BREAKING NEWS: “බුවනෙකබා රාජ සභාව කඩා දැමූ” හිටපු නගරාධිපති තුෂාර සංජීවට බරපතළ වැඩ සහිත සිර දඬුවම්

0
226

BREAKING NEWS: “බුවනෙකබා රාජ සභාව කඩා දැමූ” හිටපු නගරාධිපති තුෂාර සංජීවට බරපතළ වැඩ සහිත සිර දඬුවම්
By Mawbima -දෙසැම්බර් 14, 2023

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකු වරදකරුවන් කරමින් වසර 3ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කිරීමට කුරුණෑගල මහාධිකරණය නියෝග කර තිබේ.

ඒ, කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි පුරාවිද්‍යා වටිනාකමක් සහිත “බුවනෙකබා රාජ සභා මණ්ඩපය” සහිත ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

කුරුණෑගල මහාධිකරණය විසින් අද (දෙසැ 14) එම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

පුරාවිද්‍යාත්මක වටිනාකමක් තිබූ 13 වන සියවසට අයත් කුරුණෑගල යුගයේ ඉදි කළ බව කියන කුරුණෑගල පිහිටි ඓතිහාසික ගොඩනැගිල්ලක් බුවනෙකබා රාජ සභා මණ්ඩපය ඩෝසර් යන්ත්‍ර යොදා කඩා ඉවත් කර තිබුණේ 2020 වසරේ ජූලි 14 වන දා ය.

එවකට කුරුණෑගල නගරාධිපති ධූරය දරනු ලැබුවේ ද තුෂාර සංජීව විතාරණ විසිනි.

කුරුණෑගල රාජධානි සමයේ රාජ සභාව පැවති බව කියන මෙම ගොඩනැගිල්ලේ පසුකාලීනව හෝටලයක් පවත්වාගෙන ගොස් තිබිණි.

මේ සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා එවකට පවසා තිබුණේ, මහා මාර්ග පුළුල් කිරීමේ කටයුත්තක් සඳහා මෙම ගොඩනැගිල්ල පිහිටි භූමිය පවරා දී තිබූ බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here