
රාජ්‍ය ගෞරව මැද මන්මෝහන් සිං අවසන් ගමන් යයි
ARUNA LK NEWS
28 December 2024
ඉන්දියාවේ 13 වැනි අග්‍රාමාත්‍ය ආචාර්ය මංමෝහන් සිංගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (28) පස්වරුවේ සිදුකෙරිණි.
ඒ, දිල්ලි නුවර යමුනා ගංතෙර පිහිටි නිගම්බෝත් ඝාත් ආදාහනාගාරයේදීයී.
පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අවමංගල්‍ය පැවැත්වුණේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති දෞපදී මුර්මු ඇතුලු පිරිසකගේ සහභාගිත්වයෙනි.
භූතාන අග්‍රාමාත්‍ය ෂෙරිං ටොබ්ගේ මෙන්ම ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායකයින් ඇතුලු විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.
ආචාර්ය මංමෝහන් සිං, ඉන්දියාවට නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමේ පුරෝගාමියායි.
ඉන්දියාවේ ප්‍රථම සික් ජාතික අග්‍රාමාත්‍යවරයා වන ඔහු, පස් වසරක ධුර කාලය සම්පූර්ණ කර නැවත බලයට පත්වූ ඉන්දියාවේ දෙවැනි අග්‍රාමාත්‍යවරයා වේ.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ, ශ්‍රී ජවහල්ලාල් නේරු පමණයි.
අගමැති ධුරය හෙබවූ 2004 – 2014 කාලසීමාවේ භාරතයේ ප්‍රගමනය වෙනුවෙන් ඔහු කළ මෙහෙවර, එරට දේශපාලන ඉතිහාසය තුළ නොමැකී පවතිනු ඇත.