බර්මින්හැම් අහස සිඹින යුරෝපයේ විශාලතම ස්තූපය !

0
137

බර්මින්හැම් අහස සිඹින යුරෝපයේ විශාලතම ස්තූපය !

සටහන: තුෂාර පෙරේරා

ලාංකේය බෞද්ධ ශිෂ්ටාචාරයේ අතිවිශිෂ්ටතම වාස්තු විද්‍යා නිර්මාණය ලෙස බෞද්ධ ස්තූපය හැදින්විය හැකියි. මහා පරිනිර්වාණ සූත්‍රයට අනුව ගෞතම චේතිය සහ චාපාල චේතිය බුද්ධ කාලය වනවිටත් පැවැති ස්තූපයන්ය. මහාවංශයට අනුව බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනින් පසු උන්වහන්සේගේ කේශ ධාතූන් නිදන්කර මහියංගන චෛත්‍ය ප්‍රථමයෙන් ඉදිවූ බව ද සදහන්. මහින්දාගමනයෙන් පසුව ලක්දිව ඉදි වූ ප්‍රථම ස්තූපය ලෙස සැළකෙන්නේ ථූපාරාමයයි.

අනුරාධපුර නගරය තුළ ඉදිකර ඇති ස්තූප අතර සියලු දෙව් මිනිසුන්ගේ වන්දනාමානයට පාත්‍රවන දුටුගැමුණු රජුගේ නිර්මාණයක් වූ රුවන්වැලි සෑයේ විෂ්කම්භය අඩි 300 ක් සහ උස අඩි 300 ක් පමණ බව සදහන්. ලක්දිව තුළ ඉදිකර ඇති සම්පූර්ණයෙන්ම ගඩොල් භාවිතා කොට නිර්මාණය වූ සුවිසල් ජේතවන චෛත්‍ය උසින් අඩි හාරසියයක්ද විශ්කම්භයෙන් අඩි 372 පමණ වන බවද සදහන්. එමෙන්ම වළගම්බා රජු නිර්මාණය කළ අභයගිරියත් අහස්කුස සිඹින්නේ අනුරාධපුරයට තවත් රමණීය ස්තූපයක් දායාද කරමින්. අභයගිරියේ උස අඩි 300 ක් බවත් එහි විෂ්කම්භය අඩි 245 ක් බවත් සඳහන්.

එංගලන්තයේ “බර්මින්හැම් චෛත්‍ය “ රාජයාගේ ඉදිකිරීමත් සමග යුරෝපයට ස්තූප කළාව රැගෙන ආ ආරම්භකයා ලෙස ආචාර්‍ය් පූජ්‍ය විතාරන්දෙණියේ කස්සප හිමියන් ඉතිහාසයට එක්වනු නොවනුමානයි. කොළඹ හුණුපිටිය ගංඟාරාමය තුළින් පැවිදි ජීවිතයේ පළපුරුද්ද ලබාගත් උන්වහන්සේ යුරෝපය තුල බුදුසසන බැබලවීම සදහා බෞද්ධ අබෞද්ධ සියලු මිනිසුන් ඒකරාශී කරගනිමින් කරන මෙහෙය අති විශාලයි. බුදුන්වහන්සේගේ අසූ හාරදහසක්වූ ධර්මස්කන්ධය සකල ලෝක සත්වයාගේ හිතසුව පිණිය යන කාරණය තම සිතතුළ ධාරණය කරගත් උන්වහන්සේ ලොවට දායාද කල “ බර්මින්හැම් ස්තූපය” උසින් අඩි 50 කට වැඩිවන අතර බුම්බුලාකාර හැඩයෙන් යුක්ත වන එය ලංකාවේ කලුතර චෛත්‍යයේ ගර්බයට සමාණව ඉදිකර ඇති නමුත් බර්මින්හැම් චෛත්‍ය ගර්භය තුළ අටවිසි බුදුවරුන්ගේ විශාල පිළිම වැඩ සිටින්නේ ගෞතම බුදු හිමියන්ගේ විශාල පිළිම වහන්සේ මැදි කරගනිමිනුයි. එහි චෛත්‍ය ගර්භයට පිවිසෙනවාත් සමගම ඔබට ඇතිවන ශාන්ත හැගීම වචන වලට පෙරළීම තරමක් අසීරුය, එය ඒතරම්ම අයස්කාන්තය.

ශ්‍රී ලාංකිකයින්ගේ පමණක් නොව යුරෝපයේ වෙසෙන සියලු මිනිසුන්ගේ වන්දනාමානයට පාත්‍රවන මෙම චෛත්‍ය සහ බර්මින්හැම් බෞද්ධ විහාරය අනාගතයේදී බුදුදහම ප්‍රචාරණයේ මුදුන් මල්කඩ වනවාට කිසිදු සැකයක් නැත.

සටහන: තුෂාර පෙරේරා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here