
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන බ්‍රිතාන්‍යයට අපනයනයට අවශ්‍ය සියලු සහාය දෙනවා – මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්ට්‍රික්
DIVAINA LK NEWS
ධම්මික සල්වතුර
December 23, 2024
ඇඟලුම් කෘෂි සහ ස්වභාවික රූපලාවන්‍ය නිෂ්පාදන ඉ්‍රිතාන්‍ය වෙළෙඳපොළ වෙත අපනයනය කිරීම සඳහා උපරිම සහාය ලබාදීමට කටයුතු කරන බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්ට්‍රික් මහතා පවසයි.
මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සමග ඉකුත්දා (20 දා) මුදල් අමාත්‍යාංශයේ පැවැති විශේෂ හමුවකදී බි්‍රතාන්‍ය මහ කොමසාරිස්වරයා එසේ සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක කරන කාබනික කෘෂි බෝග නිෂ්පාදන, අපනයනය සඳහා බි්‍රතාන්‍ය වෙළෙඳපොළ තුළ ඉහළ ශක්‍යතාවයක් පවතින බවත් මෙරට නිෂ්පාදනය කරන ස්වභාවික රූපලාවන්‍ය නිෂ්පාදන සඳහාත් එරට වෙළෙඳපොළ තුළ වැඩි ඉඩ ප්‍රස්ථාවක් පවතින බවත් ඔහු සඳහන් කර සිටී.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන බ්‍රිතාන්‍ය වෙළෙඳපොළ වෙත අපනයනය කිරීම සඳහා තමන් උපරිමයෙන් සහය ලබාදීමට කටයුතු කරන බවත් කොමසාරිස්වරයා සඳහන් කර ඇත. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් රජයට පැසසිය යුතු බවත්, කෙටි කාලයක් තුළ ආර්ථික ස්ථායිකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය අගයකරනා බවත් බි්‍රතාන්‍ය මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
ධම්මික සල්වතුර