
අපේ දේශපාලන භුමිකාවේ මහත්මා සළකුණ -නීතිඥ ඉම්තියස් බාකීර් මාකාර් ගැන තොරතුරු බිඳක්
Lanka News UK
27/09/24
නීතිඥ ඉමිතියාස් බාකීර් මාකාර් මහතා සමගි ජන බලවේගයේ වත්මන් සභාපති තනතුරට පත් කර ඇත.අපේ දේශපාලන භුමිකාවේ පසුගිය වසර 34ක තුළ “මහත්මා සළකුණ” “ඔහුයයි කිවොත් නිවැරදිය.සජබ විසින් ඔහු එහි සභාපති තනතුරට පත් කිරීම ඉතා කාලෝචිත තීරණයක් බව කිව යුතුය. ඉතා විනය ගරුක ශ්‍රී ලාංකීය දේශපාලනයේ මෙතෙක් බිහි වූ ඔහු අව්‍යාජ භුමි පුත්‍රයෙකි.එවන් පුද්ගලයෙකු වත්මන් දේශපාලන බිමේ සෙවීම කළුණික සොයන්නාක් බඳුය. ලොව කොතන ජිවත්ව සිටින ලාංකිකයෙකුගෙන් ඔහුගේ මෙම පත්වීම පිළිබඳ විමසුවොත් මෙවැනි අය අපේ සක්‍රිය දේශපාලනයට පිවිසීම ඉතාමත් හොඳ තීරණයක් බව එක හෙළාම පිළිගන්නවාට සැකයක් නැත.ඔහුගේ කතාවක් ඇසීමට ජනතාව ඉතා සැදී පැහැදී පෙළ ගැසෙති.වත්මන් දේශපාලනයේ පාර් ලිමේන්තුව තුළ හෝ ඉන් පිටදී ඔහු පැවැත්වූ කතා ඉතා සරල හරවත්ඒවා වේ, එමෙන්ම ජනහදට සමීප ලෙස සංඥමයකින් ඉදීරිපත් කිරිමට ඔහු තුල ඇත්තේ සහජ හැකියාවකි.
1953 අගෝස්තු 8 උපත ලැබූ ඔහු බේරුවල පාරම්පරික මුස්ලිම් වෙද ප්‍රභූ පරපුරකින් පැවත ආ අයෙකි. එන ඔහුගේ වයස දැනට 71කි. ඔහුගේ පියාවූ හිටපු පාර්ලිමේන්තු මෙන්ම අප අතරින් වියෝවූ කතානායකවරයෙකුවූ නීතිඥ මොහොමඩ් අබ්දුල් අල්හජ් බාකීර් මාකාර් ය.මව සිත්ති කඩිජා රෆ්ෆායි විය. ඔහුගේ පියාගේ අඩිපාරේ යමින් නීතිඥයෙකු මෙන්ම දේශපාලනයට පිවිසියේය.ඔහු දේශපාලනයට පිවිසියේ පාසල් සිසුවකු ලෙස සිටින අව්දියේමය.ඉමිතියාස්ට සහෝදර සහෝදරියන් හතර දෙනෙක් සිටී: ඔවුන් හසීබා, ෆසීහා, ෆහීමා සහ යසීර්, ජසීලා ය.
ඔහු 1981 දී උම්මු ෆරීඩා සමඟ විවාහ වූ අතර ඔවුන්ට දරුවන් පස් දෙනෙක් සිටීති ඔවුන් අසෆ්, අසාම්, ෆාදිල්, ආදිල් සහ ඉන්සාෆ් ය.නීතිඥ ආදිල් කෙටි කෙටිකලකින් ඉතා ජනප්‍රිය තරුණ මහත් කීර් තියක් ගෙනදෙමින් කටයුතුකළ ඔහු ලන්ඩනයේදී මිට වසර කිහිපයකට පෙර හදිසියේ මියගියේ ලන්ඩන් එල් එස් සී විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටියදීය.
ඔහු ජනමාධ්‍ය, තැපැල් සහ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි. 2001 සිට 2004 දක්වා විදුලි සංදේශ; 1989 සිට 1993 දක්වා නිවාස රාජ්‍ය අමාත්‍යවරයා සහ 1989 සිට 2004 දක්වා කළුතර දිස්ත්‍රික් පාර් ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස කටයුතු කර ඇත. බාකීර් මාකර් ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ හිටපු සභාපති සහ හිටපු උප සභාපති ලෙස කටයුතු කර ඇත. 2004 පාර් ලිමේන්තු මැතිවරණයට තරඟ කළේ නැත. ඔහු 2019 නොවැම්බර් මාසයේදී එක්සත් ජාතික පක්ෂයේ තනතුරුවලින් ඉල්ලා අස්වී අලුතින් පිහිටුවන ලද සමගි ජන බලවේගයට සම්බන්ධ වූ අතර 2020 අගෝස්තු මාසයේදී ජාතික ලැයිස්තුවෙන් පාර් ලිමේන්තුවට පත් විය.
කළුතර ශුද්ධ කුරුස විද්‍යාලය,ගම්පොල , සහිරා විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හදාරා ඇත.අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලය විශ්ව විද්‍යාලයට ඇතුළුවී ජනමාධ්‍යකරණය පිළිබඳ උපාධිය ලබාගත්තේය. සිංහල භාෂාව පිළිබඳ ඔහුගේ දැනුමට සමාන කළහැකි දේශපාලනඥයෙකු අප වත්මන් දේශපාලන බිමේ ඇත්තේ ඉතා සවල්ප දෙනෙකු කිවොත් නිවැරදිය.පාලි බස උගත් ඔහුගේ බුදු දහම පිළිබඳ ඇති දැනුම ඉතා ඉහල මට්ටම පවතී. ලොව දේශපාලනයේ ඉතිහාසය හා දේශපාලනඥයන්ගේ දේශනා ඔහු මැනවින් හදාරා ඇති අයෙකි . මේය ඉතා පැහැදිළි වන්නේ මැති සබයේ ඔහුගේ කතාවන් ට මොහොතක් දුනහොත් පමණි.මැති සබයේ අතීත කතා ඔහු උපුටා දක්වන්නේ ඔහුගේ මතකයෙනි.
ඔහු ප්‍රකාශයට පත් කළ පොත් රාශියකි.සිංහල ,දෙමල, හා ඉංග්‍රීසි භාෂා තුනෙන්ම ලියා ප්‍රකාශයට ඔහුගේ කෘති අතර මගේ හද ගැස්ම ,මා අකමැතිව සිටි ජේ ,ආර් , දේශ ප්‍රේමයේ කැඩපත, හිතුමත (පරිවර් තනයකි),ඉදයම් පේසු හිරදු, නාඩු වැදු නලම් .බියොන්ඩ් කොමන් නැරටිව් ( Beyond Common Nartive ) සිතමු වේ.
ඔහු ගේ පොත් අතර ඔහුගේම ජිවිත කතාව වූ “මගේ කතාව “පිටු 643 ප්‍රකාශයට පත්කර තිබුණි. ඔහුගේ ජිවන ගමනේ සටහන් රැසක් එකින් එක විස්තර කරමින් ලියා ඇති මේ පොත කියවීමට ලැබීම මගේ භාග්‍යයක් යයි මම සිතමි.ඒ ඔහු මා හැදින ගෙන දැනට වසර 40 අධික කළක් ඒ ගමන් මග හොදින්ම දැනගෙන සිටියෙකු බැවිනි. ඔබේ ඉදිරි ගමන් කර ගෙන යාමට අපේ සුභපැතුම් මේ සමග ඔබ වෙත වෙත පිරි නමන්නෙමු.
නීතිඥ ශාන්ති සේනාධීර – ලංකා නිවුස් යු කේ.

All reactions:
1Terance Jayasingha