
BREAKING NEWS: ග්ලෙන් මැක්ස්වෙල්ගේ ද්විත්ව ශතකය නිසා ඇෆ්ඝනිස්ථානයේ බලාපොරොත්තු සුන්වෙයි
AWBIMA LK NEWS
By Kumudu Jayawardana -නොවැම්බර් 7, 2023
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සහ ඇෆ්ඝනිස්ථානය අතර පැවති තීරණාත්මක තරගයෙන් ඔස්ට්‍රේලියාවට කඩුලු 3ක නොසිතූ විරූ ජයක් හිමි කර දීමට ග්ලෙන් මැක්ස්වෙල් සමත් විය.
ඒ, ලකුණු 49කට කඩුලු 4ක් දැවී ගොස් තිබියදී පිටියට පිවිසි ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 128කදී ලකුණු 201ක් රැස් කිරීමට සමත් වීම හේතුවෙනි.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 291ක් රැස් කළේය.
ආරම්භක පිතිකරු ඊබ්‍රහීම් සඩ්‍රාන් නොදැවී ලකුණු 129ක් රැස් කළේය.
ඊට පිළිතුරු වශයෙන් ඔස්ට්‍රේලියාව පන්දුවට පහර දුන්න ද, ලකුණු 91කදී කඩුලු 7ක් දවා ගැනීමට ඇෆ්ඝනිස්ථාන පන්දු යවන්නෝ සමත් වූහ.
එහෙත්, නායක පැට් කමින්ස් සීරුවෙන් පන්දුවට පහර දෙමින් කඩුල්ල රැක ගත් අතර, අනෙක් අන්තයේ සිටි ග්ලෙන් මැක්ස්වෙල් පාදයේ තදබල වේදනාවකින් පෙළෙමින් ම පන්දු 128කදී ලකුණු 201ක් රැස් කළේය.
එය මෙවර ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් වාර්තා වූ වැඩි ම ලකුණු සංඛ්‍යාව වන අතර, මෙවර පළමු ද්විත්ව ශතකයයි.
ඒ අනුව, ලකුණු 293ක් රැස් කරමින් ඔස්ට්‍රේලියාව තරගයෙන් ජය ගත් අතර අර්ධ අවසන් තරග වටයට සුදුසුකම් ලැබීය.