Lanka News UK December 2025 issue E paper is out now..!ලංකා නිවුස් යුකේ – දෙසැම්බර් – අන්තර් ජාල පුවත්පත

0
55

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ශ්‍රී ලංකාවට
දෙස් විදෙස් ආධාර දසතින් ගලා එයි

දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දෙස් විදෙස් ආධාර දසතින් ගලාඑයි.


දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ මුළු හානිය ඩොලර් බිලියන 6 සිට ඩොලර් බිලියන 7 දක්වා ඇස්තමේන්තු කර තිබේ. එය ජාතියේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 3-5% ක් වේ.

සුළි කුණාටුවෙන් සිදුවූ ගංවතුර සහ නායයෑම් නිසා ඇති වූ විනාශය වසර 21 කට පෙර ඇති වූ සුනාමියේ විනාශයට වඩා පුළුල් ය. 2004 දී දිවයිනට පැමිණි සුනාමිය වෙරළබඩ ප්‍රදේශවලට පමණක් බලපෑ අතර, දිට්වා විනාශය දිවයින පුරා විහද යෑම් නිසා සමස්ත දිස්ත්‍රික්ක 25 න් විනාශයට පත් නොවී තිබුණේ 3ක් පමණක් විය. ඒ ගාල්ල මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක විය.

සුළි කුණාටුව දිවයිනේ අවම වශයෙන් පුද්ගලයින් 639 දෙනෙකු දැනට මිය ගිය අතර අතුරුදහන් වූ ගණන (211) යයි ජාතික අපදා මධ්‍යස්ථානය විසින් සඳහන් කර තිබුණි. මෙමගින් මිලියන දෙකකට වැඩි පිරිසකට හෝ රටේ ජනගහනයෙන් 10 න් එකකට බලපෑම් කළ ඇතැයි ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතමින් ප්‍රකාශ ක සිටියේය. පසුගිය සතියේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළ අතර දිවයිනේ දිස්ත්‍රික්ක 25 න් 22 ක් ආපදා කලාප ලෙස නම් කළේය.

ශ්‍රී ලංකාවේ තේ සහ එළවළු කේන්ද්‍රස්ථානය වන මධ්‍යම ශ්‍රී ලංකාව වඩාත් දරුණුතම බලපෑමට ලක් වූ අතර, සඳුදා නිල දත්ත මගින් කඳුකර වතුකරයේ සිදු වූ දැවැන්ත විනාශයට අමතරව කලාපයේ අවම වශයෙන් මරණ 471 ක් යයි සඳහන් කරයි.
මෙම ව්‍යසනය ශ්‍රී ලංකාවට ඇති කළ ආර්ථික බලපෑම දරුණු වන අතර, මුළු හානිය ඩොලර් බිලියන 6 සිට ඩොලර් බිලියන 7 දක්වා ඇස්තමේන්තු කර තිබේ. එය ජාතියේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 3-5% ක් වේ. 2022 දී ඇති වූ ප්‍රධාන අර්බුදයකින් පසුව තවමත් අඛණ්ඩව පැවති රටේ බිf​ඳනසුලු‍ ආර්ථික ප්‍රකෘතිය මෙම ව්‍යසනයෙන් ප්‍රමාද කර තිබේ.

අපේ අසල්වැසි රාජ්‍යයන් වූ ඉන්දියාව පකිස්ථානය, බංගලාදේශය, නේපාලය මාලදිවයින මෙම ව්‍යසනය ඇරඹුණු අවස්ථාවේ අප හා එක්වුණු අතර මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, ජපානය, එක්සත් රාජධානිය, රුසියාව, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ස්විට්සර්ලන්තය, ඕස්ටේ‍රලියාව, කොරියාව ර්‍ණසිංගප්පුරුව, මියන්මාරය, යුරෝපා සංගමයේ රටවල් රැසක් මුල්‍යමය මෙන්ම විපතටපත් ජනතාවගේ දෛයිනික අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් ආහාර පාන සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙහෙත්, කැඩීගිය පාලම් සැදීම සඳහා අවශ්‍ය උපකරණ සිය ගුවන්යානා මගින් මෙරටට ගෙන ඒමට කටයුතුකළේය.

විපතට පත්වූවන්ට ආරක්‍ෂිත ස්ථාන කරා ගෙනයාමට සහායවන හෙළිකොප්ටර්, ගුවන්යානා මගින් මෙන්ම ජීවිතාරක්ෂක මෙහෙයුම් හා රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිණිස වෙද්‍ය කණ්ඩායම්ද ඒ ඒ රටවලින් පැමිණ තිබුණි.

දිට්වා කුණාටුවෙන් හා නායයාම් වලින් විනාශයට පත්වූ සහ ආනාථ වූවන් සඳහා මානුෂිය ආධාර මේ වන විටත් ගලාඑමින් පවතී. මිලියන 2ක පමණ ජනකායක් මේ ව්‍යයසනයට ගොදුරුවී ඇත. ලක්ෂ දෙනක පමණ ජනතාව අවතැන්වී ඇති අතර 65800 ගේ තත්වය බරපතල යයි සඳහන් වේ. දැනට ආධාර දී තිබෙන ප්‍රධාන රටවල් ඇමරිකා එක්සත් ජනපදය ඩොලර් මිලියන 2 හා ද්‍රව්‍යමය ආධාර ප්‍රවාහන ගුවන් යානා හා සහන කණ්ඩායම්, බි්‍රතාන්‍යය පවුම් මිලියන එකයි. ද්‍රව්‍යමය ආධාර, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඩොලර් 1,75000, ලෝක සෞඛ්‍ය සංවිධානය ඩොලර් මිලියන 4.5, ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 3, ආහාර ද්‍රව්‍ය, චීනය ඩොලර් මිලියන 1, ද්‍රව්‍යමය ආධාර. ජපානය ඩොලර් ලක්ෂයයි ජංගම රෝහල් හා බෙහෙත්, චීන රතු කුරුස සංගමය ද්‍රව්‍යමය ආධාර, මාල දිවයින, ඉන්දියාව සාගර් බන්දු නැව් මගින්, ගුවන්යානා, හෙලිකොප්ටර් මුදා ගැනීමේ මෙහෙයුම් හා ද්‍රව්‍යමය ආධාර, පාලම්, ගලවා ගැනීමේ සහන කණ්ඩායම්, මාල දිවයින ඩොලර් 50,000, ටුනා මලු‍ ටින්. පකිස්තානය ගුවන්යානා හෙලිකොප්ටර් ගලවා ගැනීමේ මෙහෙයුම් හා ද්‍රව්‍යමය ආධාර, නේපාලය මියන්මාරය, කැනඩාව, ස්විට්සර්ලන්තය, ප්‍රංශය, යුරෝපා සංගමය, බංගලාදේශය, ආරාබි එමිර් රාජ්‍යය, සෞදි අරාබිය, රුසියාව, මේ අනුව පසුගිය සතිය වනවිට ශ්‍රී ලංකාව මුදලින් ලැබූ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 3.4 විය.

Shantha Senadheera 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here