චීනයේ පැතිර යන නව වෛරසය: ලංකාවට පැමිණීම වළක්වා ගැනීමට සෞඛ්‍ය අංශ සුදානමින්

0
68

චීනයේ පැතිර යන නව වෛරසය: ලංකාවට පැමිණීම වළක්වා ගැනීමට සෞඛ්‍ය අංශ සුදානමින්

Mawbima lk news
By Anjali Withanage -ජනවාරි 3, 2025
©NDTV

මේ දිනවල චීනය තුළ පැතිර යන වෛරසය ලංකාවට පැමිණීම වළක්වා ගැනීම සඳහා වසංගත රෝග විද්‍යා අංශය සාකච්ඡා ආරම්භ කර තිබේ.

mawbima.lk සිදු කළ විමසීමකදී වසංගත රෝග විද්‍යා අංශයේ ඉහළ නිලධාරිනියක් මේ බව සඳහන් කළා ය.

ඇය තවදුරට ත් ප්‍රකාශ කළේ, මෙම වෛරස් තත්ත්වයක් සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශය අවධානයෙන් පසුවන බව ත් වෛරසය ලංකාවේ තුළ ව්‍යාප්තිය වළක්වා ගැනීමට සෞඛ්‍ය අංශ සුදානම් බව ත් ය.

කොවිඩ් 19 වසංගතය ව්‍යාප්ත වී වසර 5කට පසු චීනය තුළ මේ දිනවල වෛරස් කිහිපයක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම මාධ්‍ය පවසන්නේ, Human metapneumovirus (HMPV) ලෙස හැඳින්වෙන වෛරසය ප්‍රධාන වශයෙන් එරට ව්‍යාප්ත වෙමින් පවතින බව ය.

තව ද, ඉන්ෆුවෙන්සා ඒ වෛරසය (influenza A) මයිකොප්ලාස්මා නියුමෝනියාව (Mycoplasma pneumoniae) සහ කොරෝනා වෛරසය ද වැළඳුණ රෝගීන් වාර්තා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here