List viewGrid viewFacebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
අනුරගේ චීන ගමන ගැන ලෝකයේම අවධානයඋදේනි සමන් කුමාරSILUMINA LK FEATURESJanuary 18, 2025 ජනාධිපති අනුර කුමාර දිසානායකගේ තෙදින චීන නිල සංචාරය දකුණු ආසියාවේ පමණක් නොව, ලෝක මහ බලවතුන් අතරද දැඩි අවධානයට ලක් විය. අගමැති නරේන්ද්ර මෝදි ඇතුළු ඉන්දීය බලධාරීන් ශ්රී ලංකා රාජ්ය නායකයා හා චීන රාජ්ය නායකයන් අතර සිදු වන ද්වීපාර්ශ්වීය සාකච්ඡා කෙරෙහි මහත් උනන්දුවෙන් බලා සිටින්නට ඇති බව නිසැකය.ලෝකයේ ප්රබලතම කොමියුනිස්ට් රාජ්යය වන චීනයේ ජනාධිපති ෂී ජින්පිං ශ්රී ලංකා ජනපති අනුර කුමාර දිසානායක පිළිගත්තේ දකුණු ආසියාවේ ශක්තිමත්ම වාමාංශික ප්රගතිශීලි රාජ්යයේ නායකයා වශයෙනි. සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්රී ලංකාව සමඟ එක්ව ක්රියා කිරීමට තමා සූදානම් බව චීන ජනාධිපති ෂී ජින් පිං අවධාරණය කළේය.ජනාධිපතිවරයාගේ චීන සංචාරය සිදු වූයේ දකුණු ආසියාවේ දේශපාලන උණුසුම තීරණාත්මක ලෙස වර්ධනය වෙමින් පවතින පසුබිමකය. චීනය සහ තායිවානය අතරත්, චීනය සහ ඉන්දියාව අතරත්, කිසියම් උණුසුම් තත්ත්වයක් පැන නැඟී තිබිණි. අනෙක් පැත්තෙන් තවත් දින දෙකකින් අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්රම්ප් දිවුරුම් දීමට නියමිතය.චීනයට පැමිණෙන රාජතාන්ත්රික අමුත්තන් පිළිගැනීමේදී සාමාන්යයෙන් අනුගමනය කරන ප්රොටොකෝලයට එහා ගිය ගෞරවනීය පිළිගැනීමක් බීජිං නුවරදී ජනාධිපති අනුර දිසානායකට හිමි විය. චීනය සාමාන්යයෙන් විදෙස් රාජ්ය නායකයන් පිළිගන්නේ බීජිං නුවර ‘තියෙන් ආන් මින්’ චතුරස්රය ආසන්නයේ පිහිටි අති විශාල මහජන ශාලාවේදීය. චීන හමුදාවේ ආචාර පෙළපාළි කිහිපයක් එක්වර පැවැත්වීමට වුව ඉඩකඩ ඇති විශාල ක්රීඩාංගණයක් තරම් වන මෙහි ආසන පනවා නැති අතර, ජනාධිපති අනුර පිළිගැනීම සඳහා ගෞරවාචාර පෙළපාළිය සංවිධානය කර තිබුණේ මහජන ශාලාවේ රතු පලස මතය. ආචාර වෙඩිමුර පවත්වා විදෙස් රාජ්ය නායකයන් පිළිගැනීම සාමාන්යයෙන් හැම විටම සිදු නොවන දෙයකි. එහෙත් ජනාධිපති අනුර වෙනුවෙන් ආචාර වෙඩිමුර පැවැත්වීම විශේෂ සිද්ධියකි.නිල සාකච්ඡා පැවැත්වෙන කාමරයේ අසුන් ගැනීමෙන් පසු ද්විපාර්ශ්වීය සාකච්ඡා ආරම්භ වූ අතර, ජනාධිපති ෂී ජිං පිංගේ කතාව සිංහලයට පරිවර්තනය කිරීමත්, ජනාධිපති අනුර දිසානායකගේ කතාව චීන නායකයන්ට තේරුම් ගත හැකි පරිදි චීන භාෂාවට පරිවර්තනය කිරීමත් එම අවස්ථාවේ සිදු විය. ශ්රී ලංකා ජනාධිපතිවරයාගේ දේශපාලන ගමන් මඟ හා දර්ශනය මෙන්ම පෞද්ගලික තොරතුරු පිළිබඳවද චීන නායකයා අතැඹුලක් සේ දැනුම්වත්ව සිටින බව දැනගැනීමට ලැබීම අප මවිතයට පත් කළේය.ජනාධිපති අනුර දිසානායකගේ චීන සංචාරය මඟින් ශ්රී ලංකාවට මහත් වාසි රැසක් අත් විය. විදේශ ඇමැති විජිත හේරත් ප්රකාශ කළේ ශ්රී ලංකාව චීනය සමඟ අවබෝධතා ගිවිසුම් පහළොවකට අත්සන් තැබූ බවයි. මේ පිළිගැනීම් හා රාජතාන්ත්රික සම්බන්ධතාව ශ්රී ලංකාවේ බලයෙන් පහ වූ විපක්ෂය කිසි සේත් අපේක්ෂා කළ දෙයක් නොවේ. එය ඔවුන්ට දරාගත නොහැකිය. ඔවුන් උත්සාහ කරන්නේ චීන බිල්ලකු මවා රටේ ජනතාව නොමඟ යවන්නය. මේ අතර ශ්රී ලංකාවේ අවලංගු වූ ප්රභූපැලැන්තිය කතා කරන්නේ ජනාධිපතිවරයාගේ ඇඳුම් පැලඳුම් ගැනය!හිටපු අනුප්රාප්තික ජනාධිපති රනිල් වික්රමසිංහ එක් වසරක් තුළ විදේශ සංචාර 12ක් ගොස් තිබෙන අතර, ඒ සඳහා මේ රටේ මහජන මුදල් කෝටි 17ක් වියදම් කර තිබේ. එහිදී ඔහු රටට ගෙනා කිසිදු ආයෝජනයක් නැත. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ තම ගෝල බාලයන් සියයක් පමණ ගුවන්යානය පිරෙන්නට මහජන මුදලින් පිටරට යන විට කැටුව ගියේය. අරාබි රටවල රාජ්ය නායකයන්වත් විදේශ සංචාර සඳහා ඔහු තරම් මුදල් වියදම් කළේ නැත. තතු එසේ තිබියදී වර්තමාන ආණ්ඩුවේ ජනාධිපතිවරයා ඉන්දියාවට යන විට ඔහු කැටුව ගියේ ඇමැතිවරුන් දෙදෙනකු පමණක් බව කියන්නට ප්රතිවාදීන්ගේ දිව නැවෙන්නේ නැත. ඔවුන් බලා සිටින්නේ කුමක් හෝ ඇදයක් කුදයක් කියා ස්වකීය වෛරය පිරිමසාගන්නය. අප ඔවුන්ට පැවසිය යුත්තේ එවැනි කතාවලට දැන් රටේ ජනතාව ප්රතිචාර නොදක්වන බවයි.ජාතික ජන බලවේග ආණ්ඩුව රටේ හෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය ආරක්ෂා කරගනිමින්, අනෙකුත් රාජ්ය සමඟ මිත්රත්වය තහවුරු කරගනිමින් කටයුතු කරන ආකාරය පිළිබඳ මෙතෙක් කල් පැවති රජයන්ට උපදෙස් දුන් ජාත්යන්තර කටයුතු පිළිබඳ විශාරදයෝ දැන් තක්කු මුක්කු වී සිටිති. නොබැඳි පිළිවෙතට එහා ගිය නූතනවාදි ප්රවේශයකින් ආණ්ඩුව විදේශ ප්රතිපත්තිය ක්රියාවට නඟා තිබේ. වර්තමානයේ රට වැටී තිබෙන අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්රී ලංකාව ගත යුතු ආස්ථානය එයම මිස අනෙකක් නොවේ.උපායමාර්ගික දෘෂ්ටිකෝණයකින් ද්විපාර්ශ්වික සම්බන්ධතා පිළිබඳ දැඩි අවබෝධයක් තිබිය යුතු අතර, හවුල් අනාගතයක් සහිත චීන ශ්රී ලංකා ප්රජාවක් ගොඩනඟා ගත යුතු බව චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය. චීනය සිය අසල්වැසි රාජ්යතාන්තික කටයුතුවලදී ශ්රී ලංකාවට ප්රමුඛ ස්ථානයක් දෙන බව සඳහන් කළ චීන ජනාධිපතිවරයා ශ්රී ලංකාවේ ජාතික ස්වාධීනත්වයට සහාය දක්වන බවද ප්රකාශ කළේය. චීනය සහ ශ්රී ලංකාව ඈත අතීතයේ සිටම සාම්ප්රදායික මිත්රත්වයක් භුක්ති විඳින බව සඳහන් කළ හෙතෙම විවිධ රටවල් අතර මිත්රශීලි සහ අෙන්යා්න්ය වශයෙන් වාසිදායක සහයෝගිතාව පිළිබඳ ආදර්ශයක් සපයමින් ක්රියා කරන බවටද සහතික විය. එහිදී නවීන කෘෂි කර්මාන්තය, ඩිජිටල් ආර්ථිකය හා සහයෝගිතාව වර්ධනය කරමින් සමෘද්ධිමත් ආර්ථිකයක් කරා පිවිසීමට අත දෙන බව චීන ජනාධිපතිවරයා අවධාරණය කළ අතර, රාජ්ය නායකයන් දෙදෙනා විසින් අත්සන් තබන ලද ඒකාබද්ධ ප්රකාශනයේ සඳහන් වූයේ ශ්රී ලංකාවේ අධ්යාපන, ප්රවාහන ආදි විෂය ගණනාවක් ඔස්සේ චීනය ශ්රී ලංකාවට සහන සපයන බවයි.ශ්රී ලංකාව හා චීනය අතර මෑත යුගයේ වෙළෙඳ සබඳතා ඇති වන්නේ 1952 රබර් සහල් ගිවිසුම මඟිනි. එතෙක් මෙතෙක් ශ්රී ලංකාව චීනයෙන් ගෙන ඇති සියලු ණය ඉක්මවා යන පරිදි බිලියන 3.7ක ආයෝජනයක් සහිත ඛනිජ තෙල් පිරිපහදුවක් හම්බන්තොට ආයෝජන කලාපයේ ඉදි කිරීම සඳහා රාජ්ය අනුබද්ධ ආයතනයක් වූ සිනොපෙක් සමාගම ඉදිරිපත් වී ඇති අතර, ඛනිජ තෙල් බැරල් ලක්ෂ දෙකක් පිරිපහදු කිරීමටත්, එය දේශීය ඉන්ධන හිඟය අවසන් කිරීමෙන් අනතුරුව විදේශීය වෙළෙඳපොළ වෙත අපනයනය කිරීමත් එහිදී සිදු කෙරෙනු ඇත.ශ්රී ලංකා ජනාධිපතිවරයා ඇතුළු නියෝජිත පිරිස චීන රජය සමඟ අත්සන් තැබූ ගිවිසුම් පිළිබඳ පූර්ව දැනුම් දීමක් සිදු කර නොතිබීම වරදක් බව ඇතැම් මාධ්ය හුවා දක්වා තිබුණ ද, චීනයේදී අත්සන් කිරීමට අපේක්ෂා කරන ගිවිසුම් පිළිබඳ කැබිනට් මණ්ඩලයට පූර්ව දැනුම් දීමක් කර තිබූ බව ජනාධිපති මාධ්ය ඒකකය මෙයට ප්රථම සඳහන් කර තිබිණි.නවීන තාක්ෂණය සහ විශේෂඥ දැනුම උපයෝගි කර ගනිමින් ශ්රී ලංකාව චීන සංචාරකයන් අතර ප්රමුඛ ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමේ අරමුණින් චීන මාධ්ය සමූහය සහ ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම එක් ගිවිසුමකි. චීන රේගු පාලන ආයතනයේ මැදිහත් වීමෙන් ශ්රී ලංකාවෙන් කුකුළු මස් චීනයට අපනයනය කිරීම නිශ්චිත ක්රියාපටිපාටියට අනුව සිදු කිරීම සඳහා දෙරට අතර අදාළ ක්රියාපටිපාටිය සම්බන්ධව පරීක්ෂා කිරීම, නිරෝධායනය හා සෞඛ්ය අවශ්යතා ඇතුළත්ව සකස් කරනු ලබන ගිවිසුමක් අත්සන් කිරීම තවත් එකකි.ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම සහ චීනයේ ෂින්හුවා පුවත්පත් ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් හා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සහ චීනයේ ෂින්හුවා පුවත්පත් ආයතනය අතර සහයෝගිතා ගිවිසුමක්ද අත්සන් කර ඇත. ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ චීන මාධ්ය සමූහය අතර අවබෝධතා ගිවිසුමකට සහ ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ චීන මාධ්ය සමූහය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමටද අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබිණි.ජනාධිපති අනුරගේ චීන නිල චාරිකාවේ තවත් විශේෂ කරුණක් වූයේ චීන ව්යාපාරික සංසදය සමඟ පැවැත්වූ සාකච්ඡාවයි. චීන ව්යාපාරිකයන් මෙහිදී විශේෂයෙන් සැලකිලිමත් වූයේ වර්තමාන රජයේ දූෂණය සහ වංචාව පිටුදැකීමේ ප්රතිපත්තිය කෙරෙහිය. ජනාධිපති අනුර චීන ව්යාපාරිකයන්ට සහතික වූයේ ශ්රී ලංකාවේ ආයෝජනය කිරීමේදී මෙයට පෙර විඳින්න සිදු වූ බාධා මුළුමනින්ම ඉවත් කර ඇති අතර, එකම ස්ථානයකින් ආයෝජකයන්ට අවශ්ය සියලු පහසුකම් සහ නෛතිකභාවය සලසා දීමට කටයුතු සම්පාදනය කර තිබෙන බවයි. මේ ව්යාපාරික හමුවෙන් අනතුරුව මෙයට පෙර ශ්රී ලංකාවේ ආයෝජනය සඳහා උනන්දුව දැක්වූයේ නැති චීන සමාගම් විශාල ප්රමාණයක් ඉදිරියේදී ශ්රී ලංකාවේ ආයෝජනය සඳහා යොමු වනු ඇත.දේශගුණික විපර්යාස ඇතුළු සමස්ත මානව වර්ගයා සම්බන්ධ ප්රධාන ගැටලු ඒකාබද්ධව විසඳීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි බහු පාර්ශ්වික යන්ත්රණයන් තුළ ශ්රී ලංකාව සමඟ සම්බන්ධ වී ඒකාබද්ධව විසඳුම් සෙවීම සඳහා චීනය කැමැත්තෙන් සිටින බවද ජනාධිපති ෂී පැවසීය. කලාපීය සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය සඳහා දායක වෙමින්, සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා ගෝලීය දකුණේ ඒකාබද්ධ උත්සාහයන් ඒකාබද්ධ කරන ලෙස ඔහු ජනාධිපති අනුරගෙන් ඉල්ලා සිටියේය.ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී ප්රකාශ කළේ ශ්රී ලංකාව එක් තීරයක් මූලධර්මයට එකඟතාව පළ කරන අතර, ශ්රී ලංකාවේ ස්වාධීනත්වය සහ ස්වෛරීභාවය සහ නීත්යනුකූල අයිතිවාසිකම් සහ අවශ්යතා ආරක්ෂා කිරීම සඳහා චීනය දක්වන සහයෝගය අගය කරන බවයි.උදේනි සමන් කුමාර
List view
Grid view