස්රිස්සාහිදී 1940 ඔක්තෝබර් මස 29 වනදාය. පියා ඩොස් ඩින්හෝ වූ අතර මව පිළිබද සටහනක් වාර්තාවී නොතිබුණි. ඔහු නිවෙස අසළ පෙදෙස් වල මංමාවත් වල පාපන්දු ක්‍රීඩාවේ පා දස්කම් දැකගත් බොහෝ දෙනෙකු පාපන්දු සමාජයන්ට දැනුම් දීමෙන් අනතුරුව 1956 දී ඔහුට ප්‍රථමවරට පාපන්දු ක්‍රීඩාවේ නිරතවීමේ අවස්ථාව උදාවිය.ඔහුගේ හැකියාව නිසා 1957 දී බ්‍රසීලයේ ජාතික මට්ටමේ ක්‍රීඩාවේ යෙදෙන්නට අවස්ථාව මග පැදි තිබු බව සඳහන් වේ.1957සිට 1971 ලොව පාපන්දු තරඟ 92 කට තරංඟ වලට සහභාගී වී තිබුණි.ඔහු 1995 සිට 1998 දක්වා බ්‍රසීලයේ ක්‍රීඩා ඇමතිවරයා ලෙසද කටයුතු කළේය.

ඔහු විවාහ 3ක් සිදු කර ගෙන තිබු අතර මෙම විවාහ වලින් දරුවන් සත් දෙනෙකුද ලබා තිබු බව සඳහන්වේ.ඉන් එක් අයෙකු ලන්ඩනයේද ජිවත්වන බව සඳහන්වේ.පළමු විවාහය 1966 දී රෝස්මේරි ඩොල්බි (66-82) දෙවැන්නා අසිරියා ලේමොස් සෙයිසාස් (94-20080 හා තෙවැන්නා මර්සියා අඔකෝ (2016) සිදු කර ගෙන ඇතැයි ඔහු පිලිබඳ වාර්තාවල සඳහන්වේ.

වයස අවුරුදු 15 දී සැන්ටෝස් සහ වසරකට පසුව බ්‍රසීල ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට පටන් ගත් අතර, 1958 ලෝක කුසලානයේදී 17 හැවිරිදි වියේ පසුවන ලෝක පාපන්දු ක්‍රීඩාවට පිවිසියේය. ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළදී, ඔහු ලෝක කුසලාන තුනක් එනම් 1958, 1962 සහ 1970 දී බ්‍රසීලයට දිනා දීමට මුලිකවූ ක්‍රීඩකයා විය.

1957 සිට 1977 දක්වා වූ ඔහුගේ ක්‍රීඩා දිවියේ දීප්තිමත් වසර 20ක වෘත්තීය දිවිය තුළ ඔහු තරග 831කදී ගෝල 757ක් ලබාගෙන තිබු බව වාර්තාවල සඳහන්වේ. පෙලේගේ වසර 21ක් වූ සිය ක්‍රීඩා දිවිය තුළ ඔහු බ්‍රසීලය වෙනුවෙන් හා පාපන්දු සමාජ වෙනුවෙන් පාපන්දු තරග 1367ක් ක්‍රීඩා කර ඇතැයිද සඳහන්වේ. එම තරගවලදී ගෝල 1283ක් ලබා තිබිණි. මෙම ගෝලවලින් 77ක්ම බ්‍රසීලයේ ජාතික පාපන්දු කණ්ඩායම වෙනුවෙන් ලබා ගෙන තිබේ.

පේලේ බ්‍රසීලය වෙනුවෙන් ලෝක කුසලාන පාපන්දු ශූරතා තරගාවලි 04කට (1958,1962,1966,1970) ක්‍රීඩා කර තිබූ අතර ඉන් 03ක් (1962,1966 හා 1970) ජයග්‍රහණය කරා මෙහෙයවමින් එවැන්නක් සිදු කරනු ලැබූ ලොව ප්‍රථම පාපන්දු ක්‍රීඩකයාද විය. මෙම වාර්තාව මෙතෙක් වෙනත් ක්‍රීඩකයකුට බිඳහෙළීමට නොහැකි වී තිබේ. ලෝක පාපන්දු සම්මේලනය (ෆිෆා) විසින් 2000 වසරේදී පේලේව 20 වැනි ශත වර්ෂයේ බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා වශයෙන් නම් කර ඇත

එංගලන්තයේ ලෝක කුසලාන ජයග්‍රාහකයා වූ ශ්‍රීමත් ජෙෆ් හර්ස්ට් පැවසුවේ පේලේ “සියලු කාලය තුළ ශ්‍රේෂ්ඨයා ලෙස පවතින” බවයි. ඔහු මෙසේ පැවසීය: “මට පේලේ ගැන බොහෝ මතකයන් තිබේ, සැකයකින් තොරව මම එදිරිව ක්‍රීඩා කළ හොඳම පාපන්දු ක්‍රීඩකයා යයි.බොබී මුවර් පවසා සිටියේ ඔහු මා සමග මෙතෙක් ක්‍රීඩා කළ හොඳම පාපන්දු ක්‍රීඩකයා බවය.. “මට පේලේ සෑම විටම ශ්‍රේෂ්ඨයා වන අතර ඔහු සමඟ පිටියේ සිටීම ගැන මම ආඩම්බර වෙමි. RIP Pele සහ ස්තූතියි.” ලයනල් මෙසී, තවත් පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස පුළුල් ලෙස සැලකෙන සෑම විටම ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු ලෙස සැලකෙනබවයි., . 1970 දී මෙක්සිකෝවේ දී බ්‍රසීලයේ තෙවැනි ජයග්‍රහණයේ දී පේලේගේ භූමිකාව පාපන්දු ජනප්‍රවාදයේ මාතෘකාවක් බවටද පත්ව ඇත, මන්ද ඔහු ක්‍රීඩාවේ විශිෂ්ටතම ජාත්‍යන්තර කණ්ඩායම ලෙස තර්ක කළ හැකි පරිදි ප්‍රධාන භූමිකාවක් එහිදී ඉටු කළේය. එක්සත් රාජධානියේ වෙසෙන ඔහුගේ දියණිය වන කෙලී නෙසිමෙන්ටෝ (*Kely Nascimento) ඇගේ පියාට උපහාර දක්වමින් : “අපි ඔබට ස්තූතිවන්ත වෙමු. අපි ඔබට අසීමිත ලෙස ආදරෙයි. සාමයෙන් විවේක ගන්න.”පවසා තිබුණි. පේලෙගේ අවසන් කට යුතු පසුව දැනුම් දීමට නියමිතය.

ලොව වැඩිම පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වනු ලබන ලොව ජනප්‍රියම ක්‍රීඩාවේ කිරුල හිමි කරගත් පේලේ විසින් ඒ ක්‍රීඩාව නංවා සිටුවීමට ගත් මෙහෙය පැසැසිය යුතු එකක් වේ.

පේලේ යන නම ඔහුට තබා තිබු අන්වර්ථ නාමයකි එහි තේරුම හීබ්රු භාෂාවෙහි එන “ආශ්චර්ය” යන අර්ථය ගෙන දෙන බව යි සඳහන්වේ. ඔහු පිලිබඳ ලියා ප්‍රකාශයට පත් ජිවිත කතාව පොතහි සඳහන්ව ඇත්තේ එහි අර්ථය පේලේ පවා නොදැන සිටි බවය. ඔහුගේ ජීවිතයේ සියලුම අවස්තාවන්හි සේයාරු හා තිළීණ ඇතුළත් කෞතුකාගරයක්ද බ්‍රසීලයේ කලකට පෙර විවෟත කර ඇත.

පේලේ දුප්පත් දරුවන් වෙනුවෙන් පාපන්දු ක්‍රීඩාව ලොව ප්‍රචලිත කරලීම සඳහා කර තිබු මෙහෙය අගයමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔහුගේ සෙව්වා අගයමින් සන්නාම තානාපති තනතුරක් ප්‍රධානය කර ඇත.එක්සත් රාජධානියේ එලිසබත් මහ රැජින විසින් ඔහුට නයිට් පදවියකින්ද, ලෝක පාපන්දු සංගමය ඔහු ” ශතවර්ෂයේ බිහි වූ විශිෂ් ඨ ක්‍රීඩකයා ” යන සම්මානයෙන් ද පුදනු ලැබූ අයෙකි.

පේලේ පාපන්දු ක්‍රීඩාවේ මහා පෙරළිකාරයෙකු විය.ඔහු සිය මව් රටෙහි පමණක් නොව ලොව පුරා මෙතරම් ජනප්‍රියත් වයට පත්වුයේ ඇයි? පාපන්දු ක්‍රීඩාවේ දී සාමාන්‍ය පිළිවෙත එක කකුලකින් බෝලය කරකවමින් එය සිය විරුද්ධ වාදීන් ගේ ග්‍රහණයට හසු නොවී දඟර දමමින් ගෝල රකින තැනට ගෙනයෑම සිදු කිරීමය.මේ පිලිවතේ කැපීපෙනෙන

වෙනසක් ඔහු ඇති කළේය.එක පයක් පමණක් උපයෝගී කර ගෙන කරනු ලැබූ පාපන්දු ක්‍රීඩාවෙහි පා දෙකෙන්ම පන්දුව කර කැවීම ලොවට හඳුන්වා දුන්නේ හා එය ප්‍රචලිත කළේ පෙලේය .අද එය සිය මව් රටවූ බ්‍රසීලයේ පමණක් නොව ලොව පුරා පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන දක්ෂ තම ක්‍රීඩකයන් වූ ලයනල් මෙසී .ක්‍රිස්ටියානෝ රෙනල් ඩෝ ,හැරී කේන් වැනි ප්‍රවීණයන් අනුකරණය කරනු දැකිය හැකිය.මෙය එම ක්‍රීඩාවේ අද දැකිය හැකි කැපී පෙනෙන වෙනසක් බව සඳහන් කල යුතුය.

ලොව වර්ණභේදවාදය පැතිර ගිය සමයක් තුළ ක්‍රීඩා කේෂ්ත්‍රය තුලද එය මහ ඉහළින් පවත්වාගෙන යාමට සුදු ජාතීන් සිය යටත් විජිත හා සෙසු රටවල් තුළත් ගෙන ගියේ සීතල අරගලයකි.පාපන්දු කිදාවේ මෙම වෙනස කඩා බිඳ දැමු විප්ලව වාදියා පෙලේ යයි කිව හොත් නිවැරදිය.යුරෝපිය බටහිර ජාතීන් විසින් වැළදගත් නිර්ධන පංතික ක්‍රීඩාවක්වූ පාපන්දු ක්‍රීඩාවේ මුල් පෙළේ පාපන්දු සමාජයන් කළු අප්‍රිකානු හා දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් ට සිය කණ්ඩායම් වලට බඳවා ගන්නට පෙලම්බු වුයේ පෙලේගේ මේ ක්‍රීඩා කේෂ්ත්‍රය තුළ සිදු කළ පෙරළිකාර විප්ලවය නිසා යයි කිව යුතුය. මේ වෙනස කැපී පෙනන යථාර්තයක් බවට පත්ව ඇත. ඉහතකී කරුණු පදනම් කර ගෙන අද වන විට අප්‍රිකානු ,දකුණු අප්‍රිකානු පාපන්දු ක්‍රීඩකයින්ට ලොව ඉහළම ලංසු තබවමින් ඒ ක්‍රීඩා සමාජ තුළට ඇතුළු කර ගැනීම දක්වා එම වෙනස සිදු කර ගැනීමට සමත්ව තිබේ .

ඔහු නිසා සුදුකළු භේදය ලොවින් නැතිනම් සිත්වලින් දුරුකර ලන්නට කල මෙහෙය ප්‍රසංශ ණිය එකකි. එය දෙවැනි වන්නේ දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලාගේ වර්ණ භේදවාදී සටනට දේශපාලනිකව දුන් අරගලයට නොදෙවෙනි සටනකින් යයි මට සිතේ.

මේ වනවිට මුළු මහත් බ්‍රසීලය පුරා ඔහු වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමින් එහි නගර හා සිය නිවෙස් වල පවා ඔහුගේ වර්ණවත් සේයාරූ සරසා ප්‍රදර්ශනයට තබා ඇතැයි එම වාර්තාවල සඳහන්වේ.පේලේ ගේ අවසන් කටයුතු ඔහු විසින් වැඩිම කාලයක් පාපන්දු ක්‍රීඩාවේ නිරත වූ බ්‍රසීලයේ සාඕ පවුලෝ නගරයේ පිහිටි විලා බෙල්මයිරෝ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැළසුම් කර ඇති බව එහි පුවත්පත් වාර්තාවේ.

ලොවක් පාපන්දු ක්‍රීඩාවේ යෙදෙමින් සිය දස්කම් වලින් වර්ණවත් කරන්නට ලෝලීන් මන්මත් කරන්නන්ට ඔබ දුන් මෙහෙය සදා සමරනු ඇත.

පේලේ ඔබට සුභ ගමන්…

ශාන්ත සේනාධීර  –

(සේයා රූ අන්තර්ජාලයේ  ලබාගත් අතර ඒවායේ හිමිකම් ඔවුන් සතුය,)

ශ්‍රී ලංකාවේ උපත ලද මිනෝලි පෙරේරා ;ඕස්ට්‍රේලියානු සිම්බාබ්වේහි තානාපතිනිය ලෙස පත්වෙයි

0

Lanka News UK – 2022 දෙසැම්බර් 25

ඕස්ට්‍රේලියානු රජය විසින් සිම්බාබ්වේ හි ඕස්ට්‍රේලියානු මීළඟ තානාපතිනිය ලෙස ශ්‍රී ලංකාවේ  උපන් මිනෝලි පෙරේරා මහත්මිය පත් කර තිබේ.

ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍ය සෙනෙට් සභික පෙනී වොන්ග් විසින් (Penny Wong ) පසුගිය අඟහරුවාදා කැන්බරා හි පැවති මාධ්‍ය හමුවකදී ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඕල් බෙනස් {Anthony Albanese) විසින් ඇයගේ පත්වීම පිළිබඳ ප්‍රකාශ කරන ලදී.

.

2018 වසරේ සිට ඇය ඕස්ට්‍රේලියාවේ තානාපති සේවයෙහි නිරතව සිටි බව සඳහන්වේ. ඇය සිම්බාවේ හරාරේ නුවර ඉහළම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා ලෙස සේවය කරන බ්‍රොන්ටේ මවුල්ස්ගෙන් වැඩ භාර ගැනීමට නියමිතය..

මිනෝලි පෙරේරා එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්‍යාලයට අනුබද්ධ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයෙන් (IIT) මෘදුකාංග ඉංජිනේරු  විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගත අයෙකුද වේ.මොනෑෂ් විශ්ව විද්‍යාලයේ Inclusive Technologies Lab හි ආචාර්ය උපාධි අපේක්ෂකයෙක් වන අතර අන්ධ පුද්ගලයන් සඳහා සේවා ස්ථානවල ප්‍රවේශ්‍යතාව වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන පර්යේෂණ වල නිරත අයෙකු බව සඳහන්වේ. ඇය කලක් මෘදුකාංග ඉංජිනේරුවරියක් ලෙස කටයුතුකළ බව ඇයගේ ටිව්ටර් ගිණුමේ සඳහන්කර තිබුණි.විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ වෘත්තීය නිලධාරිනියක වන අතර ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙස සේවය කරන අතර මෑතක දී විධායක අංශයේ පළමු සහකාර ලේකම් ලෙස කටයුතු කරයි.

ඇය මීට පෙර ඔස්ට්‍රේලියාවේ තානාපති සේවා කාලය තුළදී චීනයේ බීජිං, පෝට් මෝර්ස්බි, නිව් යෝර්ක්, බුවනෝස් අයර්ස් සහ ටෙල් අවිව් යන රටවල ද සේවය කර ඇත.

“ඕස්ට්‍රේලියාව සිම්බාබ්වේ ජනතාවගේ දිගුකාලීන මිතුරෙකු වන අතර, අපගේ රටවල් අතර උණුසුම් මිනිසුන්-ජනතාව සහ ප්‍රජා සම්බන්ධතා ගොඩනැගීමට අපි බලාපොරොත්තු වෙමු. සිම්බාබ්වේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ වැදගත්කම රටේ සංවර්ධනය, ජාත්‍යන්තර නියැලීම සහ නව වෙළෙඳ හා ආයෝජන අවස්ථා ඉදිරියට ගෙන යාම සඳහා අපි හඳුනා ගනිමු,” පෙනී වොං මහත්මිය මෙහිදී පවසා තිබු බව වාර්තාවල සඳහන්වේ.

ශාන්ත සේනාධීර -ලංකා නිවුස් යුකේ.

May this Christmas and a New year bring you Happiness, Good Health & Peace

0

ඔබ සැමට සාමය, සතුට පිරි , නිරෝගී බව ලබන්නා වූ නත්තලක් හා සුභ නව වසරක් උදාවේවා!

කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක අග්ග මහා පණ්ඩිත පුජ්‍ය ගලයායේ පියදස්සී යතිවරයන් වහන්සේ අපවත් විය. 

0

කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝ නායක අග්ග මහා පණ්ඩිත පුජ්‍ය ගලයායේ පියදස්සී යතිවරයන් වහන්සේ අදදින (19)අපවත් විය. උන්වහන්සේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ගලයාය ග්‍රාමයේ 1947 වසරේ ජුනි මස 28 වැනිදා උපත ලැබූ අඹේකෝන් මුදියන්සේලාගේ සුරවීර පැවිදි දිවියට පිවිසෙන්නේ 1970 වසරේදීයි.

සදලංකාවේ ශාස්ත්‍රෝදය පිරිවෙනින්මූලික අධ්‍යාපනය ලබා විද්‍යෝදය මහ පිරිවෙනින් මෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය උන් වහන්සේ හිමිකර ගෙන තිබුණි. 1984 වසරේදී විදේශීය ධර්ම ප්‍රචාරය කිරීමේ කටයුතු සදහා පූජ්‍ය ගලයායේ පියදස්සි හිමියන් එංගලන්තයේ ලන්ඩන් නුවර බෞද්ධ විහාරයට පැමිණෙන්නේ එහි විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය හම්මලව සද්ධාතිස්ස හිමියන්ගේ ආරාධනයකට අනුවය.

පූජ්‍ය ගලයායේ පියදස්සි හිමියන් බ්‍රිතාන්‍යයේ ධර්ම ප්‍රචාරක කටයුතු සදහා මහාචාර්ය පූජ්‍ය හම්මලව සද්ධාතිස්ස හිමියනුගේ මග පෙන්වීම යටතේ ලන්ඩනයේ සෙසු ප්‍රදේශ වල වෙසෙන බෞද්ධ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් 1989 දී ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය නමින් කෙන්ටන් ප්‍රදේශයේ විහාරස්ථානයක් ආරම්භ කරනු ලැබූවේය.

කළ ගුණ සැලකීම ක්‍රියාවෙන්ම පෙන්වූ පූජ්‍ය ගලයායේ පියදස්සි හිමියන් තමන් වහන්සේගේ ගුරු හිමියන් වූ හම්මලව සද්ධාතිස්ස ස්වාමීන්වහන්සේට ගෞරව පිණිස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය නමින් නම් කිරීමෙන්බුදු මග යන යතිවරයන් වහන්සේ නමක් බවට කදිම සාක්ෂියක් පෙන්වූ යතිවර හිමි නමකි..

පූජ්‍ය ගලයායේ පියදස්සී ස්වාමීන් වහන්සේගේ ධර්ම ප්‍රචාරක සහ සමාජ ආගමික සේවය අගයමින් මහාවිහාරවංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශවයෙන් එක්සත් රාජධානියේ ප්‍රධාන අධිකරන සංඝනායක පදවියෙන්ද අස්ගිරි මහාවිහාර පාර්ශවයෙන් එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක පදවියෙන්ද, බ්‍රෙන්ට් නගර සභාව විශිෂ්ට පුරවැසි නාමයෙන්ද බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජින MBE ගෞරව නාමයෙන්ද, බුරුම රජය අග්ග මහා පණ්ඩිත ගෞරව නාමයද පුදකර සිටි බව උන් වහන්සේගේ 75 වෙනි ජනම දින පැවැත්වූ උළෙලේ දී සඳහන් කර තිබුණි..

තවද උන වහන්සේ ශ්‍රී ලංකාවේ සමාජ සේවා කටයුතු අතර හෙට්ටිපොළ ගල්කන්ද මුදිත ළමා නිවාසය අරඹා අනාත, අත්හල, අසරණ, දරුවන් යහමගට ගැනීමේ ආයතනයේ දරුවන්ට නේවාසික පහසුකම් සැළසීමද, සුනාමි ව්‍යසනයෙන් අසරණවූ ජනතාව උදෙසා ගාල්ල වලහන්දූව ප්‍රදේශයේ සුනාමි ගම්මානයක් ඉදිකිරීමද, නාවල ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර පුස්කාලයක් ද ඉදිකර තිබුණි.

වසර ගණනාවක් තිස්සේ ලන්ඩනයේ අවුරුදු උළෙල අප සංස්කෘතිය විදෙස් රටකදී මෙහි හැදී වැදුණු දු දරුවනට පේනවා දී අති සාර්ථක අන්දමින් පැවැත්වීමේ ගෞරවය උන්වහන්සේට හිමිවේ.කින්ස්බරි විහාරස්ථානයේ පැවැත්වූ දහම් පාසල තුලින් මෙහි වෙසෙන දුදරුවන්ගේ දහම් දැනුම ඔපවත් කිරීමේ මහගු කාර්යද ,වරින්වර ජාත්‍යන්තර බෞද්ධ සම්මේලන පැවැත්වීම ඇතුළු බුදු දහම මෙරට ප්‍රචාරය කිරීම සඳහා මහගු මෙහෙයක් පසු ගිය දශක ගණනාවක් තිස්සේ ඉටු කිරීමේ ගෞරවයද උන් වහන්සේගෙන් ඉටු විය.

උන්වහන්සේ කලක් තිස්සේ ගිලන්ව වැඩ විසු අතර එනමුදු සිය යුතුකම් නොපිරිහෙලාම ඉටුකළ යතිවරයකු ලෙස සඳහන් කල යුතුය. අපවත් වන විට උන් වහන්සේ 76 වැනි වියෙහි පසුවිය. පූජ්‍ය ගලයායේ පියදස්සි නායක ස්වාමින් වහන්සේ විසින් එක්සත් රාජධානිය තුළ සිදුකරනුලැබූ මේ සමාජ මෙහෙවර අප සිත් තුළ චිරාත් කාලයක් පවතිනු නියතය, අපි උන්වහන්සේට අතිඋතුම් අජරාමර මහා නිවන් සම්පත්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

ශාන්ත සේනාධීර

ලංකා නිවූස් යුකේ.

ලෝක පාපන්දු ශුරතාව 2022  ආර්ජන්ටිනාව හිමිකර ගනී.

0

Argentina FIFA World Cup 2022 Winners

ලොව  ජනප්‍රියම ක්‍රීඩාව වන පාපන්දු ක්‍රීඩාවේ .වසර 4 කට වරක් පැවැත්වෙන මේ මහා ක්‍රිඩාවලියේ  මෙවර ලෝක ශුරතාව ආර්ජන්ටිනාව හිමිකර ගත්තේය. තරඟයේ අනු ශුරතාවය පසුගිය ශුරයින් වු ප්‍රංශය විසින් දිනාගනු ලැබුණි.අවසන් තරඟය දෙසැම්බර් මස 13 වෙනි ඉරුදින දෝහ කටාර්හි දී  පවත්වන්නට යෙදුනි.මෙවර තරඟය ඉතා උණුසුම් එකක් විය.

ආර්ජන්ටිනාව හා ප්‍රංශය අතර පැවති අවසන් මහා තරඟයේදී  ගෝල 3-3ක් සමවීමෙන් පසුව අතිරේක කාලයෙන් පසුව දඬුවම් පහර 4-2කින් ශූරතාව හිමි ප්‍රංශයට එරෙහිව අවසන් මහා තරගය ජයගත් ආර්ජන්ටිනාව ශූරයන් විය. ප්‍රංශ ක්‍රීඩක කයිලියන් මාපේ  (Kylian Mbappé)  1966 අවසන් මහා තරඟයේදී ජෙෆ් හර්ස්ට්  ගෙන් පසුව (Geoff Hurst) පසුව ලෝක කුසලාන අවසන් තරඟයකදී එකම තරඟයකදී ගෝල 3ක්  (Hat-trick) එකක් ලබා ගත් පළමු ක්‍රීඩකයා බවට පත් වූ අතර තරඟාවලිය තුල වැඩිම ගෝල (8) ලබා ගත් ඔහු රන් පාදය  ලෙස හැඳින්වෙන (Golden Boot) සම්මානය දිනා ගත්තේය. ලොව ඇති ජනප්‍රිය දක්ෂතම ක්‍රිඩකයෙකුවූ ආර්ජන්ටිනාවේ නායක ලයනල් මෙසී තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා (  Best Player  )ලෙස තේරී පත් වූයේ රන් පන්දුව හිමිකරගනිමිනි. තරඟාවලියේ දක්ෂතම ගෝල රකින්නාට පිරිනැමෙන රන් අත්වැසුම ( (Golden  Golves )සහ තරඟාවලියේ දක්ෂතම යොවුන් ක්‍රීඩකයාට පිරිනැමෙන යොවුන් ක්‍රීඩක සම්මානය පිළිවෙලින් ආර්ජන්ටිනාවේ එමිලියානෝ මාර්ටිනස් සහ එන්සෝ ෆර්ඩිනඩ්ස් (Emiliano Martínez) -( Enzo Fernández) දිනා ගත්හ.

ඒ අනුව රියෝ හි මරකානා ක්‍රීඩාංගනයේදී ජර්මානුවන් එදා උදුරා ගත් ලෝක කුසලානයේ පහස විඳ ගැනීමේ අවස්ථාව මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාවට යළි හිමිව ඇත.එමෙන්ම මෙම තරගයේදී ලබා ගත් ගෝලත් සමග ආර්ජන්ටිනාව වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලිහිදී වැඩිම ගෝල සංඛ්‍යාවක් හිමි කරගත් ක්‍රීඩකයා ලෙස ලියොනල් මෙසී වාර්තා පොත් අතරට පිවිසියා.1986 පසුව නැවත වරක් වසර 3 පසුව  ලෝකශුරයන් වීමේ භාග්‍යය ආර්ජන්ටිනාව සතුවීම මේ තරඟයේ කැපී පෙනෙන  සිදු විමක්  ලෙස සඳහන් කල යුතුය.

 ලෝක සංගම් කුසලානය (2022 FIFA )යනු එම සංගමයේ සාමාජික රටවල සංගම්වල නියෝජනය කරනු ලබන පිරිමි ජාතික කණ්ඩායම්  විසින් තරඟ කරන ලද ජාත්‍යන්තර පාපන්දු තරඟාවලියකි. එය මේ වසරේ නොවැම්බර් 20 සිට දෙසැම්බර් 18 දක්වා දෝහා  කටාර් හිදී පැවැත්විණි,.එය අරාබි ලෝකයේ සහ මුස්ලිම් ලෝකයේ පවත්වන ලද පළමු ලෝක කුසලානය බවට පත් වූ අතර, 2002 දකුණු කොරියාවේ සහ ජපානයේ පැවති තරඟාවලියෙන් පසුව සම්පූර්ණයෙන්ම ආසියාවේ පැවති දෙවන ලෝක කුසලානය විය.මැදපෙරදිග රටක් පාපන්දු ලෝක කුසලානය සඳහා  සත්කාරකත්වයක් දරණ ප්‍රථම අවස්ථාව මෙයවිය. ප්‍රංශය 2018 අවසන් මහා තරගයේදී ක්‍රොඒෂියාව ගෝල 4-2ක් ලෙස පරාජය කරමින් වත්මන් ශූරයන් විය. ඩොලර් බිලියන 220කට වැඩි ඇස්තමේන්තුගත වියදමකින් තරඟ සංවිධානය සඳහා වැය  කරණ  ලද  මෙතෙක් පැවති මිල අධිකම ලෝක කුසලාන තරඟය ලෙස සැලකේ.එම  සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී නසාර් අල් ඛාටර් ඇතුළු කටාර් නිලධාරීන්ලොව විවිධ රටවල්  මෙම මුදල සම්බන්ධව  විවේචනයටද  මතභේදයට ද ලක්ව තිබේ. ඔහු සත්‍ය පිරිවැය ඩොලර් බිලියන 8 ක් වූ බව පැවසූ අතර 2010 වසරේ ලෝක කුසලානය කටාරයට ප්‍රදානය කළ දා සිට සමස්ත යටිතල පහසුකම් සංවර්ධනයට අදාළ අනෙකුත් සංඛ්‍යාලේඛනවලට මෙම විරුද්ධ වී තිබුණි.

මෙම තරඟාවලිය කණ්ඩායම් 32 ක් සහභාගී වූ අවසන් තරඟාවලිය වූ අතර, 2026 සංස්කරණය සඳහා තරඟාවලිය කණ්ඩායම් 48 දක්වා වැඩි කිරීමට නියමිතය. කටාර්හි උණුසුම් දේශගුණයේ අන්තයන් මඟහරවා ගැනීම සඳහා, තරඟාවලිය  නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී පවත්වනට යෙදුනු බව කියවේ.. කටාර් ජාතික පාපන්දු කණ්ඩායම මෙම ඉසව්වට ඇතුළත් විය – ඔවුන්ගේ පළමු ලෝක කුසලානය – සත්කාරක ජාතික කණ්ඩායම ලෙස ස්වයංක්‍රීයව, සුදුසුකම් ලැබීමේ ක්‍රියාවලිය අනුව තීරණය කරන ලද කණ්ඩායම් 31 සමඟින්. කටාරය කණ්ඩායම් තරග තුනම පරාජයට පත් විය. සෑම තරගයක්ම පැරදුණු ලොව පළමු සත්කාරක කණ්ඩායම බවට පත්වෙමින්, මුල්ම සත්කාරක රට තරඟයෙන් ඉවත් කරන ලදී,

. කටාර් හි ලෝක කුසලානය පැවැත්වීම සඳහා මුලින්ම  තේරීම පිලිබඳ සැලකිය යුතු විවේචනයට ලක්වූ කරුණක්  විය,සංක්‍රමණික කම්කරුවන්ට, කාන්තාවන්ට සහ සමලිංගික (LGBT }ප්‍රජාවේ සාමාජිකයින්ට එරට සලකන ආකාරය මෙන්ම කටාර්හි දේශගුණය, ශක්තිමත් පාපන්දු සංස්කෘතියක් නොමැතිකම, කාලසටහන් වෙනස් කිරීම් සම්බන්ධයෙන් මතු වූ  විවේචන රැසක්  ඔවුනට එල්ල වුවේය. සත්කාරක අයිතිවාසිකම් සඳහා අල්ලස් සහ පුළුල් FIFA දූෂණ චෝදනා සහ මේ ක්‍රීඩාගාර තැනීමේදී  ගොඩනැගිලි කම්කරුවන් 5000 අසන්නට ප්‍රමාණයක් විපතට පත්වූ බවට ගාර්ඩියන් පුවත්පත මෙන්ම ලොව මානුෂික අයිතිවාසිකම් සංගම් ආයතන විසින් මතුව තිබු විරෝධය තවමත් මතු වෙමින් පවතී.ලොවක් අමානන්දනයට පත්කරමින්  ජය පැරදුම බෙදා ගනිමින් සිය බොඳව ගිය සිහින  සැබෑකර ගන්නට යලිදු සිව් වසරකින්  මෙවැනිම  ලෝක මහා පාපන්දු තරඟයකින් හමු වන්නට ඉඩකඩ ලැබේවායි ඔබ සැමට අපි ප්‍රර්ථනා කරමු.

ශාන්ත සේනාධීර 

ලන්කානිවුස් යුකේ.

බයිලා වලින් අප හැම මුසපත්කළ-යුගයක්නිමාකළ නිහාල් නෙල්සන් ගායකයණෙනි, ඔබට සුබ ගමන්

0

  බයිලා වලින් අප හැම මුසපත්කළ -යුගයක් නිමාකළ නිහාල් නෙල්සන් ගායකයණෙනි,  ඔබට සුබගමන් 



 Inline image



දිවයිනේ ප්‍රසංග වේදිකාවේ මහා පෙරළිකාර යුගයක් නිමා කරමින් බයිලා වලින් අපේ රසික රසිකාවන් සිය දහස් ගණනක් අමානන්දනයට පත්කළ නිහාල් නෙල්සන් සිය ගැන ගමන් මග නිමාකල වගයි.ඔහු අද උදැසන සිය ගමන් මග අවසන් කර තිබුණි. ඔහු මිය යන විට 76 වන වියෙහි පසු විය.

ඔහු නොමැති ප්‍රසංග වේදිකාවක් මෑත ඉතිහාසයේ නැති තරම් ය. ඔහු ගැයූ ගී ගණන සිය දහස් ගණනකි. ඉතා කුඩා අවදියෙහි පටන් බයිලා ගායනයට වේදිකාවට පිවිසි දිවයිනේ ප්‍රසංග වේදිකාවේ මහා පෙරළිකාර යුගයක් නිමා කරමින් බයිලාවලින් අපේ රසික රසිකාවන් සිය දහස් ගණනක් අමා නන්දනයට පත්කළ ගායකයෙකු විය..ඔහු මොරටුවෙන් බිහිවුණු බයිලා චක්‍රවර්ති එම් . එස්. ප්‍රනාන්දු මගයමින් කෙටි කලකින්ම අප රසික ආකර්ෂණයට පිවිසි ජනකාන්ත ගායකයෙකු විය.

ඔහුගේ බිරිඳ මාලි නෙල්සන් මහත්මිය මිට වසර කිහිපයකට සමු ගත් අතර ඔහු ඉන් පසු ජීවත්වුයේ ඔහුගේ පුත් තරංග නෙල්සන් සමග විය.ඔහු බිරිඳ ගේ වියෝව ගැන දුක්වූ අයුරු මට අදමෙන් මතකයට නැගෙයි.ඔහු මා සමග වරින්වර දුරකතනයෙන් ඔහු හා කොවිඩ් වසංගත සමයේ දී කතාබහේ යෙදෙන්නට හැකිවිය. මෙයට විශේෂ හේතුවක් වුයේ මගේ බිරිඳ උගත් මොරටුවේ වේල්ස් කුමාරි විදුහලේ ඔහුගේ ප්‍රිය බිරිඳ හා ඇයගේ සොහොයුරියන් සමාකාලීනව අධ්‍යාපනයේ නිරතව සිටි බැවිනි. ඔහු කලක සිට අසනීප තත්වයකින් පසුවුවද ඔහු ප්‍රසංග වේදිකාව නම් කිසිවිටක අමතක කළේ නැත.දිවයිනේ ඔහුගේ කැසට් හෝ සීඩී පටියක් නොමැති නිවසක් ඇත්තේ ඉතා සවල්ප වශයෙන් යයි කිවොත් නිවැරදිය.

සිය ගණනක් ගුවන් විදුලි හා රුපවාහිනි නාළිකාවල ගී වැඩ සටහන් වලට සහභාගිවූ නිහාල් ඉතා සංවේදී ,නිහතමානි ගායකයෙකු විය. ඔහු බයිලා ගීත කලාවෙන් සමාජ සංසෝධන අපේ ජන සමාජයට ගෙනයාමේ පොරෝගාමියෙකු විය. "එපා එපා මස්කන්නට කිරි අම්මාගේ" , "ගුනේ අයීයගෙ බජව් දාන කාමරේ" වැනි ගී සිය ගණනක් ඔහුගේ ගී ගොන්නට ඇතුළත්වී තිබුණි ඒ කෝකිල හඬ අද සදහටම වියැකි ගොසිනි. ඔහුගේ ගී නොගැයූ නොගයන සාදයක් නොමැති තරම් ය.ඔහු විදෙස් රටවල දශක ගණනක් තිස්සේ සංචාරය කර තිබුණි, ඔහුගේ වියෝව පිලිබඳ මේ පුවත අසන අප ගීත ලෝලී රසික රසිකාවන් නෙතට කඳුලක් නැගෙන අතර ඔවුන් මහත් කම්පාවට පත්වෙනු නොඅනුමානය.

ඔහුගේ දේහය මොරටුවේ නිහාල් නෙල්සන් මාවතේ මේ වන විට තැන්පත් කර තිබෙන අතර අවමගුල් කටයුතු පසුව දැනුම්දීමට නියමිතය.

ශාන්ත සේනාධීර - ලංකා නිවුස් යුකේ.
(සේයාරූව අන්තර් ජාලයෙන් උපුටා ගත්තෙමි.)

  බයිලා වලින් අප හැම මුසපත්කළ -යුගයක් නිමාකළ නිහාල් නෙල්සන් ගායකයණෙනි,  ඔබට සුබගමන් 

දිවයිනේ ප්‍රසංග වේදිකාවේ මහා පෙරළිකාර යුගයක් නිමා කරමින් බයිලා වලින් අපේ රසික රසිකාවන් සිය දහස් ගණනක් අමානන්දනයට පත්කළ නිහාල් නෙල්සන් සිය ගැන ගමන් මග නිමාකල වගයි.ඔහු අද උදැසන සිය ගමන් මග අවසන් කර තිබුණි. ඔහු මිය යන විට 76 වන වියෙහි පසු විය.

ඔහු නොමැති ප්‍රසංග වේදිකාවක් මෑත ඉතිහාසයේ නැති තරම් ය. ඔහු ගැයූ ගී ගණන සිය දහස් ගණනකි. ඉතා කුඩා අවදියෙහි පටන් බයිලා ගායනයට වේදිකාවට පිවිසි දිවයිනේ ප්‍රසංග වේදිකාවේ මහා පෙරළිකාර යුගයක් නිමා කරමින් බයිලාවලින් අපේ රසික රසිකාවන් සිය දහස් ගණනක් අමා නන්දනයට පත්කළ ගායකයෙකු විය..ඔහු මොරටුවෙන් බිහිවුණු බයිලා චක්‍රවර්ති එම් . එස්. ප්‍රනාන්දු මගයමින් කෙටි කලකින්ම අප රසික ආකර්ෂණයට පිවිසි ජනකාන්ත ගායකයෙකු විය.

ඔහුගේ බිරිඳ මාලි නෙල්සන් මහත්මිය මිට වසර කිහිපයකට සමු ගත් අතර ඔහු ඉන් පසු ජීවත්වුයේ ඔහුගේ පුත් තරංග නෙල්සන් සමග විය.ඔහු බිරිඳ ගේ වියෝව ගැන දුක්වූ අයුරු මට අදමෙන් මතකයට නැගෙයි.ඔහු මා සමග වරින්වර දුරකතනයෙන් ඔහු හා කොවිඩ් වසංගත සමයේ දී කතාබහේ යෙදෙන්නට හැකිවිය. මෙයට විශේෂ හේතුවක් වුයේ මගේ බිරිඳ උගත් මොරටුවේ වේල්ස් කුමාරි විදුහලේ ඔහුගේ ප්‍රිය බිරිඳ හා ඇයගේ සොහොයුරියන් සමාකාලීනව අධ්‍යාපනයේ නිරතව සිටි බැවිනි. ඔහු කලක සිට අසනීප තත්වයකින් පසුවුවද ඔහු ප්‍රසංග වේදිකාව නම් කිසිවිටක අමතක කළේ නැත.දිවයිනේ ඔහුගේ කැසට් හෝ සීඩී පටියක් නොමැති නිවසක් ඇත්තේ ඉතා සවල්ප වශයෙන් යයි කිවොත් නිවැරදිය.

සිය ගණනක් ගුවන් විදුලි හා රුපවාහිනි නාළිකාවල ගී වැඩ සටහන් වලට සහභාගිවූ නිහාල් ඉතා සංවේදී ,නිහතමානි ගායකයෙකු විය. ඔහු බයිලා ගීත කලාවෙන් සමාජ සංසෝධන අපේ ජන සමාජයට ගෙනයාමේ පොරෝගාමියෙකු විය. “එපා එපා මස්කන්නට කිරි අම්මාගේ” , “ගුනේ අයීයගෙ බජව් දාන කාමරේ” වැනි ගී සිය ගණනක් ඔහුගේ ගී ගොන්නට ඇතුළත්වී තිබුණි ඒ කෝකිල හඬ අද සදහටම වියැකි ගොසිනි. ඔහුගේ ගී නොගැයූ නොගයන සාදයක් නොමැති තරම් ය.ඔහු විදෙස් රටවල දශක ගණනක් තිස්සේ සංචාරය කර තිබුණි, ඔහුගේ වියෝව පිලිබඳ මේ පුවත අසන අප ගීත ලෝලී රසික රසිකාවන් නෙතට කඳුලක් නැගෙන අතර ඔවුන් මහත් කම්පාවට පත්වෙනු නොඅනුමානය.

ඔහුගේ දේහය මොරටුවේ නිහාල් නෙල්සන් මාවතේ මේ වන විට තැන්පත් කර තිබෙන අතර අවමගුල් කටයුතු පසුව දැනුම්දීමට නියමිතය
.

ශාන්ත සේනාධීර – ලංකා නිවුස් යුකේ.
(සේයාරූව අන්තර් ජාලයෙන් උපුටා ගත්තෙමි.)