ICC MEN’S CRICKET WORLD CUP -2023

0
170
ඉන්දියාව පරදා ඔස්ට්‍රේලියාව ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගනී
ARUNA LK NEWS
19 November 2023


ඉන්දියාව පරදා ඔස්ට්‍රේලියාව ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගනී

ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරදමින් සයවැනි වතාවටත් 2023 ක්‍රිකට් ලෝක කුසලානය ඔස්ට්‍රේලියා කණ්ඩායම දිනාගත්තේය.

ඔස්ට්‍රේලියාවට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 240ක් පමණි

ලකුණු 241ක ඉලක්කය හඹාගිය ඔස්ට්‍රේලියාව පන්දුවාර 43කදී කඩුලු 4ක් පමණක් දැවී පසුකර ගියේය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් ශතකයක් රැස්කරමින් ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙත ජයග්‍රහණය රැගෙන ආවේය.

ඔස්ට්‍රේලියාව ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගයකට ක්‍රීඩා කළ 08 වැනි අවස්ථාව මෙය වේ.

මූලික වටයේ තරග 09න් 09ම ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම, අවසන් තරඟයේ දී ඔවූන්ගේ ලෝක කුසලාන බලාපොත්තුව බිඳ වැටුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here