
අනිල් භාරති කෝකිල හඬ නිහඬවෙයි
සිංහල සංගීත අම්බරයේ පාය තිබු සංගීත ගිතලොලින් හදවත් අමන්දානන්දනයට පත්කල කෝකිලයෙක් අප අතරින් සමුගත් දුක්මුසු පුවතක් අපට අද උදෑසන අසන්නට ලැබුණි.ඔහුටම ආවේනික හඬ පෞරෂවයකින් ගී ගැයූ ඔහුගේ හඬ අද උදැසන වියැකි ගොස් තුබුණි.නව සංගීත ආරක ගී ගැයූ ගායකයෙකු වු ඔහු අනිල් භාරතීය.අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස මියගොස් තිබෙන බව සඳහන්වේ.
1950-01 -08 මොරටු පුරවරයේ උපත ලැබූ අනිල් භාරති මියයනවිට 75වැනි වියෙහි පසුවිය. ඔහු ගායනයට දස්කම් දක්වන ලද්දේ පාසලේ වියේදීමය. මොරටුව වේල්ස් කුමර විදුහලෙන් අධ්‍යාපනය හැදෑරු ඔහු කුඩා කල සිටම බටහිර ගීත ප්‍රිය කළේය.පල්ලියේ ගීතිකා කණ්ඩායම නියෝජනය කල ඔහුගේ ගීත වලින් වඩාත්ම ජනප්‍රියත්වයට පත්වුයේ “බෙත්ලෙහෙම්පුරේ බිලිඳු ගවලෙනේ ” වැනි කිතුණු භක්තිය දනවන නත්තල් ගී ගැයීමෙනි.කිතුණු භක්තිකයෙකු වූ අනිල් භාරති ඔහුගේ ගී අතරින් ගායනය කර තිබුණේ කිතුණු භක්තිය දනවන ගීතයන්ය.ඒ ගණන 40 ට අධික බව සඳහන්වේ.
1962 වසරේ ලේක්හවුස් ආයතනයේ ඔබ්සවර් පත්‍රය විසින් සංවිධානය කරනු ලැබූ (Obsever Talent search)ගායනා තරඟයට සහභාගීවීමට ඔහු අවස්ථාව උදා විය.එය ඔහුගේ සංගීත දිවියේ හැරවුම් ලක්ෂය විය. එම වැඩ සටහනින් ජයග්‍රහණය කළ අනිල් භාරතිට එවකට මොරටුව පුරවරයේ සංගීත කණඩායම් රැසක ගී ගැයීමේ අවස්ථාව උදාවුවේය.ඔහු ඉන් අනතුරුව පානදුරේ රේන්ජර්ස් සංගීත කණ්ඩායමට එකතු වි තිබුණි . එම කණ්ඩායමේ නිත්‍ය ගායක ලෙස කලක් කටයුතු කළ ඔහු ඉන්පසුව නිශ්ශංක විමලසුරිය ප්‍රමුඛ වීල්ස් කොම්බෝ ඩාන්ස් (Wheels Combo Dance Band) සංගීත කණ්ඩායමට එකතුවිය. එකල ඔහු ගැයුවේ එකල ජනප්‍රියවූ ඉංග්‍රීසි ගීතයන්ය.ඔහුට තිබූ ගැඹුරු හඬ පෞර්ෂය නිසා ඔහු බොහෝ විට ගායන කලේ එංගල්බර්ට් හම්පර්ඩින්ක් (Engelbert Humperdinck), එල්විස් ප්‍රෙස්ලි ( Elvis presley), ටොම් ජෝන්ස් (Tom Johns) යන බටහිර ගායකයන්ගේ ගීතයන්ය.
1972 වසරේ ඔහුගේ ජීවිතයේ නව පිටුවක් පෙරළනට සමත්ව තිබුණි ඒ ඔහු ක්ලැරන්ස් විජේවර්ධන ආරම්භ කළ ගෝල්ඩන් චයිමිස් කණ්ඩායමට එකතුවූ බැවිනි. මෙය ඔහුගේ ජනප්‍රියතාවයේ හිනිපෙත්තටම ගිය අවස්ථාවක් ලෙස සැලකේ.
1973 ඔහුගේ කුළුඳුල් ගීතය පටිගත විය. ඒ “අද වෙයි ඉරු දින ගීතයයි”. ගෝල්ඩන් චයිමිස් කණ්ඩායම එළිදැක්වූ නවතම තැටියට එම ගී තය ඇතුලත්ව විය. තිබු බව සඳහන්වේ..එම කණ්ඩායමේ ගායිකා ලංකිකා පෙරේරා සමඟ “සඳයි තරුයි” යන ගීතයද ඔහුගේ ගී අතර රසික ජනාදරය පත්වූ ගිතයන්වේ. බටහිර ගායකයන්ගේ ගීත ගයා තිබු අනිල් භාරතිගේ ගැඹුරු හඬ රසිකයන්ට නවතාවයක් එකතු කළේය.ඉන් පසුව ඔහු ගෝල්ඩන් චයිම්ස් කණ්ඩායම සමග ,මා ආදරේ නංගී ,බෙත්ලෙහෙම් පුරේ යන ගීත ක්ලැරන්ස් විජේවර්ධන ගේ නිර්මාණයන්ට ගායනා කරන ලද ගීතයන් වේ. 1974 දී හිරු ඉපදෙන විට, සිහිනිඟ වටකුරු ,සිහිවේ ආදරයක් යන ජනප්‍රිය ගී රැසක් ඔහු ගායනා කරන ලදී.1975 වසරේ ඔහු සුපර් ගෝල්ඩන් චයිමිස් කණ්ඩායමට එකතු වී පසුව ඒක පුද්ගල ගායකයෙකු ලෙස සංගීත ලොවට පිවිසියේය. පසුව ඔහු වර්ණන් පෙරේරා රචනා කොට ක්ලැරන්ස් විජේවර්ධන සංගීත නිර්මාණය කළ ටිකිරිමලී, පෙම්පත, වැනි ගීත එළි දක්වන ලදී. වේග රිද්මයට ද ගැලපෙන ගැඹුරු හඬක් හිමි ඔහුගේ ගායනා විලාසය තමන්ටම අවේණික හඬක් වීම ඔහුගේ ජනප්‍රියත්වයට හේතු විය. රංජිත් බෝලෝන්ඤ නිර්මාණය කළ සරෝජනී, බඹරෙකු ඇඳුනා, දෑස විදලා, ලාල් තෙන්බදු නිර්මාණය කළ “සිතල සඳ එළියේ” යන ගීත එළි දක්වන ලදී. බටහිර ශෛලියට නිර්මාණයවූ බොහෝ ගීත ගායනා කළ ඔහු බටහිර ගීතයක ඇසුරෙන් “රෝසි මගේ රෝසි ‘වේග රිද්ම ගීත බව ඔහු පිලිබඳ විස්තර රැසක් ඔහුගේ පිලිසඳරක් ඇසුරෙන් ලියු සටහනක දැක්වේ.
රූකාන්ත ගුණතිලක ,නිරෝෂා විරාජිනී සමග ගීත රැසක් ද , 80 යුගයේ වන විට සත්තු වත්ත,සිහිවේ, සමාවෙන්න,පෙම් කළ වරදට. සිරිපොද වැස්සේ ,පාලා කරුණා දයා (ඉන්ද්‍රානි සමඟ) ඔබ හමුවන්නට ආසයි (ලංකිකා සමඟ ) ඇතුළු ගීත 60 කට අධික ප්‍රමාණයක් ඔහු විසින් ගී ගයා තිබුණි . ඔහු දෙස් විදෙස් සංගිත සංදර්ශනවල ඉහලින්ම කැපී පෙනුණු රසික ජනාදරයට පත් ගායකයෙක් විය.
.අනිල් භාරති ගායනා කර ඇති මුළු ගීත සංඛ්‍යාව 100 ට අධික වේ.ඔහුගේ ගී යු ටියුබ් නාලිකාවල පලවී ඇති ගී වෙබ් අඩවි පලව ඇති ගී දහස් ගණන් රසිකයන් තවත් කාලයක් රසවිඳිනු ඇත බොදු කිතුනු වෙනත ආගමිකයන් අතර ජනප්‍රිය නත්තලේ ඇසෙන ගීත අතර මුල් තැනක් ගැනේ.ඔහුගේ ඒ ගී වල රසය සදා අප අතර රැඳී පැවතුනු ඇත.
අනිල්. මට මුලිනම් මුණගැසුණේ 80 දශකයේදීය.ඔහු එකල කොළඹ තිඹිරිගස්යායේ සනීපාරක්ෂක භාණ්ඩ විකුණූ සමාගමක සේවාවේ යෙදුනු අව්දියකදීය. මේ හැඳුනුම්කම ඔස්සේ තවත් අවස්තා රැසකදීම මට ඔහු හමුවී කතා බහේ යෙදෙන්නට හැකිවී තිබුණි.මගේ දෙටු සොහොයුරාද එකම සමයක වේල්ස් කුමාර විදුහලේ උගත් අයලුන් විය.මගේ බිරිඳ එහි වේල්ස් කුමාරි විදුහලේ උගත් අයෙකුවිය.
දශක ගනනාවක් පුරා ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සේවය කළ අතර, ප්‍රවෘත්ති නිවේදකයෙකු, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ද කටයුතු කළේය.
ඔහු කළක් ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ධුරය ද හොබවනු ලැබීය.
අනිල්. මට මුලිනම් මුණගැසුණේ 80 දශකයේදීය.ඔහු එකල කොළඹ තිඹිරිගස්යායේ සනීපාරක්ෂක භාණ්ඩ විකුණූ සමාගමක සේවාවේ යෙදුනු අව්දියකදීය. මේ හැඳුනුම්කම ඔස්සේ තවත් අවස්තා රැසකදීම මට ඔහු හමුවී කතා බහේ යෙදෙන්නට හැකිවී තිබුණි.මගේ දෙටු සොහොයුරාද එකම සමයක වේල්ස් කුමාර විදුහලේ උගත් අයලුන් විය.මගේ බිරිඳ එහි වේල්ස් කුමාරි විදුහලේ උගත් අයෙකුවිය.
ක්ලැරන්ස් විජේවර්ධන, රංජිත් බොලොන්නේ, වර්ණන් පෙරේරා, ලකී දේවා, ලාල් තේනබඳු, ලක්ප්‍රිය ද සිල්වා යන සංගීත ශිල්පින් ගේ නිර්මාණයන්ට ගී ගැයු ඔහු ගේ කෝකිල හඬ ජීවමානව අපට දකින්නට නොලැබෙන නමුදු ඒ ගී හඬ ගුවනේ රැව් පිළිරැව් දෙනු නියතය, ඔහුගේ අවසන් කටයුතු ගැන මෙතෙක් සඳහන් වී නැත . අනිල් භාරති කෝකිලයාණෙනි ඔබට සුව නින්දක්.
ශාන්ත සේනාධීර – ලංකා නිවුස් යු කේ.
(මෙහි පළවන සේයාරූ අන්තර් ජාලයේ පළ වූ ඒවා වන අතර එහි අයිතිය මුල් අයිතිකරුවන් සතු බව සළකන්න )