
පිටරට සිට ත්‍රස්තවාදීන්ට මුදල් එකතු කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
DIVAINA LK NEWS
December 1, 2024
බ්‍රිතාන්‍ය රාජ්‍යයේ සිට ත්‍රස්තවාදී කණ්ඩායමකට මුදල් එකතු කළ පුද්ගලයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළදී අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ උතුර අපරාධ කොට්ඨාසය විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් විදෙස් ගමන් තහනම් නියෝගයක් මත සැකකරු ඊයේ කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී ආගමන හා විගනන අංශය සිය භාරයට ගෙන ගුවන්තොටුපොළ පොලීසිය දැනුවන් කර තිබේ.
පොලීසිය පැවසුවේ අදාළ සැකකරු විසින් එලෙස එක් රැස් කළ මුදල් කොළඹ හා වන්නි ප්‍රදේශයේදී බෙදා හැර ඇති බවය.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 43ක් වන කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිව සිට 2009 වසරේදී මෙරටින් පිටව ගොස් බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා ගත් අයෙකි.
සිද්ධිය සම්බන්ධව ගුවන්තොටුපොළ පොලීසිය හා කොළඹ උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.
