Mawbima Lk News

මුහුදේ පාවෙමින් ආ බෝතලයක තිබූ ද්‍රාවණයක් පානය කර එය විෂ වී අසාධ්‍ය තත්ත්වයේ සිටි ධීවරයා ශ්‍රී ලංකා නාවික විජයබාහු නෞකාව මගින් අද (ජූලි 1) උදෑසන හම්බන්තොට වරාය වෙත රැගෙන ආ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කළ බව ශ්‍රී ලංකා නාවික හමුදාව තවදුරට ත් සඳහන් කළේ ය.
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ‘Devon 5’ බහුදින ධීවර යාත්‍රාවේ අසාධ්‍ය තත්ත්වයේ සිටි ධීවරයින් දෙදෙනෙකු ‘MV KOTA CAMIL’ වෙළෙඳ නෞකාව මගින් ඊයේ (ජූනි 30) මුදා ගැනීමට කටයුතු කෙරිණි.
එම ධීවරයින් ගොඩබිමට රැගෙන එන අතරතුර එක් ධීවරයෙකු ‘MV KOTA CAMIL’ නෞකාව තුළදී ජීවිතක්ෂයට පත් විය.
තංගල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘Devon 5’ නමැති මෙරට බහුදින ධීවර යාත්‍රාවේ ධීවරයන් 6 දෙනෙකු සිට තිබේ.
ඒ අතරින්, මෙම විෂ ද්‍රාවණය පානය කිරීමෙන් ධීවරයින් 5 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.