ලොව දක්ෂ සූප වේදීයෙක් දිවයිනට

0
160

ලොව දක්ෂ සූප වේදීයෙක් දිවයිනට
LANKADEEPA LK NEWS
(ටී.කේ.ජී.කපිල )
2023 නොවැම්බර් මස 28

ලෝක ප්‍රකට සූපවේදී , ඕස්ට්‍රේලියානු ජාතික ගැරී මිහිගන් ( Gary Mehigan ) මහතා ශ්‍රී ලංකාවේ සත් දින වැඩමුළු කීපයක් සදහා දිවයිනට පැමිණියේය .

ලෝකයේ ප්‍රචලිත සූපවේදීන් සදහා වූ තරගාවලියක් වන ” මාස්ටර් චෙෆ් ඕස්ට්‍රේලියා ” ( Master Chef Australia ) තරගාවලියේ විනිසුරුවරයකු ලෙස කටයුතු කර ඇති මිහිගන් මහතා ලොව පුරා රටවල් රාශියක සංචාරය කරමින් සූපවේදය පිළිබඳ පර්යේෂණවල නියැලෙමින් අත්දැකීම් ලත් , සූපවේදය පිළිබඳ ග්‍රන්ථ රාශියක් ලියා පළ කර ඇති කර්තෘ වරයෙකි .

ගැරී මිහිගන් මහතා එළඹෙන 11/30 සහ 12/02 දින ශ්‍රී ලාංකික සූපවේදීන් රාශියක් සමග කොළඹ සිනමන් ග්‍රෑන් හෝටලයේ දී ජාත්‍යන්තර රාත්‍රී ආහාර වේල් දෙකක් මෙරට ජනතාවට දැක බලා ගැනීම සදහා පිළියෙල කිරීමට නියමිතය .

ඊට අමතරව 11/30 සහ 12/01 දින සිනමන් හෝටලයේ දී ශ්‍රී ලාංකික ජනතාව මුණ ගැසී සූපවේදය පිළිබඳ කරුණු සාකච්ඡා කෙරෙන අදහස් හුවමාරු කෙරෙන වැඩසටහනක ද නිරත වීමට නියමිතය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here