
වික්ටර් අයිවන් අභීත මධ්‍යවෙදියණෙනි ඔබට සුභාගමන්.
ලාංකීය පුවත්පත්කලාව යටි උඩුකර දැමු අභීත පුවත්පත් කලාවේදියෙකු ,ගත් කතුවරයෙකු ,ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු ,දේශපාලන විචාරකයෙකු ලෙස අපේ වත්මන් විකල්ප පුවත්පත් කලාවේ පුරෝගමියෙකුවූ වික්ටර් අයිවන් මහතා සිය දිවිසැරිය අද නිම කළේය.
ඔහු එතෙක් මෙතෙක් අප දේශයේ මාධ්‍ය කලාව නව මානයකට ගෙනයාමට කල මෙහෙය සඳහා යොදාගත් සිය පෑන අද උදැසන නිහඬවී තිබුණි.
කලක සිට අසනීප තත්ත්වයෙන් රෝහල ගත වී සිටි ඒ මහතා මිය යනවිට 76 වියේ පසුවිය.1949 වසරේ ජුනි 26 වනදා උපත ලැබූ අයිවන් මහතා කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු විය.
වික්ටර් අයිවන් මහතා ශ්‍රී ලංකාවේ විකල්ප ධාරාවේ පුවත්පතක් වු රාවය පුවත්පතේ සමාරම්භක කතෘවරයා වූ අතර ඔහු අපේ රටට දේශපාලකයන්ගේ ක්‍රියාකාරකම් දුෂණ නොභියව හෙළිකළ ඔවුනට අභියෝගයක්වූ මාධ්‍ය සංස්කෘතියක් නිර් මාණය කළ විප්ලවීයමෙරට ගවේශණාත්මක මාධ්‍ය කලාව
හඳුන්වාදුන් පුරෝගමි මාධවේදියෙකු විය.ඔහු රාවය පුවත්පත ආරම්භයේ සිටම අඛණ්ඩව වසර 25ක් එහි කර්තෘවරයා ලෙස කටයුතු කළේය. වික්ටර් ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක්, දේශපාලන විචාරකයෙක්, න්‍යායාචාර්යවරයෙක්, සමාජ ක්‍රියාකාරිකයෙක් සහ සිංහල හා ඉංග්‍රීසි පොත් කිහිපයක කතුවරයෙක් ද වේ.
1971 යොවුන් කැරැල්ල පිළිබඳ ප්‍රධාන අධිකරණ නඩුවේ ඔහු පොඩි අතුල ලෙස හැඳින්වුයේය.ඔහු එහි 7 වන විත්තිකරු විය.අපරාධ නියුක්ති විනිසුරු මඩුල්ල ඔහුව සියලු සැකකරුවන්ගේ වඩාත්ම වර්ණවත් චරිතය ලෙස කැපී පෙනෙන අයෙකු වූ අතර විමර්ශනය අවසානයේදී ඔහුට වසර 5 ක සිර දඬුවමක් නියම විය. සිරගතව සිටියදී ඔහු ජනතා විමුක්ති පෙරමුණේ මූලධර්මය මෙන්ම මාක්ස්වාදයේ මූලධර්මයද අතහැර ප්‍රචණ්ඩත්වයේ මූලධර්මය ප්‍රතික්ෂේප කරදැමු බව සඳහන්වේ. ඔහු මහත්මා ගාන්ධි විසින් පැහැදිලි කරන ලද අවිහිංසාවාදී දර්ශනය අනුගමනය කරමින් ඔහුගේ දැඩි අනුගාමිකයෙකු බවට පත්ව සිටි බවද කියවේ.
1977 දී ඔහු ජයවර්ධන රජය විසින් ලබා දුන් කොන්දේසි විරහිත සමාවක් මත අනෙක් අය සමඟ නිදහස් කරන ලදී. පසුව ඔහු ලංකා සමසමාජ පක්ෂයට සම්බන්ධ වී ගාල්ල අතුරු මැතිවරණයට අසාර්ථක ලෙස තරඟ කළේය.1971 කැරැල්ල “මෝඩ සිහිනයක්” බව ඔහු වරක් පවසා තිබුණි.
සිරගෙදර සිටියදී වික්ටර් අයිවන් පොත් දෙකක් ලිවීය: පළමුවැන්න “කුලී නිවැසියන්ගේ අභියෝගය” ලෙස නම් කරන ලදී. “ගොවිතැන” අඳ ගොවිතැනේ අභියෝගය; 1979 දී ප්‍රකාශයට පත් කර තිබුණි.එය ශ්‍රී ලංකාවේ වගාවන් සඳහා බදු අය කිරීමේ වැඩවසම් ස්වභාවය සහ කුලී ගොවිතැන් ක්‍රමය සහ ඵලදායිතාවයට එහි අහිතකර බලපෑම ගවේෂණය කළේය.
අකුලී ගොවිතැනේ අභියෝගය (සිංහල)1979 – අඳ ගොවිතැනේ අභියෝගය 1979 , 71 (සිංහල) කැරැල්ල 1979 – 71 කැරැල්ල 1979
ශ්‍රී ලංකාව අර්බුදයක (සිංහල සහ ඉංග්‍රීසි) 1989 – අර්බුදයේ ගමන් මග 1988 , දෙමළ අභියෝගය (සිංහල) 1989 – දෙමළ අභියෝගය 1989
The social background of the young rebels of Sri Lanka (Sinhala) 1993 – ශ්‍රී ලංකාවේ නූතන කැරලිකරුවන්ගේ සමාජ පසුබිම 1993
සාම ගිවිසුමේ සිට දෝෂාභියෝගය දක්වා (සිංහල) 1993 – සාම ගිවිසුමේ සිට දෝෂාභියෝගය දක්වා 1993 , චෙස් මූලධර්ම සහ ශිල්පීය ක්‍රම (සිංහල) 1994 – චෙස් මූලධර්ම හා තාක්ෂනය 1994 , ප්‍රචණ්ඩත්වය, අවිහිංසාව සහ විප්ලවය (සිංහල) 1999 – ප්‍රචණ්ඩත්වය, අවිහිංසාව හා විප්ලවය 1999
දේශපාලනයේ නිදහස, ජාතික ඒකාබද්ධතාවය සහ පවුල් අරගලය (සිංහල) 1999 – නිදහස, ජාතික ඒකාග්‍රතාව සහ දේශපාලනයේ පවුල් පොරය 1999
නිම නොකළ අරගලයක් (සිංහල සහ ඉංග්‍රීසි The social background of the young rebels of Sri Lanka (Sinhala) 1993 – ශ්‍රී ලංකාවේ නූතන කැරලිකරුවන්ගේ සමාජ පසුබිම 1993 , සාම ගිවිසුමේ සිට දෝෂාභියෝගය දක්වා (සිංහල) 1993 – සාම ගිවිසුමේ සිට දෝෂාභියෝගය දක්වා 1993
චෙස් මූලධර්ම සහ ශිල්පීය ක්‍රම (සිංහල) 1994 – චෙස් මූලධර්ම හා තාක්ෂනය 1994
ප්‍රචණ්ඩත්වය, අවිහිංසාව සහ විප්ලවය (සිංහල) 1999 – ප්‍රචණ්ඩත්වය, අවිහිංසාව හා විප්ලවය 1999
දේශපාලනයේ නිදහස, ජාතික ඒකාබද්ධතාවය සහ පවුල් අරගලය (සිංහල) 1999 – නිදහස, ජාතික ඒකාග්‍රතාව සහ දේශපාලනයේ පවුල් පොරය 1999
නිම නොකළ අරගලයක් (සිංහල සහ ඉංග්‍රීසි) 2003 – නොනිමි අරගලය 2003
ශ්‍රී ලංකාව: අහිමි පාරාදීසයක් (සිංහල සහ ඉංග්‍රීසි) 2006 – කදුළු සලන පාරාදීසය 2006 , පන්සලේ විප්ලවය (සිංහල) 2006 – පන්සලේ විප්ලවය 2006 .වංචාවේ රැජින (ඉංග්‍රීසි සහ සිංහල) 2006 – චෞර රැජින 2006
Innocence of the Pen Questioned (සිංහල සහ ඉංග්‍රීසි) 2010 – පෑන අහිංසකද? 200 ,චෞර රාජ්යය 2010
ප්‍රභාකරන් පරාජය 2010න, මට පෙනෙන හැටි 2010 , දේශපාලනයේ පවුල හා කුලය 2011 ,ලංකාව ගලවා ගැනීම 2011
දෙමළ අභියෝගය 2012 අවසානය කුමක්ද? , 2012 ජීවිතයේ ප්‍රබෝධය, මරණයේ අසිරිය 2013
අර්බුදයේ අන්දරය, 1815 – යටත් විජිත යුගයේ සිට 2009 – ඊලාම් යුධයේ අවසාන අයිතිය
පාර්ලිමේන්තු වරප්‍රසාද පනත සහ අපරාධ අපහාස නීතියඳ ගොවිතැනේ අභියෝග, 71 කැරැල්ල, දෙමළ අභියෝගය, පන්සලේ විප්ලවය, චෞර රැජිණ සහ දේශපාලනයේ පවුල සහ කුලය යන කෘති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් විසින් රචිත කෘති අතරින් කිහිපයක් වේ.
වික්ටර් අයිවන්ගේ අභාවය මෙරට තුළ ඇතිවු බලවත් හිඩසක් බව ලංකාදීප පුවත්පතේ හිටපු කර්තෘ සිරී රණසිංහ බීබීසි සිංහල වෙත පැවසු සිටි බව එහි පුවතක සඳහන්වේ.
“එතුමා නූතන යුගයේ බිහි වූ කීර්තිමත් විප්ලවකාරී මාධ්‍යවේදියෙක්, කතුවරයෙක්, විචාරකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වශයෙන් හඳුන්වන්න පුළුවන්.”නැසිගිය ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් කතෘ සංසදයේ ක්‍රියා කළ ආකාරය ද ලංකාදීප පුවත්පතේ හිටපු කතුවරයා සිහිපත් කළේය.
“එතුමා කතෘ සංසදයේ ආරම්භක සාමාජිකයෙක්. බොහෝ වෙලාවට උද්යෝගිමත්ව දේවල්වල හොඳ නරක විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කළ කෙනෙක්.”
“යුක්තිය සාධාරණය වෙනුවෙන් හැප්පෙන්න පුළුවන් කියන හයිය හැදුවේ එයා”
“ලංකාවේ පත්තර කලාව උඩු යටිකුරු කරපු, එයට කශේරුකාවක් බද්ද කරලා නව පෞර්ෂයක් හදපු කෙනෙක් ඉන්නවා නම් ඒ තමයි වික්ටර් අයිවන්.” යැයි ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වු පෝද්දල ජයන්ත බීබීසි සිංහල වෙත කියා සිටි බවද එහි සඳහන් කර තිබුණි.
මට ඔහු බොහෝ අවස්තවල්දී හමු අයෙකි .මට ඔහු වසන්වරට හමුවුයේ ලයනල් වෙන්ට් රඟහලේදී චිත්‍ර ප්‍රදර්ශනයක් බලන්නට ලංකාවට වසරකදී ගිය විටකදීය අපි බොහෝ වෙලාවක් පිළිසඳරේ සිටි හැටි මගේ සිහියට නැගෙයි.ඔබේ මාධ්‍ය කේෂ්ත්‍රයට කල අමිල සේවාව කාලාන්තරයක් අප හැම සිහි පත් කරනු නොඅනුමානය.
වික්ටර් අයිවන් අභීත මාධ්‍යවේදියාණෙනි, ඔබට සුභගමන්
වික්ටර් අයිවන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඔහුගේ ඉල්ලීම පරිදි හෙට ජනවාරි 20 වැනිදා සවස 5ට ගාල්ලේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත.
ශාන්ත සේනාධීර ලංකා නිවුස් යු කේ.