Lanka News UK -October 2025 Online issue දෙවසරක් පුරා පැවැති ලොව සසළ කළ ගාසා – ඊශ්‍රායල යුද්ධය නිම කරමින් සිදුකළ සාම සම්මුතිය කඩවන ලකුණු ?

0
14

දෙවසරක් පුරා පැවැති ලොව සසළ කළ ගාසා – ඊශ්‍රායල යුද්ධය නිම කරමින් සිදුකළ සාම සම්මුතිය කඩවන ලකුණු ?
දෙවසරක් පුරා පැවැති ලොව සසළ කළ ගාසා -ඊශ්‍රායල යුද්ධය නිමා කරමින් ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ මැදපෙරදිගහා යුරෝපීය නායකයන් විසින් ඔක්තෝබර් 13දා ඊජිප්තුවේදී අත්සන් කරන්නට යෙදුණි. මුළු ලොවක් කලක් තිස්සේ බලා සිටි අති අමානුෂික යුද්ධය අවසන් කර සාමය පිළිබඳ සිදු කළ සාම සම්මුතිය කඩවන ලකුණු මේ වනවිට පහල වී ඇතැයි විදෙස් පුවත් අනාවරණය කරයි.

2025 සැප්තැම්බර් 29 වන දින, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී, පවතින ගාසා යුද්ධය සහ පුළුල් මැද පෙරදිග අර්බුදය විසඳීම සඳහා නව සැලැස්මක් ප්‍රකාශයට පත් කළේය. ට්‍රම්ප්ගේ කරුණු 20 සැලැස්ම ලෙස හඳුන්වනු ලබන මෙම සැලැස්ම ලොව පුරා අරාබි සහ මුස්ලිම් රටවල බොහෝ දෙනෙකුගේ උපදේශනය සමඟ සාකච්ඡා කරනු ලැබුවේය. ඒ අනුව නව සටන් විරාමයක් සහ පළමු අදියරේදී සියලු‍ම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ඇතුළත් වී තිබුණි. එය ට්‍රම්ප්ගේ 2025 පෙබරවාරි ගාසා තීරයේ යෝජනාවට වඩා වෙනස්වූ අතර ඒ සියල්ලටම හමාස් එකඟ වී නොමැති විය. කෙසේ නමුදු ට්‍රම්ප් ජනාධිපතිවරයා පලස්තීනය හා හමාස් වෙත 2025 ඔක්තෝබර් 5 වන දින වන විට යෝජනාව පිළිගැනීමට අවසාන දිනයක් ලබා දුන්නේය.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා යුද්ධය අවසන් කිරීමේ ඔහුගේ සැලැස්ම ප්‍රචාරය කිරීමෙන් පසු ඔක්තෝබර් 13දා ඔහු මැදපෙරදිග බලා සාම ගිවිසුම අත්සන් කිරීම පිණිස පැමිණියේය. බි්‍රතාන්‍ය, ප්‍රංශ, ස්වීඩන් ඉතාලි, ජර්මන් යනාදී යුරෝපීය රටවල හා සවුදි අරාබිය, ජෝදානය, ඊජිප්තුව, කටාර් යන මැදපෙරදිග රටවල නායකයන් ඇතුළු රැසක් මෙම සාම ගිවිසුමට අත්සන් තබා තිබුණි, ට්‍රම්ප් ජනාධිපතිවරයා සාම ගිවිසුම අත්සන් කිරීමට පෙර ඊශ්‍රායලයේ පාර්ලිමේන්තුවට ගොස් එම සභාව ඇමතීමට සහභාගිවිය, ඔහු උණුසුම් අයුරින් පිළිගත් එහි නායකයන් ඔහුට එරටින් පිදෙනු ලබන ඉහලම සම්මානයක්ද ඔහුට පිරිනමනු ලැබුවේය.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා යුද්ධය අවසන් කිරීමේ ඔහුගේ සැලැස්ම අනුව හමාස් සංවිධානය ඔවුන් විසින් රදවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු රතු කුරුස හමුදාවට භාර දෙනු ලැබුවේය. එයට සමගාමිව ඊශ්‍රායලය විසින් එහි සිරගතකර සිටි හමාස් හා සෙසු සිරකරුවන් 1900 ගසා වෙත භාරදීමද සිදු කරණු ලැබුවේය. මේ මොහොත සජීව ලෝපුරා රුපවාහිනී මගින් ප්‍රචාරය කරුණු ලැබු අතර එය ඉතා සංවේගජනක සංසිද්ධියක් බව සඳහන් කළ යුතුය. මේ ගිවිසුම ප්‍රකාරව කලයුතු කොන්දේසි දෙපක්ෂය විසින්ම කඩ කිරීමෙන් පසු දිනයේදී ඇති වූ සිද්ධින් නිසා පැහැදිලි පසුබෑම් ගණනාවකට උද්ගතවී තිබුණි. හමාස් විසින් අඟහරුවාදා මියගිය ප්‍රාණ ඇපකරුවන්ගේ මළ සිරුරු වලින් 4 පමණක් ඊශ්‍රායලයට භාර දෙන ලදී. ඉතිරිය හඳුනාගත නොහැකි බව ඊශ්‍රායලය සඳහන් කර තිබු බව එකී පුවත් වල සඳහන් කරතිබුනේය.

පසුගිය සතියේ ඇති කරගත් සටන් විරාම ගිවිසුම යටතේ ඉතිරි කොටස් මාරු කිරීමට හමාස් සංවිධානය කළ ගිවිසුම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය දඬුවම් කිරීමේ පියවරක් ලෙස ගාසා තීරයට අවසර දී ඇති මානුෂීය ආධාර ට්‍රක් රථ සංඛ්‍යාව අඩකින් අඩු කරන බව ඊශ්‍රායලය නිවේදනය කිරීමෙන් පසු මළ සිරුරු ආපසු ලබා දෙන ලදී. හමාස් සංවිධානය විසින් මේ යුද ගැටුමේදී ඊශ්‍රායලයට ඔත්තු සැපයු බව කියන ඔත්තුකරුවන් පිරිසක් මහ මගදී වෙඩිතබා ජනතාව ඉදිරියේදී මරාදමන වීඩියෝවක් ලොවපුරා සංසරණය විය. මෙයට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායල හමුදාව ද 4 දෙනෙකු වෙඩිතබා ඝාතනය කර ඇතැයි ද සඳහන්වේ. මළසිරුරු භාර දෙනු නොලැබුවහොත් ඊශ්‍රායලය ආධාර කපා හැරීමට තර්ජනය කිරීමෙන් පසු හමාස් ප්‍රාණ ඇපකරුවන්ගේ යයි කියන මල සිරුරු භාරදුන් බව සඳහන් පුවතක් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුනේය.

නෙතන්යාහු, ට්‍රම්ප් හැඳින්වූයේ ධවල මන්දිරයේ ඊශ්‍රායලයට මෙතෙක් සිටි ‘ශ්‍රේෂ්ඨතම මිතුරා‘ ඩොනල්ඩ් ට්‍රම්ප් ලෙසය, මෙ ගිවිසුම අනුව ඔහු ඔහුගේ දේශපාලන ජීවිතයේදී යුද්ධ 8 සමතයකට පත්කර ඇති බවත් තමා ඒ සියල්ලටම වඩා මෙම ගාසා-ඊශ්‍රයෙල යුද්ධය සලකන බව ද සඳහන් කර තිබුණි.

කෙසේ වෙතත් දශක ගණනාවක් පුරා දිවයන මේ අරගලය නිමාවක් තවමත් පේනතෙක් මානයේ දකින්නට නැත.

ඉරාන-ඊශ්‍රායල් යුද්ධය 2023 -2025

ගාසා යුද්ධය යනු ගාසා තීරයේ සහ ඊශ්‍රායලයේ සන්නද්ධ ගැටුමක් වන අතර එය 20 වන සියවස දක්වා දිවෙන නොවිසඳුණු ගැටුමකි. ඊශ්‍රායල-පලස්තීන සහ ගාසා-ඊශ්‍රායල් ගැටුම්වල කොටසක් ලෙස කාලයක් මුළුල්ලේ සටන් කළේය. 2023 ඔක්තෝබර් 7 වන දින හමාස් සහ අනෙකුත් පලස්තීන සටන්කාමී කණ්ඩායම් ඊශ්‍රායලයේ සංගීත සංදර්ශනයක් නරඹමින් සිටි රසික පිරිසකට හදිසි ප්‍රහාරයක් දියත් කළ අතර එහිදී සිවිල් වැසියන් 815 දෙනෙකු ඇතුළුව ඊශ්‍රායල ජාතිකයින් සහ විදේශීය ජාතිකයින් 1,195 දෙනෙකු මිය ගියහ. පලස්තීන සිරකරුවන් නිදහස් කිරීමට ඊශ්‍රායලයට බල කිරීමේ ප්‍රකාශිත ඉලක්කය සමඟ 251 දෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන තිබුණි එය දියත්කර තිබුනේ හමාස් සංවිධානයවේ. ඉන්පසු ඇති වූ ඊශ්‍රායල ප්‍රහාරය ආරම්භ වූ දා සිට, ගාසා තීරයේ පලස්තීනුවන් 67,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර, ඔවුන්ගෙන් අඩක් පමණ කාන්තාවන් සහ ළමයින් වේ. 170,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. ද ලැන්සෙට් සඟරාවේ කරන ලද අධ්‍යයනයකින් ඇස්තමේන්තු කර ඇත්තේ 2024 ජුනි මාසය වන විට කම්පන සහගත තුවාල හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව අඩු වී ඇති බවයි, නමුත් “‍වක්‍ර”‍ මරණ ඇතුළත් කළ විට ඊටත් වඩා විශාල මරණ සංඛ්‍යාවක් සිදුවිය හැකි බව සඳහන් කරයි.

හමාස් විනාශ කිරීම සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ප්‍රකාශිත අරමුණු සහිතව ඔක්තෝබර් 27 වන දින ගාසා ආක්‍රමණය කළේය. 2023 නොවැම්බර් මාසයේ තාවකාලික සටන් විරාමයක් බිඳ වැටුණු අතර, 2025 ජනවාරි මාසයේ දෙවන සටන් විරාමය මාර්තු මාසයේදී ඊශ්‍රායලයේ හදිසි ප්‍රහාරයකින් අවසන් විය. ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එක්සත් ජනපද සහාය ලත් සාම සැලැස්මේ පළමු අදියර සඳහා එකඟ වීමෙන් පසු ඔක්තෝබර් 10 වන දින තුන්වන සටන් විරාමය ක්‍රියාත්මක විය See less
Comments 

See less

Comment

  • ඈත අතීතයේ අප දිවයින පිලිබඳ තොරතුරු
  • ලොවට හෙළිකළ විදේශිකයෝ – Part 28 – 28 වන කොටස
  • සර් සැමුවෙල් වයිට් බේකර්
  • Samuel White Baker – 1821-1893
  • මෙම ලිපියෙහි පළමු කොටස පසුගිය කලාපයෙහි පළ විය.
  • සැමුවෙල් බේකර් විසින් ලාංකිකයනට ප්‍රථමවරට ගොවිපළ සංකල්පය හඳුන්වා දුන් අයෙකු ලෙස හැඳින්විය හැක. බටහිර රටවල ඔහු කළ සංචාර අනුව ඔහු මෙරටට ඒමට පෙර ඒ පිළිබඳ අධ්‍යනයක යෙදී සැළසුම් කර තිබුණි. ඔහු ආරම්භ කිරීමට නියමිතව සිටි ගොවිපලට අවශ්‍ය බඩු බාහිරාදිය මෙන්ම එයට අවශ්‍ය ගව බැටළු, දෙමුහුන් ගවයන් මෙන්ම බිජ වර්ගද කල් තබාම නැව් ගත කර තිබු බව සඳහන් වේ. විශේෂයෙන් ඔහු එවකට සතුන් දඩයම් කිරීම හුදු විනෝදාංශයක් ලෙස සිදු කළ තැනැත්තෙකු නිසා දඩයමට අවශ්‍ය වූ ආම්පන්න මෙන්ම දඩයම් බල්ලන්ද ගෙන ඒමට කටයුතු කර තිබු බව ඔහු ගේ කෘතීන්හි සඳහන් කොට ඇත. එකල ලංකාව වනසතුන්ගේ පාරාදීසයක් බවට යුරෝපය පුරා පැතිර ගොස් තිබුනේ ඒ සම්බන්දව පොත් රැසක් ද ඒ වනවිට ප්‍රකාශයට පත්වී තිබු හෙයිනි..
  • ඔහු සිය ඉඩම් කොටස තෝරා ගත්තේද සිය අරමුණට ගැළපෙන දේශගුණයක් එහි පැවති හෙයින් වූ අතර විශේෂ යෙන් දඩයම් කිරිම පිනිස සුදුසු පරිසරයකට ඉතා ඉක්මනින් ළඟාවීමට තිබු ඉඩකඩද සැළකිල්ලට යෙමුකරවමිණි. නුවරඑළියේ ආසන්නයේ පිහිටි හෝර්ටන් තැන්න එකල ඒ පිළිබඳව මහත් ප්‍රසිද්ධියට පත්ව තිබු පෙදෙසක් විය. හෝර්ටන් තැන්න හෙවත් මහ එලිය (ගෝණ තැන්න) ගැන ලියවී ඇති විස්තර විශාල ප්‍රමණයක් ඒ වනවිට සමුවෙල්ට කලින් පැමිණි සිය මිතුරන් දැනුම්දී තිබු අතර එහි අලින්, ගෝණුන්, මුව යනාදීන් විවධ සතුන් ගෙන් පිරි දඩබිමක් ලෙස ප්‍රචලිතව තිබු බව ඔහු දැනුවත් කට තිබුණි. මෙම රමණිය භුමිය මුහුදු මට්ටමේ සිට මීටර් 2000කට ඉහලින් පිහිටි මහ එළිය හෙක්ටාර 3169ක වපරිසයෙන් යුතු සතුන් ගහන ස්වභාවික සුන්දරත්වයෙන් අණූන පාරාදීසයක් විය. මහ එළිය යටත් විජිත සමයේ “‍එල්ක් ප්ලේන්ස් -Elk Plains”‍ හෙවත් ගෝනුන් බහුල තැන්න ලෙසද හැඳුන්වුයේය. මෙහි දකින්නට ලැබෙන සැම්බර් නැමති ගෝනුන් විශේෂය (ීSri Lankan Sambar Deer – Rusa unicolor unicolor) නිසා එකල සිටි සුදු ජාතිකයන් මේ පෙදෙසට දැක ගැනීමට මෙන්ම දඩයම පිනිස එහි පැමිණි බවත් තමා මිතුරන් හා දඩයමෙහි සිතැඟි පරිදි යෙදුනු බව ඔහු විසින් සඳහන් කොට ඇත.
  • පැරණි ලාංකිකයින්ට මහ එළියත්, යටත් විජිත සමයේ බි්‍රතාන්‍ය දඩයක්කරුවන්ට ගෝන තැන්නත් වූ මේ අපූර්ව භූමිය හෝර්ටන් තැන්න වූයේ, 1831 සිට 1837 දක්වා ආණ්ඩුකාරයා වූ විල්මොට් හෝර්ටන්ට ගෞරවයක් ලෙස බව සඳහන්වේ. බොහෝදෙනා නොදන්නා කාරණයක් වන්නේ, ආණ්ඩුකාරයා ලෙස රාජකාරිකල සමයේ විල්මොට් හෝර්ටන් සබරගමුවේ රටේ මහත්තයා හමුවෙන්නට 1836දී මහ එළිතැන්නට පැමිණි බවයි. ඊට පස්සේ කිහිප වතාවක්ම මහ එළියේ සංචාරය කොට, එහි සුන්දරත්වය හා ජලපෝෂක ප්‍රදේශයක් ලෙස ඇති වැදගතකම නිසායෙන් එය ආරක්ශාකිරීමට විවිධ පියවරයන් ගත් බව ඉතිහාස මූලාශ්‍රවල සඳහන්වේ. 1969 දෙසැම්බර් 5 වැනිදා රක්ශිත ප්‍රදේශයක් ලෙස ප්‍රකාශ කෙරුනු ගෝනතැන්න හෙවත් මහඑළිය හෙවත් හෝර්ටන්තැන්න 1988 මාර්තු ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කර තිබේ.
  • ගෝන හා ඇත් දඩබිම මහඑලිය හෙවත් ගෝන තැන්න බි්‍රතාන්‍ය වැවිලි කරුවන් අතර ජනප්‍රිය දඩබිමක් වූවා. විශාල ගෝනුන් මෙන්ම දැන් වඳවී ඇති අලි ඇතුන් රංචුපිටින් මෙහි දකින්නට ලැබුණු අතර උඩරට ධනවත් වතු හිමියන් මෙහි දඩයම් පිණිස පැමිණි බව සඳහන්වේ.
  • දක්ෂ දඩයක්කරුවෙකු වූ බේකර් ඔහු ලියූ ”‍The Rifle and the Hound in Ceylon (1853)”‍ හා Eight years wanderings in Ceylon (1855)”‍ නම් පොත්වල මහඑලියේ ගෝනුන් දඩයම්කල හැටි විස්තර කර ඇත. මහඑලියේ ඇති බේකර් ඇල්ල, සැමුවෙල් බේකර් සිහිවීමට නම්කර තිබු අතර. ඔහුගේ අසුරුවකු මේම ස්ථනයෙදි වේගය පාලනය කර ගැනිමට නොහැකිව මේම ස්ථානයෙ කන්දෙන් පහළට ඇද වැටි මිය ගොස් ඇත. එකල සිටි ආණ්ඩුකාරවරයා විසින් සැමුවෙල් බේකර්ගේ අසුරුවා සිහිකිරීම පිණිස මුහුදු මට්ටමේන් අඩි 5000ක් ඉහලින් නන්පේරියල් වතුයාය අසළ තිබෙන ඇති අශ්වලාඩමක හැඩය ගන්න මෙම ස්ථානය නොහොත් 23 වන වංගුව බේකර් වංගුව නැතිනම් බේකර් බෙන්ඩ් ලෙසින් නම් කර තිබේ.
  • 1856 දී ලංකාවෙන් පිටව ගිය සැමුවෙල් බේකර් අප්‍රිකාවේ ගවේෂණ චාරිකාවල යෙදෙමින් එකල අභිරහසක්ව පැවති නයිල් ගඟ ආරම්භවන ජල මූලාශ්‍රය 1862 දී සොයා ගෙන තිබුණි. අප්‍රිකාවේ සිදුකල අති දුෂ්කර දේශ චාරිකාව හා එහිදී සිදුකල වැදගත් සොයාගැනීම් නිසා 1866දී සැමුවෙල් බේකර්ට නයිට් පදවිය හිමිවූ අතර ඉන්පසු සර් සැමුවෙල් බේකර් ලෙස හැඳින්වෙන්නට වුනා. අප්‍රිකාවේ සිදුකල ගවේෂණයන් සිහිවීමට උගන්ඩාවේ කඳුවැටියක් ”‍මවුන්ට් බේකර්”‍ ලෙස නම්කොට තිබේ.
  • ඔහුගේ බිරිඳ හෙන්රියාටා 1855 දී ටයිපොයිඩ් උණ රෝගයෙන් මිය ගිය අතර, සැමුවෙල් වයස අවුරුදු තිස් හතරේදී වැන්දඹුවක් බවට පත් විය. ඔහුගේ පුතුන් දෙදෙනා සහ එක් දියණියක් (ජේන්) ද කුඩා කල මිය ගියේය. බේකර් තම දිවි ගලවා ගත් දියණියන් සිව්දෙනා ඔහුගේ අවිවාහක සහෝදරිය වන මේරි “‍මින්”‍ ගේ රැකවරණය යටතේ තැබුවේය.
  • සර් සැමුවෙල් බි්‍රතාන්‍ය යටත් විජිතසමයේ ලොවපුරා විවිධ සේවාවන්හි නිරතවූ අයෙකු විය. ඔහුගේ යුරෝපිය සේවාවේ වැදගත් සිය ඉංජිනේරු දැනුමෙන් සිදු කළ මෙහෙයන් රැසක් ඔහු විසින් සනිටුහන් කර ඇත. 1856 දී කොන්ස්ටන්ටිනෝපල් සහ ක්‍රිමියාවට ගිය ගමනකින් පසු, ඔහු රුමේනියාවේ කොන්ස්ටන්ටානා වෙත ගොස් ඩැනියුබ් කළු මුහුද සමඟ සම්බන්ධ කරමින් ඩොබ්රුජා හරහා දුම්රිය මාර්ගයක් සහ පාලම් ඉදිකිරීම සඳහා රාජකීය අධිකාරීවරයා ලෙස කටයුතු කළේය. එම ව්‍යාපෘතිය අවසන් වූ පසු ඔහු ගිනිකොනදිග යුරෝපයේ සහ කුඩා ආසියාවේ සංචාරයක මාස කිහිපයක් ගත කළේය. රුමේනියාවේ කොන්ස්ටන්ටානා හි රාජකීය අධිකාරී ලෙස පත් කරන අතරතුර, ඔහු ඩැනියුබ් සිට කළු මුහුද දක්වා ඩොබ්රුජා කලාපය හරහා දුම්රිය මාර්ග, පාලම් සහ අනෙකුත් ව්‍යුහයන් නිර්මාණය කර සැලසුම් කළේය.
  • ඔහු ඔටෝමාන් අධිරාජ්‍යයේ සහ ඊජිප්තුවේ පාෂා සහ මේජර් ජෙනරාල් යන පදවි ද හෙබවීය. ඔහු 1869 අප්‍රේල් සහ 1873 අගෝස්තු අතර සමක නයිල් ද්‍රෝණියේ (අද දකුණු සුඩානය සහ උතුරු උගන්ඩාව) ආණ්ඩුකාරවරයා ලෙස සේවය කළ අතර එය ඔහු සමක පළාත ලෙස ස්ථාපිත කළේය.
  • ඔහු බොහෝ විට සිහිපත් කරනු ලබන්නේ ඇල්බට් විල නැරඹීමට ගිය පළමු යුරෝපීයයා ලෙස, නයිල් ගඟේ සහ මධ්‍යම අප්‍රිකාවේ අභ්‍යන්තරයේ ගවේෂකයෙකු ලෙස සහ ඔහු ආසියාව, අප්‍රිකාව, යුරෝපය සහ උතුරු ඇමරිකාවේ විශාල දඩයම්කරුවෙකු ලෙස ඔහුගේ සූරාකෑම් සඳහා මහත් ප්‍රසිද්ධියක් ඉසිලු‍ අයෙකු විය. ඔහු ඉඩකඩ ලැබූ හැමවිටකම සටහන් තබා ගැනීමට පුරුදුව සිටියෙකු විය. බේකර් සැලකිය යුතු ප්‍රමාණයක් පොත් ලියා ලිපි ප්‍රකාශයට පත් කළේය. ඔහු, වේල්ස් කුමරු ලෙස ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රා රැජින සමඟ බේකර් බැලීමට ගිය VII වන එඩ්වඩ් රජුගේ මිතුරෙකු විය. අනෙකුත් මිත්‍රත්වයන් වූයේ ගවේෂකයන් වන හෙන්රි මෝර්ටන් ස්ටැන්ලි, රොඩ්රික් මර්චිසන්, ජෝන් එච්. ස්පේක් සහ ජේම්ස් ඒ. ග්‍රාන්ට් සමඟ ඊජිප්තුවේ පාලකයා වූ පාෂා ඉස්මයිල් ද මැග්නිෆිසන්ට්, මේජර් ජෙනරාල් චාල්ස් ජෝර්ජ් ගෝර්ඩන් සහ මහාරාජා දුලිප් සිං සමඟ ය.
  • බේකර් ස්කොට්ලන්තයේ ඔහුගේ වෙඩි තැබීමේ වතුයායේ ඇතෝල් ආදිපාදවරයා බැලීමට යමින් සිටියදී, ඔහු ඉන්දියාවේ මහාරාජා දුලිප් සිං සමඟ මිත්‍ර වූ අතර 1858-1859 දී දෙදෙනා ෆ්‍රැන්ක්ෆර්ට්, බර්ලින්, වියානා සහ බුඩාපෙස්ට් හරහා මධ්‍යම යුරෝපයේ සහ බෝල්කන් ප්‍රදේශයේ පුළුල් දඩයම් චාරිකාවකට හවුල් වී සිටි බව සඳහන්වේ. ඒ ගමනේ අවසාන කොටසේදී, බේකර් සහ මහාරාජා බුඩාපෙස්ට් හි ලී බෝට්ටුවක් කුලියට ගත් අතර, එය අවසානයේ ඩැනියුබ් හි එම ගමන අතහැර දමන ලදී. දෙදෙනා විඩින් වෙත දිගටම ගිය අතර, එහිදී මහාරාජා විනෝද වීමට ගිය අතර බේකර් විඩින්හි වහල් වෙළඳපොළට ගියේය. එහිදී, බේකර් විඩින්හි ඔටෝමන් පාෂා සඳහා නියම කර ඇති සුදු වහල් ගැහැණු ළමයෙකු සමඟ ආදරයෙන් බැඳී තිබුණි. එය නතර කරන ලෙස පාෂා විසින් ඔහුට අභියෝග කළ නමුත් දැරියගේ සහායකයින්ට අල්ලස් දී වහල් කමට විකිනීමට සිටි රූමත් තරුණිය බේරාගෙන තිබු බව කියවේ. ඔවුන් ඉන්පසු කරත්තයකින් පලා ගිය අතර අවසානයේ ඇය ඔහුගේ පෙම්වතිය සහ පසුව විවාහ ගිවිසගෙන බුකාරෙස්ට්හිදී බිරිඳ බවට පත්කර ගෙනතිබුණි . ඔහු ගමන් කළ සෑම තැනකම ඔහු සමග ගොස් තිබු බව සඳහන්වේ. සර් සැමුවෙල් නිසැකවම එංගලන්තයට ආපසු පැමිණි පසු තවත් උත්සවයක් පවත්වන බවට පොරොන්දු වි ඒ අනුව ඔවුන් 1865 දී පවුලේ විවාහ උළෙලක්ද පැවැත්වූ බව සඳහන්වේ. ඇය 1841 අගෝස්තු 6 වන දින ඔස්ට්‍රියා-හංගේරියාවේ නාගීනියෙඩ් හි (අද රුමේනියාව) උපත ලැබූ අතර ෆ්ලොරෙන්ස් බාබරා මාරියා ලෙස නම් කරන ලදී.
  • බේකර් සහ ඔහුගේ පෙම්වතිය බුකාරෙස්ට් වෙත පලා ගොස් රුමේනියාවේ රැඳී සිටි අතර, බේකර් එහි බි්‍රතාන්‍ය කොන්සල් තනතුර සඳහා ඉල්ලු‍ම් කළ නමුත් එය රජය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. කොන්ස්ටන්ටාහිදී, ඔහු ඩොබ්රුජා හරහා දුම්රිය මාර්ගයක් සහ පාලම් ඉදිකිරීම සඳහා රාජකීය අධිකාරී ලෙස කටයුතු කළ අතර, ඩැනියුබ් කළු මුහුද සමඟ සම්බන්ධ කළේය. එය අවසන් වූ පසු ඔහු ගිනිකොනදිග යුරෝපයේ සහ කුඩා ආසියාවේ සංචාරයක මාස කිහිපයක් ගත කළේය. නව කොන්සල්වරයා බේකර්ගේ සහකාරියට ෆ්ලෝරන්ස් බාබරා මාරියා ෆිනියන් යන නමින් බි්‍රතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කළේය, නමුත් ඇය උපතින් හෝ විවාහයෙන් බි්‍රතාන්‍ය ජාතිකයෙකු නොවීය. බේකර් විසින් ඇයව ආදරයෙන් ”‍ෆ්ලූයි”‍ ලෙස හැඳින්වූ අතර පසුව ලු‍ඕ භාෂාව කතා කරන අචෝලි ස්වදේශිකයන් විසින් දැන් උතුරු උගන්ඩාව ලෙස හඳුන්වන ප්‍රදේශයේ අන්යාඩ්වේ හෝ සf​ඳහි දියණිය ලෙස නම් කරන ලදී, ඔවුන් ඇගේ දිගු රන්වන් කොණ්ඩය අගය කළහ.
  • ෆ්ලෝරන්ස් නිවසේ රැඳී සිටීම ප්‍රතික්ෂේප කළ අතර, ඒ වෙනුවට ඇගේ සැමියා සමඟ ඔහුගේ ගමන් වලට සහභාගී වුවාය. ඇය ඉංග්‍රීසි, තුර්කි සහ අරාබි භාෂාව කතා කිරිමට හැකි අයෙකු වුවාය. ඔටුවන්, කොටළුවන් සහ අශ්වයන් පිට නැඟී ගිය අතර වනයේ සිටියදී පිස්තෝල රැගෙන ගමන් වලට සහභාගී වුවාය. සර් සැමුවෙල් සහ ලේඩි බේකර් වික්ටෝරියානු සමාජයේ වැඩි කොටසක් වසඟ කර ගැනීමට තරම් ආකර්ශනීය වුවද, වික්ටෝරියා රැජින ෆ්ලෝරන්ස් උසාවියේදී පිළිගැනීම ප්‍රතික්ෂේප කළේ බේකර් ”‍විවාහයට පෙර ඔහුගේ බිරිඳ සමඟ සමීපව සිටි”‍ බව ඇය විශ්වාස කළ බැවිණ. ලේඩි බේකර් හංගේරියානු මූලාශ්‍රවල සාස් (හෝ සාස්) ෆ්ලෝරා ලෙසත්, රුමේනියානු මූලාශ්‍රවල ෆ්ලොරිකා මරියා සාස් ලෙසත් හැඳින්වේ. ඇය 1916 දී ඩෙවොන් හි සැන්ඩ්ෆර්ඩ් ඕර්ලී හි ඇගේ සැමියා සමඟ බෙදාගත් වතුයායේ මිය ගියාය. ඇයට වයස අවුරුදු 74 ක් වූ අතර ඇගේ සැමියා සමඟ වසර 23 කට පෙර වෝර්සෙස්ටර් අසල ග්‍රිම්ලි හි බේකර් පවුලේ සුරක්ෂිතාගාරයේ තැන්පත් කරන ලදී, නමුත් ඇගේ නම කිසි විටෙකත් සටහන් කර නොමැත. මෙයට හේතු වන්නට ඇත්තේ ඇය වහලකු ලෙස සිටි අයෙකු වූ බැවින් විය හැක.
  • මෙම ලිපියෙහි අවසාන කොටස ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න
  • (සේයාරූ වල අයිතිය මුල් හිමි කරුවන් සතු බව කරුණාවෙන් සළකන්න) 
  • See less
  • Comments
  • No comments yet
  • Be the first to comment.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here