Lanka News UK Online issue -April 2026

0
2
  • ගෝලීය ආර්ථිකය විනාශ කරමින්
  • කිසිදු පාර්ශවයකට සැබෑ ජයග්‍රහණයක් අත්නොවූ මැදපෙරදිග ගැටුම
  • දින 39 ක ගැටුමකින් පසුව, 2026 අප්‍රේල් 8 වන දින සිට සති දෙකක සටන් විරාමයක් ක්‍රියාත්මක වූ අතර, එක්සත් ජනපදය/ඊශ්‍රායලය සහ ඉරානය අතර දෙපාර්ශ්වයම “ජයග්‍රහණයක්” අත් නොලද විනාශකාරී ප්‍රතිපල අත්වීමක් පමණක් ලැබූ එකක් යයි විදෙස් මාධ්‍ය හා යුද විශ්ලේෂකයින් ප්‍රකාශ කර ඇත. එකී විශ්ලේෂකයින් වැඩි වැඩියෙන් යුද්ධය විස්තර කරන්නේ සැබෑ ජයග්‍රාහකයින් නොමැති බවත්, දෙපාර්ශයටම විවිධ මට්ටමේ පාඩු පමණක් මේ ගැටුම තුළින් සිදුවූ බවත්ය.
  • ගැටුම, සියලු‍ ප්‍රධාන සහභාගිවන්නන්, ආරම්භ වීමට පෙර තිබු ගෝලිය ආර්ථිකය වඩා නරක තත්වයකට ඇද දමා තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල් ජනාධිපති බෙන්ජමින් නෙතන්යාහු සිය යුධ ශක්තිය ලොවට පේනවා දිනපතා මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිදුකළ දෑ හැරුනු විට ඔවුන් බලාපොරොත්තුවූ පරිදි දින කිහිපයකින් මේ ගැටුම අවසන් නොවීය. ඒ අනුව ගැටුම තුළින් අති විශාල ජයග්‍රහණයක් සිදුකර ගැනුමේ ඔවුන් සිතා සිටි සිහිනය බොඳවී ඇතැයි ඉරානය මේ ගැටුමේ දී සිය නායකයන් මරා දැමුවද වැඩි විනාශයක් ලැබූ පාර්ශවය වූ නමුදු එහි සැබෑ ජයග්‍රාහකයා වන්නේ ඉරානය යයි යුද විශ්ලේෂකයින්ගේ හා විදෙස් මාධ්‍ය මගින් සඳහන් කර ඇත.
  • එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය: ගුවන් ආධිපත්‍යය ස්ථාපිත කිරීම සහ උත්තරීතර නායක අලි කමේනි ඇතුළු ඉහළ ඉරාන නායකයින් ඝාතනය කිරීම තිබියදීත්, පාලන තන්ත්‍රය වෙනස් කිරීම හෝ ඉරානයේ න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන් සම්පූර්ණයෙන්ම විනාශ කිරීම වැනි මූලික ඉලක්ක සපුරා ගැනීමට ඔවුන් අපොහොසත් විය.
  • ඉරානය: රට දැවැන්ත යටිතල පහසුකම් හානියක් සහ එහි ඉහළ නායකත්වය අහිමි වී ඇත. පාලන තන්ත්‍රය යලි සකසා ගත් අතර, එය දැන් ගැඹුරු ආර්ථික හුදකලාවකට සහ දැඩි අභ්‍යන්තර නායකත්වයකට මුහුණපාමිණ සිටිති.
  • ගෝලීය ආර්ථිකය: යුද්ධය ප්‍රධාන බලශක්ති අර්බුදයක් ඇති කළ අතර, තෙල් මිල බැරලයකට ආසන්න වශයෙන් ඩොලර් 120ක් දක්වා ඉහළ ගියේය. හෝමූස් සමුද්‍ර සන්ධිය තවමත් උණුසුම් ස්ථානයක් වන අතර, දැන් ඉරානය සංක්‍රමණ ගාස්තු අය කිරීමේ අයිතිය තහවුරු කරන ”ගාස්තු කුටියක්” ලෙස ක්‍රියා කරමින් සිටි.
  • ඇමරිකානු ලෝකයේ අති විශාල නාවික බලඇණි හා සියගණනක් වූ නවීන ගුවන් යානා මගින් බෝම්බ දමමින් ඉරානයේ බලාගාර, පරිපාලන ගොඩනැගිලි, හා නෂ්ඨික බලාගාර විනාශකර දැමීම ඇමෙරිකානු හා ඊශ්‍රායල හමුදා දින 39 තිස්සේ අඛණ්ඩව සිදු කලද, ඉරානයද සිය ප්‍රහාර දිගින් දිගටම පසුගිය සති කිහිපය තිස්සේ නොකඩවා සිදු කරමින් ඇමෙරිකානු මැදපෙරදිග පිහිටි කඳවුරු, ප්‍රහාරක යානා වෙත මිසයිල නාශක යාන්ත්‍රණය මගින් බලවත් ප්‍රහාර රැල්ලක් එල්ලකර තිබුණි. මෙනිසා ඇමෙරිකානු අතිනවීන ජෙට් යානා විනාශ කර දැමීමටත්, ඉරානයේ මිසයිල ඊශ්‍රායල ආරක්ෂක පද්ධතිය මගහැර ප්‍රහාර එල්ලකිරීමටත් යුහුසුලු‍විය.
  • පෙබරවාරි 28දා ඇරඹුණු මැදපෙරදිග ඉරානයට පහර දීම ආරම්භකර මාසකුත් දින 13 ගතව තිබු අතර මේ වනවිට ඉරානයේ මුල්පෙළේ නායකයන්වූ අයතුල්ලා අල් කමේණි හා අල් ජරිජානි වැනි නායකයන් වෙත එල්ලකොට ඝාතනය කර දැමුවේය. ඩොනල්ඩ් ට්‍රම්ප් එසේ කළේ ඒ අනුව ඔහුට නතු පාලකයෙකු එහි පත් කලහැකියයි යන විශ්වාශයෙනි. නමුත් අල් කමේණිගේ පුත්‍රයා වූ මුජාල්බා කුමෙනි ඒ වෙනුවෙන් ආදේශ කළේය. ඉරානය සුනු විසුනු කිරීමට ඇමරිකාව පොළඹවාගෙන තිබුණේ ඊශ්‍රායලයේ ජනාධිපති බෙන්ජමින් නෙතන්යාහුගේ බලවත් ඇවිටිල්ල මත යයි සඳහන්වේ. කෙසේ නමුදු බලවත් අමෙරිකානු හා ඊශ්‍රායල ප්‍රහාර නොතකමින් ඉරානය ප්‍රති ප්‍රහාර එල්ලකරමින් ඇමෙරිකාවේ මැදපෙරදිග රටවල එනම් බහරේන්, කුවේට්, ඩුබායි, සවුදි අරාබියානු, ජෝර්දානු, රටවල තිබු යුද කඳවුරු වලටද, ඒ රටවල ඇමරිකානුවන් සතු සමාගම් වලට ප්‍රතිප්‍රහාර එල්ල කළේය. මේ නිසා ඒ රටවල විසු ලක්ෂ සංඛ්‍යත ඇමරිකානු හා ඊශ්‍රායල සමාගම් වලට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කරනු ලැබු අතර ඒ හමුවේ එම පිරිස් ඉවත්කිරිමටද ඔවුනට සිදු විය. ඉන් නොනැවතී ඉතා ප්‍රබල බෝම්බ හෙලිමට පැමිණි ජෙට් යන 4ක්ද විනාශකර දමා තිබුනි. බි්‍රතාන්‍ය සතු සයිප්‍රස්හි පිහිටි ඇමෙරිකානු කඳවුරකටද, තුර්කියේ සහ අසර්බයිජානයේ කඳවුරකටද ප්‍රහාර එල්ල කළේය, ඊශ්රයලය සිය රට සතුරු මිසයිල වලින් ආරක්ෂිතයයි කලක් තිස්සේ උදම් අනමින් පසුවූ රටක් විය, ඉරානය මේ ආරක්‍ෂිත වළලු‍ හරහා සිය ඩ්‍රෝන මෙහයවන්නටද මේ අතර තුර සමත්වූ අතර ඒ නිසා බලාපොරොත්තු නොවූ අන්දමේ විනාශයකටත් එරට වැසියන්ටද මුහුණපාන්නට සිදුව තිබුණි. මේ නිසා එම ප්‍රහාර වහා නවතා දමන ලෙස වැසියන් ගෙන් විරෝධතා මතුව තිබුණි.
  • විදෙස් වාර්තා අනුව ඇමරිකානු භටයින් 18 මියගොස් 538 තුවාල වී ඇතැයි සඳහන්වේ. තවද 416 සුළු තුවාල සිදුවූ අතර මැදපෙරදිග කඳවුරු වලට කළ පහර දීම් වලදී 745 තුවාල වූ බවත් ඇමරිකාවේ ප්‍රහාරක රේඩාර් පද්ධති රැසක් විනාශවූ බවත් සඳහන්වේ. ඊශ්‍රායලය මෙම තොරතුරු සඳහන් කර නොතිබුණි.
  • ඉරානයේ මෙම යුදගැටුම නිසා 2,076 මිය ගොස් තිබු අතර 26,500 ක් තුවාල ලබා තිබු බව එහි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කොට ඇත. යුධ හමුදා භටයින් ටෙහෙරණයේ 400ක්ද, හර්නාහි 3,036ක්ද, හමුදා භටයන් 1,221ක්ද, සිවිල් වැසියන්, 1,714 මිය ගොස් 15,000 තුවාල ලබා ඇතැයි සඳහන්වේ. එහි පාලම් ගොඩනැගිලි, හා බලාගාර රැසක් ඉතාදැරුණු අන්දමේ ප්‍රහාරවලින් විනාශවී ඇතැයි එම වාර්තා වල සඳහන්වේ.
  • අප්‍රේල් 10 වනදා පකිස්ථානයේ හයිද්‍රබාද් නගරයේදී මැදපෙරදිග ගැටුම සම්බන්දයෙන් සිදු කරනු ලැබූ සති 2 ක සටන් විරාම ගිවිසුම තවදුරටත් දීර්ඝ කිරීමේ සම සාකච්ජාවක් ඇමරිකානු උප ජනාධිපති වෑන්ස් මහතා හා සෙසු නියෝජිත පිරිස් සමග සිදු කරනු ලදී. මෙහිදී පකිස්තානු විදේශ ඇමති අබ්බාස් මහතා විසින් ඊශ්රායෙලය සමබන්දව කරනුලැබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් දැඩි විරෝධතාවක්ද මතුවී ඇතැයි විදෙස් පුවත් මගින් ප්‍රචාරය කරනු ලැබුවේය. ඔහු මෙහිදී සඳහන් කොට තිබුනේ ඊශ්රාලය මුළුමහත් ලොවටම හානි ගෙන දෙන ”පිළිකාවක්” බවය, මේ ප්‍රකශය ගැන එහි ජනාධිපති නවාස් ෂෙරිෆ් මහතා කණගාටුව ප්‍රකාශකර තිබුණි. තවද ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය භෝමුස් සමුද්‍ර සන්දිය හරහා ගමන් කරන ලබන නැව් වලින් සටන් විරාම ගීවිසුම කඩකරමින් මුදල් විශාල ලෙස අය කරනු ලබන බව නිවේදනය කර තිබුණි.
  • ඇමෙරිකාවේ ජනතාවගෙන් හා විපක්ෂයෙන් මෙන්ම සිය මිතුරු රටවල් සහය දීමට මැලිවීම, නේටෝ සංවිධානයේ නිහඬබව ඇමරිකන් ජනාධිපතිවරයා සාම ගිවිසුමට ඉරානය පෙළඹ වීම මුලික හේතුව වී යයි විදෙස් විශ්ලේෂකයන් සඳහන කරයි. මේ යුද්ධයට ඇමරිකාව ඇදදමා ඇත්තේ ඊශ්‍රායලය යයි සඳහන් කරන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ නැවතත් මෙම ගැටුම මතුවිය හැකිය යන්නය. අපේ රටට ආසන්න මුහුදේදී ඉරාන නැවක් බෝම්බ හෙළා ගිල්වා දැමිමත්, තවද ඉන්දියන් සයුරේ අප රටට ආසන්න මුහුදේ පිහිටි දිවයිනකට ඉරානය බෝම්බ දැමීමත්, තවද ඇමෙරිකාව විසින් ඔවුන්ගේ නවීන යානා නැවැත්වීම සඳහා අයැදුමක් කිරීමත් මේ යුද්ධ ගැටුමේ අප දිවයින මැදිවූ අවස්ථා ලෙස සඳහන් යුතුය. කෙසේ නමුත් අප ජනාධිපතිවරයා එම ඉල්ලිම ප්‍රතික්ෂේප කිරීම ඉතිහාසගතවන කරුණක් බව මෙහිලා සඳහන් කලයුතුය.
  • නීතිඥ ශාන්ත සේනාධීර 

ලෝක පාරිභෝගික දිනය නිමිත්තෙන් ලක්බිමේදී
ප්‍රථමවරට සම්මන්ත්‍රණයක් –
ලන්ඩන්හි පලකරනු ලබන ලංකා නිවුස් යුකේ කතු අගයයි


ලෝක පාරිභෝගික දින නිමිත්තෙන් සංවිධානය කරනු ලබන සම්මත්‍රණයක් මාර්තු 15 වන දින කොළඹ, ශ්‍රි ලංකාවේ වෘතිකයන්ගේ සංවිධානයේදී විද්වත් රැසකගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබූණි. සර්වෝදය සංවිධානයේ සභාපති වින්යා ආරියරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම උත්සවයේදී විද්වතුන් රැසක් විසින් දේශන පවත්වනු ලැබූ අතර එක්සත් රාජධානියේ ඇති එකම ශ්‍රී ලාංකික පුවත්පතවූ ලංකා නිවුස් කර්තෘ ශාන්ත සේනාධීර මහතාගේ සේවාව ඇගයයිමකටද ලක්කරමින් තිළිණයක්ද ඔහු වෙත ප්‍රධානය කරනු ලැබුවේය. ශ්‍රිලංකාවේ පාරිභෝගික ජනතාව මුහුණපාන ගැටළු නීතිමය බාධක හා අනාගතයේදී ඒ සඳහා ගතයුතු පියවර මොනවාද යන ඉතා වැදගත් දේශන රැසක් එම සම්මන්ත්‍රණයට සහභාගිවූ වියතුන් විසින් කරණු ලැබුවේය.

මහාචාර්ය ප්‍රතිභා මහානාම, ආචාර්ය දයානාත් ජයසුරිය, වෙද්‍ය වින්යා ආරියරත්න, ජනාධිපති නීතිඥ සරත් විජේසිංහ යන වියතුන් විසින් මෙම පාරිභෝගික කටයුතු වත්මන් ලෝකයට ගැලපෙන පරිදි සකස් කිරීම පිළිබඳව දේශන පැවැත්වූවේය.

ලොව ප්‍රධාන පෙළේ රටවල් රැසක පාරිභෝගික දින උත්සව පවත්වනු ලබන අතර ශ්‍රී ලංකාවේදී පැවැත් වීමට මුලිකත්වය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු ලේකම් හා එක්සත් එමීර් හා ඊශ්‍රායෙල් තානාපති ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ සරත් විජේසිංහ මහතා හා ලන්ඩනයේ ශ්‍රී ලංකා නිතීඥ සංගමයේ ලේකම්වරයාව සිටි දමින්ද ගුණතිලක යන මහතුන් ඇතුළු පිරිසක් විසිනි.

මෙහිදී ලේක්හවුස් ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු සහ කොළඹ නීතිඥ සංගමයේ ලේකම්වරයෙකුව සිටි දැනට එක්සත් රාජධානියේ ඇති එකම ශ්‍රීලාංකික පුවත්පතවූ ලංකා නිවුස් කර්තෘ ශාන්ත සේනාධීර මහතාගේ සේවාව ඇගයයිමකටද ලක්කරමින් තිළිණයක්ද ඔහු වෙත ප්‍රධානය කරනු ලැබුවේය. ඔහු ලංකාවේ ආහාර පනත හා පනත් කිහිපයක්ම සිය පුවත් හරහා ගෙන ඒමට කටයුතු කළ ජනමාධ්‍යවේදියෙකු වීම විශේෂයෙන් මෙහිදී සඳහන් කරනු ලැබුවේය. මෙම උත්සවය අවසානයේ තේපැන් සංග්‍රහයක්ද පවත්වනු ලැබුවේය.

නීතිඥ ශාන්ත සේනාධීර පිළිබඳ
කෙටි හැඳින්වීමක්

ඔහු වෘතීය පුවත්පත් කලාවේදියෙකු ලෙස ලේක්හවුස් ආයතනයේ සිළුමිණ කතු මඩුල්ලේ සේවයට එකතුවුයේය. 1977 දී ඔහු ගවේෂණාත්මක පුවත්පත් කලාවේදියෙකු ලෙස එකළ ලංකාවේ ඇති බොහෝ නීතිමය දුර්වලතා පිළිබඳ පුවත් මගින් බලධාරින් දැනුවත් කරන්නට කටයුතු කළ අයෙකු විය. ඉන් ප්‍රධාන එකක් වන්නේ සිළුමිණේ ප්‍රධාන පුවතක් වූ 1977 “සල්ලි දී වසකා ලෙඩවෙති”‍ යන පුවතයි. එය ඉරිදා ඉංග්‍රීසි පුවත් පතක්වූ සන්ඩේ ඔබ්සව්ර්හි (Adulteration of food stuff in Sri Lanka) ද පළවුනා- ඉන් පෙන්වා දුන්නේ ගඩොල් කුඩු ලී කුඩු මිශ්‍රකර කුළුබඩු පාරිභෝගිකයනට විකිණීමෙන් සිදුවන විපත ගැනය. ඔහු එවකට වෛද්‍ය විද්‍යාලයේ උප කුලපතිව සිටි මහචාර්ය කොට්ටෙගොඩ, සහ මහාචාර්ය නන්දදාස කෝදාගොඩ ඇතුළු විද්වතුන් රැසකගේ අදහස් ඒ සඳහා විමසා ඒ පිළිබඳ ඔවුන්ගේ මතය එම පුවත්පත් අතිරේකය මගින් ප්‍රසිද්ධියට ගෙන ඒමට සැලැස්වූ අතර එමගින් මෙරට ජනතාවගෙන් විශාල පිරිසක් කෙටි කලකින්ම පිළිකා හා වකුගඩු රෝගීන් වන බවත් ඔවුන් ගේ අදහස් අනුව පෙන්වාදී තිබුණි. මේ සඳහා වගකිව යුත්තන් නීතිය හමුවට ගෙන ඒමට අවශ්‍ය නීති එවකට නැතිකම පෙන්වාදී තිබුණි. ඒ පුවත පිලිබඳ එවකට සෞඛය ඇමති ගාමිණී ජයසුරිය මහතා පාර්ලිමේන්තුව දැනුවත්කර සති කිහිපයක් ඇතුලත නීති ගෙන ඒමට නීතිපති දෙපාර්තමේන්තුවට කටයුතු කරන්නට ඉඩකඩ සස්වා තිබුණි. එම පුවත පළදරු බවට කියවෙන පුවතක් දින කිහිපයක් යනවිට දිනමිණ පුවතපත සහ ඔබසව්ර් පුවත්පතද දැනුවත් කර තිබුනු අතර ඒ අනුව මෙරට ආහාර පනත ගෙන ඒමට හැකිවුයේ ඔහුගේ එම පුවත නිසාබව කිව යුතුය.

2- මෙහි කිරි දරුවන් විදේශිකයනට විකිණීමේ ජාවාරමක් දිගටම පවත්වා ගෙනගොස් තිබුනේය. මේ සඳහා ඇතැම් නීතිඥයන් හා විනිසුරෙකුත් මේ ජාලයේ කටයුතු කරමින් සිටියේය. අනාථ වූ ඇතැම් කාන්තාවන්ට රුපියල් 1000 වැනි සුළු මුදලකට කිරි දරුවන් විකිණීම ජයටම සිදු කර ගෙන ගොස් තිබුණි. ඒ සඳහා විදේශිකයන්ගෙන් ලක්ෂ ගනන් මේ පිරිස අයකර තිබු අතර එම ‍පුවත සිංහල ඉංග්‍රීසි පුවත්පත් වලත් පල වුයේ “කිරි දරුවෙක් රුපියල් 1000යි”‍ සිරස්තල යටතේ ය. මහත් ආන්දෝලනයට ලක්වූ මෙම පුවත් පිළිබඳ සමාජසේවා අධ්‍යක්ෂකවරිය වූ දයා විජේසේකර ඔහුට උදව් කළ බව කියවේ. ඒ යටතේ මේ සඳහා නව නීති රැසක් ගෙන ඒමට රජය පියවර ගෙන තිබුනි. මේ පුවත පිළිබඳ ස්වීඩන් රුපවාහිනී නාලිකාවකින් මෙරටට ඇවිත් මෙම පුවත ලියු සේනාධිරයන්ගෙන් කරුණු විමසා සිට තිබුණි. ඒ පවුතේ ප්‍රතිපලයක් ලෙස අද විදේෂිකයන්ට දරුකමට හදා ගත හැක්කේ දරුවන් දෙදෙනෙක් පමණයි. වසර දෙකකින් මේ දරුවන් නැවත ඔවුන් සමාජ සේවා දෙපාර්තමේන්තුවට ඉදිරිපත්කර සහතිකයක් ගත යුතු බවට නව නීති ඉන් පසු ගෙනවිත් තිබුණි. ඔහු ලන්ඩනයට ගිය විටදී මේ පිරිස් ඒ දරුවන් සමග වරින්වර මුණගැසුණ බවද ඔහු මෙහිදී සඳහන් කරතිබුණි.

3- ශාන්ත සේනාධිරයන් නිතීඥ වෘත්තියට 1980 ඇතුළු වී 1987-88 කොළඹ නීතිඥ සංගමයේ ලේකම් ලෙස ද කටයුතු කළ අයෙකු විය. ලේක් හවුස් ආයතනයේ සහකාර නීති නිලධාරි තනතුර දරු අතර පසුව ඉන් ඉවත්ව නීති වෘත්තියෙහි කටයුතු කළේය. ඒ කාලය තුළදී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිවූ තරුණ පිරිස් රජයේ අනුදැනුම මත කටයුතු කළ අවිගත් පිරිස් ඔවුන් අනිනීතිකව පැහැර ගැනීමට විරුද්ධව නැගී සිටි අයෙකුවිය. තරුණ නීතිඥයන් පිරිසක්ද සමග සංවිධානය වී සිරගතව සිටි තරුණයන්ගෙන් පිරිස් 400 ගැන ජේෂ්ඨ නීතිඥයින් වෙත හබයාස්කොපස් නඩු දැමීමට කණිටු නීතිඥ පිරිසක් හදුන්වා දී තිබුණි. ඔහු ගැන වචනයකින් හෝ සඳහන් කිරීමට බොහෝ ජෙෂ්ඨයන් පවා මැලිවූ අතර, මින් බොහෝ දෙනෙකු අකාලේ ඝාතනය විය. විජේදාස ලියනාරච්චි, චරිත ලංකාපුර මින් දෙදෙනේකු වේ. මේ අතර ඔහුට හා සිය පවුලටද මරණ තර්ජන රැසක් වරින්වර පැමිණීම හමුවේ රටින් බැහැරව සිටීමට උපදෙස් ලැබී තිබුණි- ඔහුට ඇවබෙරි සාමිවරයා මෙන්ම මෙහි එකල සිටි බි්‍රතාන්‍ය මහකොමසාරිස් වූ ඩේවිඩ් ගැල් ඩ්සන්, ප්‍රින්ස් ගුණසේකර හා ඩෙස්මන් ද සිල්වා යන මහතුන් උදව් කර තිබුණි.

ඔහු සිය (නීතිඥ) බිරිඳ හා දරු තිදෙනා සමග දැනට වසර 37 වසරක් ලංඩනයේ ජීවත්වේ- ඔහුගේම නිතීඥ සමාගමක් පවත්වා ගෙන යමින් ලොවපුරා මානව හිමිකම් අහිමි 1000 අධික විශාල පිරිසකට රැකවරණය හා යහපත් ජිවිතයක් ගෙනයාමට උදව් කරමින් සිටින අයෙකු බව කිවයුතුය. දැනට ඔහුගේම වියදමින් එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සඳහා සිංහල හා ඉංග්‍රීසි යන දෙබසින්ම පුවත්පතක් වසර 8 පමණ කලක් තිස්සේ පවත්වාගෙන යන අතර, එහි බොහෝ ආගමික ස්ථානවලට නොමිලේ නීති අධාරදීම වැනි සමාජ සත්කාරක සේවාවන් ඉටු කරන අයෙකු බවද කිවයුතුය.

ඔහුගේ සේවාව අගැයීමට වෘත්තිකයන්ගේ සංවිධානය කටයුතු කිරීම පිළිබඳ ගෞරවය මින් පුද කරන බව පැවසූ ඔහු, විශේෂයෙන් දිවයිනේ හා ඉන් පිටතදී නිහඬ ඉතා විශිෂ්ඨ සේවාවක යෙදෙන හිටපු ශ්‍රීලංකා නිතීඥ සංගමයේ ලේකම් මෙන්ම එක්සත් අරාබි ජනරජයේ හා ඊශ්‍රායලයේ තානාපතිවූ ජනාධිපති නීතීඥ සරත් විජේසිංහයන් පිළිබඳව ද ඔහු සිහිපත් කර සිටී.

මෙම උත්සවයෙදි මෙරට පාරිබෝගික සංවිධානයක අවශ්‍යතාව පිළිබඳ දේශන රැසක් පවත්වනු ලැබුවේය.

LNUK විශේෂ වාර්ථාකරු 

See less

Comments

No comments yet

Be the first to comment.

  • ඉරාන – ඇමරිකා – ඊශ්‍රායල යුද්ධය මැදට මැදි වූ ශ්‍රී ලංකාව
  • ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව පෙබරවාරි 28 වන දින ආරම්භ කළ හමුදා මෙහෙයුම්වල බලපෑම් මැදපෙරදිගට පමණක් නොව, ලෝකය පුරා පැතිර යන්නට විය. 2022 වර්ෂයේ සිදුවූ මූල්‍ය කඩාවැටීමේ බලපෑම තවමත් යථා තත්ත්වයට පත් වී නොමැති පසුබිමක, ආනයන මත යැපෙන කුඩා දූපත් ආර්ථිකයක් හිමි ශ්‍රී ලංකාවට, මෙම ගැටුම හුදු දුරස්ථ භූ-දේශපාලනික සිදුවීමක් පමණක් නොව, ක්ෂණික ආර්ථික හදිසි අවස්ථාවක් බවට පත්ව ඇත. හෙට දිනයේ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ ද, එහි කම්පනය වසරකට වැඩි කාලයක් පුරා පැවතිය හැකිය.
  • බලශක්ති අර්බුදයක පුනරාගමනය
  • ලොව තෙල් සහ ගෑස් ප්‍රමාණයෙන් සියයට 20ක් පමණ ප්‍රවාහනය කෙරෙන හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් වසා දැමීම, ශ්‍රී ලංකාවේ වඩාත්ම සංවේදී මර්මස්ථානයට එල්ල වූ පහරක් විය. ශ්‍රී ලංකාව සිය බලශක්ති අවශ්‍යතාවලින් සියයට 60ක් පමණ සපුරා ගන්නේ මෙම මුහුදු මාර්ගය හරහාය. ඒත් සමගම QR ක්‍රමය මත පදනම් වූ ඉන්ධන සලාක ක්‍රමය නැවත හඳුන්වා දීමට ශ්‍රී ලංකා රජයට සිදු වූ අතර, එය 2022 අර්බුදයේ අමිහිරි මතකයන් නැවත අවදි කරන්නට විය. ගැටුම් ආරම්භ වූ දා සිට ඉන්ධන පිරවුම්හල්වල මිල ගණන් දැනටමත් සියයට 33කින් පමණ ඉහළ ගොස් ඇත.
  • දිගින් දිගටම වැඩිවන වියදම් බර
  • ඉන්ධන ආනයනය සඳහා ශ්‍රී ලංකාව වාර්ෂිකව ඩොලර් බිලියන 4.4ක් පමණ වැය කරයි. ලෝක වෙළඳපොළේ තෙල් මිල සියයට 10කින් ඉහළ යාම පමණක් මෙරට වියදම් තවත් ඩොලර් මිලියන 404 කින් පමණ ඉහල යන්නට හේතු විය. මෙම හානිය ඉන්ධන මිලට පමණක් සීමා නොවේ. ලොව යූරියා (පොහොර) ප්‍රමාණයෙන් අඩක් පමණ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරෙන අතර, පොහොර සැපයුම් දාමයට එල්ල වී ඇති බාධා හේතුවෙන් ආහාර මිල ගණන් ද ඉහළ යමින් පවතී. කීල් ලෝක ආර්ථික ආයතනයේ (Kiel Institute for the World Economy) පර්යේෂකයන් ඇස්තමේන්තු කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ආහාර මිල සියයට 15කින් ඉහළ යා හැකි බවයි. මෙය පෙර පැවති උද්ධමනය යථා තත්ත්වයට පත් වන පසුබිමක සිටි මෙරට වැසියන්ට දරාගත නොහැකි පහරකි.
  • විදේශ ප්‍රේෂණ සහ මැද පෙරදිග සබඳතාව
  • ශ්‍රී ලංකාවේ ප්‍රධානතම විදේශ විනිමය මූලාශ්‍රය වන්නේ විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් එවන ප්‍රේෂණ වේ.. එය 2025 වසරේදී ඩොලර් බිලියන 7.8 සිට 8.0 දක්වා වාර්තාගත අගයකට පත් විය. ශ්‍රී ලාංකිකයන් මිලියනයක් පමණ ගල්ෆ් කලාපයේ රටවල සේවය කරන අතර, එම රටවල ආර්ථිකයන් ද මෙම ගැටුමෙන් කම්පනයට පත් වී ඇත. ඉදිකිරීම් ක්ෂේත්‍රය අඩාල වුවහොත් හෝ එම රටවල් වියදම් කපා හැරියහොත්, මෙරටට ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩුවිය හැකිය. මීට අමතරව, මේ වන විට ඊශ්‍රායලයේ සේවය කරන 15,000ත් 20,000ත් අතර පිරිස සෘජු ජීවිත අවදානමකට ද මුහුණ දී සිටිති.
  • තේ, වෙළඳාම සහ සංචාරක ක්ෂේත්‍රයට එල්ල වූ පීඩනය
  • ශ්‍රී ලංකාවේ තේ අපනයනයෙන් සියයට 40-45ක්ම ලබාගන්නේ මැද පෙරදිග රටවල් විසිනි. ඉරාකය, ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ තුර්කිය ඒ අතර ප්‍රධාන වේ. නාවික ගමන් බාධා සහ අවිනිශ්චිතභාවය හේතුවෙන් තේ අපනයනයට දැනටමත් තර්ජන එල්ල වී ඇත. එමෙන්ම සංචාරක ක්ෂේත්‍රය ද ගුවන් යානා ඉන්ධන මිල ඉහළ යාම සහ ගෝලීය සංචාරක ඉල්ලු‍ම අඩුවීම නිසා දැඩි පසුබෑමකට ලක්වෙමින් පවතී.
  • අවි නිහඬ වුවද, වේදනාව ඉතිරි වනු ඇත
  • ශ්‍රී ලංකාව සිය රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිචාරය ඉතා ප්‍රවේශමෙන් හසුරුවා ඇත. ඇමරිකානු ගුවන් යානාවලට ගොඩබැස්වීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම, ඉරාන නාවික යාත්‍රාවලට නැංගුරම් ලෑමට ඉඩ නොදීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ඉරානයට එරෙහි ඡන්දය දීමෙන් වැළකී සිටීම ඒ අතර වේ. එහෙත්, මෙම මධ්‍යස්ථභාවය ආර්ථික බලපෑම්වලින් ආරක්ෂා වීමට ප්‍රමාණවත් නොවේ.
  • ඉක්මන් සටන් විරාමයක් ඇති වුවද, එමගින් ක්ෂණික සහනයක් නොලැබෙනු ඇත. ඉහළ ගිය ඉන්ධන මිල සහ රක්ෂණ වාරික සාමාන්‍ය තත්ත්වයට පත්වීමට බොහෝ කාලයක් ගත වේ. උපායමාර්ගික සංචිත නැවත ගොඩනැගීමට සහ සංචාරක විශ්වාසය යථා තත්ත්වයට පත් කිරීමට මාස 12 සිට 24 දක්වා කාලයක් ගත විය හැකිය. එමෙන්ම ඉරානය සමඟ පැවති ‘තේ වෙනුවට තෙල්’ හුවමාරු ගිවිසුම පවා නැවත සාකච්ඡා කිරීමට සිදුවනු ඇත.
  • සටන් නැවතීමෙන් ලේ ගැලීම නතර විය හැකිය. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ :ෂඵත්‍*අධීක්ෂණය යටතේ පවතින ශ්‍රී ලංකාව වැනි දුර්වල ආර්ථිකයකට, මෙම තත්ත්වය සමනය වීමට තවත් බොහෝ කාලයක් ගත වනු ඇත.
  • මහාචාර්ය ප්‍රසන්න පෙරේරා
  • April 08 – Lankalokaya.lk
  • **********************************
  • Sinhala and Tamil New Year,
  • A community celebration that brings joy and happiness
  • The sound of the familiar koha (or the ‘asian koel’), chanting the rhythmic tune, which millions of Sri Lankans wake up to, is a sign that ‘Avurudu’ (New Year) is near.
  • The Sinhala and Tamil New Year is not just a celebration of the dawn of a new year, but also that of unity, cultural enrichment and a sense of family unity. This is all demonstrated, for example, in the ‘boiling of milk’ ritual, where milk is boiled in a new clay pot and the time when the whole family sits down to have the auspicious meal.
  • Each ritual, from the boiling of the milk to the auspicious meal to what you wear, is decided by astrologers who determine the precise astrological time and dress codes for various rituals. The dawn of the New Year is signified by the sun’s movement from the Meena Rashiya (House of Pisces) to the Mesha Rashiya (House of Aries).
  • Cleansing
  • The initial ritual Sri Lankans observe is the bathing of oneself, by applying a herbal mixture; this is so that one can purify oneself and be fully prepared before embracing the neutral period of the new year. This ritual takes place usually on April 13.
  • Nonagathaya (Neutral time)
  • Before embracing the New Year, there is a time when we are in between the old year and the New Year. This period usually begins on April 13 and goes on for around 12 hours. At this time, people are encouraged to prepare themselves spiritually for the New Year, so they do this by rejecting material pursuits and engaging in day-to-day activities such as cleaning, cooking or reading.
  • As the ‘Nonagathaya’ comes to an end, we proceed with the lighting of the hearth, or simply boiling milk on a brand new clay pot. As the pot boils and the milk overflows, the one overseeing the pot usually calls on the whole family to gather to observe the overflowing of the milk, which is to signify prosperity and abundance for the New Year.
  • The kiribath (milk rice) is prepared to be had at the table with other accompaniments (like any curries or sambols to go with the kiribath), and the most exciting part of all meal prep is laying out the New Year sweets. Usually, the layout consists of Kokis (the orange crispy snack), Kavum (Oil Cake), Mung Kavum (made with sweetened mung green gram), Athirasa (a flat sweet-cake), Aasmi (a deep-fried snack) and many other delicacies.
  • Ganu Denu (Exchanging wishes)
  • It is customary to offer betel leaves to parents, and in return, they may offer blessings or money (Kai-vishesham in Sri Lankan Tamil) for the New Year. This ritual symbolises respect and gratitude, which is customary in Sri Lankan culture, yet the values of respecting your elders are reminded here. The act of exchanging usually takes place before the first meal.
  • Right after the main activities, family members go from house to house in the neighbourhood, exchanging wishes and even parcels of delicacies. In return, other households exchange their treats with the visitors. This fosters neighbourliness and brings a sense of community to the celebrations.
  • In the past, the ‘Avurudu Utsawa’ (New Year festival) was common in many village communities. The town’s folks gather around, organising festivities, activities and events coinciding with the astrological times. This, in effect, fosters a sense of community amongst village folks. And the one aspect that makes such community events so popular is the popular New Year games. Some popular games include the: “Kotta Pora” (pillow fighting), “Aliyata Aha Thabima” (marking the elephant’s eye), “Avurudu Kumara Kumariya”, “Kamba Adeema” (tug of war), Thirikkal races and many other joyful activities.
  • In the current day, while the feeling of the ‘Avurudu Uthsawa’, the community aspect of the New Year might not be the same. Schools, universities and other corporates, fuel the festival’s spirit by organising such events to help bring about togetherness and socialising amongst students. They are most likely busy with studies and assignments and employees are generally busy with work, hence for workers and students alike, it is an opportunity to have a lighter moment with each other for once during the busy year. Leading hotels and resorts also organise large community-style ‘Avurudu Uthsawa’ where guests can engage in the same activities, similar in spirit to the traditional festivals held in villages. Nonetheless, most people, especially in Urban Sri Lanka, keep their celebrations to themselves and then visit neighbours or relatives. Some families go out of Colombo to celebrate the New Year with relatives who live far away, where the New Year’s spirit might be a few notches higher.
  • Roshan Ratnayake 
  • See less
  • Comments

  • Sri Lanka’s Economic Prospects Shine with the Introduction of Graphene
  • Posted on March 30, 2026
  • by Sienna De Silva –
  • Financial Chronicle
  • 29th March 2026, the Kingsbury Colombo hosted an exclusive business conclave aimed at promoting investments in graphene technology, drawing considerable attention from both local and international investors. This distinguished event was organized by Eng. Keerthi Wickramarathna, the Chairman of Ragedara Graphite Mines, renowned for its expertise in mining, research, and the production of vein graphite and graphene in Malsiripura, Sri Lanka.
  • The conclave provided a vital platform for discussions centered around the promising future of graphene and its potential to revolutionize various industries worldwide. Significant themes addressed included the strategic value of graphite and graphene, which are poised to propel technological innovations and enhance national economic development.
  • Nishantha Jayaweera, the Deputy Minister of Economic Development, shared optimistic insights regarding Sri Lanka’s economic prospects, emphasizing the importance of the private sector in generating value-added products for specialized export markets. This sentiment was reiterated during the unveiling of a new graphene product.
  • “Sri Lanka has attained a more stable economic status as we approach 2025, exceeding our financial expectations this year, which is a notable achievement,” he remarked. “Our primary focus moving forward is to expedite development and expand our economy, while consolidating Foreign Direct Investments (FDI) and attracting local investments. This aligns with the expectations of our citizens,” he stressed.
  • Furthermore, Deputy Minister Jayaweera introduced three new legislative measures intended to bolster investment opportunities in Sri Lanka: an Investment Protection Act, an Investment Promotion Act, and a Strategic Development Act. He also disclosed a five-year Investment Diversification Plan set to achieve specific governmental objectives, which includes potential tax incentives for investment projects in the Port City.
  • Eng. Keerthi Wickramarathna emphasized the importance of graphene, stating, “Sri Lankan Graphene has been recognized globally as the highest quality Conductive Graphene, having undergone rigorous testing at the University of Singapore. With appropriate infrastructure and a focus on production, we can deliver top-tier graphene to the international market and generate substantial foreign revenue.”
  • He noted that high-grade graphene is currently valued at 30 times the price of gold and expressed optimism about ongoing orders from various countries, including China, Germany, the USA, Japan, India, Korea, England, and several European nations, with many investors eager to engage in the graphene sector in Sri Lanka.
  • “We can produce graphene more economically than our competitors, and our product quality is rated three times higher based on global market acceptance and feedback,” he concluded, underscoring the potential for Sri Lanka to leverage its abundant natural resources in the graphene industry.
  • රත්තරන් වලටත් වඩා මිල අධික,
  • ලංකාවේ ආර්ථිකය
  • ගොඩගන්න පුළුවන්
  • “කළු රත්තරන්”‍ ගැන ඔබ දැන සිටියාද?
  • දශක ගණනාවක් තිස්සේ අපේ රටේ වටිනා මිනිරන් කුණු කොල්ලයට අමුද්‍රව්‍යයක් ලෙස පමණක් විකුණපු යුගය දැන් අවසන්! ශ්‍රී ලංකාවට ඩොලර් ගෙනෙන නවතම අපනයන පෙරළිය “‍ග්‍රැෆීන්”‍ (Graphene) නිෂ්පාදනය දැන් අපේ රටේම ආරම්භ වෙලා.
  • විශ්වාස කරන්න, මේ ග්‍රැෆීන් ග්‍රෑම් 1ක් රුපියල් 50,000ක් පමණ වෙනවා! එය රන් මිලත් අභිබවා ගිය සුපිරි වටිනාකමක්.
  • ඇයි මේවා මෙච්චර වටින්නේ?
  • කාර්මික ලෝකයේ පෙරළියක් කරමින් අද වනවිට දියුණු රටවල් තම ගුවන් යානා, අභ්‍යවකාශ යානා, විද්‍යුත් මෝටර් රථ (EV’s) සහ උසස් තත්ත්වයේ කොන්ක්‍රීට් නිෂ්පාදනය සඳහා බහුලවම යොදා ගන්නේ මේ ග්‍රැෆීන් ය.
  • ලංකාවට ලැබෙන වාසිය කුමක්ද?
  • ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට “රාගෙදර”‍ මිනිරන් පතල් කර්මාන්තශාලාව මගින් මිනිරන් වලට අගය එකතු කර (Value Addition) මෙම ග්‍රැෆීන් නිපදවන අතර, මේ වනවිටත් ජාත්‍යන්තර වෙළඳපොළට අපනයනය කිරීම ආරම්භ කර ඇත. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නඟා සිටුවීමට ලැබුණු දැවැන්ත අවස්ථාවක් බව පසුගියදා කොළඹ කින්ග්ස්බරි හෝටලයේ පැවති අන්තර්ජාතික මිනිරන් සමුළුවේදී දෙස් විදෙස් විද්‍යාඥයින් සහ ව්‍යවසායකයින් රැසක් තහවුරු කළා.
  • නිකන්ම පස් විදියට සම්පත් විකුණනවා වෙනුවට, අපේම රටේ මෙවැනි අගය එකතු කළ නිෂ්පාදන ලෝකයට යැවීම ජාතියක් විදියට අපට මහත් ආඩම්බරයක්! 
  • See less

Page 5-

  • ඈත අතීතයේ අප දිවයින පිළිබඳ තොරතරු ලොවට හෙළිකළ විදේශිකයෝ 34 වන කොටස
  • හියුන් සාං
  • Hiuen Tsang BC 596-664
  • අප දිවයින පිළිබඳ තොරතුරු ලියා ප්‍රකාශයට පත්කළ බොහෝ දෙනෙකු මෙරටට පැමිණි යුරෝපීය ජාතිකයන් හා මැදපෙරදිග සිට පැමිණි ඉස්ලාම් සම්භවයක් ඇති අරාබි ජාතිකයන්ය. මේ හැරුණු විට අතීතයේ සිට ආගමික, වෙළඳ සම්බන්දතා නිසා අප දිවයින පිළිබඳ සමීපතම සම්බන්දතාවයක් පවත්වාගෙනගිය පිරිසක් වන්නේ චීන ජාතිකයන්ය. ඔවුන් අතුරින් අප රටේ ඉතිහාසය හදාරණ හා බොහෝ දෙනෙකු මුවග රැඳුණු බෞද්ධ භික්ෂුන් වහන්සේලා දෙනමක් පිළිබඳ නිරන්තරයෙන්ම සඳහන් කරණු දක්නට ලැබේ. ඔවුන් අතුරෙන් මුල්තැනක් හිමිවන්නේ ක්‍රි. ව. 45 මෙරටට පැමිණි පාහියන් (Fa-Hien) හිමියන්ටය. උන්වහන්සේ මෙරටට පැමිණ දෙවසරක් මෙහි සංචාරයේ නිරතව සිටි බව උන්වහන්සේ විසින් හා එම සංචාර පිළිබඳ විවිධකතුවරුන් ලියු පොත්පත් රාශියක සඳහන් කර තිබේ. මේ පිලිබඳ ලිපියක් මා විසින් මෙම ලිපි පෙළ ඔස්සේ පළකර ඇති හෙයින් ඒ පිළබඳ වැඩි විස්තරයක් සිදු නොකරනු ලබන බව කරුණාවෙන් සඳහන් කරමි. එම අනෙක් භික්ෂුන් වහන්සේ හියුන් සං නැතහොත් ෂුවාන් ශැන්ග් (Xuanzang
  • ) හිමියන්වේ.
  • උන්වහන්සේ ලංකාවට නොපැමිණි අතර ඔහු ඉන්දියාවේ වසර දහයක් පමණ ගතකර තිබුණි. එරට එවකට පැවැති නාලන්දා සරසවියෙහි ඉගෙනුම ලබමින් එහි ඉගෙනීමේ යෙදුණු ලාංකික බෞද්ධ වහන්සේලා දෙනමකගෙන් මෙරට ඉතිහාසය විජයාවතරණය පිළිබඳ සඳහන් සිංහබාහු-සිංහ සීවලී කතා පුවත යනාදී මෙරට ජනාවාස වු අයුරු ඉතා මැනැවින් විස්තර කර තිබුණි හා ඔහුගේ ගුරුවරුන් ගෙන්ද ලංකාව පිලිබඳ ලියා තිබු පොත්පත් මගින් ලැබූ දැනුමින් ඔහු දැනගත් තොරතුරු ඔහු විසින් රචිත සිය දේශ සංචාරක සටහන් වල විශේෂයෙන් උන්වහන්සේ සඳහන් කර ඇත. උන් වහන්සේ අප දිවයින හදුන්වා තිබුණේ “සිංහල දේශය”‍ යනුවෙනි. ඒ පිළිබඳ දිගු විස්තරයක්ද ඇතුලත් කර තිබුණි.
  • හියුං සාං උපත ලැබුවේ චෙන් හුයි හෝ චෙන් යි ලෙසින. උන් වහන්සේගේ සංස්කෘත ධර්ම නාමය වන මොක්ෂදේව ලෙසද හැඳින්වේ. 7 වන සියවසේ විසු චීන බෞද්ධ භික්ෂුවක් වූ එතුමා විද්වතෙක්, සංචාරකයෙක් සහ පරිවර්තකයෙක් විය. ඔහු චීන බුද්ධාගමට යුග ගණනාවක් පුරාවට කළ දායකත්වය, 629-645 දී ඉන්දියානු උපමහාද්වීපයට කළ ගමන පිළිබඳ සංචාරක විස්තරය, අවම වශයෙන් ඉන්දියානු ග්‍රන්ථ 657ක් චීනයට ගෙන ඒමට ඔහු දැරූ උත්සාහය සහ මෙම ග්‍රන්ථවලින් සමහරක් පරිවර්තනය කිරීම සඳහා ප්‍රසිද්ධය. ඔහුට පරිච්ඡේද 1,335 න් වෙනස් කොටස් 75ක් පමණක් පරිවර්තනය කිරීමට හැකි වූ නමුත් ඔහුගේ පරිවර්තනවලට වඩාත් වැදගත් මහායාන ග්‍රන්ථ කිහිපයක් ඇතුළත් විය.
  • හියුං සං ක්‍රි. ව. 602 අප්‍රේල් 6 වන දින චීනයේ හෙනාන් පළාතේ වර්තමාන ලු‍ඕයැං අසල චෙන්ලියු හි උපත ලැබීය. ලමාවියෙහි පටන, ඔහු ආගමික පොත් කියවීමට පටන් ගෙන සහ එහි ඇති අදහස් තම පියා සමඟ අධ්‍යයනය කිරීමට පටන් ගත්තේය. ඔහුගේ වැඩිමහල් සහෝදරයා මෙන්, ඔහු ද ජින්ග්ටු ආරාමයේ බෞද්ධ අධ්‍යයන ශිෂ්‍යයෙකු බවට පත්විය. ඔහු වයස අවුරුදු දහතුනේදී ශ්‍රමණේර (ආධුනික භික්ෂුවක්) ලෙස පැවිදි විය- සුයි රාජවංශයේ බිඳවැටීම නිසා ඇති වූ දේශපාලන හා සමාජීය නොසන්සුන්තාව හේතුවෙන්, ඔහු තම සහෝදරයා සමඟ සැතපුම් 300 ක් දකුණට වර්තමාන සිචුවාන් පළාතේ චෙන්ග්ඩු වෙත ගිය අතර, එහිදී ඔහු වයස අවුරුදු විස්සේදී භික්ෂුවක් (පූර්ණ භික්ෂුවක්) ලෙස පැවිදි විය, ආරාමයේ බෞද්ධ ග්‍රන්ථ සහ පිළිවෙත් අධ්‍යයනය කළේය.
  • පසුව ඔහු බුද්ධාගමේ පූජනීය ග්‍රන්ථ සොයමින් චීනය පුරා සංචාරය කළේය. අවසානයේ, ඔහු එවකට ටැන්ග්හි ටයිසොං අධිරාජ්‍යයාගේ සාමකාමී පාලනය යටතේ පැවති චැන්‘ආන් වෙත පැමිණියේය. එහිදී ෂුවාන්සාං ඉන්දියාවට පැමිණීමේ ආශාව වර්ධනය කර ගත්තේය. ෆැක්සියන්ගේ ඉන්දීය සංචාරය ගැන ඔහු දැන සිටි අතර, ඔහු මෙන්, චීනයට ළඟා වූ බෞද්ධ ග්‍රන්ථවල අසම්පූර්ණ සහ වැරදි ලෙස අර්ථකථනය කරන ලද ස්වභාවය ගැනද ඔහු සැලකිලිමත් විය. විවිධ චීන පරිවර්තනවල තරඟකාරී බෞද්ධ න්‍යායන් ගැනද ඔහු සැලකිලිමත් විය. මෙම ගැටළු කිහිපයක් විසඳීමට උපකාර කිරීම සඳහා ඔහු ඉන්දියාවෙන් මුල් පරිවර්තනය නොකළ සංස්කෘත ග්‍රන්ථ සොයා ගත්තේය.
  • වයස අවුරුදු 27 දී, ඔහු ඉන්දියාවට ඔහුගේ අවුරුදු දාහතක් තිස්සේ ගොඩබිම් ගමන ආරම්භ කළේය. එය ඉතා දුෂ්කර එකක් විය- එකළ රටවල් යාකරනු ලබන අද මෙන් මංමාවත් නොතිබූ සමයක් විය- මහකඳු යාය, වනාන්තර මැදින් ජලදුර්ඝ ගිරිදුර්ඝ, වන සතුන් මෙන්ම, සොරුන් මං පහරන්නන්, දේශගුණික විපර්යසයනට මුහුණදෙමින් ඔහුගේ ඉන්දියාවට ඒමට වසර ගණනාවක් ගතවිය. ඇතැම් අවස්ථාවල ඔහුගේ දිවි බේරාගෙන තිබුනේ හාස්කමකිනි.
  • ඔහු තම ජාතියේ විදේශ සංචාර තහනම නොසලකා හරිමින්, ඛෝටන් වැනි මධ්‍යම ආසියානු නගර හරහා ඉන්දියාවට ගමන් කළේය. ඔහු ඉන්දියාවේ නූතන බිහාර් හි පිහිටි ප්‍රසිද්ධ නාලන්දා විශ්ව විද්‍යාලයට ගිය අතර එහිදී ඔහු ශීලභද්‍ර භික්ෂුව සමඟ අධ්‍යාපනය ලැබීය. ඔහු ඉන්දියාවෙන් පිටත්ව ගියේ අශ්වයන් විසි දෙනෙකුගෙන් යුත් තවලමකින් සංස්කෘත ග්‍රන්ථ රාශියක් රැගෙන ය. ඔහුගේ නැවත පැමිණීම චීනයේ ටයිසොං අධිරාජ්‍යයා විසින් පිළිගනු ලැබූ අතර, ඔහු සංචාරක වාර්තාවක් ලිවීමට ඔහුව දිරිමත් කළේය.
  • බටහිර කලාපවල වාර්තා ලෙස නම් කර ඇති මෙම චීන සංචාරක වාර්තාව, සුආන්සාං පිළිබඳ කැපී පෙනෙන මූලාශ්‍රයක් වන අතර, 7 වන සියවසේ ඉන්දියාව සහ මධ්‍යම ආසියාව පිළිබඳ ශිෂ්‍යත්වය සඳහා ද වේ- ඔහුගේ සංචාරක වාර්තාව අසත්‍ය, කටකතා සහ සෘජු වාර්තාවක මිශ්‍රණයකි. එයින් තෝරා ගැනීම් භාවිතා කර ඇති අතර මතභේදයට තුඩු දී ඇත. ඔහු සඳහන් කරන සිදුවීම්, නම් සහ පාඨ සඳහා 645 හි පර්යන්තයක් ලෙස, ඔහුගේ පාඨය, සුආන්සාංගේ මරණයෙන් සියවස් නවයකට පමණ පසු මිං රාජවංශය තුළ වූ චෙංගන් විසින් රචිත ”‍ජෝර්නි ටු ද වෙස්ට්”‍ නවකතාව සඳහා ආභාෂය ලබා දුන්නේය.
  • හියුන්සාං හිමියන්ට අනුව සිංහල දේශය ලී 7000 ක්‌ පමණ වට ප්‍රමාණයෙන් යුක්‌තය. මේ රටේ අගනුවර ලී 40 ක්‌ පමණ පරිධියෙන් යුක්‌ත බව උන්වහන්සේ පවසයි. උණුසුම් දේශගුණයක්‌ සහිත අප රටේ ධාන්‍ය වර්ග, පුෂ්ප වර්ග හා පල වර්ගයෝ බහුලව හටගන්නා බව හියුන්සාං හිමි වාර්තා කරයි. මේ භූමිය තුළ උපදිනා වූ රත්න වර්ගයන් නිසා අතීතයේදී මේ රට රත්නදීප නමින් හැඳින්වූ බව උන්වහන්සේ වාර්තා කර ඇත.
  • ඉන්දියාවට ආ චීන ජාතික භික්‍ෂූන් අතර ප්‍රබලම චරිතය ලෙස හියුන්සාං හිමියන් හඳුන්වාදීමට පුළුවන. එතුමා ගේ සටහන් එකල ඉන්දියාවේ තිබුණ ඉතිහාසය මෙනම් ආගමික සාමාජික කරුණු රැසක් නිරාකරණය කර ගැනීමට ඉවහල් වී ඇති බව කිවයුතුය. එතුමාගේ මේදෙරට එනම් ඉන්දියාව හා ලංකාව පිළිබඳ ඔහු සටහන් කර තිබෙන සියලු‍ම කරුණු මෙවැනි කෙටි ලිපියකින් සඳහන් කිරීම කල නොහැකි කරුණකි.
  • ඔහු විසින් සඳහන් කර තිබෙන පරිදි දඹදිව, භාරතය, භාරතවර්ථය ආදී විවිධ නම් වලින් ඉතිහාසය තුළ පැරණි ඉන්දියාව හඳුන්වා තිබේ. මධ්‍යම ආසියාවේ සෙසු රටවලින් ඉන්දියාව වෙන්ව තිබුණද මේ රට ලෝකයාට විවෘත කළ සාධක වන්නේ උතුරේ කඳුවැටි හරහා වැටුණු කපොළු හා වෙරළ තීරයේ පිහිටි වරායන්ය. මේ භෞතික සාධක භාවිත කරමින් ලෝකයේ විවිධ රටවල ජනයා ඉන්දියාව තුළට ඇතුළු වූ බව පෙනේ. එලෙස ඔවුන් ඉන්දියාවට පැමිණියේ විවිධ අරමුණු සාර්ථක කර ගැනීම සඳහාය. ආක්‍රමණික, අධ්‍යාපනික, ආගමික, සංචාරක ආදී විවිධ අරමුණු මත මේ ජනයා ඉන්දියාවට පැමිණ තිබුණි. එලෙස පැමිණි බොහෝ දෙනා ඉන්දියාව තුළ තමන් ගත කළ කාලය හා සම්බන්ධ අත්දැකීම් ආපසු රට බලා ගිය පසු වාර්තා කළහ. ක්‍රි.ව. 4 සියවසේ අග ඉන්දියාවට එන ෆාහියන් හිමි ද ක්‍රි.ව. 8 සියවසේ ආරම්භක භාගයේදී ඉන්දියාවට පැමිණි හියුන් සාං හිමි ද ක්‍රි.ව. 8 සියවසේදී ඉන්දියාවට එන ඉත්සිං හිමියන්ද තම දේශ ගවේෂණය අළලා වාර්තා තබා ඇත. ක්‍රි.ව. එලෙස ඉන්දියාව පිළිබඳ වාර්තා තැබූ චීන භික්‍ෂුවක්‌ ලෙස හියුන්සාං හිමියන් හඳුන්වා දිය හැක.
  • ඉන්දියාවට එකළ පැමිණි චීන ජාතික භික්‍ෂූන් අතර ප්‍රබලම චරිතය ලෙස හියුන්සාං හිමියන් හඳුන්වාදීය හැක යයි හියුං සියං භ්‍රමණ වෘත්තාන්තය නම් කෘතියෙහි පොල්වත්තේ බුද්ධදත්ත ස්‌ථවීර (69)සඳහන් කර ඇත. හියුන්සාංට අනුව ඉන්දියාව තුළ ජනයාගෙන් බහුතරය බ්‍රාහ්මණයන්ය. මේ නිසා බ්‍රාහ්මණයන්ගේ රට නමින්ද හඳුන්වයි. ඉන්දියාව ප්‍රදේශ 05 ට බෙදා තිබුණ බව හියුන්සාං වාර්තා කරයි. මේ කොටස්‌ නිසා ඉන්දියාවට පංචභාරතයයිද කියන බව උන් වහන්සේ තම කෘතිය තුළ විස්‌තර කරන්නේ. ලී 90000 ක්‌ පමණ වට වූ ඉන්දියාව තුන් පැත්තකින් සාගරයෙන් වට වූ රටක්‌ බව හියුන්සාං හිමියන්ගේ අදහස වියක්‍රි.ව. උතුරු දෙසින් හිමාල කඳුවැටිය සීමා වූ ඉන්දියාව උෂ්ණ රටක්‌ බවත් ජලය, සුළඟ පොළොව තෙත්ව ඇති රටක්‌ බවත් මොහු විස්‌තර කරන්නේය. මෙකල ඉන්දියාව තුළ දුර මැනීම සඳහා භාවිත වූ මිණුම් ක්‍රමය පිළිබඳ හියුන්සාං හිමියන් තොරතුරු දක්‌වයි. උන්වහන්සේට අනුව ඒ සඳහා භාවිත කළ මිණුම් ක්‍රමය යොදුන නම් ඒකකයයි. එය චීන ක්‍රමයට අනුව ලී 40 කි. ඉන්දියාව තුළ දක්‌නට ලැබුණ සෘතු වර්ග පිළිබඳව ද, බුදු දහම අනුව වස්කාලය පිළිබඳවද, එහි ජනයාගේ සිරිත් විරිත්, හින්දි දේවස්ථාන හා බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ දීර්ඝ විස්තරයක් ඇතුලත් කර ඇත. අශෝක අධිරාජ්‍යයාගේ සේවාව හා කනිෂ්ක රජුගේ සේවාවන් පිළිබඳවද කරුණ ඇතුලත්කර තිබුණි.
  • ශ්‍රී ලංකාව පිළිබඳ කරන විස්‌තර මේ දසවන පරිච්ඡේදය තුළ සිංහල දේශය පිළිබඳ ඉතා කෙටි විස්‌තරයක්‌ සැපයීමට හියුන්සාං හිමි ක්‍රියාකර ඇත්තේයි. ”‍මෙතැනින් ලී 20000 ක්‌ පමණ තැන සිංහල දේශය පිහිටියේය. නිශ්චල රාත්‍රියක එදෙස බලන අපට එරට දළදා මැදුර මත්තෙහි සවිකළ මාණික්‍යයේ ආලෝකය දැල්වෙන පන්දමක්‌ මෙන් හෝ තරුවක්‌ මෙන් පෙනේ.”‍ (හියුංසියං භ්‍රමණ වෘත්තාන්තය දශම පරිඡ්ඡේදය පෙල්වත්තේ බුද්ධදත්ත ස්‌ථවිර)
  • හියුන්සාං හිමියන් ලංකාවට පැමිණි බවට සාධක නැත. තම දේශාටන වාර්තාවේ එකළොස්‌වන පරිච්ඡේදය තුළ අප රට පිළිබඳ තොරතුරු සපයන්නේ ඔහු දකුණු ඉන්දියාවේ භික්‍ෂුන්ගෙන් අසන ලද කතා පුවත් වලිනි. නැව් නැග ලී 300 ක්‌ පමණ ගිණිකොණදිගට ගිය කල සිංහල නම් රටට පැමිණිය හැකි බව හියුන්සාං හිමි පවසයි.
  • ශ්‍රී ලංකාව ජනාවාසකරණය වූ ආකාරය පිළිබඳ හියුන්සාං හිමි ඉතා පැහැදිලි විස්‌තරයක්‌ සපයයි. ඒ පැහැදිලි කිරීම මෙරට ජනාවාස කිරීම පිළිබඳව මහා වංසය දක්‌වන විස්‌තරයට බොහෝ දුරට සමානයි. නමුත් හියුන්සාං හිමියන්ගේ කතා නායකයා සිංහ නම් පුත්‍රයෙකි. ඔහු තම සිංහ නම් පියා ඝාතනය කළ නිසා එරට රජ ඔහු හා ඔහුගේ නැඟණිය නැවක දමා රටින් පිටුවහල් කරන ලදී. එලෙස මුහුදුගත වූ සිංහගේ නැව රත්නදීපයට ආ බවත් සොහොයුරිය සහිත නැව පර්සියාවට යාත්‍රා කළ බවක්‌ හියුන්සාං හිමියන් සඳහන් කරයි- සිංහ කුමාරයා මෙරටට පැමිණ මෙරට වෙළෙඳුන් මරා ඔවුන්ගේ දරුවන් පැහැර ගත් බවත්, ආදි පුරුෂයා සිංහයෙකු මැරූ නිසා මෙරට සිංහල නාමයෙන් ප්‍රකට වූ බවත් හියුන්සාං හිමියන් සඳහන් කරයි. සිංහගේ නැඟණිය ගමන් කළ දේශය බටහිර ස්‌ත්‍රින්ගේ දේශයයි කියන බවද මුන්වහන්සේ වාර්තා කර ඇත.
  • සිංහල දේශයේ මිනිසුන්ගේ ස්‌වරූපය පිළිබඳ වාර්තා කිරීමටද මුන්වහන්සේ අමතක කර නැත. මෙරට ජනයා කළු පැහැතිය. කුඩා ශරීර ඇත්තවුන්ය. පළල් වූ නිකටද උස්‌ වූ නළල් ද ඇත්තේය. නිර්භීතය. හියුන්සාං හිමියන්ට අනුව මෙරට මුල් කාලයේ ජීවත් වී ඇත්තේ රාජසිංහයන්ය. ඔවුන් මෙරටට එන වෙළෙන්දන් රවටා ගෙන සැප විඳ අවසානයේ ඔවුන් යකඩ සිරගෙයක දමා සිරකොට කැමති විටක උන් එළියට ගෙන මරා කා දැමූහ.
  • මිහිඳු හිමියන් මෙරටට බුදු දහම හඳුන්වා දුන් සිදුවීමද මහාවිහාර හා අභයගිරි වශයෙන් ථෙරවාදය බෙදී ගිය ආකාරය පිළිබඳව ද හියුන්සාං හිමි තොරතුරු වාර්තා කරයි. රජ මාලිගය සමීපයේ පිහිටි දළදා මාලිගය පිළිබඳව ද තම කෘතිය තුළ තොරතුරු වාර්තා කළේ එය තමන් දුටු ආකාරයටයි. මහවැලි බත්හල පිළිබඳවත් මෙරට හටගන්නා මුතුපර පිළිබඳවත් ශ්‍රී ලංකාවේ පිහිටි ලංකා පර්වතය පිළිබඳවත් ලංකාවතාර සූත්‍රය පිළිබඳවත් ලංකාව පිළිබඳව කරන විස්‌තරයේදී පැහැදිලි කිරීමට මුන්වහන්සේ අමතක නොකිරීම අගය කළ යුතුයි.
  • ලෝකයේ වැදගත්ම ආගමික චරිතයක් වන ෂුවාන්-සැන්ග් (ෂුවාන් සැන්ග් දා ෂි – ශ්‍රේෂ්ඨ ගුරුවරයා වන සුආන් සැන්ග්) ගේ කැපී පෙනෙන ජීවිතය අත්විඳීමෙන් තොරව චීන බුද්ධාගම අධ්‍යයනය කිරීම, පුහුණු කිරීම සහ ඉගෙන ගැනීම කළ නොහැක්කකි. බොහෝ බටහිර ජාතිකයින්ට, බොහෝ බෞද්ධයින්ට පවා,ඔහුගේ ජීවිතය බොහෝ දුරට නොදන්නා හෝ අවම වශයෙන් පුරාවෘත්ත හා මනඃකල්පිත වැස්මකින් වැසී ඇත. කෙසේ වෙතත්, නැගෙනහිර ආසියානු බුද්ධාගමට, පිළිබඳවත් කර ඇති සේවාව සදා අගය කලයුතුය.
  • මෙහි ඇතැම් කරුණු හා සේයාරූ ද එතුමා පිළිබඳ ලියැවුණු පොත්පත් හා අන්තර් ජාලය ඇසුරින් සකස් කර ඇති අතර ඒවායේ මුල් හිමිකම් ඔවුන් සතුබව කරුණාවෙන් සළකන්න.
  • නීතිඥ ශාන්ත සේනාධීර 
  • See less
  • Comments

  • “මා අකමැතිව සිටි ජේ. ආර්.” කෘතිය එළිදැක්වීම
  • හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයෙකු වන නීතිඥ ඉම්තියාස් බාකිර් මාකර් මහතා විසින් රචිත “මා අකමැතිව සිටි ජේ. ආර්.” කෘතිය එළිදැක්වීම මාර්තු මස 30 වනදා උත්සවාකාරයෙන් පැවැත් විය.
  • ඒ, කොළඹ, 07 ධර්මපාල මාවතේ පිහිටි ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රයේදීයි. මෙම උත්සවයට හිටපු ජනාධිපතිවරයෙකුවූ මයිත්‍රීපාල සිරිසේන, හිටපු කතානායක වරයෙකුවූ කරු ජයසුරිය, ඇතුළු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් මෙන්ම ජනමාධ්‍ය කේෂ්ත්‍රය නියෝජනය කරනු ලැබූ පිරිසක්ද, ඇතුළු සම්භාවනිය පිරිසක් පැමිණ තිබුණි.
  • මෙම උත්සවයේ දේශනයන් ප්‍රවීන ජේෂ්ඨ ජනමාධ්‍යවෙදියෙකුවූ ආචා© රංග කලන්සුරිය, රොහාන් ජයවික්‍රම විසින් පවත්වනු ලැබුවේය. ඉම්තියස් බකීර් මාකාර් සිය ස්තුති කතාවද එහිදී පවත්වනු ලැබුවේය.
  • සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් මුද්‍රණය කර ඇති මෙම කෘතිය පිළිබඳව විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන් කිහිප දෙනෙකුට මෙම කෘතිය පිළිගැන්විමද මෙහිදී සිදු කරනු ලැබුවේය.
  • LNUK විශේෂ වාර්ථාකරු
  • ***********************************
  • Mehran Karimi Nasseri,
  • the man who made
  • Charles de Gaulle Airport, home for 18 years..!
  • Nasseri was born in the Anglo-Persian Oil Company settlement located in Masjed Soleyman, Iran. His father, Abdel Karim, was an Iranian doctor working for the company which allowed Nasseri to grow up relatively affluently. Nasseri has claimed that he was the result of an illegitimate affair, and that his mother was a nurse from Scotland working in the same place but had also claimed a Swedish mother. However, these claims were never substantiated, and it is most likely that Nasseri’s mother was an Iranian homemaker. Aged 28, he arrived in the United Kingdom in September 1973, to take a three-year course in Yugoslav studies at the University of Bradford.
  • Nasseri alleged that he was expelled from Iran in 1977 for protests against the Shah and after a long battle, involving applications in several countries, was awarded refugee status by the United Nations High Commissioner for Refugees in Belgium. This allegedly permitted residence in many other European countries. However, this claim was disputed, with investigations showing that Nasseri was never expelled from Iran.
  • He was able to travel between the United Kingdom and France, but in 1988, his papers were lost when his briefcase was allegedly stolen. Others indicate that Nasseri actually mailed his documents to Brussels while on board a ferry to Britain, lying about them being stolen. Arriving in London, he was returned to France when he failed to present a passport to British immigration officials. At the French airport, he was unable to prove his identity or refugee status and was detained in the waiting area for travellers without papers.
  • Nasseri’s case was later taken on by French human rights lawyer Christian Bourget. Attempts were then made to have new documents issued from Belgium, but the authorities there would do so only if Nasseri presented himself in person. In 1995, the Belgian authorities granted permission for him to travel to Belgium, but only if he agreed to live there under the supervision of a social worker. Nasseri refused this on the grounds of wanting to enter the UK as originally intended. Both France and Belgium offered Nasseri residency, but he refused to sign the papers as they listed him as being Iranian (rather than British) and did not show his preferred name, “Sir, Alfred Mehran” (including the misplaced comma). His refusal to sign the documents was much to the frustration of his lawyer, Bourget. When contacted about Nasseri’s situation, his family stated that they believed he was living the life he wanted.
  • During his long stay at Terminal 1 in the Charles de Gaulle Airport, he could be found, day or night, around the Paris Bye Bye bar, where he wrote in his journal, listened to the radio, and smoked his gold pipe, or ate a meal at McDonald’s. The meals were bought for him by strangers, and he sometimes sat on a red bench in the Terminal’s first level in a reflective trance. In other accounts, his luggage was always by his side, as he wrote in his diary or studied economics.
  • In 2003, Steven Spielberg’s DreamWorks production company paid a rumoured US$275,000 to Nasseri for the rights to his story, but ultimately did not use his story in the film The Terminal.
  • Nasseri’s 18-year stay at the airport ended in July 2006 when he was hospitalized and his sitting place was dismantled. Towards the end of January 2007, he left the hospital and was looked after by the airport’s branch of the French Red Cross; he was lodged for a few weeks in a hotel close to the airport. On 6 March 2007, he was transferred to an Emmaus charity reception centre in Paris’s 20th arrondissement. From 2008 onwards, he lived in a Paris shelter, though in the wake of Nasseri’s death in 2022, the Associated Press reported that he had recently returned to live at the airport.
  • Nasseri was reportedly the inspiration behind the character Viktor Navorski, played by Tom Hanks, from Steven Spielberg’s 2004 film The Terminal.However, neither the film’s publicity materials, nor the DVD “special features” nor the film’s website mentions Nasseri’s situation as an inspiration for the film. Despite this, in September 2003, The New York Times noted that Spielberg had bought the rights to Nasseri’s life story as the basis for The Terminal. The Guardian indicated that Spielberg’s DreamWorks production company paid US$250,000 to Nasseri for rights to his story and reported that, as of 2004, he carried a poster advertising Spielberg’s film draping his suitcase next to his bench. Nasseri was reportedly excited about The Terminal, but it was unlikely that he would ever have had a chance to see it in cinemas.
  • On 12 November 2022, at the age of 76, Nasseri died of a heart attack at Terminal 2F of Charles de Gaulle Airport. Local police and a medical team attempted resuscitation but were unsuccessful, and was pronounced dead at the scene.
  • He was interred on 8 December 2023 in Cimetière communal de Mauregard (the communal cemetery of Mauregard) in France.
  • (Source: Wikipedia) 
  • See less
  • Comments

ලෝකයේ බෞද්ධයෝ අඩුවෙති!

ලෝකයේ ප්‍රධාන ආගම් අතරින් පසුගිය දශකය තුළ සිය අනුගාමිකයින් සංඛ්‍යාව පහත වැටුණු එකම ආගම බුදුදහම බව Pew Research Center විසින් 2026 මාර්තු මාසයේදී නිකුත් කරන ලද නවතම සමීක්ෂණ වාර්තාවකින් හෙළිදරව් වී තිබේ.

2010 සිට 2020 දක්වා කාලය තුළ ලෝක ජනගහනය 12% කින් වර්ධනය වී තිබියදීත්, බෞද්ධ ජනගහනය මිලියන 343 සිට මිලියන 324 දක්වා එනම් 5% කින් පහත වැටී ඇත. මේ හේතුවෙන් ගෝලීය ජනගහනය තුළ බෞද්ධ ප්‍රතිශතය 4.9% සිට 4.1% දක්වා අඩු වී තිබේ. මෙම අනපේක්ෂිත පසුබෑමට බලපා ඇති ප්‍රධාන සාධක මොනවාද යන්න පිළිබඳව අදාළ වාර්තාව ගැඹුරු විශ්ලේෂණයක් ඉදිරිපත් කරයි.

වයස්ගත ජනගහනය සහ අඩු උපත් අනුපාතය
මෙම පිරිහීමට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ ලොව පුරා සිටින බෞද්ධ ජනගහනයේ වයස් ව්‍යූහය සහ අඩු උපත් අනුපාතයයි. දත්තවලට අනුව, 2020 වන විට ලොව බෞද්ධයෙකුගේ මධ්‍ය වයස (median age) අවුරුදු 40ක් වූ අතර, එය සාමාන්‍ය ගෝලීය වයස වන අවුරුදු 31 ට වඩා වසර 9 කින් වැඩි අගයකි.

එසේම, ක්‍රිස්තියානි (31), හින්දු (29) සහ මුස්ලිම් (24) වැනි අනෙකුත් ප්‍රධාන ආගම්වලට වඩා බෞද්ධයන් සාපේක්ෂව වයස්ගතය. මීට අමතරව, බෞද්ධ කාන්තාවකගේ සඵලතා අනුපාතය (fertility rate) දරුවන් 1.6ක් වැනි ඉතා පහළ අගයක පවතී.

ජනගහනයක් ස්ථාවරව පවත්වා ගැනීමට නම් මෙම අනුපාතය අවම වශයෙන් දරුවන් 2.1ක් විය යුතු අතර, ප්‍රතිස්ථාපන මට්ටමට වඩා (replacement level) අඩු උපත් අනුපාතයක් ඇති එකම ප්‍රධාන ආගම වන්නේද බුදුදහමයි. මේ නිසා, වයස්ගත වී මියයන බෞද්ධයන් ප්‍රතිස්ථාපනය කිරීමට ප්‍රමාණවත් නව උපත් සංඛ්‍යාවක් සිදු නොවේ.

ආගමික විශ්වාසයන් වෙනස් කිරීම
(Religious Switching)
උපත් අනුපාතයට අමතරව, ළමා කාලයේදී බෞද්ධ පවුල්වල හැදී වැඩුණු පුද්ගලයින් වැඩිහිටි වියේදී ආගම අතහැර යාම හෝ වෙනත් ආගම්වලට සම්බන්ධ වීම බෞද්ධ ජනගහනය අඩුවීමට බලපා ඇති තවත් ප්‍රබල සාධකයකි. වාර්තාව පෙන්වා දෙන පරිදි, වෙනත් ආගම්වලින් බුදුදහමට එක්වන පිරිසට වඩා වැඩි පිරිසක් බුදුදහම හැර යමින් සිටිති.

සංඛ්‍යාත්මකව ගත් කල, බෞද්ධ පවුල්වල හැදී වැඩුණු සෑම වැඩිහිටියන් 100 දෙනෙකුගෙන් 12 දෙනෙකු වෙනත් ආගම්වලින් බුදුදහමට එක්වන අතර, 22 දෙනෙකු බුදුදහම හැරදා වෙනත් ආගම් වෙත හෝ කිසිදු ආගමක් නොමැති (unaffiliated) තත්ත්වයට පත්වෙති. මේ අනුව, ආගම් මාරු කිරීමේ ක්‍රියාවලිය හරහා බුදුදහමට ශුද්ධ වශයෙන් අනුගාමිකයින් 10 දෙනෙකු අහිමි වේ.

නැගෙනහිර ආසියාවේ බලපෑම
මෙම ජනගහන පහත වැටීම ලොව පුරා ඒකාකාරීව දක්නට නොලැබෙන අතර, එය ප්‍රධාන වශයෙන්ම නැගෙනහිර ආසියානු කලාපය කේන්ද්‍ර කරගෙන සිදුවන්නකි. ලොව සමස්ත බෞද්ධ ජනගහනයෙන් 98% ක්ම ජීවත් වන්නේ ආසියා-පැසිෆික් කලාපයේ වන අතර, ඉන් 40% ක්ම චීනය, ජපානය, දකුණු කොරියාව, තායිවානය සහ හොංකොං යන නැගෙනහිර ආසියානු රටවල් 5 ට අයත් වේ.

අඩු උපත් අනුපාතය සහ ආගම අතහැර යාමේ ප්‍රවණතාවය මෙම රටවල අතිශයින් ඉහළ මට්ටමක පවතී. උදාහරණයක් ලෙස, ජපානයේ බෞද්ධ පවුල්වල හැදී වැඩුණු වැඩිහිටියන්ගෙන් අඩක් පමණද, දකුණු කොරියාවේ 60% ක් පමණද මේ වන විට බුදුදහමෙන් ඈත් වී සිටිති.

මේ හේතුවෙන් 2010 සහ 2020 අතර කාලය තුළ මෙම නැගෙනහිර ආසියානු රටවල් පහේ පමණක් බෞද්ධ ජනගහනය මිලියන 32 කින් (22% කින්) පහත වැටී තිබේ. කෙසේ වෙතත්, තායිලන්තය වැනි අග්නිදිග ආසියානු රටවල බෞද්ධ පවුල්වල හැදී වැඩුණු බොහෝ දෙනා තවමත් බුදුදහම අනුගමනය කරන බවද වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

(මූලාශ්‍රය: Pew Research Center” ——Why is Buddhism shrinking worldwide” March 11 2026&)

(සටහන – චමිඳු නිසල් ද සිල්වා)
Lankalokaya.lk

  • බිස්මාර්ක් ගිල්වා දැමීම,
  • දෙවැනි ලෝක යුද්ධයේ
  • අතිශය තීරණාත්මක මුහුදු සටනක්!
  • දෙවනි ලෝක යුද්ධයේ මුල් කාලේ බි්‍රතාන්‍යය හිටියේ ගොඩක් අසරණ වෙලා. ජර්මන් ගුවන් ප්‍රහාර වලින් බි්‍රතාන්‍ය නගර විනාශ වෙලා තිබුණේ. ජනතාවට කෑම බීම වලින් 50% ක්ම සහ ඉන්ධන 100% ක්ම ආවේ ඇමරිකාවෙන් එන නැව් වලින්.
  • ඒ අතරේ දැනටම ජර්මන් U-boats කියන සබ්මැරීන් මාසෙකට බඩු ගේන නැව් 30-50 ත් අතර ගාණක් ගිල්වන ගමනුයි හිටියේ. ඒ එක්කම ජර්මනිය හදපු Bismarck වගේ යෝධ යුධ නැවකට පුළුවන් මේ මුළු සැපයුම් ජාලයම කපලා දාලා බි්‍රතාන්‍යය සම්පූර්ණයෙන්ම වට්ටන්න.
  • ඒ හින්දම පළිගන්න හිතාගෙන බි්‍රතාන්‍ය යුධ නැව් 16ක් මේ තනි ජර්මන් යෝධයාව පන්නගෙන ආවා. මේක නිකන්ම නිකන් හඹා යාමක් නෙවෙයි, මේක දෙවනි ලෝක යුද්ධයේම අතිශය තීරණාත්මක සටනක්!
  • 1936 දී හදන්න පටන් ගත්ත Bismarck කියන්නේ ඒ කාලේ තිබුණු ජර්මන් තාක්ෂණයේ උපරිමයක්. මේකේ පිටත ආරක්ෂිත ආවරණය හැදුවේ ‘Krupp cemented කියන විශේෂිත මූණත-දැඩි කරපු වානේ වලින්.
  • මේකේ තිබුණු අඟල් 15 ප්‍රධාන අවි පද්ධතියට Siemens fire-control computers සවි කරලා තිබුණා. ඒ නිසා කිලෝමීටර් 36ක් දුරට, විනාඩියකට එක උණ්ඩයක් ගානේ අතිශය නිවැරදිව වෙඩි තියන්න ඔවුන්ට පුළුවන් වුණා. ඒ වගේම චුම්භක බෝම්බ සහ ටෝපිඩෝ වලින් බේරෙන්න Meskoz self-protection කියන පටි සහ කිලෝමීටර් 100ක් ඈතින් එන නැව් පවා කල්තියා හඳුනාගන්න පුළුවන් අතිසංවේදී Hydrophones තාක්ෂණය මේ යෝධ යුධ නැවේ තිබුණා.
  • 1941 අවුරුද්දේ මැයි 24 උදේ 5:52 ට Denmark Strait වලදී මේ ජර්මානු බිස්මාක් සහ බි්‍රතාන්‍යයේ HMS Hood කියන දැවැන්ත නැව් දෙක මුහුණට මුහුණ හමුවෙනවා. ඒ කාලේ බි්‍රතාන්‍යයේ අභිමානය විදියට සළකපු, අද්මිරාල් ලැන්සලොට් හොලන්ඩ්ගේ නායකත්වයෙන් ආපු මේ HMS Hood සහ Prince of Wales
  • කියන නැව් Bismarck එක්ක සටනට සූදානම් වුනා.
  • Bismarck ගේ පළවෙනි ප්‍රහාර කිහිපය Hood නැව වටේට වැටෙද්දී, එක පාරටම ලක්ෂයකට එකක් විදිහට වදින දරුණු කිලෝග්‍රෑම් 800 ක ෂෙල් වෙඩි ප්‍රහාරයක් Hood නැවේ ආවරණය තුනී තැනකින් පසාරු කරගෙන ගිහින් ඇතුළේ තිබුණ ටොන් 112ක වෙඩි බෙහෙත් ගබඩාවට වැදුණා.
  • මේ නිසා මහා ගිනිදැල්ලක් එක්ක මුළු නැවම පුපුරලා දෙකට කැඩිලා ගිලු‍ණා. නැවේ හිටපු 1,418 දෙනෙක්ගෙන් බේරුණේ 3 දෙනෙක් විතරයි! මේ දරුණු පරාජය අහපු වින්ස්ටන් චර්චිල් කේන්තියෙන් බි්‍රතාන්‍ය හමුදාවට දුන්නේ එකම එක නියෝගයයි: ඒ තමයි “‍Sink the Bismarck.
  • මේ සටනේදී Bismarck ටත් දරුණු ප්‍රහාර කිහිපයක් වැදිලා තෙල් කාන්දු වෙන්න ගත්තා. ඒ නිසා ඔවුන් බි්‍රතාන්‍ය රේඩාර් වලින් මිදිලා ජර්මන් පාලනය යටතේ තිබුණු ප්‍රංශයට පැනගන්නයි හැදුවේ. ඔවුන්ට ගැලවෙන්න ලොකු අවස්ථාවක් තිබුණා. හැබැයි ජර්මන් අද්මිරාල් ගුන්තර් ලු‍ට්ජෙන්ස් අතින් ලොකු වැරැද්දක් වුණා.
  • අලු‍ත් රේඩාර් තාක්ෂණය ගැන නොදැනුවත්කම හින්දා, බි්‍රතාන්‍යයන්ට තමන්ව මගහැරිලා කියලා නොදැන, ඔහු විනාඩි 30ක් පුරාවට ජර්මන් මූලස්ථානයට රේඩියෝ පණිවිඩයක් යැව්වා. මේක අල්ලාගත්තු බි්‍රතාන්‍ය බුද්ධි අංශ, නැව තියෙන තැන හරියටම හොයාගත්තා. හැබැයි පොඩි සිතියම් ප්‍රශ්නයක් නිසා මුලින් බි්‍රතාන්‍ය නැව් ටිකත් වැරදි පැත්තට හැරුණට, පසුව තමන්ගේ අත්වැරැද්ද හදාගෙන ඔවුන් හරි මාර්ගය හොයාගත්තා.
  • මේ දැවැන්ත නැව නවත්වන්න බි්‍රතාන්‍යයන්ට තිබුණ එකම විකල්පය වුණේ Victorious කියන ගුවන් යානා ගෙන යන නැවෙන් ගුවන් ප්‍රහාරයක් එල්ල කරන එක. ඒකට පාවිච්චි කළේ Swordfish කියන පරණ මාදිලියේ තටු දෙකේ ගුවන් යානා 15ක්. රෙදි වලින් ආවරණය කරපු මේ ගුවන් යානා නිකන් Bismarck
  • යුධ නැව ඉස්සරහා කෞතුකාගාර භාණ්ඩ වගේ.
  • මේ ගුවන් නියමුවෝ අධික සීතල සහ කුණාටු මැදින් ගිහින් Bismarckට ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල කළා. ජර්මන් නැවත් තමන්ගේ ප්‍රධාන අවි වලින් මුහුදට වෙඩි තියලා වතුර රැළි හදලා බේරෙන්න හැදුවා. හැබැයි අර පරණ ගුවන් යානා වල වේගය අඩු නිසා ජර්මන් කාලතුවක්කු වලට ඒවා හරියට ඉලක්ක කරගන්න බැරි වුණා.
  • මේ අතරේ ඒ ගුවන්යානා වලින් දාපු එකම එක ටෝපිඩෝවක් නැවේ පිටිපස්සට වැදිලා කිලෝග්‍රෑම් 200ක TNT ප්‍රමාණයක් පුපුරලා ගිහින් නැවේ සුක්කානම අංශක 12කට වම් පැත්තට හැරිලා හිර වුණා. දැන් Bismarck ට කෙලින් යන්න බැහැ, මුහුද මැද එකම තැන රවුමට කැරකෙනවා විතරයි!
  • එදා රෑ, අඳුර මැදින් ආපු පෝලන්තයේ පොඩි Destroyer නැවක් වුණ Piorun කියන නැව මේ ජර්මන් යෝධයට අභියෝග කළා. මේ නැවේ ප්‍රමාණය Bismarck නැවේ ප්‍රමාණයෙන් හයෙන් පංගුවක් විතරයි. හැබැයි පෝලන්ත ජාතිකයෝ ජර්මනියට කොච්චර වෛර කළාද කිව්වොත්, ඔවුන් මම පෝලන්ත ජාතිකයෙක් කියලා පණිවිඩයක් යුධ නැවට යවලා එක දිගට නැවට ප්‍රහාර එල්ල කළා.
  • මේකෙන් ලොකු භෞතික හානියක් නොවුණත්, එක දිගට ආපු ප්‍රහාර නිසා ජර්මන් සෙබළුන්ගේ මානසිකත්වය සම්පූර්ණයෙන්ම කඩාවැටුණා. අද්මිරාල් ලු‍ට්ජෙන්ස් ජර්මනියට පණිවිඩයක් යැව්වා. “අපිට නැව හරවන්න බෑ. අපි අවසාන උණ්ඩය වෙනකම් සටන් කරනවා”‍ කියලා.
  • උදේ 8:47 ට බි්‍රතාන්‍යයේ Rodney සහ King George V කියන ප්‍රබල යුධ නැව් මේ සටන පටන් ගත්තා. මුල් ප්‍රහාරයකින්ම Bismarck යුධ නැවේ ප්‍රධාන පාලන මැදිරිය විනාශ වෙලා නායකයෝ ඔක්කොම මියගියා.
  • අන්තිමේට බි්‍රතාන්‍ය නැව් උණ්ඩ 2,800ක් විතර මේ තනි නැවට ගැහුවා. එතනින් 400ක් විතර හරියටම වැදුණා. නැවේ උඩ කොටස සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිහින් එකම යකඩ ගොඩක් බවට පත්වුණා. සමහරු බයටම මුහුදට පැන්නා. හැබැයි නැවේ ආරක්ෂිත ප්‍රධාන කොටස කොච්චර ශක්තිමත්ද කිව්වොත් බි්‍රතාන්‍යයන්ට එච්චර ගහලත් ඒ දැවැන්ත යකඩ කඳ ගිල්වන්න ලේසි වුණේ නෑ.
  • උදේ 9:31 වෙද්දී ජර්මානු යුධ නැවේ ඔක්කොම අවි පද්ධති විනාශ වෙලා තිබුණේ. අන්තිමට නැව සතුරන්ගේ අතට පත්වෙනවට අකමැති වුණ ජර්මන් ඉංජිනේරුවෝ ඇතුළෙන් බෝම්බ පුපුරුවාගෙන නැව ගිල්වලා දැම්මා. නැව වම් පැත්තට අංශක 20ක් ඇලවෙලා මුහුදු පතුලට ගියා.
  • බි්‍රතාන්‍යයේ Dorsetshire නැව ඇවිත් බේරුණ අයට උදව් කළත්, ජර්මන් U-boat එකක් එනවා කියලා බයක් ආපු හින්දා යුධ නැවේ හිටපු 2,200න් ඔවුන්ට බේරගන්න පුළුවන් වුණේ 115ක් විතරයි.
  • හැබැයි මේ විනාශය මැද ලී කෑල්ලක් උඩ පාවෙවී හිටපු ”‍Oscar”‍ කියන කළු සුදු පූසාව බි්‍රතාන්‍යයන් බේරගත්තා. පස්සේ බි්‍රතාන්‍ය නාවිකයින් “‍‍Sam”‍ කියලා නම දාපු මේ පූසා තවත් බි්‍රතාන්‍ය නැව් දෙකක් (Cossack සහ Ark Royal) ගිලෙද්දී ඒවයිනුත් පුදුම විදිහට බේරුණා! ඊටපස්සේ මේ පූසා ඉතිහාසයේ ” Unsinkable Sam” (ගිල්වන්න බැරි සෑම්) විදිහට ප්‍රසිද්ධ වුණා.
  • Bismarck ගේ අවසානයත් එක්කම ලෝක නාවික ඉතිහාසයේ Battleship යුගය අවසන් වුණා කියලා ඔප්පු වුණා. ජපානයත් මේක තේරුම් ගත්තා. එදා පටන් මුහුදේ දැවැන්ත රජවරු වුණේ ගුවන් යානා ගෙන යන නැව්.
  • මේ සටනින් පස්සේ බි්‍රතාන්‍ය අද්මිරාල් ජෝන් ටෝවි ජර්මන් සෙබළුන්ගේ අතිශය ධෛර්යවන්ත සටනට තමන්ගේ ගෞරවය පුද කළා. මේ සටන් දෙකෙන් (Hood සහ Bismarck) ජීවිත 3,500ක් විතර අහිමි වුණා. යුද්ධය කියන්නේ මහා ඛේදවාචකයක් වුණත්, සටන් කළේ තමන්ගේ වගකීම වෙනුවෙන් නිසා මේ පරණ නාවිකයින් අතර අන්‍යෝන්‍ය ගෞරවයක් අන්තිම මොහොත වෙනකම්ම තිබුණා.
  • මේ අපූරු ඓතිහාසික කතාව ගැන ඔයාට හිතෙන්නේ මොකක්ද? ජර්මනිය මේ නැව වෙනුවට තව සබ්මැරීන් හැදුවා නම් යුද්ධය වෙනස් වෙන්න තිබුණාද?
  • From the Facebook page of
  • Sulochana Dissanayake
  • Sources: (WW2 Archives) 
  • See less
  • Comments
  • No comments yet

  • Sri Lanka thump England
  • by 52 runs Women’s Under19
  • Tri-Series 50-over match
  • 8 April 2026 – Daily FT
  • England Women suffered their second straight defeat when Sri Lanka thumped them by 52 runs in the Women’s Under19 Tri-Series 50-over match played at Ian Healy Oval, Brisbane on 7th April 2026.
  • England lost to Australia in their first match played at the same venue on Monday by six wickets and yesterday they failed to chase down Sri Lanka’s total of 170 being bowled out for 118. It was Sri Lanka’s opening match of the Tri-Series which features 50-over and T20 matches against Australia and England.
  • England bowlers were guilty of giving away 29 extras which included 20 wides which helped build up Sri Lanka’s total. Limansa Thilakarathna, daughter of former Sri Lanka captain Tillakaratne Dilshan top scored for her team with a refined knock of 51 off 85 balls (2 fours, 1 six). With Shashini Gimhani who made 39 off 50 balls, Limansa put together a stand of 56 off 74 balls for the fifth wicket.
  • England never got going against the left and right-arm spin combination of skipper Chamodi Praboda (3/13) and Aseni Thalagune (3/11) and failed to come up with any partnership of substance.
  • Sri Lanka play host Australia at the same venue today (8th April).
  • Scores: Sri Lanka Women (U19) 170 (42.4) (Limansa Thilakarathna 51, Shashini Gimhani 39, Extras 29, Trudy Johnson 4/9, Maria Andrews 2/23, Bea Willis 2/40)
  • England Women (U19) 118 (42.1) (Bryony Gillgrass 35, Bea Willis 20*, Chamodi Praboda 3/13, Aseni Thalagune 3/11) 
  • See less
  • Comments
  • No comments yet

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here