
By Mawbima lk news
–අගෝස්තු 26, 2025
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (අගෝ. 26) නියෝග කර තිබේ.
ඒ අනුව, ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත හිටපු ජනාධිපතිවරයා මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර නියෝග කර ඇත.
ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.
ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ දූර කාලයේදී පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිය වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා ලන්ඩනය වෙත ගොස් රුපියල් කෝටි එක හමාරකට අධික පාඩුවක් රජයට සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අගෝස්තු 22 වන දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
- TAGS
- Sri Lanka
https://www.facebook.com/plugins/like.php?href=https://mawbima.lk/2025/08/26/former-president-ranil-wickremesinghe-granted-bail/&layout=button_count&show_faces=false&width=105&action=like&colorscheme=light&height=21