චීනයේ තවත් වෛරසයක් පැතිර යයි

0
75

චීනයේ තවත් වෛරසයක් පැතිර යයි

ARUNA LK NEWS

03 January 2025

කොවිඩ්-19 වසංගතයෙන් වසර 5කට පසු චීනය තුළ තවත් වෛරස කිහිපයක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, Human metapneumovirus (HMPV) ලෙස පැවසෙන වෛරස තත්ත්වයක් ප්‍රධාන වශයෙන් පැතිර යමින් පවතින අතර, කොවිඩ් 19 රෝගීන්ද ඒ අතර සිටින බවයි.

එමෙන්ම ඉන්ෆුවෙන්සා වෛරසය ද චීනයේ පැතිර යමින් පවතින බවද වාර්තා වේ.

වෛරස තත්ත්වය චීනය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වන අතර, සමාජ මාධ්‍ය ඔස්සේ චීනයේ පවතින තත්ත්වය පිළිබඳ අදහසක් ලබාගත හැකි බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

වෛරස තත්ත්වය හේතුවෙන් රෝගීන්ගෙන් රෝහල් පිරී පවතින බව සඳහන්.

මෙම රෝග තත්ත්වය සම්බන්ධයෙන් ද චීන බලධාරින් ද මේ වනතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here