උතුරු ගාසා තීරයෙන් පැය 24ක් ඇතුළත ඉවත් වන්නැයි මිලියන 1.1ක ජනතාවට ඊශ්‍රායලය අනතුරු අඟවයි

0
196

උතුරු ගාසා තීරයෙන් පැය 24ක් ඇතුළත ඉවත් වන්නැයි මිලියන 1.1ක ජනතාවට ඊශ්‍රායලය අනතුරු අඟවයි
MAWBIMA LK NEWS
By Anjali Withanage -ඔක්තෝබර් 13, 2023

ගාසා තීරයේ උතුරු කොටසේ සිටින සියලු ම ජනතාවට ඉදිරි පැය 24ක් තුළ ගාසා තීරයේ දකුණු දෙසට ගමන් කරන ලෙස ඊශ්‍රායල බලධාරීන් දැනුම් දී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ගාසා තීරයේ උතුරු කොටසේ මිලියන 1.1ක ජනතාවක් ජීවත් වන බව ත් එය ගාසා තීරයේ ජනගහනයෙන් හරි අඩක් බව ත් ය.

ඊශ්‍රායල හමුදාව ඍජුව ම ගාසා නගරයේ වැසියන් අමතා ඔවුන්ට පවසා ඇත්තේ, ඔවුන්ගේ “ආරක්ෂාව” සඳහා ඉන් පිටත්ව යන ලෙස ය.

උතුරු ගාසා තීරයේ ජනතාව මෙම දේශසීමා පසු කිරීමේදී ඔවුන්ට දැඩි විනාශකාරී හානියක් සිදුවනු ඇති බවට බලාපොරොත්තු විය හැකි බැවින් මෙම නියෝගය අවලංගු කරන ලෙස ඊශ්‍රායලයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීමක් ද සිදු කර තිබේ.

හමාස් සටන්කාමී කණ්ඩායම මුලිනුපුටා දැමීම සඳහා ඊශ්‍රායලය ගාසා තීරයට ගොඩබිම ඔස්සේ ප්‍රහාරයක් එල්ල කිරීමට අපේක්ෂා කරන අතරතුර මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

හමාස් සටන්කාමී කණ්ඩායම ඊශ්‍රායලයේ අවම වශයෙන් පුද්ගලයන් 150 දෙනෙක් පැහැරගෙන ගාසා තීරයට ගෙන ගොස් ඇති අතර ඊශ්‍රායල වැසියන් 1,300ක් පමණ ඔවුන් එල්ල කළ ප්‍රහාරයවලින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයන් 1400කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව පලස්තීන සෞඛ්‍ය බලධාරීහු සඳහන් කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here