MAWBIMA LK NEWS
31/12/24
රටේ හැම අංශයක් ම පිරිසුදු කරන ‘Clean Sri Lanka’ ජාතික වැඩසටහන ජනවාරි 1 වන දා සිට අරඹන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන්. ආර්.ඩී. අපොන්සු පවසයි.
‘Clean Sri Lanka’ ජනාධිපති ජාතික කාර්ය සාධක බළකායේ චමින්ද ජයසූරිය පැවැසූයේ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 1 වන දා පැවැත්වෙන උත්සවයේදී ‘Clean Sri Lanka’ වෙබ් අඩවිය සහ නව “ඇප් එක” හඳුන්වා දෙන බව ය.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී හෙට ජනවාරි 1 උදෑසන 9:00ට මෙම ජාතික වැඩපිළිවෙල ආරම්භ කරන බව ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා සඳහන් කළේ ය.
‘Clean Sri Lanka’ ජාතික වැඩසටහන කිසිදු දේශපාලන පක්ෂයකට අයිති එකක් නොව මුළු රටේ ම පුරවැසියන් හා බද්ධවූ ජාතික වැඩපිළිවෙලක් බවද ඔහු සඳහන් කළේ ය.
“පොහොසත් රටක්! ලස්සන ජීවිතයක්!” යන තේමාවෙන් ක්‍රියාත්මක කෙරෙන රජයේ වැඩපිළිවෙළ යටතේ මුළු රටේ ම පරිසරය පිරිසුදු කරනවාට අමතරව ලොව දියුණු රටවල ජනතාව භුක්ති විඳින ආකාරයේ ඉහළ සමාජ ආර්ථික තත්ත්වයක් සහ නිදහසක් උරුමකර දීමේ අරමුණින් Clean Sri Lanka වැඩසටහන ක්‍රියාත්මක වන්නේ යැයි ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ, කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (දෙසැ. 30) පැවති ‘Clean Sri Lanka’ ජාතික වැඩසටහන පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගී වෙමින් ය.
පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ සිට වැඩිහිටියා දක්වා සෑම පුරවැසියන්ගේ ම සෘජු දායකත්වය ලබා ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇතැයි ද ඒ වැඩපිළිවෙල ජනගත කිරීමට මාධ්‍යයට විශාල වගකීමක් පැවැරෙන්නේ යැයිද ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා අවධාරණය කළේ ය.
මුළු රට ම ආවරණය වන පරිදි ජනවාරි 1 වන දා සිට වසර පහක් තෝරාගත් නගර මුල්කොට ගනිමින් නියමු ව්‍යාපෘති ලෙස මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරයි.
‘Clean Sri Lanka’ හෙට ඇරඹේ
MAWBIMA LK NEWS
By Anuradha Herath –
දෙසැම්බර් 31, 2024