ඉන්දියාව ගගනගාමීන් අභ්‍යවකාශයට යවන පළමු පියවර ජයගනී

0
194

ඉන්දියාව ගගනගාමීන් අභ්‍යවකාශයට යවන පළමු පියවර ජයගනී
ARUNA LK NEWS
22 October 2023

ඉන්දියාව ගගනගාමීන් අභ්‍යවකාශයට යවන පළමු පියවර ජයගනී

මෙය ගගන්යාන් (Gaganyaan) මෙහෙයුම ලෙසටයි නම් කර අත්තේ. එහි පළමු පරීක්ෂණය මේ වන විට සාර්ථක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය 2025 දී ගගනගාමීන් අභ්‍යවකාශයට රැගෙන යාමට (space tourism ) සැලසුම් කර ඇති මෙහෙයුමට පූර්ව පරීක්ෂණයේ පළමුවැන්න සිදු කර ඇති බව වාර්තාවේ.

“Gaganyaan” අභ්‍යවකාශ යානය ඊයේ(21) දින Sriharikota සිට අභ්‍යවකාශ ගතකළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා දක්වා ඇත්තේ.

රොකට්ටුව ක්‍රියා විරහිත වුවහොත් කාර්ය මණ්ඩලයට ආරක්ෂිතව රොකට්ටුවෙන් ගැලවිය හැකි ද යන්න උත්සහා කිරීම සඳහා මෙම පරීක්ෂණය පවත්වා ඇති අතර පළමු පරීක්ෂණ මෙහෙයුම සාර්ථක වූ බව ප්‍රකාශ කිරීමට ලැබීම ගැන ඉතා සතුටට පත්වන බවයි ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ISRO) සභාපති S. Somanath ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here