
Lanka News UK
05/02/25
ගොවීන් ගෙන් වී මිලදී ගැනීම ගැන රජය දුන් මිල ගණන් ප්‍රකාශයට පත් කරයි.
ඒ අනුව නාඩු වී කිලෝ එකක් රු. 120ටත්.සම්බා රු. 125 ටත් . කිරි සම්බා 132ටත් වී අලෙවි මණ්ඩලය ඔස්සේ මිලදී ගැනීමට කටයුතු කරණ බව මිට සුළු මොහොතකට පෙර කෘෂිකර් ම ,පශු සම්පත් .ඉඩම් හා වාරිමාර්ග ඇමති.කේ.ඩි . ලාල් කාන්ත මහතාවිසින් ප්‍රකාශයට පත්කර ඇති බව කියන පුවතක් අද පුවත්පත විසින් ප්‍රකාශයට පත් කර ඇත.
මේ පිලිබඳ පසුගිය කාල සීමාව තිස්සේ දිවයිනේ ගොවි සංගම් ,හා විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයන් වහා මිලගණන් ප්‍රකාශයට පත් කරණ මෙන් ඉල්ලා නොයෙකුත් උද්ගෝෂණ පවත්වමින් රජයට බල කර තිබුණි.