ජාතික නිදහස් උළෙල අද චාම් අන්දමින්

0
53

ජාතික නිදහස් උළෙල අද චාම් අන්දමින්
04 February 2025

ශ්‍රී ලංකාවේ හැත්තෑ හත් වැනි ජාතික නිදහස් දින උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් අද (04 වැනිදා) පෙරවරුවේ පැවැත්වේ.

මෙවර උළෙල පැවැත්වෙන්නේ ‘පුනරුදයට පෙළ ගැසෙමු’ තේමාව යටතේය. වැඩි ජන සහභාගිත්වයකින් යුතුව උළෙල පැවැත්වීමට විධිවිධාන යොදා ඇති අතර ජනාධිපතිවරයා වෙනුවෙන් මින් පෙර පිරිනැමුණු ආචාර වෙඩිමුරද මෙවර නොපැවැත්වේ. ඉතාම චාම් අන්දමින් මෙවර උළෙල පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.මෙවර උළෙලේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන්ද ගායනා කෙරේ.

නිදහස් දිනය වෙනුවෙන් බෞද්ධ ආගමික වතාවත් පෙරවරු 6.30ට කොල්ලුපිටිය ධර්මකීර්ත්‍යාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන්නේ එම විහාරාධිපති ආචාර්ය බණ්ඩාරවෙල විමලධම්ම ස්වාමින් වහනසේගේ උපදේශකත්වයෙනි.හින්දු ආගමික වතාවත් වැල්ලවත්ත මයුරපති ශ්‍රී පත්තරික්කාලි කෝවිලේදී පැවැත්වේ. කතෝලික ආගමික වතාවත් පෙරවරු 6.15ට බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේදී පැවැත්වෙන අතර ක්‍රිස්තියානි ආගමික වතාවත් පෙරවරු 6.15ට කොළඹ 6 ප්‍රෙස්බෙටේරියන් දේවස්ථානයේ දී සියලු සභා නායකයන්ගේ එකමුතුවෙන් පැවැත්වේ. ඉස්ලාම් ආගමික වතාවත් පැවැත්වෙන්නේ පෙරවරු 6.00ට වැල්ලවත්ත ජුම්මා පල්ලියේදීය.

නිදහස් චතුරශ්‍රයේ පිහිටි මහාමාන්‍ය ඩී.එස්. සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර පිරිනැමීම පෙරවරු 6.00ට පැවැත්වේ.(Aruna lk News)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here