ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන අභාවප්‍රාප්ත වෙයි

0
90

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන අභාවප්‍රාප්ත වෙයි
Lanka News UK
24 December 2024

දශක ගණනාවක් ලාංකික ගීත ලෝලීන් අමනාදානන්දනයට පත්කළ වත්මන් සංගිතාම්භරය දිදුලු ජනප්‍රිය ගායකයෙක් අපෙන් සමුගත් වගයි.

ඔහුටම ආවේනික හඬ පර්ශවයකින් ගී ගැයූ ඔහු අපේ රසිකයන්ගේ ආකර්ෂණයට වැළඳගන්නට ගතවුයේ ඉතාමත් ටික කාලෙකි.ඔහු අද උදෑසන සමුගෙන තිබුණි.ඒ වෙන් කිසිවකු නොවේ නම කන වැකුණු සැණින් අප හැමගේ හදෙහි මැවෙන රුවක් ලෙස හැමදෙනතුල ” ප්‍රියා සුරියසේන” යන ඇඳි තිබුනේය. ඒ කෝකිලයා අද නිහඬවී ඇත.

ඔහු මියගිය පුවත ද සාම පුවතපත්, වෙබ් අඩවි ,රුපවාහිනී නාලිකාවල මෙන්ම රසිකයන්ගේ සමාජ මාධ්‍ය පිටු හරහා ගියේ ඊ තලයක වේගයෙනි.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබු පුවත දැනගන්නට ලැබුණි.

ප්‍රියා සුරියසේනයන අභාවප්‍රාප්ත වනවිට ඔහු 80 හැවිරිදි වියේ පසු විය.පසුගිය කාල වකවානුව තුල ඔහු රෝගී තත්වයෙන් පසුව සිටියේය.

1944 ඔක්තෝබර් 27 වන දින ජේමිස් අප්පුහාමිට හා ඒ.එම්.පොඩි මැණිකේට දාව උපන් ප්‍රියදර්ශ සූරියසේන ලියනගේ හතර දෙනෙකුගෙන් යුත් පවුලේ එකම පුත්‍රයා විය.මඩවල ලියනගේ දොන් සරත්චන්ද්‍ර ප්‍රියදර්ශි සූරියසේන ලියනගේ ඔහුගේ සම්පුර්ණ නම්වේ.

නාත්තන්ඩිය පාසලින් මුලික අද්‍යාපනය හදාරා පසුව මාදම්පේ සේනානායක විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු රජයේ ‘හේවුඩ්’ සංගීත විද්‍යාලයෙන් සංගීතතය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබා ගත්තේය පසු කලෙක ගුරු වෘත්තියට පිවිසි ඔහු 1971කැළණිය ගුරුකුළ විදුහල .කළුබෝවිල, දෙහිවල මාධ්‍ය මහා විදුහල යන පාසල් වල සංගීත ගුරුවරයෙලකු ලෙසද කටයුතු කළේය.

හින්දි ගී හා බයිලා ගී ගයමින් වේදිකාවට පිවිසි ප්‍රියා සුරියසේනයන් ගුවන් විදුලියේ සරලගි ගායකයෙකු ලෙස වුර්තිය සංගීත දිවියට පිවිස තිබුණි පලමු ක්සට් පටිය තරංගා ලේබය ඔස්සේ එළිදැක්වූ ඔහු එන්න එන්නම දිවයිනේ සංගීත සංදර්ශන වල ප්‍රධාන පෙලේ ගායකයෙකු ලෙස ජනාදරයයේ හිනි පෙත්තටම පිවිස ගෙන සිටි ගායකයෙකු විය.පසුව ඔහු අවුරුදු 12ක සිය ගුරු ජීවිතයට සමුදී 1985 වසරේදී සංගීතවේදියෙකු ලෙසින් කටයුතු කළේය.

ඔහුගේ එදා මෙදා තුර ගැයූ ජනප්‍රිය ගීත රැසකි.ඔහුගේ එදා මෙදා තුර ගැයූ ගීත අතුරින් “සරතැස නිවා” ගීතය ඔහුගේ මුල්ම ගීතය ද වේ. ඒ ගීත අතුරින් “සරතැස නිවා” ගීතය ඔහුගේ මුල්ම ගීතය ද වේ.

ආදරණීය නේරංජනා, සුදු පරෙවි රෑන සේ, මගේ ළැමද සුව යහනක්, ඈත රන් විමන් “කැන්දන් යන්නම් රන්මල් මාලා දාලා..” “අඳුර අඳුර මගේ..” කිරි සයුරේ රැළි, සුදු පරවි රෑන සේ, රටකින් එහා ආදි වශයෙන් ඉමහත් ජනප්‍රිය ගීත රාශියක් ගයා ඇත.එසේම ඔහු විසින් ගායනා කරන ලද ආදරණීය නේරංජනා, සුදු පරෙවි රෑන සේ, මගේ ළැමද සුව යහනක්, ආදී ගීත මෙරට රසිකයින් අතර අතිශය ජනප්‍රියත්වයට පත්විය.

චිත්‍රපට පසුබිම් ගායකයෙකු ලෙස චිත්‍රපටි රාශියක ගී ගැයූ ඔහු හරියනකොට ඔහොම තමයි චිත්‍රපටය හරහා සිනමා ගී ගායනයට පිවිසි අතර මල් කැකුළු, සිකුරු දසාව, ඈතින් ඈතට ,සෙලිනාගේ වලව්ව ආදි චිත්‍රපට සඳහා ගීත ගායනයෙන් දායක විය.

ඔහුගේ ගායනය සම්බන්ධයෙන් සම්මාන රාශියක් ලබා තිබු අතර පසුගියදා අවසන් වරට සුමති සම්මාන උළෙලේදී ජිවිතයේ එක්වරකින් කලාකරුවකුට ප්‍රධානය කරන සම්මානයකින් ඔහුට කරනු ලැබූ ඉහලම ගෞරවය ලබාදුන්නේය. ඔහුගේ ජීවිතකාලය වෙනුවෙන් පිදු සම්මානයකින්ද එදා පුද කරනු ලැබූහ.එදා රෝද පුටුවක නැගී සිය බිරිඳ හා දියණිය සමග එහි පැමිණ නවක ගායන ශිල්පින් ඔහු ගැයූ ජනපරියටපත් ගී ගයමින් එම සම්මානය රෝද පුටුවෙන් පැමිණ සම්මානය ගත් විරළ අවස්ථාව ලොව පුරාවෙසෙන ඔහුගේ රසික රසිකාවන් ආදරයෙන් සදා සිහිපත්කරනු ඇත.

ඔහුගේ දයාබර බිරිඳ , සංගීත අධ්‍යක්ෂක, කථිකාචාර්ය,  තමරා කුමාරි වීරසිංහයි. දරුවන් තිදෙනා මිනෝෂි සූරියසේන, ඉරෝෂි සූරියසේන, ලක්ෂිත සූරියසේන, ගයාෂි සූරියසේන වේ. ඔවූන් උසස් අධ්‍යාපනයේ හැදරු අයවු අතර පියාගේ අඩි පාරේ යමින් ඒ සංගීත දිවිය ඔපවත් කරන දියණියක හා පුතකු වී තිබිම මෙහිලා සඳහන් කලයුතු කරුණකි.

දේහය හෙට (25) පෙරවරුවේ සිට මහජන ගෞරවය සඳහා නුගේගොඩ, ගංගොඩවිල, පාසල් මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතයි

ඔහුගේ හඬ තවත් චිරාත්කලක් අප හදවත් තුළත් මේ ලොවේ ගුවනේත් රැඳෙනු නෙඅනුමානය.සදාදරණිය ,ගායකයාණෙනි ඔබට සුබ ගමන්

මෙම සේයාරූ අන්තර් ජාලයෙන් ලබාගත් ඒවා වන අතර එහි හිමිකම් මුල් අයිතිකරුවන් සතුය.

Lanka News UK
SS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here