DIVAINA LK NEWS
July 19, 2024
බංග්ලාදේශයේ විශ්ව විද්‍යාල සිසුන් සහ පොලිසිය අතර ප්‍රචණ්ඩ ගැටුම් අඛණ්ඩව පවතින බැවින් මුළු බංග්ලාදේශයටම අධි ආරක්‍ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ඩකා අගනුවර සම්පූර්ණයෙන්ම අන්තර්ජාල අවහිරයක් මධ්‍යයේ පවතින අතර දුරකථන මාර්ග ද අක්‍රිය වී ඇත.
ඊයේ සවස දහස් ගණනක් විරෝධතාකරුවන් රාජ්‍ය විකාශක BTV වෙත කඩා වැදී ගෘහ භාණ්ඩ විනාශ කරමින් ජනෙල් සහ විදුලි පහන් කඩා බිඳ දමා එහි කොටස් වලට ගිනි තබා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
බංග්ලාදේශයේ ප්‍රවෘත්ති අමාත්‍යවරයා බීබීසීයට පැවසුවේ විකාශන නතර කර ඇති අතර බොහෝ සේවකයින් අගනුවර ගොඩනැගිල්ලෙන් පිටව ගිය බවය.
