අද පැවැත්වූ පොදුරාජ්‍ය මණ්ඩලීය මලල ක්‍රීඩා උළෙලේ මීටර් 100 තරඟ ඉසව්වේ තුන්වන ස්ථානය ලෝකඩ පදක්කම හිමිකරගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවූ යොපුන් අබේකෝන් සමත්විය. මෙය අපේ රටේ මලල ක්‍රීඩා ඉතිහාසයේ ඉතා අගනා අවස්ථාවක් ලෙස සඳහන් කලයුතුය
ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් විය. අවසන් තරගය තත්පර 10.14 කින් අවසන් කරමින් මේ ජයග්‍රහණය ලැබීමට යුපුන්ට හැකි විය. ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවකයෙකු පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලෙකදී පදක්කමක් දිනා ගත් පළමු අවස්තාව ලෙස යුපුන් ගේ මෙම ජයග්‍රහණය සටහන් වෙයි. මෙම් ඉසව්වේ රන් පදක්කම කෙන්යාවේ ෆර්ඩිනන්ඩ් ඔමන්යාලා විසින් දිනාගත් අතර රිදී පදක්කම දකුණු අප්‍රිකාවේ අකානි සිම්බිනෙ විසින් දිනා ගත්තේය.
ආසියාවේ වේගවත්ම මිනිසා යන සිරස්තලය ඔස්සේ අප ලංකා නිවුස් යුකේ පුවත්පතේ ජූලිමස කලාපයේ ඔහු පිලිබඳ සවිස්තර ලිපියක් අප විසින් කර තිබු අතර ඔහු අපේ පුංචි දිවයින කිර්තිය ගෙනදෙන ක්‍රීඩක යෙකු වන බව අනාවකියක්ද කර තිබුණි. යෝපුන් ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් අපේ හදපිරි සතුට පළකර සිටින්නෙමු.